Back
/ 53
Chapter 13

13 කොටස

_නොනිමි_

"නංගා අද ප්‍රැක්ටිස් එනෝද"

"යා යා මන් එනවා ඔයා එනවද"

"ම්ම්ම් ඔව්ව්"

කාලෙ හෙන ඉක්මනට ගත වෙලා ගත වෙලා ගියා ඒ කාලෙ ඇතුලත ක්‍රිකට් ප්‍රැක්ටිස් තිබ්බෙ නැතිම තරන් අද පෙබරවාරි දොලහා අපිට ඉස්කෝලෙ තාම නිවාඩුයි තව ටිකකින් මන් ප්‍රැක්ටිස් යන්නත් ඕනේ ඒත් කම්මැලී මට ඉක්මනට ලෑස්ති වෙල යන්න ඕනෙ ප්‍රැක්ටිස් තියෙන්ව කියල දාලා තිබ්බෙ 2 ඉදන් 6 වෙනකන් හවස නිසා මක් කරන්නද මන්දා

වෙනද වගේම මන් බස් එකේ නැගලා ගිහින් ඉස්කෝලෙට ගියා අදත් ප්‍රයිමරියෙ මන් දැන් මේ ප්‍රයිමරි ඉස්කෝලෙට හරි ආසයි මන් පුංචි කාලෙ එක දෙක වසරෙ මේවා වල ඉගෙන ගත්තු හැටි මට තාමත් මතකයි මන් පහ වසරෙ primary prefect කෙනෙක් උනාම අපි හිතන් හිටියෙ අපි එතකොට හෙන ලොකුයි කියලා ඒ ඉස්කෝලෙ ඉන්න වැඩිමල්ම ලමයි විදිහට අපි ඉතින් ලොකුයි තමා ඒත් ඒ කාලෙ හරි සුන්දරයි අපි ලොකු ඇති කියලා හිතුනත් ඒ කාලෙ අපිට මුකුත් ප්‍රශ්නයක් තිබ්බෙ වත් නෑ

පුංචි කාලෙ මොකක් හරි උනාම අම්ම ලඟට අඬාගෙන දුවගෙන ගිය අපිමයි ටික ටික ලොකු වෙනකොට කාටත් හොරෙන් තනියෙම ඉකි ගගහා අඬන්නේ සමහර වෙලාවට කඳුලු බේරෙන්න අඬන්න හිතුන තැන අපි කඳුල හිර කරන් කට පුරා හිනා වෙලා හිටියා ඒ කාලෙ හිතන් හිටියේ ඉක්මනටම ලොකු වෙන්න ඔව්.. අපි ඉක්මනට ලොකු උනා ඒත් දැන් හිතෙනවා ඇයි එච්චර ඉක්මනට ලොකු උනේ කියලා..

මන් ප්‍රයිමරියට යනකොට වෙනද වගේම ඉස්සෙල්ලාම ඇවිත් හිටියේ සිතූ අක්කා මන් ගිහින් එයා ලඟින් වාඩි උනා එයාගෙ මූණෙ වෙනදා තිබ්බ හිනාවට වඩා අමුතු බයක් මන් දැක්කා ඒත් ඇයි බය වෙන්නෙ මොකටද? මන් කැමති නෑ එයාගෙ මූණ එහෙම තියෙනවට හැම වෙලේම හිනා වෙලා එයා හරි සතුටින් ඉන්නවා නම් මන් උනත් හරි සතුටින්

"කෝමද"

"හොඳයි පැටි- නංගී ඔයාට කොහොමද ගොඩ කාලෙකින් දැක්කේ"

"ගොඩ කාලයක් කොහෙද අනේ සතියක් දෙකක් දකින්නැතුව ඇති"

ඒක ලොකු කාලයක් තමා ඔයා..ඔයා මට හරියට ලං වෙලා ඔයාව මට හැම තිස්සෙම මතක් උනා

"ඒත් ඒක මට ලොකු කාලයක්"

"මොකක්?"

