Back
/ 25
Chapter 21

20 වන පරිච්ඡේදය 👁

උමතු ඇස්💓👁 (COMPLETED)✅

මොකක්දෝ අමුත්තක් එක්ක කියාගන්න බැරි හැගීමක් පපුව ඇතුලෙ හරි හරියට තෙරපෙන්න අරන්....කවදාවත් නැත තරම් දරුණු මූසල ගතියක්....

වෙනදත් මූසලයි තමයි....

ඒත් අද....

ඊට ටිකක් වැඩියි....

නොතේරුනත් හිත කීවෙම ලොකු කරදරයක් අත ලග කියලා වෙද්දි අදත් මගෙ ඇස් අහස හොයන් දීවා...

ඒත් ඇයි?....

අහසට ඇහැකිද කලබල මගෙ හිතට සහනයක් දෙන්න....

මොකද බැරි....

විඩාබර මගෙ දවස් දන්නෙම අහසෙ පාවෙන වලාකුළු වෙනකොට එතන තියෙන්නෙම කියාගන්න බැරි තරමෙ සැනසීමක්....

ඉතින් අදත් අහගෙන ඉන්නවද....එක විනාඩි දහයකට....හැබැයි ඉස්සර වගේ හූල්ලන්නෙ නෑ මම....

තුශ්ගෙ විශ්වාසය කියන අකුරු පහ උබට කියන්න බෑනෙ මට....ඒවා එයාගෙ වචන....ඔව් ඒවා මගෙ තුශ්ගෙ වචන....ඉතින්,

මම පොරොන්දු වෙන්නම්...

සත්තයි හූල්ලන්නෙ නෑ මම අද...

මොකද,

මම එදා කීවේම නොලැබුණු මගෙ ආදරේ ගැන වෙද්දි අද ඒ ආදරේ මගෙ නමටම උරුම වෙලා....ඉතින් තවත් මොකට හූල්ලනවද...

අනේ ඒ නිසා අහගෙන හිටපන්....

ඒ තප්පරෙන් හරි ලස්සන සුදු වලාකුළක් මගෙ ඇස් හොරකන් කරලා තිබුණෙ හරියට උබ කියපන් කියන්න වගේ...

ඉතින් මම කියන්නද?....අහගෙන ඉන්නවද?...

හ්ම්....

' අද මගෙ හිත හරි කලබලයි...දන්නෙ නෑ ඇයි කියන්න....හරිම මූසලයි....වෙනදට මගෙ චූටි බේබි ආවද කියන එයත් අද පේන්න නෑ...ඇයි ඒ...ඇත්තටම මම දන්නෙ නෑ....මට ඕවා හිතන්න තරම් හයියකුත් නෑ...හිතට නැතත් ගතට හරි වේදනයි අද....

නෑ ඉන්න....

මම කොහොමද ඒකට වේදනාවක් කියන්නෙ...තුශ්ගෙ ලග දැවටුන තප්පර මතක් කරවන හරි ලස්සන ඒ හැගීමට වේදනාවක් කියන්නත් බැරි තරම්...ඒ උනාට මට මේ දැනෙන දේවල් තේරෙන්නෙ නෑ...

හ්ම්....

කවදාවත් නොදැකපු මේ වාහනේ...ඇත්තටම ඒක කාගෙද....කවුද දන්නෙ....

ඇයි ඔහොම බලන්නෙ....

මම දන්නෙ නැති නිසානේ නෑ කීවේ....මම කලිනුත් කීවා...

මම කවද්ද බොරු කීවේ....ඒ නිසා ඔහොම බලන්න එපා....

කරදරයක් අත ලග වගේ දැනුනත් කෝ ඒකට හේතුවක්....හිනායනවා නේද....ඉතින් ඇත්තනෙ...හේතුවක් දන්නවා නම් උබ ලග හැගීම් වචන කරයිද...

නෑනේ....

අනේ මම දන්නෙ නෑ....හැමදාමත් කියනවා වගේ මට තේරෙන්නෙත් නෑ....

නිදහසේ හුස්ම අල්ලලා පැය විසි හතරක් යන්න නෑ...

