Back
/ 53
Chapter 42

42 කොටස

_නොනිමි_

"අවදි වන්න අවදි වන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ.."

"ටට්ට ටටරටා"

"හිතනවාටවඩා සොඳුරු විනෝදබර ලෝකෙක අපි ජීවත් වෙන්නේ.."

අයියෝ උදේ පාන්දර බෙරිහන් දෙනවනෙ ඉතින්... පාඩුවෙ නිදා ගන්න දෙන්නෙත් නෑ රෙද්ද.. දවස් දෙකක්ම හොස්පිටල් ඉදලා ඊයෙ හවස ගෙදර ආපු මට නේද ශයියෝ මේ වද දෙන්නෙ..

"ආදී.. නැගිටින්නෝ.."

"බ්වෑහ්හ්හ්..."

"අඩෝ ආදියා නැගිටපාන්න්න්.. මේ දෝණි කතා කරනව උබර්ට.."

"ම්හ්ක් මොන රෙද්දක් ද අනේ නිදි ම-සිතූ.."

මම එක පාරට උඩ ගිහින් ඇහැරුනා.. මෙන්න මෙයත් ඇවිල්ලනෙ හත්තික්කෙ..

"ගුඩ් මෝනින්"

"මෝනින් කොයි වෙලාවෙද ආවෙ.."

"දැන් ටිකක් වෙලා.. ආ- නෑ මන් ආවෙ හතට විතර.."

"ආ දැන් වෙල්- අහ් අටයි කාලයි.."

"ම්ම් ම්ම් දැන් අතට කොහොමද"

"අවුල-"

"අනේ හු#ත මාවත් ගනන් ගනිම්කො.. සැහ් තර්ඩ් වීල් වෙන්න උනානේ.."

මෙතා ඉනට අත් දෙක තියන් බලන් ඉඳලා ඉඳලා බැරිම තැන වක්කඩේ ඇරියා.. ඉතින් මූ යෑ මයෙ ගෑනි.. මයෙ ගෑනෙ මේ ඉන්නේ..හරිම කතා තමා මෙයත් කියන්නේ.. මල සමයං බෝල සබං..

"උබව ගනන් ගන්නෑ උබ සත දෙකක් වටී ඕන්නම්.."

"අන්න අක්කෙ දැක්කද කිව්ව අවලං කතාව.. මුට මුගෙ පිත්තෙන්ම ටෑං ගාල ඔලුවට දුන්න නම් හරි.."

"ආ ගහපං බලන්න දෙකට නවලා අ- නෑ- මේ- මං කිව්වෙ දෙකට නවලා ගුලි කල්ලා උඩ දාලා මන් ගහනවා.. මේ- බැට් එකෙන්.."

"අනේ උබට්ට...සහගහපන්.. මන් යනවා උබලෑ පොඩි අයියා හොයන්.. එයා තමා මගෙ ලව් එක.. උබට බනින්න ඕන නෙ..අවිශ් අයියේ!!!!!!!!!"

මෙතා එහෙම කියාගෙන දොර ඇරගෙන ඒක ආයෙම වහන් එලියට ගියා.. මමයි සිතුයි විතරයි දැන් කාමරේ.. මම එයා දිහා බලන් ඉන්නකොට එදා එයා මට කිව්ව දේවල් මගෙ ඔලුවෙ මැවි මැවි පෙනුනා.. එයා කිව්ව විදිහට එයාලා දැන් බොරලැස්ගමුවේ ඉන්නේ.. අපි ඉන්නෙ ඉතින් බෝකුන්දර නෙ.. හුඟක් ලඟයි එයාල දැන් අපිට..එයාලා මෙහෙ ආවත් හරි මම තාම නෙතුමිණීව නම් දැක්කෙ නෑ..එයාට ටිකක් අසනීප වෙලා එක පාරට ක්ලයිමේට් වෙනස් වෙච්ච නිසා..