"නෑ නෑ මුකුත් නෑ"

මන් දන්නෑ මට තාමත් මේ මනුස්සයව තේරුම් ගන්න බෑ ශ්හ්හ්හ්හ්හ්...අපි ප්‍රැක්ටිස් කරන අතරතුර උනත් මන් හිතුවෙ ඒක ගැනමයි

"හවස 6ත් පහුවෙලා දැන් ලමයි ඔයාල යන්න... හොදේ මමත් යනවා අද මන් ඉක්මනට යන්න ඕනෙ හරිද බුදුසරණයි ඔක්කොමලට"

"හෙලෝ අප්පච්චි"

'කියන්න'

"අප්පච්චි දැනුයි ඉවර උනේ මන් බස් එකේ එනවා හොඳද?.."

'දැන් බස් එකේ එන්න එපා අර ලමයගෙ ගෙදර යන්න එයා ඉන්නවනම්'

"හා හා එයා ඉන්නවා මාව එහෙම ගන්න එනවද?"

'හ්ම් එහෙ යන්න'

අප්පච්චි වෙනද වගේ නෙවෙයි මාත් එක්ක කතා කලේ.. වෙනදට හෙන ගහන්න වගේ මන් එක්ක කතා කරන අප්පච්චි හුඟක් හොඳ වෙලා නේ මට පුදුමයි...

මන් සිතූ අක්කා ගාවට ගියේ අමුතු මූණකුත් හදාගෙන

"ඒ මේ අක්කේ"

"ඕ නංගි ඇයි මොකෝ අවුලෙන් වගේ"

"නෑ ඒයි මේ මට අද ඔහේ පැයකට වගේ ඉන්න බැරි වෙයිද?"

"අනේ ලමයෝ ඕන වෙලේක එන්න ඒක ඔයාගෙත් ගෙදර කියලා හිතාගන්න ඔයාට ඕන වෙලාවක එහෙ එන්න පුලුවන් හරිද"

"ම්ම්ම්"

"දැන් යමු එහෙනම් මාත් එක්ක තාත්තට කිව්වද?"

"තාත්තා තමා ඒයි කිව්වෙ පුලුවන් නම් ඔයාලගෙ ගෙදර යන්න කීලා"

"හරි පැටියෝ යමූ"

සිතූ අක්කා හරි සතුටකින් මගේ කම්මුල් දෙකෙන්ම ඇදලා එයා හරි සිහියට ඇවිත් මගෙ කම්මුල් අතෑරියා එයයි මායි ත්‍රී වීල් එකක එයාලගෙ ගෙදර ගියා..පස්සෙ  එයාලගෙ ගෙවල් වලට පොඩ්ඩක් එහයින් තියෙන මිස්ට කොත්තු එකටත් ගිහිල්ලා කොත්තුවක් අරන් අපි ගෙදර ගියා. මන් එයාගෙ කාමරේට ගියා ගිහින් මන් එයාගෙ බම්ප් වෙන ඇඳේ බම්ප් වෙවී හිටියා

''වොශ් එකක් දාන් එන්න ටවල් එකක් දෙන්නම්"

"මන් ලඟ ඇඳුම් නෑ"

"හරි ලමයො මේ මගේ එව්වා ඔයාට අඳින්න පුලුවන් නේ"

මන් ටවල් එකයි එයා පස්සෙ දුන්න ඇඳුම් ටිකයි අරන් වොශෲම් එකට ගියා ටැප් එක අරිනවත් එක්කම මට කෑ ගහලා අඬන්න ඕන වගේ හැඟීමක් ආවා ඒක කොයි වගේ එකක්ද කියලා මන් හරියට කියන්න දන්නෑ ඒත් මට හරි අමුතු දෙයක් හිතට දැනෙනවා

මන් වොශ් දාලා ඇඳුම ඇඳන් ඇස් දෙකත් රතු කරන්ම එලියට ආවා එතකොට සිතූ අක්කා වොශ් දාලා කාමරේට වෙලා කල්පනා කර කර හිටියේ

"ආ ටවල් එක"

"ආ කෝ-නංගී..."

