Chapter 39 of 53

39 කොටස

_නොනිමි_2,046 words~11 min read

"හනේ භල්ලෝ.. ඒකත් ඉවරයි නේත.."

"ඔව් බන්ග්.. බලාම් බැජ් ගහලා අවුරුද්දකුත් උනා.. "

"ගේම්ස් කැප්ටන් අක්කේ.. ඔවා හරිම හොඳයි~…"

"තෑන්ක්ස් නංගී.."

මමයි තුශිනී කතා කර කර ඉන්නකොට ජේ පී නංගි  කෙනෙක් අපි දෙන්නා ලඟට ආවා.. මැඩමුත් කිව්වා අපේ බෝර්ඩ් එක හුඟක් හොඳ බෝර්ඩ් එකක් කියලා..

හොඳ වෙන්නෙපැයි මන් වගේ දරුවෙක් ඉන්නකොට.. අද අපේ ඇඩ්මිශන් උත් දුන්නා.. දැන් ඉතින් ආයෙ ඉස්කෝලෙ නම් එන්නෑ පුතේ!!

"ආදිත්‍යා! දැන් ඉතින් පොඩ්ඩක් ඒ ලෙවල් වලට මහන්සි වෙන්න දරුවො.. ඔය පිත්ත පොඩි කාලෙකට පැත්තකට කරලා තියන්න.. ඔයා හරියටම ලිව්වොත් ඔයා අයිලන්ඩ් රෑන්ක් එකක් උනත් දායි පුතේ.. පොඩ්ඩක් මහන්සි වෙන්න හරිද.."

"හරි මැඩම්.."

එහෙම කියල මැඩම් මගෙ පිත්ත තියන්න බෑනේ.. අහෝ අනිද්දත් මට ප්‍රැක්ටිස්.. අයියගෙන් අහගෙන පොඩ්ඩක් බලන්නත් ඕන.. ඒ උනාට ඉතින් මට ඒ තුනක් ගන්න පුලුවන්..

"කෝ පුතේ අයියා ආවා නේද.."

"ආ ඔව් මැඩම් ලොකු අයියා ආවා.."

"ලොකු අයියලා මට මතකයි ඒ දවස් වල.. බුදු අම්මෝ තිබුන දඟයක්.. ලොකු අයියා නම් හය වසරෙන් පස්සෙ වගේ පොඩ්ඩක් දඟ අඩු උනා.. පොඩි අයියා ඒකට.. අනේ දෙයියනේ.. ඒ කොල්ලා මිල්ක් බාර් එකේමයි බැලුවොත් ඇත්තන්.. සුදුම සුදුයිත් නේ.. සමහර වෙලාවට දුවනවා නිකන් සුදු පාට පූසෙක් දුවන් යනව වගේ.. එක්කො ගහක් උඩ.. එක දවසක් මට මතකයි උපාලි සර් ඉන්න කාලේ.. ඒකා ගහක් දිගේ බඩගාලා සර් එනකොට ගහෙන් වැටුනා.. අම්මත් හොඳටම බය උනා ආරංචිය කිව්වහම.. හැබැයි ඒකා වැටිලත් දුවලා.. අපි පොඩි කොල්ලට ඒ කාලෙ කිව්වෙ සොනික් කියලා.. හනේ හනේ මේ කොල්ලො ලොකු වෙලා තියෙන තරම්.."

"එච්චර දඟද මැඩම් අයියා.."

"ඔව් පුතේ.. හැබැයි මන් ඒ කොල්ලට හරි ආදරෙයි.. මොන නරක අලුගුත්තේරු වැඩක් කලත් ඒ කොල්ලා පුදුම දක්ශයි.. හැම දේකින්ම.. මම නම් දැනන් හිටියා ඒ කොල්ලා හොඳ තැනකට එනවයි කියලා ඔය ක්‍රිකට් පැත්තෙන්.. ලොකු අයියට පුතේ අර බෝලෙ බදාගෙන ග්‍රවුන්ඩ් එක හාන්නයි පොත අස්සෙ ඔලුව ගහන් ඉන්නයි විතරයි.. හැබැයි ඒකා හැමදාම පන්තියෙ පලවෙනියා.. හරි හොඳයි.."

"අහ්ම්.."

