Back
/ 53
Chapter 21

21 කොටස

_නොනිමි_

'ලමායි හෙට සිරිමාවො එකත් එඅ මැච් එකක් තියෙනවා හැමෝම දෙක වෙනකොට පිටිපස්සෙ හොස්ටල් ගාව නවත්තල තියෙනව බස් එක එතනට එන්න'

ම්ම්ම් නායිස්ස්ස්ස් දැන් පලයන්කො ඉස්කෝලේ... මන් මාර්තු පලවෙනිදා ඉස්කෝලෙ ගියාට පස්සෙ දෙවෙන්දා යන්න උනේ නෑ මට හම්මට සිරි වෙන්නම උණ හැදිලා තිබ්බේ එදායින් පස්සෙ මම ඉස්කෝලෙට ගියෙත් නෑ මන් ගෙදට්ට වෙලා රෙස්ට් කලා ඇරෙන්න දැන් හෙට මැච් එකකට යන්නත් ඕනෙ එහෙම උනොත් උදේට සිතූලගෙ ගෙදට්ට ගිහින් එයා එක්ක ඉස්කෝලෙට යනවා මහ දුරක් නෑ නේ

"අප්පච්චි මාව හෙට උදේට සිතුමිණී අක්කලගේ ගෙදරින් දානවද අප්පච්චි යන ගමන් ම මේ හෙට සිරිමාවො එක්ක මැච් එකක්"

"පුදුම වදයක් නේ මේ ක්‍රිකට් එකක් කරන්න අරන්"

අනේ අනේ අප්පොච්චේ එහෙම කියන්න එපා සුදු දෝණිට දුක හිතෙනවනේ සුදු දෝණි දස්සයිනෙ අප්පච්චි

"ඉහිම්"

අප්පච්චි මටත් රවාගෙන ගෙදර හැම එකාටමත් රවා ගෙන ගෙටත් රවල යන්න ගිහින් කකුල පුටුවකත් වැදුනා හනේ අප්පච්චි මන් නම් සාප කලේ නෑ පස්සෙ කාමරේට ගිහින් දඩාස් ගාලා දොර වහ ගත්තා විතරයි එතන්ට හෙන ගහන්න වගේ පහත් උනේ අපේ පොඩි අයියා හනේ දැක්කෙත් කාලෙකින්...

අපෙ අයියා දිහා මන් තත්පර දෙක තුනක් බලාගෙන කල්පන කරා මුගෙ උස යකෝ මන් තමා මෙච්ච හිච්චි බටු ඇටිකිච්චා වගේ ඉන්නේ මුන් මෙතන මේ පතරංග ජාතකේ වගේ අප්පොච්චත් එහෙමනේ... ආ හැබැයි සිතූ මට වඩා කොටයිනෙ ඉතින් කමක් නෑ ඒත් මුන් මේ අඩි හයක් විතර උස ගිහින් මන් කරන්නද මන් අහන්නෙ...

"ඒ මේ චූටි..."

මුට සිරාවට කෙල්ලෙක් ඉන්නවද දන්නෑ අනේ දෙයියනේ අපේ ලොකු අයියගෙ ලව් එක ඒකා දහය වසරෙදි ගෙදට්ට අහු වෙලා අප්පච්චි ගැහුවා සැක් නංගි මෙච්චර හොර වැඩ කරලත් මූට හොර වැඩක් කර ගන්න බැරි උනා නෙ මෙහෙමයි ඉතින් එයැයිට ඒ කාලෙ මගෙන් උපදෙස් ගන්නත් බැහැනෙ මන් එතකොට හිච්චීනේ මට එයා දහයෙදි මන් හිතන්නෙ අවුරුදු අටක් විතර ඇති... පස්සෙ ඒ අක්කත් මූට බූට් එක තිබ්බනේ එදායින් පස්සෙ අපෙ ලොකු අයියට කෙල්ලො ගුජුබ්සාජනකයි වගේ මේ යකා ගේ ද දන්නෑ... පොඩි පුතාගෙ නම් එහෙව් එකක් මට මේ පෙනී යනවා... අපි බලමුකෝ මුන් දෙන්නගෙ නංගිනෙ මම