"ම්ම්"

"ඇයි පැටියො ඔය ඇස් රතු වෙලා ඔයා ඇඬුවද..?"

"ම්ම්"

"ඇ- ඇයි පැටියෝ ඒ...?"

"මට අම්මා ඕනෙ අක්කේ......"

මන් එහෙම්මම ඇස් දෙකෙත් කඳුලු පුරවන් සිතූ අක්කව මගේ අත් දෙකට තද කරන් බදා ගත්තා එයත් මගේ පිට වටෙන් එයාගෙ අත් දෙක දාලා මාව බදාගත්තා එයාගෙ හරි ලෙන්ගතු හැඟීමක් මට දැනෙන්නේ

"අනේ පැටියෝ මන් ඉන්නව නේ ඔයාට හරිද අඬන්න එපා ඉතින්.."

"ම්ම්"

"නංගී මේ අහන්නකෝ"

"..."

"මට ඔයාට දෙයක් කියන්න තියෙනවා"

මන් එතකොටයි සිතූ අක්කගෙ මූණ දිහා ඔලුව කෙලින් කරලා බැලුවේ එයාගෙ මූණෙන් ලොකු බයක් පෙනුනා එයා හොඳටම බය වෙලා ඒ වගේම ඇස් වල කඳුලුත් තියෙනවා

"කියන්න.."

"දැන්ම බෑ, අද බෑ මට තව ටික කාලෙකින් කියන්නම්.."

"කියන්න තියෙන දෙයක් කෙලින් කියන්න හලෝ බය වෙලා වගේ ඉන්නෙපා"

මන් එයාගෙ ඇස් දිහා එක එල්ලේ බලන් හිටියා එදත් මන් මුලින්ම එයාගෙ ඇස් දිහා බලන් හිටපු දවසෙ වගේමයි ඒවා හරි ලස්සනයි තව තවත් ඒ ඇස් දිහා බලන් ඉන්නමයි හිතෙන්නෙ මන් මගේ ඇස් තප්පරේකට වත් එයාගෙ ඇස් වලින් එහාට ගන්නැතුව එයාගෙ ඒ කෝපි පාට ලස්සන දුඹුරු ඇස් දිහා බලන් හිටියා

"අනේ ඔහොම බලන් ඉන්නෙපා මැණික"

මැණික????? මට මැණික කියලා කතා කරලා තියෙන්නෙ මගෙ අම්මා විතරයි දෙයියනේ ඒ වචනේ ආදරේ පිරිලා වගේ මොකද්ද මට මේ වෙලා තියෙන්නේ ආදීඊඊඊඊ හරි සිහියට වරේන්න්න්න්න්න්

*Appachchi ♥️ is calling*

"හෙලෝ අප්පච්චි "

'මන් ඇවිත් ඉන්නේ එන්න"

"හරි අප්පච්චි මන් ඉක්මනට එන්නම්"

"මන් යන්නම් අක්කේ"

"හරි පැටියෝ බායි ගෙදර-"

එයා ඒ වාක්‍ය කියලා ඉවරවෙන්නත් කලින්ම මන් එයාව තද කරලා බදා ගත්තා කොච්චර ඉක්මන්ට කාලෙ ගත වෙලාද මන්දා මන් එයාව විනාඩි පහකටත් වඩා බදාගෙන හිටියා ඒත් ඒ කාලය මට හරියට මිලි තප්පරයක් වගේ

එයාව අතෑරලා අතත් වනාගෙන මම දොර ඇරන් සනික පහලට බහිනකොට එතන හිටියෙ සිතූගෙ නංගී නෙතූ එයාගෙ නමත් අක්කගෙ නම වගේමයි එයා නෙතුමිණී මන් නංගිටත් බායියක් දාගෙන ඉක්මනට ආවා අපි ගෙදරා අවමත් මට මතක් වෙන්නෙම සිතූ ව විතරයි

සිතූ අක්කා මට කැමතිද දන්නෑ අනේ සිතූ අක්කේ.....

