Back
/ 25
Chapter 20

19 වන පරිච්ඡේදය 👁

උමතු ඇස්💓👁 (COMPLETED)✅

"තු....තුශ්....ම්හ්ම්...."

"රූ..."

"ම..මගෙ...ඔලුව...."

"දෙයියනේ රූ....ඔයාට හොදටම උණනෙ...අනේ..මම..මම නිසා නේද මෙහෙම උනේ...."

"ශ්ශ්ශ්...ඒකට කමක් නෑ තුශ්.....ඒක ගානක් නෑ...."

"ගානක් නැතිවෙන්නෙ කොහොමද...

ආ...ගානක් නැතිවෙන්නෙ කොහොමද....උබව වෙවුලනවනෙ මගෙ රූ...."

"ඔය හැටි හිතන්නෙ මොකටද බං....මේක පොඩි දෙයක්...."

"පණ්ඩිත කතා කියන්න එපා....ඔහොම ඉන්නවා විනාඩියක්...."

හිත රිද්දගෙනද මන්ද...වෙන කවුද ඉතින් තුශ් මිසක්.....

බොරු කියන්නෙ ඕනෙ නෑනේ...ඇත්තටම මට හරි අමාරුයි...ඉණෙන් පල්ලෙහා තියෙනවද? නැද්ද?...ඇත්තටම මට ගානක් නෑ.....

ඒ එක්කම දැනුනෙ දරාගන්න බැරි තරමෙ ඔලුවෙ කැක්කුමක් වෙද්දි මගෙ කටින් හීනියට උනත් කෙඳිරිල්ලක් පිට පැන්නෙ මටත් නොදැනිමයි....

පොඩි දේටත් හිත කලබල කරගන්න එයා රූ උබට හොදටම උණනෙ කියලා පහලට ගියෙ මගෙ හිත ආදරේ කියන නමට ඊයෙටත් වඩා සද්දෙන් අද ගැහෙන්න ගද්දි....

ඊයේ රෑ,

ඇත්තටම වචනෙන් විස්තර කරන්න බෑ ඒ හැගීම....

දරන්න අමාරු උනත් එතනත් තිබුණෙ අසීමිත ආදරක් නෙවෙයිද?...

කුලුදුලේම විදගන්න ලැබුණත් ඒ හැගීම...සත්තයි මට මාවත් අමතක වෙලා ගියා....ඇගම රිදුම් දුන්නත් හිතට සහනයක් ගෙනාව එයාගෙ අයිති කරගැනීම.....අනේ ඇත්තටම මට ලෝබයි....

නොසෑහෙන්න ලෝබයි....

දන්නවද?...

එයා මහ පුදුමාකාර මනුස්සයෙක්....

ඇයි මම එහෙම කීවේ බැලුවද...හ්ම්...ඉන්න මම කියන්නම්...

' ආදරයට රාගය එකතු උන තැන ලස්සනයි කීවට ඇත්තටම ඊයෙ වෙනකන් මම ඒ ගැන දැනගෙන හිටියෙ නෑ....හැබැයි එයා...එයා ඒ හැමදෙයක්ම හරි ලස්සනට මට තේරුම් කරලා දුන්නා....වෙන කෙනෙක් උනානම් ඔය වගේ වෙලාවක අඩුම උබට අමාරුද කියලවත් අහන එකක් නෑ....ඒත් එයා...මගෙ තුශ්....විනාඩියෙන් විනාඩියට....

"උබට අමාරුද මගෙ රත්තරන්..."

කියලා අහද්දි වේදනාවට නොවුනත් මගෙ ඇස්වලට කදුලු පිරුණා.....

ඒ තමයි ආදරේ....

හැමදේම අවසානේ එයා කීවේ.....

"මමත්....මමත් උබට නොසෑහෙන්න ආදරෙයි මගෙ රූ...අදින් පස්සෙ මගෙ පපුව අස්සටම ගුලිවෙයන් මගෙ රූ....උබේ තුශ් උබව පන දීලා හරි රකින්නම්...මගෙ පින්න මල.....මගෙ මැණික...මගෙ රත්තරන්...ඔය මොන නමත් උබට කැපයි මගෙ පන....මේ තුශ්ගෙ ලගින් ඉන්නවා නේද....ආ කියපන් මගෙ රූ...උබ උබේ තුශ්ගෙ ලගින්ම ඉන්නවා නේද..."

