Back
/ 25
Chapter 22

21 වන පරිච්ඡේදය 👁

උමතු ඇස්💓👁 (COMPLETED)✅

"රිදෙනවද රූ....."

"නැහැනෙ...."

"බොරු කියන්නෙ ඇයි රූ....ඇග පුරාම තුවාල කැලල්...උබට රිදෙනවා ඇතිනෙ බං....ඊයෙ මුලු රෑම නින්නදෙන් කෙඳිරිගෑවා..."

"ඒක ගානක් නෑ...මේවා මට පුරුදුයිනෙ තුශ්..ඒ නිසා හිතන්න එපා..."

"උන් මහ නරුමයෝ...මේ පොඩි වයසට උබට නොසෑහෙන්න රිද්දලා....ආයෙ උබට එක අතක්වත් තියන්න දෙන්නෙ නෑ....අනේ..අනේ මට පුලුවන් උනානම් උබේ වේදනාව මම අරගෙනනෙ රූ....මට..මට...."

"ශ්ශ්ශ්....උබ ඔහොම මගෙ ලග දැවටෙද්දි මට මොන වේදනාවක්ද තුශ්...වේදනාවත් නිවෙනවා උබේ ඔය ආදරේට...."

ඒ ඇස් ඉදිමිලා....ආයෙම මම නිසා කදුලු හලලා...

අනේ ඇයි ඔය...උබ මොකට කදුලු හැලුවද...

වේදනා වින්දෙත් මමනම්.....පහර පිට පහර කෑවෙත් මමනම්....වෙන ගෑණියෙක් අතින් විනාශවෙන්න ගියෙත් මමනම්...

ඒ හැමදේම උනේ මේ මටනම් උබ මොකට කදුලු හලනවද...

මම ඔය ප්‍රශ්නෙ දහස් වතාවක් එයාගෙන් අහන්න ඇති....හැබැයි ඒ හැමවෙලේම එයා කීවේ,

"උබ....උබ මගෙ පනනෙ රූ....උබ වෙනුවෙන් මම කදුලු හලන්නෙ නැතුව වෙන කවුරු හලන්නද....."

කියලා වෙද්දි මටත් වචන නැතුව ගියා...

එයා කවදටත් වඩා මට දැනෙන්න දුන්නා....එයාගෙ හදවත...ඊයෙ ඉදන් මේ මොහොත වෙනකන්ම...

ඒ කටින් පිට පැන්නෙ ආදරේ විතරක්ම වෙද්දි හැමදාම කියනවා වගේ මටත් ඉහිලුම් නැතුව ගියා....

මට කියන්න හිතුනා...

' හඳ ගැහෙන හැමවේලේ ඔබවමයි මා පැතුවේ'

කියලා....ඒත් මොකටද...

පද පේලි උනත් මුමුණන්න ඕනෙ නොලැබුණු දේකට නෙවෙයිද....නෑ මම කියන්නෙ ඔය වගේ ලස්සන පද පේලි...

ඇත්ත...

පපුව ගැහෙන තප්පරයක් තප්පරයක් ගානෙම මම පැතුවෙ එයාව...මගෙ තුශ්ව....ඒත් දැන් එයා මගෙ..ඔව් එයා මේ මගෙ....ඉතින් මොකට තවත් ඔය පද පේලි මුමුණන්ද...

මේ පේනවනෙ....තාමත් කදුලු ගලන ඇස්වලින් මා දිහා බලන් හූල්ලනවා....

එයා හැමදාම මගෙ වචන පැත්තකට විසිකරනවා....

මම මොන තරම් කීවද...විශ්වාස කරපන් ආයෙම ඔය ඇස් අඩවන්නෙ නෑය කියලා...ඒත් එයා...එයාට ඒ වචන සත පහකටවත් වැඩක් නෑ....

මේ පැය ගානට එයා අඩ අඩම නොකියපු වචනයක් නෑ....