මන් ගෙදර ඇවිත් කාලා බීලා දපනෙ දාල නිදා ගත්තා මොනා උනාද මන් දන්නෑ හොඳටන නින්ද ගියා මට

'මන් ආදරෙයි....මන් ගොඩක් ආදරෙයි බය වෙන්න එපා මන් ඔයාව අතාරින්නෙ නෑ මන් මෙහෙම ඔයාව කන්දක් උඩට ගෙනාවෙ බිමට අතාරින්න නෙවෙයිනෙ බය වෙන්න එපා ටහුක්### මාව අල්ල ගනිම් හු##

ආආආආආආආ'

*දඩාස්ස්*

අම්මට හික්කඩුවෙ යන්න මගේ කොන්ද අම්බෝ... අනේ ආදි උබට ඇඳේ අයිනටම වෙලා නිදාගන්න ඕනෙද අම්නේ මම්ගේ පුම්ප හොඳ වැඩේ මටත්

"ආ මොකද ඔය බිම?"

බිම? බිම තමා යකෝ පේන්නැද්ද ආව් මන් මේ බිමට වෙලා පොල් පැල ඉන්දනවා උම්බට පෙන්නැද්ද අයියේ

"වැටුනා වැටුනා මොකද හිනා වෙන්නෙ"

"හොඳ වැඩේ උබට හූ"

"මොකද ඔය ෆෝන් එක- ඕයි තමුසෙ වීඩියෝ කරනවද අනේ තියපන් අයියේ වීඩියෝ කරන්න එන්න එපා දෙනව උබට..."

"අනේව් පලයන් චූටි..."

"මේ ඉන්නවා.. ඔයා නිශාය කියලා අක්කා කෙනෙක්ව දන්නවද.."

"ම්ම්ම් ඔව්"

"ආ යසෛ යසෛ ඔයා එයාට කිව්වද මට ගෙදරට කතා කරන්නෙ චූටි කියලා..?"

"ඔව්"

"අයියෝ බලනවා පොඩී දැන් එයා මට ඉස්කෝලෙ උන් ඉස්සරහ චූටි චූටි ගානවා"

"ඉතින් හොඳයි නෙ"

"යැයි යැයි තමා මෙ ඒක නෙවේ ඔයා කෝමද එයාව දන්නේ.."

"උම්බර්ට වැඩක් නෑ නේ"

"අයියේ කියනවා ඒ ඒ මේ ඔයා එයා එක්කද යාලු වෙලා ඉන්නෙ අයියේ මගුලක් කියවන්නෙපා.."

"පිස්සුද බන් මේ ඉන්නෙ මගෙ කෙම්ල"

අයියා උගෙ ෆෝන් එකේ තිබ්බ ලම්සන සූටි අක්කා කෙනෙක්ගේ ෆොටෝ එකක් මට පෙන්නුවා හනේ මේ ඔවා ඔය මරිසි දැම්මට මන් දන්නව ඔය අක්කා තව්සෙගෙ හොඳම යාලුව කියලා එන්නෙපා බොරු කියන් ඔයා

"හම්නේ හූ ඊස් දිස්...ශී ලුක්ස් බියුටිපුල් ඇන්ඩ් ශී ඊස් වෙරි කියුට් නේ.."

"එහෙම තමා මගේ නේ"

"නායිස් මේ ඕක දැන් ඔය යාලුකම කොච්චර කල්ද..."

"මන් එකවසරෙ ඉදන් නෙ ඉතින් දැන් අවුරුදු දහතුනක් විතර..."

"ආ නේ සෝයි මන් දන්නව ඉතින් ඔය ඔයාගෙ ගර්ල්පෙන් නෙවෙයි කියලා නම්කිට බොරු කියන්නෙපා අයියේහ්හ්..."