සිතූ මගෙ නලලටත් අත තියලා උන බලලා ඔලුව අතගාන්න ගත්තා.. ඊට පස්සෙ හිමීට මගෙ නලලින් තෙත හාද්දක් තිබ්බා.. දැන් අපි පුංචි මත් නෑ හැබැයි!!!මම සිතූගෙ ඇස් දිහා එක එල්ලෙම බලන් හිටියා..

ඒත් එක්කම මම දැක්කා දොරේ හැන්ඩ්ල් එක පහලට යනවා..

"අනේ සුදු මහත්තයා................."

අවී කෙලගෙන දුවන් ඇවිත් මගෙ ඇඟට බොහ් ගාල පැන්න පාර මන් ඒකිව දෝත බදලම අල්ල ගත්තා.. අසහනේ මූට හොඳටම.. සැහ්.. කෙල්ල ඉන්න තැන කරන එව්වනෙ මේ.. මූත් එදා හිටියනේ මන් අතට හානි සිදු කරගත්ත වෙලේ.. අදත් ඇවිත් මෝඩ පගයා.. අනේ මට සිතූ එක්ක තනියෙන් ඉන්න දෙන්නෙම නෑ නෙ මේ පග්ගු..

"එහාට පලයන් භල්ලෝ.. ආව් මගෙ අත.."

"අනේ සමාවෙන්න රත්තරනේ.. ආ අක්කේ.. ස්වොරි ඒයි.. මෙයා ඔයා හිටිය නැති කාලෙ මගෙ උනා.. මම මෙයාට තොත්තු දීලා බලාගත්තේ.."

සිතූ හෙන්න හයියෙන් හිනා වෙලා මන් දිහා බලලා මට ඇහැක් ගැහුවා.. මේකි හැදිලා හොඳ ගාන්ට..

"බොරු කියන්නැතුව පල පගෝ.."

"අනේ මේ මෙයැයි මේ මර්සි දාන්නේ.. මාත් එක්ක හෙන උර්තල් උන විදිහ අක්කා දන්නෑ නෙ..උර්තාල්ල්ල්"

මම අවිත්‍යා කියන දේවල් දිහා දෑස අයාගෙන ඇඟිලි හපාගෙන බලන් හිටියා.. අවී හෙන්න සතුටින් වගේ කිව්වට උගේ මූනෙන් හොඳටම පේනවා ඌ දුකින් ඉන්න බව.. නංගි මුට අකමැති වෙයිද ඉතින්.. ඒත් උට කිසි ගානක් තිබුන්නැහැ නෙතූ නැති කාලෙ.. මට නම් මඤ්ඤං වගේ..

"එහාට පලයන් මට වොශ් දාගන්න ඕන.."

"අනේ රත්තරනේ උබ ආයෙ පග වැඩ එහෙම කරගන්න එපා හරිද.. මේ හිතට හරි වේදනයි.."

මම අවී දිහා රවලා බලලා සිතූ දිහත් රවලා බැලුවා.. ගුලියක් වත් කාලද මේ කෙකර බාන්නෙ මෝඩ කිකිළි..

මම ටවල් එකයි ශෝටකුයි ශර්ට් එකකුයි අරන් වොශෲම් එකට ගිහින් දොර වහගත්තා.. අනේ මට මඤ්ඤං තමා ඇත්තටම.. මම බ්‍රශ් එක අරන් දස්සැට් එකත් මැදලා දෙයියනේ කියලා වොශ් දාන් ආවා.. එනකොට සිතූ කාමරේට වෙලා මගේ පොත් එහෙම බලනවා.. පොතේ මොන ප#ද්ද බලන්නෙ..

මම එහෙම්මම සිතූවත් ඇදගෙන පහලට ගියා.. මෙයාට දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන්න බැහැ.. මාව බ්‍රේක් අප් කලානෙ.. දැන් ඉතින් එතකොට මේ මගේ 'ඉස්සරහට වෙන්න ගර්ල්ෆ්‍රෙන්ඩ්' අපි පහලට යනකොට වෙත්මි අක්කයි සුදු අයියයි ටේබල් එකෙන් හෝ ගාලා කෑම ගෙනත් තියනවා.. මම හැමෝටම ගුඩ් මෝනින්..මෝනිම් කියලා හැමෝත් එක්කම මේසෙන් වාඩි උනා.. නෑ නෑ පුටුවෙන්..

