Back
/ 53
Chapter 22

22 කොටස

_නොනිමි_

අද අපිට වොලිබෝල් මැච් දෙයියනේ උදේ ඉස්කෝලෙට යන්න ඕනෙ මන් වොලිබෝල් ප්‍රැක්ටිස් ගිහින් නැති නිසා මාව දාන්නැති වෙයිද දන්නෑ ඒත් අපේ නිශායා අක්කගෙ වොලිබෝල් ස්කූල් ටීම් කැපා දායි දායි අනේ...

මන් ඉතින් පාන්දරම නැගිටලා ට්‍රැක් කිට් දාගෙන ඉස්කෝලෙට ගියා යනකොට හත්වලාමේ අපේ ස්කූල් බස් එක කැඩුනනේ දෙයියනේ කියල කෝම හරි අපි හතහමාරට කලින් ආවා නැත්තන් මට රෙද්ද ගලෝලා සුදු ගවුමක් පටලවන් යන්න සුදු ගවුමකුත් නෑ

අපේ සිතූගෙ උපන් දිනේ හෙට නෙ දෙයියනේ මේ ලමයට දාහතකුත් වෙනවත්තෙක්ක හනේ ඒත් මේකි මේ ඇටිකෙහෙල් උගුඩුවෙක් වගේ තාම අවුරුදු දොලහෙ එකෙක් වගේනේ.. අද මන් රෑට සිතූලගෙ ගෙදර නවතිනවා හෙට එල්ලෙ මැච් නිසා ඊට පස්සෙ හෙට නම් ගෙදර යන්න වෙනවා ඒත් අනිද්දා ස්විමින් මීට් නේ මන් ඒකට ඕනෙ ඇඳුම් ගෙනාවෙ නැහ් බලමුකො ඒම උනොත් මොකක් හරි මගුලක් කරනවා සැහ්

මුලින්ම අන්ඩර් ට්වෙල් ඉදන් තමා මැච් පටන් ගත්තේ හනේ අපේ පොඩි වුන්ට ගහන්න තේරෙන්නෙත් නෑ සර්විස් එක දාන්නවත් බැහැනෙ දෙයියනේ අන්ඩර් ට්වෙල් මැච් ඔක්කොම ඉවර වෙලා තමා ෆෝටීන් ඒවා පටන් ගත්තේ ට්වෙල් එකේ අපි සෙකන්ඩ් රනර්ස් අප් අපිට එයාලට ප්‍රැක්ටිස් කරවන්නත් බැරි උනා නේහ් ෆෝටීන් එකේ අපි චැම්පියන්ස්ලා උනා සික්ස්ටීන් එකත් රනර්ස් අප් අපේ එයිටීන් එක නම්... අහම් ඒකත් අපි චැම්පියන් ලා උනා මන් බිම වැටිලා හොම්බ තලාගෙන තුවාල කරගෙන ප්ලේ කලේ මන් ලස්සන ඩෑශ් එකක් ගහනවා අපේ photograpic සොසයිටියෙ අක්කා කෙනෙක් කැප්චර් කරන් තිබ්බා ඒක මාර ලස්සනයි හැලූ

අපේ ට්වෙන්ටි මැච් එක තමා මැච් එක දෙයියනේ දෙයියනේ ඒකේ අපියි ගැමුණු එකයි මාරම ගේම් එකක් තිබුනේ ඒත් අපේ අක්කලා චැම්පියන්ස්ලා උනා සතුටුයි හැනේ එදා අපි ඉතින් ස්පෙල් එකත් දීලා හැටහුටහමාරක් ෆොටෝසුත් ගහලා දෙයියනේ කියලා හවස හයහමාරට විතර ඉස්කෝලෙන් එලියට ආවා අපි එන ගමන් කේෆ්සි එකටත් ගිහින් බර්ගර්ස් තුනක් අරන් සිතුයි මායි නෙතුයි කාලා ආවා

ගෙදර ඇවිල්ලා අපි තුන්දෙනා ඉස්සෙල්ලම වොශ් දාලා අපි සෙට් එක එකතුවෙලා අද උයන්න හිතුවා සුසිලා ඇන්ටිට ඉන්න කියලා

"අපි මොනාද ඉතින් හදන්නෙ..."

