Back
/ 53
Chapter 37

37 කොටස

_නොනිමි_

අපි උදේ නැගිටලා බ්‍රෙක්ෆස්ට් ගන්න ගියා.. අද සෙනසුරාදා නිසා මෙයාලගෙ ඉන්ග්ලිශ් බ්‍රෙක්ෆස්ට් ලු.. කොහොම හරි උදේ තිබුනේ පාන්, චීස්, සොසේජස්, බේකන්, බිත්තර වගේ හැට හුටහමාරක්..

අපි හොඳට කාල බීලා පොඩ්ඩක් වෙලා ඉඳලා ඊට පස්සෙ අම්බුලුවාවෙත් ගියා.. ඒක නිකන් හෙන අඤ්ඤකොරොස් වගේ.. අපි එහෙ යනවයි කියල ප්ලෑන් කලේ ඊයෙ මහ රෑ.. ඒක නගිනකොට නම් මට හොඳටම කැරකිල්ල වගේ වැටුනොත් යකෝ අඬු ටික වෙන වෙනම තමයි එකතු කරන්න වෙන්නෙත්.. කොහොම හරි අපි එතනින් අනිරාධපුරේ එන්න ආවා..නුවර වගේ නෙවෙයි අනුරාධපුරේ නම් රස්නෙයි.. අපි මුලින්ම ගියේ මිහින්තලේ.. අපි මිහින්තලාවෙ ගල මුදුනටම නැගලා ඊට පස්සෙ හොටෙල් එකට ආවා.. අපි කෑම එහෙම කාලා පොඩ්ඩක් රෙස්ට් කරලා ගියා මිරිස වැටියට.. අපේ හොටෙල් එක තිබුනේ මිරිස වැටිය ලඟම වගේ.. අපි මිරිස වැටියෙ ගිහින් අභයගිරියෙත් ගිහින් ජේතවනාරාමයටත් ගියා අපි එහෙන් එනකොට නම් ටිකක් කරුවල වැටිලයි තිබුනේ.. අපි ඒ වෙලාවෙ රුවන්වැලි මහා සෑයට ගියා.. රෑට තමා එහෙ ලස්සන.. පුදුම නිස්කලංකයි.. අපි රෑ ආයෙම හොටෙල් එකට ඇවිත් කාලා බීලා සෙල්ලම් කරලා නිදා ගත්තා..

පහුවදා උදේ පාන්දරම අපි ශ්‍රී මහා බෝධියට යන්න පිටත් උනා.. උදේම පූජාවත් අරන් අපි බෝධියට ගියේ.. ගිහින් අපි වැදලා පුදලා පැය දෙකකට දෙකහමාරකට ආසන්න කාලයක් අපි එහෙ ඉඳලා චේන්ජ් කර ගන්න ආයෙත් හොටෙල් එකට ආවා.. මොකද අපි ඇඳන් හිටියේ නැශනල්, ළමා සාරි.. මම බැලූ බැල්මට ගෑනු ලමයෙක් වගේ පේන්නෙ නැති නිසා මන් ඇන්දෙත් සරමයි ශර්ට් එකයි.. අපි හොටෙල් එකට ඇවිත් චේන්ජ් කරගෙන ගියේ ලෝවාමහාපායට.. ඊට පස්සෙ ථූපාරාමයට එහෙමත් ගිහින් අපි ආයෙත් ආවෙ හොටෙල් එකට.. අපි ඊට පස්සෙ තව ඇඳුම් අරන් ගියා තිසා වැවට හෝ කලා වැවට නාන්න.. අපේ ගෙදර උන් මට හරියට කියන්නෙ නෑ හත්වලාමේ මේක මොන වැවද කියලා.. එතන මිනිස්සු හිටපු හරියෙම අපිත් නාලා උඩ පැනලා බිම වැටිලා ඇදුම් මාරු කරන් එහෙන් ආවා.. එන ගමන් අපි රෙස්ටුරන්ට් එකකින් නවත්තලා කෑම එහෙම කාලා ආවෙ..

