Back
/ 53
Chapter 20

20 කොටස

_නොනිමි_

"නෙතූ..අනේ නංගි යන්නකො නිදි මතයි අපිට හෙට ආදිට නෙට් බෝල් මැක් එකකුත් තියෙනව නේ.."

"ශරි ශරි මුන්ගෙ රැස් බලපන්කො ම්ම්හුට්-"

"නෙතූ....."

නෙතූ අපි දෙන්නට රව රව සිතූටත් බැන බැනම කාමරෙන් එලියට ගියා

හනේ මොකච මේ සූකිරි බටිල්ලට කේන්ති ගිහිල්ලා කේන්ති ගන්නෙපා ඔයා පුපක් වගේ එතකොට

"ඇස් දෙක දනවනෙ හලෝ උන හැදෙන්නද දන්නැහැ"

සාමාන්‍යෙන් මගෙ ඇස් දෙක දන්න ගන්නෙ මට උන හැදෙන්න තියෙන කොට තමයි උන හැදුනොත් නෙට් බෝල් තියා මොන බෝලයක් වත් ගහන්න හම්බෙන්නැ උන නම් හැදෙන්නෙපා ඒස් වාහ් පුහ්

"ඇස් දෙක රතු වෙලත් එක්ක කෝ එන්න බලන්න්..."

සිතූ මගේ නලලට අත තිබ්බා විතරයි

"ඔයාට හොඳටම උන ආදි..."

ආ හරිනෙ පුපේ අමාරුව...

සිතූ හොයල හොයල පැන්ඩෝල් කාඩ් එකක් අරන් වතුර වීදුරුවක් ගෙනාවා

"ආ මේක බොන්න"

මන් සිතූ අතේ තිබ්බ පැන්ඩෝල් පෙති දෙක බිව්වා

"හෑයියා"

සිතූ ඇඳ හදලා මටත් එන්න කියල එයා දොර වහලා ලයිට්ස් ඕෆ් කලා

සිතූ එහා කොනේ මන් මෙහා කොනේ මගෙ ඇඟට අම්මටසිරි වෙන්න අමාරුයි දැන් නම් ඔලුව රිදෙනව පැලෙන්න වගේ අම්බානෙකට වහින නිසා සීතලයිත් එක්ක... මන් පොඩ්ඩක් එහාටයි මෙහාටයි වෙවී දැඟලුවම සිතූ නැගිට්ටා

"අමාරුයිද..."

"ටිකක් සීතලයි..."

සිතූ ඒත් එක්කම ඒ සී එක ඕෆ් කරා

"දැන් හරියයි"

එයා ආයෙත් අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා මට නින්ද යන්නෑ ඒ සී එක ඕෆ් කල්ලත් දැන් විනාඩි විස්සක් විතර වෙනවා ගෙදර ඔරලෝසුවෙ සද්දෙ ඇරෙන්න වෙන කිසිම සද්දයක් නෑ එයාලගෙ හිච්චි හේලිත් අද නෙතූ එක්ක නිදි.. මට එහාපැත්තෙන් මට සද්දයක් ආවා...

නෑ නෑ එහෙම එකක් නෙවේ...

ඉකි ගහන සද්දයක් නහය උඩට අදින සද්දයක්

එ-එයා අඬනවද

*සුරූස්*

මට අඬනවද අහන්නත් බැහැ... මන් මොකද කරන්නේ... ඇයි අඬන්නෙ ඉතින්

මන් පොඩ්ඩක් දඟලල දඟලලා රෙද්ද ඔලුවෙ ඉද්න් පෙරවගෙන එයා ඉන්න හරියට සූට්ටක් ලං උනා අපි දෙන්න අතර තව දෙන්නෙක්ට විතර ඉන්න ඉඩ තිබ්බා හැබැයි ආං නැගිට්ටා

"ඔයාට අමාරුද ආදි... තාමත් සීතලද...

එයාගෙ කටහඬ අමුතු වෙලා නහය බරවෙලා වගේ කතා කරනව කියන්නෙ ආන්න ඒ වගේ...

"ම්ම්ම් සීතලයි ගැහෙනව වගේ"

ඇත්තටම මට සීතලයි යකෝ හෙන අමාරුයි ඇඟට උබර් නෙවේ මමයි මෙතන අඩන්න ඕනෙ සෙද්ද එයා මන් පොරවන් හිටපු රෙද්ද යටින් අත දාලා මගෙ අත ඇල්ලුවා මේ මොකච මේ...

"ඔයාගෙ ඇඟ හොඳටම සීතල වෙලා...නලල හොඳටම රස්නෙයි..."

