Back
/ 53
Chapter 29

29 කොටස

_නොනිමි_

"මොනවද ආදිත්‍යා උබ... ශික් ඕයි තමුසෙට ලැජ්ජාවක් නැද්ද"

මම හිටියෙ පන්තියට වෙලා සින්දුවක් කියන ගමන් මේ ලාස්ට් පීරියඩ් එක අනික මිස්කට මීටින් එකක් තියන නිසා මිස්ලා කවුරුවත්ම නැහැ එක පාරටම හෙන කලබලෙන් අපේ පන්තියට ආවෙ විනුදි මේකිට මක් වෙලාද මේ

"මොකක්"

"ඊයා ආදිත්‍යා තමුසෙ නම්"

"හරියට කියපන් මොකද්ද වෙලා තියෙන්නෙ ආ"

ඊයා ඊයා ගන්නෙ මොනහුයන්නක්ද මේ

"බොරු කරන්නැතුව ඉදපන් දැන් උබ ලන්දි එක්ක යාලු වෙලා ඉන්නෙ කියලා අපි දන්නවා"

"මොන ලිනදියෙක්ද පිස්සුද විනුදි උබට"

"ඔව් අපිට තමා පිස්සු ශික් ඒස වැඩ"

"මොනාද විනුදි කියන්නෙ"

මට හෙන කේන්තියක් ආවා මොන හු#තක්ද මන් කවද්ද ලිනදියෙක් එක්ක යාලු උනේ

"උබම ගිහින් අහගනිම් අන්න ඒකි කිය කිය ඉන්නවා උබ ඒකිට මෙහෙම කලාය අරම කලාය කියලා ඊයා ආදිත්‍යා ඒකිට කරපු දේවල් වත් නොකර ඉන්න කියහන් ශික් බන් අපිටත් ලැජ්ජයි උබලා හු#න එව්වා අපිට වැඩක් නෑ බන්"

"මොන හු#තක්ද හු#තො කියවන්නෙ.."

අපේ උඩ සෙක්ශන් එකේම මිස් ලා හිටපු නැති නිසාලමයි කොරිඩෝ වල හිටියේ මන් තිබ්බ කේන්තියට එක පාරට නැගිටලා ඇහුවම ඒක ටිකක් සැරට ඇහුනා මන් දැක්කා ඒ අස්සෙන් එසඳියි මෙතුකියි දුවගෙන අපේ පැත්තට එනවා

"මට කෑ ගහන් එන්නෙ මොකද මන් කියන්නෙ ලිනදි මට කියපු දේ ඒකිගෙන්ම අහගනිම්...උබ හරියට කියපන්.උබ ලිනදියි, පෙසාරා අක්කයි, චනුමියි තව කීයක් එක්ක යාලු වෙලාද ඉන්නේ"

"අඩෝ මොකද ආදියා ඇයි කෑගහන්නෙ..."

"මන් ඔය එක ප#ක් එක්ක වත් යාලු වෙලා නෑ යකෝ ලිනදිමද උබට ඕවා කිව්වේ"

මෙතුකියි එසඳී ෆුල් හොල්මන් වෙලාමන් දිහා බලන් හිටියා

"ඔව් ඒකිගෙන්ම අහගනිම්"

"වරෙන් මෙතා යන්න මොන හුයන්නක්ද ඕකි කියවන්නෙ බලන්න මලකරුමයක් උනා නෙ කලින් දවස් වල උබ ඉස්සරහමනෙ මන් ඒකිට කැමති නෑ බෑ කිව්වේ අනික මේ මොන මගුලක්ද"

මට මල යකා වැහිලා හිටියේ මේ මොනවද වෙන්නෙ මන් කවද්ද ඒකිට කැමති වෙලා ඒකි එක්ක හැ#නෙන්න ගියේ මන් මෙතාවවත් ඇදගෙන පහලට බැහැගෙන යනකොට එසඳිත් ආවා අද තුශී ආවෙ නෑ මන් පහලට බැහැගෙන යනකොට ලිනදි කට්ටිය එක්ක හිනා වෙවී මන් දිහා අමුතු පර බැල්මකින් බැලුවා එතන චනුමිත් හිටියා මට පුදුම කේන්තියක් තිබුනේ

"ඕයි ලිනදි මෙහෙ වරෙන්"

"ආහ්හ් කියන්න"

"මොනාද බල්ලො කියවන්නෙ මන් තමුසෙට කැමති කියලා.."

