Back
/ 25
Chapter 24

ආදරණීය අවසානයක්(END)❤🌼

උමතු ඇස්💓👁 (COMPLETED)✅

අවුරුදු 4 කට පසු

"මැණික...."

"ම්හ්ම්...."

"කෝ හොද ලමයා වගේ නැගිටින්නකො...."

"නිදි මතයිනෙ...."

"එහෙම කියලා හරියනවද රූ...බලනවා දැන් වෙලාව...හතටත් කිට්ටුයි..."

"මිහුක්...හත හමාරට නැගිටින්නම්..."

"උබ ඔය මා එක්ක කෝලම් කරනවද රූ...."

ඒ ඩිංගට ඇස් දෙක පියාගෙන...එයා ඔහොමමයි....එයාට දැන් ඕවා පුරුද්දට ගිහින්...හැමදාම මම ලගින් නින්දට යන එයා ආයෙම ඇස් ඇරියෙත් මම ලගින් වෙද්දි මම කරේ තවත් එයාව මගෙ අස්සට ඇදලාගත්ත එක....හ්ම්...අදත් ඒ වගේමයි...

හැමදාම මම ගැන කියවන එයා වෙනුවට අද මම එයා ගැන කියන්නම්...මගෙ පින්න මල මම ලගින් පිපෙන්න අරන් අදට අවුරුදු හතරක්...ඔව් අද අපේ Anniversary එක...මීට අවුරුදු හතරකට කලින් දුක් ගොඩක ඉදන් මම උබට ආදරෙයි තුශ් කියපු මගෙ පණ්ඩිතයා...ඉතින් ඔව්...අදට එයා මගෙ ලගට ඇවිත් අවුරුදු හතරක්...

මට එයා ගැන කියන්න දේවල් එමටයි...මේ අවුරුදු හතරට මොනවද නොවුනෙ...

කොතනින්ද මම පටන් ගන්නෙ...මගෙ රූ හැමදාමත් කියනවා වගේ මටත් අද නොතේරෙන ගානයි...මම මොනවද කියන්නෙ...කොහෙන්ද පටන්ගන්නෙ...

ඇත්තටම හිතාගන්න බෑ....

හරි මම මෙහෙම කියන්නම්කො...

එයා තමයි මගෙ ජීවිතේ හැරවුම් ලක්ෂය...ඇයි මම එහෙම කීවේ බැලුවද...

' මේකනෙ...අපි දෙන්නම කරේ Science...ඒලෙවල් ඉවරවුන ගමන් රූ කරේ මාවත් ඇදගෙන ගිහින් company එක භාරගත්ත එක...මම මොන තරම් කීවද Businesse ගැන මුකුත් නොදැන ඔය දේවල් වලට දැම්ම අත නොදා ඉමු කියලා....ඒත් එයා නෙවෙයි මම කියන දේ එක තප්පරේකටවත් ඇහුවෙ....පණ්ඩිතකමට...

"නටන්නෙ නැතුව හිටපන්කො තුශ්...."

කියද්දි මමත් කට වහගත්තා...හැබැයි එයා...එයා ලේසියන් ඒ කිසිම දෙයක් අත ඇරියෙ නෑ.....ජීවිතේට කරන්න තියා හීනෙකීන්වත් ඒ ගැන බලාපොරොත්තු නොවුන මට උනේ එයා එක්ක businesse management degree එකක් කරන්න....එයාට ඒවා පුරුදුයි....පොඩි කාලේ ඉදන් හැදුණු පරිසරයත් එක්ක රූට ඒ දේවල් හරිම පොඩි දේවල්...ඒත් මට...මට එහෙම නෑ...කවදාවත් නොහිතපු දෙයක් කරන්න වෙද්දි මම ඇත්තටම බයවුණා...හැබැයි රූ..එයා හැමවෙලේම...

"උබට මම ඉන්නවනෙ වස්තු...."

කියද්දි මමත් මගෙ හිත ශක්තිමත් කරගත්තා...අමාරුවෙන් තියපු ඒ අඩිය අද වෙනකොට ලෝකෙම පිලිගත් ඉහල පෙලේ company එකක් වෙනකන් ආවේ අපි දෙන්නා වගේම අපේ පවුලෙ අයත් සතුටු වෙද්දි...