අපේ සඳමාලි මැඩම් අපේ මුලු පවුලටම හෙන ලව්.. එයා රෝයල් එකේ ඉන්න කාලෙ අපෙ අම්මත් එහෙනෙ ඉඳලා තියෙන්නෙ.. අම්මගෙ හොඳම යාලුවා සඳමාලි මැඩම්ලු.. එයා එහෙත් වයිස් ප්‍රින්සිපල් කෙනෙක්, මෙහෙත් වයිස් ප්‍රින්සිපල් කෙනෙක්.. ඒත් අනේ අපේ අතුකෝරල මැඩම්ට වඩා එයා හොඳයි අප්පා..

ආහා ඒත් මම පනපිටින් සඳමාලී..

පස්සෙ ඉතින් අපෙ අයියත් එතනට ඇවිත් හෙන පචයක් හලනකන් අපි සැට් එක ගිහින් ෆොටෝස් ගැහුවා.. නංගිලට විශ් කලා.. ඕ ගෝඩ් මේ අපි අවුරුදු දහතුනක් ඉස්කෝලෙ ඇවිත් ගෙවෙන අන්තිම දවස් ටික.. අනේ හත්තිලව්වේ.. මට තාමත් මතකයි අම්මත් එක්ක ඉස්කෝලෙට ඇවිත් දෙක වසරෙ අක්කල අපිට මල් මල් මාලයක් දාලා, අපේ අතටත් මලක් දීලා උන් උඩ පැන පැන නටලා ඊට පස්සෙ අපේ 1C එකේ රෝහිණී මැඩම්ට මාව බාරදුන්නා.. මන් ඉස්සර අපේ ලමයි කට්ටියක්ම වට කරන් රෝහිනී කියන්නෙ මෝහිනීගෙ නංගි.. එයා හොල්මනක් කියල කරපු විහිලුවකට මිස් අපි හැමෝටම ගුටි දුන්නා.. හරි අගෙයි පුතේ.. දෙක වසරෙදි චන්ද්‍රා මිසුත් හෙන හොඳයි.. එයත් අපෙ අම්මගෙ යාලුවෙක්ලුනෙ.. එයා රෝයල් එකේ ස්කවුටින් ටීච.. අපෙ පොඩි පගා ස්කවුටින් උත් කලානෙ.. එයාගෙ ලොග් බුක් එක දැකලා තමා මටත් ඔය අමාරුව හැදිලා මන් තුනේදි ලිට්ල් ෆ්‍රෙන්ඩ්ස් කලේ.. අපෙ තුනෙයි හතරෙයි හිටියෙ එක මිස් කෙනෙක්.. රම්‍යා.. එයා හරිම ලස්සනයි අනේ.. අපි පහේදි නම් හිටියේ ගයනි කියල සැර මිස් කෙනෙක්.. හයේදි නම් හිටපු මිස් හරිම හොඳයි අනේ.. එයා අක්කා කෙනෙක් වගේ.. හතෙත් මිස් හොඳයි.. ඒත් අපි අටේදි හෙන ගැහුවනෙ.. නෑ නෑ හෙන නෙවේ.. කොවිඩ් ආවනෙ.. එතනින් පස්සෙ නම් ඉස්කෝලෙ බෝරින් අප්පා..

කෝමහරි ඔය ඔක්කොම පච හලලා අපි ගෙදර එනකොට හවස හතරට විතර ඇති.. මන් ඇවිත් වොශ් දාලා කාලා ගණන් හදන්න ගත්තා.. මේ දවස් ටිකේ සුදු අයියා ආවෙ නෑ.. ලොකු අයියත් මාව ඩ්‍රොප් කරලා එයා ඔෆිස් ගියා.. අනේ මන් තනියම.. මන් ගණන් ලොට් එකක්ම හදලා Physics පේපරේකුත් කලා.. හෙන මහන්සී.. මාත් මොකට මැත්ස් කරන්න ආවද මන්දා.. අපරාදෙ කොමස් කරලා කැපේ ඉන්න තිබ්බේ.. බෑනේ!! අයියලට සෙකන්ඩ් වෙන්නෙ කෝමද.. සුදු අයියා පේරෙ නේ.. පොඩි අයියා නම් කොළඹ.. සුදු අයියට නම් හෙන ආසාවක් තිබ්බා එයයි එයාගෙ යාලු ආර්‍යන් අයියා එක්ක පේරාදෙණියේ ගිහින් බදාගෙන දොයිය ගන්න.. අපේ සුදු අයියට හෙනාතල් යාලුවො දෙන්නෙක් තමා ඉන්නේ.. එක්කෙනෙක් ආර්‍යන් අනිත් එක්කෙනා රුහාන්.. අපෙ පොඩි අයියත් ඒ දෙන්නා එක්ක යාලුයි..