සා වෑව්ව්..

ඒත් ඔක්කොටම කලින් මම අපෙ බෝල ගෙඩීලගෙ කාමරේට ගිහින් ඒ දෙන්නට ගෝට් මිල්ක් ටිකක් බෝල් එකකට දාලා අක්කා එයාලට හදලා දුන්න ශ්‍රෙඩඩ් චිකන් ටික ගිහින් දැම්මා.. එයාලට අපි ස්නැක් එකට දෙන පූස් කෑම එකත් මම එයාලගෙ කෑම දාන බෝල් දෙක තියලා අර මොකද්ද ගැජ්මැටික් එක ප්‍රෙස් කරලා දාලා ඒ දෙන්නට උම්මත් දීලා කන්න ගියා

මම ඉස්සෙල්ලම බෝල් එකට මගේ ෆෘට් ලූප්ස් සීරියල් එකෙන් ටිකක් දාන් කිරිත් දාන් ඒක කෑවා.. ඊට පස්සෙ මේසෙ උඩ තිබ්බ පාන්, චීස්, බටර්, මැයෝ, සලාද කොල, තක්කාලි, ළූණු, හැම්, බිත්තර වලින් ටෝස්ට් කරලා තිබ්බ පාන් පෙති දෙකක් අරන් ඒකට බටර් චූට්ටක් ගාලා මැයෝ දාලා සලාද කොලේකුයි හැම් පෙත්තකුයු චීස් පෙති දෙකකුයි තියන් ලස්සන සැන්ඩ්විච් එකක් හදන් ඒක කෑවා.. පස්සෙ තව පාන් පෙති දෙකක නියුටෙලාත් ගාගෙන කාලා ෆ්‍රිජ් එකෙන් කිරි පැණි රසැති යෝගට් එකකුත් අරන් කාලා හුම්ම ගන්න බැරුව ගිහින් සෝෆා එකට බොහ් ගාලා වැටුනා..

"අනේ අපි ෆිල්ම් එකක් බලමුද අනේ.."

"දැන් අරකට ඇඳුම් ගන්න යන්නැද්ද.."

"ඒකට නම් අනේ දෙකට විතර ගියත් ඇතිනේ.. පහටනෙ පාටිය තියෙන්නේ.. අනික ලොකුවට ඇඳුම් කියලා ගන්න දෙයක් නෑ නේ.. සුදු පාට සර්ට් එකක්නෙ ගන්නෝන.."

"හා හ එහෙනම් බලමුකෝ.. හැබැයි ලමයිනේ ස්නැක්ස් නෑ.. මේ ගෙදර ඉන්න මහ උන් දෙන්නා කාලා.."

වෙත්මි අක්කා ලොකු අයියටයි පොඩි අයියටයි දමාගෙන රවනවා මන් ඉතින් කට පුප තද කරන් බලන් හිටියා..

"මමයි සිතුමිණී අක්කයි ගිහින් අරන් එන්නම්ද.."

හැමෝම නිකන් අමූතු විදිහට මහා වලත්ත බැල්මවල් වලින් අපි දිහා බැලුවා.. අනේ යකෝ පැනි හදේ යන්න නෙවෙයි ස්නැක්ස් ගේන්න යන්නෙ.. හු#ත..

"මොකද ඔවාලා.. උක්කන්න නෙවෙයි ස්නැක්ස් ගේන්න යන්නේ.."

"හා හා යන්නකො.."

"ඒ අයියේ.. පොඩි අයියේ මේ.. බයික් එකේ යතුර දෙනවකො.."

"නෑ නෑ!!! චුටි තාම ලයිසන් නෑ.."

"හරි අනේ අනිද්දා එක්සෑම් එක ලිව්වම හරිනේ.. අනික සිතූ අක්කගෙ ලයිසන් එක තියෙනෝ.. මම ඇතුලෙ පාරෙ තියෙන ෆුඩ් සිටියට යන්නම්.. එතෝට පොලිස් නෑනෙ.."

