Back
/ 53
Chapter 18

18 කොටස

_නොනිමි_

"හරි ලමයි ඔන්න දැන් හෙට ඉදන් හරියටම ගේම්ස් පටන් ගන්නව නේ හෙට මුලින්ම තියෙන්නෙ අපේ ක්‍රිකට් මැච් කෝ දැන් ඔයාලා හවුස් හතර වෙන වෙනම ඉදගන්න"

කෝච් එහෙම කිව්වම අපි හවුස් හතර ලහි ලහියේ බෙදිලා ඉදගත්තා අපේ හවුස් එකේ තමයි ලමයි අඩුම මන් හිතන්නෙ හිකේයියා හැම හවුස් එකකම වගේ ලමයි 12 ක් 10ක් ඉද්දි අපේ හවුස් එකේ හිටියෙ හත් දෙනෙක් විතරයි

"හරි අපි අන්ඩර් සෙවන්ටීන් ඇන්ඩ් අන්ඩර් ට්වෙන්ටී තමා ප්ලේ කරන්නෙ.. මෙතන ඔක්කොම ඉන්නෙ සෙවන්ටීන් විතරයි නේද ආ දුශී ඉන්නව නේ හරි එයා ට්වෙන්ටී නේ... හරි ලමයි හෙට ඒ කියන්නෙ පෙබරවාරි විසි අට උදේ නවයෙ ඉදන් හවස් වෙනකන් මැච් තියෙනවා ඔයාල උදේ හත හමාර වෙනකොට ඉස්කෝලෙට එන්න ඕනෙ තේරුනානෙ"

"ඔව් සර්.."

හැමෝම එකම හඬින් කිව්වා මේ දවස් ටික හරි වේගෙන් ගෙවිලා ගියා අපි හවුස් එකේ වැඩ වලට ගියා ක්‍රිකට් ප්‍රැක්ටිස් ගියා ඒ හැම වෙලාවකම වගේ සිතූ මාත් එක්කම හිටියා

එයා අත කපාගෙන තිබ්බා මන් අහන්නෙ මොන මෝඩ කමක්ද ඒක ඒ මනුස්සයට අච්චර සල්ලි තීලත් පුදුම luxury ලයිෆ් එකක් ගෙවලත් ඇයි මේ ගෑනි විහින් විඳවන්නේ... අපේ ගෙදර මේ දවස් ටිකේ ප්‍රශ්න තිබ්බෙම නැති තරන් ආවි දවස් හතරක් ඉදලා ගියා මන් හවුස් එකේ වැඩ වලට යනකොට දවසක් ආවි වත් එක්කන් ගියා අපේ හවුස් එකේ අක්කලටත් එයාව හිතට ඇල්ලුවා වැඩි පුරම සිතූට.. අපි සිතූලගෙ ගෙදරත් ගියා හරි සාමාන්‍ය දවස් කීපයක් ඒක

ඒ අස්සෙ අපිට මන්ත්ලි ටෙස්ට් දාලා එකපාරටම අපිව එකොලහට දාලා තාම මාසයක් විතර ඇති මුකුට් ඉගැන්නුවෙත් නැහ් හරි කතා තමා මෙයාලා කියෙන්නෙ හුම්ක්

"හරි ටීම් කැප්ටන්ස්ලා දාමු අපි"

සර් එහෙම කිව්වම හැමෝගෙම පුංචි කුටු කුටු සද්දයක් ආවා

"සනුලි, ඔශිනි, ටශිනි, රාවන් එකෙන් කාවද දාන්නේ..."

"ආදි එන්න..."

මන් ඒකට පොඩ්ඩක් සතුටු උනත් ඒ සතුට සෙනිකව නැති උනේ අපේ හවුස් එකේ හිටපු මට වඩා සීනියර් එකෙක් නිසා එයා නයින්ටීන් උත් ඉන්නවා... සිතූට මට තරන් ප්ලේ කරන්න බැහැ.. දිනිති නංගිටත් බෑ ඒත් විනුදි... එයාටත් මට තරන් ලොකුවට ප්ලේ කරන්න බෑ ඒත් පුක දීගෙන ඉන්නවනෙ අනිත් තුන් දෙනාම අලුතෙන් ආපු නංගිලා එක්කෙනෙක් විතරයි ප්ලේ කරන්නෙ හොඳට අනිත් උන් කැච් එකකට වත් දුවන්නැහැ

"සර් මන් ආදිත්‍යට වඩා සීනියර්.. අනික මේ මෙයාට වඩා මට ප්ලේ කරන්නත් පුලුවන්"

"අම්ම්ම් එහෙනම් අපි විනුදිට දෙමුද.."

