Back
/ 53
Chapter 32

32 කොටස

_නොනිමි_

"අඩෝ අද මට හෙන අවුල් බන්.."

"ඒ මොකෝ"

"නෑ බන් අද මහ අමුත්තක් දැනෙනව බන්..මොන හත්තියු#තක් වෙයිද දන්නෑ.."

"පිස්සුද බන්.. උබ මොනා හරි ගහලද ආවෙ.."

"මේ යමන් වටයක් දාල එන්න.. තාම හතයිනෙ"

"යමන් යමන්.."

එහෙම කිය කියම මමයි මෙතායි පන්තියෙන් එලියට ආවා.. අද උදේ ඉදන් හිතට පුදුම අවුලක් දැනෙන්නෙ.. දැන් සිතූලත් ඉස්කෝලෙ එන්නෙ නෑ නෙ ඒ නිසා තවත් අවුල්..

අපි පහලට එනකොට පහල හිටපු අපේ යාලුවෙක් මන් දිහා සෑහෙන අවුල් විදිහට බැලුවත් මන් ඒක සතේකට ගනන් ගන්නැතුව ආවා..

"ඊයා ආදිත්‍යා.. මන් නම් හිතුවෙ නෑ උඹ ඔහොම එකියක් කියලා.. ශිට්"

"ආහ් ආදිත්‍යා දැන් කෙල්ලො කීයක් ලයින් කරලද ආ.."

මොන හු#තක්ද මේ වෙන්නෙ.. මොනාද මේ කියවන්නේ.. මන් කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව ගල් ගැහිලා බලන් හිටියා..

"මොනාද ඕයි කියවන්නෙ"

ඒත් එක්කම කොහෙද මන්දා ඉදන් ලිතුලි මගෙ නම කියාගෙන කෑ ගහගෙන අපේ පැත්ත්ට ආවා

"ආදිත්‍යා!!!!!!!

හලෝ මේ"

"ම්"

"හලෝ...එසදි ඔයා ගැන හරිම කැත කතා කිය කිය යනවා.. මටහ්... මට- මට හිතාගන්න බෑ ආදිත්‍යා.. ඔයා එහෙමද ඇත්තටම... ඔ-ඔයාව මට ආශ්‍රය කරන්නත් එපා කිව්වා..."

"ද හෙල්???"

මට හිතාගන්න බැරි උනා එසදි මොකද මන් ගැන එහෙම කියන්නෙ.. අනික මන් ඒකිට මොකද්ද කරපු වරද... එසඳි මාත් එක්ක ජෙලස් කියල දන්නවා.. ඒත් මොනාද දන්නෑ කියල තියෙන්නෙ..

"අඩෝ මොනාද ඒකි ආදි ගැන කිව්වෙ උබට"

"මේකි ලෙස්බියන් ලු..

හතර වටේම කෙල්ලොලු..

උබ චනුමිත් එක්කත් යාලුයිලු..

ලිනදි එක්ක උබ කිස් කරනවා අනිත් ඒවත් කරාද බන්..

තව උබ එසඳිගෙනුත් කැමත්ත ඇහුවලු..

අක්කලා එක්ක උබ යාලුවෙලා ලු ඉන්නේ..

හැමෝම එක්ක හැමදේම කරනවලු උබ..

ඊයා ආදිත්‍යා මට නම් මල අප්පිරියයි.."

මොන හු#තක්ද..මන්- මන් එහෙම කරේ කවද්ද.. ඇයි මේ මන් නොකරපුවා කියවන්නෙ මෙහෙම..අනේ අම්මේ...

"මොන හු- අඩෝ කැ# කතා කියන්න එපා මේකි එහෙම කලේ නෑ... "

