Back
/ 25
Chapter 19

18 වන පරිච්ඡේදය 👁

උමතු ඇස්💓👁 (COMPLETED)✅

"ඇයි...ඇයි මට ඔය තරම් ආදරේ කරන්නෙ..."

"ආදරේ කරද්දි හේතු අහන්න නරකයි...මම ආදරෙයි...මම උබට පනටත් වඩා ආදරෙයි...ඉතින් ඔච්චර හිතන්න ඕනෙ නෑනේ රූ...."

"උබ ඔය අඩනවද...."

"කවදාවත් හිතුවෙ නෑ...."

"මොනවද...."

"තනිවුණ මගෙ හිතට දරාගන්න බැරි තරම් ආදරේ කරයි කියලා..."

"අනේ රූ...."

' ඇත්ත...මම කවදාවත් මේ තරම් ආදරයක් බලාපොරොත්තු උනේ නෑ....මටයි කියලා හිටියෙම අම්මයි තාත්තයි විතරක් වෙනකොට ඒ දෙන්නත් මාව තනිකරපු දා මම අන්තෙටම කඩන් වැටුණෙ මටවත් හිතාගන්න බැරි විදිහට....එදා ඉදන් මම විදපු දුක් මටවත් මතක නැති වෙද්දි අද ඒ හැම දුකක්ම නිවන ලස්සන හිතක් මට උරුම වෙලා....ඒකත් මගෙ නමටම...

ආදරේ කරද්දි හේතු අහන්න නරකයි....

ඔව් ඒක ඇත්ත....ආදරේට කොහෙන්ද හේතුවක්....මටත් නෑනේ හේතුවක්....තුශ් ලගින් නවතින්න....හිත පුරවලා ආදරේ කරන්න...ඇත්තටම මටත් නෑ හේතුවක්...

ඒ ඇස් මාව වශී කරත්...මම දන්නවා....ඒක හුරුපුරුදු බවක් විතරක් වග....ඒ නැතුව ඔය හිතට ආදරේ කරන්න හේතුවක් නෙවෙයි ඒක...

සමහරවිට...

මේ වෙන්න ඇති සංසාර පුරුද්ද....අහම්බෙන් උනත් ඇහැ ගැටුනෙ ඒකයි උබ මට...'

කදුලු කැට කම්මුල් දිගේ ගලන් ගියෙ හරි ඉක්මනට...දරන්න බැරි ආදරයක් ලග කදුලුත් අකීකරු වෙලා...

ඉතින් මම ඇඩුවා....ඇතියි කියලා හිතෙන තරම්ම මම කදුලු හැලුවා...

ඒත් තුශ්,

"ඔය ඇඩුවා ඇති නැද්ද මගෙ රත්තරන්..."

ඔයා හැටි ආදරේ මුමුණන්න එපානේ තුශ්...උබේ රූ කොහොම නම් දරන්නද...මහ ලොකු හිතක් කොහෙන්ද බං මටත්...උබ නොදන්නවා නෙවෙයි මගෙ තුශ්...

උබේ රූ නොසෑහෙන්න බොලදයි....උබේ රූ මෙච්චරයි කියලා කියන්න බැරි තරම් ලෝබයි...ඊටත් වඩා උබේ රූ උබට පන ඇරලා ආදරෙයි....

එහෙව් මම ඔය වචන වලටත් ලෝබයි මගෙ රත්තරන්...

අහිතක් නෑනේ....

'රත්තරන් '

කියලා මමත් හිතින්ම මිමුණුවට....

.

.

.

.

ඒ ඇසුත් දිලිසෙන්න පටන් අරන්....අනේ ඔය අඩන්නද...

ආයෙම අඩවන්නෙ කොහොමද මම උබව...

පොරොන්දු නොදී විශ්වාස කරපන් ආයෙම ඔය ඇස් අඩවන්නෙ නෑය කියපු මගෙ ඉස්සරහම ඔය ඇස් අස්සට කදුලු පුරවන් ඇයි මගෙ දෙයියනේ...

ඒ කදුලු ඇස් බැල්මට අහුවුණ තප්පරෙන්ම මම කරේ පිස්සෙක් වගේ කියවන්න ගත්ත එක....

"අනේ අඩන්නනම් එපා....මම කීවනෙ...මම කීවනෙ තුශ් ආයෙම ඔය ඇස්වලට කදුලු දෙන්නෙ නෑ කියලා...එහෙම වෙලත් ඔය ඇස් අස්සට කදුලු පුරවගත්තෙ ඇයි දෙයියනේ...මට..මට පව් පිරෙයිනෙ තුශ්...උබේ රූට පව් පිරෙයිනෙ වස්තු..."

කවදත් මට තියන එකම වස්තුව තුශ් වෙනකොට ලෝබකම් නොකර මම ඒ වචනෙ පිට දැම්මෙ එයා මාව ඇදලා අරන් එයාගෙ නිරුවත් පපුවට තුරුලු කරගනිද්දි....

සීතලත් එක්ක මුහුවුණ හරි අමුතු විදිහෙ උණුහුමක්....

සමහරු කියයි තාත්තා වගේම උණුහුමයි කියලා....තවත් සමහරු කියයි තාත්තා ලග වගේම ආරක්ෂිතයි කියලා....

