Back
/ 53
Chapter 36

36 කොටස

_නොනිමි_

"චූ-චු-චූටි රිස්- රිසාල්ට්ස් ඇවිත්..රිසාල්ට්ස් ඇවිත් ඔයාලගෙ.."

"ඇ-ඈ.. මො-මොකද්ද"

මම හිටියෙ හොඳටම නිදාගෙන.. සුදු අයියා උදේ පාන්දරම ඇවිත් මාව ඇහැරවන කොට මට උන් හිටි තැනුත් අමතකයි.. පිස්සු මගුලක්න්- ඈ.. මොකද්ද කිව්වෙ

"රිසාල්ට්ස් ආව කියල ද කිව්වේ... නෑ නෙ"

"නෑ නෙවේ ඕ.. බලපන් ඉක්මනට"

"අනේ පොඩි අයියේ.. අනේ ඔවාලා යන්නකෝ.. මන් බලලා කියන්නම්.. ප්වීස්ස්.."

පොඩි අයියයි සුදු අයියයි දෙන්නා මටත් රවාගෙන කාමරෙන් එලියට ගියා.. මම පපුවට අත තියාගෙන හිටියේ.. දෙයියනේ අයියලා නයින් ඒස් දාලා ඕලෙවල් වලට, ඒ ලෙවල් වලට අයිලන්ඩ් රෑන්කුත් දාල.. සිරාවටම මම මේ හිංචි පිංචි රිසාල්ට් එකක් දාලා තිබ්බොත් නම් මන් ගඟේ මුහුදෙ පයිනවා සත්තයි..මම ඇස් දෙක අඩවන් කරගෙනම මගෙ ඉන්ඩෙක්ස් නම්බර් එක ගැහුවා.. අනේ දෙයියනේ ප්ලීස්.. මන් ඇස් දෙක තද කරන් වහගෙන ෆෝනෙ කත් අතකින් වජන් හිටියේ.. මන් හිමීට එක ඇහැක් ඇරලා උඩ ඉඳන් පහලට ගෙනිච්චා..ඒත් එතකොටම,

GENERAL CERTIFICATE OF EDUCATION (ORDINARY LEVEL) EXAMINATION, SRI LANKA.

NAME IN FULL : KARIYAWASAM ADIKARIGE SHEHANI ADITHYA DE SILVA

YEAR OF EXAMINATION : 2024

INDEX NUMBER : *******

Subject Grade

BUDDHISM A

SINHALA LANGUAGE & LITT. A

ENGLISH LANGUAGE A

MATHEMATICS A

HISTORY A

SCIENCE A

DRAMA & THEATER A

BUSINESS & ACCT. STUDIES A

HEALTH & PHYSICAL EDUCAT. A

බුදු අම්මට හු#න්න දාලා.. අඩෝ මම පාස්.. ඒ නවයක් හු#තෝ ඒ නවයක්...

"හුරේඒඒඒඒඒඒඒ"

"ඇයි ඇයි චූටියෝ මොකද... ඇයි මොකද්ද ප්‍රශ්නේ..."

"මොකද අඩෝ බෙරිහන් දෙන්නෙ.."

"චූටි..."

එකපාරටම ලොකු අයියා, පොඩි අයියා, සුදු අයියා තුන් දෙනාම කාමරේ ඇතුලට ආවා.. මගෙ ඇස් වලට ක‍ඳුලුත් ඉනුවා.. ඒවා කැට කැට මගේ කම්මුල් දිගේ රූටලා පහලට වැටෙනවා මට හොඳටම දැනුනා.. දෙයියනේ...

"නයින් ඒස්..."

"දෙයියනේ චූටියෝ..."

"හම්මට වෙන්න බෑ.."

සුදු අයියා මාව බදාගෙන වටයක් කරකවනවත් එක්කම පොඩි අයියා ෆෝන් එක අරන් බැලුවා.. ඉක්කේ කුහක මිනිසා

"මේක බොරුවක් පගෝ.. මේ බලහන්කො අයියේ.. වැරදිලාද කොහෙද.. අපි කෝකටත් රී කරෙක්ශන් දාමුනේ.."

"අන්නේ දැක්කද.. තුච්ච ප්‍රාණී පොල් ගොම කෑදැත්තා.. පැහැදිලි ඉරිසියාව මුගෙ.."