"..."

"තමුසෙට කැමති වෙන්න මට අති රුදාවක් නෑ ඕයි තමුසෙට කොල්ලොම දෙන්නෙකුත් ඉන්නවා අර මිනුරිත් එක්කත් තමුසෙ යාලු වෙලා නේද තමුසෙ මහ වට බඩ්ඩක්නෙ ඕයි"

"..."

"මට මේ ඉස්කෝලෙ කැමති එකෙට්ට ඉන්නෙ උබ විතරක් නෙවෙයි කැමැත්තෙන් හිටියට ඉතින් මට කරන්න දේකුත් නෑ මචන් යාලුවො විදිහට ඉමු මොකද මට හැම එකා එක්කම යාලු වෙන්න බෑ මට එහෙම ඌමනාවකුත් නෑ"

"..."

"ඇයි උබට කට නැද්ද දැන් මේ මොකද්ද කියන්නෙ... ආ? ?මන් කවද්ද තමුසෙ එක්ක හැ#නෙන්න ආවෙ කියපන්කො... අනිකා උබ චනුමි මන් තමුසෙට කැමතී කිව්වද මන් තමුසෙලා එක්ක එෆෙයා වල ඉන්නවද..!!?"

"ඔව් ඔයාට ඉතින් පෙසාරා අක්කා ඉන්නවනෙ නේද..."

"පෙසාරා අක්කට මොකුත් කියන්නෙපා ඒකි මගෙ අක්ක වගේ එකා..."

"ඕයි මේ ආදිත්‍යා මේ මෙතන ප්‍රශ්න විසඳගන්න බැහැ මචං අපි යමන් අරහෙට වරෙන් තොපිත්"

මෙතා මාවත් ඇදගෙන පඩිපෙල බැහැලා පිටිපස්සෙ හොස්ටල් පැත්තට ගියා එතනදි ලිනදි බොරුවට ගිහින් මූණත් හෝදන් ආවා

"පෙසාරා අක්කට ඇයි එහෙම කතා කියන්නෙ ඒකා මගෙ අක්කා කෙනෙක් වගේ මගේ හොඳම යාලුවෙක් විතරයි..!"

"අනේ බන් අපිනෙ දන්නේ ඕවා උබට තව ඕවා කීයක් තියනවද හහ්"

"මට කීයක් වත් නෑ හු#න්නො"

"අනේ පලයන් අම්මා නැති එවුන් කොහොමත් එකයි අම්මලත් නැහැදිච්ව මිනි-"

"මොන හු#තක්ද පරයො කියන්නෙ"

*චටාස්*

මට ඒ වෙලේ තිබුනෙ පුදුම ආවේගයක් අම්මා ගැන එහෙම කිව්වම මගේ ඇඟේ මාලු නටන්න ආවා මට කොහෙන් කොහොම හිතුනද මන්දා ඒ කියපු එකට මගෙ වම් අත අරන් මන් අරකිට එක පාරට හයියෙන්ම කන හරහා එකක් ගැහුවා මට-මට මොකක් උනාද කියල හිතා ගන්න බැහැ ඒහ් ඒකිට මගෙ අම්මට ඔහොම කියන්න වටින්නෑ මගෙ අම්ම කවුද කියන්න වත් ඒකි දන්නෑ ඒ වෙලාවෙම ලිනදි වැටුනා ඒකිගෙ යාලුවා මට ගැහුවා මන් අනිත් පැත්තට ගැහුවත් එයාලගෙ හිටපු එක මහත ඩයල් එකක් මගෙ නහයට ගැහුවම මට නිකන් වැනෙනව වගේ දැනුනා මන් ඒකිට බඩට එකක් ඇන්න පාර මෙතා පිටිපස්සෙන් ඇවිත් උට ගැහුවා ගෑනු පාසල් වල මෙන්න මේකයි තත්තෙ!!

