Back
/ 53
Chapter 40

40 කොටස

_නොනිමි_

"අනේ ලොකු අයියෙ මම තරහයි අප්පා.."

මම හිටියෙ මට බයික් එකක් අරන් දෙන්න කියලා අපේ ලොකු අයියට පැහැදිලි කරන ගමන්.. මට බයික් එකක් අත්‍යවශ්‍යයිනෙ අනේ.. මන් ලඟ මේ දවස් වල සල්ලි ඉල්ලෙ.. ඒ නිසා මට මෙයාලා බයික් එකක් අරන් දෙන්න දැනගන්න ඕන..

"ඒ මොකද තරහ.."

"අනේ මට බයික් එකක් ඕනෙමයි.. මම කිව්වනෙ කලින් ඉඳන්ම.."

"දැන් චූටි ඔයා බයික් එකක් ඉල්ලන්නෙ ලයිසන් වත් තියෙනවද.."

"ලයිසන් නැති උනාට ඒක සතියෙන් හදාගන්න පුලුවන්නෙ අනේ ඔවාලා නිසා.. මට අරන් දෙනවකො බයික් එකක්.."

"නෑ නෑ චූටි!! ලයිසන් එක ගන්නවනම් හරි විදිහට ගන්න ඕන.. ඉස්සල්ලා ඒලෙවල් ලියලා ඉන්නකො දැන් හෙට ඒ ලෙවල් කියලා මේ ලමයට ගානක් නැති හැටි.."

"අනේ අයියා මම පාඩම් කරලා ඉන්නේ.. බලන්නකො අක්කේ මේකා එක්ක බෑනෙ.. ගෝතයා.."

"මොනාද ආදි කියවන්නෙ.. මම දැන් ටොක්කක් අනිනව උබට.."

"හැඤේ මහ ලොකු ඉන්ජිනේරුවට මම බයවෙයි.. පිත්තෙන් ගහන්නෙ ඔලුවට.. මට බයික් එකක් අරන් දෙන්න එච්චරයි!!!"

"දැන් කාර් එකක් ඕන කියලා ඒකකුත් අරන් දුන්නා.. තාම ඒක පදින්නත් බෑ නෙ.. දැන් බයික් එකක් අරන් අඬු කඩා ගන්නද හදන්නෙ.."

ඒ සැරේ නම් මගේ මූණත් නාලු වෙලා ගියා.. කාර් එක මට පදින්න පුලුවන් ලයිසන් නැති එකනෙ කේස් එක.. ඉදපන්කො ලයිසන් අරන් ඔක්කොන්ටම ඇඬෙන්න මන් කාර් එක ඩ්‍රයිව් කරන්නේ..

"අනේ සෙද්ධ.. හරි මේ අගෝස්තු නෙ.. මට මගෙ බර්ත්ඩේ එක වෙනකොට ලයිසන් එක අරන් දෙනවකො මාස තුනම ඕන්නෑනෙ.."

"හ්ම් හ්ම් බලමු.. දැන් හෙට ඕන දේවල් හරිද.. අද ඉක්මනට නිදා ගන්න හොඳේ.. දැන් අක්කා තව ටිකකින් උයයි.. කාල බීලා නිදාගන්න.. ඒ ලෙවල් ඉවර උනාම අපි ලයිසන් ගමු හොඳද.."

"ම්ම්.."

මම එහෙම කියලා හිමීට උඩට නැගගෙන ආවා.. අනේ මට බයික් එකක් ඕන... ඒ ලෙවල් ඉවර වෙලා ට්‍රිප් එකක් යන්නත් ඕන..

මම මෙතාට කෝල් එකක් අරගෙන ඇඳේ පෙරලුනා..

"හ-"

"ඔබ ඇමතූ දුරකතන අංකය බාවිතා කරන එකාට හි#ලා තියෙන බැවින් කරුණාකර ඉක්මනට කියම්න..