ඊයේ රෑ,

"රූ.....මට..මට සමාවෙයන් රූ....උබ මගෙ පන වෙලත් මට බැරිවුණානේ ඌ උබට රිද්දනකොට ලගට එන්න....කී දවසක් ඔය දුක උහුලලා ඇතිද රූ....ඌ උබට කී දවසක් ඔහොම රිද්දලා ඇතිද...."

"තුශ්...අනේ ඔය ඇති නැද්ද බං...අඩන එක නවත්පන්කො...උබ ඔහොම කදුලු හලද්දි රිදෙන්නෙ මේ මටයි...."

"පොඩ්ඩ බැරි උනත් රතු වෙන ඔය ඇග කොහොමද ඔය තරම් දෙයක් උහුලගත්තෙ...මට පුලුවන් උනානම් උබේ වේදනාව අරගෙන බං...මට..මට..."

"උබ ලග ඉද්දි මට මොන වේදනාවක්ද තුශ්..උබ ඔය දෙන ආදරේම මදිද මට සැනසෙන්න...."

"කෝ වරෙන්කො රූ....මගෙ පපුවෙ ඕන තරම් ඉඩ තියෙනවා....කෝ මෙහාට වරෙන්..."

ඊයෙ ඉදන් මේ වෙනකන් ඒ ඇස් එක තප්පරේකටවත් මගෙන් පිට ගියෙ නෑ....කදුලු පිරුණු ඇස් මගෙ මත්තෙම නහිනකොට හැමදාම වගේ ඊයෙත් මගෙ පපුව බරවෙලා ගියා...

දවසින් දවස දලු දාන ආදරයක් ලග වේදනාවත් දියවෙලා ගියෙ මටත් නොතේරෙන විදිහට....හරි පුදුමයි...

දුර ඈත ඉදන් හිත අස්සට රිංගපු ඒ පුංච් මායාකාරයා මගෙ වේදනාවත් නිවන්න පටන් අරන්...

දරන්න බැරි රිදුම් අස්සෙත් මගෙ හිත හරි පරිස්සමට මිමිණුවා....

මම උබට හරි ආදරෙයි මගෙ රත්තරන්...

ඊයෙටත් වඩාම...

හැබැයි,

ඒ හෙට තරම් නෙවෙයි....

අහ් ඔයාලා බැලුවද මම මේ කොහෙද ඉන්නෙ කියලා...

හ්ම්...ඉන්න මම කියන්නම්...

'මතකද මම ඊයෙ කීවා මට කෝල් එකක් ආවා කියලා...ඉතින් ඔව් ඒ එයා...මගෙ තුශ්...මම වෙනුවෙන් මොනවද එයා නොකලේ...ඇවිත් මාව ඒ ගින්දරෙන් බේරගත්ත එකම මදිද...

මට සතුටුයි....හහ්...මේ තරම් දුක් විදලත් ඇයි මම සතුටුයි කියන්නෙ කියලා බැලුවද...මේකයි...ආයෙම කවදාවත් මට දුක් විදින්න ඕන වෙන එකක් නෑ...මොකද බාප්පයි ටියයි දෙන්නට කරපු හැමදේටම හරිම දඬුවම ලැබුණා....ඒ දෙන්නා දැනටමත් පොලීසිය යටතේ....ටියාට ඒ තරම් වයසක් නැතත් එයාටත් ඒ දේට මුහුණ දෙන්නම වෙනවා...ඒකයි ලැබීම...වරදක් කලානම් දඩුවමක් ලැබෙන්නම ඕනෙ....මම හරිනෙ...හ්ම්...

තුශ්...උබ මහ පුදුමාකාර මිනිහෙක්....උබ මගෙ ජීවිතේට ආ දා ඉදන් මම හරි සතුටින් ජීවත් උනා...කවදටත් වඩාම....