"ම්ම්හ්ම්ම්..."

"ආදි මන් ඔයාව බ-බදා ගන්නද"

ම්ම්ම්ම් බදා ගත්තයි කියල් ඉතින් මුකුත් වෙන්නෙත් නැහැනෙ ඔන්න ඔහේ කමක් නෑ නේත...

"හාම්ම්ම්"

"කෝ එන්න එහෙනම්"

සිතූ මන් පොරවන් හිටපු රෙද්ද පොඩ්ඩක් එහාට කල්ලා මාව එයාට තුරුල් කර ගත්තා මමත් එයාගෙ ඇඟ උඩින් අත දාල එයාට තව තුරුල් උනා එයා මට චුට්ටක් උඩින් හිටියේ මගෙ ඔලුව තිබුනෙ හරියටම එයාගෙ පපුව ගාව එයාගෙ කකුල් තිබුනෙ මගෙ දනහිස් වලටත් උඩින් කොට මොඩල් එකක් නෙ ඉතින්...

එයා උනුම උනුයි හීටරයක් වගේ...

එයාගෙ එයාගෙ සිනීදු අත් වලින් මගේ කොන්ඩෙ අතරින් ඇඟිලි යවලා මගෙ ඔලුව හරි ආදරෙන් අත ගෑවා... එයා එහෙම්මම එයාගෙ සිනිදු තෙත් තොල් වලින් මට හොඳටම දැනෙන්න මගෙ නලලට කිස් එකක්  දුන්නා ඒක හරිම කෙයාරින් වගේ මන් සිතූට තවත් තුරුල් උනා...එහෙම්මම මට නින්ද ගියා...

"පෙසාරා..."

"ඔව් මාව බදාගෙන නිදි"

"එයාට හොඳටම උන ඇඟ රස්නෙම රස්නෙයි රෑත් උන තිබ්බා එයාට සීතල උනා හුඟක් ඉතින් මන් තුරුල් කර ගත්තා"

"එයා පුංචි ලමයෙක් වගේ පෙසාරා.. හරි ආදරේ හිතෙනවා.. ඔයා මේ වෙලාවෙ මේ එයා ඉන්න විදිහ දැක්කනම් ඔයාටත් එහෙම හිතෙයි..."

"ම්ම්ම් අවුරුදු පහලවක් උනාට හරිම හුරතල් පුංචි කෙල්ලෙක් අනේ..."

"අපේ නෙතූ වගේ ඕයි මට මේ ලමයව ඕනෙ පෙසා මට මෙයා මෙහෙම ඉන්නව දකිද්දි එයා දිහා නින්දක් නැතුව හරි.බලන් ඉන්න පුලුවන්..."

"හ්ම්ම්...ඊයෙ මෙයාට දොලහට විතර නින්ද ගියා මන් එකයි ගානක් වෙනකන්ම මෙයාගෙ ඔලුව අත ගගා එයා දිහා බලන් හිටියා.."

"ඔව් ඕයි පිටතින් මෙයා හැඩි දැඩි ලොකු ලමයෙක් වගේ පෙනුනට හිතින් හරි පුංචි ලමයෙක්"

"ඔව් හයහමාරට විතර ඇහැරුනාම ඇතිනේ...තාම පහයිනෙ වෙලාව..."

"හරි තියන්නම් බුදු සරණයි..."

"අනේ නිකන් ඉදහන්...බායි"

මන් නින්දෙ හිටියත් මට ඒ කියපු දේවල් ඕක්කොම හොඳටම ඇහුනා..

සිතූ ෆෝන් එක පැත්තකින් තියලා ආයෙම මගෙ ඇඟ වටේ අතක් දාගෙන මට තුරුල් වෙලා මගෙ නලලෙන් කිස් එකක් තියලා නිදා ගත්තා මටත් ආයෙත් එහෙම්මම ඇස් දෙක පියවෙලා නින්ද ගියා

"ආදී... නැගිටින්න ඉස්කෝලෙට යන්න ඕනේ.."

"අනේ තව විනාඩි පහයි"

"විනාඩි පහ පහ ඉන්න බෑ නැගිටින්න..."

"අනෙ මට අද ඉස්කෝලෙ යන්න බෑ මේ දරුවට හුඟක් අමාරුයි..."

"ආදි අද නෙට් බෝල් මැච්..."

"ඔයා යන්න මට බෑ"

"අනේ මේ ලමයව නැගිට්ටගන්න තියෙන අමාරුවක් දෙයියනේ..."

"අ-"

අම්මටහුඩු... මන් මුන්ගෙ ගෙදරනෙ ඉන්නෙ වස විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ

මන් එක පාරටම ඇහැරිලා ඇඳේ ඉඳගත්තා මන්

කෙලින් යකෝව්...