කියලා වෙද්දි ආදරෙයි නොකිය මම වෙන මොනවා කියන්නද....'

ඉතින්, ඔයාලම කියන්න...මම වැරදිද?...

එයා මහ පුදුමාකාර මනුස්සයෙක් කියපු මම වැරදිද....

හැබැයි තව දෙයක්,

ඒ හිත ඇතුලෙ දරන්න බැරි තරම් ආදරයක් තිබුණා....

කාටත් වඩා මේ මට ඒක දැනුනා......

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

කල්පනා ලෝකෙක ගිලිලා හිටිය මම ලගට වතුර භාජනේකුත් අරන් ආවේ වෙන කවුරුත් නෙවෙයි තුශ්.....

ඒ ඇවිතුත්,

"කෝ ඔය ශීට් එක අයින් කරන්න රූ...අපි ඇග පොඩ්ඩක් පිහදලා painkiller දෙකක් බොමු..."

"ඕනෙ නෑ තුශ්....ඊයේ රෑත් මම වෙනුවෙන් මොන තරම් මහන්සි උනාද...."

"උබ මගෙනම් මම නොකර වෙන කවුරු මේවා කරන්නද....."

ඒත් එහෙම හරිද මගෙ දෙයියනේ....

ඔයාලා දන්නෙ නෑ....

' මම ආවේ ඊයෙම ආපහු යන්න බලන් උනත් මට ඒක කරගන්න උනේ නැත්තෙ අපි දෙන්නා අතර උන දේවල් නිසා වෙද්දි තුශ් කරේ මාව එයා ලගින්ම තියාගත්ත එක...එයාලගෙ අම්මලා ආවත් මට ටිකක් සනීප මදි කියපු නිසා එයාලට උනත් වැඩි ගානක් යන්න නෑ....හ්ම්...එක අතකට ඒක හොදයි....ඒ නොවෙන්න මම කියලත් වෙන මොනවා කියන්නද....ටිකක් අමාරුයි වගේ නේද....

ඒත් තුශ්....අමාරුවෙන් උන්නු මාව එයාගෙ අත් දෙකෙන්ම පිරිසිදු කරලා එයාගෙම ඇදුමක් අන්දලා හරි ආදරෙන් ඒ පපුවට තුරුලු කරගත්තෙ මටත් නොදැනිම මගෙ ඇස් පියවිලා යද්දි...

ඇස් පියවෙන අන්තිම තප්පරෙත් මට ඇහුනෙ..

"උබ මට මැණිකක් මගෙ පින්න මල..."

කියන වචන ටික වෙද්දි නින්දෙන් උනත් මම හරි ලස්සනට හිනාවුණා...'

ඉතින් ඒකයි...මම වෙනුවෙන් ඒ තරම් දේවල් කරපු එයාට ආයෙම වදදෙන්න....ඇත්තටම එයා හරි පව්...

ඒත් එයාගෙන් බේරුමක් නෑ....

"කියන දේ අහන්න...."

ඔය පේනවනෙ....කරන්න දෙයක් නැති කමටම මම කරේ එයාට කැමති දෙයක් කරන්න කියලා බලන් හිටපු එක....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"ගිහින් කෝල් එකක් ගන්න හරිද...."

"හරි...."

"උබ හරි මුරණ්ඩුයි රූ....මා එක්ක යමු කීවට අහන්නෙත් නෑ....ඔය ලෙඩ ගානේ තනියම ගිහින් මොනවා හරි උනොත්...."

"අයියෝ...මම පොඩි ලමයෙක් නෙවෙයිනෙ තුශ්....අනික මේක මේ පොඩි උණක්..."

"ඒත්...."

