Back
/ 53
Chapter 25

25 කොටස

_නොනිමි_

"දොර අරින්න...

අනේ අරින්නකූහ්හ්හ්හ්..."

ඒත් එක්කම දාස් ගාලා දොර ඇරුනා හනෙව්ව්

"මොකද චූටි.."

සුදු අයියා බැලුවෙ හද්දා කම්පියුස් වෙලා වගේ

"ඇයි අනී කියන්නකූහ්හ්හ්හ්"

සුදු අයියා කෙල ගිල්ලා එයාගෙ බෙල්ලෙ ඇටේ උඩ යනව මන් හොඳටම දැක්කා...

"මොකද වෙලා තියෙන්නෙ වර ගේ ඇතුල්ට"

"මේ බෑග් එක ගන්න..

අනේ ගන්නකූහ්හ්හ්හ්"

"චූටි...තව්සෙ අර නංගිලගෙ ගෙදර ඉදන් මොනව හරි කලාද... මොකද ඔය අමුතු විදිහට කෑ ගහන්නෙ ඊව්..."

"ඇයි ඔයාව හෝනි වෙලාත මන් කෑ ගහන විදිහට"

මන් ඇස්පිල්ලම් හතර පහකුත් ගහල කිව්වම සුදු අයියා නිකන් 'ඒව් වට් ද පක්' කියන්න වගේ මන් දිහා බැලුවා

"අනේ ඔව් මේ මට නැගලත් එක්ක..."

"හානෙ කෝ බලන්න..."

"සු- මේ ඕයි තව්සෙගෙ නංගිට මොකද්-"

මන් සුදු අයියගෙ කට අත් දෙකෙන්ම වහගත්තා... කෑ ගහන්න එපා මයෙ අම්මා අයියා මන් මේ වගේ වලත්ත පැටියෙක් කියල දැනගත්තොත් ගුලි කල්ලා මාව පන්දුව ලෙස අරන් බැට් එකෙන් දෙයි මගෙ හොක්ක තැලෙන්න...

"අනේ කෑ ගහන්නෙපා සුදු අයියේ මන් ආදරෙයිනේ"

"ම්මම්ස්ම්ම්ම්හම්ම්ම්ම්මමාම්ම"

"ඈ මොකා..."

සුදු අයිය මොනාද මේ කියවන්නේ අහෝ මුට පිස්සුද අනේහ්හ් පොඩි අයියේ මෙන්න ඔයාගෙ සුදුට පිස්සු හැදිලා...ආ අම්මට මන් කට වහන් නෙ හිකේ සමාවෙන්න

"අප්පට සමාවෙන්න දෙයියෝ මොකද්ද කිව්වේ මගෙ සුදු අයියේ..."

"ශුඩු හැයියේ තමා දෙන්නෙ උබට දෙකක්.."

මන් සුදු අයියගෙ පස්සට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කල්ලා දුවගෙන ගියා මන් තමයි ෆ්ලෑශ්

"ආදිත්‍යාඅ.....!!!"

"වූප්ස් අකරතැබ්බයක්... තුන් වෙනි වේදිකාවට පැමිණි අම්මටසිරි වේගෙකින් යන සීග්‍රඝාමී දුම්රිය දැන් කෙලගෙන පිඹගෙන යනවා ඇත..."

"මන්දා මේකිත් හැදෙනව අයියා විදිහටම මුන් දෙන්නටම පුදුම පුකේ අමාරුවක් නෙ යකෝ!!"

"මට මුකුත් කියන්න එපා ශාක්‍ය සුදූ..."

"අනෙ උබෙ..."

ඉතුරු එව්වා ඇහෙන්න කලින් මන් කාමරේට පැනගත්තා හනේ හලෝ මන් පීනලා ඒ මදිවට ඊයෙ සිතූලගේ ගෙදරත් ඉඳල දැන් මට හෙම්බිරිස්සාව තව ටිකකින් ඇඳුම් ගන්න යන්නත් ඕනෙ සුදු අයිය ඉන්න නිසා හොඳයි...

මන් වොශ් දාලා කාමරේට වෙලා පාඩම් කරන්න ගත්තා ඊලඟ අවුරුද්දෙ එක්සෑම් යකොව්ව්.. මන් පැය දෙකක් විතර පාඩම් කල්ලා හදිස්සෙ නැගුනු කුලුඳුල් ප්‍රේමයට සිතූට කෝල් එකක් ගත්තා රින්ග් එකයි ගියේ මේකි ආන්සර් කරානෙ...

"හලෝ ආදි පැටියො...

"හැලෝ තමා තෝ ෆෝන් එක ඔබ ඔබද ඉන්නේ...පාඩම් කරන්නැද්ද මුකලම් බස්සා..."

"මොකා..."

"මුකුත් නෑ තෝ පාඩම් කලාද..."

"ඔව් ආදි පාඩම් කර කර හිටියෙ මේ..."

"හම්මට ෆෝන් එකෙන්ද හත්තිලව්වේ පාඩම් කරන්නෙ"

"නෑ ආදි ෆෝන් එක ලඟ තිබ්බේ...මොකද මේ මල පැනලා..."

"අනේ නෑ උම්මෝ...ආතරෙයිනෙ මන්"

"හෙහ්හ්හ...."

