Back
/ 53
Chapter 34

34 කොටස

_නොනිමි_

කාලෙ ගෙවිලා ගියේ සීග්‍රඝාමී දුම්රියක් වගේ.. මොකද කිව්වොත් මට ඕලෙවල් ලියන්න තව තියෙන්නෙ සතියක් වගේ කාලයක්.. පහු වුණ අවුරුද්දක කාලෙ උන දේවල් හොඳයි කියන්නත් බැහැ.. නරකයි කියන්නත් බැහෑ.. සිතුමිණී අක්කලගෙ රිසාල්ට්ස් අවුට් වෙලා තිබුණට මන් ලඟ එයාගෙ විභාග අංක තිබුණ නිසා සුදු අයියා මගෙන් ඒක ඉල්ලන් එයාගෙ රිසාල්ට්ස් බැලුවා.. මට එයා ගැන හිතන්නවත් කිසි උවමනාවක් තිබුනෙ නැහැ. මොකද ඒ වෙනකොටත් සිතුමිණී කියන චරිතෙ මන් මගේ හිතෙන් අයින් කරන ගමන් තියෙන්නෙ.. ගිය අවුරුද්දෙ අන්තිමට අප්පච්චිව දැක්කෙ එයා ගෙදරින් ගිහින් තිබුණ දවසෙ.. ඉන් පස්සෙ අප්පව්චි කොහෙ ඉන්නවද කියලවත් මම හෙව්වෙ නැති උනත් අයියලා හොයනවා කියල මම දන්නවා.. අප්පච්චි හෙන මාස්ටර් ප්ලෑනක් ගහනව කියලත් මන් දන්නවා.. ඒත් පොඩි අයියයි සුදු අයියයි දෙන්නම උනත් දැන් හුඟ ප්‍රසිද්ධ චරිත.. ඒ දෙන්නට බලපෑමක් කරන්න දැන් කාටවත් බැරි තරම් ඒ දෙන්නා දැන් ජනප්‍රියයි..

මම උනත් දැන් ඉස්සර හිටපු ආදිත්‍යා නෙවෙයි.. හුඟක් දෙනෙක් මාව දන්නෙ ක්‍රිකට් ආදිත්‍යා කියලා.. පහු උන මැච් වලදි මම ගහපු ලකුණු ඒ වගේම මේ වෙනකොට දිස්ත්‍රික් මැච් වලටත් මාව තේරිලා තියෙනවා.. දාසය වෙනි උපන් දිනේදි ලොකු අයියා දුන්න බැට් එක දැන් මගෙ වාසනාවන්ත බැට් එක වගේ.. ඒත් මන් දැන් මාසයක් තිස්සෙ ක්‍රිකට් නැවැත්තුවේ ඕලෙවල් නිසා.. පොඩි අයියා උනත් දැන් හුඟක් ඉහල තැනක ඉන්නේ.. එයාව ලංකාවෙ මේ වෙනකොට හුඟ දෙනෙක් දන්නවා.. ඒත් එයා තාම 'Sri Lanka Cricket Team' එකට අලුත්..

Under 19 මැච් ටූනමන්ට් එකේදි එයාට Player of the series වගේම Best player වගේ දේවලුත් ලැබුනා..පොඩි අයියා වගේම සුදු අයියත් ඒ ලෙවල් ලිව්වෙ මේ ජනවාරි වල.. ඒ දෙන්නටම හොඳ රිසාල්ට්ස් ඇති කියලා මන් හිතනවා.. සුදු අයියා උනත් දැන් හුඟක් ඉහල තැනක.. එයා Asia games under 20 mens 800m එකෙන් first place ඉතින්.. එයාට ලංකාවෙ ඉන්න හැමෝගෙන්ම ලැබුනෙ ආදරයක්..