"ඕයි නංගී"

ඒ උනාට අපේ පොඩීත හෙන ලස්සනයි නෙ හලෝ මට වඩා සුට්ටක් සුදුයි නෙ ඉතින් කමන්නැහ් අනාව්ව් ඇහි බැමේ ලොකු දෙයියනේ... ඒ ඇස් ! ඒවා හෙන ගහල වගේ කට්ට කලුයි නේ අපේ පවුලෙන් අප්පච්චිගෙයි මෙයාගෙයි මගෙයි තමා ඇස් කලු අපේ අම්මගෙයි ලොකු අයියගෙයි ඇස් දුඹුරුයි මට මතකයි අම්ම ඒ කාලෙ කියනවා අප්පොච්චගෙ දුෂ්ට නපුරු මූණ අපි දෙන්නට ඒ ලෙසින්ම පිහිටල තියෙනවා වගේම කරන වැඩත් එහෙම්මමලු අපේ ලොකු අයියා තමා ගෙදර සාමකාමීත්වය කියල හිතන් ඉන්නේ...

"අඩෝ"

"ආ-ඈ-ඇයි"

හනේ මගේ මනෝ ලෝකෙ විනාස කරන්නෙ තිත්ත කරවලයෙක් කඩා පහත් වෙලා...

"මොනාද ඔච්චර කල්පනා කරන්නෙ මිනිහා ගැනද..."

පොඩී ඒක ඇහුවෙ නලලත් රැලි කරන් ඇහි බැමක් උරුක් කරන් නෑ නෑ අයියෙ අයියට වැරදිලා මිනිහා නෙවේ ගෑනී අයියගෙ අති පන්ඩිත නෑනා ම්ම්ම්ම්

"හැව් මගෙ සක්කර දෙයියා ගැන කල්පනා කලේ...ඒත් සව්සෙ ඇයි මේ පඩුපුල් ආසනේ රත් වෙලා වගේ බෙරිහන් දෙන්නෙ..."

"මන් අපේ හවුස් එකේ හවුස් කැප්ටන් "

"අම්මටසිරී..."

අයියා ඒක කියපු ගමන් මාව හිට්ටවුනා අඩෝ අඩෝ ගැම්මක්නෙ පොඩි පුතේ...

ලේසි පාසු ඉස්කෝලෙකද මේ ලමයා ඉතින් මේ හවුස් කැප්ටන් වෙලා තියෙන්නෙ හැව් ඉතින් ක්‍රිකට් වයිස් කැප්ටන් නේ පුහ්හ්හ්

"අකිලයා Marven එකේ කැප්ටන්

අර උස රගර් ගහන අයියා සනුක...ඌ Harves එකේ වයිස් හවුස් බිහඳු Alexander එකේ හවුස් ගේම්ස් වෙලා අර බිනාත් අන්න ඌ Oscar එකේ හවුස් වයිස් මම ඉතින් Braxton..."

පොඩී හෙන උජාරුවෙනුයි ඒක කිව්වෙ ඇත්තටම සතුටුයි මට

"ඔයාලගෙ හවුස් එකේ අනිත් ටොප් බෝඩ් සෙට් එක කවුද ඉතින්"

"ආ ගේම්ස් අපේ ස්විමින් කරන ගිනුක වයිස් හවුස් අපේ දෙවින් වයිස් ගේම්ස් අපේ ඉෂාක් ඔයා එයාව දන්නැහැ..."

"ආ හාම්ම්ම් මන් එන්නත ඔවාලගෙ මීට් එක බලන්න"

"එන්න එන්න ඉතින් නෑවිත් කොහොමද මන් නෙ ෆ්ලැග් එක ගෙනියන්නෙත්... අනික බ්ලේසර් දාලා..."