අහ්...තව දෙයක් කියන්න ඕනෙ...ඒ තමයි company එක....ඒක ටික කාලෙකට නිකේත් අයියා බලාගන්නම් කීවා...ඔයාලා බැලුවද කවුද නිකේත් කියලා....ඒ තමයි මගෙ තාත්තගෙ අයියගෙ පුතා...එයා ඉන්නෙ රට...ඒත් එයාට බැරිකමක් නෑ එහෙ ඉදන් මේ වැඩ ගැන බලන්න....මගෙ හිතටක් ඒක නිදහසක්...

පස්සෙ මටත් පුලුවනිනෙ තුශ් එක්ක ඒ දේවල් බලාගන්න...එතකන් ඉවසමු...

හ්ම්...හැමදේම අවසානේ අදත් බර හුස්මක්...

ඔහ්...මට අමතක උනා...කතාව පටන්ගත්තෙ කොහෙන්ද ඉවර කරේ කොහෙන්ද....

ඉන්නෙ කොහෙද කියන්න ගිය මම මමත් නොදන්න තැනකින් නතරවෙලා...හිතන්න එපා...මොකද මේ මම...

මම කවදත් ඔහොමයි...

හැමදේම කල්පනා කරපු මම ඉස්පිරිතාලේ ඇදක් උඩ ඉදන්ම ආයෙම ඒ පපුවට තුරුලු උනා....

හරි සනීපයි...

'

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"නිදි මතයිද...."

"ම්හ්ම්...නෑනෙ...."

"එහෙනම් ඇයි ඔය ඇස් පියාගෙන...."

"උබ ලග හරි සනීපයි බං..."

"මේ හැමදේම උබට තමයි මගෙ රූ...ඒ නිසා බයනොවී ඇස් පියාගනින්...මම ඉන්නවනෙ උබව රකින්න...."

මගෙ මුලු ආත්මය නිවන හරි ලස්සන වචන ගොන්නක්....

එයාගෙ අත් මගෙ කෙස් අස්සෙන් ගියෙ එහෙමත් පරිස්සමකට.....ස්පර්ශෙකින් පවා රිදෙයි කියන්න වගේ....

හැබැයි ඒත් එක්කම වගේ...

"සිතු...."

"අ...අප්පච්චි..."

"පොඩ්ඩක් එලියට ආවනම්....අම්මටයි මටයි ටිකක් කතා කරන්න ඕනෙ...."

තුශ්ගෙ අප්පච්චි....ඒ එයා...ඔව් ඒ තුශ්ගෙ අප්පච්චි....මට තුශ් උනත් ගෙදර හැමෝටම එයාව සිතු උනා...නොහිතපු වෙලාවක ඇතුලට ආවේ එයා වෙද්දි මම කරේ අකුණක් ගැහුවා හා සමානව තුශ්ගෙ තුරුලෙන් ඈත්වුණ එක...ඒත් දැන් වැඩක් වෙයිද...තුශ්ගෙ උණුහුමට ගුලිවෙලා හිටපු මාව එයා නොදැක්කා වෙන්න බෑ....ඒ දැකපු තුශ්ගෙත් කටහඬ වෙවුලලා ගියෙ තප්පරේට....

මම දැක්කා....ඔව් මම හොදටම දැක්කා...අප්පච්චිගෙ රතු උන ඇස් බැල්ම කෙලින්ම වැටිලා තිබුණෙ තුශ් දිහාවට...හැබැයි හරි පුංචි වෙලාවකට ඒ ඇස් මම ලගිනුත් නතරවුණා...

වෙනසක්....

ඒක හරි අමුතු විදිහෙ වෙනසක්...තුශ් ලගදි තරහට රතුවුණු ඇස් මම ලගදි මොනවදෝ දෙයක් ඉල්ලුවා...

මොනවද අප්පච්චි...මොනවද ඔය ඇස් මගෙන් ඉල්ලන්නෙ...මට තේරෙන්නෙ නෑනෙ...අනේ මට තේරෙන්නෙ නෑනෙ...

තුශ්ව මගෙන් ඈතට යවන්න එපානේ...ඔය ඇස් මට නොකියා කීවේ ඒකනම්...