ඒවගෙන් වැඩක් නෑ!!! මම යන්නේ කලම්බු කැම්පස් එකට ම්හුක්..

මම පේපරෙත් කරලා කෝපි එකක් හදාගන්නවා කියලා හිතන් පහලට ගියා.. අනේ මට පූසෙක් ඕනෙ අනේ.. එහෙනම් පාලු නෑ නේ.. අයියට කියන්න ඕන.. මම දුවල ගිහින් ලෑන්ඩ් ලයින් එකේ අයියගෙ නම්බර් එක ඩයල් කලා..

"ඕ කියපාන්.."

"මේ හලෝ.."

"ආ ඕ.. මොකෝ ගත්තේ.. මොකක් හරි අවුලක්ද.."

"ඔව් අනේ.. ලොකු අවුලක්.."

"ඇයි ඇයි මොකද.. මොකද්ද උනේ.."

"මට පූසෙක් ඕනනෙ.."

තප්පර දෙක තුනක්ම එහා පැත්තෙන් සද්දයක් තිබුන්නෑ.. හරි හු#ත මන් ඉතින් පූසෙක්නෙ ඉල්ලුවේ..

"ඒ-"

"අනේ පොඩි පගා.. ඔහොම බය කරනවද.."

"හනේ මේ.. තව්සෙ මට පූසෙක් අරන් වරෙන් එනකොට.. ම්හුක් රෙද්ද.. මට තමා ඔක්කොම මෙව්වා.."

"කොව්වා"

"හු- නෑ අනේ මුකුත් නෑ.. ඔයා මට පොල්සම්බෝල පාට පූසෙක් ගේන්න.."

එක පාරටම පොඩි අයියා මහ හයියෙන් හිනා වෙනව මට ඇහුනා.. ගුලියක් වත් කෑවද දන්නෑ මෝඩ පගා..

"මොකද තව්සෙ"

"කොහෙන්ද බං ඔය නම් හොයාගන්නේ.."

"අනේ එව්වයෙන් තව්සෙට වැඩක් ඤෑ ඤෙ.. ගේන්න.~"

"හ්ම් හ්ම්.. ඤැං ඤැං ගේඤ්ඤ තමා.. උබට අපිව ඕන එව්වට තමා නේ.."

"ඔව් ඉතින් අයියෙ මන් ඔවා එක්ක-කහ්ම්.. එව්වට උබට සුදු අයියා ඉන්නෙ.. බායි.."

"අ-"

*බීප් බීප් බීප්*

කට කන්ට්‍රෝල් නෑ නෙ ඉතින්..

දැන් අපි රසවත් කැපුචිනෝ එකක් සාදා ගමු..

මුලින්ම මේ නෙස්කැෆේ බෝතලෙන් හැන්දක් දාන්න ඕනෙ.. ඊටස්සේ සීනි හැන්දයි.. වතුර හැන්දයි දාලා.. මෙන්න මේ වගේ හිච්චං බීටර් එකකින් හොඳට ක්‍රීම් එකක්-අහම්.. ක්‍රීම් එකක් එනකන් බීට් වෙන්නෝන.. ඊට පස්සේ.. මෙන්න අඹේවෙල නැවුම් එලකිරි කෝප්පයක් රත් කරලා-කෝප්පෙ නෙවේ හර්තේ.. කිරි රත් කරලා සීනි දාල කොෆි ක්‍රීම් එකට දාල කලවම් කරල බීපන් හු#ත..