"මැක් ඇන්ඩ් චීස් හදමුද..."

"අහාකෝඔ..... ඒත් ඔයා හදන්න දන්නවද..."

"ඕ...."

"එහෙනම් ආදි අපි ඉස්සෙල්ලම අර කීල්ස් එකට ගිහින් බඩු අරන් එමුකො"

"ඕ යන්"

"ඉන්න මන් සල්ලි අරන් එන්නම්"

සිතූ එහෙම කියලා උඩ තට්ටුවට ගියා සල්ලි අරන් එන්න කියලා

"මේ ආදි....මාත් එන්නද ඔවාලා එක්ක..."

"ආ යමු අනේ"

අපි තුන්දෙනා සිතූ පහලට ආවම අපි සුසිලා ඇන්ටිටත් යනවා කියාගෙන බයිසිකල් දෙක අරන් ගියා නෙතූ ඉතින් කෙලගෙන ගියා මන් ඉතින් සිතූ පයින් එන නිසා එයා එක්ක හිමීට හිමීට බයික් එක පැදගෙන ආවා සිතූට බයික් පදින්න බැහැ නෙ අපි දෙන්නත් හිමීට හිමීට කීල්ස් එක ගාවට ආවම නෙතූ ඉන්නව ඉනට අත් දෙක තියන් ස්වොරි නම්ගෙ අපි බයිසිකල් දෙකත් ලොක් කල්ලා කීල්ස් එක ඇතුල්ට ගියා අපි කාර්ට් එකකුත් අරන් මැකරෝනි පැකට් එකයි මොසරැල්ලා චීසුයි චෙඩාර් චීසුයි චීස් ස්ලයිසස් පැකට් දෙකකුයි තව බ්‍රොකලි සොසේජ්ස් චිකන් එහෙම ගත්තා නෙතූට අයිස් ක්‍රීම් ඕනෙ ඕනෙ කියල අපි ඉමොරිච් එකේ අයිස් ක්‍රීම්.ටබ් එකකුත් ගත්තා නෙතූට ඉතින් නිකන් ඉන්න බෑනෙ තව චොක්ලට්ස් වගේකුයි කෝක් එකකුයි ප්‍රී කුක්ඩ් චිකනුයි ගත්තා මුන්ට සල්ලි වැඩිවෙලාද කොහෙද

අපි ඉතින් බඩු ටිකත් අරන් සිතූවත් මගෙ බයික් එකේ මැද්දෙන් තියාගෙන ගෙදර ඇවිත් උයන්න පටන් ගත්තා

ඒ අස්සෙ නෙතූ වීඩියෝ කැම් එකක් අරන් වීඩියෝත් කරනවා මට කරන කරන දේ කියන්නලු යසෛ පුතේ

"ෆස්ට් ඔෆ් ඕල් අපි ගත්තු මේ පාස්ටා ටික අපි බොයිල් කර ගන්න ඕනෙ ඉස්සෙල්ලාම අපි වතුර ටිකකට බටර් හැන්දකුයි සෝල්ට් උයි දාලා ටිකක් වෙලා තියලා මේ පාස්ටා ටික මෙන්න මේ විදිහට දා ගන්න ඕනෙ... අපි කලින් වතුර ටික බොයිල් කර ගත්තු නිසා මේක අබවුට් ෆයිව් මිනිට්ස් වගේ තිබ්බම ඇති..."

ඒත් එක්කම නෙතූ වීඩියෝ එක නැවැත්තුවා ඔක්කොම වීඩියෝ කරන්න බෑ නෙ ඉතින්...මන් ඉතින් බොයිල් උනාට පස්සෙ ඒ ටික පෙරලා අරන් ලූණුයි අවශ්‍ය සාලෙක ලාලා ටික අරන් තියා ගත්තා

"අපි දැන් මේක පෙරලා අරන් තියෙන්නෙ දැන් අපි චිකට් එක මැරිනේට් කර ගමු...මෙන්න මෙහෙම බෝල් එකකට ජින්ජර් පේස්ට් එකෙනුයි ගාලික් පේස්ට් එකෙනුයි ටිකක් දාගෙන ඒකට චිලි.. පෙපර්.. සෝල්ට් ඇන්ඩ් සෝයා සෝස් ටිකක් දාලා මෙන්න මෙහෙම අනලා වහලා තියන්න ඕනේ...