ආයෙම හිත බරවෙලා ගිහින්....'

අහස දිහා බලන් අරමුණක් නැති මම හිතින්ම වචන අමුණනවා...

හැමදේම අන්තිමේ දැනුනත් හිතට නුහුරක් මම කරේ ගේ ඇතුලට යන්න හිත හදාගත්ත එක....

මොකද,

මට මේ දේවල් පුරුදුයි.....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

එක විනාඩි පහක් ගියෙ නෑ....මම හිටියෙ මගෙම ගෙදර සාලෙ....

ඇතුලට යනවත් එක්කම හිත ගැස්සුනේ දැකපු ඒ දේටමයි....

ඒ දැකපු මම කරේ මගෙ හිතින්ම ප්‍රශ්න කරපු එක...

' මේකද....මේකද උබ ඔය මට නොකියා කීවේ...කරදරයක් අත ලග රුහාන් කීවේ මේ නිසාද....ඒත් ඇයි....ඇයි මට මෙහෙම කරන්නෙ...ඇත්තටම අනුකම්පාවක් නැද්ද...පුංචිමවත් අනුකම්පාවක් නැද්ද දෙයියනේ මම ගැන....හිත සනසන තප්පරෙන්ම ඇයි ඔහොම මට රිද්දන්න හදන්නෙ....

පලිගන්නද?....

අනේ ඒත් ඇයි....

මම කාටවත් වරදක් කරලා නෑ....අඩුම හීනෙකින්වත් නෑ....එහෙනම් ඇයි මේ...ඇයි මට මෙහෙම කරන්නෙ...

ගිය ආත්මෙ නොගෙවුනු පවක්වත් ඉතුරු උනාද දෙයියනේ....

මට කියපන්....අනේ කවුරුහරි මට කියපන්...

මම ඔය හොයන සැනසීම...මටත් ලැබුණයි කියලා හිත පුරවගත්ත ඔය සැනසීම...

ඇත්තටම මට ඒ දේ ලැබිලා නැද්ද....ඒකද මේ...ඒකද මට මෙහෙම කරන්නෙ...'

මගෙ හිත මටත් නොදැනිම කෑගහන්න අරන්...ඉතින් එහෙම නොවී තියෙයිද...

ගෙට යන තැනම තනි රැක්කෙ බාප්පයි ටියයි වෙනකොට මගෙ හිත කෑගහපු එක වැරදිද...

'ආයෙම ඇයි ඔය' කියලා අහන්න හැදුවත් මම ඒ වචන ආපිට ගිල ගත්තෙ වෙනදට ගබඩා කාමරේට විතරක් සීමාවුණු ඒ යකඩ පටිය අද සාලෙත් හරි අපූරුවට තනි රකිනවා දැකපු නිසා වෙද්දි මගෙ පපුව ඇදුම් කෑවේ තප්පරේට..

ඒ තරමට රිද්දගන්න අදනම් හයියක් නෑ මට...

කෙලින් ඉන්නෙත් සෑහෙන අමාරුවෙන් වෙනකොට කොහොමද ඒ තරම් දෙයක් දරාගන්නෙ...ඇත්තටම අදහසක් නෑ මට....

අහම්බෙන් උනත් මගෙ ඇස් ලගින් නතරවුණේ මත් වුණු තවත් එක ඇස් බැල්මක් වෙද්දි මගෙ හිතට කොහෙන්දෝ ලොකු බයකුත් කාන්දුවෙලා තිබුණා...

ඔව් ඒ ටියාගෙ ඇස්.....ඒ ඇස් මත්වෙලා....

ඒත් ඇයි....

නෑ මට හිතන්න උනේ නෑ...උනේ නෑ කියන්නෙ මට ඒකට වෙලාවක් හම්බුණේ නෑ...

මොකද අඩියට දෙකට මම ලගට ආපු බාප්පා කරේ කිසිම හිතක් පපුවක් නැති ගානට මාව තල්ලු කරපු එක....

මම හිතුවා හරි....

කමලා නැන්දා තියා පාල මාමවත් අද ගෙදර නෑ....බාප්පා යන්න කියන්න ඇති...ඒකයි ඔය...