මන් කෝපි එක හදාගෙන ටීවී එක දැම්මා..බලන්න ඇති දේකුත් නෑ මේකෙ සැහ්..මම බලන්න දෙයක් ඇත්තෙම නැති නිසා ගිරිපුර ඇත්තො එක රිවයින්ඩ් කරලා දාගත්තා.. දැන් වෙලාව පහමාරයි.. දැන් මේ වෙලාවට සිරසෙ යන කාටුන් මෙලෝම රහක් නෑ.. අනේ ඉතින් දෙදාස් විස්සෙ විසි එකේ වගේ කාලෙ තිබ්බ කාටුන්.. එව්ව සේප් එකේ හොඳයි.. ඒත් ඉතින් බෙන් ටෙන්, දඟරවලිග ලපවානර, දොස්තර හොඳ හිත, බබාලන්තෙ වගේ කාටුන් වලට ගහන්න බෑ මේවට.. අපි රජ ඉබ්බො එකේ ඉස්සරම ගිය එක නම් හොඳයි.. දෙදාස් විසි දෙකේ තුනේ වගේ කාලෙදි ගියා ඒක අලුත් ඩබ් කරලා.. කැතයි අනේ.. සොනික් එහෙම ආයෙ යන්නැද්ද දන්නෑ..

මම ඉතින් ගිරි පුර ඇත්තො එක දාගෙන බලන්න ගත්තා.. ඒක විතරයි දැන් පරණ කාටුන් එකකට කියල යන්නේ.. අද යන්නෙ කඩියව ගෙදර ගේන සීන් එක.. ඉස්සර මමයි පොඩි අයියයි කිරි එකකුත් හදන් බිස්කට් පැකට් එකක්ම කඩාගෙන හරියටම තුනහමාරට ටීවි එක ඉස්සරහ ඉඳගන්නවා.. තුනහමාරට ස්කුබිඩූ, හතරට ගාෆීල්ඩ්, හතරහමාරට ගිරිපුර ඇත්තෝ.. අනා.. ඕල්ඩ් ඊස් ගෝල්ඩ්..

මම කෝපි එක බීලා ඉවර කරලා ටීවි එකේ කාර්ස් ත්‍රී එක දාගෙන බල බල ඉන්නකොට හවස හයාමාරත් පහු වෙලා.. එක පාරටම කවුරු හරි දොරට තට්ටු කලා..

"කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ~…"

"ප#යා.."

ආ ප#ය නම් තමා ඇවිත් තියෙන්නෙ..

"හෑයියා.. එහෙනම් හැරිලා පලයන්"

"ඇරපාන්න්න්න්න්න්න් චූටියෝ..."

ආනේහ් මයෙ සුදු අයියත් ඇවිත්.. ප#යයි සුදු අයියයි.. හනා..මේ මොනාද මේ අරින කතා කියන්නෙ.. හරි කතා තමා මෙයාලත් කියන්නේ

"ඊයා ඊයා මේ මොනාද මේ මට කරන්න කියන්නේ.. උබර්ලා දෙන්න එපැයි ඒක කරන්න.. මට අරින්න-හ්කැහ්ම්-කැහ් මෙහ්.. නෑහ් එන්න අයියෙ ඇතුල්ට.."

"අනේ යකෝ.. අයියා නේද ඉන්නෙ කියල මේකිට ගානක් නෑ නෙ.."

"චූටිට කෑ ගහන්නෙපා.. දෙනව දෙකක් පුපට.."

මම ශේප් එකේ දොර ඇරලා බිම පහුරු ගාන්න ගත්තා.. පහුරු ගාන්න දෙයක් නෑ හැබැයි ටයිල් එක නේ.. පොඩි අයියා මොකද්ද මගුලකුත් අතේ තියන් මන් දිහා බලන් ඉන්නවා.. අනේ හිකේ.. සුදු අයියා බෑග් එකකුත් අරන් ගේ ඇතුල්ට ආවා.. පොඩි අයියත් ඊට පස්සෙ ගේ ඇතුල්ට එනකොට මට ටොක්කකුත් ඇනගෙනම ආවා..ටොකු අනින්නෙ රෙද්ද..

"සුදු අයිය්ම්ම්ක්ම්මට්ටහ්ක්න්න්"

"කෑ ගහන්නෙපා සුදු නංගි.."

පොඩි අයියා අතේ තිබ්බ කෙජ් එක වගේ එක බිමින් තියලා මගෙ කට වහගත්තා.. මොන හුයන්නක් කරනවද මන්දා.. ඊයා ඊයා මෙන්න මෙයා මිනිහට බයයි.. අරින්න කතාව හැබැයි- අම්මට මේ කේජ් එකේ මොනාද..

