Back
/ 53
Chapter 28

28 කොටස

_නොනිමි_

ස්පෝර්ට්ස් මීට් ඉවරයි බැක් ටු නෝමල් ලයිෆ් ඒත් මන් නිකන් කර වෙච්ච කුකුලෙක් වගේ කලු වෙලා දැන් සිතූලත් වැඩිය ඉස්කෝලෙ එන එකක් නෑ එයාලට ඉතින් ගෙදරට වෙලා පාඩම් කරන්න එපැයි තව මාසෙකින් විතර එයාලට ඕලෙවල් පටන් ගන්නවා ඊට පස්සෙ ඉතින් අපි අද උදේ නම් සිතූ ඇවිත් හිටිය මන් දැක්කා ඒත් ලොකුවට කතා කරන්න නම් හම්බුනෙ නෑ එයාලට සෙමිනා එකක් දාලා සිතූ මැත්ස් ටිකක් අහගන්න අපේ ගෙදර එන්නම් කියලත් කිව්වා බලමු ඉතින්

මම උදේ ඉස්කෝලෙ ගියාම සාමාන්‍යෙන් පන්තියෙ ඉන්න එකෙක් නෙවෙයිනෙ මට රෝන්දෙ ගහන්න ඕනෙ මන් මෙතුකිව හොයාගෙන ඒකා එක්ක කැන්ටිම අස්සට ගියා කැන්ටිමේ උදේට ව්‍රෙශ් ෆෘට් ජූස් තියෙනවා අපි එන්නෙ මේ 'හෙළ බොජුන් හළ' ට තමයි ජූස් බොන්න අනිත් එකේ ජූස් ගනන් වැඩී මෙයාලා හෙල බොජුන් හලක් දාගෙන ඒකෙ පාන් පිටි වෙනුවට හාල් පිටි වලින් ලු කෑම හදන්නෙ ඒ උනාට ඉතින් වැඩක් නෑ අපි කනකොට කන්නෙ අනිත් කැන්ටිමෙන් කලින් දවස් ටිකේම නැහිලා නැහිලා දැන් ඇඟට සෑහෙන මහන්සී

"ආදිත්‍යා මට උබෙන් දෙයක් අහන්න තියෙනවා"

"ම්ම්ම් අහපන්"

"උබ මට ඇත්ත කියපන් හරිද ප#යා නොවී"

"ම්ම් ම්ම් අහපන්කො බලන්න"

"උබ මොකක් හරි පලහිලව්වක ද ඉන්නෙ මේ දවස් වල"

ඒකට නම් මන් බිබී හිටපු ඇවකාඩෝ එක තව ටිකෙන් නහයෙන් එනවා මේ පගා දැනගෙන වත් ද මේමයි මන් මේකිට කියන්න හිටියේ මූ මගෙ හොඳම යාලුවා මන් වගේ පහක් විතර මහතයි මට වඩා උසයි මූව මට හම්බුනේ අපි හය වසරෙදි පන්ති කැඩුවහම මූයි මමයි 6H එකට වැටුනේ එතන ඉදන් අපි 7C එකටත් වැටුනෙ එකටමයි එතනින් පස්සෙ 8 වසරෙදි කොවිඩ් ආව නිසා 8E,9E හිටියේ පස්සෙ ඉතින් මේ ගෝ හෝම් ගෝටා සීන් අස්සෙ අපි දහය වසරෙත් ඉගෙන ගත්තා ඒත් මූ Civics,Drama, health කරන නිසා මගේ පන්තියෙ නෙවෙයි මන් Commerce කරන නිසා ඒත් drama වලට සමහර වෙලාවට හම්බෙනවා ප්‍රැක්ටිකල් වෙලාවට වගේ මන් මේකා එක්ක ඉන්න ටිකක් කැමතී මොකද මෙතුකි කියන්නෙ හැමදෙයක්ම හරි ඉක්මනට තේරුම් ගන්න පුලුවන් එකෙක් ඌ මගෙ හොඳම යාලුවා කියලා මගේ ජීවිතේට ඇඟිලි ගහන්න එන්නෑ මන් ඒකට කැමතී