ඉන්බෙයි වා අන්බෙයි වා ඕරේ වා පු පු වා..

ද නම්බර් යු ආර් කෝ-"

"ප#යො"

"කියන්න සත්තලං"

"ඒ උබ දෙමලෙන් කිව්වෙ සිංදුවක් නේ.."

"අඩෝ වෙන්නැති බන් කටට ආපු එක මන් කිව්වෙ.. දෙමල ගැන මගෙන් අහන්නෙපා නවයෙදිත් මට ලකුණු තුනයි තිබ්බෙ උබට මතකනෙ.."

"අනේ හිකේ.. මේ ඕයි අහපන්කෝ.. දැන් උබ හොඳට පාඩම් කල්ලා නේද ඉන්නෙ.."

"ආයෙත් අහලා කොමස් වලින් කොලඹින් එක වෙනවා..හීනෙන්!"

"අනේ ගෝතයා.. දැන් උබලට කවද්ද බන් තියෙන්නෙ.. අපිට හෙට පටන් ගන්නවනෙ.."

"අපිට තියෙන්නෙ ටිකක් පහු වෙලානෙ බන්.. උබලට අනේ හෙට නේත.. හොඳට ලියපන් මයෙ අම්මා.. උබ ඉතින් ඒ තුන දානව කියල මට ෂුවර් නිසා අවුලක් නෑ..දෙයියන්ගෙම පිහිටයි උබට.. දන්නැති දෙයක් එහෙම තියෙනවනම් මගෙන් අහපන් මචන්.. නෝ ප්‍රොබ්ස් අයි නොව් එනිතින් එව්රිතින්.."

"හරි එහෙනම් කියපන්-"

"අඩෝ අඩෝ එහෙම කරන්නෙපා බන් මම පව් නෙ.."

"අන්න අන්න දැක්කනෙ.. කොහොමද ප#යගෙ කතාව නම්.."

"හරි බන් මන් මේ බී එස් උයි එකවුන්ටිනුයි ඉකෝන් උයි කරන අසරණ ලමයා.. ඕන්නම් මචන් මගෙන් අහපන් බී එස් වලින්.."

"මම දන්නෑ ඕයි.. දහයෙ එකොලහේ කොමස් විතරනෙ මන් දන්නෙ.."

"අන්න දැක්කනෙ.. උබ ගෝතයා..යකෝ මේවා ගැන දැනන් ඉඳපන් පොඩ්ඩක්"

"යැයි තමා.."

"හරි අඩෝ මේ මම තියන්නද.. උබ හොඳට ලියනව කියල දන්නවනෙ.. කෝමත් හොඳට ලියලා අයිලන්ඩ් රෑන්ක් එකක් දාපන් සුදු නෝනා..ආතරෙයි ම්වාහ්.. ටටා.."

"බායි බායි පාඩම් කරපන්.."

"එලේල"

*බීප් බීප් බීප්*

ඌ කොහොම හරි ගොඩ දා ගත්තොත් හොඳයි ඉතින්..

අයිලන්ඩ් රෑන්ක් දාන්න.. හහ්.. මඤඤංද කොහෙද උට..

මම ඇඳේ පෙරලි පෙරලි ඉඳලා හරියට පෑන් පැන්සල් ටික හදාගෙන හිටියා.. හෙට තියෙන්නෙ පියෝ පේපරේ නේ.. ඒකට ලකුණු එක විදිහ එක මඤ්ඤං යකෝ.. පේපරේ පැය තුනයි.. ඒකෙත් කොටස් දෙයක් පලවෙනි එකේ ප්‍රශ්න දහයක් තියෙනවා ඒකට දෙසිය පනහයි.. දෙවෙනි එකේ එකකට ලකුණු එකසිය පනහ ගානෙ ප්‍රශ්න දහයයි ඒකෙන් පහක් කරන්න ඕනෙ එතකොට ඒකට ලකුණු හත්සිය පනහයි.. ඒ දෙක එකතු උනාම දාහයි.. පියෝ එකට දාහයි.. ඇප්ලයිඩ් එකට දාහයි.. දෙදාහයි.. ඒක විස්සෙන් බෙදලා ලකුණු දෙනවා.. හරි මාන්දමිකයි අනේ..බයත් හිතෙනව ඕයි දැන්නම්..