මන් මුකුත්ම කියන්නැතුව ඒ කියපු දේවල් මොලේට ප්‍රොසෙස් කරගන්න ගමන් හිටියේ.. ඇත්තටම මන් කවද්ද එහෙම දෙයක් කලේ.. මන් සිතූ එක්ක යාලු වෙලා ඉන්න එක හරි.. අඩෝ ඒත් මන් අඩුම තාම සිතූටවත් කිස් එකක් දීලා නෑ.. අනික- අනික මන් එසඳි ඉස්සරහමයි ලිනදිට කනේ පාරක් ගැහුවේ.. මන්- මන්.ලෙස්බියන් කියන්න එයා කියන්නෙ කොහොමද.. සිතූගෙයි මගෙයි එෆෙයා එක දන්නෙත් මම, සිතූ, නෙතූ, පෙසාරා අක්කා, මෙතා , අවී, අපේ අයියල විතරයි.. මේක කොහොමද ලීක් උනේ.. මට බය හිතුනා.. මෙච්චර කාලයක් තිස්සෙ මන් මේ ඉස්කෝලෙ ගොඩ නගා ගත්තු තැනට මොකද වෙන්නේ.. අනික මේවා.මෙහෙම කට කතා ගියොත් ඒවා මිස්ලගෙ කන් වලටත් යන එක ශුවර්.. එහෙම ගියා කියන්නේ මැඩම් ලා ලඟට යනව මිස් ලා..එයාලා ඕවා ගැන හොයලා බලනකොට කාගෙන් හරු ඇහුවොත්.. ඒ ලමයි දන්නෙත් මන් එහෙමයි කියන්න නම්.. මන් මොකද කරන්නේ..අනිවාරෙන්ම මාව ඉස්කෝලෙන් අස් කරනවා මන් හොඳටම දන්නවා..මන් මෙච්චර මහන්සියෙන් හදා ගත්තු මගේ නමට කලු පැල්ලමක් එකතු කරන්න මන් කැමති නෑ..

මන් තිබ්බ කේන්තියට ලිතුලිගෙත් ඇඟේ වැදීගෙන ඇස්වල කඳුලුත් පුරවන් එසඳිගෙ පන්තිය ගාවට ගියාම ඒකි මාත් එක්ක මුකුත් උන්නෑ වගේම හිනා උනා..

"මොනාද හු#තො මාව ආශ්‍රය කරන්න එපා කියලා වටේ කිය කිය යන්නේ.."

තිබුන කේන්තියටමයි මට කුණුහරුපෙකුත් කියවුනේ.. එහෙම කිය කිය යන්න ඕන්නෑ නෙ රෙද්ද...

"මොනාද කියන්නෙ"

"එසඳී.. එසඳී..උබට මාත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ගැන මාත් එක්ක ඇවිත් කතා කරපන්.. මන් ගැන බොරු කැ# කතා කිය කිය ගිහින් උබ මොනාද බලාපොරොත්තු වෙන්නෙ ආ..??"

"ආ ආ මේ.. උබ මොකද කෑ ගහන්නේ.. ඔය කෑ ගහන ඒවා මන් ඉස්සරහ තියා ගන්නෙපා හරිය.."

"උබ කවුද"

"මන් රනුකි යකෝ"

"මචං මේ.. උබ කවුද කියන්න මන් දන්නෙ- ආ මට මතක් උනා උබ කවුද කියල.. මචෝ මේ මට කියල මොනාවත් අහගන්නැතුව පැත්තකට වෙලා ඉන්න.. එසඳි උබ කියපන් මොකද්ද ප්‍රශ්නෙ කියලා "

"අනේ-"

"රනුකි ඉන්න.."

"එසඳි උබ හොඳටම දන්නවා මන් ලිනදිට කනේ පාරක් ගහපු බව..එහෙව් එකේ සිරාවට ඇයි ඔහොම කතා කියන්නේ"

"උබ මන් දන්න හැම අක්කා කෙනෙක්වම උදුරගත්තා.. දැන් මගෙ අක්කවත් මගෙන් ඈත් කරන්.. ඒකි මටත් වඩා උබට ආදරෙයි"

"මන් කවද්ද උබෙ අක්කව ගත්තේ.. උබලෑ අක්කා එක්ක මන් හිනවෙලා කතා කලාට උබලෑ අක්කව මට උබෙන් උදුරගෙන.. පිස්සුද බන් උබට.."

"අක්කා මට එයාගෙ දෙයක් කියන්නෙ නෑ ඒත් උබ එයාගෙ දේවල් දන්නවා මොකද්ද තේරුම ඒකෙ"

"මෙහෙමයි එසඳි අක්කා උබ එක්ක මුකුත් කියන්නැති හේතුව තමයි උබ මොකක් හරි හු#තෙ වැඩක් කරලා ගෙදරට මාට්ටු උනාම උබ අක්කගෙ හැම ලබ්බම ගෙදරට කියනවා.. හා නැද්ද.."

"මන් මොනාද කලේ.. නේ මේ ආදිත්‍යා..!!"