ඒත් මම...මම කොහොමද එහෙම දෙයක් කියන්නෙ...

ඇත්තටම මට අදහගන්න බෑ...

දන්නවද?..

ඒ උණුහුම....

ඔව් මගෙ තුශ්ගෙ උණුහුම...

විශ්වාස කරන්න....ඒ උණුහුම ඒ විදිහමයි...කිසිම අඩුවක් නෑ....අවරුදු ගානකට කලින් හිත පිරෙන්නම ලැබුණු...අගලක් අගලක් ගානෙම මගෙ හිත සුවපත් කරපු...

ඔව් ඒ මගෙ අම්මගෙ උණුහුමමයි....කොහොමද...අනේ කොහොමද මට ඔය උණුහුම මගහැරුනෙ...

පිරිමියෙක් ලගින් දැනෙන්න පුලුවන්ද එහෙව් උණුහුමක්....

ඇයි බැරි...මම මේ විදින්නෙ හරි අපූරුවට...

' අම්මා....ඔයා අහගෙ නේද ඉන්නෙ..අම්මගෙ වස්තුව අද නොසෑහෙන්න ලෝභකම් කරන්න අරන්...මගෙ අම්මද මගෙ තුශ්ව මට ගෙනල්ලා දුන්නෙ....මේ බලන්නකො අම්මා....හරි උණුහුමයි....ඔයාගෙ ලග ඉන්නවා වගේමයි...අනේ මම ආදරෙයි අම්මා....මෙන්න මෙච්චරයි කියලා කියන්න බැරි තරමටම මම මගෙ තුශ්ට ආදරෙයි...

අම්මා දන්නවද?...

තාත්තා දවසක් මගෙ ලගට ඇවිත් හරි ආදරෙන් මගෙ ඔලුව අතගාලා කීවා...

"මගෙ පුතුටත් අම්මා වගේම ආදරේ කරන හිතක් හම්බෙන්න ඕනෙ...."

කියලා...

ඒත් මම ඇහුවා...

"ඇයි තාත්තා එහෙම කියන්නෙ..."

කියලා....එදා තාත්තා කියපු වචන මට එදා වගේම තාමත් මතකයි අම්මා...

"මම දැකපු ලස්සනම හිත තියෙන්නෙ පුතුගෙ අම්මට....මට මුකුත්ම නැති කාලේ මගෙ ලගින් හිටියෙම එයා....ප්‍රශ්න කන්දක් ඔලුව ඇතුලෙ පිස්සු නටද්දි මගෙ හිත නිව්වෙම පුතුගෙ අම්මා....හරි උණුහුමයි....ඉතින් එහෙම කෙනෙක් ලැබුණොත් ඔයත් වාසනාවන්ත වේවි....."

"මට එහෙම කෙනෙක් ලැබෙන එකක් නෑ තාත්තා...."

"Why note...."

"අම්මගෙ උණුහුම වෙන කාගෙන්වත් හොයන්නෙ කොහොමද තාත්තා....ඒක වෙන්න බැරි දෙයක්...."

"ඔයා කියනවනම් ඒක එහෙම තමයි...හැබැයි මතක තියාගන්න,දවසක දැනුනොත් එහෙම උණුහුමක් එදාට ඔය හිතට තට්ටු කරලා අහන්න...වෙන්න පුලුවන්ද බැරිද කියලා....තේරුනාද මගෙ පුතුට..."

"ඔව්...."

"එහෙම පපුවකට ගුලිවුනොත් අතහැරගන්න එපා කවදාවත්....මොකද ඒ තමයි හරිම කෙනා....."

තාත්තා ඔයාට නොසෑහෙන්න ආදරේ කරලා නේද මගෙ අම්මා...ඒකද එකටම යන්න ගියෙ...කප්පරකට මගෙ හිත ආදරෙන් පුරවලා නොකියම යන්න ගිය දා මාත් හරි අසරණ උනා...කමක් නෑ....දුකක් නෑ අම්මා...කොහෙමහරි ඉදන් මගෙ දිහාම බලන් ඉන්න...හරි ආදරෙන්....

අම්මගෙන් මම දෙයක් අහන්නද....

මේ උණුහුමේ අයිතිකාරයටත් මම මගෙ අම්මට තරම්ම ආදරෙයි කීවොත්...මම එහෙම කීවොත් අම්මා මාත් එක්ක තරහ වෙනවද...

ඔය දෙන්නා නැති අඩුව පුරවන මේ හිතට එහෙම ආදරේ නොකරොත් මට පව් පිරෙයිනෙ අම්මා....ඉතින් කියන්නකො...ඔයාගෙ පුතු එක්ක තරහා වෙන්නෙ නෑ නේද....'

හිතින් මිමිණුවත් ඒ වචන ඇහුනා කියන්නද මන්ද හරි සීතල හුලගක් ඇගේ වැදීගෙන ගියෙ ආත්මෙම සුවපත් කරන්න වගේ...

හරියට මම තරහා නෑ කියන්න වගේ...

ජනේලයක්වත් ඇරලා නැති කාමරයක් ඇතුලට කොහෙන් ආවද ඒ තරම්ම හිත නිවන සුළඟක්....

' ඒ ඔයාද මගෙ අම්මා....මගෙ වචන ඇහිලා මාව බලලා යන්න ආවවත්ද....

