Back
/ 53
Chapter 35

35 කොටස

_නොනිමි_

දෙයියනේ කියලා ඕලෙවල් කෙරුවාව නම් ඉවර උනා.. හැබැයි ඉවර උන සැනෙකින් අපිට ඒලෙවල් ක්ලාස් වල එක එක කොල බෙදන්නත් ගත්තා.. හරි අගෙයි.. මට ආයෙම දැන් මැච් වල වැඩ.. අපෙ පොඩි අයියා මාව CCC ක්‍රිකට් ක්ලබ් එකටත් දැම්මා.. ඒ නිසාම මේ දවස් වල ප්‍රැක්ටිස්, ප්‍රැක්ටිස් මැච් සෑහෙන තියෙනවා.. ඉස්සරහට එන දිස්ත්‍රික් මැච් වල මම සෙල්ලම් කලොත් සමහර විට මාව under 19 girls ටීම් එකටත් ගන්න බැරි නෑ.. මේ දවස් වල අපේ පොඩි අයියා ටුවර් එකක් ගිහින්... සුදු අයියටත් අම්බානෙකට ප්‍රැක්ටිස් දැන්.. ලොකු අයියා නම් සුපුරුදු පරිදිම තමයි.. මට ලියපු හැම සබ්ජෙක්ට් එකම වගේ හුඟක්ම ලේසියි විද්‍යාව පේපරේ ඇරෙන්න.. අපේ ඉස්කෝලෙ ක්‍රිකට් සර්ත් කිව්වා මට 2026 දි අපේ ඉස්කෝලෙ කැප්ටන්සි එක දෙනවා කියලා..

මේ දවස් වල නම් අපි ට්‍රිප් යනවා, කොහේම හරි යනවා වගේ වැඩම තමයි කරන්නේ.. හොඳම වැඩේ කියන්නෙ අද හුඟ කාලෙකින් අවී අපේ ගෙදර එනවා කිව්වා.. තාම අපිට ඉස්කෝලෙ පටන් ගත්තෙ නම් නෑ.. මමයි අවී, මෙතයි තව කට්ටියකුයි පර්ල් බේ යන්න ඉන්නෙ.. ඒත් අපෙ පොඩි අයියගෙ ටුවර් එක ඉවර වෙන්නෙත් අද.. ඒ නිසා එයා හෙට තමා එන්නෙ.. එයා ආවම අපි යනෝ පර්ල් බේ.. සුදු අයියගෙ නංගි කෙනෙක්ගෙ බිග් ගර්ල් පාටියක් තිබිලා අපි එහෙත් ගියා.. එහෙදි නම් අපෙ පොඩි අයියයි සුදු අයියයි පේන්න හිටියෙ නැති තරම්.. එයාලට නම් ඉතින් මොකෝ දැන් 20 ක් නේ.. හුහ්.. අනේ ඉතින් මේ යෝධිට කාගේ සරණක් ලැබේද..

උදේ නැගිටලා මන් හිටියෙ මල පෙරේතයා වගේ.. අද අයියලා කවුරුත්ම නැති නිසා මන් දොරවල් වහගෙන හොදට නිදිය ගත්තා.. ඒත් එක්කම බෙල් කරන සද්දයක් ඇහුනා.. ශුවර් එකට අවී පුපා වෙන්නෝනේ.. මන් කඟවේනා වගේ පහලට දුවන් ගිහින් දොර ඇරියා ඒත්,

ඒ හිටියෙ අවී නෙවෙයි..

"තමුන්?"

"අනේ ආදිත්‍යා"

"ඔයා මොනාද මෙහෙ කරන්නේ.."

"ආදිත්‍යා අනේ මට සමාවෙන්න.."

"ප්ලීස් යන තැනක යන්න.."

"අනේ ආදි එහෙම කියන්න එපා.. ආ-"

"මන් කැමති නෑ ඔයා මගෙ නමවත් කියනවට"

"ඒත් ආදි-"

"Please get out!"

