Back
/ 53
Chapter 15

15 කොටස

_නොනිමි_

"නෙතූ මන් යනවා"

"අප්පච්චී ඇවිල්ලද අක්කේ ඒ මේ ඇයි මේ කේන්තියෙන් වගේ"

"ඔව් ඇවිත් බායි"

"හහ්හ් හරි බායි අක්කෙ පරිස්සමින් යන්න.."

මන් නෙතූටත් රවාගෙන ගස්සගෙන දුවගෙන දුවගෙන ඇවිත් කාර් එකට නැග්ගා මන් පිටිපස්සෙ ශීට් එකෙන් ඉදගත්තේ මන් බෑග් එකත් පැත්තකින් දාලා සපත්තු දෙකත් ගලවලා දාලා කකුල් දෙක උඩට අරන් ශටර් එකෙන් එලිය බලන් හිටියා

"මේ චූටි දූ බඩගිනීද"

අප්පච්චි ඒක ඇහුවෙත් හෙන සැරින්

"..."

"චූටි දූ දෙයක් ඇහුවම උත්තර දෙන්න බැරිද උදෙත් තමුන් එක්ක කේන්ති ගියේ ඒකයි මට මගෙ ගෑනි නැති වෙලා තමුන්ලගෙ අම්මා නැති වෙලා අදට මාස දෙකකුත් වෙනවා තමුන්ට කිසි ගානක් නැති හැටි.."

"සොරි අප්පච්චී"

"ඔව් සොරි කිව්වම හැම දේම හරි නෙ..මොනා හරි කනවද බඩගිනි නැද්ද"

"නෑ අප්පච්චි එපා"

අප්පච්චි මන් දිහා පිටිපස්ස හැරිලා බැලුවා මන් ඉක්මනට මූණ කකුල් දෙක අස්සෙ ඔබා ගත්තා

"ඇයි ඔය මූණ ඔබාගෙන ඉන්නේ"

"ඔලුව ටිකක් රිදෙනව අප්පච්චි"

අප්පච්චි කාර් එකේ මිරර් එකෙන්මන් දිහා රවලා බලනවා මන් දැක්කා මන් මූණ ඔබාගෙන කඳුලු එන්නැති වෙන්න හිර කරන් හිටියා

"තමුන් කාත් එක්ක වත් පැටලිලා නෙවෙයි නේද"

"නැහැ අප්පච්චී"

"මට තමුන්ව නම් සත පහකට විශ්වාස නෑ"

අනේ ඇයි අප්පච්චී මන් අප්පච්චිට මොන වරදක් කරාටද අම්මා නැතුව් මාත් දුකින් තමා ඉන්නේ මට අම්මව කොච්චර වටිනවද මට දෙයක් කියන්න හිටියෙත් අම්මා විතරයි ඇයි අප්පච්චී මාව එච්චරම කරදරයක්ද

"..."

මන් ඔලුව තියාගෙනම හිටියා ශික් අර උන දේවල් මන් මොනාද කරන්නෙ දෙයියනේ මන් එහෙම දෙයක් වෙයි කියල එක හිතකින් වත් හිතුවෙ නෑ ශිට් ශිට් ශිට් හෝලි ශිට් ආහ්හ් සිතූ ඇයි ඔයා එහෙම

"න්න්න-නංගී..."

"කියන්න"

"ඇත්තටම මන් ඔයාට ක්ක්කැ-ම-ති කිව්වොත් ඔ-ඔයා මොකද කරන්නේ"

"මන් දන්නෙ නෑ මට තේරෙන්නෑ"

මේ ගෑනි ඔහොම අහල මට කැමතී කියන්නවත්ද යන්නේ අනේ ප්වීස් එහෙම නම් වෙන්න එපා...

"මන් ඔයාට කැමතී.."

"මොකක්?"

මන් ඇහුවේ කේන්තියක් එක්කම කිසි දෙයක් තේරෙන්නැති විදිහට ඇත්තටම තේරෙන්නෑ දැන් ඊලඟට මොකක් කරන්නද කියලා මන් දැන් මෙයාට මොකද්ද කියන්න ඕනෙ මන් මෙයාට කැමතිද අනේ මොකක්ද මන් කියන්නේ

"ඉතින්.."