ලොකු අයියා කට ඉරක් කරන් මන් දිහා බලන් හිටියා.. මම ඉතින් හෙන අහිංසක මූණක් හදන් අඬන්න ඔන්න මෙන්න වගේ ඉන්නකොට අපෙ පොඩි අයියගෙ හිත උණු වෙලා මට යතුර ගෙනත් දුන්නා..

මම සිතූවත් ඇදගෙන ගරාජ් එකට දුවන් ගියහම සිතූගෙ ඇස් දෙකත් ලොකු උනා..

"මෙච්චර වාහන ඇයි ම්-මේ..ඉස්සරහත් එකක් තිබ්බනේ.."

"ආ.. හිහී.. අයියයි මමයි දැන් නිකන් දෙන්නෙක් නෙවේනෙ.. අනික ලොකු අයියා අනේ එයාගෙම බිස්නස් එකක් ඕපන් කලා.. එයා හෙඩ් ඉන්ජිනියර් විදිහට තව තැනක ඉන්නවා.. සොෆ්ට්වෙයා නේ ඉතින්.."

"අනේ අම්මේ.. මේ ටෙස්ලා එක කාගෙද.."

"අහම් ඕක ලොකූගේ.. මේ නිල් බෙන්ස් එක පොඩීගේ..අර සිවික් එක මගේ..ඒක නම් මම පදින්නෙත් නැති තරම්.. ටික කාලයක් ගිහින් මම වෙන එකක් ගන්නවා.. ඉස්සරහ තිබ්බ සුදු පාට බෙන්ස් එක සුදු අයියගෙ.. මේ රෝස පාට ඇක්වා එක අපෙ අක්කගෙ.."

"අර කලින් ඔයාලගෙ ගෙදර තිබ්බ අර අප්පච්චිගෙ කාර් එක කෝ"

"ඒක අප්පච්චි අරන් ගිහින් තිබ්බේ.."

"ආහ්.."

මම එතනම කලු මෙව්වා එකකින් වහලා තිබ්බ පොඩි අයියගෙ බයික් එකේ ඒ කලු මෙව්වා එක අයින් කලාම සිතූගෙ ඈ පොල් ගෙඩි සයිස් උනා..

"බුද්දාම්මෝඕඕඕ ඕකද අයියගෙ බයික් එක..."

"ඕ නේ.."

එතන තිබ්බ බී එම් ඩබ්ලිව් කලු පාට බයික් එක දැකලා ඇස් විසාල් උන සිතූ කටත් ඇරන්ම ඒක දිහා බැලුවා..

"මට තියෙන්නෙ බී එම් ඩබ්ලිව් එකක්.. රෝස පාට.."

බී එම් ඩබ්ලිව් කියනකොට මගෙ මූණට හිනාවක් ඇවිත් ආයෙ හෙන ගැහුවා වගේ උනා.. රෝස පාට!!!?????

"ආ නයිස්.. එන්න අපි පියාඹමු.."

මම බයික් එක ගේට් එකෙන් එලියට අරන් ස්ටාට් කලා..

"නගින්න.."

"අනේ බයයිනේ.."

"බයවෙන්නෙපා.."

සිතූ මගෙ කරට අත තියලා බයික් එකට නැග්ගහම මන් එයාට හෙල්මට් එක දුන්නා.. එයා ඒක දාගෙන මම යන්නත් කලින් මගෙ ඇඟ වටේ අත් යවලා මාව තද කල්ලා බදා ගත්තා..මම බයික් එක රේස් කරලා ඉස්සෙල්ලා පොඩ්ඩක් හිමින් යන්න ගත්තා..

"අනේ මේ..මේ වගේ වේගෙන් යමු හරිද.."

"මේ වේගෙ වැඩී අපි තව ටිකක් හිමින් යමු.."

"අහ්-"

මම බයික් එක රේස් කරලා හැටට හැටේ පාගලා යන්න ගත්තහම සිතූ බෙරිහන් තියන්න ගත්තා..