"ආදි මන් දෙයක් කියන්න ආවෙ.."

"අයියෝ කිව්වම අහලා යන්නකෝ මන් කැමති නෑ මට එපා කරපු මිනිස්සු එක්ක කතාරන්න "

"ආදි ඒත් මන් ඔයාට කැමතී.. මන් ඔයාට ආදරෙයි ආදිත්‍යා.."

මේකි මොන හුයන්නක්ද මේ කියවන්නෙ.. ඊයා..

"ශිට් තමුසෙට මගෙ බල්ලා වත් කැමති නෑ ඕයි"

"අනේ ආදිත්-"

"මගේ ජීවිතේම විනාස කරපු තමුසෙ වගේ පරයෙක් එක්ක මගේ කතාවක් නෑ.."

"ආදි.. ඒත් මන් ඔයාට ආදරෙ-"

"Just Get Outttt!!!!"

මන් එහෙම කියලා දඩාං ගාලා දොර වැහුවා.. ශිට්.. අපරාදෙ ඕකිගෙ කනට දෙනක් දෙන්ඩ බැරි උනානෙ.. මන් ආයෙම කාමරේට ඇවිත් දොර වහගෙන ඇඳේ පෙරලිලා හිටියා..

"ඊයා.. බ්වෑක්කා.. අච්චර හු#තවල් කරලා මට කැමත්ත කියන් එන්න.. හනේ ඕකිගෙ සිරාවටම දත් දෙකක් ගලවන්න හරි තිබ්බා මට.."

ඒ අස්සෙ ආයෙත් බෙල් එක වැදුනා.. මන් ගනන් ගන්නැතුව ඉන්නකොට ආයෙත් වැදුනා.. සුවර් එකට අර එසඳි ඒස ගෑනි වෙන්නැති කියලා මන් හෙලවෙන්නෙවත් නැතුව හිටියත් දිගින් දිගටම බෙල් කරන්න ගත්තම මන් ලෙදර් බැට් එකත් අරගෙනම පහලට ගියා.. කියපන්කො ආයෙ හැඤේ ආජිත්‍යා මන් ඔයැයිට කැමචී හැඤේ කියලා.. දෙනව බැට් එකෙන්ම බඩ බොකු ඇඹරිලා යන්නම..

මන් එහෙම හිත හිතා දොර අරිනකොට ඒ වෙලේ හිටියෙත් මන් බලාපොරොත්තු උන එසඳිගෙ රූපෙ නෙවෙයි.. ඒ මගෙ අවී...

"හනේ.. මයෙ සුදු නෝනා.."

අවී මගෙ කරේ එල්ලුනාම මායි ඌයි දෙන්නම බිමට බොහ් ගාල ඇදගෙන වැටුනා.. හරි අගෙයි චූටි පුතේ..

"හනේ සුදු අප්පච්චි.. කොහොමතේ ඔයාට.."

"හොඳින් ඉන්නව මයෙ අම්මා... හනේ මගෙ සුදු නෝනා කලු වෙලා නේ.."

"ඉහික්.. මැච්නෙ අප්පච්චි.."

පස්සෙ අවී නැගිටලා මටත් නැගිටින්න අත දුන්නා.. මන් නැගිටලා සෝෆා එක පැත්තට යන ගමන් ඇහුවේ,

"අම්මා කෝ"

"මාත් එක්ක ආවා.. දැන් ඇතුල්ට එයි.."

"හහා"

මන් එහෙම කියලා ඉන්නකොට පුංචි ආවා..

"දෙයියනේ.. මේ ලමයා වෙනස් වෙලා තියෙන තරම්.."

හැනේ මයෙ මොනාත පුංචි වෙනස් වෙලා තීන්නේ..

මන් දුවගෙන ගිහින් සුපුරුදු පරිදි පුංචිගෙ කරේ එල්ලුනාම පුංචි මාව දෝත බදලම අල්ලගත්තා..