ආදි මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා ඉනටත් අත් දෙක තියාගෙන හනේ හැයි ඔවා ඕම බලන් ඉන්නේ ෆොටෝ එකක් ගහල ස්ටිකර් එකක් හදන්න ඕනෙ

'ඉනට අත් දෙක තියන් ඉන්න මනුස්සයගෙ ස්ටිකර් එක' කියලා

මන් ශේපට් එකේ මුකුත් නොවුන ගානට ඇඳුම් අරන් බාතෲම් එකට ගිහින් දොර වහ ගත්තා...

මන් සනිකව දත් සැට් එක මැදලා සල ලල ලා ඊට පස්සෙ ශවර් එක ඇරියා...

"අහසට සොඳුරුද සඳ...කෙතරම්

ගසකට සොඳුරුද මල… කෙතරම්

සයුරට සොඳුරුද රල කෙතාරම්

එතරම් මිහිරී ඔබ මට නම්...

here we go

හිත මැද පෙම්බර කම් සනහා

යන එන මග ඉඟි බිඟී කරමින්

හොඳ නැහැ කරනා ඔය දඟ කම්

දුටුවොත් වෙන අය වෙයි නපූරක්

වාන් ටූ ත්‍රී ගෝ

රැස් විහිදෙන සමනලියකගෙන් ඉඟියක් ලැබුනාම

රැක ගන්නම් දුර අවකාශේ ඉගිලී යන දාක

ආ ආ

දේදුන්නේ හීන කැන්දූ නීල වර්ණේ නේත්‍රා මනරම්

රෑ පානේ සේද රැන්දූ කේශ සේනා මවනා සිතුවම්

මාලතී කොපුල් සිනාසී

ආදරේ දෝරෙ ගලාවී

සුසුම් වැල් දෑසේ මියැදී...

නුඹ හැඩකාරයි දඟකාරයි සොකරී යන්න එපා

පැණි රස කෑම දිව ගාලා කන්සා බොන්න සොඳා

සුර ලොව පේන සැප ගාව මා අත් හරිනු එපා

අද වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා

අත්උඩි අත්උඩ ගෝ ගෝ ගෝ හිය වී ගෝ

ගැස්සෙන ඔය හඳේ රිද්මයේ

සත්තට තුරුලු වී සැනසුනේ

ලස්සන සිනහවද ලල ලලා

සිඳගන ඔබද මා සුරතලී

යේ යේ යේ තැන්ක්‍යූ ගායිස්...."

මන් නාලා හෝඳගෙන ඇඳුම් ඇඳගෙන එලියට ආවා

"සෝක් මියුසිකල් සෝ එක..."

"ඉහිම් ඔවාලට ඇහුනත...අල්ලලා දාන්න...අල්ලලා දාන්න කිව්වා නේ..."

පස්සෙ සිතූත් ඇඳුම් ඇඳගෙන ඇවිත් අපි දෙන්නා ඉස්කෝලෙට ගියා මේ දවස් වල ට්‍රැක් කිට් ගියා කියල අවුලක් නැහැ... අපි ඉතින් උදේ ඉස්කෝලෙට යනකොට 7.25 යි හරිම සෝක් කොහොම හරි මට අම්බානෙකට උන හැදිලයි තිබුනේ මට අපේ අක්කලා ප්ලේ කරන්න එපා එපා කියල කිව්වා මන් ඉතින් පලවෙනි මැච් එක ප්ලේ කලේ නැහෑ අන්ඩර් සික්ස්ටීන් පලවෙනි මැච් එක තිබ්බෙ අපිටයි ගැමුණි එකටයි ඒක ගැමුණු එක දින්නා සැක් අසික්කිතයි

"ඊලඟට විජයල එක්කද.. මේ උනට බම්බු ගහගන්න කියන්න.. මේක පරාද වෙන්න බැහැ මන් ප්ලේ කරනවා මට සෙන්ටර් දෙන්නකො අපේ ශූටර්ලා දෙන්නා හොඳයි ජීඩී හොඳයි ඩබ්ලිව් ඒත් හොඳයිනේ ගැම්මක්"

"අනේ පරිස්සමින් ආදි"

"ඔයා බයවෙන්න එපා අනේහ්හ්..."