"උබ මොනාද නොකලේ.. ගෙදරින් පැනලා ගියපුවා.. බෙල්ලන්විල පාක් එකේ කරපුවා.. චමිරු එක්ක කරපුවා..උබ අපිට කිව්වා ඒවා.. එදා අපි එපා කියද්දි උබ මහ රෑ අරූව හම්බෙන්න යනව කිව්වේ.. අපි කිව්ව දේ ඇහුව නම් අද උබලගෙ අම්මට උබව විශ්වාසයි..අනික අහු උනාට පස්සෙ උබ මොකද්ද කලේ.. අක්කයි තෙහාරා අක්කයි යාලුයි කිව්වා.. ශිට් බන්.."

"අනේ පල හු#න්නො යන්න.. උබ මේ සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ හිටියට උබ කරපු දේවල් අපිනෙ දන්නේ.."

මොන ලබ්බක්ද මේ කියන්නේ.. මේ වෙනකන් මන් කොල්ලෙක් එක්ක යාලු වෙලා මෙහෙම ගෙදරින් පැනලා ගිහින් මොනාවත් කරගෙන නෑ..අනික සිතූ එක්ක මන් යාලු වෙලා ඉන්න එක මුන් දැන ගන්න විදිහකුත් නෑ..

"ඒ මොනාද මන් නොදැනුනවත්ව මන් ම කරපුවා.."

"ඇයි උබ...."

"ඇයි කල්පනා කරන්නේ.."

"අනේ මේ.."

"මන් උබට හොඳ වැඩක් කරනවා ඔන්න බලපන්.."

රනුකි එහෙම කිව්වම මට බකස් ගාල හිනා ගියා..රනුකි?  මට මොනා හරි කරන්න? හව් සෑඩ්ඩ්ඩ්.. රනුකි දන්නෑ මන් කවුද කියන්න.. අනික මේකි මේ නවයෙදිනෙ ඉස්කෝලෙට ආවේ..

"සිරාවට.. උබ මේ නවයෙදි ඉස්කෝලෙට ඇවිත්.. එක වසරෙ ඉදන් මේ ඉස්කෝලෙ හිටපු මට මොනව කරන්නද බං"

"මන් උබව පොලීසියට අල්ලලා දෙනවා.."

"සිරාවට.. උබ දන්නවද පොලිස්පති අපේ අප්පච්චිගේ හොඳම යාලුවෙක්"

හිරවුනා නේද පුතේ... මෙව්වට තමා ඉතින් ඉල ඇට ඇඹරෙන්න හිනා වෙන්න පුලුවන්..

"උබ ලෙස්බියන් කියලා හැමෝටම මන් කියනවා.."

"අනාව් මන් ලෙස්බියන් කියන්න කෝ උඹට සාක්ෂි.. මට නම් තියෙනවා උබ ලෙස්බියන් කියන්න නම් සාක්ෂි.. උබ මිනුදි එක්ක කරපුවා.. නයිට් කෑම්ප් එකේදි උන ඒවත් මට මතකයි මචෝ.. ආ උබට මතකනෙ උබ මට දවසක් වොශෲම් එකේදි අතටම අහු උනා.. හැබැයි මන් නම් ඕවා ඔහොම චීත්තයක් වගේ තැන තැන කිය කිය යන්නෑ.. උබල දෙන්නට නම් මන් ඕන්නම් මල් මල් චීත්තයක්ම ගෙනත් දෙන්නම්.."

"අම්- මේ මන්- උබ සනිදි අක්කා එක්ක ඉන්නෙ ඇයි"

ද හෙල්?!

"එයා මගේ යාලුවෙක් නිසා"

"එයා මගෙත් යාලුවෙක්.."

"ඉතින්"

ඒ වෙලාවෙදි රනුකි මගෙ උරහිසින් අල්ලලා මාව තල්ලු කලා.. ඔන්න දැන් තමා මට මාරයා ආවේස වෙන්නෙ..

මම ඌ දිහා හොඳට බලන් හිටියා ඒකි මට අත ඉස්සුවා ඒත් එක්කම මන් රනුකිගෙ අත අල්ලලා අනිත් පැත්තට ඇඹරුවා.. ඒ වෙලාවෙ මට තිබුනෙ පුදුම ආවේගයක්.. තරහට මට මේකිව මරන්නත් පුලුවන්..

"ඒයි අත අරින්න.. ආදිත්‍යා.."