"දැන්නම් පුංචි කොල්ලෙක් වගේ.."

"හෙහේ"

මන් පුංචිට මල් මල් හිනාවක් දැම්මම පුංචි මගෙ නලලට කිස් එකක් දීලා මාව බිමින් තියනකොට මන් අවීගෙ මූණ දිහා බැලුවා.. ඒකා කට ඉරක් කරගෙන බස්සෙක් වගේ බුම්මන් ඉන්නවා.. හූඋ හූ පරයා..

"කෝ පුතේ අයියලා.."

"ලොකු අයියා නම් වැඩ පොඩි අයියා නම් ටුවර් එකක් ගිහින් නෙ පුංචි... හෙට එනවා එයා.."

"ආ ආ.. දැන් කාලද ඔයා.."

"නෑ පුංචි.. මොනා හරි හදාගන්න ඕන කියලා හිත හිත හිටිය විතරයි.."

"අනේ ලමයෝ.. ඔහොම උදේට නොකා ඉන්න එපා.."

"හිහී.."

"හරි හරි.. මන් කන්න මොනා හරි හදන්නම්කො.. ඔයාලා යන්න.."

"හරි පුංචි.. ආතරෙයි ඈ.."

පුංචි මට පොඩි ෆ්ලයින් කිස් එකක් දුන්නම මන් අවී වත් ඇදගෙන උඩට දුවගෙන දුවගෙන ගියා.. බැට් එකත් පහල අමතක උනා.. මේ ගොං අවියා ඇඟට පැන්න පාර බැට් එක වැටුනනෙ.. හනේ මගෙ බබාට තූල වෙලාද දන්නෑ..

"ඉතින් භොක්ක.. කෝමත මේ දවස් වල වැඩ.."

"සේප් එකේ යනව මචන්.. ඕලෙවල් කොහොමද උබට..හැබැයි උබෙන් ඒ ප්‍රශ්නෙ අහලත් වැඩක් නෑ.. රිසාල්ට්ස් ආවම උබට නයින් A කියලා දන්නවනෙ.."

"පිස්සුද බන්.. සයන්ස් එකට හිම්කිලා ගියා.. එහා පැත්තෙ එකාගෙන් බලන් තමයි MCQ එකේ දන්නැති එව්වා ටික ගහගත්තේ.. නූලෙන් සයන්ස් වලට A එකක් එයි.. ඒ ඇරෙන්න අනිත් ඒවා නම් ලොකුවට අමාරු නෑ.."

"යැයි තමා.."

"හෙහ්.. උබට අවුලක් උනේ නෑනෙ.. මොනා වත් අල කර ගත්තද.."

"සයන්ස් එක තමා බන්.. ප්‍රශ්ණ දෙකක් ලිව්වෙ නෑ.. ඒ එකක් නම් නෑ කියලා දාහක් සැරයක් සුවර්..."

"අඩෝ බූරුවා.."

"ඉහික්.. මේ සිතූ අක්කා මොකෝ.."

මන් හීනියට හිනා උනා.. ඒත් හදවත ඇතුලෙ ඒ කැකෑරෙන වේදනාව..

"එහෙම එකක් නෑ බන්.. එයා මාව දාලා කොහෙටද මන්දා ගියා.."

ඒ කතාවෙන් අවී හෙනටම පුදුම උනා කියලා මන් දැක්කා..

"අඩො අඩෝ.. අක්කා මට ගිය අවුරුද්දෙ කෝල් කලානෙ බන්..."

"ම්ම් මොකෝ කිව්වේ"

"නෑ එයා කිව්වා ඔයාට කියන්න එපා කියලා"

"ම්ම්"

මට ඇත්තටම ඒක ගැන දැනගන්න ඌමනාවක් තිබුන්නෑ..

"එයා කොයි කාලෙද ගත්තෙ.."

