Back
/ 25
Chapter 23

22 වන පරිච්ඡේදය 👁

උමතු ඇස්💓👁 (COMPLETED)✅

"Good morning හැමෝටම...."

"Good morning මැඩම්!....."

"ඔයාලා හැමෝම දන්නවනෙ exam එකට තියෙන්නෙ තව බොහොම පොඩි කාලයක් විතරයි....මම අද after school ක්ලාස් එකක් තියනවා...මම හිතන්නෙ මම ඔයාලට මේ ගැන කලින්ම කීවා....ඉගෙනගන්න කැමති අය ඉදලා අනිත් අයට යන්න පුලුවන්...."

"අයියෝ මිස් අද නම් බෑ ඔන්න...."

"ඇයි උබලට ලමයි බලාගන්න තියෙනවද....මගෙන් කුණුහරප අහගන්න එපා සදෙව්...."

"අද හවස ක්ලාස්..."

"ටියුෂන් ටියුෂන් ටියුෂන්......ඕන එකක් කරගන්නවලා....දෙතුන් දෙනෙක් හිටියත් මම

අද ක්ලාස් එක කරනවා....දැන් ගන්නවලා පොත්..."

ඔය ඇහෙන්නෙ වෙන මුකුත් නෙවෙයි...අපේ මිස්ගෙ ගෝරණාඩුව....ඒලෙවල් වලට තව මාස කීයද....මේ කාටවත් ඒ ගැන ගානක් නෑ...

මටත් ගානක් තිබුණෙ නෑ ඇත්ත...ඒත් දැන් එහෙම නෑ...

ඒකට ලොකුම හේතුව තුශ්....

ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්න එයාම මට අරමුණක් පෙන්නලා දීලා...ඒක හරි ලස්සන හැගීමක්....ජීවිතේ කිසිම අරමුණක් නොතිබ්බ මිනිහෙකුට අරමුණක් පෙන්නලා දෙන එක....

මම ඒ හැගීම හරි පරිස්සමට විදගන්න ගමන් හිටියා....

හ්ම්....

ඔයාලට කියන්න දේවල් එමටයි...ඒත් කොහෙන්ද මම පටන් ගන්න ඕනෙ...මොනවද මම කියන්න ඕනෙ...කිසිම අදහසක් නෑ...

නොකියත් බෑ...

දන්නවද....

මම ඔයාලට හරි ආදරෙයි...

ජීවිතේ මම අන්තෙටම කඩන් වැටුණු තැන්...දරන්න බැරි තරමටම වේදනා විදපු තැන්...කාත් කවුරුත් නැති විදිහට අසරණ උන තැන්...

ඒ හැමතැනකදිම මාව දාගත්තෙ වෙන කවුරුත් නෙවෙයි ඔයාලා....

පිස්සෙක් වගේ කියවපු තැන්....ආදරෙත් උපරිම කෙලවරට ගිහින් විදවපු තැන්....විදපු වේදනා..

වචනෙකින්වත් අහිතක් නොකියා ඒ හැමතැනදිම මාව දරාගත්තෙ....ඔව් ඒ ඔයාලා...

වේදනා දියකරලා ආදරේ විතරක්ම හිත අස්සට මාත්තු කදගත්ත ඒ තප්පර...මගෙ ලගින් හිනැහුණු...මාව සනසපු ඒ මායාකාරී උන්මන්තක ඇස්...ඒ තුරුලට ගුලිවුණු තප්පර..ඒ තමයි මම ජීවිතේ සතුටින්ම හිටිය තප්පර...

ඉතින් කියන්නද දෙයක්....

ඒ හැමදාම හරි පරිස්සමට ඔයාලා හැමෝම මාව දරාගත්තා...මට ආදරේ කරා...

එහෙව් ඔයාලට හංගන්න රහසක් නෑ මම ලග...

ඒ නිසා මම කියන්නම්...

මගෙ ජීවිතේ ලැබුණු වටිනම දායාදය ගැන...

අදත් එදා වගේම අහගෙන ඉන්නවද...මොකට අහනවද....මම දන්නවා...ඔයාලා කවදත් මං එක්ක...මම හරිනෙ...