සතුටට කරුණ නම් අපෙ ලොකු අයියට දැන් girlfriend කෙනෙකුත් දෙයියනේ කියලා ඉන්නවා..එයා වෙත්මි අක්කා.. හරිම හොඳ අක්කා කෙනෙක්..ඒ එෆෙයා එක අපි නොදැනුවත්ව තිබිලා තිය්‍ර්න්නේ.. මන් හිතුවෙ එයාගෙ දහය වසරෙ උන සිද්ධියෙන් පස්සෙ ඔය කිසිම දෙයක් තිබිලා නැහැ කියලා.. ඒත් රෙක මන් නොදන්න අනිත් හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක්.. මේ සැප්තැම්බර් වලට අවුරුදු හතරක්ලු..අක්කලගෙ ගෙවල් වලින් නම් එයාල කලින් ඉඳන්ම දන්නවා.. මට මේ අවුරුද්දෙ ස්පෝට්ස් මීට් වලට සම්බන්ද වෙන්න තරම් හිතක් තිබුනෙ නැහැ.. සිතූව අමතක කරනවා කිව්වත් තාමත් අපි ඒ හම්බුන තැන් දකිද්දි හිතට දැනෙන දුක කියාගන්න බැහැ.. ඒත් ඒ හැම අවස්ථාවකදිම තාමත් මගෙ කිසිම වැරැද්දක් නැතුව මාව එකපාරට අතහැරලා දාල ගියපු ඒ සනිදි සිතුමිණීට මන් යම් තාක් වෛර කරනවා.. ඒත් තාමත් අපි දෙන්නා ගහපු ෆොටෝස් මන් ලඟ තියෙනවා.. මේ අවුරුද්දකට ආසන්න කාලෙදි මගෙන් ගෑණු ලමයිම සීයක් දෙනෙක්ටත් වඩා පිරිසක් ආස්ක් අවුට් කලා.. ඒත් ඒවා නම් මන් පිලිගත්තෙ නෑ.. මගෙ රූපෙ තාමත් කලින් වගේම උනත් හිටියට වඩා මන් උස ගිහින්.. සුදු පාට හම දැන් අව්වට පිච්චිලා.. ඒත් සුදු පාට හම නිසා ඒක හොඳටම පේනවා.. බැලූ බැල්මට මන් ඇවිදින විදිහත් එක්ක මන් දැන් ගෑනු ලමයෙක් කියලා පිටිපස්සෙන් දකින කෙනෙක්ට උනත් කියන්න බැහැ..

මේ ගෙවුන කාලෙ ඇතුලත මන් නිකන්ම හිටියා කියන්නත් බැහැ.. මොකද මට හුඟක් ප්‍රශ්න ආවා.. එසඳිලා ඒ වගේම තව ගෑනු ලමයින්ගෙන් ආපු ප්‍රශ්ණ වලට මන් මේ පාර වල අතින් විසඳගත්තෙ නැහෑ.. මට ඕන උනේ පාඩුවෙම ඉන්න.. ඒත් කොන්ඩෙ කපලා ඉන්න එකට උනත් මිස්ලා ඇයි කියලා අහනකොට මගෙ උත්තරේ උනෙත් ඇත්තටම 'මිස් මට උදේ නැගිටලා කොන්ඩෙ ගොතන් එන්න විදිහක් නෑ..' කියන එක විතරයි.. ඒත් ප්‍රශ්නෙ උනේ පුංචි කාලෙදිම මට ඩිප්‍රෙශන් කියන ලෙඩේ හැදුන එක.. මන් මට ඒ ලෙඩේ හැදුනා කියල දැනගත්තයින් පස්සෙ තමයි දැන ගත්තේ පොඩි අයියටත් ඩිප්‍රෙෂන් තියෙනවා කියලා.. ඒ දවස් වල එයා ඔලුව රිදෙනව කියනකොට ඒවා ගනන් නොගත්තෙ ඇයි කියලා හිතෙනවා දැන්.. පෙසාරා අක්කා උනත් මාත් එක්ක කතා කලත් එයාලා සිතුමිණි ලා ගැන කතා කලේම නැති තරම්.. ඒත් එයාලා ඔය සම්බන්දව මොනාම හරි දන්නවා කියලා මට හොඳටම විශ්වාසයි.. මෙතාලා මගෙ ලඟින්ම හිටියා ඒත් අවී ගැන මට තාමත් තේරුම් ගන්න බැහෑ.. මොකද එයා කිව්වෙ එයා නෙතුමිණී නංගිට කැමතියි කියලා.. ඒත් මන්දා.. අවී මාත් එක්ක මේ පහු උන කාලෙම කතා කලේ නැහැ.. එයාට මන් කතා කලෙත් නැහැ.. ඒ නිසා එයා ඒඑ සිතුමිණීලා ගිය වගක් දන්නෙත් නැහැ..