"අර උබලගෙ ඉස්කෝලෙ එසවිද ඒසිද මොකීද අර ප්‍රශ්නයක් දැම්ම කිව්වෙ උබ.. අන්න ඊට පහු වෙනිදා"

"සිරාවට.. එසඳි උබ එන්න ටිකකට කලින් ආවා මෙහේ.."

"නෑ.. ඌ මොකද මෙහෙ ආවෙ"

"ඌට සමාවෙන්න ලු, ඒකි මට කැමතී ලු"

"සිරාවට.. ඕකිව තියන්න වටින්නෑනෙ"

"ම්ම් ම්ම්"

"ඉතින් අර තිශාක්‍ය අයියා ආවද"

"ඕ බන් "

අවී අයියලා ගැන දන්නවා ද.. මට මතක නෑ නෙ

"ඉතින් මොකෝ බන් අපි කරන්නෙ.."

"ඉස්සෙල්ලම මන් හෝදන් එන්නම් මල පෙරේතයෙක් වගේ ඉන්න බෑනෙ"

මන් එහෙම කියලා බාතෲම් එකට ඇවිත් හොඳට ඇඟ හෝදන් එලියට ගියා.. අවී ඇඳේ හාන්සි වෙලා හිටියේ මන් ටවල් එක රැක් එකෙන් දාල ගිහින් අවීගෙ ඇඟ උඩින්ම හාන්සි උනා..

"උබ සෑහෙන ප්‍රශ්න ගොඩක ඉන්නෙ බං... උබ ඔහොම දුකින් ඉන්නකොට මගෙ හිත රිදෙනවා ආදි.."

තප්පරේට මගෙ ඇස් වලට කඳුලු ඉනුවා.. ඒත්-ඒත් ආදි අඬන්නෙ නෑ නේ..

"මහ්-මට රිදෙනව අවී.."

"අනේ සුදෝ.. ඔහොම අඬන්නෙපා බං..උබ ලඟ මං ඉන්නවනෙ දැන්.. ම්ම්?"

"ම්ම්"

"අක්කා උබව අතෑරියෙ නිකන් නෙවෙයි වෙන්න ඇති බන්..."

"අනේ බන්.."

"කාලයට උනත් කාලය දීපන්.. හැමදේම හරියයි.."

අවී එයාගෙ අත් දෙක මගෙ ඇඟ වටේ දාගෙන මාව තද කරන් බදාගත්තා.. මාව හරියටම තේරෙන, මට හැමදෙයක්ම කියන්න පුලුවන් පිරිස මන් ලඟින් ඉන්නෙ දැන් පොඩ්ඩ දෙනයි.. ඒ අතරින් අවී කියන්නෙ මන් පුංචි කාලෙ ඉදන්ම මගෙ හැමදෙයක්ම බෙදා ගත්තු කෙනා..

ඒ වෙලාවෙ නාගෙන ආපු නිසා මගෙ ඇස් ලාවට පියවෙමින් තිබ්බේ.. මට එහෙම්මම අවීගෙ ඇඟ උඩම නින්ද ගියා..

"චූටි දූ...නැගිටින්න පුතේ.. කන්න ඕනනේ.."

"අහ්-ආ?"

මන් එකපාරට ඇස් ඇරලා වටපිට බලනකොට මම හිටියෙ කොට්ටෙ උඩ ඔලුව තියන්.. මගෙ ඇඟටත් බ්ලැන්කට් එකක් පොරවලා..

මම ඇඳෙන් බැහැලා පහලට ගියාම අවී ටීවී එක දාගෙන බල බල හිටියා.. මන් එයා ලඟට ගිහින් අවීගෙ ඇඟට හේත්තු උනා..

"නින්ද ගියා නේ.. මන් සෑහෙන වෙලාවක් ඉදලා ආවෙ පහලට.."

"ම්ම්"

ඒත් එක්කම පුංචි බත් පිඟානකුත් උස්සන් අපි දෙන්නා හිටපු තැනට ආවා..