"ඒ කිව්වෙ"

"උබ මේ ඉස්කෝලෙම කාටහරි කැමතිද ආදි"

"ම්ම්හ්ම්"

"උබට මන් මේක අහන එක අවුල් වගේද"

"නෑ බන් මන් උබට අද හම්බුනොත් එයාව පෙන්නන්නම් අක්කා කෙනෙක් බන්"

"හරි ආදියා ඒත් මොනව උනත් හරියට හිතල වැඩකරපන් හරී"

"හරි බන්"

"මේ යමන්ද හතයි කාලයි වෙලාව"

"ම්ම්"

මමයි මෙතුකියි බීම දෙකත් බීලා ඉවරවෙලා එතනින් එන්න ආවා මගෙයි මෙතුකිගෙයි දැන් පන්ති තියෙන්නෙ උඩ එන ගමන් අපිට කශ්මිව හම්බුනත් කශ්මි අපිව බල්ලෙක්ට ගනන් ගත්තෙ නෑ හිනාවුනාම හිනාවෙන්න වත් බෑ නම් වැඩකුත් නැහැ නෙ ඉතින් මොකටද මෙනිදිත් දැන් අපේ සෙට් එකට වැඩිය නෑ ඌ නොසන්ඩාලයෙක් වෙලා මහා තුශිනි මන් එනකන් උඩ බලන් ඇති එසඳී මෙතුකී එක පන්තියෙ නිසා උන් දෙන්නට අවුලක් නෑ එසඳිගෙ තව යාලුවෙක් හිටියා රශිනි කියලා ඒකා එලොවටත් නැති මෙලොවටත් නැති එකෙක් මන් දන්න තරමින් මේකා කලින් ක්‍රිකට් ගහලා තියෙනවා.. හත හෝ අට වසරෙදි තමයි අපේ ඉස්කෝලෙට ආවෙත්.. නවයෙදි නයිට් කෑම්ප් එකේදි මන් දන්න තරමින් මූ අපේ ඉස්කෝලෙටම ස්කොලශිප් වලින් ආපු එකෙක් එක්ක යාලු උනා අපිට වැඩක් නෑ ඉතින් ඕවා ඒත් රශිනි එක අතකින් හොඳයි ඒත් මට හෙන අවස්තාවාදී කියල හිතෙනවා

මමයි මෙතුකියි දෙවෙනි තට්ටුව නැගලා එනකොට අපේ මූනටම අපිට හම්බුනා අපේ නවය වසරෙදි එහෙම ක්ලාස් එකේ හිටපු එකෙක්ව.. මන් ඉතින් එයාට හරීම හොඳට හිනා උනාම ඒක බය වෙලා ගැස්සිලා හිනාවුනා.. මේ මොන සමයමක්ද මේ ඒ අස්සෙ ඌ එක්ක හිටපු යාලුවොත් නිකන් අමුතුවට හිනා උන නිසා මන් මෙතුකි එක්ක උඩට ආවා..

"මොකද්ද බල්ලො ඒ උනේ"

"ඔතන පොඩි සීන් කෝන් එකක් තියෙනව බන්"

"ඒ කිව්වෙ"

"උබ නොදැනුවත්ව උබ කොන්ඩෙ කපපු නිසයි අරවයු මේවයි උබ සෙලිබ්‍රිටි නිසයි උබට මේ ඉස්කෝලෙම ක්‍රශ් කරන හෙන තොගයක් ඉන්නව භම්ලො"

"අඩෝ නෑ සිරාවට එතකොට ලිනදිත් එහෙමද"

"ඔව් පගෝ"

"යසයි මේ මන් යනව බන් ඉන්ටවල් එකට පන්තියට වරෙන්"