ඒක එහෙම නම් අන්තිම වතාවට අහන්නද මම දෙයක්....

ඔයාගෙ පුතුගෙ අයිතිය අද ඉදන් සදහටම ලියලා දෙන්නද මගෙ තුශ්ට...හැමදාටම...

ඉතින් කියන්න....අවසර දෙනවද මට....

තාත්තා කීවා හරි අම්මා....

ලැබුණා මටත් එයාට වගේම ආදරයක්...ලැබුණා මටත් එයාට තරම්ම උණුහුමක්...ලැබුණා මටත් එයාට තරම්ම සැනසෙන්න ඇහැකි රත්තරන් පපුවක්...

නොහිතපු විදිහට...නොහිතපු කාලෙක...

වේදනාවෙත් අන්තෙටම ගිලුණු මාව තෝරගත්ත එකම මදිද ආදරේ කරන්න...

ඉතින් මම ආයෙම අහනවා....

අවසර දෙනවද?....

සදහටම ඒ මායාකාරයා ලගින් නතරවෙන්න...සංසාරේ පුරාවටම ඒ ආදරේ විදින්න....කවදාවත් අත්හරින්නෙ නැතුව අල්ලගන්න...'

මොකට අහනවද ඔය ආදරේ උබටමයි මගෙ පුතු කියන්න වගේ කදුලු ගලපු කම්මුල් ආයෙම වතාවක් තෙමුවෙ සීතල හුලගක් වෙනකොට කදුලු අස්සෙනුත් මම හිනාවුණා...

ඒ එක්කම හිතට දැනුනෙ දරාගන්න බැරි තරම් ආදරයක් වෙද්දි පලවෙනි වතාවට මට කලින් මගෙ තොල් ඉස්සරහ වෙලා තිබුණා...

දන්නවද....

ඒ නිරුවත් පපුව උඩ හරි අපූරුවට මගෙ තොල් තදවෙලා තිබුණා...

මේ තමයි පලවෙනි වතාව...

ලැබුණ දා මගෙම අයිතියට...අදයි දුන්නෙ පලවෙනිම හාදුව...

හිතම පුරවලා ආදරේ කරන ඒ පපුවටම...

එතනින් එහාට තුශ්ගෙ කටින් පිටවුණේ මගෙ ආත්මයම අවුලවන කතාබහක්...

"පපුව අස්සට වෙලා හුස්ම අල්ලන්න එපා රූ..."

"ඇයි...."

"ඉවසන්න අමාරුයි....උබ දන්නෙ නෑ උබ ලග මම ඉවසන තරම්...."

"මගෙ ලගදි මොකට ඉවසනවද...."

"මට බයයි..."

"ඇයි..."

"ඉවසීමෙත් අන්තිම කෙලවර දරන්නම බැරි උනොත් මගෙ අතින් උබට රිදෙයිනෙ මගෙ රූ...මම කැමති නෑ එහෙම වෙනවට...දන්නවද දෙයක්..."

"මොකක්ද...."

"මගෙ පපුවට ඔය තොල් තද වෙනකන් මම උබට හාදුවක්වත් නොදෙන්න හේතුව...."

"දැනගන්නත් කියන්න එපැයිනෙ තුශ්...ඉල්ලන හැමදාකම මේ ඒකට වෙලාව නෙවෙයි රූ කියලා විතරක්ම කියද්දි මමත් කල්පනා නොකලම නෙවෙයි...."

ඇත්ත....මේ වෙනකන් තුශ් මට කිස් එකක්වත් දීලා නෑ....දරන්නම බැරි දාට මම කියනවා...

"කිස් එකක්වත් දෙනවකො තුශ්...."

කියලා....හැබැයි ඒ හැමදාම තුශ් කීවේ,

"මේ ඒකට වෙලාව නෙවෙයි රූ...."

කියලා වෙද්දි අමාරුවෙන් උනත් මමත් ඉවසන්න පුරුදු උනා....

සමහරදාට එයා කියනවා....

"වෙන පුංචිම දෙයක් උනත් වෙන්න ඕනෙ මගෙ කාමරේ විතරයි...."

කියලා....ඉතින් මම අහන්නෙ ඇයි එයාට බැරි අදවත් මට ඒ දේ දෙන්න....

මම එයාගෙනම්...එයා මගේනම්...ඇයි තවත් සීමා මායිම්....ආදරේ විදින්න ඕනෙ...

හිතින් විතරක් නෙවෙයි ගතිනුත්...

මම ආසයි...විදලා බලන්න ඒ හැගීම...ආදරෙත් අන්තිම කෙලවරට ගිහින්....

.

.

.

.

මම කලින් අහපු දේට පහුවෙලා උනත් තුශ් දුන්නෙ මහ පුදුමාකාර උත්තරයක්...

තප්පර ගානකට මගෙ පපුවත් නතරවුණා...