ඉතින් අහගන්න....

' හරියටම මීට සතියකට කලින්...ඒක හරි පුදුමාකාර දවසක්...හීන ගොන්නක් එක්ක හරි ලස්සන බලාපොරොත්තුවක් මම මගෙ ජීවිතේට එකතු කරගත්තා...

හ්ම්...

මතකද මම හොස්පිට්ල් හිටපු ඒ දවස...ඉතින් ඔව් ඒ එදා....තුශ්ගෙ අම්මයි අප්පච්චි නොහිතපු වෙලාවක මට මගෙ ආදරේ සදහටම මගෙ නමට සින්නකරලා දුන්නා...හීනෙකින්වත් හිතුවෙ නෑ...එයාලා අපි දෙන්නව පිලිගනී කියලා....ඒත් ඒක එහෙම උනා....

කදුලු හලලා හෙම්බත් උන මගෙ ඇස් කදුලු අස්සෙනුත් හිනාවුණා...

තුශ්ගෙ අප්පච්චි...

"මට උබලා දෙන්නම මගෙ..."

කියලා කියපු ඒ මොහොත...පවුලක් නැති මට ආයෙම පවුලක හැගීම දෝතට අරන් දුන්නා...

ඒ විදිහට ලැබුණු ආශිර්වාදෙත් එක්ක මගෙ තුශ් අන්තිම කීවේ..

"මම ආදරෙයි රූ...."

කියලා වෙද්දි මමත් හරි පරිස්සමට මිමිණුවා..

"මමත්...."

එදා ඉදන් අද වෙනකන් එක තප්පරයක්වත් එයා මාව ඈත්කරේ නෑ....

දන්නවද...

තුශ් දැන් ඉන්නෙ මාත් එක්ක මගෙම ගෙදර...පාල මාමයි නැන්දයි මට තරම්ම එයාටත් ආදරේ කරන්න පුරුදු උනා...

තනිවුණු හැමදාම තනි මැකුවෙ ඒ දෙන්නා වෙද්දි මමත් හිත හදාගත්තා...මේ ගැන ඒ දෙන්නට කියන්න...

එදා කියපු ඒ වචන අකුරක් අකුරක් ගානෙම අදත් මට මතකයි....කොහොම නම් අමතක කරන්නද....තාමත් හුස්ම අල්ලන ඒ තප්පර...

එදා මම තුශ් එක්ක ඒ දෙන්නා ලගට ගියෙ එයාලා මොනවා කියයිද...මොනවා හිතයිද...ඔය කිසිම දෙයක් ගැන නොදැන...

ඒ ගිහිනුත්...

"නැන්දෙ....මාමෙ...."

"මොකෝ චූටි බේබි මේ බයවෙලා වගේ...."

"කමලා කීවත් වගේ මොකද සුදු බේබි මේ..මූණත් එක්ක සුදු මැලිවෙලා..."

"මට...මට ඔයාලට දෙයක් කියන්න තියනවා...මම දන්නෙ නෑ ඔයාලා ඒක මොන විදිහට භාරගනීද කියලා...ඒත් මම මේක කියන්නම ඕනෙ...."

"අර මොකක්ද බේබි ඒ...."

"මම...මම ආදරෙයි...මම තුශ්ට ආදරෙයි..."

"බේබි...."

"මාමා...."

බයෙන් වගේ පිට දැම්මත් ඒ වචන මාමා කීවේ හරි ලස්සන කතාවක්...නැන්දගෙ අත් හරි තදේට මගෙ උරහිස් වටේට පැටලෙද්දි මාමා හරි පරිස්සමට තුශ්ගෙ ඔලුව අතගෑවා...

"බේබි දන්නවද...බේබිගෙ මැලවුණු ඇස් ආයෙම හරි ලස්සනට හිනාවුණා....කමලා සමහරදාට බේබි දිහා බලන් මා එක්ක කියනවා බේබි දැන් හරි සතුටින් නේද කියලා...ඉතින් ඔය සතුටට හේතුව මේ ලමයනම් අපි මොකට අකමැති වෙනවද බේබි...විදපු දුක් නැතිවෙන්නම දෙන්නත් එක්ක හිනාවෙන්න...මගෙ කොල්ලො දෙන්නා එකට ඉන්නකොට පුදුම තරම් ලස්සනයි...මගෙ නේත්‍රා දෙක පල්ලා බේබි...මට නම් හරි සතුටුයි...."