ඇන්ඩ් නෙක්ස්ට් අපි මෙන්න මෙහෙම බාජනේකට බටර් හැඳි තුනක් විතර දාගෙන පාන්පිටි මේස හැඳි දෙකකුත් දාන් මෙන්න එහෙම කලවන් කරන්න ඕනේ..."

ඒ වෙලාවෙ මන් සිතූට චීස් ටික ග්‍රේට් කල්ලා ගන්න කිව්ව නිසා සිතු හති දමාගෙන චීස් ග්‍රේට් කරනවා පව් දෙයියනේ මගෙ දරුවා... ඒ අස්සෙ නෙතූ නැට්ටි ඒකෙන් චීස් කටේ දාගන්නා කියලා සිතූට මල යකා ආවේස වෙලා හිටියේ

"ඊට පස්සෙ අපි මේකට කිරි දාගන්න ඕනෙ ටික ටික මෙන්න මේ වගේ කන්සිස්ටන්සි එකක් එනකන්... පස්සෙ අපි මේකට මොසරැල්ලා ඇන්ඩ් පාමශාන් චීස් ටිකක් දාලා මෙන්න මෙහෙම හොඳට කලවම් කරන්න ඕනේ..."

මන් ඊට පස්සෙ සනිකව චිකන් එක පෑන් එකකින් තියලා බ්‍රොකලි ටිකත් තියලා ඒකට ඔලිව් ඔයිල් ටිකක් උඩින් දාලා ඉක්මනට අවන් එකට දැම්මා ඊට පස්සෙ සොසේජ් ටික බදින්න ගත්තා

"මන් දැන් අපේ මැරිනේට් කර ගත්තු චිකන් ටිකයි අපේ බ්‍රොකලි ටිකයි අවන් එකට දාල තියෙන්නෙ දැන් අපේ සොසේජ් ටික බැදලා ඒක දාගන්න ඕනෙ අපේ වයිට් සෝස් එකට"

මන් සොසේජ් ටිකත් ඒකට දාලා

"ඊලගට මෙන්න මෙහෙම අපි පාස්ටා ටිකත් දාගෙන හොඳට කලවම් කරන්න ඕනේ..."

පාස්ටා එක චීස් සෝස් එකත් එක්ක හරිම අමුතු විවිහට තිබ්බෙ මටයි සිතූටයි හිනා යන්න ආවත් අපි ඉතින් මොක්කුද කොක්කු දෙන්නෙක් වගේ හිර කොරන් හිටියා

"නයිස් දැන් අපේ චිකන් එක රෙඩී අපිට තව එක ස්ටෙප් එකයි මේ පාස්ටා එකට කරන්න තියෙන්නෙ නම්..."

මන් පෑන් එකක් අරන් ඒකට පාස්ටා ටිකක් දාලා ඒක උඩින් මොසරැල්ලා,චෙඩාර්,පාමශාන් චීස් ටිකක් දාලා ආයෙත් පාස්ටා දැම්මා... ආයෙත් අර විදිහට චීස් දාලා අන්තිම පාස්ටා ලේයර් එකත් දැම්මා ඒකට අපි තිබ්බ ඔක්කොම චීස් ටික දැම්මා දාලා චිකන් එකත් කපලා අපි සුසිලගෙ උදව්වෙන් ඒක මේසෙන් තිබ්බා එතකොටම සිතූලගෙ අම්මත් ආවා...

"අම්මී.."

නෙතූ දුවගෙන ගිහින් ආන්ටිගෙ කරේ එල්ලුනා...

ආන්ටි හරිම ලස්සනයි සිතූ වගේමයි

"අම්මි..."

සිතුත් ගිහින් ආන්ටිව බදා ගත්තා

"ආ මෙන්න..."

ආන්ටි නෙතූගෙ අතින් ලොකු පාර්සල් එකක් වගේ එකක් තිබ්බා

"ම්ම්ම් මාර සුවඳයි...මොනාද හැදුවේ..."

"අම්මී..ආදි අක්කා මැක් ඇන්ඩ් චීස් හැදුවා..."

ආන්ටි හිනාවකුත් දාන් මගේ පැත්තට ආවා

"අම්මි මේ ඉන්නෙ ආදි.. ආදිත්‍යා ඩි සිල්වා මෙයා...