මගෙ නහයෙ මොනාද තියෙනවා වගේ දැනුන නිසා මන් නහය පිහිදගත්තම මගෙ මුලු අතේම තිබ්බෙ ලේ මට ඒකට නම් බය හිතුනා ඒත් එක්කම මන් මේ වෙලාවෙ දකින්න ඕනම නැති රූපයක් හොස්ටල් පැත්තට එනව මන් දැක්කා මන් කලබල උනා මන් එහාට යන්න හැදුවත් සිතූගෙ ඇස් වලට මගෙ ඇස් අහු උනා මන් දුවන්න හැදුවත් එයා දුවගෙන මන් ලඟට ආවා මන් අනිත් පැත්ත හැරිලා මූණ වහන් හිටියා මන් දැන් කොහොමද යකෝ කියන්නේ

"ආදිත්‍යා!!!!!"

"..."

"මොනාද ලමයො- ලේ නේදා කො-කෝ මෙහෙට එනවා තමුසෙ නම් මහා මොන මගුලක්ද කරන්නේ ආ මොනාද උනේ නංගි... මෙතුකි මොකද්ද උනේ..."

"අක්කෙ මේ මේ මේ මේ"

"මේ මේ නෙවෙයි කියපන් පෙසාරා අර නංගිලා බලහන් අනේ බන් මේ ආදිගෙ නහයෙන් ලේ එනවනෙ තමුසෙ මෙහෙ එනව මෙතුකි..."

"ඉන්න අක්කෙ.. මේ තවුසෙලා මෙතන උන එක දෙයක් කිව්වත් තවුසෙලටමයි පාඩුව පේනවනෙ අපිට ඕන බොරුවක් කියන්න පුලුවන් සාක්ෂි තියෙනවා පලයන් දැන්... ආයෙ ඔහොම පර කතා කියන් ආවොත් ඇස් උගුල්ලනව දැන ගනිම්"

ඌව දැක්කමත් බය හිතෙන නිසා අරුන් ටික දිව්වා දැන් නම් මට කලන්තෙට වගේ ඒත් එක්කම ඉස්කෝලෙ බෙල් එක වැදුනා මේ ලේ මගෙ ගවුමෙත් එක්ක... මගෙ අතත් තුවාල වෙලා ගිහිල්ලා

"නංගි මෙතුකි මොනාද ඕයි උනේ...අනේ ඇයි මේ නහයෙන් ලේ එන්නේ.."

"අක්කෙ අරුන් ඌයි මූයි යාලුයි හැයි හැයි පෙසාර අක්කටත් එකේක ඒවා කියල මොනාද කියල තිබුනා මූට මල පැනලා ඊට පස්සෙ අපි මෙහෙට ආවම උන් නැන්දට කැ# කතාවක් කිව්ව නිසා මේකිට මල යකා ආවේස උනා..මූ ගැහුවා අරකි වැටුනා උගෙ යාලුවො මුට ගහන්න ආවා අර මහත පගෙක් හිටියා මන් එතනට යන තප්පරේට ඌ මුගෙ නහයට ගැහුවා"

"අනේ මන් දැන් කොහොමද අයියලට කියන්නෙ උබට පිස්සුද ආදිත්‍යා..."

මගෙ ඇස් පුපුරු ගහනවා අත් වෙව්ලනවා මන් තාමත් ඉන්නෙ පුදුම කේන්තියකින්...

"නංගිආදිත්‍යාගේ බෑග් එක ගෙනත් දීපන්කො පෙසාරා මගෙ බෑග් එකත්"

"හරි ඉදහන් අරන් එන්නම් ඉක්මනට"

සිතූ මන් දිහාට හැරුනා මන් මොනව කරන්නද මට කේන්ති රෙද්ද එහෙම ඒව කියවනකොට ඉවසන් ඉන්න පුලුවන්ද කියපම්කො

"මොනාද කර ගන්නෙ ආ!"