"අනේහ්...මා...මාමා...."

"ඔය ඉතින් ආයෙ අඩන්න එපානෙ මගෙ බේබි..."

"නැන්දෙ...."

"බේබි...."

"ඔයා මුකුත් කියන්නෙ නැද්ද...."

"අර මොකටද බේබි...ඔය ඉන්නෙ ලස්සනට...ඇස් වහක් කටවහක් නෑ ඇත්තටම කුමාරයෝ දෙන්නෙක් වගේ...."

හැම පැත්තෙන්ම සතුට විතරක් උතුරද්දි විදපු දුක් එකක් නෑරම මගෙ හිතින් පැනලා ගියා...

එදා ඉදන් හැම රෑකම තනිවුණු මං තුශ්ගෙ තුරුලෙ ඇස් පියාගත්තා...මගෙ හුස්ම සද්දෙට පේවුනු මගෙම කාමරේ එයාටත් අගුලු ඇරලා දුන්නා...

ජීවිතේ ආදරණීයම තප්පර...එදා ඉදන් මම ගෙව්වෙම තුශ් එක්ක....

ඉගෙනගන්න ආසාවක් තියා බලාපොරොත්තුවක්වත් නොතිබ්බ මට එයා කීවේම...

"අපි දෙන්නම හොදට ඉගෙනගන්න ඕනෙ රූ.."

කියලා වෙද්දි මමත් මගෙ ජීවිතේට අරමුණක් එකතු කරගත්තා...

ඉතින් ඒකයි මම කීවේ...

එයා හරි ලස්සනට මට අරමුණක් පෙන්නලා දුන්නා...

ඉතින් මගෙ වස්තුව....

මම උබට හරි ආදරෙයි බං....'

"රූ....."

"ඇයි...."

එයා ගැනම කල්පනා කර කර හිටපු මම හරි සිහියට ආවේ එයාගෙම කටහඬින් වෙද්දි මමත් කරේ එයා දිහාවට මගෙ ඇස් අරන් ගිය එක...

දිලිසෙන ඇස්වලින් අදත් මම දිහා බලන් ඉද්දි මට හිතුනෙම එක දෙයයි...ඒ ඇස්...ඒවා,

"උමතුවක්...."

"මොකක්ද රූ....."

දවසක් දා නෑහෙන්න මුමුණපු ඒ වචනෙ අද මම ඇහෙන්නම කියලා දැම්මෙ එයා ලොකු ප්‍රශ්නාර්ථ බැල්මකින් මගෙ දිහා බලන් ඉද්දි...

ඔය හැටි ඇස් ලොකු කරගන්නෙ ඇයි මගෙ රත්තරන්....බලන්න එපානෙ ඔය බැල්මෙන් මගෙ දිහා....ඉවසන්නෙ කොහොමද මං...ඉස්කෝලෙ නොවෙන්න වරු ගනන් හාදු තවරනවා මං...

අදටත් නිවීමක් නැති මාව අවුලුවන ඔය ඇස් අගින්....

"හිනාවෙන ඇස් හරි ලස්සනයි...."

"මගෙද...."

"ම්ම්....ලෝබ හිතෙන තරමට ලස්සන උනේ කොහොමද තුශ්...."

"ඔහොම වචන කියන්න එපානෙ රූ....ඉන්නෙ පන්තියේ කියන්නත් අමතක වෙලා යනවා...."

ඔය ඉතින්...ඔන්න නෝක්කාඩු කියනවා....

"හරි හරි....දැන් ඇයි කතා කරේ කියන්නකො..."

"අද හවස ක්ලාස් ඉන්නවද...."

"ඉමු නේද...."

"රූ...."

"කියන්න...."

"අද අපි දෙන්නා පයින් යමු....මුරුක්කු ගොට්ටට උබවයි මාවයි අමතක වෙලාම ගිහින් ඇති...."