අපේ අයියා හෙන ආඩම්බරෙන් කිව්වෙ මට ඇත්ත වසයෙන්ම සතුටුයි

පහුවදා උදේ අප්පච්චි මට දෙස් දෙවොල් තිය තිය මාව සිතූ අක්කලගෙ ගෙදර ගිහින් දැම්මා අපි දෙන්නට ඉතින් සෑහෙන්න අමාරුවක් තිබුන නිසා අපි දෙන්නා Ome එකට ලොග් උනා හනේ එකෙක් අපිට සින්දුවකුත් කිව්වා පස්සෙ අපි සැනිකව ලොග් අවුට් වෙලා ටික් ටොක් එකට ගියේ නෙතූ ආපු නිසා

අපි දෙන්න කාලා ඇඳුම් ඇඳන් ඉස්කෝලෙට ගියා මන් මූණ වහන් ගියේ කාට හරි මාව අහු වුනොත් හොඳට අහගන්න වෙන නිසා අපි ඒත් දුවගෙන දුවගෙන යනකොට මගේ මිතුරෙක් මාව ලුහුබැඳලගේ... ඒකා ඇවිත් මගෙ පුපට පයින් පාරක් දුන්නම මට ඉතින් අම්මා මුත්තා සිහි කරන්න හිතුනා රෙද්ද... එයාට ඉතින් හරි ආදරණීය ලෙස ආදර බර වදනින් අමතලා සිතූවත් ඇදගෙන දුවගෙන ගිහින් බස් එකට නැග්ගා... අපේ අක්කලා ටික මට පිටිපස්සටම එන්න කිව්වේ මට බොංගො එක ගහන්න පුලුවන් නිසා...

අපි ඉතින් බොංගො එක ගහ ගහ ගියා

"සෑම දා මන් ඔබේ සතුට වෙනුවෙන් කරපු හැම දේ

වේදනාවක් ලලා මටම ලැබුනේ දෛවයද මේ...

අපි දෙන්නගේ ලොවේ පැතු සිහිනයේ

ඔබ විතරයි මගේ ලෝකෙ මුල් තැන උනේ

ලල්ලල්ලලා ලලලල්ලා .........

දන්නේ නෑ වාගෙ ඔබ ඉන්නවා

මටම පුදුමයි ඔබමද කියා

අසරන මගෙ හිත රවටලා

ඔහුගෙ ලෝකේ ඔබ රජවෙලා"

එක අක්කා කෙනෙක් කියන්න ගත්තම මන් ඩිස්ටිඩිඩින් වෙන්නම බොංගො එක ගැහුවා අතරින් පතරින්

"අංකාල්ල්ල්ල් ඒසී එක වැඩි කරන්නකෝඕඕඕ"

කියල සද්ද ආවත් අපි ලස්සනට සිංදු කියලා සිරිමාවෝ එක ලඟට යද්දි නිස්සබ්දව සුදු ඇඳගත් කොක්කු රෑනක් වගේ හිටියා... අපි ඉතින් ටීම් එකත් එක්කත් කතා කල්ලා හෑන්ඩ් ශේක් කල්ලා අපේ සෑර් ටීම් බෙදුවා

වෙනද වගේම මම ටීම් එකේ හිටියා...දැන් තරුල්‍යා නංගිත් අවුලක් නෑ කතා කරනවා... ඒකා මට අක්කා නෙවේ අයියා කියලා කතා කරන්නෙ මායි ඌයි දෙන්නම කොන්ඩෙ කපල නිසා... මන් කොල්ලො හිතුව තරම් මා සින්දුව කියනවට මේකි පට්ට කැමතී... අපි ඉතින් සිරිමාවො එක්ක මුලින්ම බැට් කල්ලා ලකුණු තුන්සිය ගානක් ගහලා උන්ට සීයක් වත් ගහන්න උනේ නෑ සිරිමාවො එක ඕල් අවුට් උනා මක් කරම්ද ඒ අස්සෙ හිටියා හොඳටම ප්ලේ කරපු නංගි කෙනෙක් ඒ නංගි අත දිග ඇරලා මගෙ නහයට බෝලෙන් ගැහුවා මන් දන්නෑ ඇයි කියලා කොහොම හරි මගෙ නහයෙන් ලේ ආවා කියලා අපේ අක්කලා ඒ නංගිව මරන් කෑවෙ නැති ටිඅ විතරයි

අපේ සර් උත් එයාලග් ඉස්කෝලෙට කම්ප්ලේන් කරනවයි කිව්වා...හොඳ වැඩේ...