"අනේ හිමින් යනවකෝ.."

"හිමින්?"

"ඔව් අනේ"

"ඔන්න එහෙනම්.."

මම බයික් එක තවත් වේගෙන් යන්න ගත්තහම සිතූ මගෙ පිටට ඔලුව තියන් මාව තද කරන් හිටියා.. මම ඇතුලෙ පාරකින් ගිහින් කීල්ස් එකට ගියා.. හනේ ඇඳුමක් දාන් ආවෙ නෑ නේ.. ප්‍රසිද්ධ ක්‍රීඩිකා ආදිත්‍යා තම ගර්- වෙන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් සමග කොට සෝටක් ගහගෙන කීල්ස් එකට එයි..

මම බයික් එක පාක් කරලා යතුර කරකව කරකව කරකව සිතූවත් ඇදගෙන කීල්ස් එක ඇතුල්ට ගියා.. හරි සෝක් මිනිස්සු මම දිහා උඩ ඉඳන් පහලටම බලනවා.. ප#ද දන්නෑ බලන්නේ..

සිතූ නම් මේ පත සර්ට් එකකුයි පත කලිසමකුයි ඇඳන්..මම මේ අගල් තුනේ සෝටයි දෙන්නෙක් විතර පහින්න පුලුවන් සර්ට් එකකුයි ඇඳන්.. අගෙයි නේ..

මම බිස්කට්ස්, ස්නැක්ස් තියන පැත්තට කාර්ට් එකකුත් අරන් ගිහින් චොක්ලට් බිස්කට්, කස්ටඩ් බිස්කට්, ටිෆින්, සල්සා ලොකු එකක්, සේවරි බිස්කට්, තව එතන තිබ්බ බයිට් පැකට් ටිකකුත් අරන් ටිපි ටිප් පැකට් දහයකුත් දා ගත්තා.. තව එතන තිබ්බ තඩි චොකලට් ටිකකුත් දාන් මමයි සිතුයි අයිස්ක්‍රීම් තියෙන පැත්තට ගියා.. ඊට පස්සෙ සිතූ කොහෙද මන්දා චුත උන නිසා මන් තෝරලා තෝරලා ලීටර් හතරෙ වැනිලා අයිස්ක්‍රීම් එකකුයි මොනා හරි හදන්න ඕන නිසා සොසේජස් පැත්තට ගියා.. එක පාරටම මගේ ඔලුවට ආවෙ කෝන් ඩෝග් හදන්න.. ඉතින් මම තඩි ජම්බො සොසේජස් ලොකු පැක් එකකුයි, කරල් විසි හතරෙ සොසේජස් එකකුයි එතන තිබ්බ චීස් බ්ලොක්ස් දෙකකුයි ගත්තා.. සිතූ ඒත් එක්කම මොනාද පැකට් පහක් උස්සන් ඇවිත් මට පෙන්නුවා..

"ඔය මොනාද"

"පොප්කෝන් කර්නල්ස්.. "

"ආ ගමු.. මේක හදන්න දන්නවද.."

"ඕ නිකන් අවන් එකට දාන්න තියෙන්නෙ.."

"ම්ම්"

අපි දෙන්නා කීල්ස් එකෙන් ස්ට්‍රෝබෙරි මිල්ක් එකකුයි ඩෝනට් දෙකකුයි අරන් ඒක කකා බිබී තව පොඩ්ඩක් වෙලා ඇවිදලා එකේක එව්වා ටිකක් ගත්තා.. තඩි බීම බෝතල් දෙකකුත් එපැයි ඉතින්.. අපි දෙන්නා ඊට පස්සෙ ඒක බිල් කරලා බබල්ගම් පහේ ඒව තියෙන තුනකුත් අරන් ආයෙ එන්න ආවා.. එනකොටත් ඉතින් මම පියාඹලම ගෙදර ආවා.. හැබැයි වැඩි වෙලාවක් කියෙ නෑ අපි දෙන්නට.. අපි දෙන්නා කීල්ස් එකේදිම ඩෝනට් දෙක කාලා මිල්ක් එකත් බීලමනෙ ආවෙ.. අපරාදෙ ගෙදරටත් ගේන්න තිබ්බා..