"ආසයිද....මා එක්ක ඇවිදන් යන්න...."

"ඕනවටත් වඩා....හවසක උබත් එක්ක තනියම පාරක....ඒක හරි ලස්සන හැගීමක් මගෙ රූ..."

ආදරේ උතුර මූණට ලේ පිරුණම රෝස පාට වෙනවා....ඔය පේනවනෙ...මූණත් පුම්බන් බලන් ඉන්න ලස්සන...

එයාට තියෙන්නෙ හරි පුදුමාකාර ආසාවල්...

නෑ...ඇත්තම කීවොත් මමත් එහෙමයි...

එයයි මමයි...

දෙන්නම එක වගේ...

මටත් නිකමට හිතුනා....

ඒ තමයි සංසාර පුරුද්ද....මටම උරුම ලස්සන පුංචි ආත්මයක් ආයෙම මාව හොයාගෙන ඇවිත්...

ඒක ඒ තරම්ම පිවිතුරු හැගීමක්...

අංශු මාත්‍රෙක තරම්වත් බොරුවක් නැති ඇස් අස්සෙන් ආදරේ විතරක්ම උතුරද්දි...

ඉතින් මට කියනවද,

මේ නෙවෙයිද සංසාර පුරුද්ද....

මට අහන්නත් හිතුනා....

කලින් සංසාර ගමනෙත් උබ මගෙ ලගින් මේ විදිහටම හුස්ම අල්ලන්න ඇති නේද බං කියලා...

ඒත් ඇයි...ඇයි මම එහෙම අහන්නෙ...

දැකපු දාම මාව එක තැන හිර කරපු ඒ ඇස්...ඉතින් ඒ නෙවෙයිද ඇස් පනාපිට ඔප්පු ඔය දේවල් උන ඒ දවස...හැම ආත්මෙකම තුශ් මේ මගේය කින්න...

මේ රූගෙමයි කියන්න...

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"ඔහොම ඉන්න හරිද...."

"මමත් එන්නම්කො...."

"කියන දේ අහන්න රූ....උබ හොදටම දන්නවා මම කැමති නෑ කියන්න...."

"ඔය හැටි පරිස්සමින් කරන්න මම කෙල්ලෙක් නෙවෙයිනෙ තුශ්...."

"උබ ඊටත් වඩා ලස්සන වෙනකොට මමත් කියලා වෙන මොනවා කරන්නද රූ...."

"අර පේනවද...එතන ඉන්නෙ මහ මදාවියෝ...උබව ඔය අස්සට එක්කන් ගිහින් මට බෑ ප්‍රශ්න දාගන්න....ඒ නිසා හොද ලමයා වගේ පාර අයිනට වෙලා ඉන්න....යන්නෙ එහෙම නෑ පාර කිට්ටුවට...."

"අනේ.....මම පොඩි එකෙක් නෙවෙයි අප්පා..."

"ඒ උනාට උබ මගෙ පොඩි එකානෙ....ඒ නිසා කියන දේ අහපන්....කරන්නෙම මගෙ තරහා අවුස්සන වැඩ...ඇත්තමයි රූ පුලුවන් උනානම් හොද පාරවල් දෙක තුනක් දෙනවා මම..."

"මහ නපුරෙක්...."

"ම්ම්..."

මහ නපුරෙක්...ඇත්තටම එයා මහ නපුරෙක්...දැක්කද කියපු කතා...එයා හැමදාම ඔහොමයි...මම මොන තරම් ලොකු උනත් එයාට මාව පොඩි එකෙක් ගානයි...

ඒ උනාට කමක් නෑ...

මොකද මමත් ආසයි...

තාත්තෙක් වගේ පරිස්සම් කරන පිරිමි හැමෝටම ලැබෙන්නෙ නෑ....

අහ්...ඔයාලා බැලුවද අපි මේ කොහෙද ඉන්නෙ කියලා...

ඉන්නකො මම කියන්න...