ආදී මේ අපෙ අම්මි..."

"නයිස් ටු මීට් යූ අම්.. ආන්ටි..."

"නයිස් ටු සී යූ ටූ දුව... මේ දෙන්නා මට ඔයා ගැන ගොඩක් දේවල් කියල තියෙනවා..."

"අහම්ම්"

මන් ආන්ටිට මල් මල් හිනාවක් පා කල්ලා යැව්වා ආන්ටිත් හරිම ආතරනීය විදිහට මන් දිහා බල්න් හිටියේ

"දුව හරිම ටැලන්ටඩ් වගේ.."

"හීහ්..."

"අම්මී ආදි අක්කට දුව නෙවේ පුතා කියන්න... එයා කොල්ලෙක් වගේනෙ කෝමත් "

හනේ නංගේ...

"ඔව් හැබැයි දුව කියන්න නම් වටින්නෑ නේද ලොකූ..."

"ඔව් අම්මි... අපි කමුද..."

පස්සෙ සිතුයි මායි ආන්ටී සුසිලා ඇන්ටිටත් එන්න කියලා අපි කට්ටියම කෑවා... ආන්ටි මගේ ගැන හුඟක් වර්ණනා කල්ලා සිතූලට ඒම බැන්නා මන් දිහා බලල හැදෙන්න කියලා...

"පුතේ..."

"ආ ආන්ටි..."

"අපි සිතූගෙ බර්ත්ඩේ පාටි එක ගන්න ඉන්නේ...දැන් හෙට 15ම ගන්න බැරි වෙයි අපි දහ අට වගේ ගන්න හිතන් ඉන්නේ..මන් පුතාගෙ තාත්තට එහෙම කතා කරන්නම්..."

"ආ හරි ආන්ටි..."

"අපි හුඟ දෙනෙක්ට කිව්වෙත් නෑ පුතා මේ පාර ඔයයි පෙසාරයි තව ටික දෙනෙකුයි තමා"

"ආ හරි ආන්ටි..."

"හරි පුතේ..."

"ලොකූ... මන් යනවා මන් හෙට උදේට එනවා හොඳේ..."

"හරි අම්මි...අපි යන්න කලින් එන්න ප්ලීස්"

"හරි...මන් යනව නෙතූ..මන් යන්නම් ආදි මන් දැනුත් හදිස්සියෙ ආවේ..."

"හරි ආන්ටි..."

අපි තුන්දෙනාම වැන්දම ආන්ටි ගියා එයා ඩොක්ට කෙනෙක් එයාට නයිට් තමා හැමදාම වගේ තියෙන්නෙ.. එයා හරිම හොඳ මනුස්සයෙක් ඒ කියන්නේ... තවත් කෙනෙක්ව හරි ඉක්මනට තේරුම් ගන්න පුලුවන් කෙනෙක් ඒ වගේම සෑහෙන්න උගත් අපෙ අම්ම වගේම එයත් කොටයි ලමයි දෙන්නත් කොට ඒ නිසා වෙන්නැති මන් තාම මෙයාලගෙ තාත්තව නම් දැකලා නෑ...

අපි කාලා බීලා ඉවරවෙලා ෆිල්ම් එකක් බලන්න උඩට ගියා නෙතූත් අපිත් එක්ක ආවා එයාටත් කම්මැලී කියලා...අපි මුලින්ම හැරි පොටර් ඇන්ඩ් ද හාෆ් බ්ලඩ් ප්‍රින්ස් එක බැලුවා ඒකෙ බාගයක් වත් යන්න කලින් නෙතූට නින්ද ගිහින් තිබුනා හුඟක් රෑ වෙලත් නෑ තාම දහයට පහක් වගේ... මන් නෙතූව උස්සන් ගිහින් එයාගෙ කාමරෙන් තියලා හිමීට දොර වහලා ආවා සුසිලා ඇනිටත් නිදා ගන්න කියලා අපි දෙන්නා දත් මැදලා මන් ඉස්සෙලා ඇඟ හෝදගෙන පස්සෙ සිතුත් ඇඟ හෝදන් ආවා

ආවට පස්සෙ අපි Yes god Yes කියලා මූවි එකක් බැලුවා ඒකෙ තිබ්බ දේවල් නම් අහම්... හනේ මේ හය හතර නොදත් දරුවට මොනවත මේ පෙන්නන්නේ... එහෙමට කියලා දෙයක් නෑ ඉතින් හැබැයි හොඳයි...