මම බයික් එක පාක් කරනකොටම කට්ටිය එලියට ආවා..

"මම නම් හිතුවෙ හැප්පිලා අපිට හොස්පිටල් එන්න වෙයි කියලා.."

"කටවහපන්.. මෝඩ ගෝතයා.."

පොඩි අයියා කිව්ව බේසික කතාවට සුදු අයියා උට ටොක්කක් ඇනලා බැන්නා හොඳ වැඩේ ගොං පරයා..

"බුදු අම්මෝ චූටි නංගි ගමකට කන්න ගෙනත් වගේ.. අතින් කටින් බඩු එල්ලන් එන්නේ.."

"අපි එහෙමයි.."

මම ඉතින් ගේ ඇතුල්ට ගිහින් අයිස්ක්‍රීම් එක ෆ්‍රිජ් එකට දාලා සෝෆා එකෙන් ඉඳගත්තා..

ටිකකින් අර කොට කෙල්ලයි අපෙ අක්කයි බෝල් හතරකටම පොප්කෝන් දාගෙන ඇවිත් තියලා ගියා.. අර ටිපි ටිප් පැකට් ගත්තු චොක්ලට් එහෙමත් අරන් අපි ගෙදර මූවීස් බලන්න අපි අලුතින් හදාගත්තු කාමරේට ගියා.. ඒක අපි හැදුවෙ ෆිල්ම් හෝල් එකක් වගෙ..පඩිපෙලවල් වගේ හදලා එක රෝ එකකට පුටු දෙක ගානෙ දාලා පිටිපස්සට ඒ වගේ රෝ හයක් දැම්මා  ඉස්සරහ තඩි අගල් 53 ද කොහෙද ටීවි එකකුත් දාලා දම් පාට ලයිට් දාලා ඒසී හයි කරලා හෙන කරුවලට ඒ කාමරේ හැදුවේ.. ඒ අපි දාපු පුටුත් හෙන සනීපයි.. සෝෆා එකේ තියෙන ඩබල් ඒවා වගේ දැම්මේ"

අපේ ඉතින් හිටියේ අට දෙනයිනේ.. අක්කයි ලොකුයි ඉස්සරහ රෝ එකට පිටිපස්සෙ එකට පිටිපස්සෙ එකේ වාඩි උනා ඊට පස්සෙ මෙතයි අවීයි ඊට පස්සෙ මමයි සිතුයි වාඩි උනා අන්තිම රෝ එකේ අයියලා දෙන්නා.. අපි රොමෑන්ටික් ඒවා බලන්න බැරි නිසා ඇනබෙලා එක තමා බලන්න ගත්තේ.. අපි ඉතින් පැය ගානක්ම වාඩි වෙලා ඇනබෙලා ෆිල්ම් දෙකක්ම බැලුවා.. අපි ගෙනාපු පොප්කෝන් අරවා මේවා ඇති උනා හැබැයි ඒ පැය ගාන්ට..

අපි ඉතින් ඇනබෙලා බලනකොට-අහම්-මෙහෙමයි අපි දෙන්නා අතර නම් මුකුත් උන්නෑ.. සිතූ මගේ අත අල්ලන් හිටියා විතරයි.. පිටිපස්සෙන් නම් 'මට විතරක්' යම් දෙයක් ඇහුනා.. ඒත් එක්කම අවිත්‍යට නින්ද ගිහින් ෆිල්ම් එක මැදදි මෙතා උට කිචිකවලා ඌ 'පගයෝ' කියලා කෑ ගැහුවා.. ඒකට අපි ඔක්කොම බය වෙලා මහ හයියෙන් කෑ ගැහුවා.. දැන් ඉතින් රෑට තනියෙම චූ දාන්නවත් යන්නෙ කොහොමද අනේ.. හරිම ඒසයි..