' මතකද මම කීවා අද හවස අපිට ක්ලාස් කියලා...ඉතින් ඔව් මමයි එයයි දෙන්නත් අද හවස ක්ලාස් ඉන්න තීරණය කරා....තවම ඉස්කෝලෙ ඇරුණා විතරයි...මිස් කීවේ ගිහින් එයාට කන්න මොනවා හරි ගෙනත් දෙන්න කියලා වෙද්දි මම කරේ තුශ්වත් ඇදන් ඉස්කෝලෙ කිට්ටුව තියන පොඩි කඩේකට ආව එක...

ඒ ආවත් හරි තුශ් කරේ මාව මෙතන තියලා එයා විතරක් තනියම ඇතුලට ගිය එක...එක අතකට එයා කියපු කතාවත් ඇත්ත...එතන ඉන්නෙම මහ මදාවියෝ...ඔය අස්සට ගිහින් මට මොනවා හරි කීවොත් තුශ් රණ්ඩුවලට පැටලෙනවා...

එයා කැමති නෑ...

එයාගෙන් පිට වෙන කවුරුත් මගෙ දිහා බලනවට...දන්නවද තුශ් ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ...

ආදරේ අස්සට ඊරිසියාවත් එකතු උනාම පුදුම ලස්සනයි...ඒ වෙලාවට එයා කරන්නෙම මට පොඩි එකෙක්ට වගේ සලකන එක..

දැනුත් මගෙ ඔලුව අතගාලා

"ඒ නිසා හොද ලමයා වගේ පාර අයිනට වෙලා ඉන්න....යන්නෙ එහෙම නෑ පාර කිට්ටුවට...."

කියලා එයා ගියෙ මගෙ හිත කීවෙනි වතාවටද මන්ද ආයෙම ආදරෙන් පිරෙද්දි....

නෝක්කාඩුවට වගේ මමත් එක එක කීවට ඇත්තටම මම ආසයි...

එයා මාව බලාගන්න විදිහට....'

හ්ම්....

දාහක් දේවල් කල්පනා කරපු මම කරේ එයා එන මග පාර බලන් හිටපු එක...

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"රුහාන්..."

"හහ්...ඔයා...."

"මට ටිකක් කතා කරන්න ඕනෙ...."

"කියන්න...."

තුශ් එන මග පාර බලන් හිටපු මට ඇහුනෙ ගවිදුගෙ කටහඬ...ඒකත් මගෙ කන ලගින්ම...හදේ ගැස්මට මමත් ආපිට ඒ දිහා බැලුවෙ එහෙමත් ඉක්මනකට...

එයා..එයා අද හරි වෙනස්...වෙනදට ඒ ඇස්වල තියන දඟකාර ගතිය අද හොයාගන්නවත් නෑ...

හැබැයි මට එක දෙයක් හොදටම විශ්වාසයි...

ඒ එයා අද සතුටින් කියන එක...ඒක මහ අමුතු නිවිච්ච පෙනුමක්...

කවදාවත් නොදැකපු තරම් තැන්පත් ගතියක්...ඒත් ඇයි...නෑ ඇත්තටම මම දන්නෙ නෑ...

වෙනදට හේතු හොය හොය මා අස්සට එන එයා අද ගව්වක් දුර තියන් මට කතා කරනවා...

ඇයි ඔය අහන්න හිතුනත් මම කරේ එයාට කතා කරන්න දීපු එක...

ඒත් ඉන්න....

ඒ කවුද....ගවිදු එක වචනයක්වත් කීවේ නෑ...ඒ වෙනුවට එයා ලගට ආවේ තවත් කොල්ලෙක්...

ඇත්තටම කවුද ඒ...මම දන්නෙ නෑ...මම මීට කලින් දැකලත් නෑ....ඒ උනාට එයත් අපේ ඉස්කෝලෙමයි...

ඔව් ඔය තියෙන්නෙ බැජ් එක...

බොරු කියන්න ඕනෙ නෑ...

එයා හරි ලස්සන පිරිමි ලමයෙක්...හරි නිවුනු පෙනුමයි...ලස්සන හිනාවක් කට කොනේ පුරවන් හරි ලස්සනට මගෙ දිහා බලන් ඉන්නවා...

අහන්නත් හිතුනා..