මන් ඔලුව දෙපැත්තට වැනුවම සනුලි අක්කා කෑ ගහන්න ගත්තා..

"සර් ආදි ට වඩා විනුදි සීනියර් උනාට එයා ට වඩා මන් හිතනවා ආදිට ප්ලේ කරන්න පුලුවන් ඇති කියලා.."

"අනේ නෑ සර් විනුදිට දෙන්න..."

නිකන් මේ එක එක තරහ කාරයො හදා ගන්න ඕන්නැති නිසා මන් හරි සැහැල්ලුවෙන් සර් ට කිව්වා

"නැහැ අපි පොඩි වැඩක් කරමු... ඕවරයකදි හොඳටම බෝල් කරන්න ඕනෙ ඕවරයක් මිස් නොකර බැට් කරන්න ඕනෙ මන් කැච් දුන්නම අල්ලන්න ඕනෙ ඔය තුනෙන්ම දිනන කෙනාටයි කැප්ටන් දෙන්නෙ තේරුනාද.. එකඟයිද"

"හා සර්"

සර් සනුලි අක්කට මොකක් හරි කිව්වම සනුලි අක්කා බැට් දෙකකුයි බෝල දෙකකුයි ගෙනාවා ඔශිනි අක්කා විකට් ස්ටෑන්ඩ් එකයි හෙල්මට් දෙකයි ගෙනාවා ටශිනි ග්ලවුස් උයි ලෙග් පෑඩ් උයි තයි පෑඩ් උයි ඒ ටික ගෙනාවා

"ආ දෙන්නම ඉක්මනට මේ ටික දා ගන්නකො"

මමයි විනුදියි ඉක්මනට තයි පෑඩ් එකයි ලෙග් පෑඩ් දෙකයි අතටයි හෙල්මට් එකයි ග්ලවුස් දෙකයි දා ගත්තා

"ආ විනුදි යන්න ඉක්මන්ට අතනට

සනුලි විකට් කීපින් යන්න..

මන් දාන බෝල්ස් වලට මිස් නොකර ගහන්න ඕනෙ ඕකෙ.."

විනුදි අරහෙ ඉදන් ඔලුව වැනුවා ඒත් එක්කම සර් බෝලෙ දැම්මා ටහුඩු ෆස්ට් එකම පොලු මේකිට මේම වෙලා මට කෝම වෙයිද දන්නෑ හිම්කෙනවනෙ සඳවත

"මොනාද විනුදි ෆස්ට් බෝලෙම අවුට් නේ වට් ඊස් දිස්.."

සර් කින්ඩියට වගේ හිනාවෙන ගමන් විනුදිගෙන් ඇහුවා

සර් ඒත් එක්කම දෙවෙනි එක දැම්මා ඒකට නම්.මන් හිතුවෙ ගැහුවා කියලා මේකි බැට් එක අරන් වටයක්ම කැරකුනා අනේ පුතේ තර්ඩ් එකට නම් පොඩි ඩ්‍රයිව් එකක් ගැහුවා ඊලඟ එකට ගැහුවා හැබැයි ඒක උඩ ගියා ඉතින් සනුලි අක්කා ඇල්ලුවා ඒක ටිප් අන්තිම බෝල දෙකට නම් ඒකි ගැහුවා ඉතින්

ඊට පස්සෙ සර් මට යන්න කිව්වා අනේ ජෙයියනේ බයෙත් බෑ

"ඔන්න ආදි මන් දානවා"

මන් අරහෙ ඉදන් තම්බ්ස් අප් එකක් දුන්නා

"ඔව් මේ අවස්තාවේදී අප කෝච් සර් දුවගෙන ඉත් බෝල් කරන්නයි සූදානම විනුදි මාතසිංහ පලවෙනි බෝලෙන්ම දැවී ගියා ඇය බෝල හයට ලකුණු තුනක් ගත් අතර ආදිත්‍යා ඩි සිල්වා නවක ක්‍රීඩිකාව ම්මක් කරයිද...

ඔව්ව් මේ අවස්තාවේදි දුවගෙන විත් පන්දුව යොමු කරනවා ඔව් ඉතාමත් වේගකාරී පන්දුවක්... ආදිත්‍යා එම පන්දුවට පහරක් එල්ල කරයිද ඔව්ව්ව්ව් මේ අවස්තාවෙදී තැනට සුදුසු නුවණ පාවිච්චි කරමින් ආදිත්‍යා එකේ සොට් එකක් ගහනවා...