"චූටි.. චූටි නංගී.. කන්න එන්න..."

"ඕ එනෝ.."

අපේ වෙත්මි අක්කා බෙරිහන් දෙන්න ගත්තු නිසා මම කාමරෙන් ඇවිත් පඩිපෙල බැහැගෙන ගියා.. අනේ අද බිරියානි හදලා..

මම කාලා බීලා අයියටයි අක්කටයි කියලා ආයෙ උඩට ගිහින් දත් මැදලා වොශ් දාලා කාමරේට ඇවිත් ඇඳුමක් දාගෙන ඇඳේ හාන්සි උනා..

මේ දවස් වල පොඩී ටූනමන්ට් එකකට ගිහින් නේ.. අද රෑ එනවා කිව්වේ.. සුදු අයියා ගෙදර.. එයාට ඔලිම්පික් වලට තියෙන්නෙ තව අවුරුදු දෙකයි.. එයා පුදුම විදිහට මහන්සි වෙනවා.. විසි අටේදි එයත් ඔලිම්පික් යයි..

*Incoming voice call from Sudu ayya 🙈*

මතක් කලා විතරයි..

"හැලෝ"

"හලෝ චුට්ටෝ.."

"කෝමද කෝමද ඒයි"

"මම හොඳින් චූටියො.. ඔයාට කොහොමද.. විභාගෙට දැන් ලෑස්තී නේද්.."

"හැව් හැව්.. ලෑස්තී.."

"ම්ම් ම්ම් හොඳට ලියන්න ඕන හරිද.. "

"ම්ම් හරේ.."

"හරි චූටි දැන් නිදාගන්න..බුදුසරණයි.."

"එසෙම වේවා ඒයි.."

*බීප් බීප් බීප්*

මම ෆෝන් එක පැත්තකින් තියලා කොට්ටයක් කකුල් දෙක අස්සෙ ගහන් තව කොට්ටයක් බදාගෙන තව කොට්ටයක් ඔලුවට තියන් නිදාගන්න ලෑස්ති උනා.. හෙට ඒලෙවල් හත්වලාමේ!!!

රෑ මට මැරිලා වගේ නින්ද ගියා..උදේ මම ඇහැරිලා වැනි වැනි පඩිපෙල බැහැලා ගිහින් සෝෆා එකට වැටුනා.. පොඩි අයියා නෑ නේ.. වෙත්මි අක්කා කුසියෙ බරටම වැඩ.. ලොකු අයියා උදේ පාන්දර ටීවී බලනවා.. මම සෝෆා එකෙත් පොඩ්ඩක් වෙලා නිදාගෙන ආයෙම උඩට ගිහින් දත් මැදලා වොශ් දාලා කාමරේට ගිහින් අඳින්න පටන් ගත්තා.. ගවුම ඇඳලා ටයි එක දාලා කොන්ඩෙ පොඩ්ඩක් හදාගෙන මම මේස් දෙක දාලා සපත්තු දෙකත් දාගෙන බෑග් එක අරන් ෆෝන් එකත් අතට අරන් පහලට ගියා..

පහලට යනකොට මාව දැකලා ලොකු අයියා බකස් ගාල හිනා වෙන්න ගත්තා.. මොකද ඩෝ හිනා වෙන්නේ..

"මොකත ඔවා"

"ඔය සපත්තු දෙක බලහන්කො පොඩ්ඩක්.."