ඔය හැටි මගෙ දිහා බලන්නෙ මාව දන්නවද කියලා....ඒත් මට බැරිවුණා....මට එයාගෙන් ඒ දේ අහන්න බැරිවුණා...

මොකද ඒ එක්කම අපි ලගට ආවේ තුශ්...

"රූ....ගවිදු....මම කීපාරක් කීවද...මේ ඉන්නෙ මගෙ කොල්ලා...."

"මට ඔය දෙන්නා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙ...."

ලගට ආවත් තුශ් කරේ අදත් ගවිදු එක්ක තරහා ගත්ත එක...ඒත් ගවිදු...මම කලිනුත් කීවා...

එයා හරි වෙනස්...අද හරි නිවුනු පෙනුමයි...

හරියට තාමත් මගෙ ලගින් නැවතුන ඒ හිනාවෙ අයිතිකාරයා වගේමයි...

තුශ් බැන්නත් ගවිදු කරේ මට උබලා දෙන්නත් එක්ක කතා කරන්න ඕනෙ කියලා වෙද්දි අපිත් කරේ හා කියන්න ඔලුව වනපු එක...

ඒ ලැබුණ අවසරේ නිසාද නොදන්නවා උනාට ගවිදු කරේ එක අඩියක් ඉස්සරහට තියලා මට ලංවුණ එක...

ඒ ලංවෙලත් එයා කරේ තුශ් දිහා බලලා හීනෙන්වත් බලාපොරොත්තු නොවුනු විදිහෙ ප්‍රශ්නයක් තුශ්ගෙන් අහපු එක..

"නෙතුශ්....තරහා නැත්තන් එක තප්පරයක් මම උබේ රූගෙ අත් දෙක අල්ලගන්නද..."

"හහ්...."

මම බලාගෙන තුශ්ගෙ ඇස් එක තප්පරෙන් ගැස්සිලා යනවා....එයා විතරක් නෙවෙයි මමත් ගැස්සුනා....ගවිදු ඒ අහපු ප්‍රශ්නෙට මගෙ හිතත් ගැස්සුනා...

හැබැයි ගවිදු...එයා කරේ ඒ ක්ෂණයෙන්ම මගෙ අත් අල්ලගත්ත එක...

එතනින් එහාට එයා කියපු වචන...වචන කරපු ඒ හැගීම්....

සත්තයි මගෙ ඇසුත් කදුලු වලින් පිරෙව්වා...

"අතඇරපන් ගවිදු...මම උබට කී...."

"බයවෙන්න එපා....උබේ අයිතිය උදුරගන්නෙ නෑ මම...එක විනාඩි පහක් දීපන්...ඒ හොදටම ඇති මට...."

එහෙම කියපු ගවිදු කරේ ලොකු කතාවක් කියන්න වගේ මගෙ දිහා බලපු එක...

"රුහාන්...මම හිතන්නෙ මම අද උබට මේක කියන්නම ඕනෙ...."

"මො..මොකක්ද...."

"මම උබට ආදරෙයි රුහාන්...."

"ගවිදු!...."

ඒ තුශ්....ගවිදුගෙ වචන වලට මගෙත් හුස්ම එක තැන නතරවුණා....

ඒත් එයා නෙවෙයි එයාගෙ කතාව නැවැත්තුවේ...