"මම කීවනෙ....බලපන් උබ දිහා...ඔය ඇස් මැලවිලා ගිහින්...දිලිසෙන ඇස් මැලවෙන්න නරකයි මගෙ වස්තු.....ඊයෙ රෑම නිදාගෙන නෑ....මම හරිනෙ...."

"හ්ම්...."

"මොකද....."

"අමාරුවට කෙඳිරි ගගා මගෙ අස්සට තුරුලු උන උබව දැක දැක කොහොමනම් ඇස් පියාගන්නද....."

"ඔච්චර ආදරේ කරන්න එපානෙ තුශ්...."

"ඒක මගෙ වැඩක්....උබට වැඩක් නෑ ඒකෙන්..."

"නපුරුකම...."

"මගෙ දේවල්වලට විතරයි..."

ආයෙම ඒ වචනෙ....

'මගෙ දේවල්වලට '

ඔය වචනෙට මම මොන තරම් නම් ලෝබද...පපුවම පිරිලා යනවා...

මම හිටියෙ එයාලගෙ ගෙදර ගේට් එක ලග....වෙන මුකුත් නිසා නෙවෙයි ගෙදර යන්න...taxi එකකුත් දාලා ඒ එනකන් මග බලන් උන්නු මට උනේ අදත් නෝක්කාඩු අහන්න....

වෙනදට තරහට ඇනුම් පද කියන එයාම අද ආදරේට ඇනුම් පද කියන්න අරන්...

ඒ හැමදේටමත් වඩා ඔය අස්සෙන් හිමීට උනත් මුමුණන ආදරේ,

මේ ලෝකෙ මගෙ හිත නිවන එකම දේ...

මගෙ තුශ්ගෙ ආදරේ....

.

.

.

.

.

ඒ එක්කම ආවේ taxi එක වෙද්දි මම කරේ ආපිට එන්න හැරුණ එක....හැබැයි ඒත් එක්කම මගෙ අත අල්ලගත්ත එයා මගෙ අල්ලෙන් ගුලිකරේ හරි ලස්සන පුංචි මලක්...

"මගෙන් ඔයාට...."

ඒ එයා...මගෙ තුශ්...මගෙ ඇස් ලගින් නතරවුණ ඒ ඇස් හරි ලස්සනට මාත් එක්ක හිනාවුණා...ඒත් මේ මොකක්ද...මලක්....ඒකත් එයා කීවේ මගෙන් ඔයාට කියලා වෙද්දි මම කරේ නොතේරෙන කමට ආපිට එයාගෙන්ම ප්‍රශ්න කරපු එක....

හැබැයි මම ඒ අහපු දේට එයා දුන්න උත්තරේ....

තප්පරේකට මගෙ හිත මටම කීවා...

"උබ හරි වාසනාවන්තයි රුහාන්....."

කියලා.....

ඔයාලත් අහගන්න...හැබැයි පරිස්සමට...මොකද ඒ වචනවල අයිතිය මේ මටයි...

"මොනවද...."

"පින්න මලක්...."

"ඇත්තමද...."

"ඔව්...."

ඒක...ඒක පින්න මලක්ද....අනේ ඒක හරි ලස්සනයිනෙ....අහලා තිබුණට මමත් දැක්කෙ අදනෙ..

ඉතින්,

"ඒක හරි ලස්සනයි තුශ්...."

"ම්ම්ම්...ඇත්ත...."

"ඒත් ඇයි...."

"මොකක්ද....."

"මට මෙහෙම දෙයක් දෙන්න හිතුනෙ...."

"ඔයාට ගැලපෙනම මල පින්න මල නිසා...."

දන්නවා....මම දන්නවා තුශ්....හැමදාමත් මට පින්න මල කියන උබ ඔය කියන වචනවල තේරුම ඕනවටත් වඩා මම දැන් දන්නවා...

ඒ වචන දැනුනෙ හදවත පතුලටම වෙද්දි මටත් කලින්ම මගෙ පපුව හිනාවුණා....

මම හිතන්නෙ එයාට ඒ හිනාව දැනෙන්න ඇති...ඒකනෙ එයා මගෙ පපුව කෙලවරෙන් ඒ අත් නතර කරගත්තෙ....