මම ඒත් එක්කම මගෙ සපත්තු දෙකට මොකද්ද උනේ කියන්න පහල බැලුවා.. ආ හු#නවනේ.. හරි හරි ඉතින් මිනිස්සුන්ටනෙ වැරදෙන්නේ.. මම සපත්තු දෙක ගලෝලා ආයෙම වම් සපත්තුව වමට දාගෙන දකුණු සපත්තුව දකුණු කකුලට දා ගත්තා.. රෙද්ධ තමා..

"දැන් හරි දැක්කනෙ.."

එතකොටම වෙත්මි අක්කා මගෙ කෝප්පෙයි ප්ලේට් එකක පාන් ටිකකුයි තියන් තව බෝල් එකකුත් සයිඩ් එකෙන් තියාගෙන මගේ පැත්තට ආවා..

"ඔන්න ෆෘට් ලූප්ස් එක තියෙනවා චීස් හැම් සැන්ඩ්විච් තියෙනවා, ඔයාගෙ මෝකා එක තියෙනවා.."

"හානා තෑන්ක්ස් මෙයා.. ලව් යූ අනේ.."

මම කෑම මේසෙන් ඉඳගෙන ෆෝන් එකේ වට්සැප් එකට ගියා.. හම්මේ හෙන ලොට් එකක් ගුඩ් ලක් කියල දාලනෙ යකෝ.. මම ඔය ඔක්කොටම කලින් සුදු අයියා දාල තිබුන මැසේජ් එක බැලුවා..

"Best of luck chuttaa.. sihi kalpanawen liyanna harida.. ayya adarei.."

මම ඉතින් එයාට රිප්ලයි එකකුත් යැව්වා..

"Hari ayye.. thankss..."

"ආ නංගේ.............."

මම එක පාරටම කවුද මේ කෑ ගහන්නෙ කියල බලන්න උඩ බැලුවා..

හනේ පොඩි පුතා ඇවිත්...

මන් උඩට දුවගෙන ගිහින් උගේ ඇඟේ එල්ලුනා.. මේ ගෙදෙට්ට ලිෆ්ට් එකක් හයි කර ගන්න බැරි වෙයිද දන්නෑ.. තව ටිකෙන් පඩිපෙලෙන් වැටිලා මැරිලා යනවා..

"හනේ ඔවා මට චොකලට් ගෙනාවත මෝ- පොඩි අයියේ..."

"ඔ ඕ අන්න ෆ්‍රිජ් එකේ.."

"එල.."

මන් ඌව අතෑරලා ෆ්‍රිජ් එක ගාවට ආයෙම දුවගෙන ගියා.. පොඩි අයියා ඉනටත් අත් දෙක තියන් මන් දිහා බලන් හිටියෙ හරියට 'මට වඩා චොකලට් ලොකුද අඩෝ' වගේ..

මම ඉතින් එයා ගෙනත් තිබ්බ කිට් කැට් චොක්ලට් දෙක තුනක්ම අතට අරන් කන්න ගත්තා.. ඔවාට වඩා චොකලට් ලොකුයි තමා හලෝ..

"අඩෝ වයි බන්"

"මේ අනේ මාව ඉස්කෝලෙට ගිහින් දාන්නකො හලෝලා.."

"ආ යන් යන්.. උබට ඒවට තමා අපිව ඕන.."

"ඔව් ඉතින් මන් ඔයාලට තොත්තු දීලා වටයක් කරකවලා ගන්නද නැත්තන්.. එව්වට ඔයාල දෙන්නටම ඉන්නවනෙ හලෝ මට නැතත් කට්ටිය.. අනේ ඉතින් මේ යෝධිට කාගේ සරණක් ලැබේද.."

"අපෝ මේ මෙන්න මෙහෙ වරෙන්.."

මම බුදුන් වැදලා බෑග් එකත් කරේ දාන් එලියට බහිනකොට අපේ වෙම්මි අක්කා මල් දාල වතුර එකක් දුන්නා..

"මේ.. මේ මල් වල තියෙන කිරි එතකොට මේ වතුර එක්ක මිශ්‍ර වෙලාද තියෙන්නේ.. මට මල් කිරි ඇලජිනේ.."