"මට කියන්න දෙන්න නෙතුශ්....මම කීවේ මම උබට නොසෑහෙන්න ආදරේ කරා කියලා...අනිත් කාටත් වඩා උබ ගැන හිතද්දි...අනිත් කාටත් වඩා මගෙ ඇස් උබව හොයද්දි...උබ දන්නවද රුහාන් මගෙ හිත මටත් හොරෙන් උබව හොයද්දි මටත් හිතාගන්න බැරිවුණා....මම මේ කෙලින් කතා කරන්නෙ...මම අතින් කීයක් කෙල්ලො නාස්ති උනාද...මට..මට බෑ ඒ දේවල් ආපස්සට අදින්න..හැබැයි උබ...උබ ඒ හැමෝටම වඩා වෙනස්....මම හෙව්වා...මම හැමදාම උබේ ඒ වෙනසට හේතුව හෙව්වා....බලෙන් උබව ලගට ගන්න හැදුවා...බලෙන් උබට කරදර කරන්න හැදුවා....හැබැයි උබ....උබ ඒ හැමදාම මගෙන් ඈතට ගියා....අන්න එතනයි තිබුණෙ උබේ වෙනස....අනිත් හැමෝම එක දවසින් මගෙ ලග දණ නවද්දි උබ මාව රොඩ්ඩක් ගානට පැත්තකට කරා.....උබ දන්නවද නෙතුශ් ඒකට හේතුව උබ...ඔව් ඒ උබ...මම දැක්කා..මම ලග නැති සතුටක් උබ ලග හරි ලස්සනට පෙන්නපු ඒ ඇස්...මම ඒවා දැක්කා...ඌ හෙව්වෙ උබව....උබව විතරමයි...මට කේන්ති ගියා...මට උබ එක්ක ඊරිසියා හිතුනා....ආදරෙයි කියන දේ නන්නත්තාර මේ හිතට තේරුම් කරපු පලවෙනිම කෙනා උබ මගෙන් හොරකම් කරද්දි...සත්තයි මම උබට සාප කරා....ඒත් මට වැරදුනා....හැමදේම තේරුම්ගත්ත මම දැක්කෙ මුට පන ඇරලා ආදරේ කරන උබව නෙතුශ්...උබලා දෙන්නට පිං...."

"මො...මොකටද...."

පපුවට බර වචන ගොන්නක් අතඇරපු ගවිදු කීවේ උබලා දෙන්නට පිං කියලා වෙද්දි මටත් හිතාගන්න බැරිවුණා...ඉතින් ඒකයි මම ආපිට එයාගෙන් ප්‍රශ්න කරේ...

ඒ එක්කම,

"යශ්....."

"හහ්....කවුරු...."

"මේ ඉන්නෙ එයා...යශ්....උබ දන්නවද රුහාන් උබලා දෙන්නයි මට පෙන්නලා දුන්නෙ ඇත්තටම ආදරේ කියන්නෙ මොකක්ද කියලා...පහුවෙලා උනත් මටත් හම්බුනා හරි ලස්සන හිතක්...ඒ තමයි මගෙ යශ්....ඒකයි මම කීවේ...උබලා දෙන්නට පිං....විශේෂයෙන්ම උබට රුහාන්....උබ මාව ප්‍රතිපක්ෂේප නොකරන්න අදටත් මම ඉබාගාතේ යන පිස්සෙක්....උබයි මට තේරුම් කරේ ආදරේ ගැන....ඇත්තටම thank you මචන්.....මම ගිහින් එන්නම්...."

"ගවිදු...."

නොහිතපු විදිහට ඇහුණ ඒ වචන ලග මටත් නිහඬව ඉන්න බැරිවුණා....ඉතින් ඒකයි මමත් ආපිට කතාකරේ....

"කියන්න..."

"හැමදාම සතුටින් ඉන්න...."

"අනිවාරෙන්....නෙතුශ්...."

"ම්ම්...."

"මූව පරිස්සම් කරගනින්....හැමෝම එක වගේ නෑ...."

එච්චරයි...ගවිදු කීවෙම එච්චරයි....හරි ලස්සනට හිනාවෙලා එහෙම කියපු ගවිදු කරේ එයාගෙ යශ් එක්ක එතනින් යන්න ගිය එක...

එකට පැටලුන ඒ අත් කවදාවත් අත්හැරෙන්න නරකයි...

හිතින් උනත් මම මිමිණුවා....

හැමදේම අවසානයේ තුශ් කීවේ...

"උබ නම් ඇත්තටම මැණිකක් මගෙ රූ..."

කියලා වෙද්දි මගෙ අතුත් ඒ අත් එක්ක පැටලිලා ගියා.....

හරි පරිස්සමට....

_________________________________

දුකින් උනත් කියන්න ඕනෙ හෙටින් කතාව ඉවරයි....ඒ උනාට ආයෙ මේ වගේම ලස්සන කතාවක් මම ලියනවා....ඔයාලා කැමතිද 😫

මම යනෝ බායි බායි...පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤❤❤❤

@Diyana_45 🖊mention a user

Share This Chapter