"වැඩේමනෙ මට...නේ ලොකු අයියේ.."

"නෑ නෑ චූටි හොඳටම පාස් වෙනව කියල මන් දැනන් හිටියා.. ඔයා ඉන්න නිකන් බොරුවට කෑ ගහන්නැතුව.."

"අනෙහ් පුහ්... මට නම් වැඩක්ම නෑ.. එන්න සුම්දූ ඔවා..බලම්න අනෙ මේ මේකි දාර බොරු කරන්නෙ සුදූ.."

පොඩි අයියා සුදු අයියගෙ කරට අතකුත් දාන් හෙන්න නාට්‍යානුසාරයෙන් කිව්වම සුදු අයියා පොඩි අයියට දෙකක් රවලා එහාට උනා..

"අනේ මේ තෝ වගේ නෙවේ මගෙ චූටි නංගි.."

"ආං ආං දැක්කා නේ.. අයියත් එකයි නංගිත් එකයි දැන් මගෙ මි- කැහ් මේ මගෙ හොඳම යාලුවත් උන්ගෙ පැත්තෙ.. මේක හරියන්නෑ.. අවී නංගි වත් හිටිය නම් ඒකි වත් මගෙ පැත්තෙ ඉන්නවනෙ.."

"චූටි පුංචිට කතා කරලා අවීගෙ රිසාල්ට්ස් අහන්න.."

"ආ ඉන්- මෙන්න් පුංචි ගන්නවා.."

මන් පුංචිට ගන්න යනකොටම පුංචි මට කෝල් එකක් ගත්තා..

"හෙලෝ පුංචී..."

"හෙලෝ චූටි දූ.."

"ඕ පුංචි.."

"රිසාල්ට්ස් කොහොමද දරුවො.."

"පුංචි හිතන්නෙ කොයි වගේ එකක් කියලද.."

"දෙයියන්ගෙ පිහිටෙන් මගෙ දරුවා පාස් වෙලා ඇති කියල නම් හිතනවා.."

"එහෙම නෑ පුංචි.."

*සුරූස්*

පොඩි ඇට්ටින් පාරකුත් දන්න එපැයි

"දරුවො ආදිත්‍යා!!!"

"හරි හරි ඉතින් කෑ ගහන්න එපා.."

කලබලේනෙ මෙයැයිලගේ..

"කියනවා මොනාද රිසාල්ට්ස්.. හැබැයි ආ-

"වැඩිය නෑ අනේ නයින් ඒස් මට"

"දිත්‍යා.. මොකක්ක්!!! පුතේ ඔය ඇත්තමද..."

"ඔව් ඒයි"

"දෙයියනේ.. මගෙ දරුව දක්ශයිනෙ කොහොමත්.. අනේ මට හරි සතුටුයි පුතේ.."

"හෙහේ.. අවීට කොහොමද පුංචි.."

"මෙයාට ඒ හතයි බී එකයි සී එකයි පුතේ.."

"ආ සී මොනවටද.."

"ඉතිහාසයනෙ.."

"කමක් නෑ ඉතින් පාස් නෙ පුංචී.."

"අනේ මන්දා පුතේ ඒත් හොඳට විභාගෙ කරගන්න තිබුනා.. කොහෙද ඉතින් කොයි වෙලේ බැලුවාත් ෆෝන් එකේනෙ.."

"හෙහෙ.. පුංචි මන් තියන්නද.. මේ යාලුවො ගන්නවා.."

"හරි දරුවෝ.. අපි එන්නම් හෙට ඔහේ.."

"හරි පුංචි.."

අනේ මෝඩ අවීට සී එකක්.. ඒකත් ඉතිහාසෙට.. මන් මේකිට කොච්චර.. දෙයියනේ කට පාඩම් කෙරෙව්වා.. ඒකටත් බී එකක් දාගත්තා නම්.. අනිත් බී එක සිංහල වලට කියලා නම් මට බුදු සුවර්..

ඒත් එක්කම මෙතා කෝල් එකක් ගත්තා

"අඩෝ කෝමතේ.."

"නයින් ඒස් බන්.."

"අම්මට භොක්ක.... ගැම්මක් අඩෝ..."

"එල එල.. උබට කෝමද.."

"මට ඒ හයයි බී එකයි සී දෙකයි බන්.."