සමාවෙන්න...

මට බෑ ඒක කරන්න....ඌ මගෙ පන අප්පච්චි...එහෙව් ඌව මට නැතිවුණොත්....

නෑ එපා...මට ඒ ගැන හිතන්නවත් ඕනෙ නෑ...

හැබැයි ඔය ඇස් නොකියා කීවේ වෙනම කතාවක් නම්...ඒක එහෙම නම්....

මට කියන්න...

මොකක්ද ඒ....

මගෙ හිත කෑගැහුවා.....තුශ්ව මට නැතිවෙයි කියන බය මගෙ හිත අස්සටම කඩන් ගිහින් තිබුණා....

හැබැයි තුශ්,

"බයනොවී හිටපන් රූ.....උබට මාවවත් මට උබවවත් නැතිවෙන්න දෙන්නෙ නෑ මම...උබ උබේ තුශ්ව විශ්වාස කරපන්...."

කියලා එලියට ගිය එක වෙද්දි මමත් හිත හදාගත්තා...

එයා ගිය මග ආයෙම එයාව දකින්න...

ඉතින් මම බලන් උන්නා...

මොකද,

අපි අපිට ආදරෙයි...අපි අපිට නොසෑහෙන්න ලෝබයි..

ඉතින්,

අපිට අපි නැතිවෙන්න බෑනේ...

හ්ම්...

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

නෙතුශ් POV  :-

අප්පච්චි..අප්පච්චි ඇයි මේ..."

ඇයි මේ...අප්පච්චි ඇයි මෙහෙම හැසිරෙන්නෙ...මම උන්නෙ රූ ලග...ඌ ඉන්නෙ හරි අමාරුවෙන්...නොකීවට ඒ මූණ හොදටම මැලවිලා...මට ආයෙ ආයෙම උන දේවල් මතක් කරන්න බෑ....බෑ නෙවෙයි මට ඒකට හයියක් නෑ....තමන් පන ඇරලා ආදරේ කරන මනුස්සයා විදපු දුක් වචන කරන්න...අනේ මට ඒක කරන්න බෑ...

අමාරුවෙන් උන්නු එයාව මගෙ පපුවට තුරුලු කරන් හරි පරිස්සමට ඔලුව අතගෑවේ එයා මගෙ ආදරේට නොසෑහෙන්න ලෝබයි කියලා දන්න නිසාමයි...ඒත් එතකොටම වගේ අප්පච්චි ඇතුලට ආවේ එයා වගේම මාවත් ගැස්සිලා යද්දි....එයා....එයා අපි දෙන්නව දැක්කා...මගෙ අස්සට ගුලිවුණු මගෙ අහිංසකයව එයා දැක්කා...ඒ දැක්කත් හරි අප්පච්චිගෙ ඇස් කේන්තියෙන් රතුවෙලා ගියෙ තප්පරේට....ඉතින් එයා එක්ක එලියට එනවා ඇරෙන්න මටත් වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ...

හ්ම්...

ඒ ආවත් එයා නෙවෙයි එක වචනයක්වත් කීවේ...රතු උන ඇස්වලින් මම දිහා බලන් හිටපු එයා කරේ හරි තදේට එයාගෙ අත් මිටි මොලවගත්ත එක...අනේ එපානෙ අප්පච්චි...අනේ මගෙන් මගෙ රූව උදුරගන්න එපානෙ....කෑගහලා කියන්න ඕනෙ උනත් මට කියාගන්න පුලුවන් උනේ අප්පච්චි ඇයි ඔහොම කියලා විතරක් වෙද්දි එයා කරේ මගෙ කම්මුලට හරි තදෙන් පාරක් ගහපු එක..

"අ....අප්පච්චි...."