පොඩි අයියා මගෙ කට අතෑරියම මන් උට උඩ ඉදන් පහලටම රැව්වා..

"මේ මොකද්ද මේ උස්සන් ආවේ.."

"ඇරලා- නෑ ඕපන් කරලා බලන්න.."

"මීයෙක් වත් ද දන්නෑ.."

මන් පොඩි අයියා දිහා හෙන දුක මුසු මුහුණකින් බැලුවම උගෙ මූණට දස වලත්ත හිනාවක් ආවා..

"මීයා ඉන්නෙ කලිස- අනේ ඕක ඇරහන් රෙද්ද.."

"සුදු අයියෙ පොඩ්ඩක් වරෙන්කෝ~"

"අනේ කියන්නෙපා බන්"

ඒත් එක්කම සුදු අයියා හැටට හැටේ පාගගෙන ආවා හැන්දකුත් අතේ තියන්.. මේ මොකද යකෝ හැන්දක්.. කන දෙයක්ද දන්නෑ..

"තොපි දෙන්නට දැන් මම අරිනවා.. මොන මගුලක්ද..!"

මම පොඩි අයියා දිහා ඇස් කරකවලා හෙන වලත්ත විදිහට බැලුවම ඌත් මන් දිහා එහෙම්මම බැලුවා.. එක පාරටම අපි දෙන්නටම බකස් ගාලා හිනා ගියාම සුදු අයියා ඉනට අත් දෙක තියන් අපි දෙන්න දිහා බලන් හිටියා..

"ආහ්ව්ව්.. ගහන්නෙපා බං.. සුදූ.. ආව්හ්..ගහන්නෙපා..ආව්හ් සුදූ ආහ්ව්ව්ව්"

"අඩේ ගහන්නෙපා සුදු-ම්මට ආව්හ්හ්- ගහන්නෙපා අයියේ ආව්හ්හ්.."

සුදු අයියට මල පැනලා ඒකා අර තිබ්බ හැන්දෙන් අහිංසක අපි දෙන්නට ගහන්න ගත්තා.. ආං දැක්කා නේද.. අහිංසක මූණ පෙන්නන් ඉන්න හැමෝම අහිංසක නෑ.. පුදුම පුපක්නෙ යකෝ..

"චූටි.. ඔන්න ඔය මගුල ඇරල බලපන්.. උබට ගෙනාවෙ.."

මන් ඉතින් කන පාත් කරන් එයා කියන දේ කරනවයි කියල හිතාගෙන හිමීට කේජ් එක ගාවට නැව්නා.. අනේ හු#ත නයෙක්වත්ද දන්නෑ.. අයියේ ඉසිපිතෝ භගවා ආකාසට්ටාච බුම්මට්ඨා..

මම හිමීට කේජ් එක ඕපන් කරාම-

"මියෑව්ව්ව්ව්"

"ම්යාව්ව්ව්"

"අනේ දෙයියනේ..."

ඒකෙ ඇතුලෙ හිටියේ නැට්ට පත සයිස් තැඹිලි පාටයි සුදුම සුදු පාට නැට්ටෙයි කනෙයි කලු පැල්ලම් දෙකක් තියෙන පූස් පැටව් දෙන්නෙක්... අනේ එයාලා-එයාලා හරිම කියුට්..

"අ-අනෙහ්හ් අයියේ.. අනේ-තෑන්ක්ස් හලෝ.. එයා-එයාලා ලස්සනයි"

ඒ පූස් පැටව් දෙන්නා ඇත්තටම මාරම ලස්සනයි.. ඒ දෙන්නම පර්සියන් පූස් පැටව් දෙන්නෙක්.. අනේ අම්මියෝ.. තැඹිලි පාට එක්කෙනාගෙ ඇස් වටේ කහ පාටයි.. සුදු එක්කෙනාගෙ අලු පාටයි..

"ඔන්න එක්කෙනෙක් වෙනුවට දෙන්නෙක්ම ගෙනාවා.."