"ඕ තව්සෙත් මටම කෑ ගහපන් එතකොට හරි එක ප#ක්ට මන් ගැන ගානක් නෑ"

"ආදිත්‍යා..."

"එපා මටෝන්නෑ තව්සෙවත්"

"යමුද ගෙදර දැන්.. ම්ම්.."

"..."

සිතූ ලේ නාලා ඉන්න මාවත් ඇදගෙන නවත්තල තිබ්බ කාර් එක ගාවට ගියා මන් මක් කරන්නද ඉතින්... ගෙදර යන ගමන් ඉද්දි මට ලාවට නින්දක් සෙට් වීගෙන ආව නිසා මන් කාර් එකටම හේත්තු වෙලා නිදා ගත්තා ඇඟ රිදෙනව මගේ

"නැගිටින්න.. අපි ආවා...ආදි මේ"

"ආහ්-ආඅ"

"නැගිටින්න...බහින්න ඕන"

"ම්ම්ම්"

මන් කාර් එකේ මේ පැත්තෙන් දොර ඇරන් බහිනකොටම වගේ සිතූ අනිත් පැත්තෙන් දොර ඇරන් බැස්සා ඒත් එක්කම මන් දැක්කෙ සුදු අයියව අයියෝ ශිට්ට්!!

"චූටී!!!!"

"ඒ ඕයි මේ මොකද මේ...චූටි මොකද මේ...!!"

"චූටියෝ!!"

"අයියේ මේ මෙයා-මෙයා ගහගෙන අද..."

"ඈ යකෝ...පුදුම වැඩනෙ මේ ලමයත් කරගන්නෙ..."

"ඒක තමයි අයියේ..."

"එනව යන්න උබට අද දෙනව මන් දෙකක් චූටි... බලනවා නහයෙත් ලේ උබට මම අද..."

"අනෙහ් සුදු අයියෙහ්"

සුදු අයියා මාවත් ඇදගෙන ගේ ඇතුල්ට ගියාම පොඩි අයියා මගේ බෑග් එකත් අරන් ආවා පුදුම පුපවල් තමා මටත් වෙන්නෙ මන් ගේ ඇතුල්ට ගිහින් දුවගෙන දුවගෙන උඩට ගිහිල්ලා කාමරේ ඇතුල්ට පැනල ටවල් එක අරන් බාතෲම් එකට පැනගත්තා අයියෝ දැන් මේක මන් මොකක් කරන්නද ආච්චම්මවත් හිටියනම්

මම මූණ හෝදන් ඇඳුම් ටික වොශින් මැශින් එකට දාලා හොඳට නා ගත්තා නහය දනවා අම්බානෙකට මන් කාමරේට ඇවිත් ශෝට ඇඳගෙන ශර්ට් එක දාගන්න කොටම සිතූ හෙන ගහන්න වගේ කාමරේට ආවා අයියෝ මා රෙද්ද ‍ඇඳල ඉවරත් නෑ

"ආඅ ඌප්ස් ස්වෝරී"

"ඇඳලා ඉවරයි ඉතින් වරෙන් දැන්"

"මේහ් අයියා ඔවාට පහලට එන්න කිව්වා මන් වොශ් දාන් එන්නම්"

"ම්ම් ම්ම්"

සිතූ එහෙම කියලා මගෙ කොන්ඩෙත් අවුස්සලා ටවල් එකයි ඇඳුනුයි අරන් පැන පැන බාතෲම් එකට ගියා මගේ අත හීරිලා ගිහිල්ලා නිකන් කැපිලා වගේ අත රතුම රතු වෙලා මගෙ අත් සුදු නිසා ඒක ඌමනාවටත් වඩා පේනවා මන් සේප් එකේ පඩිපෙල බැහැගෙන පහලට යනකොට පොඩි අයියා ටී වී එක දාගෙන කැප්ටන් ඇමරිකා බලනවා සුදු අයියා ඇහිබැමත් උරුක් කරන් මන් දිහා බලන් ඉන්නවා ඒම ඕන්නෑ නෙ ඉතිම් ම්හුක්