අනේ හු#නවා අපේ අයියයි සුදු අයියයි එක පාට්ට දොර ඇරන් කාමරේ ඇතුල්ට ආවා.. එහෙම එනවත යකෝ කෙල්ලෙක්ගෙ කාමරේකට...හදිස්සියෙවත් කෙල්ල ඇඟ්- නෑ මන් කිව්වේ වෙන මොනා හරි කර කර හිටියනම්...

අප්පටහු#නවා කෝල් එක...!!!

"ආ චූටී... කව්ද කෝල් එකේ..."

"සිතූ...හාට් එකයි පැන්ඩයි පූස් කිස් එකයි....ආහා කවුත මේ..."

අනේ හැමි#නවනෙ ඕයි

"ආ ආ ශාක්‍ය මේ අර නංගිනේ...අර දවසක් අපේ ගෙදරත් ඇවිත් හිටියේ ඔව් ඔව් එයා තමයි..."

"එහෙමද චූටියො.."

"ආ-අ මේ ඕහ් එ-එයා"

"හලෝ නංගී එදා ඔයා එක්ක කතා කරන්න උනෙත් නෑ මන් කෙල ගෙන කාමරේට ගියා නෙ මන් ආදිත්‍යගෙ පොඩි අයියා අවීශ්..."

"හ්හෙලෝ අයියා.."

"හායි නංගියෝ... මන් ආදිගෙ සුදු අයියා... එයාගෙම අයියා නොවුනට එයාගෙම අයිය තමයි... මන් තිශාක්‍ය...නයිස් ටු මීට් යූ නංගී"

"නයිස් ටු ම්මීට් යූ ට්ටූ අයියේ..."

"ඉතින් ඉතින් නංගි කොහොමද මේ දවස් වල ස්ටඩීස් එහෙම... අපිට ආදි ඔයා ගැන කියල තියනවා"

"වරදක් නැහැ අයියා.. ශේප් එකේ වැඩ ටික කර ගෙන යනවා"

"එහෙනම් ඕලෙවල්ස් වලට නයින් ඒස් දාන්න පුලුවන් වෙයි නෙහ්"

"එහෙම්ම පුලුවන් වෙයිද කියල නම් ශුවර් එකක් නෑ අයියේ මට මැත්ස් සයන්ස් කොමස් එහෙම ටිකක් අමාරුයි..."

"ආ නංගි ඕන්නම් මට උගන්නන්න පුලුවන් මැත්ස් එහෙම මන් මැත්ස් කරන්නෙත් if you like i can teach you..."

"ආනෙ හා අයියෙ මන් අයියා ඉන්න දවසක ඔහෙ එන්නම්කො..."

"ඕකෙ නංගි...චූටි අපි යන්නම් ඔයාලා මල් කඩලා ඉවර වෙලා අරකට යමුද..."

"හා සුදු අයි- ඈ මොකක් කල්ලා ඉවර උනාම..."

"හරි හරි අපි යනවෝ..."

සුදු අයියා අපේ පොඩි අයිය වත් ඇදගෙන දොරත් වහන් ගියා හනේ මේ මිනිස්සු ගම කනවනෙ දෙයියනේ මන් දැන් කෝමද සමාජෙට- නෑ නෑ සිතූට මූණ දෙන්නේ...

ඉකේ...

"ආදි...වීඩියෝ ඔන් කරන්න..."

"ම්මොකක් බ්බ්වෑ... මන් සතෙක් වගේ ඉන්නෙ අක්කේ..."

"කමක් නෑ අනේ..."

සිතූ මට වීඩියෝ රික්වෙස්ට් එකක් එව්වම මන් ඇක්සෙප්ට් කල්ලා කැම් එක අතින් වහගෙන හිටියා...

"ඔය අත අයින් කරන්න..."

"ඒ ඇයි..."

"මට ඔයාව බලන්න ඕන නිසා..."

ඔයා නම් මෙතන ලස්සන ඇඳුමකුත් ඇඳන් කොන්ඩෙත් පීරන් ඉන්නවා මගෙ තමා මේ කොන්ඩෙට හෙනයක් ගහල වගේ රෝස පාට සර්ට් එකක් ඇඳන් මහ හිඟන ටයිප් එකේ ඉන්නේ...

"පොඩ්ඩක් ඉන්න..."

මන් අත ඉකමනට අරගෙන ඉක්මනින්ම පැනල දුවල ගිහින් ඇදන් හිටපු ටී එක ගලෝලා කලු පාට බැගී ටී ශර්ට් එකක් දාගෙන පොඩ්ඩක් කොන්ඩෙ අවුල් වෙලා තිබුනත් ලස්සනට තව ටිකක් අවුල් කරන් ආයෙ ෆෝන් එක ගාවට ගියා හොඳ වෙලාවට ගෑනු ලමයින්ගෙ ලොකු ඒවා මගේ පොඩි උනේ owwhhh yeahhh... benifits of having small b*

"Oh my gawd you look cute..."

"Well you also look so cute and beautiful..."

"ම්ම්ම් හෙට එනව නේද ආදි..."

"will see අනේ i'm not sure..."

විහිලුවට කිව්වෙ ලමයො මන් එනවා...

"අනේ ආදි...."

හනේ මේකිගෙ මූණට අකුණක් ගහල වගේ..කලබල වෙන්න එපා සත්තලනේ..සිතූගෙ ඇස් වලින් කඳුලු කැට කඩාගෙන වැටෙනව මන් දැක්කා...අනේ ඇයි එයා එච්චරම අහිංසක මට එයාව ඇත්තටම චප්ප වෙලා පොඩි වෙලා යන්නම බදාගන්න හිතෙනවා..