"හරි හරි ඉතින් හොඳම යාලුවා මොකෝ කෙල්ල මොකෝ මෙයාම ඒ කැරැක්ටර් එකත් අවස්‍ය වෙලාවට කරනවනේ..."

"හනෙව් මන් හිතුවේ ඔයා ඒ අක්කට කෑ ගැව්ව විදිහට ඒ අක්කා ඔයාගෙ මූණටත් ප්‍රහාරයක් එල්ල කරලම යන්න යයි කියලා මෙයා ඉතින් මගෙත් ලව් එකයි පිට් එකයි නේ.."

"ආ හොඳයි උබ ඇයි ලෙස්බියන්ද... අනිකා මේ බුරුවා උබෙ ලව් එක නම් මගේ මොකාද.."

"ඔයාගෙ බෙස්ට් පෙන් නේ අනික ඔවා දන්නැ- "

අම්මටසිරි නෑ

"හහ්හ්හ්"

"මේ ඒකනෙවෙයි ඔයා මොකත මේ උදේ නැගිටන් කරන්නේ වෙනදට දහයත් පහු වෙනවනෙ"

"දහයා මාරයි යකොව් වෙලාව"

"ටහ්---අම්මටහුඩු"

යකඩෝ දහයා මාරයි අනේ මට ලෙඩක්ද දෙයියනේ මෙච්චර නින්ද යන්නේ මේ මාස දෙකට ඉස්කෝලෙ ගිය දවස් වල ඇරෙන්න මම දහය දොලහ වෙනකන් නිදි නේ මට නිදි මාරයා ගහලද මන්දා අනික යකෝ රෑට ඇඳට යනවා විතරනෙ මතක කොහෙන් කොහොම කොයි වෙලාවෙ නින්ද ගියාද දන්නෑ මන් කට කපලා නිදි ඇහැරෙන්නෙත් නෑ මොන ලබ්බට වත් යකෝ ඕනෙ යකෙක්ට ඇවිත් මට ඕන දෙයක් කරලා යන්නත් පුලුවන් හරියන්නෑ තාත්තට කියන්න ඕනෙ කාමරේට මොකක් හරි යක්කුන්ගෙන් බේරෙන්න කරන්න කියලා

"අදත් ඉස්කෝලෙට යනවද"

"නෑ නෑ අද යන්නෑ ඒයි"

"ම්ම් හ්ම්ම්"

"දැන් යනවා කාමරෙන්"

මන් අයියට දිවත් දික් කරලා පස්සට එකක් ගහලා තල්ලු කලා මේක ගැහැණු ලමයෙක්ගේ කාමරයක්.. ගැහැණු ලමයෙක්ගේ කාමරයකට පිරිමි ඔබට තමන්ට හිතුන අවස්තාවක එන්න බෑ එහෙම හහ්හ්හ්..එව්වා නීති විරෝධී..

මන් ටිකකින් ඇඳත් හදලා බාතෲම් එකට ගිහින් දත් මැදලා ඇඟ හෝදන් ආවා ම්ම්ම් සුවද සබන් රත්මල් පැන්ඩා බේබි ගෑවේ මගෙයි ෆෝන් එක....- ආ මේ ඉන්නේ මගෙ බබා..

හනෙව්ව් ඊයෙ රෑ චාජරේට ගැහුව නිසා බැට්‍රි 100% යි අනේ උදේ දකින සුන්දරම දසුනක් මේක..

*2 missed calls from Sithu*

*sithu is trying to call you*

*29 messages from Sithu*

මේකිට මාන්දම ගහලද මේ මොකත මේ වෙලා තියෙන්නෙ පික්කු යක්කනී

*incoming voice call from Sithu*

"හෙල්-"

"කොහෙද ඉන්නේ?"