අපි මැච් එක ප්ලේ කලා ෆස්ට් හාෆ් එකේ විජයලා අපිට ලකුණු පහක් ඉස්සරහින් හිටියේ මට නම් ලෙසටම මල පැනලා හිටියෙ ජී එස් එක්ක මේකි හොඳයි කියලනෙ හිතන් හිටියේ ජී ඒට දුන්නෙත් නැහැ මේ හු#ති දැම්මෙත් නැහැ පස්සෙ සෙකන්ඩ් හාෆ් එක පටන් ගත්තු වෙලේ ඉදන් මන් යකා වගේ ගැහුවත් අපිට එයාලට තියෙන බෝල හරවගන්න එතන හිටපු ඩබ්ලිව් ඩී ටිකක් මදි ජී ඩී හරවලා එව්වත් ඩබ්ලිව් ඩී හිටපු එකා මැද්දෙන් පැනල කනවනේ... මේකිට අට දාන්න කිව්වට අහන්නෙත් නෑ මුන් ඔක්කොම අසමජ්ජාති සක්කිලියෝ

"අඩෝ අඩෝ සෙතුකි දාපන් මේක වත් ප්ලීස් මේක විතරයි ඕනෙ..."

සෙතුකි බෝලෙ ගෝල් පෝස්ට් එකට විසික් කරනවත් එක්කම මන් දැක්කා කෝච් විසිල් එක කටේ ගහගන්නවා මේක වැටුනොත් අපි දිනුම් මොකක් හරි අවාසනාවකට බෝලෙ වැදිලා හරි ඇතුලෙන් ගියෙ නැත්තන් මේ බේස ගෑනි විසිල් එක ගහනවා සුවර්...

"න්-යේ යෙස් යකෝ දින්නා...."

මම ගිහින් සෙතුකිව බදා ගත්තා අඩෝ ගැම්මක් ඒත් එක්කම විසිල් එකත් ගැහුවා අඩෝ විජය එකට පැරදෙන්නැතුව ඕන එකක්

අපි අනිත් මැච් එකෙත් දින්නා අන්ඩර් සික්ස්ටීන් ෆයිනල් එකේදි ගැමුණු එකට අතිසය විසාල ගැප් එකක් තියලා මැච් එක දින්නා අපි අන්ඩර් ට්වෙල්,ෆෝටීන්,සසික්ස්ටීන්,එයිටීන්, ට්වෙන්ටි ඔක්කොගෙම චැම්පියන්ස්ලා වෙලා ඕවර් ඕල් චැම්පියන්ශිප් එක ගත්තා... යෙස් හු#තො යෙස්

මට මොකක් හරි කප් එකක් තියෙනවද දන්නෑ ඉම්හි ඉම්හි

අපි හවස මැච් ඉවර වෙලා මම එකසිය විස්සක ඇවිත් ගෙදර එන්න ආවා... හෙට මන්ත්ලි ටෙස්ට් කියන්නේ...අප්පච්චී මාව පාර ගාවින් ගන්න ආවා...

අනේ සිතූලගෙ ගෙදර ඉන්න තියෙනවනම් අදත් මන් අද ආවෙම අපේ ලොකු අයියගෙ බර්ත්ඩේ එක නිසා... උදේ මන් මෑන්ස්ට කෝල් එකක් අරන් විශ් කලා ඒත් ඉතින් ගෙදර යන්නෙපැයි කේක් කන්න

ඇඟට නම් හෙනටම අමාරුයි මට සහලෝලා උණ...

හිම්චි ආදිට සහලෝලා උන හලෝ ඔවාලා බලන්න යන්ට දොඩම් ගෙඩි දෙකක් අරගෙන පව් නේ

අපේ ආදි මාරම ටැලන්ටඩ් නේත හලෝ ඉගෙනීමෙදිත් එහෙමත දන්නෑ

ආදිගෙ ලොකු අයිය නම් ම්ම්ම්ම්ම් ඒ ලෙවල් වලටත් ඒ තුනක් දැම්මා මැත්ස් කල්ලා.. ඕලෙවල් වලට නයින් ඒස් පොඩි අයිය පගාත් එහෙමනේ ඌටත් නයින් ඒස් ඒකයි ඔය අලිපුපාලා වගේ හෙන ලොකු කමේ ඉන්නෙ උන් දෙන්නා... 😪

හනේyyyy මන් චැපි විස්සක් ම ලියලා නේත හැලෝ...ඒ වෙනුවෙන් අද රෑට මාව මතක තියාගෙන නිදා ගන්න ඉහිම් 😬

මා ඉතින් යන්න යනවා...

මට යන්න අවසරයි...

මට අරන් යන්න ඇත්තේ...

ඔබෙ ආතරෙ විතරයි...

චැම්සා ආතරෙයි හරිට ඔවාලට උතුරල ගලාගෙන යන්නම 😽❤️

Share This Chapter