නැවතත් පන්දුව යොමු කිරීමටයි සූදානම ඔව් මේ අවස්තාවේදී වේගකාරී හතරේ ප්‍රහාරයක් ගහනවා ගැම්මක් බොක්කාස්ස් නැවත පන්දුව යොමු කරනවා ඕඕඕඕව්ව් නැවතත් හතරේ ප්‍රහාරයක් ආදිත්‍යාට මේ තරඟය ජය ගැනීමට අවැසි තව එක් ලකුනකි.. බෝල තුනයි එක ලකුනයි... ඔව් මෙන්න පන්දුව යොමු කලා ඕඔව්ව්ව්ව්ව්ව් දඩ හයේ ප්‍රහාරයාක්ක්ක්ක් ආදිත්‍යා ඩි සිල්වා ක්‍රීඩිකාව ජයග්‍රහනය කරනවා අපගේ උනුසුම් සුබ පැතුම්"

"වෙල් ඩන් ආදිත්‍යා දැක්කනෙ විනුදි ඔහොම ඉතින් කැප්ටන්සි එකක් දරන්න පුලුවන්ද"

විනුදි මූන පුපක් කරන් බලන් හිටියා මට මොකෝ බේස ගෑනි මූන පුපක් තියා ප#ක් කරන් හිටියත් උස්සල ගහනව පොලේ දන්නෑ මගෙ හැටි

"හරි බෝල් කරන්න යන්න විනුදි"

විනුදි ඕවරේ එක විකට් එකක්වත් ගත්තෙ නෑ සනුලි අක්කා හැම එකටම ගැහුවා ඒ වගෙම නෝ බෝල් එකකුයි වයිඩ් එකකුයිත් ගියා මන් විකට් එකක් ගත්ත දෙයියනේ කියලා ඉතින් මන් 2:0ක් නිසා අරක අරකි දින්නත් ඒකිට 1ක් නිසා එයාලා මට කැප්ටන්සි එක දුනා විනුදි ඒකට කට දෙහි ලෙල්ලක් කරන් බලන් හිටියා අනේ මට ප#ද

අපි ඊට පස්සෙ හැමදේම කතා කර ගත්තා දැන් හොයපන්කො ලමයි එකොලහා තව හතරක් කොහෙන් හොයන්නද යකූ මට සිතූ එක්ක ලමයි හදන්න තමා වෙන්නෙ අඩේ එහෙම ලමයි හදන්නෙ කොහොමද දන්නෑ නේ හොයල බලන්න ඕනෙ

පස්සෙ හැමෝම වෝම් ඩවුන් කරලා සාමදානයෙන් විසිර ගියහ මමයි සිතුයි කේෆ්සි එකට ගිහින් රෙගියුලර් රයිස් දෙකකුයි පෙප්සි දෙකකුයි ගත්තා බඩගිනී පස්සෙ එයාලගෙ අලුත් ඩ්‍රයිවර් මාව ගෙදරින් දාන්නම් කිව්වා මන් ඒත් එපා කිව්වා එයාල ආයෙ අරහෙට යන්න ඕන නිසා ඒත් ලොකු බේබි කියන දේනෙ කරන්නෙ මූකා

එයාල මාව ගෙදරින් දානකොට මන් සිතූට කිව්වා ගෙදරට එන්න කියලා එයා ගේ ඇතුල්ට ඇවිත් සෝෆා එකෙන් වාඩි වෙලා හිටියා

"ඔයාල තරම් හෙන ලක්ශරි ලයිෆ් නෙවෙයි අපි ගෙවන්නෙ ඉතින්..."

මන්‍ සිතූට අයිස් කොෆී එකක් සර්ව් කරන ගමන් කිව්වා

"ඔයා දන්නෑනෙ ඒකෙ වදේ... මන් මේ වගෙ ඉන්න ආසයි හැම දාම බිත්ති හතරකට කොටු වෙලා ඉන්නවට වඩා මේක හරි ශෝක් අපේ නෙතු වෙලාවකට හරි වදයක් වෙලාවකට ඒකි නැතුව මට බෑ එයා තමයි මගේ සීක්‍රට්ස් ඔක්කොම දන්නේ.."

"මටත් ඉන්නවා එහෙම කෙනෙක් ආවි"

"ආආඅ ආවි හරි ශෝක් කෙනෙක්.. එයා ගොඩක් ටෝකටිව් නේ.."