"Ooo don't cry don't cry...its a joke okay...."

"Mmmm don't do that again i don't like jokes"

"Aww අනේ අක්කේ..."

"ම්ම්ම්..."

"හරි මේ අහන්නකෝ..."

"...."

"මන් යන්නද...පොඩි බඩු වගයක් ගන්න යන්න තියෙනවා... මන් හෙට උදේට එන්නම් ඔහේ..."

"ම්ම් හරි... love you"

"Love you too"

"බායි ආදි...."

"බායි සිතූ අක්කේ..."

"ම්ම්ම්"

*beep beep beep*

ඒ හුරතල් කම දෙයියනේ මන්- මන් ඇයි ඇත්තටම මේ ලමයට මෙච්චර කැමති.. ඇයි දෙයියනේ මේ ලමය මෙහෙම... මට එයාව ලස්සනට පරිස්සමට බලා ගන්න ඕනෙ...පුංචිම සීරීමක් වත් වෙන්නැති වෙන්න...

අපිට ප්‍රශ්නයක් වෙයිද.. මට ඒක ගැනයි බය.. තාම අපි ඉන්නෙ මුල ඒත් ඕක අප්පච්චි දැන් ගත්තු දවසක එයා-එයා මොනව කරයිද... මට සුදු අයියටයි පොඩි අයියටයි මේක කිව්ව එක සහනයක් වගේ දැනෙනවා.. මට සතුටුයි... ඒත්- ඒත් දවසක එක මොහොතකම හරි මගේ හෝ එයාගෙ හිත් වෙනස් වෙයිද...

මන් වොශෲම් එකට ගිහින් වොශ් එකක් දාන් ආවා ඇඳුම් ගන්නයි යන්නේ....

"ඒයි යමුත..."

"ආහ් අපි මේ ඇඳුමුත් දාගෙන ඔයා මල් කඩල ඉවර වෙලා එනකන් බලන් හිටිඒ.. ෆයිනලී යෙඅහ්හ්..."

"හැච තමයි අනේ යන්කො පොඩී.."

"Mmm let's go.."

මම සුදු අයියට රවල දුවගෙන ඇවිත් කාර් එකේ ඉස්සර සීට් එකෙන් ඉදගත්තා ම්හ්හ්හ් මල පයිනව මට

"චූටි පිටිපස්සට යන්නකෝ අනේ ඔතන සුදු අයියට දෙන්නකො..ප්ලීස්"

"හැරි හැරි යඤ්ඤං..."

මන් ඉස්සරහ සීට් එකේ ඉදන් පිටිපස්සෙ සීට් එකට පැනල කකුල් දෙකත් උඩට අරන් බලන් හිටියා

"ඇයි තව්සෙට මන් ඔතන හිටියම කහනවද පොඩි අයියේ.."

"..."

"තව්සෙලා දෙන්නා ප්‍රේමවන්තයොද එක ලඟ ඔච්චරට යන්න ඌමනාව හරිම වැඩක් උනානෙ යකෝ මේක..!!"

"ඇයි කෑ ගහන්නේ..ඔව් මෙයා තමයි මගෙ බෝයිෆ්‍රෙන්ඩ්"

හෑ ඒ මොකත්ත යකෝ ඒ කිව්වේ ඔව් ඔව් මට කලින් ඉදන්ම තේරුනා ඔහොම එකක්

"කැහ් කැහ් ම්හ් මොක්කැහ් මොකක්..."

"ඔව්..."

"සුදු අයියේ මොනාද මේ කියන්නේ..."

"අනේ මේ මිනිහ කියන ඒව ගනන් ගන්න එපා චූටි... අපි කොහෙටද යන්නේ...කූල් ප්ලැනට් යමුද..."

"හාහ්හ්හ්..."

ඊට පස්සෙ අපි නුගේගොඩ කූල් ප්ලැනට් එකට එනකන්ම කිසිම සද්දයක් තිබුනෙ නෑ තිබුන එකම සද්දෙ කාර් එකේ ගියපු සින්දු විතරයි..පොඩි අයියයි සුදු අයියයි නම් ඇස් වලින්ද කොහෙදෝ මට පේන්නැති වෙන්න වගේ කතා කරනවා ඒත් මම දැක්කා...!!

අපි කූල් ප්ලැනට් එකේ පාකින් ලොට් එකේඑ වාහනේ දාලා උඩට ගියා ගිය ගමන්ම තිබ්බෙ කෑම!!

අපි කෑම පස්සෙ කමුයි කියලා හිතාගෙන ඉක්මනට උඩ ෆ්ලෝ එකට නැග්ගා...

එතනට ගියාම වෙන යුද්ධයක් වගේ... අනේ මන් කැමති ඇඳුම මන් අදින්නෙ හු#ත

"ආදි මේක හොඳයි"

"චූටි මේක හොඳයි"

"අරක ඔයාට මැච්"

"මේ කලර් එක ලස්සනයි"

ආර්‍ර්හ්හ්හ්!!

මන් ගිහින් බෝයි සෙක්ශන් එකෙන් අත් දිග දෙපැත්තෙන්ම සාක්කු තියෙන ශර්ට් එකකුයි ඩාර්ක්ම ඩාක් බ්ලූ ට්‍රවුසර් එකකුයි අතට ගත්තා

"මන් අඳින්නෙ මේක එච්චරයි..."