"ආ ආ චූටියො මේ.. දැන් මෙයාලව ගෙනාව වගේ නෙවේ.. හරියට වෙලාවට කන්න දෙන්න ඕන.. මෙයාලගෙ කැට් ලිටර් තියෙනවා ඒවා බේසමකට දාල තියන්න හරිද.. එව්වත් ඔයාම දැන් පුරුදු කරන්න ඕන.. මේ දෙන්නටම තාම මාස දෙකයි.. තාම චූටියිනෙ අපි මෙයාලගෙ වයසට හරියන කෑම ගෙනාවා..අනික මෙයාලට නිකන් කිරි හොඳ නෑ.. ගෝට් මිල්ක් තමා හොඳ.."

"හරී.."

"දැන් ඔයාම මෙයාලට නම් දාන්නකෝ.."

"අනේ මයෙ පොල්සම්බෝලෙට මන් දානවා.. කවුද දාන්නේ.. ගජමෑ- සැහ් නෑ සෙට් නෑ.. පෝලෝ- නෑ ඒක අවුල්.. ම්ම්ම්... අනේ පොල්සම්බෝල කියලම දාන්නද අයියේ.."

සුදු අයියයි පොඩි අයියයි දෙන්නම බොහ් ගාල ඔලුවෙ අත ගහගත්තා.. අයියෝ මෙයාට මල්සරා කියල දාමුද.. බෑ අනේ මෙයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද දන්නෑනෙ..

"හරි අනේ මේ හලෝ මෙයාලගෙ ගෙන්ඩර්ස් මොනාද කියනවකො.."

"මෙයා කොල්ලෙක්.. මේ සුදූ කෙල්ලෙක්.."

"හනේ.. එහෙනම් අපි සුදු එක්කෙනාට... අනේ ඔවා කියන්න අනේ මට එයාට නමක් හිතන්න බෑ.. මේ පොල්සම්බෝලෙට මම පු-ආ පූස් ඉන් බූට්ස් කියල නම තියනවා.. එතෝට එයාගෙ නම කේ. ඒ. පූස් ඉන් බූට්ස් ද සිල්වා.."

එතකොට ආයෙම සැරයක් පොඩි අයියයි සුදු අයියයි දෙන්නම එකම වෙලාවෙදි ඔලුවෙ අත ගහගත්තා.. අනේ වොත්ත..

"සුදු එක්කෙනා මාචු පීචු.."

"ඒ මොකද්ද හලෝ.."

"එහෙම එකක් තියෙනවා.. බොට වැඩක් නෑ නෙ"

"ප්ෆ්ෆ්ෆ්ෆ්...එන්න අනේ මගෙ බෝල ගෙඩී.. මන් ඔයාලට ආදරෙයි නෙ.. ම්වාහ්හ්හ්හ්.."

මන් පූසො දෙන්නටම තොත්තුව ගානෙ දීලා ඒ දෙන්නා දිහා පැයක් විතර බලන් හිටියා.. අනේ දැන් එතෝට මෙයාල දොයිය-

"අයියේ.. මෙයාලා දොයියන්නෙ කොහෙද.."

"උබෙ ඇඳේ නිදාගන්න දියන්.."

"අනේ හා..."

"නෑ නෑ.. සුදූ!!!! චූටි!!!!! එකෙක් ගන්නෑ ඔය පූසො දෙන්නව ඇඳට.. මරවගන්නෙපා මට කියලා!!!"

සුදු අයියා කොහේද මන්ද ඉදන් කඩාගෙන බි‍ඳගෙන ඇවිත් අපි දෙන්නට තර්ජනය කරනකොට මන් සේප් එකේ පොඩි අයිය ලඟට ලං උනා..

"සුදු දෝණි සැරයි වගේ නේත.."

"ඔව් බං සුදු දෝණි කේස් නේ.."

"අනේ හිකේ.."

"හික්.. මේ අඩෝ සිරාව්ට දැන් මුන් දෙන්නා නිදාගන්නෙ කොහෙද.. මන් නම් ඇඳේ තියාගන්නව කියල හිතුවේ.."

"ඔව් ඒයි.. කොහෙද ඉතින් ඔවාගෙ දෝණි කේස් නේ.. දැන් මෙයාලට මොකක් හරි නිදාගන්න තියන්න වෙනෝ නෙ.."

"හෙට ගේමු මෙයාලට ඉන්න එකක්.. අදට ඔය කේජ් එක ඇතුලට රෙද්දක් දාල නිදි කරවමු.."