"ම්ම්ම්"

අපේ පොඩි අයියත් ඒත් එක්කම ඉස්සරහ දොර ඇරන් ඇතුල්ට ආවා වෙනදට මාව දැක්කම හිනා සාගරයක් මවන එයා කට කොනින් හිනා වෙන්න ඕන නිසා හිනා උනා විතරයි...

"හායි මෙයාද ඔයා කියන සිතූ"

"ඔව් ඒයි"

"හෙලෝ නංගි නයිස් ටු මීට් යූ"

"නයිස් ටු මීට් යූ ටූ අයියේ"

වෙනදට මගේ යාලුවෙක් ආවොත් උටයි මටයි දෙන්නටම විහිලු කරන එකා මෙහෙම කියනව මන් දැකලම නෑ.. එයාගෙ ඇස් රතු වෙලා අඬලද... මේ මොකද මේ මන්- මන් එයාව මෙහෙම දැකලම නෑ ඇයි මේ... කෙල්ල තරහ වෙලාද දන්නෑ.. අනේ යකෝ අවුරුදු විස්සකුත් වෙන්න එනවා මූ මාර යකෙක් තමයි

"මන් අරහෙට යන්නම්"

"හරි අයියේ"

පොඩ්ඩා එහෙම කියලා එයාගෙ කාමරේට ගිහින් දොර වහගත්තා කතා කල්ලා බලන්න ඕනෙ මොකත උනේ කියලා

"ඔයා නෙට් බෝල් මැච් වලත් ඉන්නව නේද"

"ඔව් නෙ ඕයි හෙට ක්‍රිකට් මාර්තු එක නෙට් බෝල් මාර්තු දෙක මන්ත්ලි ටෙස්ට් මට පිම්සු වගේ..."

"හෙට රෑට අපේ ගෙදර ඉන්න නැත්තන් ඔයා බස් එකේ දුර යන්නයි එන්නයි එපැයි හෙට ක්‍රිකට් මැච් කීයට ඉවරවෙයිද දන්නෑ නෙ"

"ආ ඔව් නේ මන් බලන්නම් ඈ අප්පච්චිගෙනුත් අහන්න එපැයි"

"හරි ආදි මන් එහෙනම් යන්නම්ද..."

"ම්ම් හරි"

සිතූ නැගිටලා අත් දෙක දික් කරලා බදාගන්න කියල ඇඟෙව්වා හරියට පුංචි ලමයෙක් වගේ..මන් එයාව බදාගත්තා මන් එයාව බදා ගත්තම එයාගෙ ඔලුවෙ තිබ්බෙ මගෙ උරහිස ගාවට වගේ...එයා හුඟාක් කොටයි.. එයා මගේ පපුවට මූණ තියන් ඉදලා ටිකක් ඉස්සිලා දැනෙන්න නොදැනෙන්න ලාවට හරිම සියුම්ව එයාගෙ සිනිදු තොල් පෙති වලින් මගේ කම්මුලෙන් පුංචි කිස් එකක් තිබ්බා මන් දන්නෑ... ඒත් එක පාරටම ආපු සිතුවිල්ලකින් මන් එයාගෙ ඔලුවෙන් අල්ලලා එයාගෙ නලලට හාද්දක් තිබ්බා එයා ඔලුව උස්සන් මන් දිහා බලන් හිටිය...

මන් ඒ මොකද්ද කරේ...

ඒ බැල්මට හුඟක් ආදරේ හිතෙනවා..

අපි හිටියේ හුඟක් ලඟින් ඕනවටත් වඩා ලඟින්...

එයාගෙ ඇඟේ රස්නෙ මගේ ඇඟට හොඳටම දැනෙනවා...

මන් එයාගෙ ඇස් දිහාම විතරක් බලන් හිටියා...

ඒ-ඒවා..ඒවා හරි ලස්සනයි...

දුඹුරු පාටයි ඒවා හරි වෙනස්... දිලිසෙනවා

මට තව එයා දිහා එහෙම බලන් ඉන්න ඕන උනා...

එයා ආයෙම මගේ පපුවට ඔලුව තියාගත්තා...

මට තව මෙහෙම වෙලා ඉන්න ඕනෙ මට එයාට යන්න දෙන්න බැහැ...

මට ලෝබයි...

"මන් තරහ වෙන්නැත්තන් දෙයක් අහන්නම්ද"

"අහන්න මන් තරහ වෙන්නෑ..."