හප්පට මොකද්ද ඒ මගේ කටින් කියවුනේ අනේ දැන් මේ යකාට දුක හිතිලා මෙතන පෙරලන් අඬයිද දන්නෑ අනේ ආදි පුතේ උබ නම් නාගත්තා මූ අඬන්න වගේ මන් දිහා බලන් හිටියා

"ඉතින්..."

"ඉතින්.. ඔයාගෙ උත්තරේ මොකද්ද..කැමතිද මට"

මට ඒත් එක්කම කේන්ති ගියා ටිකක් යකෝ ඕමත් අහනවද මල හත්තියුත්තක්නෙ

*Appachchi calling...*

"හෙලෝ අප්පච්චී.."

"මන් ඇවිත් ඉන්නෙ එන්න.."

"හරි අප්පච්චි.."

*කීක් කීක් කීක්*

මන් සිතූ අක්කා දිහා රවලා බලන් හිටියා

"මට ඕවා තේරෙන්නෑ හු#ත් මන් යනවා "

"ආදී... ආදී අනේ ඉන්නකෝ ආදී..."

මන් කාමරෙන් එනකොට දොරත් හයියෙන් වහගෙනම ආවා අපේ ගෙදර වගේ ඉතින් අනේ මට ඕව තේරෙනව යෑ ඊට පස්සෙ මන් දුවගෙන ආවෙ තා ඩිංගෙන් අර හිම්චි යේලිගෙ ඇඟේ හැප්පිලා අම්මටසිරි වෙන්න පඩිපෙලෙනුත් වැටෙනවා මේ සොසෙජස් යේලි කෙම්ලව පේන්නෙත් නෑ ඇහැට හිච්චි ඇටයා

*ටිං*

*one message from Sithu💗*

*one missed call from Sithu💗*

*ටිං ටිං ටිං ටිං ටි‍ං*

*six messages from Sithu💗*

හහ් මන් බලන්නෑ ඒත් බලන්නත් ඕනිනේ ආර්හ්හ් ඔන්න ඔහේ බලනවා

'අනේ ආදි මාත් එක්ක තරහද?'

'අනේ මට සමාවෙන්න ආදි I'm very sorry'

'ඔයාගෙ බෝතලේ දාලා ගිහින් මන් ගේන්නම්'

'please මාත් එක්ක තරහ වෙන්න එපා'

'I know i'm wrong'

'I'm very sorry darling'

මම එයා තරහ වෙන්න එපා කියල තිබ්බ මැසේජ් එක ටැග් කරල

"නෑ"

කියල මැසේජ් එකක් දැම්මා..

තත්තවරයක් වත් ගියෙ නෑ එයා ඒ මැසේජ් එක සීන් කලා මන් අහන්නෙ ඔයාට මන් විතරද ඉන්නෙ මන් හිතුවෙ අපි හොඳ යාලුවො කියල

තත්පර දෙක තුනකින් මට සිතූගෙන් කෝල් එකක් ආවා මන් ඒක කට් කලා ඇත්තටම මේ වෙලේ මට එයා එක්ක කතා කරන්න බැහැ

"තනියම ඉන්න දෙන්න"

මන් එයාට දාල ෆොන් එක ඕෆ් කරල පැත්තකින් තිබ්බා ඔලුව කැක්කුමයි දැන් නම් මන් එහෙම්මම ඔලුව තියන් ඇස් පියාගත්තා.. මට වාහනේ යනව දැනුන විතරයි විනාඩි කීපයකින් අපි ගෙදර ආවා. මන් කාර් එකෙන් බැහැලා ඉක්මනට කාමරේට දුවගෙන ගිහින් දොර වහගත්තා

හනේ මන් දැන් මොකද්ද කරන්නෙ...

මන් ඉක්මනට වොශ් රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන ආවා මට ෆෝන් එක අරන් සිතූ අක්කට කතා කරන්නත් හිතුනා... ඒත්... අනේ මන්දා මට තේරෙන්නෑ...