"හා ඒයි.. මේ දෝණි ඔවාට ඇරලා තියෙනවද අයියේ.."

ඌප්ස්.. අනවස්ස ඒව කටින් පයිනවනෙ.. සොරි අයියේ.. සිතකින් නෙවේ කිව්වේ

"ආදිත්‍යා!!!.. අහු වෙයන්කො තෝ මට.. අනේ අම්මපා වෙන කෙල්ලෙක් නම් හු යන්න කියන්නෙත් නෑ මේකි යකෝ ඒකට.."

"මගෙ ලමයට බනින්න එපා සුදූ.. උබත් මෙතන තියාගෙන කුණුහර්ප පලනවනෙ.."

ඒ සැරේ නම් පොඩි අයියගෙ මූණ මැද්දට හෙනයක් ගැහුව වගේ උනා.. ඒකා ඇහි බැමත් උරුක් කරන් කට ඉරක් කරන් මූණ පුපක් කරන් සුදු අයියා දිහා බලන් හිටියා.. දැන් යයි "හැඤේ සුජූ ඔවා මැචැච් එහෙම කියනවදූ"..කියාගෙන මෝඩ-

"අනේ සුදූ ඔයා මටත් එහෙම කියනවද අනේ.."

ආ මං කිව්වෙ මං කිව්වෙ!!!! පොඩී ගිහින් සුදු අයියගෙ බෙල්ලට මූණ තියාගත්තම අපේ සුදු අයියගෙත් අහවල් එව්වා දිය වෙලා සත්ව කරුණාවක් පහත් වෙනවනේ.. ඊට පස්සෙ ඉතින් තොත්තුවක් දීලා උඩ දාලා වටයක් කරකලා දෙකට නමලා- නෑ නෑ! හරහට අරන් නලවයි!!

"අනේ සුදූ ඉතින් ඔවා චූටියට බනිනවනේ.. එහෙම බනින්න එපා.."

"ම්ම්ම්"

"කෝ එන්න මම ආතරෙයිනෙ ඉතින් මගේ සුදූට.."

ආං දැක්කනෙ.. ඔන්න දැන් ඔක්කොම හොඳයි මම තමා නරක.. අපෙ පොඩි අයියා මට දිවත් දික් කල්ලා සුදු අයියව බදාගත්තා.. හනේ මේ කොට සුදු අයියත්.. දෙන්ඩ හිතයි තව අඟලක් කොට වෙන්න..

"කො-ට-කු-කු-ළා.."

මන් එහෙම කියලා නාකි හුරතලේ බලන් ඉන්න බැරි නිසා උඩට ආවා මගෙ පූ පැටව් දෙන්නත් උස්සන්.. හරිම සමයං අනේ මේ දෙන්නගෙත්.. මන් කිව්වෙ මහ උන් දෙන්නගෙ.. මුන් දෙන්නගෙ ලමයි කවද කොයි විදිහට හැදෙයිද දන්නෑ.. අනේහ් දෙයියනේ මගේ ලමයිනම් එහෙම හැදෙන්නෙපා!!

ලමයි හදන්න කලින් මට කෝ අත්තක්.. අයියෝ..

ආදිගෙ කොන්ඩෙ 🌚

ම්ම්ම් ම්ම්ම්ම්ම්....සුදු අයිය එක්ක නම් බෑ නේත අනේ.. පව් අපේ මෝඩාදී..

සුදු අයියෙ උබර් වරදක් කරනවා!!!!!!

අඩෝර්ර්ර්ර්ර්ර්!!!!!!

මගේ හිච්චි ලමයින්ට මම හරි ආදරෙයි අනේ.. මගේ හිම්චි ඉස්ටෝරිය 5K වෙත ලඟා වෙමින් තියෙනවා......ඕයේ ඔජායේ... මේක කියෝන හැම ලමයෙක්ටම මම මගෙ බොcceන්ම ආතරෙයි....

එහෙනම් මම ගිහින් ඊලඟ චැපියෙන් ඉක්කන්ට එන්නාම්ම්ම්ම්ම්ම්ම්ම්

ලියායමි ගැඹුරු තැන්..

ආදරෙයි උතුරම්න...😽❤️

ම්වාඅහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්

(ලොකු හාච්චියක්)

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!