"එලහ්"

මෙතුකි උගෙ පන්තිය දිහාට ගියාම මන් පන්තියට දුවගෙන ගිහින් අනිත් පැත්ත හැරිලා හිටපු තුශිනිගෙ පම්සට හයියෙන් පාරක් ගැහුවා

"මොන හු- අනේ මගේ සග ප#යා"

"හායි මගේ ප#යෝ"

"දෙයියනේ සුදු මාට්ටියා කලු වෙලා දෙයියනේ"

"ඒකතමයි අනේ බලන්න නේත"

මට ඒ ක්ලාස් එකේ වෙනම සෙට් එකක් හිටියා ඒත් තුශිනි එක්ක තමා මන් වැඩිපුර හිටියේ එක වසරෙ ඉදන් මගෙ හිටපු යාලුවෙකුත් හිටියා කොහොම හරි දහයක් විතර හිටියා අපේ සෙට් එකේ මිස් ලා වෙන එකට ඉන්න උන්ව තැන් තැන් වලට දැම්මත් අපිව එහෙම දාන්නෑ මොකද අපි පන්තියේ හොඳට වැඩත් කරනවා කියවන වෙලාවට කියවනවා එහෙම මිනිස්සුනේ

ඒත් එක්කම ගාතා යන්න පටන් ගත්තා අපි ගාතා කියලා ස්කූල් ඇන්තම් නැශනල් ඇන්තම් කියලා මිස්ටත් කටපුරා ආයුබෝවන් කියලා වැඩ පටන් ගත්තා උදේම පිරියඩ් දෙක මැත්ස්.. හරිම සෝක් ඉතින්.. අපේ සෙට් එක හිටියේ පන්තියේ එලිය පැත්තට වෙන්න තියෙන කෑල්ලෙ දෙවෙනි පේලියෙයි තුන් වෙනි පේලියෙයි.. එක පේලියක ඩෙස්ක් පහක් ගානෙ තියෙනවා අනිත් පැත්තෙ පේලියජ ඩෙස්ක් හතර ගානෙ තියෙන්නෙ ඉස්සරහම ඉන්න උන් නම් වයුට් බෝඩ් එක ගිල ගන්න වගේ ඉන්නවා මන් හිටියෙ තුන්වෙනි පේලියේ මන් අහගෙන හිටියත් ලාවට බඩගින්නක් එක්ක නිදිමතක් ආපු නිසා මන් හොරෙන් දිමන්සගෙ බෑග් එකෙන් උගෙ පෙට්ටිය අරන් අනිත් උන්ටත් දීලා රෝල් තුනක් තීලා තුනම කාලා ආයෙ පෙට්ටිය බෑග් එකට දැම්මා.. ඌට ගානක් නෑ ඌ ගොබ්බය වගේ කියවනවා.. මැත්ස් මිස් ඇටෙන්ඩන්ස් උත් මාක් කල්ලා ගියාම ඊලඟ පීරියඩ් දෙක සයන්ස් තිබුනා ඊට පස්සෙ අපි ඉන්ටවල් අරන් හයවෙනි පීරියඩ් එකේ ඉතිහාසය වෙලාවෙ නම් ඇස් ඇරගන්න බැරුව හිටියේ.. ඉස්කෝලෙ ඉවර වෙලා හෙන කාලෙකින් මෙහෙම ගෙදර එන්නෙ සිතූව දැක්කෙත් නැහැ උදේ දැක්කයින් පස්සෙ.. එයාට මැසේජ් දදා වද දෙන්නත් බෑනෙ..