මේ පලවෙනි වතාව අප්පච්චි මට අත උස්සපු...ඒ පාරෙ සැරට මගෙ ඇස්වලට කදුලු පිරුණෙ ඉබේටමයි....ඒ කින්නෙ...ඒ කියන්නෙ මම හිතුවා හරි...එයා දැනගෙන...රූ ගැන එයා දැනගෙන...මම හැසිරුණ විදිහට එහෙම නොවුනොත් එතනයි ප්‍රශ්නෙ...ඒත් මේක මෙහෙම වෙන්න ඕනෙ නෑනෙ...

එතනින් එහාට උන කිසි දෙයක් මම බලාපොරොත්තු උන දේවල් නෙවේ...මම ඇඩුවා...මම මට පුලුවන් තරම් හයියෙන් ඇඩුවා...

"කොච්චර කල්ද..."

"අහ්...."

"උබගෙයි අර දරුවගෙයි සම්බන්ධෙට දැන් කොච්චර කල්ද..."

මම හිතපු දේ අප්පච්චි එයාගෙ කටින්ම කියද්දි මම කරේ පිස්සෙක් වගේ අප්පච්චි ලග වැද වැටීගෙන කියවපු එක....

"අනේ...අනේ මම වදින්නම් අප්පච්චි රූව මගෙන් ඈත් කරන්න එපා...මට..මට බෑ ඌව ආයෙම තනිකරන්න...මෙච්චර කල් ඌ නොසෑහෙන්න විදෙව්වා අප්පච්චි...ආයෙම කොහොමද අප්පච්චි...ආයෙම කොහොමද මම ඌව තනි කරන්නෙ...."

හැබැයි අප්පච්චි කරේ මාවත් ඇදගෙන රූ හිටපු hospital room එක ඇතුලට ගිය එක...අනේ එපානෙ....උට බනින්න එපානෙ අප්පච්චි....මගෙ පපුව ගැහෙන සද්දෙ මටත් ඇහෙනවා...මට බයයි...කියාගන්න බැරි තරම් මට බයයි....මගෙ අහිංසකයා විදපු දුක් ඉහටත් උඩින් වෙද්දි මම කොහොමද ආයෙම ඌව රිද්දන්නෙ...මට..මට බෑ...මට ඒක කරන්න බෑ....කොහොමටවත් බෑ...

ඇතුලට යනවත් එක්කම මම දැක්කෙ අම්මව...අනේ එයා රූ ලගට වෙලා ඔලුව අතගානවා....අම්මා දන්නෙ නැද්ද...අප්පච්චි දන්න දේ අම්මා දන්නෙ නැද්ද...ඒකද ඔය ලගට වෙලා ආදරේ බෙදන්නෙ...ඔයත් ඒ දේ දැනගත්තොත්....එහෙම උනොත් එයාට කවුරුත් නැති වෙයිනෙ....ඒ අහිංසක හිත තනිකරන්න මට බෑ...අනේ ඇත්තටම මට ඒක කරන්න බෑ දෙයියනේ...

මගෙ කම්මුල් දිගේ කදුලු වැක්කෙරෙනවා...ඒ දැකපු එයාගෙ ඇසුත් කදුලුවලින් පිරිලා ගිහින්...තාමත් මගෙ අත අල්ලන් ඉන්න අප්පච්චි කෙලින්ම නැවතුනේ රූගෙ ඇද ලග...

එතකොටම වගේ අම්මා...

"අයියෝ අප්පච්චි...ඔයා මගෙ කොල්ලො දෙන්නව බයකරනවනෙ....සිතු...දෙයියනේ ලමයෝ...මොකද මේ කම්මුල රතු වෙලා....අප්පච්චි!....."

"මො...මොකද...."

නොහිතපු විදිහෙ විකාර ගොඩක් අම්මගෙ කටින් එලියට පැන්නෙ මගෙ රතු උන කම්මුලත් ඒ ඇස් බැල්මට අහුවෙද්දිමයි...ඒ දැක්කත් හරි අම්මා කරේ අප්පච්චි කියලා කෑගහපු එක වෙද්දි අප්පච්චිට වචනත් පැටලිලා ගියා...ඒත් ඇයි...මොනවද මේ වෙන්නෙ...අප්පච්චි මා එක්ක තරහින්...අම්මා අප්පච්චි එක්ක තරහින්....මේ වෙන කිසි දෙයක් නොතේරෙන තැන මමයි රූයි කරේ ඇසුත් ලොකු කරන් ඒ දිහා බලන් හිටපු එක...

