Back
/ 53
Chapter 4

04 කොටස

_නොනිමි_

මට අප්පට සිරි වෙන ජබර නිදි මතක් ඇවිත් මට නින්ද ගිහින් දෙයියනේ කියලා ආයෙ ඇහැරෙනකොට රෑ 10 ට විතර ඇති.. යසයි යසයි බේසික මම ඔහොම නිදා ගත්තම මේ ගෙදරකට වත් හටියනවද මන් අහන්නේ..

මන් නැගිටල ඇඳෙන් ලිස්සල ගිහින් බිමට පතබෑවිල මොකෙද්ද වගේ වැනි වැනි සාලෙට යනකොට හැමතැනම ලයිටුත් ඕෆ් කරල අපෙ අප්පච්චීලා නිදි වගෙයි.. ඒත් පොඩි පුතාගෙ (දෙවෙනි අයියා) කාමරේ විතරක් ලයිට් දාල මේ පොඩි අයියා මලක් කඩනවද කොහෙද.. පොඩී මේ ලඟකදි ඉඳන් සෑහෙන වෙනස් අප්පා.. කෑල්ල දාල ගියාද දන්නෑ..  නෑ නෑ පාඩම් කරනව වෙන්නැති.. ඔව් ඉතින් ඒකට ඒ ලෙවල් නේ.. ඒත් ඉතින් දැම්ම ඉදන් පාඩම් කරන්න ඕනද ඕකට...හැබැයි එයාලට මේ අගෝස්තුම තියෙන කතාවක් අධ්‍යාපනය අමාත්‍යංසෙන් කියලා.. තියයිද දන්නෑ ඉතින්... නෑහ් රජයට එච්චර දෙයක් කරන්න තරම් වත්කමක් නෑ නේ උන් ඊලග අවුරුද්දෙම ලියයි දැන් 2023 උනත් ලියන්නෙත් 2022 ලියන්න ඉදපු උන් නේ...හදිස්සියෙවත් එහෙම තිබ්බොත් අප්පටසිරි වෙනවා මන් දෙ‍සැම්බර් ඕ ලෙවල් කියන්නත් ඕනෙ එතකොට හනේ යකව් මන් දැන් ඉදන් වත් පාඩම් කරන්න ගන්න ඕනේ..!!!

අම්මේ මට බෑ මේවා කරන්න...

මම තිබ්බ යකෙක් කන්න පුලුවන් කුසගින්නට කන්න යමක් හොයන් ගියත් හැමදේම අස් කරලා.. අනේ මට බඩගිනී යකව්ව්ව්ව්ව්ව් මට කන්න දීපාන්න්න්න්න්.. අපේ ගෙදර මිනිස්සුන්ට මට කන්න කියලා නැගිට්ටවන්න බැරි උනානෙ මාව ශැක් අපේ ගෙදර අය ඒ තරම් ආතරෙයි මේ මෝඩ ලමයට

උයපු දේවල් එහෙම අස් පස් කරලා නිසා ඉතින් මන් ෆ්‍රිජ් එකෙන් ක්‍රීම් ක්‍රැකර් බිස්කට් දෙක්කුයි චීස් කෑල්ලකුයි අරන් තව කොත්මලේ එකේ වැනිලා කිරි එකත් අරන් ඒකෙන් ටිකක් කෝප්පෙට දාගෙන ඒකත් සේපෙ බීලා බිස්කට්ටු දෙක කකා කාමරේටම ගිහින් ඒක ඉවරවෙන්න කාල පුප උඩ දාන් ආයෙත් නිදා ගන්න ගියත් නිදි මත නෑ දවල් නිදා ගත්තු නිසා මන් පැය ගානක් නිදා ගත්තනෙ ඉතින්... කෝමහරි ෆෝන් එක හොයාගෙන මම එකේ වස්සැප් එකට ගීන් බලනකොට මැසේජ් දෙක තුනක් තිබ්බා ඔව්වා බල බල මේ මහ රෑ මට රිප්ලයි කර කර ඉන්න බෑ මුන් හිතයි මන් මල් කඩන ගමන් රිප්ලයි කරනවා කියලා අනේ මන් කඩන මල මුන්ට කියන්නෑ..