*Incoming voice call from Sithu💗*

හනේ මේ ගෑනිත්... ටෙලිපෙතිද මන්දා හනේ මන් ගන්නවද නැද්ද... හයියෝ ඔන්න ඔහේ ගන්නවා ධෛර්යය ගන්න ආදිත්‍යා ඔයා වැඩ්ඩෙක්..

"හෙලොව්".....

රෑ 12ත් පහු උනා... අපි ඒත් කෝල් එකේ පස්සෙ මට කෝල් එකේ ඉද්දිම නින්ද ගියා

"චූටි දූ... නවයයි වෙලාව පන්ති නේද අද..."

"තව විනාඩි පායි"

ආච්චි අම්ම කාමරේ දොරත් වහන් ආයෙ යනව මට ඇහුනා ඒත් එක්කම හෙන ගහන්න වගේ හෙන හයියෙන් දොර ඇරන් කවුරු හරි ආවා කවුද යකෝ මේ යෝධ පාදයා

"ඕයි අද සෙමිනා එකකුයි කොමස් ක්ලාසුයි තියෙනව කිව්ව නේද... නවයයි වෙලාව නැගිටපන් දහයටටනෙ සෙමිනා එක"

"ඕඕ ඈහ්හ් අම්මට..."

මම එකපාට්ට ඇහැරුනා... ඇහැරුනාමත් නෙවෙයි මන් සිරිමත්ගෙ ගෑනිනෙ මන් උදෑසනම පිබිදුනු මලක් ලෙසින් මුලු ලොවම සුවද කරමින් කැලයක් අස්සෙ පිපුනු එකම මල ලෙස පිබිදුනා ජෙයියනේ.. අද කොමස් ක්ලාස් හඤේ ඊයෙ රෑ 12ත් පහු උනා නෙ ඉතින් අර හත්වලාම එක්ක කතා කරලම

*ඊයෙ රෑ*

"මන් තරහ් ඤෑ අපි යාලුවො වගේ ඉමු අක්කෙ"

"හරි නංගි"

යසෛ යසෛ අවසාන සියල්ලෝම සාමදානයෙන් සැතපුනහ සාමදානයෙන් සැතපුනා කිව්වට මෙහෙමයි මට නින්ද ගියා නෙ එයා කෝල් එක කට් කල්ලා නිදාගන්නැති නැත්තන් ඒකිට මොලේ අමාරුව ඈ කෝල් එක උදේ වෙනකන් කට් කරන්නැතුව තියන් ඉන්න හැනේ සුදු දෝණි මgay

මන් ඇඳෙන් බැහැල තුවය අරන් වොශෲම් එකට රිංගුවා ඉක්මනට නාලා ඇවිත් මගේ ජාතික ඇඳුම් වන ඩෙනිමකුයි කලු ශර්ට් එකකුයි ඇඳගෙන මන් ක්ලාස් යන්න දිව්වා ගෙදර ඉදන් කිලෝමීටරයක් විතර දුරක් පයින් එන්න ඕනෙ ඊට පස්සෙ විනාඩි පහයි බස් එකේ ඉදන් ඒ ක්ලාස් එකට.. ඒ ක්ලාස් එකේම තමයි මන් හැම විෂයකටම වගේ යන්නෙ සයන්ස්, මැත්ස්, කොමස්, history මේකෙ මුල ටික නම් අවුලක් නැහැ ඒත් මේක දහය එකොලහ දෙකටම නෙ ඒ නිසා අපි අන්තිමට කරන පාඩම් දන්නෑ මොකද මෙ එකොලහට ආව විතරනේ මායි මගෙ සුහද ආදරනීය පකේ මිතුරු කැලයි ඉතින් කැන්ටින් එකෙයි බුක් ශොප් එකෙයි රිංගගෙන හිටියා සෙමිනා එක අස්සෙ නින්ද යාගෙන එන නිසා

කොමස් ක්ලාස් එකෙත් මන් හිටියෙ නිදා ගන්න ඔන්න මෙන්න සීන් එකේ ඒත් සෑර් අපි ඇස් පියා ගත්තත් පල් කරනවා උබර්ට සහ ගහනව සර්... ඒ අස්සෙ ඇත්තටම හෙන ගහන්න වගේ එක්සෑම් එකක් හඤේ මචන් සෑර් මෙහෙම එකක් තියන කොට කලින් දැනුවත් කරන එක තොපි- තොප වහන්සේලාගේ වගකීමක්..