"අයියෙ දොදොලක් අරන් දියංකො"

"හනේ උබර්ටත් කාලා කාල ඇති වෙන්නැද්ද ආදි.."

"ඒ උනාට මන් කලු දොදොල් වලට ආසයිනේ.."

මන් හෙන බැගෑපත් වෙලා පොඩි අයියගෙන් ඉල්ලුවාම ඌයි සුදු අයියයි දෙන්නම මහ හයියෙන් හිනා උනා.. දෙන්න තියෙන්නෙ වල් පෙන්දො දෙන්නට..

"අපි නම් හිතුවෙ ඔයා කිරියා වලට ආසයි කියලා ආදි.."

"ඕන එකකට මන් හරිම ආසයි අනේ.. ඒත් ලංකාවෙ කිරියා නම් වැඩිය සෙට් නෑ නෙ.. කලු දොදොල් හොඳයි.. පොත්ත කිරියා උනාට නම් අවුලක් නෑ.."

මන් කියපු එකට අරුන් දෙන්නා ආයෙම ගුලියක් කාලා වගේ හිනාවෙන්න ගත්තා.. හරි අගෙයි පුතේ..

අපි සමාධි බුදු පිලිමෙත් බලලා ඉසුරුමුණි පෙම් යුවල බලන්න ගියා..

"කෝ යුවල නෑ නෙ"

කෝ හු#තො යුවල.. මන් යුවල බලන්න නෙ ආවෙ..

පස්සෙ අපි ආයෙ හොටෙල් එකට ආවා..

අපි එනකොට නම් හුඟක් හවස් වෙලයි තිබුනේ.. අපි ඇවිත් හයි ටී එකට ගිහින් ඊට පස්සෙ ගාඩ්න් එකට ගියා.. මේ වටපිටාව හරිම ලස්සනයි..

"පොඩී සිංදුවක් කියමුද"

"අනේ පොඩි මල්ලි කියන්නකො.."

"එහෙනම් මායි ආදියි කියන්නම්"

ඔය ඉතින් පුපේ අමාරුවට මාවත් ගාවගන්නවනෙ ම්හුක්..

"සිහිනේ පායාවී රෑ

අඳුරේ තනිවෙන්නේ නෑ

සොඳුරේ අත්වැල් බැඳන්

දුර ඈතට ඉගිල යන්

ආදරයේ සීමා සොයා

කුළුදුල් මනමාලකම්

විඳිමින් හරි ආදරෙන්

සඟවා සෝ සුසුමන් පවා

තමරසා, තමරසා

ආදරෙන් ඔබ හිනැහුනා

සීරුවෙන් දෑස වසා

තුරුලු වී ඔබ හිනැහුනා"

පොඩී ඒක කියල ඉවර උනාම මට ඊලඟ කෑල්ල කියන්න කියල ඉඟි කලා.. එයා ලස්සනට ගිටාර් එක ගහල ඉවර වෙනකොටම මම

"සිහිනේ කියා දෙන්න

ලංවී හිදින්නම්ද මා

සංසාරයේ ගීය

මුමුනන්න ලං වෙන්න මා හා

මල් යහනා අතුරන්නම්

එහි සතපා සනසන්නම්

මා ආදරෙන්, ආදරෙන්

කඳුලේ ඔබ ඕනෑ නෑ

තනි නෑ ලඟ ඉද්දී ඈ

සොඳුරේ අත්වැල් බැඳන්

තව ඈතට ඉගිල යන්

ආදරයේ සීමා සොයා

කුළුදුල් මනමාලකම්

විඳිමින් හරි ආදරෙන්

සඟවා සෝ සුසුමන් පවා"

ඊට පස්සෙ අපි හැමෝම කියන්න ගත්තා.. ඒ වෙලාවෙ මට අඩුවකට කියලා දැනුනෙ සිතූ විතර- නෑ නෑ! මට එයාව ඕන නෑ.. මාව දාලා ගියපු අයව මට එපා!!!!