"ෆිටෝන් කරන් එන්න බලන්න..."

මන් ෆිටෝන් රූම් එකට ගිහින් ඇඳුම අයින් කරලා මේ ඇඳුම් ටික සස්සනට ඇඳගත්තා

"වෝහ්හ්හ්හ්හ්හ්"

"ඕමයිගෝඩ්...ආදී...."

"ඇයි... කැතද.."

"පිස්සුද යූ ලුක් ඇක්චුවලි පර්ෆෙක්ට් නේ..."

"අහම් තෑන්ක්ස් එහෙනම් මේක ගමු..."

අපි මගේ ඇඳුමුත් අරන් පැය දෙකහමාරක් විතර සුදු අයියටයි පොඩි අයියටයි ඇඳුම් තෝරලා තෝරලා බැරිම තැන මන් ගිහින් එතන තිබ්බ සෝෆා එකකින් ඉඳගත්තා

අපේ පොඩී එක්ක ඇඳුම් ගන්න ආවම මට ඉතින් මල පයිනවා මන් දැක්කා සුදු අයියටත් ටිකක් මල පැනලා වගේ හිටියේ ඇයි ඉතින්

"සුදූ මේක හොඳයිද..!

"ආදි මේ කලර් එක මට මැච් ද"

"සුදූ මේකෙ බ්‍රෑන්ඩ් එක අවුල් නේ"

"මේක ඉක්මනට ගෙවෙයිද දන්නෑ නේ"

"ම්ව්චර ගානක් නම් මේකට වැඩී..."

සල ලල ලා හැට හුටහමාරක් ප්‍රශ්න මගෙනුයි සුදු අයියගෙනුයි අහලා අපි දෙන්නට ඇති වෙලයි හිටියේ කොහොම හරි පැය තුනකට විතර පස්සෙ අපි දෙයියනේ කියලා කවුන්ටර් එක ගාවට ගිහින් ඒක බිල් කරලා අතින් කටින් බෑග් උස්සන් එන්න ආවා ඒ අස්සෙ සුදු අයියට අපේ අයියා තඩි සොෆ්ට් සොෆ්ස් squeezy කුකුලෙක් අරන් දීලා සුදු අයියට මල පැනලා අපෙ අයියට ගහලා ඒත් ඒක තියාගෙන මන් එකම නංගි වෙලා මට අරන් දුන්නැති එකට මට ඒකට මල පැනලා මට අරන්  දුන්නෑ කිය කිය ඇඬුවම අයියා මටත් පනුවෙක්ව අරන් දුන්නා ඊට පස්සෙ අපි කාර් එකට ආවම මොනා හරි අමතක උනා වගේ දැනුනා...ඒත් එක්කම සෑහෙන බඩගින්නක් දැනුනා...

"කෑවේ නෑ නේ අනේ පොඩි අයියේ මට බඩගිනී...."

මන් අයියට කරදර කරපු නිසා සුදු අයියා කිව්වා කේෆ්සි යන් කියලා හනේ ප්‍රීතී ප්‍රීතී මේ පනු පැටියට

අපි කේෆ්සි එකට ගිහින් මන් ඉඳගෙන ඉන්න අතරෙ අපෙ පොඩි අයියයි සුදු අයියයි ඕඩර් එක දාන්න ගියා විනාඩි පහකින් විතර තඩි චිකන් බකට් එකකුයි බ'ගර්ස් තුනකුයි පෙප්සි තුනකුයි ගෙනත් මේසෙ උඩින් තිබ්බා

යකෝ මෙච්චර කාට කන්නද...

මන් චිකන් බකට් එකෙන් තයි කෑල්ලක් අරන් සෝස් දාගෙන කන්න ගත්තා හරිම රසයි හැබැයි...

කාලා කාලා මන් කොහොම හරි චිකන් කෑලි තුනකුයි බර්ගර් එකයි කාලා පෙප්සි එකත් බීලා මත් වෙලා වගේ හිටියේ

"අනේ මට ඉස්කුරුත්තාවට වගේ නෙහ්හ්"

කාර් එකේ අපි ගෙදර එන ටිකට මට ලාවට ඇස් පියවීගෙන ආවා ඒත් එක්කම ගෙදර එනකන්ම මන් නිදාගෙන හිටියේ...මට අවදි වෙනකොට මන් හිටියෙත් මගේ කාමරේ රෙද්දක් පොරවන් සුවු අයියා හරි පොඩි අයිය හරි මාව ගෙනත් තියන්න ඇති...

මන් නැගිටලා පොඩි අයියගෙ කාමරේ දොර ඇරලා තිබුන නිසා එහෙට ගියා යනකොට එයාගෙ ඇඳේ ලස්සන නිල් පාට කවරයක් තියෙන ටිකක් ලොකු පොතක් ඇඳ උඩ අනිත් පැත්ත හරවලා තියෙනවා.. මටත් ඉතින් පුදුම පුපේ අමාරුවනෙ මන් ඒ පොත අරන් ඒ පෙරලලා තිබුන පිටුව කියෙව්වා...

දෙයියනේ!!!

'ආදරේ,

හැමෝම වගේ කියනවා කාගේ හෝ ප්‍රථම ප්‍රේමය වෙන එක තමා හොද අමතක වෙන්නේ නෑ කියලා

තව සමහරු ආවසාන ප්‍රේමය වෙන එක හොදයි කියනවා

එක ඇත්තක්ද කාගේ හෝ පළමු ප්‍රේමය හරි අවසන් ප්‍රේමය හරි වෙන එක ආශ්චර්යයක් ද ???