"දැන් ටිකකට කලින් ඔය ඇස් ලැජ්ජාවට උනත් පියවිලා ගියෙ මාව මෙහෙම දැක්ක නිසා නෙවෙයිද....ඉතින් මගෙ පන දන්නවද....මම උබව නොසෑහෙන්න මේ විදිහෙන් දැකලා ඇති....ඒ හැමදාම මගෙ හිත මගෙන්ම පිට පැන්නා...හිත කීවේම ඇති තරම් උබව විදගනින් කියලා වෙද්දි මම මටම තරවටු කරගත්තා...සත්තයි රූ...කවදාවත් වැරදි අදහසකින් මේ ඇස් නිකමටවත් උබ දිහා බලලා නෑ...බලන්න නොහිතුනා නෙවෙයි...ඒත් මම මාවම පාලනය කරගත්තා....බැල්මකින්වත් ඉදුල් කරන්න ලෝබ හිතෙන රූපයක් ඇස් මානෙ තියන් නොබලා ඉන්න තරම් මම තපසෙක් නොවුනත් මම අහක බැලුවා....උබ දැකලත් ඇති මම උබෙන් මේ ඇස් හංගනවා...මම එහෙමයි රූ උබට ආදරේ කරේ...මම දන්නවා...අද මම ඉවසන්න ඕනෙ නෑ....මොකද දැන් උබ මගේ...මෙන්න මෙච්චරයි කියලා වචනෙන් විස්තර කරන්න බැරි තරම් ආදරයක් හිත අස්සෙ පුරවන් තාමත් උබව ඉදුල් නොකරෙ උබට රිදෙයි කියන බයටමයි මගෙ රූ....මට බැරිකමක් නෑ ඔය තොල්වලින් හාදු තවරන්න...අනේ ඒත් මට බයයි රූ....එහෙම උනොත් මට...මට බැරිවේවි රූ එතනින් නවතින්න....කොහොමද...කොහොමද කියපන් රූ මම උබට රිද්දන්නෙ...මට ලෝබයිනෙ...අනේ මට ලෝබයිනෙ මගෙ රත්තරන්...."

වචන බරගානක නිමාව ආයෙම වැලදගැනීමක් වෙද්දි මටත් ඉහිලුම් නැතුව ගියා...

මනුස්සයෙක්ට පුලුවන්ද මේ තරම් ආදරණීය වෙන්න....

ඇයි බැරි....

මම විදින්නෙත් එහෙව් හැගීමක් වෙනකොට...

මට ඔච්චර ආදරේ කරන උබ වෙනුවෙන් රිද්දගන්න නෙවෙයි මැරෙන්න උනත් පුලුවනි මට....

ඉතින්,

"මට පුලුවන්...."

"මොනවද රූ...මොනවද උබ ඔය පුලුවන් කියන්නෙ...."

"මට ඔය තරම් ආදරේ කරන උබ වෙනුවෙන් උබව දරාගන්න...ඇති තරම් රිද්දගන්න....අනේ මට පුලුවනි තුශ්....මම මේ ඇත්තමයි කියන්නෙ මට පුලුවනි උබ වෙනුවෙන් මගෙ ලග තියන වටිනම දේත් උබට දෙන්න...."

"මම උබෙන් එහෙම දෙයක් ඉල්ලුවද රූ....ආ කියපන් මම උබෙන් එහෙම දෙයක් ඉල්ලුවද..."

"ඉල්ලන්න ඕනෙමද තුශ්...."

"ඇයි...."

"ආදරේ කරද්දි ආදරේ කරන්න ඕනෙ හිස්තැනක් නැති වෙන්නම...."

ඔන්න මුමුණනවා පපුව අස්සට වෙලාම..

"මට බයයි රූ...."

"ඇයි...."

"උබට රිද්දන්න...."

"උබ මගේනම් මම උබේ නම් ඇයි තවත් සීමා දාගන්නෙ.....තට්ටු කරලා අහපන් ඔය හිතින්...උබත් ආසයි නේද මගෙ තුශ්...."

වචනෙන් වෙනුවට ඔලුව විතරක් හොලවලා උත්තර දුන්නත් ඒ ඇස් දුකින් පිරිලා ගිහින්...

අනේ ඇයි ඔය....ඔච්චර හිතන්න එපානෙ තුශ්...

හිතට දුකයි මගෙත්....වෙන මුකුත් නිසා නෙවෙයි උබ ඔහොම ඉද්දි....

"ඇයි ඔය...."

ඔව් මම තමයි....බිමට බරවුණු ඒ ඇස් දුකින් නිසයි මම එහෙම ඇහුවෙ...

ඒත් තුශ්,

"මට පව් පිරෙයිනෙ රූ..."

"මොකටද...."

"ලගට අරන් දවස් කීයද....උබව තලලා දාන්න හිත හදාගන්නෙ කොහොමද මම....මට..මට කියපන් රූ....උබේ තුශ් කොහොමද එහෙම දෙයක් කරන්න හිත හදාගන්නෙ....."

"ඇයි තුශ්...ඇයි බැරි....හැගීම් ඇවිස්සෙන හිතට සහනයක් ඕනෙ නැද්ද....උබ ඔය රිද්දන්න බය හැගීම ඇතුලෙ මහ ගොඩක් සැනසීම තියනවනම්....එහෙනම් ඒත් උබ කියන්නෙ බෑ කියලද තුශ්...."

එයාගෙ අතක් ආයෙම මගෙ කම්මුලක් උඩ නතරවුණේ එහෙමත් ඉක්මනකට....