"මොනාටද සී.."

"හිහී.. ඉතිහාසයටයි විද්‍යාවටයි බන්.."

"සෝක් අවීටත් සී එක ඉතිහාසෙට ඌට ඒ හතයි බී එකයි සී එකයි.."

"ආ.."

"ම්ම් තියන්නම් මචන්... මිස් ට කෝල් කලෙත් නෑ.."

"ආ හරේ එල.."

යන්තම් ඒකිත් ගොඩ දාගෙන.. මට වත් ලොකු සුවර් එකක් තිබ්බෙ නෑ මන් ගැන නම්... දෙයියනේ කියල දැන් මට මැත්ස් කරන්න පුලුවන්.. ප්ෆ්ෆ්ෆ්ෆ්...

ඔහොම හැමෝටම කතා කර කර උන්ගෙ රිසාල්ට්ස් අහලා දවස ගතවුනා ඇත්තෙන්ම අම්මා හිටියනම් හුඟක් සතුටු වෙයි.. අම්මගෙ ලමයි තුන්දෙනාම ඕ ලෙවල් නයින් ඒස්.. ඒ ගැම්ම.. දෙයියනේ..

දවස් තුනකට පස්සෙ අපි ට්‍රිප් එකක් යන්න ලෑස්ති උනා.. අපි නුවර යන්නේ.. දවස් කීපයක් නුවර ඉඳලා අනුරාධපුරේ යනවා.. හරිම සෝක්... අවීලගෙ අම්මා වගේම මෙතාලගෙ අම්මත් අපිත් එක්ක යන්න සෙට් උනා.. මමයි, මෙතයි, අවීයි, පොඩී අයියා, ලොකු අයියා, සුදු අයියා, වෙත්මි අක්කා ඒ වගේම මෙතාලගෙ අම්මයි අපේ පුංචයි.. තව පොඩි අයියගෙයි සුදු අයියගෙයි යාලුවො ටික දෙනෙකුත් යනවා..මෙතුන් අයියයි, තීව්‍ර අයියයි අයියයි, ආර්‍යන් අයියයි, රුහාන් අයියයි.. ඔතනින් දෙන්නෙක් කෙල්ලො.. ඒ අක්කලව මන් ඉස්සර ඉදන්ම අඳුරන්නෙ..ආත්මා අක්කයි, ඔනෙලි අක්කයි.. ඔය ඔනෙලි අක්කා කියන්නෙ රුහාන් අයියගෙ කෙම්ල..අපේ පොඩි අයියගෙ සෙනුක කියල යාලුවෙක්ගෙ හොටෙල් එකක තමා අපි නවතින්නෙ නුවර..

අපි ඉතින් උදේ විසාල වෑන් එකකින් නුවර යන්න පිටත් උනා.. පැය කීපෙකින් අපි නුවරට ආවා.. අපි මුලින්ම හොටෙල් එකට ගිහින් වොශ් එකක් දා ගත්තා..

අපේ කාමරෙ මමයි අවීයි මෙතයි, ආත්මා අක්කයි, ඔනෙලි අක්කයි ඉන්නෙ එක කාමරේක... සුදු අයියයි පොඩි අයියයි එයාලගෙ උලමා මිතුරු සනුහරෙයි තව කාමරේක..ලොකු අයියයි වෙත්මි අක්කයි තනි කාමරේක.. අපෙ ලොකු අයියා ප්‍රතිපත්ති ගරුක මනුස්සයා නිසා බය වෙන්න කාරි නෑ.. අම්මලා දෙන්නා තවත් කාමරේක හිටියේ.. අපි පහලට ඇවිත් ලන්ච් එක ගත්තා.. ඊට පස්සෙ ඉතින් පොඩ්ඩක් ඔන්චිලි එහෙම පැදලා පොඩ්ඩක් මහන්සි ඇරියා.. ටිකක් හවස් වෙලා අපි KCC එකට ගියා.. මේ වෙලාවෙ දළදා මාළිගවෙ යන්න බෑ වගේ හිතුනා.. දළදා මාළිගාව ලස්සන උදේට.. ඒ නිසා..