කවුරු කොහොම මොන විදියට කිව්වත් මං නම් හිතන්නේ අපේ හිතට දැනුන ප්‍රේමයයි අමතක කරන්න බැරව අපි අසරණ වෙන්නේ ❣

හරිම ආසවෙන් කියවපු  හදවතට දැනුන ලස්සනම පොතක මට හම්බුන ලස්සනම පරිච්ඡේදයකත් මේ කියන කතාව තිබුනා.....

*ඇත්තටම ඕල්යා කාගේ හෝ පළමු ප්‍රේමය හෝ අවසාන ප්‍රේමය විමේ මහ ආශ්චර්යයක් තියෙනවාද??..*

*ඇත්තටම ආශ්චර්යය වෙන්නෙ කාගෙහරි මඟහැරුණු නමුත් අමතක නෙවන ප්‍රේමය වෙන එක, එදිනෙදා ජීවිතයේ මොහොතක අහේතුකව මතක් වෙන කෙනෙක් වෙන එක....*

මගේ ඒකපාර්ශ්වික ආදරේ... මන්...මොකද කරන්නේ... එයා මන් පුංචි කාලෙ ඉදන් දන්න කෙනෙක්... එයාව මගහරින්න හැදුවම ඇයි?? ඇයි එයා ආයෙ මගෙ ඉස්සරහට එන්නේ... සවන් නැත්තන් මන් එයාගෙන් මේ ගැන අහල හුඟක් කල්... එහෙනම් එයා මගේ වෙලත් හුඟක් කල්...

මන් සුදූට හුඟක් ආදරෙයි...

ඒත් මන් මොකද්ද කරන්නේ අප්පච්චී...

-විශ්

2021/02/16-'

මාව එකපාරට මොකද්ද වෙලා ගියා ඒ කිව්වෙ... මේ ලියලා තියෙන්නේ අයියා කෙල්ලෙක් ගැනද.. කවුද සුදූ... දෙදාස් විසි එකේ කියන්නෙ එයා ඕලෙවල් කරපු අවුරුද්දට පස්සෙ අවුරුද්දෙ...

මන් ඒ පොතේ ඉස්සරහ තිබුන තව පිටුවකට පෙරලලා බැලුවා...

'දැඩිව කල ඒකපාර්ශ්වික  ප්‍රේමයක් ඇත...

විශ්වාස කරන්නෑ කවුරුත්...

ඔයාව අදටත් හීනෙන් දකිනවා...

කවුරු කොහොම කිව්වත්...

සංසාරේ මම පතාගෙන ආව...

හරි ලස්සන බැඳීමක්...

මන් උබට කියන්නද මේක ගැන...ඒත් උබ සවන් එක්ක...ඇයි සවන් අච්චර උබට හොරා ලව් කරද්දිත් ඇයි උබ සවන් ව ආතාරින්නැත්තේ... උබ කිව්වා උබට සවන් ගැන ලොකු ආදරයක් නෑ කියලා...උබ ඒ ගැන හරියට පැහැදීමක් තිබුන්නැති නිසා යාලුවුනේ කියලා...

ඔය ඇස්... ඇයි මන් අහන්නෙ ඇයි ඔය ඇස් වලට මන් ඒ තරම් වශී උනේ...

තිශාක්‍ය...!! ?මන් උබට සෑහෙන ආදරෙයි බන්...

මාව තේරුම් ගනින්...අනේ සුදූ මට උබව ඕනේ

උබ ගැන මට තන්හාවක් නෑ ඒත්...මගේ සුදූ සතුටින් නම් මට ඇති...

ආදරෙ කියලා හිත පිලිගන්නට

නුඹ තනිකර මගෙ වෙන්නම ඕනෙද

තන්හා ආශා නුඹ ගැන මොකටද

එහෙම දේවල් නෑ හිතේ මගේ...!!

-මගේ සුදූට ආදරෙයි...හුඟාක්ක්...-

And Happy Birthday සුදූ...

-විශ්

2020/12/18-'

මගෙ ඔලුවට හෙන ගැහුවා වගේ... ඒ-ඒ කියන්නේ....

පොඩි අයියා.. එයා සුදු අයියට ආදරෙයිද...?!

මට හිතාගන්න බෑ පොඩීට මට කියන්න තිබුනා.. එතකොට දැන්...දැන් මොකද්ද වෙලා තියෙන්නෙ..!!? එයා සුදූ කියන්නෙ නිකන් යාලු කමට නෙවෙයිද ?

මන් හිතුවෙ එයාල හොඳම යාලුවො කියලා...

තිශාක්‍ය කියල වෙන කෙනෙක් නැහෑ...එයාල මෙච්චර කල් මගෙන් හංගලද?...අවුරුදු ගානක්?...එතකොට දැන් එයාලා යාලුද?

මන් එයා අන්තිමට ලියල තියෙන පිටුවට පෙරලුවා...

'අවුරුදු දෙකක්...

හරියට මාස දෙකක් වගේ සුදු...

මට ඔයාව හුඟාක් දැනෙනවා...

සමහර අය ලස්සනට ආදරේ විඳිනවා මන් හුඟාක් දැකල තියෙනවා සුදූ...

ඒත්,

ඔයා ලඟ මන් ඊට වඩා ලස්සනට ආදරේ විඳිනවා...