ඒ ආපු ගමන දිහා ආපස්සට හැරිලා බැලුවොත් නරක මතක වගේම සතුට උතුරන හරි ලස්සන මතකත් එමටයි...රූගෙයි මගෙයි සම්බන්ධෙ....ඒක දැන් රහසක් නෙවෙයි...මුලු ලෝකෙටම....famous company එකක owners ලා දෙන්නෙක්...ඒකත් lovers ලා...ඉතින් ඔව්....අපේ ආදරේ අද මුලු ලෝකයක්ම දන්න හරි ලස්සන ආදර කතාවක්...සමහරු අපි දිහා බැලුවෙ මානසික ලෙඩ්ඩු ගානට වෙද්දි තවත් සමහරු අපිට නොසෑහෙන්න ආදරේ කරා....ජීවිතේ හැටි ඔහොමයි...හිනා ගියාද....මම දන්නවා...ඔය එයාගෙ වචනයක්...හිත රිදෙන දාහක් කතා අස්සෙන් මගෙ රූ මුමුණන්නෙම 'ජීවිතේ හැටි ඔහොමයි ' කියලා වෙද්දි මටත් දැන් පුරුද්දට ගිහින්...

මගෙ කෝලම.....

හ්ම්....තව පොඩ්ඩෙන් අමතක වෙනවා...වෙන කවුරුත් ගැන නෙවෙයි ගවිදු ගැන...අද වෙනකොට ඌ තමයි මට ඉන්න හොදම යාළුවා...අවිශ්වාසයිද....ඔව් එහෙම වෙන්න පුලුවන්...ඌව මරන්න තරම් කේන්ති ගත්ත මමම ඌ මගෙ හොදම යාළුවා කියද්දි...ඉතින් කොහොම නම් විශ්වාස කරන්නද නේද...ඒත් ඒක තමයි ඇත්ත...

පහුගිය අවුරුදු හතරට ඌ තරම් හිතට දැනුනෙ නෑ වෙන එකෙක්වත්...කාලයක් මගෙ රූට පන ඇරලා ආදරේ කරපු උට අවසානෙට රූව උගෙම සහෝදරයෙක් උනා...ඌ දැන් හරි ලස්සන මනුස්සයෙක්...යශ්...ඔව් ඒකට හේතුව යශ්...ගවිදුගෙ වාසනාව...ඇත්තටම යශ්ව ලැබුණු උගෙ වාසනාව...මම කවදාවත් යශ්ව කලින් දැකලා තිබුණෙ නෑ...අඩුම රූවත් එයාව දැකලා තිබුණෙ නෑ...ඒත් ඒක සාධාරණයි....මොකද රූවත් මමවත් කවදාවත් කවුරුත් ගැන හොයන්නෙ නෑ...සමහරවිට ඒ අපි දෙන්නගෙම හැටියක්...සතුටු හිතෙනම දේ මොකක්ද දන්නවද...ඒ තමයි ගවිදුයි යශුයි මැරි කරපු එක...එයලා දෙන්නා දැන් ඉන්නෙ England වල...මමයි රූයි නිතරම එහෙ යනවා එනවා...ඔය ගිය දාට ගවිදුයි මමයි වැඩකාරයෝ දෙන්නෙක් ගානයි...මේ යක් පැටව් දෙන්නා එකතු උනාම තනිකරම ලෝක යුද්ධයක්...සමහරදාට දෙන්නත් එක්ක ඔහේ කියවනවා...නිවනක් නැතුව කියවද්දි එහා මෙහා යන ඒ තොල්....බලන්න ඉන්න ලෝබ හිතෙන තප්පර...

රූගෙ බාප්පා නම් ආයෙම කරදර කරන්න නාව තරම්....'

Amma is calling ❤

කල්පනා කර කර හිටපු මම ගැස්සිලා ගියෙ අම්මගෙන් ආව කෝල් එකට...

"හෙලෝ අම්මා...."