උණ අමාරුවෙන් උන්න මම හරියට පුලුන් රොදක් වගේ...කෙලින්ම නැවතුනේ සීතල ටයිල් පොලොව උඩ....

දවාලක උනත් මුලු ගේම හරි විකාර විදිහෙ අදුරකින් වැහිලා ගිහින්....එන මගම තනි රැකපු මහ විශාල දොර.....අනේ ඒක දැනටමත් වැහිලා ගිහින්...

අද නම් මට ලේසි වෙන එකක් නෑ....

එක පැත්තකින් ටියාගෙ මත් උන ඇස්...තවත් පැත්තකින් හැමදාමත් වගේ අදත් මට රිද්දන්න බලන් ඉන්න බාප්පා...

ඇයි ඔයාලා මට මහෙම කරන්නෙ?....

අහන්න හිතුනත් කෝ මට වචන....

අහේතුකව මතකෙට ආවෙම මගෙ පුංච් මායාකාරයා ගැන වෙද්දි මටත් හොරෙන් මගෙ පපුව මුමුණනවා දැනුනා....

"උබ බලන් ඇති නේද තුශ්....ගෙදර ගිය මම කතා කරයි කියලා....අනේ උබ බලන් ඇති නේද මගෙ තුශ්...."

මිමිණුවත් ඒ වචන....කෝ මට ඒ දේ කරන්න අවසරයක්....අනේ සමාවෙයන් තුශ්....උබේ රූට සමාවෙයන්....

එතනින් එහාට බාප්පගෙ වචන....

ඇත්තටම ඒ වචන පපුව පසාරු කරන තරම් දරුණුයි....

"මනුධර!....."

මම නෙවෙයි එක වචනයක්වත් කතා කරේ...

හැබැයි ඒ කියලා බාප්පා නෙවෙයි කතාව නතර කරෙත්...

"තමුසෙට මම මේ හොදින් කියන අන්තිම පාර....තමුන් මේ වැඩේට කැමතිද...එහෙමත් නැත්තන්....."

"හිතන්නවත් එපා....."

' ඒ වචනවලට මගෙ තරහා මටවත් පාලනය කරගන්න බැරිවුණා...එයා කොහොමද එහෙම දෙයක් කරන්න මට බලකරන්නෙ....මෙහෙමයි කියලවත් හැගීමක් නැති කෙනෙක් එක්ක ජීවත් වෙන්න....ඒක නිකන් විහිලුවක් වගේ නැද්ද....මට එහෙම කරන්න බෑ....දැන්නම් කීයටවත් බෑ.....මගෙ අයිතිය දැනටත් තුශ් ලග වෙද්දි මම කොහොමද මූ කියන දේ අහන්නෙ...ඒකනම් කීයටවත් වෙන්නෙ නෑ....'

ඔය හිතුන පාර මමත් කරේ බාප්පට නොදෙවෙනි තරම් හයියෙන් කෑගහපු එක...මම බලාගෙන ටියා මහ අමුතු විදිහට මගෙ දිහා බලන් හිනාවෙනවා....ඒත් ඇයි ඒ...

හැමදාම වගේ අදත් මගෙ හිත එකතැන හිරවෙලා....

බාප්පා,

"ඒකත් එහෙමද....හරි එහෙනම්...."

"අහ්....."

අදත් එදා වගේමයි.....මගෙ පිට පුරා යන යකඩ පතුර මගෙ සිහිය මගෙන් කොහෙදෝ දුර ඈතකට විසි කරලා දැම්මා....

වාසනාවද අවාසනාවද කියලා නොදන්නවා උනත් මට දැනුනෙ මගෙ phone එක vibrate වෙන සද්දෙ වෙනකොට මටත් කලින් මගෙ ඇගිලි ඉස්සර වෙලා තිබුණා....

සිහිය නොතිබුණත් කාටත් නොදැනෙන්න මම ඒ කෝල් එක ආන්ස්වර් කරලා තිබුණා....

මම දන්නවා....ඔය එයා....මගෙ තුශ්....

පහර පිට පහර අදත් මගෙ පිට හරහා ගියෙ කීවෙනි වතාවටද....ඇත්තටම මට මතක නෑ....