"ආදරේ දැනුන දා ඉදන් මම උබව දැක්කෙ පින්න මලක් වගේ මගෙ රූ....හැමදාම උදේට හිනාවෙලා මගෙ ලගට එන උබව එහෙම නොදැක දකින්න වෙන විදිහක් මගෙ හිතට ආවෙම නෑ....ඉස්කෝලෙ ඇදුම උනත් සුදු පාට ඔය ඇගට පුදුම තරම් ලස්සන උනා....සමහරදාට මම හිතින්ම උබට බනිනවා...ඇයි ඔය තරම් ලස්සන කී දාහක් ඇස් උබ ලගින් නතර වෙනවා ඇතිද....ඒ මතක් වෙන ගානෙම මගෙ හිත ඇවිලිලා යනවා...කියාගන්න බැරි ආදරයක් හිත අස්සට හිරකරන් මම නොවිදිනා දුක් වින්දා රූ...සමහරදාට උබටත් වැඩියෙන්ම...උබව විදගන්න බැරි මේ හිත හැමදාම ලස්සන සුදු මලක් ලගින් නතරවුණා....උබ වගේමයි...හරි හරියට මාත් එක්ක හිනාවෙනවා...සමහරදාට ඒ උබය කියලා හිතන් වරු ගනන් මම ඒ මල එක්ක කියවනවා...උබ හරි ලස්සනයි කියනවා...මට ලෝබයි කියනවා...සමහරදාට ආදරෙයි කියලත් කියනවා...උදේට පිනි වැටිලා දිලිසෙන මලෙන් උබේ මූණම මැවිලා පේද්දි නොදැනිම උබත් මට 'පින්න මලක්' වෙලා තිබුණා....දන්නවද රූ....දවසක් මම උට කීවා...මට උබව ලැබුණොත් පන වගේ රකිනවා කියලා....අනේ ඉතින් පතපු උබව ලැබිලත් රිද්දන්න බයවුණ මම වැරදිද...මගෙ පින්න මල....."

ආදරේ....ආදරේ...ආදරේ.....හැම වචනයක් ගානෙම ආදරේ උතුරද්දි මම කරේ දෙපාරක් නොහිතම නිවනක් නැති ඒ තොල් අගින් හාදුවක් තවරපු එක....

"රූ....."

එයාගෙ ඇස් බෝල වෙලා...රතු වෙනුවට පිම්බුණු ඒ කම්මුල් අද රෝස පාට වෙලා...ඉවසන්න බෑ මට තවත්....යන්න ආපු ගමනත් අද මට අමතකයි...

ආදරේ ලගදි ඔය මොන දේත් වැඩක් නෑ....ඉතින්,

"රිදුනට කමක් නෑ...."

"ඔය ඇත්තමද...."

"ඔව්...."

"එහෙනම් මම ඉස්සර උනාට කමක් නැද්ද..."

"කමක් නෑ...."

"රූ...."

"කියන්න...."

"දරාගන්න පුලුවන්ද....ලේසි වෙන එකක් නෑ...උබට රිදෙයි...නොසෑහෙන්න රිදෙයි...මම ආයෙම අහනවා මගෙ රූට පුලුවන්ද මාව දරාගන්න...."

"ඕනවටත් වඩා...."

මම එහෙම කියපු තප්පරෙන් එයා කරේ මාව ඇදලා අරන් මගෙ තොල් ඒ තොල්වලින් අල්ලගත්ත එක....

ඒ හැගීම....සත්තයි මට අමතක උනා...මම ඉන්නෙ කොහෙද කා එක්කද මට මේ හැමදෙයක්ම අමතක උනා.....

නෙතුශ් POV :-

ඕනෙයි කියලා ඉල්ලද්දි නොදී ඉන්නෙ කොහොමද මම...මගෙ ගැන අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑ මම හිතන්නෙ...මගෙ රූ හැමදාම කීවේ මම ගැන වෙද්දි මට කියන්න දෙයක් ඉතුරු වෙලා නැතුව ඇති....පරණ දේවල් ආයෙම ඇදලා අරන් වැඩක් නැති නිසා මම ඒ ගැන නොකියා ඉන්නම්...මොකද තවත් රිද්දගන්න තරම් හයියක් මගෙ හිතටත් නෑ....පහුගිය කාලේ පුරාවට අපි දෙන්නම නොසෑහෙන්න රිද්දගත්තා....කතා නොකර ඉමු..

"තු....තුශ්...."

මගෙ පින්න මල....අනේ ඒකා මගෙ අස්සට තුරුලු වෙලා මගෙ නම මුමුණනවා...එලියට යන්න හැදුවත් ඒ ගමන එතනින්ම නවත්තන්න උනේ මගෙ කොල්ලගෙ ඉල්ලීම් නිසා වෙද්දි මමත් කරේ එයා ඉල්ලපු දේ දෙන්න හිත හදාගත්ත එක....

රිද්දන්න බයයි කියලා මොන තරම් කීවත් එයා එක තප්පරේකටවත් ඒ දේවල් ඇහුවෙ නෑ...ඒ වෙනුවට එයා කරේ මගෙ තොල්වලට කිස් එකක් දීපු එක වෙද්දි මමත් කරේ ඒ තප්පරේම එයාව ඇදලා අරන් ඒ තොල් මගෙ තොල්වලින් අල්ලගත්ත එක....