"කෝ ආ කියන්න.."

පුංචි අපිට කවලා ඉවර වෙලා අපි දෙන්නා වීඩියෝ ගේම් එකක් ගහන්න ගත්තා.. කම්මැලී මේ දවස් වල නම්.. මන් මේ වගේ වැඩ ඇරෙන්න වෙන දෙයක් කරන්නෑ.. ට්‍රිප් එකක් ගියෙත් නෑ මේ සතියට.. ඇල්ලෙ යන්නත් හිතෙනව අනේ..

"සිංදුවක් කියමු??"

"බෑ බං.. සිතුමිණී ගියාට පස්සෙ මම කවුරුත් ඉස්සරහවත් සිංදු කිව්වෙ නෑ.. මම තනියම මුමුණ මුමුණ හිටිය විතරයි බන්..."

"උබ මෝඩ පගෙක්නෙ යකෝ.. උනට මෝල්ද.. ඒකි වෙනුවෙන් ඔහොම නැහෙන්න එපා බන්.. අක්කා එනවනම් එයි.. නැත්තන් නෑ.. උබ පිස්සෙක් වෙන්න එපා ඔහොම ඉදලා..සැහ් උබ ඔහොමයි කියලා මන් හිතුවෙ නෑ ආදිත්‍යා.."

"ම්ම් එක අතකට ඒකත් ඇත්ත ඉතින්.."

"මෝඩ පගා.."

අපි ෆිල්ම් බලලා එක එක එව්වා කරලා රෑ හොඳට වෙලාගෙන බදාගෙන ඔතාගෙන නිදාගත්තා"

පහුවෙනිදා හවස් වෙන්න පුංචි ගෙදර ගියා.. අවී ඉතින් අපේ ගෙදර..

එදා රෑ පොඩි අයියයි සුදු අයියයි ගෙදර ආවා.. පස්සෙ අපි කාලා බීලා හිටියා.. ඒ අතරෙ එකපාරටම ටීවී එකේ බ්‍රේකින් නිව්ස් එකක් ගියා ඒ ලෙවල් රිසාල්ට්ස් අවුට් වෙලා කියලා... අපෙ සුදු අයියා ඒත් එක්කම කඟවේනා වගේ උඩට දුවගෙන ගියා ඉන්ඩෙක්ස් නම්බර් ලියලා තියෙන පොත ගේන්න..පොඩි අයියා එහෙම්මම සෝෆා එකේ හාන්සි උනා විතරයි ඌ මැරිලා වගේ..

" ඒ ඕයි අයියේ..මට බයයි.."

"පිස්සුද පොඩී.."

"අනේ අයියේ.."

"මේ මොකත පොඩි අයියේ.."

"අනේ මට බය-"

"සුදූ!!!!!!... හොයාගත්තාහ්හ්හ්..අවිශ්හ්හ්හ්... හම්ම-හම්මට්ටහ්- අයියොහ් බුදු අම්මට්ටහ්හ්හ්හ්-

හු#න්න දාලා.. ආව්ව්ව්ව්ව්ව්!!!"

සුදු අයියා උඩ ඉදන් පොතකුත් අතේ තියන් පහලට දුවගෙන එන්න ගිහින් අන්තිම පඩි දෙකට කලින් හොම්බෙන් ගියා..සයියෝ සයියෝ.. පොඩි අයියා බොහ් ගාල ඔලුවෙ අත ගහගත්තා.. හඤේ..

"අනේ සුදු මල්ලි.."

ලොකු අයියා ගිහින් සුදු අයියව උස්සලා හරියට හිටෙව්වම ඌ ආයෙමත් දුවගෙන ඇවිත් සෝෆා එක පිටිපස්සෙන් සෝෆා එකට පැන්නා..

"ඔන්නහ් ඔන්න ගහන්නයි යන්නේ..."