"ඒ ආදි අඩෝ අතෑරපන් ඕකිගෙ අත ගැලවිලා එයි.."

"හොඳට මතක තියාගනිම්.. ආයෙ මගේ නමට කැලලක් ඇති කරන්න ආවොත්.. මන් උබලව තියන්නෑ.."

"හ-හරි.. අනේ අතාරින්න.."

මන් රනුකිව අතෑරලා මෙතා එක්ක එන්න ආවා.. මගෙ අත් හිරි වැටිලා වගේ නිකන්.. තියෙන කේන්තියට මගේ ඇස් දෙකත් දනවා..

මෙතා මාව පන්තියෙන් දාලා එයා එයාගෙ පන්තියට ගියා.. මන් පන්තියට ගිහින් ඔලුව තියන් හිටියේ.. ඒ වෙලාවෙ තමා තුශී පන්තියට ආවෙත්..

"ඒ ආදේ මොකෝ අවුල"

"නෑ බන්"

"අවුලක් නම් කියපන් ඈ.."

"එලේල.."

ගාථා කියලා වැඩ කරන්න පටන් ගත්තත් මගේ හිතේ පොඩි කනස්සල්ලක් තිබුනා.. ඇත්තටම මට සිතූව නැතිවෙයිද කියන හැඟීම කොහෙන්ද මන්දා මගෙ ඔලුවට වැටුනා.. දවස ගෙවුනෙත් හරි හෙමින්.. උගන්නපු කිසිම දෙයක් උනත් මගෙ ඔලුවට ගියෙ නැහැ.. මට සිතූව හම්බෙන්න ඕනෙ..

අද හවසට මන් සිතූව හම්බෙන්න යනවා.. මන් දැඩි තීරණේක හිටියත් මගෙ හිතේ තිබුන කනස්සල්ල එහෙම්මමයි.. ඉස්කෝලෙ බෙල් එක වැදුන ගමන්ම මම වෙනදටත් වඩා වේගෙන් සිතූලගෙ ගෙදරට ගියා.. එයාලගෙත් තාත්තා ගෙදර ඉදලා මේ දවස් ටිකේ අම්මා නෑ මන් හිතන්නේ.. ඒත් මොනව හරි ප්‍රශ්නයක් ඒ ගෙදරත් තියෙනව කියල මන් දැනන් හිටියා.. ගෙදර ඇතුලට ගිය ගමන්ම වෙනද වගේම හරිම දයාබර ආදරනීය වෙල්කම් එකක් මට ලැබුනත් ගෙදර හිටපු සිතූගෙයි නෙතූගෙයි මූණවල් වලින් වෙනද නැති මලානික කමක් මන් දැක්කා..

"ඒ අක්කෙව්.. මොකෝ මේ"

"මො-මොකුත් නැහැ... ආදි..."

"ඔයා මට බොරු කියනවා.."

ඒත් එක්කම ටැප් එකක් ඇරියා වගේ සිතූගෙ ඇස් වලින් කඳුලු කැට කම්මුල් දිගේ බේරිලා වැටුනා..මගෙ හිත රිදෙනවා.. මන් කැමති නෑ එයා අඬනවට..

"ඇ-ඇයි ඔයා අඬන්නෙ.."

"මට බැහැ ආදි.. අම්මියි තාත්තියි ඩිවෝස් වෙනවලු..."

"ද හෙල්...!!!"

හොඳ~ට පායලා තිබිලා එක පාරට අකුණක් කෙටුවා වගේ.. එයාලා දෙන්නගෙ අතර වෙන් වෙන්න තරම් ප්‍රශ්නද..

"ඒ ඇයි"

"දන්නෑ... අනේ මට බයයි.."

මන් එයාව මට තුරුල් කරන් හිටියා.. එයාට ඉකි ගැහෙනවා..

"ඇයි ඔයා එකපාරටම මෙහෙ ආවේ.."

"නැහ් මේ.. අද ප්‍රශ්නයක් උනා.. මට බය හිතුනා.. මන් ඒ නිසා ආවා.."

"අනේ ආ-"

"නෑ එහෙම එකක් නෙවේ ඔයා රනුකිව දන්නවද.."

"ඔව්.."

"ම්ම්"

"ඇයි-"

"මන් යන්නම්.. පරක්කු වෙනව නැත්තන් ගෙදර යනකොට.."