එහෙම්මම වට්සැප් එකෙන් අයින් වෙලා ඊට පස්සෙ ඉතින් මන් ටිට්ටොක් එකට ගිහින් උඩ පල්ලෙහා යනකොට ආයෙම මට ඇස් දෙක බරවීගෙන පියවෙන්න ගත්තා පොඩි චූ බරකුත් තිබ්බා ආයෙ චූ දාන්න යන්න කම්මැලි නිසා ෆෝන් එක එහෙම්මම තියල මන් හායි ගාලා දපනෙ දාලා නිදිය ගත්තා..

ආදරෙත් පිවිතුරු ඇති ඇත්තටම ආදරේ තියෙන අයට මන් කොල්ලෙක් උනා නම් මට ලස්සන කෙල්ලෙක් ඉදී ඒත් මම කෙල්ලෙක් නේ මගේ ඉතින් මේ කොලු ගතියට කොල්ලො කැමති නෑ නේ මන් දඟයි ලූ හුඟාක් දඟයි ලූ මන් මක් කරන්නද ඉතින් මට ඉන්නෙත් අයියල දෙන්නෙක් නේ එතකොට මන් පුංචි කාලෙ ඉදන්ම හැදුනෙ වැඩුනෙ උන් එක්ක උන් කරන බේසික වැඩ මම ඊට එහා කොරලා තියෙනවලූ ඒ දවස් වල අම්මා මට කියල තියෙනවා...මන් දවසක් පොඩි කාලෙ අම්මගෙ රතු පාට බෙහෙත් වගයක් මේසෙ තියෙනව දැකලා මේසෙට නැගලා ඒ රතු පාට බෙහෙත් පෙති ඔක්කොම සූප්පු කරලා ඒවා පැණි රස නිසා වෙන්නැති ඉතිම් මම සූප්පු කරන්න ඇත්තේ ඒකෙන් මට අවුලක් නම් උනේ නෑ ඒත් මගේ හෝමෝන වෙනස් වෙලාද දන්නෑ මන් දැන් මේ කොල්ලෙක් වගේ ඉන්නේ

අපේ අම්මා ශ්‍රියානි සිල්වා.. අම්මා ටිකක් කොට (අඩි 5ක්) සුදුම සුදු චුට්ටක් මහත හරි ලස්සන වගේම අම්මා හරිම ආදරනීය කාන්තාවක්.. ඒ වගේම හරිම ජව සම්පන්න කිසි දේකට බය නැති කෙනෙක්. මන් අම්මගෙ ප'සනැලිටි එකට මාර කැමතී ඒ වගේම අම්මගෙ පිවිතුරු ලස්සන ආදරේට මන් හෙනම ලෝබයි ඒත් මන් ඒ ආදරේ,ඒ ලස්සන බළල් ඇස්, ඒ මූණ, ඒ කටහඬ කවද අහන්නද, කවද දකින්නද.. ආයෙ කවද විදින්නද මන් ඒ ආදරේ.. මන් කොල්ලෙක් නම් මගේ කෙල්ලගෙන් මට අම්මගෙ වගේ ආදරයක් ලබා ගන්න තිබ්බා ඒත් කොල්ලෙක් කෝමද අම්මෙක් වගේ ආදරේ කරන්නෙ එයා මට තවත් තාත්තෙක් වෙයි මට මට අප්පච්චි ඉන්නවා අයියලා දෙන්නා ඉන්නවා ලොකු අයියත් මට වඩා අවුරුදු හතක් වැඩිමල් එයා දෙදාහෙ පොඩි අයියා දෙදාස් හතරෙ මන් දෙදාස් හතේ.. ගෙදර බඩ පිස්සි හැටියට ඇත්තටම මන් පිස්සු නැටුවා ඒත් අප්පච්චි මට ටිකක් ආදරේ මදි වගේ.. එයා හුඟාක් සැරයි.. ඒත් මන් අප්පච්චිට හුඟාක් ආදරෙයි