පස්සෙ හදිස්සියෙවත් ලකුණක් අඩු උනොත් නැට්ට ගිනි අරන් වගේ රෙද්ද උස්සන් පන්තිය වටේම දුවනවා...

මාව ක්ලාස් එකෙන් ගන්න නම් අප්පච්චි හැමදාම එනවා අදත් අප්පච්චි ආවා මන් අප්පච්චි එනකන්ම කල්පනා කලේ සිතූ අක්ක කිව්වෙ එයා මගෙ කොන්ඩෙට ආසයි කියලනෙ ඒ කියන්නෙ සුවර් එකට මගේ මේ කොන්ඩෙට ආසයි කිව්වා ඊයෙ රෑ හිකේයියා මේ කොන්ඩෙට ආස වෙන්න අච්චර අර කේස කල්‍යාණයක් තියෙද්දි මුන් මහ ආච්චිගෙ ඩයල් ඕයි... ඉදපන්කො කොරන්න හොඳ වැඩක් මෝඩ පුපාට.. මන් කපනව කොන්ඩෙ ආයෙ නෑ කොටටම කපනවා එතකොට කොල්ලෙක් වගේ නෙ මූ කැමති කෙල්ලෙක්ටනෙ බුහ්හහ්හහ්ගා... බිග් බ්‍රේන්

අප්පච්චි ආපු ගමන් මන් සනිකව ගිහින් කාර් එකට නැග්ගා

"අප්පච්චී... මට කොන්ඩෙ කපන්න ඕනෙ"

"දැන් ම යන්න ඕනද"

"අප්පච්චිට පුලුවන් නම් දැන් යන් අප්පච්චී "

ටිකකින් අප්පච්චී අපේ ගෙවල් ගාවම තිබ්බ සැලුන් එකකින් නැවැත්තුවා

"එන්න ඇතුල්ට.. කොන්ඩෙ කපන්නද?"

"ඔව් මේ මෙයාගෙ කොන්ඩෙ කපාගන්න."

ඒ ආන්ටි මගෙ දිහා බැලුවෙ නිකන් හපූ මේ ලමයට කපන්න තව කොන්ඩෙ තියෙනවද සීන් එකේ. උම්බට වැඩක් නෑ නෙ ඇන්ටි කොන්ඩෙ මගේ මන් කොන්ඩෙගෙ

"මොන විදිහටද කපන්න ඕනෙ දුව?"

"වුල්ෆ් කපන්න කොටට "

"හරි මෙතනින් ඉදගන්න"

මන් එතන තිබ්බ පුටුවෙන් ඉදගෙන අර ඇන්ටි කොන්ඩෙ කපන දිහා බලන් හිටියා ටිකකින් මන් ෆෝන් එක අරන් ටික් ටොක් එකේ වීඩියෝ ටිකක් බලන්න ගත්තා

"ම්ම් මේ හරි නේද"

මන් ඔලුව උස්සල කන්නාඩිය දිහා බැලුවා...දෙයියනේ!!

යම් දෙයක් සිදු වෙලා වගේ නේද යාලුවේ

ප්‍රමාද දෝසයට මේ ගැත්තාට සමා වන සේක්වා දෙයියනේ අවුරුදු නිසයි ස්පෝට් මීටුයි අවුරුදු උත්සවයි නිසා මන් හෙන බිසී යාලුවේ....

මම්මින්චි චැම්ස්ස්ස් 🌚

ආතරෙයි මගෙ බිජුමාල් ලා ටිකට උතුරන්ට 😽❤️

Share This Chapter