"මන් ඩ්‍රයිවර්ට ඔයාව ඩ්‍රොප් කරන්න කියන්නම්.. මොනා හරි කාල යමු.."

"ඕන නැහැ.. මන් යන්නම්.."

මන් දොර ගාවටම ගිහින් ආයෙත් හැරිලා ආවේ හිතේ තියෙන අමූතුම හැඟීමකට.. මේ මන් එයාව දකින අන්තිම වෙලාව වගේ සීන් එකක් දැනෙන- ශිට් එහෙම වෙන්නෑ සිතූ මාව දාලා කොහෙ යන්නද.. එයාට දැන් ඒලෙවල් කරන්නත් තියෙනවනේ..

මන් හැරිලා ගිහින් සිතූව තද කරන් බදා ගෙන එයාගෙ නලලට කිස් එකක් දුන්නා..ඒත් එක්කම සිතූ මාව තද කරලා බදාගත්තා.. එයා හුඟක් කොට නිසා මට දැනුනෙ මන් ටෙඩියෙක්ව තුරුල් කරන් ඉන්නවා වගේ.. එයාගෙ තොල් වලින් ඇඟිලි දෙකක් තියපු මම එයාගෙ තොල් වලට පහත් උනා.. විනාඩි කිහිපයක් අපි අතරෙ ගෙවුනත් ඒ වෙලාව මට කල්පයක් වගේ.. මන් හැරෙන්න හදලා ආයෙම එයාගෙ තොල් අගින් තොල් තිබ්බහම සිතූව ගැස්සිලා ගියා වගේ උනා.. ඒවා හරිම සියුම්.. මට බයයි.. මොනා හරුම සිද්ධ වෙයි කියලා හිතෙනවා..

"මන් ආදරෙයි හුඟක්"

"මමත් ආදි... මන් හුඟක් ආදරෙයි.. හැමදාම.."

"ම්ම් පරිස්සමින්.. මන් යනවා.."

"හරි පරිස්සමින් යන්න ආදි.."

මගෙ හිතට හරි ලෝබයි.. එයාව ගෙදර එක්කන් ඇවිත් තියාගන්න හිතෙනව..මන් පුංචි උනත් එයාගෙ හිතට මා ඒ තරම්ම බැඳිලා ඉවරයි...

ගෙදර ඇවිත් මන් වොශ් එකක් දාන් නිදාගත්තා හෙට ඉස්කෝලෙ යන්නැහැ.. අද උන දේවලුත් එක්ක මට යන්න බෑ වගේ.. මන් සිතූ ගැනම හිත හිත නිදා ගත්තා.. සිතූට කෝල් එකක් ගන්න විදිහක් නෑ මොකද තාත්තා එයාලගෙ ගෙදර කියන්නෙ ෆෝන් එක එයා ලඟ..

මොන දේ උනත් සිතූ මට හැමදාම ආදරෙයි කිව්වනෙ.. මට ඒ ඇති...කන්දක් නැග්ගොත් පල්ලමක් බහින්න හම්බෙනවමයි නෙ!!!

හරි වැඩේ නේද ඒයි... මේ ආදිට නම් පුදුම පුපවල් තමා වෙන්නෙ.. මේ රනුකි ගස් බල්ලව දෙකට නමලා බෝල ගහන්ම ගත්තා නම් හරි නේද ඒයි.. අනිත් එකී එසඳි.. හරි ඒසයි නේද...බලන්න අනේ එකට ඉදගෙනත් කරන කැ# වැඩ.. එයාව දෙකට නමලා කොල්ලෙක්ගෙ බෝල් ගාඩ් එක විදිහට දාමුත..🙊

මන් ගිහින් එන්නම් මගේ යාලුවනේ ඉක්මනින් තව එකක් දෙන්නම්...

ඉස්සරහට හොඳ කාලයක් වෙන එකක් නෑ... කලින් සතුටු සාමීචියෙ හිටියනේ

පල්ලමක් බැස්සොත් කන්දක් නගින්නම ඕනෙ

කන්දක් නැග්ගොත් පල්ලමක් බහින්නම වෙනවා.. ඕකයි තත්තේ...

ගුනබුස

මන් ආතරෙයි ඔවාලට උතුරම්න 😽❤️

එකම වර්ගයේ දෙදෙනෙක් මුහුණට මුහුණ බලන් සිටින සුම්දර දම්සුනක්!!! 🌚❤️

Share This Chapter