"ගෙදර"

"ආ හා හා මොකද කරන්නේ"

අනේ මන් තෝ එක්ක කෝල් එකේ ඉදන් ආච්චිට හැමිනෙනවා මහ බූරු කතාමනෙ අහන්නේ තෝත් පිස්සු ගෑනි

"මං මේ ඔයැයි එක්ක මේ කෝල් එකේ ඉදන් පොල් ගානවා නොවැයි මේ ඔහේට පුලුවන් නම් බෑයක් ගාලා දෙනවැයි..."

"හහ්හ්හ්හ්හ්හ්හ්හ්හහ්හහ්හහ්හ්..."

"මොකද තවුසෙ හිනා වෙන්නේ"

"හිනා යන්නැද්ද ඔය කියන දේවල් වලට.."

"හරි හිනා හෙක හෙක හෙක"

"හරි හරී අද ඉතින් වෙන මුකුත් කරන්න නෑ නේ ගෙදට්ට වෙලා ඉන්නවනේ.."

"ම්ම් ඔව් ඉතින්"

"එතකොට හෙට..?"

"හෙට.. හෙට කවද්ද දිනේ...අම්මටසිරි පෙබරවාරි දා හතර වැලන්ටයින් නේ"

"ඔව් ඔව්ව් මොකද ඔයා හෙට කරන්නෙ.."

"වෙන මක් කරන්නද අනේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්ලා දෙන්නයි ගර්ල් ෆ්‍රෙන්ඩුයි එක්ක ලව් කරනවා මිසක්..."

"ආ එහෙමද මිස් ආදී..."

"යස් යස් මන් හොඳයි නේ"

"හොඳයි රොම්බ නල්ල..දැන් කවුද ඔය ගර්ල් ෆ්‍රෙන්ඩ්.."

"අනුකි තරුල්‍යා හේවාමාන්න නංගා එක්ක අනේ මන් යාලු වෙලා ඉන්නේ.."

"ආ එහෙමද"

"ම්ම්ම්ම්"

"එතකොට කවුද ඔය බෝයිෆ්‍රෙන්ඩ්ලා දෙන්නා"

"අම්ම්ම්ම් දුනිත් වෙල්ලාල ගේ යි චාමික කරුණාරත්නයි අනේ"

"ආහ් එහෙමද මරුනේ"

"ම්ම්ම්ම්"

* ටිංං*

* ලමයි හෙට ප්‍රැක්ටිස් තියෙනවා school ground එකේ 2 p.m. to 5p.m. හරිද.. හැමෝම ඔයාලගෙ leather bats, and kits තියෙන  අය අරන් එන්න.. අනිවාරෙන් එන්න එන අය message එක confirm කරන්න..*

අම්මටහිඩු හෙට ප්‍රැක්ටිස් දැන් මොකද කරන්නේ... මේක තාත්තා නම් විශ්වාස කරන එකක් නෑ ආ කමක් නෑ මේ මැසේජ් එක පෙන්නනවා එතකොට හරි නේ

"ඕයි ඕයි මේ හෙට ප්‍රැක්ටිස් දාලා.."

"ඕයි කියන්න එපා අනේ..."

"එහෙනම් සුදු චූටි අම්මන කැටේ හෙට ප්‍රැක්ටිස් දාලා මයෙ රත්තරන් අම්මා.."

"හහ්හ්හ් හිනත් යනව යකෝ.."

"හරි යකෝ හෙට ප්‍රැක්ටිස් දාලා.."

"අම්මටසිරි හෙට.."

"ඔව්ව්.."

මල හත්ති හු##යිනේ

"නංගා මන් තියනවා බුදුසරණයි මැ-පැටියෝ.."