වෙලාවකට වෙවුලන...තවත් වෙලාවකට නිවනක් නැතුව කියවන....තවත් සමහරදාට මම උබට ආදරෙයි මගෙ තුශ් කියන ඒ තොල්....ඒවා පුදුම තරම් රසයි....මාව තප්පරෙන් මත් කරනව රහක්....අහන්නෙ නෑ කොහෙන්ද ඒ කියලා....මොකද මම දන්නවා ඒ රහ මේ මම වෙනුවෙන්මයි....පුදුම තරම් ලෝබ හිතෙන හැගීමක් ඒක....තවත් විදිහකට කීවොත් සිහියෙන් අවසිහියට ඇදලා දාන්න තරම් දරුණු හැගීමක් ඒක...මෙහෙම හැගීමක් විදපු පලවෙනි වතාව....හැබැයි අදින් මත්තට මම ආසම හැගීම මේක වේවි....ඇත්තටම වචනවලින් විස්තර කරන්න බෑ ඒ හැගීම...

මම කරේ ඒ තොල් හරි පරිස්සමට මගෙ තොල්වලින් උරන්න පටන්ගත්ත එක...රහ බලන්න බලන්න ආස හිතෙනවා...ඇති තරම් ඒ තොල් රහ බලපු මම ඊලගට අල්ලගත්තෙ එයාගෙ දිව.....

"තු....තුශ්....අහ්ම්....."

එයාගෙ කෙඳිරිලි සද්ද මට ගෙනාවෙම උත්තේජනයක් වෙද්දි මටත් නැවතුමක් තිබුණෙම නෑ...

මගෙ අතින් එයාගෙ ඇදුම් ගැලවුනේ කොයි වෙලේද කොහොමද මටවත් නිනව්වක් තිබ්බෙ නෑ....මගෙ අහිංසකයගෙ ඇගටම ඉතුරු වෙලා තිබුණෙ ඇදන් උන්න යට කලිසම විතරක් වෙද්දි මගෙ හිත පිරිලා ගියෙ දැනුන ලෝභකමටමයි....එදා දැක්කත් අහක බලාගත්ත ඒ රූපෙ අද මගෙ ඇස් පනාපිට...කොහොම නම් කියලා විස්තර කරන්නද...ඇත්තටම මට තේරෙන්නෙ නෑ...අගලක් අගලක් ගානෙම ලස්සන විතරක් උතුරද්දි ඇවිලෙන්නද නිවෙන්නද?..මටත් හිතාගන්න බැරිවුණා....

ඒත් එයා....

"නවත්තන්න නම් හිතන්නවත් එපා තුශ්...."

ඉතින් කෙඳිරිලි අස්සෙත් එයා මාවම ඉල්ලද්දි ඇවිලෙනවා මිසක නිවීමක් කොහෙද...මගෙ තොල් ඒ ඇග පුරාවට ගියෙ හරි සීරුවට....නලලෙන් පටන් ගත්ත කිස් එක අවසානෙට නැවතිලා තිබූණෙ එයාගෙම නාභිය ලගින් වෙද්දි අහම්බෙන් උනත් මම බැලුවෙ එයාගෙ ඇග දිහා....ආදරේ සලකුණු ඒ ඇග පුරාවටම හිටලා තිබ්බෙ හරියට ඌ අයිති මේ මටමයි කියන්න වගේ....මුලු ඇගම රතු වෙලා....බෙල්ල නම් ගන්න දෙයක් නෑ....මගෙ දත් පාරවල් හැමතැනම....රෝස පාට ඒ පපුවෙ තනි රැකපු දුඹුරු පාට නිපල් මගෙ පහස දරාගන්න බැරි නිසාමද මන්ද උඩටම ඉලිප්පිලා ගිහින්....වෙනසක් නෑ ඒවත් රතු වෙලා....නිවනක් නැති තරම් මගෙ තොල්වලට හිරවෙන්න උනාම එහෙම නැතුව තියෙයිද....

ඉතුරු දේත් කරන්න ඕනෙ....එයාට රිද්දන්න බෑ කියපු මමම ඒ දේට ආස කරන්න පටන් අරන්...ඒකට කමක් නෑ...තව එකපාරක් අහලා බලමු....

"රූ...."

"ම්ම්...."

"ආයෙම අහනවා...දරාගන්න පුලුවන්ද මාව..."

"ඔ..ඔව්....ඕන...ඕනවටත් වඩා...."

කෙඳිරිලි අස්සෙන්ම එයා මුමුණද්දි මටත් සීමා මායිම් දාන්න ඕනකමක් තිබුණෙ නෑ....ඉතින් මම කරේ ඇගටම ඉතුරු වෙලා තිබුණ එයාගෙ බොක්සර් එකේ පටිය ලගින් මගෙ අත් නතර කරගත්ත එක...හැබැයි එයා කරේ ඒ තප්පරෙන්ම මාව නතර කරගත්ත එක....ඒ කරලත්...

"එපා..."

"ඇයි...."

"රිද්දගන්න බලන් ඉන්න මට රිද්දන එක හරියන්නෙ නෑනෙ මගෙ තුශ්....ඒ නිසා මම ඒක කරන්නම්..."