අපි එලියට ඇවිත් සිතුයි අක්කයි සුදු අයියයි උයන්න ඕන කියලා ගියා.. අපෙ අවියි මෙතයි දමාගෙන පී එස් ෆයිව් එකේ ගේම් ගහනවා.. ලොකු අයියා ලැප් එකත් දිග ඇරන් මොකද්ද මගුලක්.. මමයි පොඩි අයියයි කුසිය පැත්තෙ ගිහින් හොරෙන් සොසේජස් කාලා අක්කා අපි දෙන්නට හැන්දෙන් ගහලා ඊට පස්සෙ අපි සිතූ කප කප හිටපු චීස් කෑල්ලක් උස්සන්න ගිහින් එයත් අපි දෙන්නටම ටොකු ඇනලා ඊට පස්සෙ සුදු අයියා ගාවට ගියාම ඌත් අපි දෙන්නට ගහලා අපි දෙන්නා දුක හිතිලා පැත්ත ගහලා හිටියේ.. පස්සෙ අපි දෙන්නා අපේ හම්චි පූස් වයි මාචු වයි හුර්තල් කරන්න ගත්තා..

"මේ බලන්න අනේ මාත් එක්ක උර්තල්..."

"උර්තාඅල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්"

මායි පොඩීයි බෝල් ගෙඩීලා දෙන්නත් එක්ක සෙල්ලම් කරලා ඒ දෙන්නට මහන්සි නිසා ඒ දෙන්නා බිම වැටිලා නිදා ගත්තම අපි දෙන්නා ඒ දෙන්නව ගිහින් පරිස්සමට එයාලගෙ ගෙදරින් තිබ්බා.. එයාලට අපි ලස්සන ශෝරූම් එක අස් කරලා ඒක ඇතුලෙ ලස්සනට හදලා දුන්නා.. එයාලට කෑම කන්න ප්‍රෙස් කලාම කෑම වැටෙන ඒවා දෙකකුයි, බිත්තියෙ එයාලට පැන පැන යන්න ඒවා,බිම කූඩාරම් වගේ ඒවා, තඩි ලස්සන ගෙයක් වගේ නානාප්‍රකාර දේවල් ගෙනත් තිබ්බට මුන් දෙන්නා කැමතිම කාඩ්බෝඩ් පෙට්ටි වලට නැත්තම් බිමට..

අපි දෙන්නා කරන්න දෙයක් නැති කමට කැරම් ගහන්න ගත්තහම වටේ පිටේ හිටපු හැම එකාම එතනට ආවා.. ටිකකින් අපේ අක්කා 'කෑම කන්න එන්න..' කියලා බෙරිහන් දුන්න නිසා අපි ගිහින් මේසෙන් වාඩි උනා..

ඌවූ.. සොසේජසුයි චිකනුයි දාලා හදපු රයිස් එකයි, සොසේජ් ඩෙවල් එකයි, බටර් චිකන් කරි එකකුයි, චිලි පේස්ට් උයි අනේ චොප්සි එකකුත් හදලා.. කෝන් ඩෝගුත් හදලා.. අනේ මට පිස්සු වගේ..