හැබැයි එතනින් එහාට අපි කතාවුණ දේවල්...අම්මයි අප්පච්චි කතාවුණ දේවල්...ඒ දේවල්...මට බෑ...මට ඒ දේවල් වචනවලින් විස්තර කරන්න බෑ...

ඒ නිසා අහන් ඉන්න....

"කෝ මෙහෙ එන්න සිතූ...හොද ලමයා වගේ අම්මා ගාවට එන්න..."

"අ...අම්මා...රූ...."

"රූ මගෙ සිතූගෙනෙ නේද...ඒකනෙ ඔය කියන්න යන්නෙ...."

අම්මා කියන දේවල් මටවත් හිතාගන්න බැරි වෙද්දි රූ ඇද රෙදි අත්වලට පොඩි කරන් කදුලු හැලුවා...

"අ..අම්මා...."

"කියන්න..."

"කො...කොහොමද දන්නෙ..."

"අපෝ මමනම් ඕක මුල ඉදන් දන්නවා...ලමයින්ට බෑ අම්මලගෙන් ඇස් හංගන්න...ඔය දෙන්නටත් උනේ ඒක...මෙයා අහක බලපු ගමන් සිතූ කරන්නෙ මෙයා දිහා බලන් භාවනා කරන එක...මෙයත් එහෙම තමයි ඉතින්...සැක කරාට ඊයෙනෙ හරියටම දැනගත්තෙ...කලින් කොච්චර යාලුවෝ හිටියද..ඒ කවුරුත් නිසා ඔයා ඔහොම අඩලා නෑ...ඒකට ඊයෙ...හරි ශෝක් අඩපු ලස්සන..ඒකෙන් වැඩක් නෑ...අප්පච්චි...."

"ඇයි...."

"ඇයි මගෙ කොල්ලට ගැහුවෙ...."

"මූ ඕක කලින් කීවනම් මොකෝ මම එපා කියනවද...පණ්ඩිතකමට හිතේ තියන් ඉදලා මොනවා හරි උනානම්...."

"අ..අම්මා...අප්පච්චි....ඔයාලා..ඔයාලට කමක් නැද්ද..."

"මොකක්ද..."

"රූයි මායි..........."

"මේ අහන්න සිතූ...අම්මයි මමයි උබට පන ඇරලා...ඔයාගෙ සතුට මනුධර පුතා ලගනම් ඇයි අපි අකමැති වෙන්නෙ...මට නම් උඹලා දෙන්නම මගෙ...."

"අනේ අප්පච්චි....."

"කෝ මෙහාට එනවා....මගෙ කොල්ලො දෙන්නා....හැබැයි පුතෝ උබ මේක හංගපු එකට නම් මට කේන්තියි...."

"අප්පච්චි!....."

"මො...මොකෝ...."

"මගෙ කොල්ලො දෙන්නට මුකුත් කියනවා එහෙම නෙවෙයි...."

අදහගන්න බැරි වචන ගොන්නක අවසානය හරි ආදරණීය වැලදගැනීමක්....

හිතුවෙ නැති වෙලාවක ලැබුණු අවසරයක්...කදුලු අස්සෙනුත් හිනාවෙන ඇස් මින් මත්තට සදහටම මේ මගෙ...

ඉතින්,

ආදරේට ආදරේ කරන දෙමාපියෝ ලැබුණ මමත් හරි වාසනාවන්තයි...

"මම ආදරෙයි රූ....."

"මමත්......"

___________________________________

මම යනෝ බායි බායි....පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤❤

Good night 😴🌙⭐

@Diyana_45 🖊mention a user

Share This Chapter