"හනේ චූටි ඕක බීල පලයන් බන්.."

"හරි හරි ඉතින් කියනවනම් බොන්නම්.."

මම වතුර එක බිව්වම වෙම්මි අක්කා මාව බදාගෙන මට උම්මා එකක් දීලා හොඳට ලියන්න කිව්වා.. ඊට පස්සෙ අපෙ ලොකු අයියත් ඇවිත් මාව බදාගෙන හොඳින් ලියපාන් නැත්තන් ගෙදර එන්නෙපා කියලා පිටට දෙක තුනක් තඩිබෑවා.. හරි නරකයි අනේ.. ඊට පස්සෙ පොඩි අයියත් මට කාර් එකේ දොර ඇරලා වඩින්න කිව්වම මන් ගිහින් ඉඳගත්තා.. ඕව් යෑස්.. මම අද ඒලෙවල් ලියනවා හු#තෝ..

විනාඩි පහලවකින් විතර අපි ඉස්කෝලෙ ගාවට ආවම පොඩි අයියා මාව බදාගෙන හොඳට ලියල එන්න කිව්වා..මම ඉස්කෝලෙ ඇතුල්ට ගිහින් තුශිනිව හොයාගෙන ඒකි එක්ක කියෝ කියෝ හිටියා.. තුශිනිගෙ ඉන්ඩෙක්ස් නම්බර් එකයි මගෙ ඉන්ඩෙක්ස් නම්බර් එකයි දෙකම එකම ලඟ ඒවා.. ටික වෙලාවකින් අපිව එක්සෑම් හෝල් වලට අරන් ගියා.. අනේ හත්තික්කේ තුශිනි මගෙ එහා පැත්තේ.. දහය වසරෙ ඉදන් මේකි එක්ක එහා පැත්තෙමයි හිටියේ..

"අනේ සුඩු මාට්ටියා මයෙ එහාපැත්තේ.."

"අඩෝ ගැම්මක් නේත.. මේ උබට බැරි දෙයක් තියෙනව නම් මගෙන් අහපන්.. මට බැරි දෙයක් තිබ්බොත් මහ පගයා වෙන්නැතුව කියපන් සත්තලනේ.."

"හරි හනේ.."

අපි ටිකක් වෙලා කියෝ කියෝ ඉන්නකොට මිස්ලා තුන් දෙනෙක් පේපර්ස් අරන් ආවා.. අනේ හත්තික්කේ..

මිස්ලා අපිට පේපර් බෙදලා දීලා අපි ලියන්න පටන් ගත්තා.. පේපරේ දැක්ක ගමන් මගෙ ඇස් නම් අභ්‍යාවකාස ගත උනා.. මේ මොනාද හු#තො මේ..

ඒත් ටිකක් වෙලා බලන් යද්දි ඒ දැක්ක පස්සෙ ඉතා සරල පස්නයක් උනා.. මම ඉතින් පුලුවන් උපරිමේටම පේපරේ ලිව්වා.. තුශිනි දිවත් හපන් පේපරේ ලියනවා.. ඒකිට මොකක් හරි අවුලක් වෙලා මගෙ දිහා බලලා ඇහුවා ඒත් එතනට එක පාරටම මිස් කෙනෙක් ආවනෙ.. කොහොම හරි පැය තුනක්ම පේපරේ ලියලා දෙයියනේ කියලා එලියට ආවා.. පියෝ එක ඇත්තටම ලේසී! ඇප්ලයිඩ් එකට මක් වෙයිද දන්නෑ.. ඒක අනිද්දනේ..

"අඩෝ ලිව්වා හු#තෝ.. ඒත් අඩෝ අර ගාන හැදුවෙ නෑ බන්.."

"මොන එකද.."

"අර ෆස්ට් එකේ අට බන්.."

"ආ අඩෝ මතක නෑ බන්.."