මන් උදේම නැගිටලා පාඩම් කරන්න ගත්තෙ අයියලා 9A දාලා මට 9F දාන්න උනොත් සෙට් නැති නිසා.. මන් පාඩම් කරලා උදේ දහයට විතර තමයි දත් මදින්න ගියෙත්.. දත් මැදලා මූන විතරක් හෝදන් පහලට මොනා හරි බොන්න ගියාම තමයි දැක්කෙ සුදු අයියා ඇවිත් කියලා.. මොන දේ උනත් මන් තාමත් සුදු අයියා ලඟ පොඩි එකෙක් මයි..

"සුදු අයියේ.."

මන් දුවගෙන ගිහින් සුදු අයියගෙ ඇඟේ එල්ලුනාම එයා මාව වඩාගෙන වටයක් කරකලා බිමින් තියලා මාව තුරුල් කරගත්තා..

"මගෙ චූටි දරුවා නැගිට්ටෙ දැන්ද"

"නෑ සුදු අයියේ.. මන් උදේම නැගිට්ටේ.. නැගිටලා පාඩම් කලානෙ.."

"ආ හොඳයිනෙ.. දැන් අවුලක් නෑ නේ එක්සෑම් ගොඩ කියලා දැම්ම කියන්ම පුලුවන් නේද.."

"හිහී.. බලමු ඉතින්..."

සුදු අයියා මට කෝපි එකක් හදන්න කිචන් එකට ගියා..

"ප්ස්ස් සුදු අයියෙහ් මේහ්හ්හ්.."

"ඕ චූටියෝ.."

"මන් හදිස්සියෙවත් F නවයක් ගත්තොත් ඔයා මාව දරුකමින් අයින් කරනවත ඒයි"

"චූටි!!!!!"

සුදු අයියව කේන්ති ගස්සන්න ලේසිම විදිහ ඒක..

මල පැනපු සුදු අයියා දුවගෙන ඇවිල්ලා මට ටොක්කකුත් ඇන්නා හැබැයි..ඒත් එක්කම පොඩි අයියත් පඩිපෙල දිගේ බැහැගෙන ආවා..

"ආ චූටි.. සුබ උදෑසනක්.."

"වෙන්නෝන කෙසේද එසේම වේවා ඒයි"

"මෙන්න සු- මේ විශ් උබෙ නංගි එෆ් නවයක් ගන්නවලු"

"හම්මට ගැම්මක්නෙ භොක්ක"

පොඩි අයියා මට හිනාවීගෙන මට පහක් දැම්මම සුදු අයියගෙ රතු කට්ටට හික් ගෑවුනා

"අනේ අවිශ්..."

සුදු අයියා පොඩි අයියටත් ඩෝං ගාලා පාරක් ගැහුවා..හොඳ වැඩේ මෝඩ පොඩි පගාට

"පොඩි අයියේ කොහෙ හරි යමුද අද"

"කොහෙ යන්නත යකොව්.. පාඩම් කරපන්ග් තෝ...තව දවස් කීයද.."

"අනේ"

"හා හා තෝ මහ පගා වගේ මගෙ දරුවට බයින්න ලෑස්ති වෙන්න එපා.. එයා හොඳට පාඩම් කල්ලා ඉන්නේ.. නේ චූටියෝ.."

මන් ප්‍රීතියෙන් පිනා ගිහින් ඔලුව වැනුවා..එතකොට අපෙ පොඩි අයියා කට පුපක් කරගත්තා.. ඇද්ද බොට අහගත්තා මෝඩ සිමයියා

ඒත් එක්කම ලොකු අයියත් පහලට ආවා.. හැබැයි අපි වගේ ගෙදරට ඇදන් ඉන්න ඇඳුමකින් නෙවේ.. සුවර් එකට අක්කා හම්බෙන්න යනවා ඇති.. ම්ම්හ්ම්ම්.. දිලි දිලි දිලීසේවි මා දෑසෙ ආලෝකේ..

"ආ ලොක්කයියේ..."

"ආ මන් පොඩි ගමනක් යනවා"

"යන්නෙ කොහෙද කියල නම් අපිටත් පේනවා හැබැයි"

"ඔව් පොඩී ඔව්.. මන් යනවා බායි"

"බබායි"

ලොකු අයියා ගියාම මන් පොඩි අයියගෙ දිහාට හැරුනා.. ඒත් එක්කම තමයි මන් දැක්කේ.. හම්මට මෙන්න මුගෙ බෙල්ල මදුරුවෙක් කාලා..ඒත් එක්කම සුදු අයියා මටයි පොඩි අයියටයි කෝපි දෙක දික් කලා..මන් ඉතින් ඒක අරන් ඔය පස්නෙට එන්ටර් වෙන විදිහ කල්පනා කලා..