හරි ලස්සනට මට ඒ ආදරේ දැනෙනවා සුදූ...

අදටත් මන් ගත්තු හොඳම තීරණය ඔයා...

කෙතරම් බාදක වලට මූණ දුන්නත් උබව හමුවීමම ප්‍රේමයක් සුදූ...

ඔයාට ආදරේ කරපු එක...

ඇත්තටම මන් සතුටු වෙනවා...

මගේ හිත හොරකම් කරපු උබ...

අද මාත් එක්ක මෙච්චර ආදරෙන් ඉන්නවා...

තාම අවුරුදු දෙකයි උබ මාත් එක්ක හිටියේ...

අපි ඊලඟ අවුරුද්දෙ ඒලෙවල් කරනවා...

ඊට පස්සෙ සුදූ...

අපි අපේ වෙයි....

සුදූ හැමදාමත් මගේ වෙයි...

මට තාමත් හීනයක් වගේ සුදූ...

මට හිතාගන්න බැහැ...

ඒත් හිත අස්සෙ පුංචි බයක් තියනව සුදූ...

ඔය ඇස්..

ඔය තොල්...

ඒ හමුවීම...

ඒ හාදුව...

තනිකර මායාවක් සුදූ

හැමදාමත් වගේ උබ නම් මැජික් කාරයෙක් දිව්‍ය ලෝකෙන් මන් ලඟට ඇවිත් ඉන්න දේවදූතයෙක් වගේ කොල්ලෙක්...උබ තනිකරම මායාවක් සුදූ....

උබට නොසෑහෙන්න ආදරෙයි...

ඉදිරි අවුරුදු වල අපි මීටත් වඩා ආදරෙන් ඉමු....

මෙච්චර කාලයක් මගේ අම්මා වගේ හිටියට ස්තූතී...

මගේ සුදූ...

මගෙදෝ ඔබ මගෙමදෝ...

කොහෙදෝ තිබුනෙ ආදරේ

නොසිතූ දවසෙ හමුවෙලා

ඉවසා හිඳිමි හිතක් වෙනුවෙන් රන්

රහසින් හෙමින් හඬමි මන්

සිහිනෙන් ඔබ සොයන්නම්

ආදරෙයි මගෙ පණට මන්...

මන් ආදරෙයි...මගේ සුදූ..

-විශ්

2023/03/06-'

මටහ්- මට හිතාගන්න බෑ... අවුරුදු දෙකක් මුන් දෙන්නා මට හොරා ලව් කරලා... ඒ කියන්නේ මේ දෙන්නා ගේ!!!...මට- මට ඒ දෙන්න ගැන සතුටුයි...එයාලා හරි ආදරෙන් ඉන්නවා මට ඕනෙ ඒක... සුදු අයියා මට හුඟක් ලඟ කෙනෙක්...මන් කැමතී එයා මගේ අයිය වෙනවනම්...ඒත් එයාලග මට කියන්න තිබුනා...ඒත් නැහ්හ්! එයාල හිතන්න ඇති මන් පුංචියි කියලා මගෙ කටින් ඕක පිටවෙයි කියලා...අයියා සුදූ කියනකොට මන් හිතුවෙ නෑ ඔහොම දෙයක් දෙදාස් විසි එක කියන්නෙ අයියා මුලින්ම Sri Lanka under 19 ටීම් එකට ගිය අවුරුද්ද...සුදු අයියා ඕල් අයිලන්ඩ් ප්ලේස් කරපු අවුරුද්ද... මට- අනේ මට සතුටුයි ඒ දෙන්නා ගැන....

මන් පොත ඒ විදිහටම තියලා ඇස් වලින් කඩා ගෙන වැටුනු කඳුලු ටිකත් පිහිදගෙනම ඒ කාමරෙන් හිමීට ඇවිත් පඩිපෙල දිගේ පහලට බැහැගෙන ගියා

ඒ යනකොට සුදු අයියයි පොඩි අයියයි මොකක් හරි ලොකු කතාවක ඒ කියන්නෙ එයාලා හරිම සතුටින් ඉන්නවා පොඩි අයියා අතකුත් මූණට තියාගෙන සුදු අයියා දිහා බලන් ඉන්නවා සුදු අයියා ඉවරයක් නැතුව කියවනවා ඒ දෙන්නාගෙ අත් දෙකත් එකට අල්ලන්... මට ඇත්තටම එයාලා එහෙම ඉද්දි සතුටු හිතුනා ඒත් මන් මේක අහන්න හොඳ නෑ...එයාල හරි ආදරනීය මිනිස්සු ඒ දෙන්නම හරි වාසනාවන්තයි...පොඩි අයියත් හුඟක් හොඳ මනුස්සයෙක්...එයා අම්මටත් හරි ආදරෙයි අයියගෙ ඩයරියේ හැමතැනම තිබුන මගේ සුදූ කියලා එයා හරිම ආදරෙන් කියලා තියෙන විදිහ...

අනේ මගේ පොඩි අයියා...

මන් කිසිම දෙයක් දන්නැති ගාන්ට පහලට ගියාම එයාලා ටිකක් කලබල වෙලා අත් අතෑරියා මන් ඉතින් දැක්කෙ නැති ගාන්ට හිටියා...

"චූටි නැගිට්ටද..."

"ම්ම්ම්"

"ඔයා හුඟක් වෙලා නිදා ගත්තනේ...අපි කමුද..."

"ම්ම් මොනාද හදල තියෙන්නෙ..."