"මගෙ සුදු පුතා නිදිද සිතු..."

ඔය පේනවනෙ....මම සිතු එයා සුදු පුතා...එයා ගැන දැනගත්ත දා ඉදන් එයා අපෙ අම්මගෙ පුතා...මම පිට එකා...අනේ කමක් නෑ...උට ඒ ආදරේ ලැබෙන්නම ඕනෙ...මට මහමෙරක් තරම් ආදරේ දෙන උට ඒ ආදරේ ලැබෙන්නම ඕනෙ...

"කීවට අහන්නෙ නෑ අම්මා...කොච්චර නැගිටින්න කීවත් අහන්නෙ නෑ....තව ටිකක් බලලා හොද පාරක් දෙනවා මම..."

"ගහනවා එහෙම නෙවෙයි මගෙ කොල්ලට..."

"හරි හරි අනේ...ඇයි දැන් කෝල් කරේ..."

"ඔයාලා එන්නෙ කීයටද සිතු....මෙතන වැඩ ඔක්කොම ඉවරයි...."

"ඔතන ලස්සන හවසටනෙ අම්මා...ම්ම්...හයට විතර එන්නම්..."

"අපි දෙතුන් දෙනා විතරනෙ...."

"වටිනම අය වටිනම දාක වටිනම මොහොතක...මට ඒ හොදටම ඇති...."

"මගෙ කොල්ලා හිතන දුරක්...."

"ම්ම්....මම තියන්නද අම්මා...මෙයා තවත් මෙහෙම හිටියොත් එහෙම අද කීයටවත් ඇහරවගන්න වෙන්නෙ නෑ...."

"බුදුසරණයි සිතු...."

"බුදුසරණයි අම්මා...."

අහ්...ඔයාලා බැලුවද අම්මයි මමයි මොනවද ඒ කතා කරේ කියලා...කියන්නම්...හැබැයි දැන්ම නෙවෙයි...හරිම වෙලාවට...එතකන් ඉවසන්න...

.

.

.

.

ඉක්මනින් එයාව ඇහැරවන්න හිතන් බැලුවත් මොකද එයා ඉන්න විදිහට මට එයාව ඇහැරවන්නත් ලෝබයි....නිවනක් නැතුව කියවන තොල් නින්දෙන් උනත් ලාවට එහෙ මෙහෙ ගියෙ මගෙ මුලු හිතම නිවන්න වගේ...ඔය වගේ දේකින් හැමෝම ඇවිලෙන්න බලන් ඉද්දි මගෙ හිත හරි පරිස්සමට නිවිලා ගියා....පුදුම වෙන්න එපා...මොකද,

ඒ තමයි මගෙ ආදරේ...

දන්නවද...එයා දැන් ඉස්සර වගේ නෙවෙයි...ඊටත් වඩා ලස්සනයි...හැමදාකම කොටට කැපුව ඒ කොණ්ඩෙ අද වෙනකොට බෙල්ල ලගටම වැවිලා...හරියට Disney cartoon එකක කුමාරයෙක් වගේ...සමහරවිට ඊටත් වඩා...මගෙ හිරු කුමාරයා...

හද ලගින් නොපායා ඉර ලගින් පායපු මම උට කියපු ඒ නම...

මගෙ හිරු කුමාරයා...

කවදත් එයාට නෑහෙන ගානට හදවතින්ම මම ඔය නම මිමිණුවා....

හරි ලස්සනට...හරි පරිස්සමට...

'ලස්සනට'

"උපමා මොටද මගෙ රන්කඳ ඉන්නකොට"

එහෙමයි මම හැමදාමත් එයාව දැක්කෙ...

මගෙ නමට හුස්ම අල්ලන මගෙ රූ මට මැණිකකටත් එහා....

අවුරුදු හතරක් ගියත් එපා නොවුනු...මින් මත්තටත් එපා නොවෙන ඒ වචන ටික...

මම ආදරෙයි රූ....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

"අපි මේ කොහෙද යන්නෙ තුශ්..."

"ගමනක්...."

"කොහෙද ඉතින්...."

"අද දවස මතකද...."