"ඉහික්.. මේ කමු බන් බඩගිනී.."

"ආ කමු කමු.."

අපි දෙන්නා ඊට පස්සෙ එයා ගෙනාපු නූඩ්ලස් එකයි මම ගෙනියපු චීස් සැන්ඩ්විච් උයි කාලා එයා ගෙදර යනව කියලා ගියා.. මම අයියල කවුරු හරි එනකන් බලන් හිටියා.. ඒත් එක්කම අපේ පොඩි අයියා ආවා.. අපෙ පොඩි අයියට තියෙන්නෙ නිල් පාට බෙන්ස් එකක්.. සුදු අයියට තියෙන්නෙ සුදු පාට බෙන්ස් එකක්.. ගැම්මක් නේත..

"හායි ඒයි.."

"හායි හායි.. කොහොමද.. ලේ‍සිද.."

"ඕ අවුලක් නෑ ලිව්වා.."

"ම්ම් ම්ම් මොනා හරි කනවද.."

"ම්ම් ෆැබ් එකෙන් ගමු.."

අපේ ඉස්කෝලෙ එහා පැත්තෙ ටාකො බෙල් එක.. ඒකට පොඩ්ඩක් එහායින් ඩෙවෝන් එක තියෙනවා ආයෙ ටිකක් එහායින් ෆැබ් එක තියෙනවා.. ඉස්කෝලෙ ඉස්සරහ ජාවා ලෝන්ජ් එක ඒකට පොඩ්ඩක් එහායින් කෙෆ්සි එක හරිම අගේයි.. ඊට ටිකාක් එහායින් මැක් එක තිබ්බා.. කොහෙද එව්ව දැන් කැලේ..

"ආ නෑ ඒයි මේ.. කොහුවල තියෙන බර්ලීස් එකෙන් කෝන් ඩෝග් ඕනෙ.."

"ආ හාකො.."

අපි දෙන්නා ඉතින් කොහුවලට ඇවිත් කොහුවල තියෙන බර්ලීස් එකට ගිහින් කෝන් ඩෝග් දෙකකුයි, බ්ලූබෙරි මොහිටෝ දෙකකුයි හනී ග්ලේස්ඩ් චිකන් සබ්මැරීන් දෙකකුයි අරන් කාලා ආවා..

දැන් ඉතින් ආයෙත් පාඩම් කරන්න එපැයි.. පුෆ්ෆ්ෆ්ෆ්...

හායි මගේ ලමයිනේ...

ඉතින් ඔවාලට කොහොමත..

ඒ ලෙවල් පලවෙනි පේපරේ ලිව්ව යකෝ!!!

ආදි මහ පගා වගේ බයික් එකක් ඉල්ලලා කොහොමද ඇනගත්තොත්..

සිතූ කෝ කියලා අහල තියෙන ලමයි වෙත,

සිතූ ඇති අනේ කොහෙ හරි.. ඔවාලා තවත් සහන ඉදිරියේදි බලාපොරොත්තු වෙන්න.. හැබැයි මෙහෙමයි.. ආදි දැන් ඉන්නෙ සිතූ එක්ක කේන්තියෙන්.. මොකද කිසිම වරදක් නැතුවනෙ සිතූ ආදිව දාල ගියේ..ආදි ඇත්තෙන්ම දන්නෑ සිතුමිණී ඉන්නෙ කොහෙද කියන්නවත්..ඒත් සමහර වෙලාවට ආදිටත් දුකයි.. එයාට මතක් වෙනවා..

අනේ මට බයික් එකක් අරන් දීපාන්න්න්න්න්ම්න්න්

ආදි - "අයියෙ මේ වගේ බයික් එකක්.."

රෙශාන් - "ඔව් උම්බට දැන් ඒක තමා අඩු.."

යන්නම් මගෙ ලමයිනේ.. මන් උතුරම්න ආතරෙයි 😽❤️

Share This Chapter