මගෙ ඔලුව රිදෙනවා මට ආසයි ආයෙත් අම්මා ලඟට වෙලා අම්මා එක්ක කියෝ කියෝ ඉන්න මන් එක අතකින් තාම හුඟක් පුංචි ලමයෙක් මට තාම අවුරුදු දාසයයි අවුරුදු දාසයකට තමන්ට හැමදේම තනියෙන් කරගන්න අමාරුයි කෙල්ලෙක්ට අම්මා ලඟම ඉන්න ඕන කාලෙ අම්මා මන් ලඟ නෑ ඇත්තටම දාසය කියන්නේ නිදන් හිටියත් ප්‍රශ්න වැටෙන කාලයක් මට අම්මව හැම දේකටම ඕනෙ වෙනවා... ආයෙ අම්මගෙ තුරුලට වෙලා ඉන්න තිබ්බනම්... දැනටත් මට අම්මා ලඟින් ඒ ආපු සුවඳ මතකයි... මන් ජීවිතේ වැඩිම කාලයක් ගත කල්ලා ඇත්තෙ මගෙ අම්මා එක්ක අම්මා මට, අප්පච්චිට, අයියල දෙන්නට හරි ආදරෙයි එදා අම්මා මගෙ අත් දෙක උඩම නැති උන එක මට හරු වදකාරී හැඟීමක් විදිහට දැනෙනවා 'අනේ ආයෙ අම්මා ලඟ ඉන්න තිබ්බා නම්' කියන පීඩාකාරී හැඟීම මගේ ඔලුව හැමතැනම කැරකෙනවා අම්මා නැතුව මන් මැරුන නම්... අම්මව හැමෝටම ඕනේ අප්පච්චිට, අයියලට... අම්මව ඕනේ මාව.. මාව වැඩක් තියෙන්නේ, මාව ගනන් ගත්තේ, මට ඇහුම් කන් දුන්නේ, මාව පිලිගත්තේ, මන් එක්ක මන් ඉස්සරහට තිබ්බ හැම අඩියක් ගානෙම පිටිපස්සෙන් හිටියේ මගේ අම්මා...

'ම්ම්ම්ම් අනේ අයිස් ක්‍රීම් මාර රහයි අනේ තව එකක් කන්න තිබ්බා නම්ම්ම් ඈහ්හ්හ් මටත් ඒ බෝනික්කෙක් ඕනේ අන්න යකොව් අලියෙක් ඒත් හැයියෝ මට ටිකක් චූ බරයිත් වගේ වොශෲම් යන්න ඕනෙ ඉක්මනට දුවපාන්න්න් ආදිත්‍යා.. *හූඌහ්හ්හ්හ්* අම්නේ මෙච්චර වෙලා බර තද කරන් නෙ හිටියෙ ඒත් ඇයි මේ මාව ටික ටික තෙත් වෙන්නේ...

"අම්මට හ්ම්ම්ක්ක්..!!!"

මදැයි යකඩෝ මේ මොන වස විලි ලැජ්ජාවක්ත හට්ටික්කේ මන් ඇඟේ චූ දාගෙන නේද සිකේ අවුරුදු දාසයක කෙල්ලෙක් ඇඟේ මෙහෙම චූ කරගන්න සිරිතක් තියෙනවද..වස විලි නෝන්ඩි හැත්තෑවයි දසම අනූ පහයි හම්මට යන්තම් ඇඳේ නෑ හොඳ වෙලාවට පොරවන් හිටිය රෙද්ද කකුල් දෙක අස්සෙ ගහගත්තේ..

අර යක්ඛ පුත්තු එහෙම දැක්කනම් නෝන්ඩි එකසිය විසි එකයි උන් මට පුපෙන් හිනාවෙයි පුපෙන්...

සැක් හි#න එකේ උපරිමේටම හි#නව කියන්නෙ මේකනෙ ඉතින්.. මටම වෙනවනෙ අම්මපා..

මට මාර නිදි මතයි අනේ අද දවසෙම හෙනට වැඩ පුංචි සූ බරකුත් තියෙනවා ආදිට වගේ මටත් චූ යයිද දන්නෑ නේ...

එක්කෝ රෑට චූ දාලම නිදා ගන්නෝනෙ 😪 ඔයාලත් සෑට චූ දාල නිදාගන්න සමායී උදේ වෙනකොට නැත්තන් සූ යයි උබර්ලට

Minchi_Chamz

ආමදරෙයි උතුරන්ට 😽❤️

~චරිත හැඳින්වීම~

මෙතුකි දිහන්සා ජයසිංහ

ආදිත්‍යාගේ හොඳම යෙහෙලිය වූ අතර එම පාසලේම ඉගෙනුම ලබයි... කරුණාවන්ත හදවතක් ඇති අයෙක් වන අතර ආදිත්‍යාගේ තොරතුරු දන්නා තෙවෙනි කෙනා මෙතුකි විය.

Share This Chapter