Back
/ 53
Chapter 17

17 කොටස

_නොනිමි_

"අපේ ඉස්කෝලෙ හරිද අක්ක කෙනෙක් ඉන්නවා"

"ඔව් ඉතින් උබලගෙ ඉස්කෝලෙ අයියල නෑ නෙ බාලිකා පාසලක්නේ අක්කල නංගිලා තමා ඉන්නෙ"

"අනෙ අහපන් වු*තො"

"නරක වචන කියන්න එපා ආදි මන් අම්මට කියනව හරිත ඔයා නරක වචන කියනව කියලා"

මන් මූන උල් කරන් ඇස් දෙක හීනි කරන් ආවි දිහා බලන් හිටියා අනේ පම්#යා මට කියන්න දෙන්නෙත් නෑ

"මේමයි හරිද ඒ අක්කා මට වඩා අවුරුද්දක් වැඩිමල් අපේ හවුස් එකේ මයි මට එයාව මුලින්ම හම්බුනෙ ඉස්කෝලෙ හවුසස් වලට මීටින් එකක් තිබුනා ඒකෙදි එයාගෙ නම සිතුමිණී හරිද"

"හරි උබ ඒකිට ලව් නේ"

"අනේ මැදින් පයින්න එපා හු- ම්මොකක්"

"ඔව් මන් දන්නවා"

"ම්මොනාද දන්නේ"

මන් ඇස් දෙක ලොකු කරන් බලන් හිටියා අනේ මාව සීතල වෙලා වගේ ඇඟටත් පන නෑ වගේනේ එතකොට ආවි මගේ අත අල්ලන් මොකක් හරි ලොකු දෙයක් කියන්න පැහැදිලි කරනවා වගේ මගේ පැත්තට ලං උනා

"ආදි.. මන් උබව දන්නෙ මන් ඉපදුන දවසෙ ඉදන්... උබ මට මගේ අක්කා..මම ජනවාරි වල ඉපදුන දවසෙක් ඉදන් අපි දෙන්න එකට හිටියේ.. උබ මන් ගැන, මන් උබ ගැන නොදන්න දෙයක් නැති තරන්.. එහෙව් එකේ ආදි මට උබ ගැන කිසි දෙයක් තේරෙන්නෑ කියලද හිතන්නෙ... මන් උබ දෙයක් කියන්න තියෙනව කියල කිව්වම හිතුවෙ කොල්ලෙක් කියලා... දැන් මට හරියට කියපන්කො මුල ඉදන් විස්තරේ.."

මන් බිම බලන් හිටියා අනේ මට

"මන් ඒකිට ලව් නැහැ...ඒකීයි මට ලව්"

"උබ මුල ඉදන් කියපන්කො"

"කොහොම හරි මේකි ක්‍රිකට් කරනව හරිද ඉතින් මේකි මට ක්‍රිකට් වලට එන්න කිව්වා.. මේකි තමා උන්ගෙ වයසෙ ග්‍රේඩ් කැප්ටන් මන් අපේ එකේ ඉතින් අපි වැඩ වලට ඒම ගොඩක් එකට හිටියා.."

"හ්ම් හ්ම්"

"මන් ක්‍රිකට් ගහන්න කොහොමත් ආසාවෙන් නෙ හිටියෙ අයියත් ගහන නිසා.. මන් ඉතින් ගියා සර්ත් මාව හොඳට පිලිගත්තා මන් හොඳට ප්ලේ කරපු නිසා.. පෙබරවාරි දා හතර... මෙයා මට ලොකු චොකලට් බොක්ස් එකක් දුන්නා අර ෆ්‍රිජ් එකේ තියෙනවා ගොඩක්...ඉ-"

"පොඩ්ඩක් ඉදහන්.."

ආවි සනිකව කාමරෙන් එලියට දිව්වා...විනාඩි දෙකකටත් කලින් මේකි චොකලට් දෙක තුනකුත් උස්සන් ආව කාමරේට

"ආ කියහන්"

"අයියෝ කොතනින්ද නැවැත්තුවෙ.. ආ චොකලට්.. කොහොම හරි මන් එදා උන්ගෙ ගෙදර ගියා අපේ අප්පච්චි එහෙට මාව ගන්න එනව කියලා.. ආ මන් කලිනුත් දවසක එයාලගෙ ගෙදර ගියා ඒත් මතක නෑ මට හරියට.. කොහොම හරි එදා ගියාම මේකි ඇහුවා මන් ඔයාට කැමතී කිව්වොත් මන් මොකද කරන්නෙ කියලා.. ඊට පස්සෙ එයා මට කැමතී කිව්වා..."