"ඔව්නෙ...අද අපේ ඇනිවසරි එක...."

"ඉතින් ආස නැද්ද මා එක්ක ඇවිදින්න..."

"කො....කොහෙද...."

"මට මතක ගොඩක් එකතු කරපු හරි ලස්සන පාරක..."

"හහ්....."

එහෙම කියපු මම කරේ කාර් එක පාර අයිනට වෙන්න නතරකරලා එයාගෙ අත් දෙකෙන් අල්ලගත්ත එක...බෝල ඇස්වලින් මගෙ දිහා බලාගෙන ඉන්න එයා....ඇත්තටම මුව පැටියෙක් ගානයි....

"මුරුක්කු ගොට්ටක් කන්න ආස නැද්ද රූ...මා දිහා බලන් වරු ගනන් ඇවිදපු ඒ පාරේ ආයෙම වතාවක් ඇවිදින්න....ඉතින් මා එක්ක එනවද රූ...ඉස්සර වගේම එකට ඇවිදන් යමු....එයාලට අපිව අමතක නැතුව ඇති නේද මගෙ රත්තරන්..."

"තු...තුශ්...."

"කියන්න...මගෙ මැණිකට මොනවද ඕනෙ..."

"පොඩි වෙනසක් කරමුද...."

"මොකක්ද...."

"අත් පටලන් ඇවිදන් යමු...හති වැටෙනකන්ම...අමතක මතක අලුත් කරලා දෙන්න...මම එන්නම් තුශ්...උබ එක්ක ඇවිදන් යන්න...උබ දිහා බලන් ඉන්න..."

"ශ්ශ්....කෝ වරෙන් මගෙ ලගට...."

දිලිසෙන ඇස් හරි ලස්සනට හිනාවුණේ මට හරි සතුටුයි තුශ් කියන්නද මන්ද...ඔය මොනවා උනත් උබ හරි කටකාරයි මගෙ රත්තරන්...

දැනුනෙ මහ පුදුමාකාර ලෝභකමක් වෙද්දි හැමදාම වගේ අදත් මගෙ රූ මගෙ පපුව අස්සට ගුලිවුණා....

"කවදාවත් අඩුවක් නෑ...."

ඔය එයා....පපුව අස්සට වෙලා හරි හිමීට කියවනවා....

ඒත් මොකක්ද එයා දැන් ඒ කීවේ...කවදාවත් අඩුවක් නෑ....මොකක්ද...මොකක්ද ඒ...නොතේරෙන කමට මම කරේ ආපහු එයාගෙන්ම ඒ ගැන අහපු එක....

"මොනවද...."

"උබේ ඔය පපුවෙන් එන උණුහුම...ඒ ආදරේ...එදා වගේමයි....කවදාවත් අඩුවක් නෑ..."

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

කීවත් වගේ අපි දෙන්නම හිටියෙ අපේ ඉස්කෝලෙ ලග තියෙන ඒ පාර කිට්ටුව...නිකමට වගේ මගෙ ඇස් අදත් ඉස්කෝලෙ හොයන් දීවා...

එදාට වඩා වෙනස් උනත් මතක අමතක නෑ මටත්...

ඇහුනත් නැතත්...දැනුනත් නැතත් මම අද මේක කියන්නම ඕනෙ...

' Thank you...හරි ලස්සන මතක ගොඩක් එකතු කරාට...'

"තුශ්...."

තාමත් ඉස්කෝලෙ ලගින් නැවතුනු මගෙ ඇස් ආයෙම එයා දිහාවට හැරවිලා...තරු කැට වගේ දිලිසෙන ඇස් හරි හරියට කතා කියනවා...ඒවා හරි ලස්සන රහස්...මගෙ ලගින්ම මිහිදන් වුණු....

"කියන්න රූ...."

"යමුද...."

"යමු...."

.

.

.

.

.

.

.

.

එයා එක්ක ආයෙම....ඉස්සර වගේම...අත් පටලගෙන...හුරුපුරුදු ඒ පාරේ...නුපුරුදු වෙනස්කම් කන්දක් එක්ක...

හ්ම්...එතනින් එහාට අපි දෙන්නා කරේම කතා කරපු එක...