"ම්ම්කේ"

ඇ මොකද්ද යකොව් ඒ උනේ සම්තින් හැපනින් හරිද මන් දන්නෑ මෙතන මක්කක් වෙනවද කියලා බට් ඉට්ස් ඕකේ හුහ්හ් හෙට කාගෙන් හරි චොකලට් එකක් හරි හම්බෙයිද දන්නෑ චිහ්හ්

අම්මටසිරි මෙන්න සුමන ඇන්ටි ස්ටේටස් දාලා... මේ කවුද මෙව්...ඈ මේ අර අරකි නේද සුමන ඇන්ටිගෙ පොඩි දෝණි ඇන්ද ටහුඩු පොඩි එකී... හනේ මේ මේකි තාම ඇටෙන් පොත්තෙන් එලියට ඇවිල්ලත් නෑ තාම පහ වසරෙද කොහෙදනේ ටහුඩු දාල තියෙන ස්ටේටස් බලහම් කෝ

'තුදු අප්පත්තී ඔයා මත මොනාත එත දෙන්නේ'

'මන් මදෙ තුඩු දෝණි කැතේත දෙන්න ලත්තන බෝනික්කෙක් ගත්තා මගේ පන හෙත ඔයාත උම්මා ගොදක් දෙනවත් එත්ත මදෙ මනිත'

'අනේ ඒමත මදෙ සත්තලං තුත්තු පැතියෝ මන් ඔයාත හෙත තුත්තු දොදත් දොන්නම්'

ඈ තුත්තූ... යකෝ මේ පොඩි පගෙයියට තුත්තු දෙන්න හරි හමං තුත්තුවක් වත් තියෙනවද තාම ෆ්ලැට් නේ තාම මේ ලොකු ලමයෙක් වත් වෙලා නෑ ආ හත්තිලව්වේ මේ අවුරුද්දෙ නේත සිස්සත්තේ මේ හිච්චි කෙල්ල පෙනේද මුන්ගෙ ලමයි රඟන රැඟිල්ල ඒකට අර බේස සුමනා ගෑනි අපිට තමා කියන්නෙ මහ කැ# කතා අපි කොල්ලො එක්ක රවුම් ගැහුවය, අපි කොල්ලො එක්ක රූම් ගියාලු ,අපෙ අයියලට හතර අතේ කෙල්ලොලු, උගෙ ලොකු දෝනි ඇන්දත් එක්කත් යාලු වෙලා හිටියලු, අපෙ තාත්තගෙ හතර අතේ ගෑනුලු අම්ම ඉන්න කාලෙ අම්මටත් කිව්වා මතකයි එක එක මිනිස්සු එක්ක ඉන්නවා කියලා ඒ ගෑනි නෙ යකෝ මේ හැම මිනිහටම පුක දිදී... මන් කියන්නෑ ඉතින්

ඒ අස්සෙ ඒ ගෑනිගෙ පුතා අනේ බේසික මිනිහ මට දාන ලයින් වලට මූගෙ ඇස් දෙක ගැලවිලා යන්නැති ටික පුදුමයි මට පේන්න සර්ට් එක නැතුව යනවයි අනේව් යකෝ මන් ඕව දැකලා නෑ කියල ද හිතන්නෙ දෙන්ඩ හිතයි උගෙ ඇට දෙක සමතලා වෙන්න

ආදරෙන් blind වෙලා සමයි ඉන්නෙ ඒත් මේ එස්සෑම් අස්සේ මේවා ලියනකොට ඉතින් මන් කෝමද කියන්නකො මගෙ සමනල්ලු ටික පාලනය කරන් තියාගන්නෙ 😓

ආදිට අහල පහල ගෙවල් වලින් හරියට බලපෑම් ඒයිලා පව් නේද සුමනා ඇන්ටිව බාවමුද ලමයි අපි ඔය ගෑනි කිව්වොත් කියන්නෙ මහ බේස කතාවක් මයි අනේ

මට මහන්සී ඒයී

Minchi_Chamz

මන් යනවා සමායි මට ඕල් ත බෙස්ට් කියම්න හහ් ආදරෙයි උතුරන්න 😽❤️

සිතූගෙ ඔච්චර ලස්සනයි කියන ඇස්

Share This Chapter