මට හද්දා නිදි මතකුත් ආවා සිතූටත් නින්ද යාගෙන නිදි කිර කිර හිටියේ හනේ මන්ද හලෝ ඔයැයිත්

"ඒ මේක ඕෆ් කල්ලා නිදා ගමු..."

"හාම්ම්"

සිතූ දඩ ඈනුමක් යවන ගමන් ටීවි එක ඕෆ් කල්ලා කාමරේ ඒ සී එක පොඩ්ඩක් අඩු කලා.. සීතලයි යකෝ මට නම්...

"එන්න නිදා ගන්න ඉතින්.."

"ඔයා නිදා ගන්න හලොව්"

"ම්ම්ම්...."

සිතූට ඒත් එක්කම නින්ද ගියා පුදුම නිදි කුම්බෙක් තමා...ඒත් මන් ඊට වඩා නිදි කුම්බෙක් නේ අපි ඒක ඉල්ලා අස් කර ගමු... සොමරී... මන් සනිකව ෆෝන් එක අරන් සිතූට විශ් එකකුත් හදලා හරියටම එකොලහයි පනස් අටට එලාම් තිබ්බා ඒකත් මට ඇහෙන විදිහට විතරයි සිතූට මේ එලාම් එකට නම් ඇහැරෙන්නෑ ඒක පොලේ ගැහුවත් සත්තයි මේ සවුන්ඩ් එක ඇහෙන්නෙ මට විතරයි බුහ්හා...

මම ෆෝන් එක කොට්ටෙ යටින් තියාගෙන රෙද්ද කකුල් දෙකේ ඉදන් පොරවන් සිතූ වටේ අතක් දැම්මම එයා මගේ පැත්තට හැරුනා... ඒත් එක්කම මන් එයාව තදින් තුරුල් කර ගත්තා... කොට්ටයක් වගේ...ඒත් එක්කම මගේ ඇස් බරවීගෙන ඇවිත් මට නින්ද යාගෙන ආවා...

*Tling tlong tling tlong*

"ආශ්හ්හ්"

ටසිරු එකොලහයි පනස් අටයි...

මන් ඉක්මනට වට්සැප් එකට ගිහින් විශ් එක දොලහා උන ගමන් දාන්න තියන් හිටියාඅ...

හරේ දොලහයි මන් ඉක්මනට සෙන්ඩ් එක ටච් කල්ලා සිතූගෙ ඇඟ වටේ අත දාලා එයාව පොඩ්ඩක් නැගිට්ටෙව්වා...

එයා හරිම ලස්සන විදිහට නැගිට්ටම මන් එයාව හග් කලා...

"Happy Birthday to the prettiest girl i've ever seen...

I don't really know what to say...

but the only thing I know that...

I Love You So Much but this time..,

not as a friend..

I love you bottom of my heart as a Lover...

ඇත්තටම thank you very much මගේ අම්ම වගේ මේ මාස තුනටත් මන් ලඟින් හිටියට...

but I'm scared ඔයා එක්ක එෆෙයා එකක් තියාගන්න එකට because of my appachchi ඔයා දන්නවා එයා කොච්චර strict ද කියලා...

And again Happy Belated Birthday Sithu....

I love you No matter what..."

එ-එයාගෙ ඇස් වල කඳුලු...එයාගෙ හිතේ කියා ගන්න බැරි දාස් ගානක් දේවල් තියෙනවා ඔව් මට එයාගෙ ඇස් වලින් ඒක හොඳටම පේනවා... ඇත්තටම මේකද මනුස්සයෙක්ට ආදරේ කරනවා කියන්නේ...

අනෙහ්...

"ම්හ්-ම-මට කියාගන්න දෙයක් න්-නැහැ අහ්හ්-ආදී...I love you lots..."