ටික දවසකින් අපේ ඉස්කෝලෙ බැඩ්මින්ටන් මැච් වැටුනා අපිව ඒකට දෙල්කඳ එක්සෙල් එකට එක්කන් ගියා අච්චර ඉස්කෝලෙ ප්ලේ කරන්න තිබ්බා අපේ ඉස්කෝලෙ ඉන්න උන්ට මඤ්ංකංනෙ ඉතින්...

කොහොම හරි මුලින් මන් රිසව් ප්ලේයර් කෙනෙක් විදිහට හිටියේ පස්සෙ මන් ප්ලේ කරන්න හිටපු එක්කෙනෙක් එක්ක නිකමට මේ ගහලා එයාව පරාද කරපු නිසා අපේ හව්ස් එකේ ජන හිත කාමි රැජිනියො ටික මාව අර ලමය වෙනුවට දාලා එයාව රිසව් දැම්මා පව් හත් දෙයියනේ...

මන් මුලින්ම ඩබල් එකජ් ප්ලේ කලේ මගෙ අතින් සමහර ඒවා මිස් උනා මොකද හැම හව්ස් එකකම වගේ හිටියේ අපේ ඒජ් ගෲප් එකේ ප්‍රැක්ටිස් එන ලමයි මන් තමා මේ හෙන ගහන්න වගේ මෙතන්ට කඩා පහත් වෙලා අර ලමයටත් ගහන්න නොදී මේ හෙන සීන් එකේ ප්ලේ කරන්නෙ...

කොහොම හරි අන්තිම වෙලාවෙදි ගැමුණු එකෙන් අපේ පැත්තට ආපු ශට්ල් එක නෙට් එකේ වැදී නොවැදී ව්ගේ ඒ ලඟින්ම මෙහාට ආවත් මන් දුවගෙන ගිහින් ගහපු නිසා ඒක අපි දින්නා...හනේ හරිම සන්තෝසයි අපිට බැඩ්මින්ටන් වල

අන්ඩර් ටෙන් චැම්පියන්

අන්ඩර් ට්වෙල් චැම්පියන්

අන්ඩර් ෆෝටීන් රනර්ස් අප්

අන්ඩර් සික්ස්ටීන් චැම්පියන්

අන්ඩර් එයිටීන් චැම්පියන් වගේම

අන්සර් ට්වෙන්ටිත් රනර්ස් අප් උනා

ඒ නිසා අපි බැඩ්මින්ටන් ඕවර් ඕල් චැම්පියන්ස් ලා වෙලා හිටියේ

අපි කට්ටියම එකතු වෙලා වෙනද වගේම ස්පෙල් එකක් දුන්නා එව්ත් එක්කම අනිත් හවුසස් වලටත් ස්පෙල් එකක් දීලා අන්තිමට ස්කූල් නේම් එක කියලත් කෑ ගැහුවා...

මන් අපේ නිශායා අක්කලටත් කිව්වා අපේ අයියා භොක්ක හව්ස් කැපා වෙලා කියලා

මාරයි නේත හලෝ....

පුදුම නිදි මතක් යාලුවනේ තියෙන්නෙ ඒ අස්සෙ මේ ෆෑන් එකෙන් හුලං එන්නෙත් නෑ...ඔවාලා දත කට මැදලා නිදා ගන්න ලමයි මේ මහ රෑ ඇහැරන් ඉන්නැතුව පුදුම මිනිස්සු තමා ඔයාලත් 😒✌️

මන් ආතරෙයි ඉතිම් උතුරන්න 😽❤️😒

Share This Chapter