මගෙ අත අල්ලන් එහෙම කියපු එයා කරේ මාව ඇදගෙන ගිහින් ඇදෙන් වාඩි කරවපු එක....ඒ කරලත් එයා නිකන් හිටියා කියලද හිතුවෙ...අපෝ නෑ....එයා කරේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මගෙ බොක්සර් එකත් එක්කම ඇදන් උන්නු කලිසම ගලවලා අයින් කරපු එක....ලැජ්ජාවක් දැනුනත් මම ඉවසුවේ මේ දේවල් අයිති එයාට නිසාමයි...එයා කරේ දැනටමත් හැගීම්වලින් පන ගහලා තිබුණු මගෙ යටි කය දිහා ඇහිපිල්ලමක්වත් නොගහා බලන් හිටපු එක...

"ඇයි ඔහොම බලන්නෙ...."

"කිසිම අඩු පාඩුවක් නැති තරමට ලස්සන උනේ කොහොමද තුශ්....මගෙ ඇසුත් පිං කරලා ඇති...."

"ඇයි...."

"මේ තරම් ලස්සනක් මටම අයිති කරගන්න..."

"රූ..."

"කියන්න...."

"ඔයාට හොදටම විශ්වාසයිද අපි මේක කරන්නම ඕනෙ කියලා..."

"ඔව්...."

එහෙම කියපු එයා කරේ දෙපාරක් නොහිතම මගෙ dick එක එයාගෙ කට ඇතුලට අරගෙන උරන්න පටන්ගත්ත එක...Dmn!...කොහොමද ඔය තරමටම දැනෙන්න දෙන්නෙ....කිසිම අප්පිරියාවක් නැතුව මගෙ dick එක එයාගෙ කට ඇතුලෙ එහෙ මෙහෙ යන විදිහ මම බලන් හිටියෙ අඩවන් ඇස්වලින්...මගෙ අත්වලට ඒ කෙස් අහුරු ගනන් හිරවෙලා ගිහින්...ඒත් එයා නෙවෙයි එක තප්පරේකටවත් කරන වැඩේ නැවැත්තුවේ...විනාඩි ගානක වින්දනයකින් පස්සෙ මම කරේ එයාව උස්සලා අරන් මගෙ ඇදෙන් තියපු එක....අනේ මුව පැටියෙක් වගේ...වෙවුලන තොල්....එහා මෙහා යන ඇස් පිහාටු....මගෙ දිහාම බලන් ඉන්න අඩවන් ඒ ඇස්....අගලක් අගලක් ගානෙම තැවරුණු මගෙම ආදරේ....ඇත්තටම මගෙ පින්න මල මුව පැටියෙක් වගේ....මම කරේ මගෙම ඇදේ වැතිරිලා ඉන්න එයාගෙ ඇග උඩට ඇවිත් ඒ මූණ මගෙ අත් අතරට මැදි කරගත්ත එක...

"මගෙ මැණික...."

මම වෙනුවෙන් මේ තරම් කැප කිරීමක් කරන්න හිත හදාගත්ත ඌ මට මැණිකකටත් එහා....ඉතින් මම කියලා වෙන මොනවා කරන්නද...

"තු....තුශ්...."

අනේ කොදුරන්න එපා රත්තරන්...පපුවත් බරවෙලා යනවා...

"මතකද මම කීවා, වෙන පුංචිම දෙයක් උනත් වෙන්න ඕනෙ මගෙ කාමරේ කියලා...."

"කොහොම අමතක කරන්නද...."

"ඉතින් කමක් නැද්ද..."

"මොකක්ද...."

"උබව මේ මගෙ නමටම ලියාගත්තට...හැමදාටම....ඉතින් රූ...නෑ උබ මගෙ පින්න මලනෙ...මම ආයෙම අහනවා, සදහටම උබ මේ තුශ්ගෙ වෙනවද මගෙ පන...මගෙ මල තැලෙන්නෙ මගෙ අතින් නම් එතනින් එහාටත් මට පුලුවනි රකින්න උබව පන වගේම...."

"ශ්ශ්ශ්.....රූ මේ තුශ්ගෙ විතරමයි....ඉතින් මෙතනින් එහාට ඕන දෙයක්...."

ආදරේ පිරුණු ඇස්වලින් මගෙ දිහාම බලන් එහෙම කියද්දි මගෙ පපුවම පිරිලා ගියා...

පුලුවන් තරම් නොරිද්දා ඉන්නම්....ඉවසන්න බැරිම තැන රිදුනොත් විතරක් සමාවෙයන්...

එහෙම හිතපු මම කරේ එයාගෙ කකුල් දෙක පලල් කරපු එක...ඒ ටිකට ඒ අත්වලට ඇද රෙදි කිටි කිටියෙ පොඩි වෙලා ගිහින්...එයාගෙ තොල් එයාටම හැපිලා ගිහින්....බලන්න බලන්න ලෝබ හිතෙන රූපයක්...එහෙව් එයාගෙ කෙඳිරිලිත් මගෙ නමින් වෙද්දි මොකට ඉවසනවද....

ඒ ක්ෂණයෙන් මම කරේ එයාගෙ යටි කය දිහාවට පාත්වෙලා එයාගෙ හෝල් එක මගෙ කෙලවලින් නාවපු එක....මම එහෙම නොකරන්න එයාට නොසෑහෙන්න රිදේවි...මොකද මේ අපි දෙන්නගෙම පලවෙනි වතාව....

"තු....තුශ්....ඉක්මන් කරන්නකො...මට...මට තවත් ඉවසන්න අමාරුයි.."