"අහම්.. දැන් ඔයාගෙ කාමරේ මදුරුවො වැඩී නේද පොඩි අයියේ.."

"ඇ-ඇයි චූටි"

"නෑ බලන්න අනේ ඔය බෙල්ලත් කාලානේ"

බෙල්ල කාපු මදුරුවා කවුද.. අපෙ සුදු අයියා අනේ... උට ඉතින් කෝමත් පුදූම පුපේ අසහනයක්නෙ තියෙන්නේ.. අහෝ දෙයියනේ මගේ අයියා ගැබ් ගනීත දන්නෑ.. මුන් දෙන්නගෙන් සිරාම ටොප් කවුද බොටම් කවුද කියලා මුන් දෙන්නගෙ ලව් පලහිලව්ව අවුරුද්දක් තිස්සෙ දන්න මට වත් තේරෙන්නෑ..

"ඔව් ඔව් චූටියෝ මේ බලන්නකො ඔයාලගෙ ගෙදර හරීයට ඩෙංගු මදුරුවෝ.. දුම ටිකක් වත් අල්ලමු.."

පොඩි අයියට කලින් උත්‍තරේ දුන්නෙ සුදු අයියා.. පුහ් මුන්ගෙ රංගනේ බලාම්කෝ..

"ඔව් ඔව් හරියට මදුරුවො කාපු වගක් නම් පේනවා.."

"ඒක ත-"

"මේ හරි උබව හැව්ලොක් එක්කන් යන්නම් ගිහින් නාලා වරෙන්.."

"ඉස්කෝතුයි පොඩි අයියේ.. මන් මෙච්චක් ආතෙයි.. එම්න හනේ හාච්චියක් දෙන්න ඔවාට"

"ඉක්කේයියා බලු කෙල"

මන් පොඩි අයියගෙ කකුල පාගලා ඌව නැව්වට ඌ ආයෙම උඩට ඉස්සුනා.. බැරිම තැන මන් පුටුවක් ගෙනත් පුටුව උඩට නැගලා උට උම්මා එකක් නෙවේ.. මූමෙ පැත්තක්ම හයියෙන් හපලා උඩට දුවගෙන දුවගෙන ගියා..

"හූ හූ අල්ලයි මගෙ නැට්ට.."

"ඔව් නැට්ට තියෙන්න උබ වඳුරෙක්නේ"

"ඉක්කේ පොඩි අයියේ වඳුරා කියන්නෙ පුරුස ලිංග පද.. මට පුරුස ලිංගයක් නැතෝ.."

කියාගෙන මම දොර වහගත්තා.. මොකද තව ටිකක් ඔය කතාවෙ යෙදුනොත් මට පුරුස ලිංග ගැන වෙනම පාඩමක් ලැබෙන නිසා.. මන් ටවල් එක අරගෙන සින් ගාලා බාතෲම් එක අස්සට රිංගුවා..

"හා වතුර නාලා..

වතුර නාලා

තෙත කොන්ඩෙ කඩාලා..

ඉන වටේ තදට මල් ඉහිරුනු

චීත්තෙ ඇඳලා

රන් ලලලා.. නුඹෙ උකුලෙ තියාලා

මයෙ සුරංගනී කොහෙද යන්නෙ

නිතඹ සලාලා.."

කොච්චර ඇස් අගින් කඳුලු ගැලුවෙ නැතත්.. මන් අමතක කරලා ඉන්නේ.. මට දැන් එයා ගැන ගානක් නෑ කිව්වත්.. එයා අපේ ගෙදර ඇවිත් අපි ලාලා පාක් ගියපු දවසෙ මම එයත් එක්ක මේ බාතෲම් එකේම එකට වොශ් දාපු ඒවා මතක් වෙනවා.. ඒත් එක්කම මාව එහෙට ඇදිලා යනවා.. ඒ වෙලාවට හිතේ පුපුරු ගහලා තියෙන වේදනාවට මන් ඇස් රතු වෙනකන්ම ඇඬුවා.. මන් දන්නවා මන් මෙහෙම අඬන එක උනත් අයියලට ඇහෙන්න ඇති.. ඒත් එයාලා කවමදාවත් මාව නැවැත්තුවෙ නෑ.. ලොකු අයියා ඉන්න හුඟක් වෙලාවට මගෙ ඇස් වලින් කඳුලු කැටයක් වත් නොබේරුන තරම්.. මොකද එයා මේ ගැන කිසිම දෙයක් දන්නෑ..