"අම්මටහුඩු"

අවි ඩේරි මිල්ක් තඩි චොකලට් එකක් කන ගමන් කිව්වා මන් ඒකෙන් කෑල්ලක් කඩාගෙන කටේ ඔබා ගත්තා යකො මගේ චොකලට් ටිකනේ

"හෙහ්"

"ඉතින් මට කියපන් දැන් එතනදි උබත් ශැරි මන් කැමචී කිව්වද සක්කිලියා"

"පිස්සුද ඕයි.. මන් තරහ වෙලා පහලට දුවගෙන ආවා..හොඳම සීන් එක කියන්නෙ අපේ අප්පච්චි ඒ වෙලාවෙම ඇවිල්ලා මට කෝල් කලා හරිද මන් ඉතින් මන් යනව කියලා රවාගෙන දුවගෙන ආවා ඇවිල්ලා දුවගෙන ගිහින් කාර් එකට නැග්ගා..."

"ආ තූජේ දේකා තෝයේ ජානා සනාම්ම්ම්ම්ම්ම්ම්.... ප් යාර හෝතා හේදී වානා සනම්.... හින්දි ෆිල්ම් එකක් වගේ ඕයි...."

"අනෙ හුම්#හන් රෙද්ද..."

"රෙද්දට හු#න්න බෑනෙ සුද්දා"

මන් ආවිට රවල ඇඳේ ඇල උනා අනේ බේස ගෑනිට ආයෙ මන් මුකුත් කියන්නෑ විහිලුවක් ද මාව හුම් ඒත් එක්කම ආවිත් ඇඳේ පෙරලුනා මන් තරහයි තෝ එක්ක සක්කිලි බිජ්ජි

"හරි හරි මේහ්හ් දැන් තෝයි අරකී තරහද තාම"

"නැහ් මන් සිකුරාද රෑ එයා එක්ක කෝල් එකේ හිටියේ.. ඊයෙ රෑත් හුම්"

"ආ දැන් දෙන්නගෙ ලව් එක නැගලම යනවද...

ලව් එක උබෙ නැගලම යනකොට දෛවයෙ සරදම දෝ...

පැණි හල හල හිටි මම අප්පොච්චට ඇයි හසු වුනි දෝ..."

"ලව් එකක් නෑ ජස්ට් ෆ්‍රෙන්ඩ්ස්"

"අනේ පහලන් හු යන්නෝ උබ ඒකිට කැමතී..."

"නැහ්"

"උබ මටද කියන්නේ...පෙන්නපන් මට ඒකිගෙ ෆොටෝ එකක්"

මන් අපි දෙන්නා ඉස්කෝලෙ දි ගත්තු ෆොටෝ එකක් පෙන්නුවා හනේ හුම්ටො මන් ඒකිට කැමති නෑ මන් ස්ට්‍රේට්

"ආව් ආව් මෙහ් ඕයි සිරාවට උබ ඒකිට ලව් ද බන් ඒකි ලස්සනයි කියුට් ඔයාලා දෙන්නා මෙතන ඇක්චුවලි පර්ෆෙක්ට් කපල් එකක් වගේ ඕයි"

"නෑ බන් මන් ස්ට්‍රේට්"

"මන් නම් කියන්නෙ සම්ප්‍රදායට මෙව්ව වෙන්න යන්නම එපා උබ කැමති දේ කරපන් වැරදි දෙයක් කරන්නැතුව"

"හරි මන් මේකිට කැමතී කියමුකො.. ඒත් ඕයි අප්පච්චී..."

"ඒකනෙ බන් ප්‍රස්නෙ"

"මෙහෙමයි ඕයි මන් එයා එක්ක යාලු වෙලා අපිට ඕක අප්පච්චි නිසා බඳින්න වෙන්නෑනෙ"

"ම්ම් ම්ම්"

මන් එහෙම්මම ආයෙත් ඇඳේ හාන්සි උනා.. අනේ මන් සිතූට කැමතිද...

"අපි යන්ද කොහෙ හරි"

"කොහෙ යන්නද.."

"අම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

කැෆේ එක්කට ගිහින් එමුද "

"කම්මැලී අපි සින්දු කියමු..."

"ආ හා අන්න වැඩේ... උබ පටන් ගනින්"

මන් ටිකක් වෙලා කල්පනා කලා... මොකද්ද කියන්නෙ ම්ම්ම්ම්

"අඳුරේ ගිලී තනි වීලා මෙසේ

නාඩන් ඉතින් සොඳුරේ මගේ

නොසිතා සිතා.. අතීතේ එදා..

බිඳුනාද මන්මේඛලා..

පිලිගන්නේ මා නුඹ සීතාව සේ

හද මන්දිරේ සනසලා

ගංගා තරංගා පරදන්නෙපා

ඔය දෑස කඳුලින් තෙමා

පාවී ගියාවේ අතීතේ කතා

සැඩ මාරුතේ රැලි හඹා

නලලේ නුඹේ ඇන්ද තිලකේ පවා

කියාවී මගේ ප්‍රාර්ථනා

ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා

පින්සාර ලඳ නුඹ නිසා

පිලිගන්නේ මා නුඹ සීතාව සේ

හද මන්දිරේ සනසලා

ඔය දෑසේ පාවේ මනබන්දනා

පෙම්වන්ත සුරතල් සිනා

සැනසෙන්න මාගෙ ලයේ සැතපිලා

නව සඳ දිහා බල බලා

බවයෙන් බවේ එන්න මතු ඉපදිලා

සංසාර පතිනිය වෙලා-"