"මන් ෆ්‍රයිඩ් රයිස් උයි, චිකන් ඩෙවල් එකයි මැයෝනීස් දාලා වෙජිටබල් සැලඩ් එකකුයි චිලි පේස්ටුයි හැදුවා...කවන්නද මම"

"මම්මම්"

සුදු අයියා සැනිකව නැගිටලා කුසියට ගියාම මන් පොඩි අයියා ලඟින් වාඩි වෙලා එයාගෙ අත බදාගෙන එයාගෙ අතට හේත්තු වෙලා හිටියා මුගෙ අතක්ම මගෙ ඇඟ සයිස් ඇති පුහ්

"පොඩි අයියේ..."

"ම්ම්ම් මොකද මේ..."

"ඔයාට මට මොනා හරි කියන්න තියෙනවද..."

"ම්ම්මොක්කක්... මොනාද..."

"මුකුත් කියන්න නැද්ද...මන් දන්නැති දෙයක් ගැන..."

"නෑ චූටි..."

මන් එයාගෙ අතට එහෙම්මම හේත්තු වෙලා හිටියා මන් දැක්කා සුදු අයියා අලි බත් පිඟානක් උස්සන් එනවා

"මෙච්චර මෙයා කන්නෑ සුද්- ශාක්‍ය..."

"ආදිටයි මටයි ඔයාටයි ගෙනාවෙ විශ්... මන් කවන්නම්...."

මන් අයියගේ මූණ දිහා බැලුවා ඒ මූණෙ තිබ්බෙ හරිම ඇත්තටම හරිම ආදරනීය බැල්මක් එයා සුදු අයියා දිහා බලාගෙන හිටපු විදිහ අනේ....

"ආ කියන්න ආදි..."

"කෝ විශ් ආ කියන්න"

සුදු අයියා මාරුවෙන් මාරුවට මටයි පොඩි අයියටයි කැව්වා

අපි කාලා ඉවර වෙලා සෝෆා එකට වෙලා ඉඳගෙන හිටියා මන් සුදු අයියගෙ කකුලක් උඩින් කකුලක් දාගෙන එයාව බදාගෙන හිටියේ...

එක පාරටම පොඩි අයියා නැගිටල ගියා

ඒ මොකෑ ඒ...

ඊට පස්සෙ එයා ගිටාර් එක උස්සන් ආවා

මාත් සුදු අයියගෙන් අයින් වෙලා හරියට ඉඳගත්තා...

"අපි සින්දුවක් කියමු"

"ආහා..සු-විශ්..."

මන් දැක්කා මගේ ෆෝන් එකට ඒ වෙලාවෙ සිතූගෙන් කෝල් එකක් එනවා මන් ෆෝන් එකේ සවුන්ඩ්ස් ඔක්කොම අඩු කල්ලා එයාගෙ කෝල් එක ආන්ස්වර් කල්ලා එයාට මැසේජ් එකක් දැම්මා

"ඔයා මියුට් කරන්න...

අපි සින්දු කියනෝ...

අහන් ඉන්න..."

"හරි ආදි...."

"ප්රාතිහාරී නුරා ගේනා

මීන දෑසේ මවා ආශා

රූපසාරි මැවී පේනා

චන්ද්රශෝභා රසේ පානා

මන ආශා රටා පානා

හිත පෑහී සොබා ගේනා

පොඩි අයියා ගිටාර් එක ගගහා සිංදුව කියන්න පටන් ගත්තා එයාගෙ කටහඬ බාවනාවක් වගේ... අදත් ලොකු අයියා නෑ එයා වැඩ කරන තැන ඒ මනුස්සය නිකන් අපේ පවුලෙ නෙවෙයි වගේ හැමවෙලේම එයා එයාගෙ වැඩ ටික කරගෙන තවත් ස්ටඩීස් කරන්න ඕන කියන හැඟීමෙන් ඉන්න මනුස්සයෙක්...

නේත්රා මානනා

සිත පාරා පෑ සිනා

සීමා නෑ සිතා

ඉඟි පානා දෑසිනා

සිහින යායේ සරා මා හා

එනවාදෝ මවා සේයා

ප්රේම හීනේ සොබා ගේනා"

එයා ඒක කියල මට කියන්න වගේ එකක් ඉඟි කලා

"සේයා රෑගෙනා

නිම නේනා කාරණා

ඡායා රූ මවා

නෙතු පේනා රෑ දිවා

සිහින යායේ සරා මා හා

එනවාදෝ මවා සේයා

ප්රේම හීනේ සොබා ගේනා"

මට අමතක උනා සිතූ කෝල් එකේ ඉන්න වගක් මන් ඒ කෑල්ල මට පුලුවන් උපරිමෙන් කිව්වා ඒක ඇත්තටම ලස්සනට ආවා ඊට පස්සෙ අපි තුන් දෙනාම සින්දුව කියන්න පටන් ගත්තා

"ප්රාතිහාරී නුරා ගේනා

මීන දෑසේ මවා ආශා

රූපසාරි මැවී පේනා

චන්ද්රඔශෝභා රසේ පානා

මන ආශා රටා පානා

හිත පෑහී සොබා ගේනා

හිත පෑහී සොබා ගේනා

ප්රේම හීනේ සොබා ගේනා"

පොඩි අයියයි සුදු අයියගෙයි ඇස් එකෙනෙකට ගැටිල තිබුනා ඒවා එකිනෙකට යාවෙලා හරිම ලස්සනයි ඒ දෙන්නා අන්තිම කෑල්ල ඒ දෙන්නා දිහා බලාගෙන හරිම ආදරනීය විදිහට කිව්වා සුදු අයියට මේ වෙලාවෙ පොඩි අයියව බදාගන්න තරම් සතුටක් තියෙනවා මන් ඒක එයාගෙ ඇස් වලින්ම දැක්කා පොඩීටත් එහෙමයි ඒ ඇස් වලින් මට හැමදේම කියන්න පුලුවන් වගේ එකක් මට හිතුනා එයාලා ඔහොම එකට ඉඳගෙන සිංදු කියනව ඇත්තෙ හුඟ කාලෙකින්...එයාලා හරිම ලස්සන කපල් එකක්...