උහුලන්න බැරි තරම් මගෙ කටින් කෙදිරිලි පිටවෙන්න ඇති....මට නිකමට හිතුනා...

"තුශ් ඔය උබනම්....අනේ ඇත්තටම මට සමාවෙයන්....මම දන්නවා ...උබට බෑ මගෙ දුක් උහුලන්න....පුලුවනි නම් ඇවිත් මාව බේරගනින්....උබ ලග සැනසෙන මට විදගන්න හයියක් නෑ අද....මගෙ ලගට වරෙන්කො තුශ්..."

හිතුනත් ඒ උබ නෙවෙයි නම්....තාමත් Answer උන කෝල් එක ඒ විදිහටම තියෙද්දි බාප්පා කරේ නරුමයෙක් වගේ මට ගහපු එක...

මම ඇතියි කීවෙත් නෑ....මට රිදෙනවා ඔය වැඩේ නවත්තපන් කීවෙත් නෑ....

හැමදාම වගේ අදත් නිහඬව දරාගත්තා...

ඉදහිටි කෙඳිරිලි පිටවුනත් මම මට පුලුවන් උපරිමෙන් දරාගත්තා...

ඇත්තටම මට දුකයි...මට මම ගැනම දුකයි...

' යකඩ පටියත් හැඩවෙලා....හැමතැනම රතු පාටයි....පරණ පැල්ලම්වලට අද ආයෙම අලුතින් සිය දහස් ගනන් පැල්ලම් එකතු වෙලා...ඔව් ඒ ලේ....මේ මගෙ ලේ...'

හිතන්නවත් පුලුවන්ද....නෑ මම අහන්නෙ ඒ හැගීම....ඒක ඔයාලට හිතන්නවත් පුලුවන්ද...

තමන්ගෙම අය තමන්ට මෙහෙම සලකද්දි...

නිකමටවත් දැනෙන්න එපා....ඔයාලා කාටවත්...

දරාගන්න හරි අමාරුයි....

.

.

.

.

.

.

.

.

.

.

.

හරි පරිස්සමට එයා අතින්ම ඇන්දුව ඇදුම් ලේ වලටම පෙගිලා ගිහින්.....

මේක එයාගෙ ඇදුමක්....ඔව් මගෙ තුශ්ගෙ තමයි....

උදේ එන මගත් එයා කියපු ඒ වචන....අනේ මම මොන තරම් නම් පව්කාරද....ආදරේ විදලා ඊලග තප්පරේම මහ අදුරු අගාධයක් ඇතුලෙ හිරවෙලා...

දන්නවද එයා මට කියපු ඒ වචන....

"රූ......"

"මොකෝ....හොරෙක් වගේ..."

"ඔය ඇදුම..."

"ඉතින්...."

"ඕක මගෙ....."

"මෝඩයා....මම ඒක දන්නවා අනේ....උබම නෙවෙයිද දැන් මට මේක ඇන්දුවේ...."

"නෑ නෑ අනේ ඔය මම ආසම ඇදුම කියන්න ගියෙ...."

"ඇත්තටම....ඉතින් එහෙනම් ඇයි මට....."

"මගෙ සුවද උබ ලගිනුත් විදින්න ආස හිතුනා...."

"අනේ තුශ්...."

"පරිස්සම් කරගනින්...."

"මොනවද....."

"මගෙ මැණිකට අයිති මේ මගෙම සුවද...."

ඉතින් කොහොම නම් උහුලන්නද....හරි ආදරෙන් පරිස්සම් කරගනින් කියපු ඒ සුවද අදම මගෙන් දුර ගිහින්...ඒකත් මගෙම ලේ සුවද නිසා....මොන තරම් නම් නරකද...

සමාවෙයන් තුශ්.....

.

.

.

.

.

.

.

.

දරන්න අමාරු උන විනාඩි ගානකට පස්සෙ බාප්පා කීවේ....

"හොදින් කියලා තේරුම්ගන්න බැරි නම් මේකයි මගෙ විදිහ...."