"මෙහෙ එනවා බලන්න"

සුදු අයියා මන් අන්තිම පඩියට කකුල තියනකොටම ඇවිත් මාව ඇදගෙන ගිහින් සෝෆා එකෙන් ඉන්දෙව්වා

"බලනවා අත... මොනාද චූටි කරන්නෙ"

පොඩි අයියා මගෙ අත දැකලා මූවි එකත් පෝස් කරලා මගෙන් ඇහුවා ම්හුක් මන් යනව යන්න

"මොනාද ආදි උනේ උබට ගහගන්න තරම්...තව්සෙ කේන්ති ගන්න එකෙකුත් නෙවෙයිනේ"

"හරි ඒ කෙල්ල එක එක මහ හු-ඌප්ස්..සොරි කැත කතා කිව්වා මට මල පැන්නා පස්සෙ ඒකි කිව්වා අම්මා ගැන මොකද්ද හරුපයක් මට ඒකට මල පැන්නා මන් ඒකිට ගැහුවා ඒකි දබෝස් ගාල වැටුනා පස්සෙ ඒකිගෙ පත මෙන්න මෙච්චක් විතර යාලුවෙක් ඇවිත් මගෙ නහයට කෙලියනෙ එතෝට නම් මාව නිකන් ඩිම් වෙලා ගියා ඒත් මන් ඒකිටත් ගහලා ඊට පස්සෙ අන්න අරයා ආවනෙ හලෝ ඊට පස්සෙ එයත් මට බැන්නා ඔවත් මට බනිනවා මටෝන්නෑ කෞරුත්"

"අනේ යසයි චූටි..."

"රිදෙනවනෙ හලෝ චුට්ටක්"

"නහයද"

"ඕ"

"බලනවා ඕයි චූටි තව්සෙගෙ නහය පිනි ජම්බු ගෙඩියක් වගේ..."

පොඩි අයියා කොට්ටෙකුත් කටේ ගහන් හිනා වෙන්න ගත්තම මන් ඌට දෙකක් රවලා කලන්තෙ වගේ සුදුඅයියාගෙ ඇඟට කඩාගෙන වැටුනා

මම මැරෙන්නයි යන්නෙ...

"ඉන්න මන් ඔය අතට බෙහෙත් දාන්න"

සුදු අයියා එහෙම කියලා මගෙ ඔලුව කොට්ටයක් උඩින් තියලා එතනින් ගියා මට හෙන නිදි මතයි නිසා මන් ඇස් පියාගෙන හිටියා ටිකකින් මගෙ අත එහෙට මෙහෙට කරනවා දැනුනා

"අහ්ම්...අම්මා..."

"චූටියෝ නැගිට්ටද"

මන් එකපාරට ඉදගෙන හතර අතේ බැලුවා ආ මන් සාලෙ පොඩි අයියා දාගෙන සිතූට ගණන් වගයක් කියල දෙනව මන් හිතන්නෙ

"දවල්ට කෑවෙත් නෑ...මේ සු-කැහ් මේ විශ් නංගිට ඉගැන්නුවා ඇති දැන්... එපා වෙයි එයාට එන්නකො අපි කමු..."

"පා කෝ පා නේ එන්නෙ තේරුනාද... හරි සුදූ~ එතකොට මේක කෝ පා කෝ හරිනේ කමු අපි දැන්.."