පොඩී ඇස් වලින් නිකන් 'මන් ඔයාට හුඟක් ආදරෙයි' වගේ එකක් ඉඟි කලා... වෙනදට ඇයි මේවා මගේ ඇහැට අහු උනේ නැත්තේ... මට දැනුනා එයාලට තනි වෙන්න ඉඩ දුන්න නම් හරි කියලා මන් බොරු රංගනේ දාලා මට නිදි මතයි වගේ පෙන්නුවා

"මට නිදි මතයි මන් යනෝ..."

"හරි චූටි ගුඩ් නයිට්..."

"ගුඩ් නයිට් සුදු අයියේ ගුඩ් නයිට් පොඩි අයියේ"

"ගුඩ් නයිට් චූටි"

මන් එහෙම්මම උඩට දුවගෙන ආවා මට ඇත්තටම සතුටුයි එයාලා ගැන ඒ දෙන්නා හරිම ලස්සනට ආදරේ කරනවා...

මන් කාමරේ දොර වහගෙන ඇඳට වැටුනා

"අක්කෙ..."

"ඕ පැටියෝ..."

"මට අමතක උනා අනේ ඔයාව"

"කමක් නෑ පැටියෝ... හුඟක් ලස්සනයි ඔයා සින්දුව කිව්වා..."

"අනේ තෑන්ක්ස් අක්කේ.."

"ඒ මොකක් හරි අවුලකින්ද..පැටියෝ.."

"නෑහ් දවසක කියන්නම් මම..."

"ම්ම් හ්ම්ම්"

"මන් වොශ් දාගෙන එන්නම්ද..."

"හරි පැටියෝ..."

මන් ටවල් එකත් අරගෙන වොශෲම් එකට යනකොට මන් දැක්කා පහල පොඩි අයියා සුදු අයියට හුඟක් ලන් වෙලා මොකක් හරි සින්දුවක් කියනවා මන් ඉක්මනට වොශ් එකක් දාගෙන කාමරේට ඇවිල්ලා ඇඳුමක් දාගෙන ඇඳට යන්න හදනකොට මට ඇහුනා පඩිපෙල දිගේ කවුරු හරි නැගගෙන එනවා ඒත් ඒ කකුල් දෙකක් විතරයි හතරක් නෙවෙයි.. මට පුපේ අමාරුව නිසා මන් ගිහින් දොරේ ලොක් එකේ හිලෙන් බැලුවම මට පෙවුනා...

පොඩි අයියා සුදු අයියව අත් දෙකට උස්සන් කාමරේට යනවා...

මට දෙනෝදාහක් දේවල් ඔලුවට ආවා දෙයියනේ මොනා වෙයිද....මට නිදිත් මතයි...

සිතූ එක්ක තව ටිකක් වෙලා කතා කර කර ඉන්නකොට සිතූට නින්ද ගිහින් ඒ පැත්තෙන් සද්දයක් වත් නැති උනා මට එයා ලාවට ගොරවන සද්දයක් ඇහුනා කෙල්ලෙක් උනත් ගොරවනවනෙ හැමෝම නින්දෙදි ගොරවනවා හහ් මන් ෆෝන් එක චාජරේට ගහලා මාත් නිදා ගන්න සැරසුනා

අනේහ්හ් මන් හෙට සිතූලගෙ ගෙදර යනවා....!!!!

සිලිලාර සිත නයනා

හර්දේ සිඹිනා

කෝල නීල වඩනා

සවන පිනනා

මේ චන්ද සූර්‍ය නගරේ

දූවීලි සරනා

සෙවනැල්ල වෙන්න ප්‍රේමී

දාහය නිවලා

හනේ ශුඩු ඇයියේ... දැක්කා නේත... මුන් දෙන්නා හොර පූසො වගේ හැමෝටම හොරෙන් ලව් කල්ලා දැන් ආදිට ඉන්න වෙන්නෙ නිකන් මනා සේ දැනගෙන ගොනා සේ ඉන්න යසෛ 😂

හෙට දැන් මොනව වෙයිත හැලෝ... ආදි හෙට හෙන ලම්සනට ඉදී හැබැයි...

ආදි කෙසේවෙතත් ආදිගෙ අයියවයි සුදු අයියයි මතක් වෙනව හත්තිලව්වේ...😩🤧

මන් එන්නාඅම්ම්ම්ම්ම් දිග චැප්ටරයක් දුන්නෙ හුම්...ඕක කියවල දත් මැදල නිදා ගන්න හුම්...

මගේ බිජුමාල්ලා ටිකට චැම්සා උතුරන්ට ආතරෙයි හැනේ 😩😽❤️

Share This Chapter