"ඔයා කැමති විදිහකට එයාව කැමති කරවගන්න...හොදින් නැත්තන් නරකින් හරි...මම හිතන්නෙ මම ඒ කියපු දේ ඔයාට තේරුනා.....ඕනම දෙයක්....ම්ම්ම්...."

කියලා වෙද්දි මගෙ ඇසුත් තෙත් වෙලා ගියා...

මට ඇති තරම් රිද්දපු බාප්පා ඒ වචන ටික කීවේ ටියා දිහා බලලා....මම ඒක හොදටම දැක්කා....

ඒ කියලත් බාප්පා කරේ එලියට ගියපු එක....ඒකත් මාව තනියම ටියා එක්ක දාලා....ඇයි ඒ...ඇයි එයා එහෙම කරේ...

ඒත් ඉන්න....මේ මොකද මේ...

බාප්පා යනවත් එක්කම ටියා කරේ මගෙ ලගින්ම බිම වාඩිවුණ එක....

ඒ කරලත්,

"ඉතින් මනු.....දැන් ඇති නැද්ද ඔය සෙල්ලම් කරා..."

නොතේරෙන බහුබූත දොඩවන ටියා දිහා මම බලන් හිටියෙ මහ හිස් බැල්මකින්...

විනාඩියයි දෙකයි....

"ටියා!....තමුසෙ ඔය මොනවද කරන්න හදන්නෙ...."

"තාත්තගෙ විදිහට බැරි නම් මගෙ විදිහට හරි ඔයාව කැමති කරවගන්න...."

"හහ්...."

ටියාගෙ අතක් මගෙ කමිස උරහිස උඩින් නතර උනේ එහෙමත් ඉක්මනකට....

ටියාගෙ බැල්ම....

කලින් කීවත් වගේ ඒ බැල්ම හරි මත්වුණු බැල්මක්....

ඒ බැල්ම කෙලින්ම වැටිලා තිබුණෙ ලාවට උනත් පේන මගෙ පපුව දිහාවට වෙද්දි හීනෙන් වගේ දැනුයි මට තේරුනේ වෙන්න යන දේ...

ඒ දැනුන සැනින් මම කරේ,

"ඔය දේ කරන්න හිතන්නවත් එපා....."

"නැගිට ගන්නවත් බැරි ඔයා කොහොමද මාව නවත්තන්නෙ...."

ඇත්ත....මට නැගිට ගන්නවත් පනක් නෑ...හැමදාමත් වගේ අදත් මගෙ සිහිය අඩමානේ...

එයාට ඕනෙ මාව....මේ මාව...මට නොතේරෙන්නෙ නෑ....

මම අහන්නෙ....කෙල්ලෙක්ට පුලුවන්ද ඔය හැටි දරුණු වෙන්න....තාත්තෙක්ට පුලුවන්ද තමන්ගෙ දරුවව මේ වගේ දේකට පොලඹවන්න.....

ඒකත් බල තණ්හාවට....

මේ මාව විනාශ කරන්න....කිසිම හැගීමක් නැති කෙල්ලෙක් ලව්වා...

නැගිටින්න හැදුවත් අනේ මම අසරණයි...හයියක් නෑ පේන මානෙකවත්...

ඉතින්,

සමාවෙන්න....තුශ්....ඔයාගෙ රූට සමාවෙන්න...

ලැබුණ දාම ඔය නමට අද වෙන කෙනෙක් ලග අසරණ උනාට....

අනේ ඇත්තටම මට සමාවෙයන් වස්තු....

උබ වෙනුවෙන් උබේ පින්න මලේ පෙති රැකගන්න බැරිවෙනවට....

පුලුවන් උනානම් සත්තයි මම පැනලා දුවනවා...ඒත් කෝ හයියක්...

කවදාවත් නොදැනුන අසරණකමක් ඒක...

.

.

.

.

.

විනාඩි කීයද ගියෙ....ටියාගෙ ඇගිලි මගෙ පපුව පුරා ගියෙ හරි සීරුවට....

එහෙම දෙයක් වෙන්න දෙන්න එපා කියන්න ඕනෙ උනත් එයා ඒ දේ අහයිද....