සිතූ හෙන අසරණ බැල්මක් දාල ඇවිත් මන් ලඟින් ඉඳගත්තා අනේ මගේ සූටිකුචයියට අපේ පොඩි පගා ගණන් කියල දෙනවනෙ ආ හොඳ සූටිකුචයියා තමා මටෝඔන්නෑ තරහයි මන්

සුදු අයියා කෑම මේසෙන් බත් තියලා කෑම කන්න එන්න කියලා කෑ ගහන නිසා අපි ගිහින් කෑම මේසෙන් ඉඳගත්තම පොඩි අයියත් සුදු අයියා ලගින් වාඩි උනා

"නංගි බෙදන් කන්න හොඳේ"

සුදු අයියා යෙලෝ රයිස් හදලා චිකන් හදලා බිත්තර තම්බල බැදලා ම්ම්ම්ම් රස පාටයි

අපි කට්ටිය කාලා ඉවර වෙලා ටීවී එකේ අයන් මෑන් බලලත් ඉවර උනා මේක සින්දුවක් කියන්න හොඳම වෙලාව... මන් දුවල ගිහින් අයියගෙ ගිටාර් එක අරන් ඇවිත් ඒක එයාට දුන්නම ඒකා යකා දැක්කා වගේ මන් දිහා බලන් ඉන්නවා

"මොකක්ද ඉතින් දැන් කියන්නෙ"

"ප්‍රියාවී කියමුකො ඒයි"

"ම්ම්හ්ම්"

පොඩී ගිටාර් එකේ කෝඩ්ස් දෙක තුනක් ප්ලේ කලා

"පාට කූරක පාට බොඳ වෙලා

පිටු පුරා ලස්සන රුවක් මැවීලා

හැඟුම් පිරෙනා මුළු රැයක් පුරා

ළංව දිදුළන දෑස් යුග බැඳීලා"

මම සිතූ ලඟට ඇදිලා ගිහින් අත මයික් එක වගේ ගත්තා

"ඔබ ලඟින් ඉන්නා විටදී මා

ඔබ දුන්නු උණුහුම් සිහිනයක් වීලා

ඔබ තෙමූ දෙකොපුල් වියැළීලා

ඔබ නැගූ හසරැල් මතකයක් වීලා"

"ප්රියාවී

ඔබ සිහිනයෙන් ළංවී

සිප ගන්න සැරසෙද්දී

ඔබ යළිත් සැඟවෙවී

ප්රියාවී

ඔබ සිහිනයෙන් ළංවී

අත ගන්න සැරසෙද්දී

ඔබ යළිත් සැඟවේවී"

අපි ඔක්කොම එකම තාලෙන් කියනකොට සිතූ මන් දිහා බලන් හිටියා හරීම ආදරේ හිතෙන විදිහට සුදු අයියත් නොපෙනෙන්න පොඩි අයියට ඇහැක් ගැහුවත් මගේ සූක්ෂම ඇහැට ඒක අහු උනා

"සැබෑ නොමවෙන සිහිනයක් නිසා

සිතක් නළවන සැනසුමක් නොදීලා

පැතුම් බිඳලන මතකයක් නිසා

සිහින අතරෙම ඔබේ රුව මැකීලා"

මන් ඒක කිව්වෙ සිතූ දිහා බලාගෙන ඊලඟට පොඩි අයියා සුදු අයියට ඊලඟ කෑල්ල කියන්න කියල ඉඟි කරා

"ඔබ ළඟින් ඉඳිනා විටදී මා

ඔබ දුන්නු උණුහුම් සිහිනයක් වීලා

ඔබ තෙමූ දෙකොපුල් වියැළීලා

ඔබ නැගූ හසරැල් මතකයක් වීලා"

පොඩි අයියගෙයි සුදු අයියගෙයි දෙන්නගෙම ඇස් දිලිසෙනවා පොඩි අයියා ඒ සුදු අයියා කිව්ව පාට් එකේදි සුදු අයියගෙ ඇස් වලින් තප්පරේකට වත් ඇස් අහකට ගත්තෙ නැහැ ඒ දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕන

"ප්රියාවී

ඔබ සිහිනයෙන් ළංවී

සිප ගන්න සැරසෙද්දී

ඔබ යළිත් සැඟවෙවී

ප්රියාවී

ඔබ සිහිනයෙන් ළංවී

අත ගන්න සැරසෙද්දී

ඔබ යළිත් සැඟවේවී

පාට කූරක පාට බොඳ වෙලා

පිටු පුරා ලස්සන රුවක් මැවිලා

ප්රියාවී

ඔබ සිහිනයෙන් ළංවී

සිප ගන්න සැරසෙද්දී

ඔබ යළිත් සැඟවෙවී

ප්රියාවී

ඔබ සිහිනයෙන් ළංවී

අත ගන්න සැරසෙද්දී

ඔබ යළිත් සැඟවේවී"

මමත් අන්තිම හරිය සිතූගෙ ඇස් දිහාම බලන් කියනකොට එයාගෙ කම්මුල් රෝස පාට උනා එයා ලැජ්ජාවෙන් බිම බලන් හිටියේ මටත් ලැජ්ජයි මේකා මෙහෙම ඇඹරෙනකොට හරිම මගුල් තමයි

"අපි නිදා ගන්න යමුද"

මන් ඒක ඇහුවේ එකක් දැන් වෙලාව එකටත් කිට්ටුයි අනික තමයි පොඩි අයියට දැන් සුදු අයියා එක්ක ටිකක් තනියෙම ඉන්න ඕන වගේ ඒ නිසා මන් අයියලටත් ගුඩ් නයිට් කියලා සිතූව ඇදගෙන උඩට දිව්වම පොඩි අයියලගෙ කාමරේ දොර ඇරලා තිබ්බා මන් ඉක්මනට උස ඉඳන් පහල බැලුවම මන් දැක්කෙ සුදු අයියා පොඩි අයියට තුරුල් වෙලා ඉන්නවා මන් ඉක්මනට කාමරේට ගිහින් අයියගෙ අර පොත අරන් ඒක සිතූට පෙන්නුවා

සිතූ ඒකෙ පිටු දෙකක් විතර කියෝලා කට දණිස්ස ගාවටම ඇරගත්තා එයාලා උඩට එනව සද්දෙ ඇහිච්ච නිසා මන් සිතූව ඇදගෙන කාමරේට දිව්වා

"ආදි...!!!???"

"ම්ම්ම්"

"අනේ ශෝක් ආදී"

"ම්ම් මේ අපි වොශ් දාන් එමු නෙහ් ඔයා ඉස්සෙල්ලා ගිහින් එන්න මන් ඇඳ හදන්නම්"

"හ්ම්ම්"

සිතූ ටවල් එකත් අරගෙන දොර ඇරන් බාතෲම් එකට ගියාම මන් ඇඳට වැටුනා අනෙහ්හ්හ් අම්මේ සිතූ අද අපේ ගෙදර ඉන්නයි යන්නේ...

මන් ඇඳ ගසලා ලස්සනට එලුවා ඉරක් වත් නැති වෙන්න සිතූ ආවම මාත් ගිහින් දත් මැදලා වොශ් දාගෙන ආවා

මන් කාමරේට යනකොට සිතූ කබඩ් එක ලඟ තියලා තිබ්බ ෆොටෝ එකක් අතට අරන් බලනවා මන් දොර වහලා ටවල් එක රැක් එකෙන් දාලා එයා ලඟට ගියාම එයා මන් දිහා හරී ආදරේ හිතෙන විදිහට බැලුවා එයාගෙ කම්මුල් රෝස පාට වෙලා

"අහ්-ආදී"

"ම්ම්ම්"

තත්පර දෙකක් වත් ගියේ නෑ සිතූ මගේ බෙල්ල බදාගත්තා මන් එයාව හරියට වඩා ගෙන වගේ ඉන්නේ එයා බර නැති නිසා හොඳයි ඉතින්

"මන් ආදරෙයි ආදී"

"මාත්"

සිතූ එහෙම කියලා මගෙ බෙල්ල අතෑරලා අත් දෙකෙන් බිමට බැහැලා මගේ මූණ දිහා බලන් හිටියා එයාගෙ ඇස් දිලිසෙනවා හරිම ලස්සනයි මන් එයාගෙ මූණ ඇදිලා යන්නම දෙපැත්තෙන් ඇද්දම එයාගෙ මූණ තවත් රතු උනා ඇයි දෙයියනේ මන් මේ ලමයට මෙච්චර ආදරේ මටවත් හිතා ගන්න බැහැ...