මන් ගෙදර ගිහින් වොශ් දාලා කොමස් ක්ලාස් ගියා ආයෙ හය වෙනකොට ගෙදර ඇවිත ආයෙත් වොශ් දාලා මන් දුන්නු හෝම්වර්ක් කරන්න ගත්තා.. නිකන් ඉඳලා බෑ නේ අයියල දෙන්නා 9 A's අරගෙන නංගි W9 ක් ගත්තොත් කෝමත අපේ අප්පච්චි මාව උඩ දාලා විසික් කරයි.. මන් විද්‍යාව වල  physics ටිකක් පාඩම් කර කර හිටියේ මේවා හෙන අමාරුයි අප්පාහ්හ්

Sithuu 💗🐼😽 is calling...

ෆෝන් එකේ වැටෙනව දැක්ක ගමන්ම මන් ෆෝන් එක කනේ ගහගත්තා.. අනේ යහතින් ඉන්නව ඒ කියන්නෙ..

"හායි"

"හායි හායි"

"මොකද ඔයා කරේ අද ඉස්කෝලෙදි කතා කරන්න හම්බුනෙත් නැහැනෙ"

"දැන් නම් මේ සයන්ස් ටිකක් බල බල හිටියේ ඔයාලට අද උදේ ඉදන්ම සෙමිනා නේහ්"

"ම්ම්ම් හොඳයි.. අපිට අද ඉතිහාසය සෙමිනා එකක් තිබ්බා එපා උනා අනේ"

"ම්ම් ම්ම් පාඩම් කරනවද දැන්"

"ඔව් මේ පාඩම් කර කර හිටියේ"

"හොඳයි හොඳයි සිකුරාදට මෙහෙ එන්නකො පුලුවන් නම් අපේ අයියත් ඉන්නවා සුදු අයියත් එයි ඔයාට ගනන් ටිකක් අහගන්නත් පුලුවන් අප්පච්චි ලොකු අයියයි නැහැ"

"ආහා මන් එන්නම්"

"ම්ම්හ්ම්-"

"අක්කි මේ අනේ මගේ ඇඟිල්ල අහු උනා"

"කෝ බලන්- අයියෝ නෙතූ මොනවද මේ කරගන්නෙ..."

"රිදෙනෝ"

"රෙදෙන්නැතුව හයියෝ අම්මි ලඟට යනවා අම්මී!!!! මෙන්න නෙතූ ඇඟිල්ල හිර කරගෙන....!!!"

කන් අඩි පලල මරන්නත හදන්නෙ මෝඩයෝ අනේ යසයි

"බුදාම්මොහ්හ් කටේ සද්දෙ.."

"අනෙහ් මේහ් දෙනව දෙකක් උබටත් මම... මේ ආදි..."

"ම්ම් ම්ම්"

සිතූගෙ කටහඩ,හිනාව එකපාරට බිඳිලා ගියාම මමත් ඔලුව උස්සලා ඌමනාවෙන් එයා කියන්න යන දේ අහන් හිටියා

"එදා ඩැඩී ආවා ඔයා දැක්කද"

"ඔව් අපේ අප්පච්චි එක්ක හිටියේ මන් දැක්කා අප්පච්ව්හි මට කිව්වා ඒ ඔයාගෙ ඩැඩී කියලා"

"සුදූ අපේ ඩැඩි හොඳ මනුස්සයෙක් නෙවෙයි එයා සල්ලි වලටමයි අනේ මන්දා"

"අපේ අප්පච්චි ගැන ඔයාට ඉතින් කියන්න දෙයක් නෑ නෙ අක්කෙ ඔයා දන්නවනෙ ඒත් අපේ අප්පච්චි සල්ලි වලට නැහැ එයාට ඕන බලය විතරයි ඔය අදත් ගියා කවුද ඇමතියෙක් එක්ක මොකද්ද මගුලකට...මට බය අක්කේ හදිස්සියෙවත් අප්පච්චි දැන ගත්තොත් මොනව වෙයිද කියලා අයියලත් බයෙ ඉන්නේ.."

"අපි දෙන්නා ගැනද අයියල බයෙන් ඉන්නේ"

"එකක් අපි අනික ඒ දෙන්නා!"

"ඈ ඒ දෙන්නා??"