"රිද්දන්න වෙනවට විතරක් සමාවෙයන්න මගෙ රූ...."

"උබ මේ මගේනේ තුශ්....මොකටද සමාවක්.."

එකම දේ මුමුණන මගෙ අහිංසකයගෙ නලලෙල් මගෙ තොල් තද උනේ හරි ඉක්මනට...

එයා ටිකක් සන්සුන් වෙනකන් හිටපු මම කරේ එයාගෙ හෝල් එකට මගෙ ඇගිල්ලක් ඇතුලු කරපු එක....

"ඔයාට ok උනාම මට කියන්න...තේරුනාද..."

හා කියන්න ඔලුව විතරක් හොල්ලපු එයා කරේ හරි තදේට ඒ ඇස් පියාගත්ත එක....හරි සද්දෙට හුස්ම අල්ලන ඒ රූපෙ මටත් උන් හිටි තැන් අමතක කරලා....විනාඩි පහකට විතර පස්සෙ එයා කීවේ දැන් හරි තුශ් කියලා වෙද්දි මම කරේ එයාගෙ කකුල් දෙක උස්සලා අරන් මගෙ උරහිස් උඩින් නතර කරගත්ත එක...එහෙම කරපු මම ඊලගට කරේ මගෙ කෙලවලින් මගෙම dick එක තෙත් කරගත්ත එක...

"ඉවසන්න පුලුවන් නේද රත්තරන්..."

"පුලුවන්...."

මට ඕනෙ උනේම එච්චරයි...එයා ඔව් කියනවත් එක්කම මම කරේ මගෙ dick එක හරි හිමීට එයාට ඇතුල් කරපු එක...

"අ...අනේහ්...තු..තුශ්...අනේහ්...අනේහ් රිදෙනවනෙ....ආආආ...අනේහ්...ඉහික්...ඉහික්..මාව නිකන් මරනවා වගේ තුශ්...අනේහ්...."

විනාඩියක්වත් ගියෙ නෑ...එයා අඩ අඩම රිදෙනවනෙ තුශ්...මට රිදෙනවනෙ කියද්දි මට කරකියා ගන්න දෙයක් නැති උනා...

"මම නවත්තන්නද රූ...."

"එපා...."

"උබ ඔය අඩනවනෙ මගෙ රූ...."

"උබ වෙනුවෙන් වැටෙන කදුලුත් සැපයි තුශ්...අනේ ඒ නිසා නවත්තන්න එපා..."

"ටික වෙලාවකින් හරියයි හරිද...."

කදුලු ගලන ඇස් බෝල කරන් එයා ඔලුව හොලවද්දි මම කරේ මට පුලුවන් උපරිම හෙමින් එයාට ඇතුල් වෙන්න ගත්ත එක...කියාගන්න බැරි හැගීම් ගොන්නක් හිත අස්සෙ තෙරපෙද්දි මම කරේ එයාව මගෙ අත් දෙකෙන්ම බදාගෙන ඒ හැගීම හිතේ හැටියට විදගත්ත එක...එයත් මට දෙවනි නෑ...සමහරවෙලාවට තව හයියෙන් කරපන් තුශ් කියපු එයාම තවත් වෙලාවකට හිමින් තුශ් කියලා නොකීවමත් නෙවෙයි...අද මගෙ කාමරෙත් පිරිලා යන්න ඇති...එයාගෙ කෙඳිරිලි සද්ද වලින්....පැය ගානක වින්දනයකට පස්සෙ මට උනේ එයාගෙම ඇග උඩට වෙලා හුස්ම අල්ලන්න...

"අමාරුද තුශ්..."

"මමනෙ ඒක අහන්න ඕනෙ..."

"උබව දාගත්ත මට අමාරු වෙන්නෙ කොහොමද තුශ්...අද තමයි මගෙ ජීවිතේ මම ගොඩක්ම සතුටු උන දවස..."

"උබට පිං මගෙ රත්තරන්...උබට පිං..."

"ඒ මොකටද...."

"උබ ලග තිබුණු වටිනම දේත් මගෙ නමට ලියලා දුන්නට..."

"මම ආදරෙයිනෙ තුශ්...."

"මමත්....මමත් උබට නොසෑහෙන්න ආදරෙයි මගෙ රූ...අදින් පස්සෙ මගෙ පපුව අස්සටම ගුලිවෙයන් මගෙ රූ....උබේ තුශ් උබව පන දීලා හරි රකින්නම්...මගෙ පින්න මල.....මගෙ මැණික...මගෙ රත්තරන්...ඔය මොන නමත් උබට කැපයි මගෙ පන....මේ තුශ්ගෙ ලගින් ඉන්නවා නේද....ආ කියපන් මගෙ රූ...උබ උබේ තුශ්ගෙ ලගින්ම ඉන්නවා නේද..."

"හැමදාටම..."

උපදිනා මතු හැම බවේ මම ඉන්නවා ඔබගෙ පපු තුරුලෙ උණුහුම වෙලා❤

_______________________

මම යනෝ බායි බායි....පරිස්සමින් ඉන්න ආදරෙයි..😚❤❤

කතාව ගැන අදහසකුත් කියාගෙන යන්න මෙයාලා😁

Good night 😴🌙⭐

@Diyana_45 🖊mention a user

Share This Chapter