GENERAL CERTIFICATE OF EDUCATION (ADVANCED LEVEL) EXAMINATION, SRI LANKA.

NEW SYLABUS

NAME IN FULL : KARIYAWASAM ADIKARIGE SAVINDU AVISH DE SILVA

YEAR OF EXAMINATION : 2023

STREAM : PHYSICAL SCIENCE

PHYSICS - A

CHEMISTRY - A

COMBINED MATHEMATICS - A

COMMON GENERAL TEST - 077

GENERAL ENGLISH - A

SUMMARY

Z-Score - 2.3301

District Rank - 7

Island Rank - 16

සුදු අයියා එහෙම කියාගෙන යනකොට පොඩි අයියා මූණෙන් අත් දෙක අයින් කරලා සුදු අයියගෙන් ෆෝන් එක උදුරගෙන බැලුවා.. මේකා ටිකක් වෙලා බලන් හිටියා මෙන්න යකෝ එක පාරට කෑ ගැහුවා...

"යේස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්......"

මටත් සතුටුයි ඇත්තටම.. මූ මෙච්චර හරියක් කරලයි කියල දන්නෙ නෑ නෙ.. ගැම්මක් භොක්කයියේ.. ඒ උනාට උබර්ට වඩා මට සුදු අයියගෙ රිසාල්ට්ස් තමයි වැදගත්.. බොරු අනේ ප්‍රෑන්ක් එකක් කලේ හූ හූ

"අනේ සු- විශ්ශ්ශ්ශ්... මට සතුටුයි..."

සුදු අයියගෙ ඇස් වලට කඳුලු.. හොඳටම..එයා පොඩි අයියව තද කල්ලා බදාගත්තා.. ඇත්තටම සුදු අයියගෙ ඇස් වලින් එයාගෙ සතුට හොඳටම පෙනුනා.. ඒ විතරක් නෙවේ.. එයාගෙ ඇස් වල ඒ තිබුණ ආදරේ.. ගෝඩ්ඩ්ඩ්ඩ් අයි ලව් දෙම්..

"ගැම්මක් පොඩියා.. දැන් ඉතින් ඉන්ජිනියර් කෙනෙක් තමා ඈ.."

"හෙහ්.."

"ඔයා මරු හලෝ.. හරිම සෝයි..."

මම පොඩි අයියගෙ කරට එක පාරටම පැන්නම එයා මාව දෝත බදලම අල්ල ගත්තා.. හනේ මටත් සතුටුයි යකෝ.. මූ මොකාද වගේ ඉදන් අයිලන්ඩ් රෑන්ක් එකකුත් දාලනෙ.. අම්ම හිටියනම් හුඟක් සතුටු වෙයි.. කමක් නෑ අම්මා කොහේ හරි ඉදන් අපි ගැන බලන් ඉන්නවා ඇති...

පොඩි අයියව ඊලඟට ලොකු අයියත් බදා ගත්තා..ඒත් දැන් සුදු අයියගෙ රිසාල්ට්ස් බලන්න ඕනෙ..

"මරු පොඩි අයියේ..කන්ග්‍රැජුලේශන්ස්.."

"තෑන්ක්ස් අවී.."

"කෝ සුදු මල්ලිගෙත් බලන්න.."

"අනේ අයියෙ මගේ නම් ඕනෙත් නෑ වගේ.."

"මෙන්න මෙහෙ දියන්.."

පොඩි අයියා ආයෙම සුදු අයියගෙන් ෆෝන් එක උදුරලා අරන් එයාගෙ ඉන්ඩෙක්ස් නම්බර් ගැහුවා.. ඒ සැනින්ම ලෝඩ් උනා මන් දැක්කා..සුදු අයියා හිටියේ කොට්ටෙ අස්සෙ මූණ ගහගෙන.. පොඩි අයියා එයාගෙ රිසාල්ට්ස් බලලා හෙනම සතුටු හිතෙන මූණක් හදන් අපිට ඇහැක් ගැහුවා.. ඊට පස්සෙ මෙන්න මේකා මූණ වෙනස් කර ගත්තා..