"ආයෙ නුඹ මගෙමයි කියන්නට

ආදරෙයිනෙ මා නම්..

මා ලඟින් සිනා පා..

කීව ඒ කාරණාවන්..

බෑ රිදුම් දවයි මා

සඟවනා මතකයන්..

සිතුවම් හදේ මැවි මැවී..

නුඹෙ දෑසෙ මා පැටලුනී..

රුව කෝ මගේ සිතැඳුනී..

ප්‍රේමී...

මතකෙට.. එපමණි..

නුඹ ඈත යන බව දනී..

කිමදෝ නොදැන හඬමී..

ලඳුනී..."

සිරාම දුකයි.. මේ සිංදුවක් උනත් පපුවටමයි දැනෙන්නේ.. මට සිතුමිණී එක්ක තියෙන්නෙ කේන්තියක් එක්ක මුහු වෙච්ච අමුතු දුකක්.. මන් මෙච්චර කාලෙකට මුලින්ම ආදරේ කරපු කෙල්ල එයා.. එයයි මගෙ ලෝකෙට ආවෙ.. යන්න නම් ඇයි එන්නෙ.. මොන හු#තටද මගෙ ජීවිතේට ආවේ...

"ඇයි තමුසෙ මගෙ ජීවිතේට ආවේ...."

හිතේ තියෙන තරහට, දුකට, වේදනාවට මට හයියෙන්ම කෑ ගැහෙනවා.. හිත ඇතුලෙ පුපුරු ගගහා තියෙන ඒ වේදනාව මට දැනෙන්නේ පිහි තුඩක් මගෙ පපුව පසාරු කරන් පගලට උඩට පහලට උඩට යනවා කියලා..

මම වොශ් දාන් ඇඳුමක් දාගෙන පහලට ආවා.. තද රතු පාට උනු ඇස්, ඉදිමිලා තියෙන තොල්, කම්මුල් දැක්ක ගමන් ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් මම ඉන්නෙ අඬලා කියලා.. ඒත් සුදු අයියා වගේම පොඩි අයියත් කවමදාවත් ඒ ඇයි කියලා ඇහුවෙ නෑ.. එයාල දන්නවා.. හැම දේම.. හොඳින්ම..

අපි කට්ටිය කොහුවලත් පහු කරන් හැව් ලොක් මෝල් එකට ගියා.. මොන මගුලට හැව්ලොක් ගියත් අපි තුන්වෙනාගෙම කැමතිම ශොප් එක carnage එක.. ඉතින් අපි මොන වෙලේ ගියත් මුලින්ම යන්නෙ carnage එකට.. අද අයියට හොඳ දඩයක් දාන්න පුලුවන්..