අපි කේ සී සී එකේදි හෙනාතල් එකක් අරන් ආයෙ ආවා හොටෙල් එකට.. හොටෙල් එකේ ඩිනර් එක නම් සුපිරියට තිබ්බා.. අපි රැ සිංදු කියලා සෙල්ලම් කරලා.. හෙනාතල් එකක් අරන් රෑ මැරිලා වගේ නිදාගත්තේ..

උදේ අපි දළදා මාලිගාවෙ යන්න හිටපු නිසා අපි උදේට මුකුත් මස් ජාති කෑවෙ නෑ..

අපි දළදා මාළිගාවට ආවම මට නම් දැනුනෙ පුදුම නිදහසක්.. මෙහෙ හරිම ලස්සනයි.. මේ දවස් වල හුඟක් රස්නෙත් නෑ සීතලත් නෑ පර්ෆෙක්ට් වෙදර් එකක් තියෙන්නේ.. අපි නෙලුම් මල් තොගයක්ම අරගෙන මාළිගාවට ගියා.. එහෙදි අපි දැක්කා එක සීයා කෙනෙක්ව ඒ සීයව දැක්කත් හිත නිවෙනව වගේ.. හරිම පියකරුයි.. එයා සක්මන් බාවනාව කරනවා.. අපි මතකයක් විදිහට ෆොටෝස් කීපයකුත් අරන් කෞතුකාගාරය බලන්න ගියා.. පස්සෙ අපි බහිරව කන්දට ගියා.. ඒ උඩ ඉදන් මුලු නුවරම පේනවා..පුදුම ලස්සනයි..

පස්සෙ අපි කකුලුත් පුච්චන් ගියේ සඳගිරි මහා සෑයට.. මාරම ලස්සනයි.. එහා පැත්තෙ හන්තාන කන්දයි ඒ ඔක්කොම මාරම වයිබ් එකක්.. මුලින් උඩට යද්දි නම් පඩි නැගලම හොඳ පන ගිහින් තිබ්බෙ ඒත් එද්දි අපි එහා පැත්තෙ පාරකින් ආවෙ..අපි බඩ ඉරිඟුත් අරන් කකා ආවා.. පස්සෙ අපි නුවර වෙජි කඩේකින් කාලා නෙල්ලිගල ගියා.. නෙල්ලිගල පන්සලට අඩිය තියනකොටම මට දැනුනෙ මහා අමුතු හැඟීමක්.. පුදුම නිස්කලංක බවක්.. හිත මාර විදිහට නිවෙනවා.. හඳුන්කූරු සුවඳත් එක්ක.. මාරම ලස්සනයි.. අපි චෛත්‍යය එහා පැත්තෙ තිබුණ ගලකින් ඉඳන් බලන් හිටියා.. ඉර බැහැගෙන යන විදිහ ඒ වගේම පේන සමනල කන්ද.. අරේ වාහ්හ්හ්හ්හ්...

අපි ඊට පස්සෙ ආයෙ එන්න ආවා.. අපි නුවර විටෝ එකෙන් පීසා කාලා හොටෙල් එකට ආවා..

අද දවසම පුදුම ලස්සනක් තිබුනේ.. අපි හෙට දවල්ට මෙහෙන් යනවා.. ඒත් මන් නොහිතපු විදිහට මන් මේ ට්‍රිප් එකට කැමති උනා..

හායි මචන්ලා.. ඔයාලගෙ වීරයා ආවා... දෙයියනේ අපිට ආයෙ එස්සෑම්ලු හලෝ.. දැන් ඉතින් පම්ස ගිනි අරන් වගේ පාඩම් කරන්න තමා තියෙන්නෙ ඒත් පොත අතට ගත්තම

මම : Me monada wto me 😪

හික් ගෑවිලා ඉන්නෙ යාලුවනේ..

ඔයාලා සඳගිරි සෑයෙ එහෙම ගිහින් තියෙනවද යාලුවනේ.. මාර ලස්සනයි එහේ..

සඳගිරි සෑය

මේ අපි එහෙ ගිය වෙලේ මම ගත්තු ෆොටෝ එකක්.. මාරම ලස්සනයි නේත..

ඔයාලත් ගිහිම් බලම්න.. ආස හිතෙයි..

එනිවේයිස් මන් ඔවාලට උතුරම්න ආතරෙයිහ්හ්හ්හ්..😽❤️

ම්වාහ්හ්හ්

Share This Chapter