"තිශාක්‍ය.."

හම්මෝ හම්මෝ මුගෙ ඇක්ටින් යකෝ.. කට ලෙල්ල හුටන් කරන්.. දෙයියනේ දෙයියනේ..සුදු අයියා අඬන්න ඔන්න මෙන්න තියන් මූණ ඉස්සුවා..

"ෆේල් ද.."

*සුරූස්*

"බලන්නකො"

පොඩි අයියා එයාගෙ දිහාට ෆෝන් එක දික් කලා.. පස්සෙ මාත් ඔලුව දැම්මා.. හත්තික්කේ!!!

GENERAL CERTIFICATE OF EDUCATION (ADVANCED LEVEL) EXAMINATION, SRI LANKA.

NEW SYLABUS

NAME IN FULL : RATHNAYAKE MUDIYANSELAGE THISHAKYA DIHEIN RATHNAYAKE

YEAR OF EXAMINATION : 2023

STREAM : BIOLOGICAL SCIENCE

PHYSICS                                 - A

CHEMISTRY                           - A

BIOLOGY                                - A

COMMON GENERAL TEST   -078

GENERAL ENGLISH              -A

SUMMARY

Z-Score - 2.3101

District Rank - 8

Island Rank - 18

හම්මට...

"යේඒඒඒඒඒඒස්ස්ස්ස්ස්ස්ස්"

"අයිම් ප්‍රවුඩ් ඔෆ් යූ.."

මුලින්ම සුදු අයියව වැ‍ලඳගත්තෙ පොඩි අයියා..

"හනේ කන්ග්‍රැසුලේජන් සුදු අයියේ... ලව් යූ..."

මන් සුදු අයියව තද කරලා බදාගෙන මූණ ගැලවිලා යන්නම හෙන තඩි හාච්චියක් දුන්නා..

"ගැම්මක් අල්ලලනෙ සුදු මල්ලේ"

"හෙහේ.."

"නියමයි අයියේ කන්ග්‍රැජුලේශන්ස් ඔයාටත්.."

"තෑන්ක්ස් අවී.."

හනේ මට සතුටුයි අනේ... සිරාම සතුටුයි.. මන් හිතුවෙ නෑ පොඩි අයියයි සූදු අයියයි දෙන්නම ඔහොම හම්මටසිරි වෙන රිසාල්ට්ස් දායි කියලා.. එනිවේයිස් මට සතුටුයි...

අපි කාලා බීලා නිදාගෙන පහුවදා උදේම පර්ල් බේ ගියා.. මෙතාවත් මගින් දාගෙන තමයි ගියේ.. පෙසාරා අක්කා අපිත් එක්ක ආවෙ නෑ.. සිතුමිණී නෑ නෙ ඉතින්.. අපි ගෝ කාටින් ගියා.. සෑහෙන විනෝද උනා..

ඒත් සිතුමිණී හිටියනම් කියලා හැම වෙලේකම එයාගෙ අඩුපාඩුව මට හොඳටම දැනුනා..

යෙස් හු#තො යෙස්...බලම්න නේත.. මුන් ඔක්කොම දැන් අයිලන්ඩ් රෑන්ක් දාපු පොරවල්නේ.. හරි ඒසයි අපිට තමා මෙතන එක්සෑම් එකකදි වත් A එකක් ගන්න බැරි.. තොපිත් මෙව්වම කියෝ කියෝ ඉදපන්.. පාඩම් කරන්නෙපා.. 🙂

එහෙම කියලා මේක කියෝන එක නවත්තන්නෙපා මන් පව් නෙ.. මේකත් කියෝලා වැඩ ටිකත් හරියට කර ගම්න ලමයි...

මන් ආතරෙයි උතුරම්න 😽❤️

ම්වාහ්හ්හ්...

Share This Chapter