සිතූගෙ ඇස් වලින් කඳුලක් කම්මුල් දිගේ පහලට රූටන් ඇවිත් පහලට වැටුනා... ඇස් රතු වෙලා ඒත් එන්නම ඒවා වල සෑහෙන්නම උතුරන්නම සතුටක් තියෙනවා... කටේ ඇඳිච්චි හරිම අහිංසක හිනාවත් එක්ක.... මට තවත් එයා දිහා මෙහෙම බලන් ඉන්න බැහැ... මන්- මන් සිතූට ආදරෙයි... හුඟක්....

මන් හිමීට සිතූගෙ තොල් වලින් ඇඟිල්ලක් තිබ්බා මන් ඇඟිල්ලක් තිබ්බෙත් හරි පරිස්සමට.. නෑ මේක එයාගෙ ෆස්ට් කිස් එක වෙන්න ඕන නෑ ඒක අදම ඕන නැහැ... මන් මගේ මහපට ඇඟිල්ල තොල් වලින් තියලා මගේ අතින් එයාගෙ මූණ අල්ල ගත්තා...මන් හිමීට එයාගෙ මූණට පහත් උනා... මන් එයගෙ කම්මුලකින් හරු පරිස්සමට තොල් අග ගෑවෙන්න නොගෑවෙන්න හාද්දක් තිබ්බා... මට ආයෙත් දැනුනා එයාගෙ ඇහෙන් වැටිලා කම්මුල දිගේ ගලාගෙන ආපු කඳුලක් මගේ කම්මුලත් තෙත් කරන් යනවා...මන් ඊට පස්සෙ කෙලින් වෙලා එයාගෙ තොල් උඩින් මගෙ මුලු අතම තියලා මගෙ අත උඩින් කිස් කලා... එයා ඇස් වහගෙනම ඒක වින්දා... ඒත් එයාගෙ ෆස්ට් කිස් එක නෙවෙයි ඒ.....

පස්සෙ මන් එයා දිහා බලන් හිටියා...එයා හරියට උණු වෙලා තිබුනා හීටරයක් වගේ මන් ආයෙත් එයාව ඇදලා අරන් බදා ගත්තා... දෙයියනේ මේ කෙල්ලව කොහෙන්ද මේ ලෝකෙට ගෙනාවේ... මන් මේ ලමයට ආදරෙයි අනේහ්හ්හ්....

ඒත් එක්කම සිතූටයි මටයි නින්ද යාගෙන ආපු නිසා අපි දෙන්නා බදාගෙන ඔතාගෙන බෙඩ් ශීට් එක ඔලුවෙ ඉදන් පොරවගෙන නිදා ගත්තා....

ජීවිතේ පලවෙනි පාරට මන් මේ විදිහට කෙනෙක්ට ආදරේ කරන්නේ... ඇත්තටම අම්මා කිව්වා වගේම.. ආදරේ හරී සුන්දරයි...

ඇත්තටම,

'I love her no matter what'

හිම්චි මිම්චි ආවා බිජුමාල්ලනේ...

හනේ අපිටත් දවසක ඉර පායනවා...

ඉර හෝ හඳ කැමති එකක් ඔවාලා දා ගන්න හනේ...

බලන්න නේත ලමයි අපේ ආදිත්‍යා... මට නම් මේ ගෑම්නිව තේරුම් ගන්න බැහ්.... කමා කරන්න ඕන...

ඔවාලා හොඳ ලමයි වගේ.. රෑට දත් මැදලා ඕන නිදා ගන්න...නැත්තන් දත් සැට් එක පනුවො කාලා අන්තිමට දත් කෑලි එක්ක තමා ඉන්න වෙන්නෙ...ආ මේ ඔවාලා බුදුන් එහෙමත් වදින්න ඈ... නැත්තන් චැම්සා රෑට ඇවිත් ඔවාලට බය කරලා- අහම්... එහෙනම් මන් යනව මගේ රත්තරන් බිජුමාල්ලනේ....

ඉක්කන්ට අප්ඩේට්ටුවක් ගේන්නම් හරිතේ...

අනේ හලෝලා මගේ Reads 500 වෙලා votes 100 වෙලා... තැම්කූ හැමෝටම....මේක මට අති විසාල ජයග්‍රහනයක් දෙයියනේ... *සුරූස්* නහය උඩට ඇද්දා ඈ...

කොහොම හරි,

චැම්සා ආතරෙයි උතුරම්න...😽❤️

එච්චරායි!!!

Share This Chapter