සිතූ ඇඟිලි තුඩු වලින් ඉස්සිලා ලාවට මගේ කම්මුල් වලින් තොල් තිබ්බා ඒවා ලාවට තිබ්බා උනත් හරිම තෙතට මගේ කම්මුල් වල තිබුනා මන් එහෙම්මම නැවිලා එයාගෙ නලලින් හාද්දක් තිව්වම එයා තවත් රතු වෙලා පිපිරෙන්න ආවා මන් එතන තිබ්බ ලයිට්ස් වල ස්විච් එක ඕෆ් කරලා එයාගෙ ඉන වටේ අත් යවලා මන් ලඟට ඇදල ගත්තා එයා මන් ලඟ හිටන් ඉන්නකොට හරිම පුංචියට මට දැනුනේ මන් එයාගෙ තොල් වලින් ඇඟිලි දෙකක් තියාගෙන ඒවට පහත් උනේ හරිම පරිස්සමට මට එයාව ඇත්තටම අල්ලන්නත් බයයි... ඒ තරම් මන් එයාට ආදරෙයි...

සිතූ දිගටම ඇස් වහන් හිටියේ හුම් සද්දයක් වත් නැතුව මන් සිතූව ඈත් කරාම එයාගෙ කම්මුල් පිපිරිලා යන්න ඔන්න මෙන්න තිබුනේ ඒ ඇස්... ආර්හ්හ් ඒවා දිලිසෙනවා එයා මන් දිහා හරි ආදරෙන් බලන් හිටියා මන් එයාට නිදා ගන්න යමු කිව්වම එයයි මමයි ගිහින් ඇඳෙන් හාන්සි උනා මට විශ්වාස කරගන්නත් බෑ එයා අපේ ගෙදර මාත් එක්ක ඉන්නවා! එයා එක්ක මම එයාලගෙ ගෙදර නිදාගෙන තිබුනත් මේක වෙනස්

"මම බදාගන්නද ඔයාව"

"එන්න ආදි"

මන් කිටි කිටියේ සිතූට තුරුල් උනාම එයා මගෙ කොන්ඩෙ අස්සෙන් ඇඟිලි තුඩු යවලා මගෙ නලලට හාද්දක් දුන්නා මගෙ අත් එයාගෙ ශර්ට් එක අස්සට ගියත් ඒවා එයාගෙ ඉන හරියෙම විතරයි නැවතුනේ මන් හිටියෙ කියාගන්නම බැරි සතුටකින් සැරෙන් සැරේට දැනෙන්න නොදැනෙන්න එයා මගෙ නලලින් හාදු තියනකොට ඒවා මට නිකන්....

අනේහ් මට තාමත් විශ්වාස නැහැ දෙයියනේ!!!

බලන්න නේත හනේ සිතුවා ආදිලෑ ගෙදර නිදියම්නයි යම්නේ ශුජු අයියත් ඉන්නව හර්තේ පොඩි පුතා එම්ක මන් ඒක ගැනත් ලියන්නත යාලුවේ වෙන ලක්කන පොතක්... ඔවාල කියනවනම් මන් ලියන්නම් මට කියන්නකො ඔයැයිලගෙ අදහස් උදහස්...

මොනා උනත් ආදිට අර ලිනදිට ගහම්න වටිම්නෑ නේත

maranda tiyenne pagyawa!! 😾

මොකත කියන්නෙ සෙට් වෙලා දෙමුත් දස් සැට් එක බඩට යම්න

මයෙ බිජුමාල් ලා පriccamata ඉන්ට හර්තේ ආදරෙයි මන් උතුරම්න 😽❤️

<3!

Share This Chapter