සිතූ ටිකක් වෙලා බිම බලන් ඉදලා මගේ පපුවට මූන තියන් මන් දිහා බැලුවා

"ආදි අනේ මන් ඔයාට ආදරෙයි...

ඇයි මට කැමතිත් නැත්තන් ආදරෙත් නැත්තන්...

මට මේ විදිහට ආදරේ කරන්නේ...

ඇයි-ඇයි මේ විදිහට මට රිද්දන්නේ...

ඔයා ඔහොම කරලා මට රිද්දනවා ආදී...

ඔයා මන් ගැන තාම දන්නෙ නැහැ...

ඔයාට මන් අවුරුදු ගානක ඉදන් ආදරේ කරන්නෙ ආදි...

ඔයා දන්නවා...

අපේ අම්මිවත් තාත්තිවත් අපි ගැන ලොකුවට හොයන්නෙ නැහැ කියලා...

මට චූට්ටක් වත් ඔය හිතේ ඉඩක් නැද්ද ආදි...

මාව ඔයාගෙ හිතට චුට්ටක් වත් දැනෙන්නැද්ද..."

මට කියාගන්න දෙයක් නැති උනා මගෙ පපුව හිරවෙනවා වගේ මට කෙල ගිලගන්න බැහැ උගුරත් එක්කම හිරවෙනවා එයාගෙ රෝස් පර්වියුම් එකේ සුවඳ එයාට කොච්චර දාඩිය දාල තිබ්බත් මට හොඳටම දැනෙනවා

අනේ... මන් මොනවද කියන්නේ...

මන් දන්නවා මන් එයාට ආදරෙයි මන් එයාට හුඟක් ආදරෙයි ඒත්...

අප්පච්චී...

මට බැහෑ...

"සිතූ අනේ මාත් එක්ක තරහ වෙන්න එපා...

මට එෆෙයා එකක් පටන් ගන්න බැහැ...

හැමදෙයක්ම ස්ථාවර වෙන්න ඕනෙ

ඔයා මන් නම් ඔයත් මේ දේ කරයි මාත් එක්ක තරහ වෙන්න එපා ප්ලීස්...

මේ හැම දේටම කාලය ඕනේ මට ටික වෙලාවක් දෙන්න හැමදේම විසඳෙයි...

ඔයා හොඳට එක්සෑම් එක කර ගන්න...

අපි තාම පුංචී.. අපි තාම හුඟක් පුංචි ලමයි...

ඔයත් මට වඩා අවුරුද්දක් වැඩිමල් උනාට ඔයා තාම හුඟාක් පුංචි ලමයෙක් අක්කේ...

ඔයාට තියෙන්නෙ හරි පුංචි හිතක්...

මට කාලය දෙන්න...

කතාවක් තියෙනවනේ..,

'පතොක් ගසුත් ඉඩෝරෙට හුරු උනා මිස වතුර හොය හොය ගියෙ නැහැලු...කාලය හැම දේම විසඳයි... කාලයට කාලය දෙන්න'

මන් ඔයාට ආදරෙයි...ඒත් මේ වෙලාව අනුව ජස්ට් ඈස් අ ෆ්‍රෙන්ඩ්..."

සිතූ හුඟක් උවමනාවෙන් මන් කියපු වචනයක් පාසා අහන් හිටියා...

සිතූගෙ ඇස් වල කඳුලු...

මගෙ හිත රිදෙනවා...

හුස්ම ගන්න බැහෑ...

ඔක්කොම හිරවෙනවා වගේ...

ඇයි අපි මෙච්චර පුංචි ලමයි උනේ...

මට සිතූව ඕනේ මට එයා එක්ක ඉන්න ඕනේ...

හැමදාම මට එයා ලඟින් ඉන්න ඕනේ එයා මට අම්මා කෙනෙක් වෙයි...

හනේ මගෙව් බිජුමාල් ලමයිනේ...

මගෙ අත රිදෙනව යකුනේ හෙන අමාරුයි

මන් අයිස් ක්‍රීම් ලීටරයක් අරන් ඇවිත් තනියෙම කාලා දැන් හෙම්බිරිස්සාව හැදිලා දෙයියනේ මේ සෝස මලට 🤧

මට හොඳ වෙන්න කියල ප්‍රාර්තනා කරපියව් උබලට සහ ගහයි නැත්තන් හික්ස් 😒

චැම්සි ඔයාලට ආතරෙයි උතුරන්ට ම්වාහ්හ්හ්හ් මෙන්න මගෙන් ලොකු හාත්තක් 😽❤️

Share This Chapter