"ආ ඇති ඇති ඉදහන් මාත් කියන්න ඕන ල යන්නෙන් නේත...ම්ම්ම්ම්ම්ම් මොනාද බන් ල යන්නෙන් තියෙන සින්දු"

"ලස්සන ලස්සන"

"ආ ලස්සන ලස්සන මගේ ආදරීයේ

මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ

ශ්‍රියා මනමත් වී මාගේ දැකගන් සලලාල ලාල ලාලා"

ලස්සනට මුල ටික අහන් හිටපු මගෙ හිත අඤ්ඤකොරොස් වෙලා ගියා

"මොනාද හ්හු#තො බොරු කියන්නේ"

"ඇයි නැද්ද අම්මටහුඩු"

අනේ උබ සින්දුව දන්නැත්තන් නිකන් ඉදහන් සක්කිලියා...

"වෙන එකක් කියහන් ඕන අකුරකින්"

"සිනාහාආආආආආආආආ....."

අවි ඇඳ උඩ නැගලා අත මයික් එක කරන් එක පාට්ට ගෙදර හැමෝවම ෆුල් අන්දොස් වෙන්න කෑ ගැහුවා මේකිට මාන්දමද කොහෙද

"කඳුලූඌඌඌඌඌඌඌ......."

"කවුද කවුද කෑ ගහන්- අවිත්‍යා..."

පුංචි ඉනට අත් දෙක තියන් පොල්කටු හැන්දත් අතේ තියන් බලන් හිටියා අනේ පුංචිට කියන්න ඕනෙ මේකිට සෙරිලැක් කවන්න කියලා මොලේ වර්ධනයට ආ නෑ නෑ සෙරිලැක් මාත් කනවනෙ මේකිට දෙන්ඩෝනේ...

"පුන්නක්කු"

"මොකද ලමයි කෑ ගහන්නේ...."

"මන් නෙවෙයි පුංචි මේකි... මේකිට පුන්නක්කු දෙන්න ඕනෙ පුංචි"

අවි අපි දිහා බලන් ඉදලා ආයෙ මූන ඤොක් කරන් අත මයික් එක විදිහට අරන් ඇස් වහගත්තා

"එන්නවාආආආආආ...

යන්නව්- ආව් ආව් අම්මෙ අනේ ගහන්නෙපා"

පුංචි අවීට පොල්කටු හැන්දෙන් නෙලන හැටි මම දෑස අයාගෙන බලන් හිටියා.. හොඳ වැඩේ සක්කිලියට

සිතූ මොනව කරනවද දන්නෑ කතා කරන්නත් බැරි උනා නෙ අද දවසටම ඇත්තටම ආවි කියනව වගේ මන් සිතූට කැමතිද දන්නෑ අනේ ඒ කෙල්ල.... මට පිස්සු හදවනවනෙ.. මන් එයාට කැමතී කියනවද.. හරි හරි ඔක්කොම හරි

"ඒ"

මන් එයාට කැමති වෙලා එයා මට කැමති වෙලා අපි එෆෙයා එකක් පටන් ගන්නවද... එහෙම පටන් ගත්තොත් අනේ මට තේ-

"හු#තො"

"මොකද ඕයි"

අවි මගේ පුපට ටාං ගාලා ඇරිය- නෑ නෑ ටාං ගාල පුපට එකක් දුන්නමයි මන් පියවි සිහියට ආවෙ මුන් ඔක්කොටම මගේ පශ්චාත් බාගෙ ගැන තමා අමාරුව තියෙන්නෙ යකෝ පුප මගේනම් උබලට මොකත පුප මගේ මන් පුපගෙ උබල සම්කිලි වැඩ කරන්නෙපා හුක් හැම එකාටම මගේ පුපට ගහන්න මන් කිව්වෙ අතින් හෝ පයින් ගහන එක ගැන කෝම හරි කොයි විදිහකින් හරි ගහන්න බෑ එච්චරයී!!!

බලම්න ජෙයියනේ අපේ ආදිගෙ පුපට හරියට කරදර ඒම ගහන්න හොඳ නෑ මන් නම් කියන්නෙ හුක්

වැඩේ පත්තු වීගෙන එනව යාලුවනේ තාම ඔන් ද වේ හැම්බැයි ඉවසපන් ඒ නිසා ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය....

මින්චි ආතරෙයි ඈ මගේ බිජුමාල් ලා සැට් එකට උතුරන්නම 😽❤️

~චරිත හැඳින්වීම~

අවිත්‍යා වෙනුකි සිරිවර්ධන

ආදිගෙ පුංචි ගෙ එකම දුව වූ අතර කොළඹ පාසලක ඉගෙනුම ලබයි. දඟකාර ජීවිතයක් ගෙවූ අතර අවුරුදු ගනනාවක සිට ඒක පාර්ශවික ආදරවන්තියකි..

Share This Chapter