ඒ නතර කරගෙනත්,

"මගෙ රූ දන්නවද දෙයක්..."

"මොකක්ද...."

"මල් දෙන්නෙ උරුමක්කාරයොලු...."

"හහ්...."

"ම්ම්....ඒකයි මමත් ඔය අත්වලට තනි මලක් උනත් හරි පරිස්සමට ගුලිකලේ...උබව උරුම මේ මට නම් ඔය මල ලැබෙන්න ඕනෙත් උබටයි මගෙ රූ...."

"අනේ තුශ්...."

"ශ්ශ්ශ්.....කදුලු පුරවගන්න එපා...මම ආදරෙයිනෙ...."

"මමත්...මමත් ඔයාට ගොඩක් ආදරෙයි...."

හැමදාමත් වගේ අදත් එයා ආදරේ විතරක්ම මුමුණද්දි මම කරේ කාටත් හොරා ඒ නලලෙන් මගෙ තොල් තදකරපු එක....

නලලට දෙන හාදුව හරි බරයි කියන්නද මන්ද ඒ ඇස් තප්පර ගානකට උනත් නිදහසේ පියවිලා ගියා....

කොහෙන්දෝ ආපු හැගීමකට එකපාරම දුන්නත් ඒ හාදුව....ඇත්තටම එයා ඒකට මහ මෙරක් තරම් හිත සතුටු කරගත්තා...

ඒ හිනාව.....හරි කලබලෙන් එහෙ මෙහෙ යන ඒ ඇහි පිහාටු....මගෙ ෂර්ට් එක කිටි කිටියෙ පොඩි කරගත්ත ඒ අත්....

දන්නවද....

ඒ හැමදෙයක්ම තුශ්ගෙ හිතේ සතුට ගැන ඕනවටත් වඩා මට කියලා දුන්නා....

"පරිස්සමින් යන්න රූ....."

හැමදේම අවසානයේ එයා කීවේ පරිස්සමින් යන්න රූ කියලා වෙද්දි මමත් කරේ ආපිට ගෙදර එන්න ආව එක......

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

ගෙදරට එනවත් එක්කම මම දැක්කෙ කවදාවත් නොදැකපු විදිහෙ car එකක්....ඒකත් අපේම වත්ත ඇතුලෙ...කවුරු වෙන්න පුලුවන්ද...

අද හරි පාලුයි....වෙන කොහෙද ඉතින් මගෙම ගෙදර මිසක්....වෙනදට එන මගම තනි රකින කමලා නැන්දත් අද පේන්න නෑ....ඒත් පොඩ්ඩක් ඉන්න....කෝ පාල මාමගෙ බයික් එක....

එයා ඉන්න හැමදාකම වත්ත කෙලවර තනි රකින බයික් එකත් අද පේන්නවත් නැති වෙද්දි නිකමට වගේ මගෙ හිතත් කීවා...

"අද එයා කලින්ම ගිහින් වෙන්න ඇති...."

කියලා....

ඒත් ඇයි....හරි ඒකට කමක්....මොකද මොකක් හරි හදිස්සියක් උන දාට මාමා කවදත් ඔහොම නොකියා යන එක සාමාන්‍යයි....

පාල මාමා තියා කමලා නැන්දත් පේන්න නැති වෙද්දි මම කරේ හරි හිමීට ගේ දිහාවට අඩිය තියපු එක....

කවදාවත් නොදැකපු ඒ car එක කාගෙද කියලා හිතන ගමන්ම....

_____________________________________________

("හොදින් කියලා තේරුම්ගන්න බැරි නම් මේකයි මගෙ විදිහ...."

"ඔයා කැමති විදිහකට එයාව කැමති කරවගන්න...හොදින් නැත්තන් නරකින් හරි...මම හිතන්නෙ මම ඒ කියපු දේ ඔයාට තේරුනා.....ඕනම දෙයක්....ම්ම්ම්....")

හෙට හෙට හරිද හෙට😴...

බායි බායි මම යනෝ....පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤❤❤

@Diyana_45 🖊mention a user

Share This Chapter