මම තද කොල ඕවර් සයිස්ඩ් ටී එකකුයි, ඒකටම මැච් වෙන්න තද කොල ජොගර් එකකුයි තව නිල් ආම් කට් ටී එකකුයි, ක්‍රීම් පාට කානේජ් කැප් එකකුයි ගත්තා.. පොසි අයියා ඒයාලගෙ ඇඳුම් වලටයි මගෙ ඇදුම් වලටයි බිල් කරලා පස්සෙ අපි තුන්දෙනා ගේම්ස් ප්ලේ කරන්න ගියා.. රුපියල් දාහක් ක්ලෝව් මැශින්ස් වලට දාලත් එක ටෝයි එකක් අපිට ගන්න බැරි උනා.. ඒකට අපේ හිත් හොඳටම රිදිලා සිරාවටම දුක හිතිලා හිටියේ.. පස්සෙ අපි එහා පැත්තෙ තිබ්බ AVR එකට ගිහින් ක්‍රිකට් සුපර් ඕවර් එකක් ගැහුවා.. ඇත්තටම මායි පොඩියයි විතරයි ගැහුවෙ මොකද දක්ස පිතිකරු අවිස් ගෙ බෝයිපෙන්ට බැට් එක වත් අල්ල ගන්න බෑ නේ.. VR එකකුත් කරලා ඊට එහා පැත්තෙම වගේ තිබ්බ වෙඩි තියන මොකද්ද මගුලට ගියා.. අපි ඉතින් ජිල් බෝල වෙඩිත් තියලා ඒ guns එක්ක ෆොටෝසුත් අරන් අන්තිමට අයිස්ක්‍රීම් කේක් එකකුත් කෑවා.. අපි ගත්තෙ බබල්ගම් ෆ්ලේවර් එක.. ඒක මාර රහයි හැබැයි.. පස්සෙ අපි ගියා ෆුඩ් කෝට් එකට.. ඒ වෙලාවෙ නම් ටිකක් පිරිසක් හිටියා.. අපි මුලින්ම magic corn එකෙන් කප් එකක් අරගෙන ඒ එහාපැත්තෙම තිබ්බ sushi shop එකෙන් sushi 10කුත් ගත්තා.. පස්සෙ තලප්පාකට්ටි එකෙන් නාන් ප්ලේට් එකකුත් අරගෙන අපි ටාකො එකෙන් ටාකොස් ටිකකුත් ගත්තා.. ඔක්කොම කාලා කාලා අන්තිමට අපි BR එකෙන් අයිස්ක්‍රීම් බ්‍රවුනි එකකුත් ගත්තා.. අන්තිමට ඒකෙ තිබ්බ ලස්සන shoe shop එකකින් white chunkies දෙකකුත් අයියට මට අරන් දෙන්න උනා.. අයියට හෙන දඩයක් දාලා මමයි සුදු අයියයි නලෝ නලෝ ගෙදර ආවා.. කමන්නෑ.. මෙයා ඉතින් ඉන්ටනැසනල් ප්ලේයර් කෙනෙක්නේ.. ශුඩු අයියත් දැන් ඒමනෙ ඉතින්...ම්හුක්.. කාටත ආඩම්බර..

ගෙදර එනකොට ටිකක් හවස් වෙලා තිබුන නිසා මන් වොශ් දාගෙන එහෙම්මම කාමරේට ගිහින් පාඩම් කරන්න ගත්තා.. සිතුමිණී අන්තිමට කතා කරපු දවසෙන් පස්සෙ මන් වට්සැප් එකට ගියෙ නැතිම තරම්.. ෆෝන් එක උනත් මේ වෙනකොට දහ දොලොස් පාරක් මගෙ අතින් පොලොවෙ ගැහිලා ඇති.. ඒත් මේ ලබ්බෙ ෆෝන් එක තාම කැඩුන්නෑ.. ඒ වෙනුවට ෆෝන් එකේ පැත්තට කලු ඩොට් තුනක් තියෙනවා..මම හති දමාගෙන පාඩම් කරලා කරලා සුදු අයියා කන්න එන්න කියපුවාම තමයි පහලට ගියේ.. හොඳටම කාලා ටීවි එක බල බලා ඉන්නකොට තමා අපේ ලොකු පුතා ගෙදෙට්ට ආවේ.. වෙනදට නැති කොමල හිනාවකින් වෙනම ලෝකෙක ඉදන්මයි ආවෙත්.. ආවම අපිටත් හිනා උනා මිස කිසිම දෙයක් කියන්නැතුව උඩට ගියා.. එයාගෙත් වෙඩිම ගනීනෙ ඉතින්..

මම කාලා ඇවිත් ආයෙත් රෑ පාඩම් කරන්න ගත්තා.. මොනා නැතත් 9A දාන්න ඕනෙ.. මොකද අම්මත තිබ්බ ලොකුම හීනෙ තමයි අපි ඔක්කොම හොඳට ඉගෙන ගන්න එක..

මටත් අම්ම හිටියනම් මන් මීට වඩා හුඟක් වෙනස් වෙන්න ඉඩ තිබුනා.. සමහර විට මෙහෙම නැතුව මන් කෙලි කෙල්ලෙක් වෙන්න තිබ්බා..

ඉතිම් ලමයි.. ඔවාලගෙ ගෙදරත් මදුරුවොත.. ඒනම් මදුරුතලා පොල්පලා හිටවන්න..එතකොට මදුරුවො කොහෙන් ගියාද නෑ..

මල් මල් කාල හැමදාම නෑ නෙ භොක්ක.. අපි ඒක තේරුම් ගන්න ඕනනෙ..

ගීන් එන්නාම්ම්..

ඉක්කන්ට අනික් චැප්ටරෙත් දෙන්නම්ම්ම්ම්...

ආතරෙයි උතුරම්න 😽❤️

ම්වාහ්හ්හ්

Share This Chapter