රූ කියනවා වගේ...අහන්න එපා අහගෙන ඉන්න...

"ගොඩක් දේවල් වෙනස් වෙලා...."

"දුකයි...."

"ඇයි...."

"ඉස්සර වගේ නැතිවෙද්දි මොකක්දෝ ලොකු තනිකමක් දැනෙනවා..."

"හ්ම්...ඇත්ත...මුරුක්කු ගොට්ටත් වෙනස් වෙලා...ඒ රස අද නෑ...කෝ මාමා...පුංචි මහත්තයා ආවද කියපු එයත් අද නෑ තුශ්...උබ කීවත් වගේ මොකක්දෝ ලොකු තනිකමක් දැනෙනවා...."

"රූ...."

"ම්ම්..."

"තනිකම අස්සෙන්...."

"ඉතින්...."

"දැනුනෙ නැද්ද හුරුපුරුදු එක දෙයක්....එදා වගේම අදටත් වෙනස් නොවුනු...ඉස්සරහටත් වෙනස් නොවෙන..."

"මොකද නොදැනුනේ....ඔය පේන්නෙ හරි ලස්සනට....මගෙ උමතු ඇස් හරි ලස්සනට මට ආදරෙයි කියනවා...තාමත් එදා වගේමයි...හුරුපුරුදුයි නෙවෙයි තුශ්...ඒක තමයි සංසාර පුරුද්ද...."

"රූ....."

"ඔය ඉතින්...ඔන්න කදුලු පුරවන්...."

ඇත්ත...මම වෙනස් වෙලා නෑ...මගෙ ආදරේ...

ඉතින්,

අද වගේම හෙටත්...ඒ වගේම මතුවටත්,

'ඔබ ගාව මම ඉන්නෙමි...සුසුමන් වගේ යාවෙවී....'

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

පැය ගනන් එයා එක්ක ඇවිදපු මම කරේ අම්මට පොරොන්දු උන විදිහටම එයාව එක්කගෙන බීච් එකට ආව එක...ඔව් බීච් එක තමයි....

ඔයාලා බැලුවද ඒ ඇයි කියලා...

තව පොඩ්ඩක් ඉවසන්න...ඉක්මනට කියන්න...

"ඇයි අපි මෙතන...."

"ඒක රහසක්...."

"අනේ තුශ්...."

"කෝ හොද ලමයා වගේ ඇස් දෙක වහගන්න..."

"අනේ...."

"මුරණ්ඩු වෙන්න එපානෙ රූ....මම කියනකන් ආයෙම ඇස් අරින්න එපා හාද...."

මම එහෙම කියන පමාව විතරයි...මගෙ පින්න මල හරි තදේට ඇස් දෙක පියාගෙන...

මම කරේ හරි පරිස්සමට එයාගෙ අතක් අල්ලගෙන ඉස්සරහට ඇවිදන් ගිය එක...

තවත් ඔයලාගෙන් හංගලා වැඩක් නෑ...ඒ නිසා මම කියන්නම්...

අද මම රූට propose කරනවා...

ඔව් අද මම රූව සදහටම මගෙ ලගට ගන්න දිවුරුම් දෙනවා...

' මම මේ දේ plan කරලා ගොඩක් කල්...ඒත් ඒකට හරිම දවස එනකන් මමත් බලන් උන්නා....

ඉතින් අද තමයි දවස'

මම යනකොට අම්මලා හැමදේම ලෑස්ති කරලා...හරිම ලස්සනයි...මගෙ රූටම කියාපු තැන....තැන තැන තරු හැඩේට එලිය වුණු පුංචි පුංචි ලයිට්....හරියට රෑ අහසක් වගේ...එතනම ලගින්,

Will you marry me?

කියලා හරි ලස්සන අකුරෙන් හැඩවෙලා තිබුණෙ හරි ලස්සනට....

තාමත් ඒ ඇස් පියවිලා ගිහින්...අම්මයි තාත්තයි හරි ආදරෙන් අපි දෙන්නා දිහා බලන් ඉන්නවා...තවත් පැත්තකින් මම,

කදුලු පිරුණු ඇස්වලින් එයා දිහා බලන් ඉන්නවා...