"අහ් ඔයාට කිව්වෙ නෑ නේ"

සිතූ මූන ප්‍රශ්නාර්තයක් කරගෙන ඉන්නව මට මැවිලා පෙවුනා

"අපේ පොඩි අයියයි සුදු අයියයි ගේ"

"කැහ්ම්කැහ්කැහ්ම-ම්මහ්හ්හ්ටහ්හ් මොක්කැහ්හ්ක්ක් මොකැක්ද ඈහ් ආදිකැහ්-"

"මැරෙයි යකෝ ඔව් ඔව් ඒ දෙන්නා කපල් එකක්"

"අනේ ආදී හරි ශෝයි නේ මටහ්- මටහ් සතුටුයි..."

"සතුටුයි නම් තමයි ඒත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මන් හිතන්නෙ ඒ ප්‍රශ්නේ ඇවිලිලම තියෙන දෙයක් මට තාම කරන්න ඕන මොකද්ද කියලා හරියටම තේරෙන්නැහැ"

"අනේහ් මන්දා...ඉස්සරහට මොනව උනත් I'm always with you Adii..."

"I know"

මට හිතාගන්න බැහැ මන් ආදරේ කරන්නත් පටන් අරන්... මන් ලොකු වෙලා මටම ඒක තේරෙනවා එක අතකින් අයියලා දෙන්නා මන් ගැන දන්න එකට මට සතුටුයි ලොකු අයියත් මාව තේරුම් ගනී කියලා මන් හිතනවා මොකද ලෙස්බියන් වෙන එකේ වත් ගේ වෙන එකේ වත් එහෙම සමරිසි සීන් එක මන් හිතන්නෑ වැරදි දෙයක් කියලා... මෙහෙමයි ලිංගික ආශාවන්ට ලෙස් ගේ වෙන මිනිස්සු ඉන්නවා ඒත් ආදරේ කරන්නත් එහෙම වෙන අය ඉන්නවනෙ මිනිස්සුන්ට ඕනම කෙනෙක්ට ආදරේ කරන්න හිතෙනවා ලිංගික ආශාවන් මත ඒවා අනේ මන්දා...මිනිස්සු හරි අමුතුයි මන් නම් සිතූට ආදරේ කරන්නෙ ඇත්තටම...

"මිහිරැතිම තැන්වලින්

මිටක් ගෙන සරසන්න

ඉත හැකීනම් ඔබට-"

"ලස්සනයි ආදි... ඔයා-ඔයා මන්දන්නෑ ඇයි කියලවත් මන් ඔයාට ආදරේ කරන්නෙ...ඔයා හරි ආදරනීය මනුස්සයෙක් ආදි..."

"ඔයත්..."

ආදරේ...

මන් හිතන විදිහට මනුස්සයෙක්ට එයා ආදරේ කරනව කියන කෙනා ඉස්සර හිතට මාර විදිහට කම්ෆටබල් ගතියක්, මාර සැහැල්ලු ගතියක් දැනෙනව නම් ඒක හරි ආදරයක්... මනුස්සයෙක් ලෙස්බියන් උනත් ගේ උනත් ඒ මනුස්සයා ස්ට්‍රේට් උනත් ආදරේ කියන්නෙ ආදරේ අපිට තව කෙනෙක් වෙනුවෙන් ඇතිවන හැඟීම..ඒත්, අනවශ්‍ය දේවල් වලට එහෙම ආදරේ කරන්න ඕන්නෑ මන් නම් හිතන්නේ...

ඔයාලගෙ අදහසුත් කියන්න... මන් හිතනවා කතාව බෝරින් නැතුව ඇති කියලා... පුලුවන් ඉක්මනට මම චැප්ටර්ස් ටික දාන්නම් යාලුවනේඑ ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න ඕන හරිත....😚

මන් ඉක්මනටම එන්නම් ආතරෙයි උතුරම්න...😽❤️

Share This Chapter