කීයටවත් නෑ....මත් උන ඇස් බැල්මකට කොහොම නම් තේරුම් කරන්නද...මේ දේවල් තුශ්ගෙනෙ....ඉතින් කොහොමද....කොහොමද එහෙම වෙන්න දෙන්නෙ....

මගෙ ඔලුවත් අද හිස් වෙලා...

දැනුන බයට...අසරණකමට මම කරේ හරි තදින් ඇස් පියන් තුශ්ගෙ නම මුමුණපු එක...

ඒ එක්කම එලියෙන් ඇහුනෙ හරි කලබල සද්දයක් වෙද්දි මටත් හිතාගන්න බැරුව ගියා...

ඒ මොකක්ද....

හැබැයි....

"රූ....."

ඒ එයා...මගෙ තුශ්....අනේ එයා ඇවිත්ද...

' උබ ආවද මගෙ වස්තු...උබේ රූව බේරගන්න උබ ආවද....'

ඒත් ඉන්න...එතන ගොඩක් අය ඉන්නවා....එයාගෙ අම්මා,තාත්තා,හුරුපුරුදු පොලිස් ඇදුම්...

දෙයියනේ තුශ්...

ඒ ටිකට උබ ඒ තරම් දේවල් කරාද...

එහෙනම් මම හිතුවා හරි...ඒ උබයි...මට කෝල් කරේ...ඒ උබයි මගෙ රූ....

මොන තරම් අමාරු උනත් හිතට දැනුනෙ ආදරයක් වෙද්දි අදත් මම හිනාවුණා...

කදුලු අස්සෙන්ම....

ඇහැ කොනෙන් උනත් දැක්කෙ පොලීසියට කොටුවුණ බාප්පා වෙද්දි ටියා දැනටමත් තුශ්ගෙ අම්මා ලග උන්නා....

ඉතින් දන්නවද?...

හැමෝටම බෑ හැමදාම වැරදි කරන්න....අනිවාරෙන් දඩුවම් ලැබෙනවා..

ඒ නිසා පරිස්සමින්....

.

.

.

.

.

.

අදත් සිහියෙන් අවසිහියට...

ඒකට කමක් නෑ...මොකද මම උන්නෙ එයාගෙ තුරුලෙ....ආදර වචන හිත අස්සට රිංගව ගන්න ගමන්...

එයා අඩනවා....අඩ අඩම කියවනවා....කවුද ඉන්නෙ...කොතනද ඉන්නෙ...එයාට ඔය මුකුත් වැඩක් නෑ....

මාව හරි තදේට පපුවට තුරුලු කරන් ඉකිගහන එයා ඒ අස්සෙත් ආදරේ මුමුණනවා..

"රිදෙනවද රූ....."

"ගා...ගානක් නෑ...."

"ලේ ගලනවා දෙයියනේ....ඇස් දෙක වගේ රැක්කෙ උබව මෙහෙම දකින්න නෙවෙයිනෙ රත්තරන්...මම තවත් පරක්කු උනානම්...එහෙම උනානම් අරකි උබව...ශිට්..අනේ මට දරන්න බෑ රූ.....උබ දන්නෙ නෑ ඒ වචන phone එකෙන් උනත් ඇහෙද්දි මම උහුලපු ඉහිලිල්ල...මගෙ පපුව පිච්චුනා දෙයියනේ...කමක් නෑ...කමක් නෑ රූ...මම දැන් ආවනෙ ම්ම්ම්....ඔයාගෙ තුශ් ඔයා ලගට ආවනෙ....ආයෙම රිද්දන්න දෙන්නෙ නෑ හාද...ආයෙම කාටවත් උබව රිද්දන්න දෙන්නෙ නෑ....."

"අප්පච්චි....අනේ රූව හොස්පිට්ල් එකට අරන් යමු...."

අන්තිමට මට ඇහුනෙ ඒ වචන ටික වෙද්දි මට දැනුනෙ කවුරුහරි මාව උස්සගන්නවා විතරයි....

_________________________________

කරදර සියල්ල අදින් නිමි....හෙට ඉදන් සතුට විතරයි....

මම යනෝ බායි බායි....පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤❤

Good morning 🤭

@Diyana_45 🖊mention a user

Share This Chapter