තවත් මොකට පරක්කු කරනවද...

එහෙම හිතපු මම කරේ එයාගෙ කනට..

"මගෙ දිවියේ මට ලැබුණු වටිනාම තිලිණේ ඔයා...."

"ඔය රූ දසුනකි මාගේ හදවත පතුලේ සිත්තම් කලා...අද ඔය දෑස මාගේ වෙලා...දිවිය පුරා...."

කියන පද පේලි ටික හරි ලස්සනට මුමුණපු එක....ඒ මුමුණලත් එයාව හරි ලස්සනට සරසලා තිබුණු ඒ පුංචි දිව්‍යලෝකෙ ඇතුලට එක්කන් ගියෙ ඒ ඇස්වලින් නොදැනි උනත් කදුලු කැට පල්ලම් බහිද්දි...

හැබැයි ඒ ඇස් තාමත් පියවිලා...

දෙපාරක් නොහිත මම කරේ ඒ කදුලු හරි පරිස්සමට පිහදලා එයා ලග දණගහපු එක...

මුද්දක්,රෝස මලක් වෙනුවට හරි ලස්සන පින්න මල් පොකුරක් මගෙ අත්වල තනි මැකුවා....

අහන්න එපා උබට පිස්සුද කියලා....

මොකද,

මේ තමයි එයාට ගැලපෙනම විදිහ...

කවුරුත් කියලා නෑ...මුද්දක්ම අවැසි වග...මේ තරම් ආදරණීය මොහොතකට...

ඉතින්,

"රූ...."

"තුශ්...."

"ඇස් ඇරලා බලනවද මගෙ දිහා...."

"දෙයියනේ තුශ්...මේ..මේ දේවල්...මේවා මම වෙනුවෙන්ද...."

හිතුවා වගේම මගෙ මැණික පුදුම වෙලා...ඇස් බෝල කරන් හතර වටේටම කැරකෙනවා...

ඒ තප්පරෙන් ආයෙම ඒ ඇස් මගෙ ලගින් නතරවෙලා...

තවත් ඉවසන්නෙ මොකටද,

ඉතින් උබටයි මේ,

"Will you marry me Ruhan?...."

"Y....yesss..."

පින්න මල් පොකුරට ලොබ බැදපු හරි ලස්සන හිතක් මගෙ නමට පන ගහපු ලස්සනක් කීවලු...

හරි ලස්සන ජීවිත ගමනක ආරම්භයක්....

එයයි අයිතිකාරයා...

උන්මත්තකයි කියන මේ උමතු ඇස්වල....

නටුවෙන් ගිලිහුණු පින්න මලක් සුලගට පාව ඇවිත් මගෙ හද මඩලේ නතරවෙලා සෙනෙහස් සුව විදිමින්...❤

______________________________________

හදටත් අයිති නැති තරුවක් ඉර ලගින් පායපු ලස්සනක් කීවලු....

ඉර උනත් එය උපමා උනේම පින්න මලකට නම්....

ඉතින් අවසරද?

නොනවතින ආදර ගමනක පුංචි විරාමයකට...

ආදරේට ආදරේ කරන අය ලැබුණු හිත් හරි පිංවන්තයි...

හරිට රූ වගේම...තවත් විදිහකට එයාව දරාගත්ත තුශ් වගේම...😫❤🌼

_____________________________________

ඉතින් මගෙ පැටව්නේ...මගෙ පලවෙනි short story එක අදින් ඉවරයි...

දන්නවද...

මේ තමයි මගෙම කතාවක් උනත් මගෙ හිතට වැඩිපුරම දැනුන කතාව...

ඉතින්,

මේ තරම් කාලයක් මාත් එක්ක හිටපු ඔයාලා හැමෝටම Thank you 😫❤

මම ගොඩක් ආදරෙයි 😭❤❤❤❤❤

(ආයෙම අලුත් කතාවකින් හම්බවෙමු...

ඉක්මනින්ම)

@Diyana_45 🖊mention a user

Share This Chapter