"තමරසා, තමරසා

ආදරෙන් ඔබ හිනැහුනා

සීරුවෙන් දෑස වසා

තුරුලු වී ඔබ හිනැහුනා

තමරසා, තමරසා

ආදරෙන් ඔබ හිනැහුනා

සීරුවෙන් දෑස වසා

තුරුලු වී ඔබ හිනැහුනා"

හරිම ලම්සනයි අනේ.. පොඩි අයියා සුදු අයියා දිහා බලන් ඉන්න විදිහ.. ඕ මයි ගෝඩ්...

අනේ මට බෑ යකෝ මුන් දෙන්නා දිහා මේම බලන් ඉන්න.. නගිනව මට.. සුදු අයියට කියන්ඩෝන මන් දන්නව කියලා.. ඒ ඒ එක්කො බැහ්.. එයාලම කියයිනෙ නේත.. හනේ මොනොත්තක්ද..

සිතූ වත් නැ සැහ්- ඩෑම්න්.. මට මොකටද ඒකිව.. ඕ ගෝඩ්.. මට එපා..

ආයෙ සිතුමිණී කියල කෙනෙක් මට මගෙ ජීවිතේටවත් එපා.. මන් ඔයාව වෛර කරනවා.. හැමෝම මාව දාල යනවා.. අම්මත් මාව දාල ගියා.. දැන් ඔයත්.. ඈත් වෙන්න නම්, මාව තනි කරන්න නම්, ඇයි මගෙ ජීවිතේට ආවෙ..

"චූටියෝ.."

අනෙ ඒත් මට දුකයි හු#ත.. මට විතරයිනෙ- ආ නෑ.. අවීටත් කෞරුත් නෑ නෙ.. අනේ මන් අවීට උම්මා එකා දීලා එකිව ගර්ල්පෙන් කර ගන්නවා..පුංචි මුකුත් කියන  එකක් නෑ..

"චූටි.."

"මොකද"

මොනොත්තක්ද කෑ ගහන්නෙ..

"සිංදුවක් කියනවද.."

"බෑ අනේ.."

"කියනවකො.."

"පොඩි කෑල්ලක් කියන්නම්.."

"හා හා පොඩ්ඩම පොඩ්ඩක් හරි කියපන්.. ආ මේහ් අපි ගීතෙන් ගීතෙ කරමුත.."

අනේ පලයන් පොඩි අයියේ..

"හා හා.. චූටි.. හි-නැ-හු-නා.. න යන්නෙන් කියන්න.."

ආ ආ නනන නනා ආ ආ නනන නනා ආආ නනන නනන නනන නනන.. නනන නනා ආආ.. අංග-සැහ්..

"නුහුරු නුපුරුදු හීන අරන්..

නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්

ආවාට නොකියාම.. ජීවිතෙන්

නවතින්න හිතුවාද.. ආයෙමත් ආදරෙන්..

න යන්නෙන්ම කියම්න"

ඊලඟට මගෙ එහා පැත්තෙන් හිටියෙ අවී..

"අඩේ මතක් වෙන්නෑ අඩේ.."

"කියන්න කියන්න... තප්පර පහක් ඇතුලත කියන්න ඕන.. එක.. දෙක-"

"නෑ නෑ නැවතුන මේ හිත නුඹ ලඟ

වෙනතක නතර වෙලා (ඕයේ)

මා හා ඉඟි බිඟි පානා රුව නෙත

ඇත හිත ඔකඳ වෙලා (ආ හා)

හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන්

නාදෙන් මත්වෙන්නා

හැඟුමන් යාවෙන් යාවෙන් නනන වෙලා.."

"ආ කියපන් ආත්මා ල යන්නෙන්.."

"ආ

ලස්සනට පිපුණු වන මල් ගල්

පීරන දිය වැල්

මම ආස කරන මැණික් කැටේ නිල්

(කහ රතු සුදු)

දුර ඈත කැලේ ගල් ගුහාවක

ගෙවනව කල්

ලස්සන මගෙ කිරිල්ලි සුරතල්..

"ආ පාන් පාන් නිකන් චූන් පාන් ජෑම් පාන්.. ලල් ලල් ලලල් ලලල් ලලල් ලලල් ලා.."

අපි රෑ වෙනකන්ම සිංදු කිය කිය ඉඳලා රෑට කෑම කාලා නිදා ගන්න ගියා.. මමයි අවීයි මෙතයි එක ඇඳේ අනිත් අර අක්කලා දෙන්නා තව ඇඳක.. අර පරෙයි දෙන්නා මාව මැදට දාලා උන් දෙන්නා සපාන් එකේ දෙපැත්තට වෙලා නිදි..දෙන්ඩ හිතයි ප#යොන්ට..

මමයු අවියි මෙතයි කාමරේට වෙලා පොඩ්ඩක් කියෝ කියෝ හිටියේ.. ඒත් මට නම් ලොකුවට කතා කරන්න හිතුන්නැහැ..හැබැයි මම චූන් වෙලා හිටියේ..

"කොල්ලො හි#ව තරම් මා නපුරු තනා ඒත් තෝ ලඟ නෑ අම්මට හු#න කතා.. කැ# බාරිය වෙන්න ආස නුඹ ගෙම මා කර ගන්න හැමදා උබ මට හු#ලා.."

"අයියෝ හු#තො මෙන්න කුනුහර්ප කියනවා..කට වහපන් ආදේ.."

"බෑ ඒයි මට කුචිනෙ.."

"අනේ ඒයි අපි බදාගෙන නිදාගමුකෝ.."

"අනෙ ආස නෑ බදාගන්න නම්.."

"තෝ පලයන් මෙතුකි පරයා උබව බදා ගන්නත් බෑ කෝමත් යට උනොත් හුස්ම හිරවෙලා මැරෙන්නෙ.. මගෙ දෝණිව දෙන්නෙත් නෑ තොට.. ඒකි මගේ.."

මෙතා ඉනට අත්දෙක තියන් 'ඉතින් මට මොකද' සීන් එකේ අපි දිහා බලන් හිටියා..

ටිකකින් අර අක්කල දෙන්නත් ආවම අපි උන් දෙන්නා එක්කත් කැකිරි පලලා නිදාගත්තා..

දැන් ඉතින් ආයෙ ඉස්කෝලෙ යන්නෙපැයි.. ඒලෙවල් මචන් දැන් හර්තෙ.. දොලහ වසරෙ ගැම්ම..

ඕ යාහ්හ්..

ඔවාලට කොහොමත ලමයි.. ඔයාල දන්නෑ නෙ බඩ්ඩක්.. මන් මේ චැපිය ලියල ටිකක් දවස්..මාව හදිස්සියෙම හොස්පිටල් ඇඩ්මිට් කලා ලමයි මාව හොඳටම අසනීප වෙලා.. මගෙ ඔලුවෙ අමාරුවක් තියෙනව හලෝ.. සිරාවටම කියන්නෙ හර්තේ..ඔලුව රිදෙන්න ගන්නවා.. මේකක් ලියනකොට උනත් මට සෑහෙන්න අමාරුයි.. ඒත් නොලියා බෑ නෙ ම්හුක්..

ඊලඟ එකත් ඉක්කන්ට දෙන්නම්..අනේ ඔවාලා දාන සමහර කමෙන්ට් වලට මම හරිම ආදරෙයි අනෙ..නට රිප්ලයි කරගන්න බැරි උනොත් සමාවෙන්න.. ඒත් මන් ඒකා හරිම ආතරෙන් කියවන්නේ..ලව් යූ ඒයි

එහෙනම් යනෝ..

ආතරෙයි උතුරම්න 😽❤️

ම්වාහ්හ්හ්

Share This Chapter