අපි ඉතින් ඒ ඔක්කොම කාලා අයිස් ක්‍රීමුත් කාලා අවීට ඇඳුමක් ගන්න යන්න ඕන කියපු නිසා වොශ් දාන්න ගියා..එදා මම නිසා තුශිනිලගෙ ගෙදර පාටිය තිබුන්නැහැ.. ඒක ඒ නිසා අද තියෙනවා.. තව එක හොඳක් කියන්නෙ අද තුශිනිගෙ බර්ත්ඩේ එකනේ.. ඒකත් මරු.. ඒකි මට පින් දෙනවා තව ටිකෙන් පාටි දෙකක් දාන්න වෙලා අම්මලගෙන් ගුටි කනන් වෙනව කියලා.. අද ඉතින් ඒ ඔක්කොටම හරියන්න එම්පෙරර්ස් ඩෙන් එකේ අපිට පාටියක්.. මම වොශ් එකක් දාගෙන තැනකට අඳින්න සුදසු ශෝටකුයි කානේජ් ශර්ට් එකකුයි කැප් එකකුයි දාන් ලෑස්ති වෙලා හිටියා යන්න..තුශිනි අපේ මුලු ෆැමිලියටම ඉන්වයිට් කරල තිබ්බේ.. ඒත් ලොකූලා යන්නෙ නෑ එයයි අක්කයි අද ඩේට් එකක් යන්න දාගත්තයි කිව්වා.. ඒ නිසා සුදු අයියයි පොඩි අයියයි මමයි තමා යන්නේ.. සිතූත් යනව ඉතින්.. අපි හය දෙනාම ලෑස්ති වෙලා ඇ‍ඳුම් ගන්න හැව්ලොක් එකට ගියා..සුදු අයියයි පොඩි අයියයි බයික් එකේ එනවා කිව්වේ.. අපි කට්ටිය සිතූ අක්කගෙ ලයිසන් එකේ පිහිටෙන් මගේ හිච්චි කාර් රථයේ යනවා.. හැබැයි ඩ්‍රයිව් කරන්න කවුද??? මේ මම!!!

මම මගේ බූබූ බබාව පරිස්සමෙන් එලවගෙන ගිහින් හැව්ලොක් එකේ පාකින් එකෙන් පාක් කරා.. අපෙ අයියලා දෙන්නා බයික් එක පාක් කරන්නෙ අස්සකින් කියලා දන්න නිසා මමත් අස්සකින්ම පාක් කරන්න යනකොට අනේ හත්තික්කේ!!! අපෙ අයියයි සුදු අයියයි උම්මා දීගන්නවා මම දැක්කා.. මම ඉතින් ඒ දෙන්නට කට කාගන්න දීලා සේපට් එකේ කාර් එක වෙන පැත්තකින් පාක් කරලා අපේ සැට් එකට උඩට යන්න කියලා සුදු අයියගෙ ෆෝන් එකට කෝල් එකක් ගත්තා.. මම එතන තිබ්බ කාර් එකකට මුවා වෙලා උන් දෙන්නා දිහා බලාගෙනමයි හැබැයි කෝල් කලේ.. සුදු අයියා ෆෝන් එක අරන් ඒක කට් කලා.. පෙනේද මුන්ට කට කන්න ගියාම මාවත් අමතකයි.. මම ආයෙත් ගත්තහම ටිකක් වෙලා රින්ග්ස් ගිහින් ඊට පස්සෙ අපෙ අයියා සුදු අයියව අතෑරලා ගන්න කිව්වා කෝල් එක..

"මේ ඔයාලා කොහෙද අනේ.."

මම ඒ දෙන්නට ඇහෙන්නැති වෙන්න හිමීට කතා කලා.. නැත්තන් කෝල් එකෙනුයි ඇත්තටමයිත් ඇහෙනවනෙ මේක අස්සෙ..

"ආ මේ අපි මේ දැන් පාකින් එකෙන් බයික් එක පාක් කලේ.."

මම හිමීට පිටිපස්සෙන් ගිහින් එයාලගෙ බයික් එකට එහා පැත්තෙ කාර් එක ගාවින් හිට ගත්තා.. මම රහසින් වගේ ඒ දෙන්නට කිව්වා

"මමත් එතන ඉන්නේ"

කියලා.. එතකොට නම් උන් දෙන්නා සෑහෙන බය උනා සුදු අයියා බයික් එකෙන් බිමට පැනලා හතර අතේ හොයන්න ගත්තා.. මම කෝල් එක කට් කරලා එක පාරටම තාර වලේ යකා වගේ කාර් එක පිටිපස්සෙන් මතු උනාම සුදු අයියා පපුවෙ අමාරුව හදන් මැරෙන්න ගියා.. අයියලා මොකද රතු වෙලා... ඔව් ඉතින් කට කෑවම ආතරේ හිතෙන්න ඇතිනේ.. මම බාදා කලානෙ ඉතින්.. කමක් නෑ.. මෙතන තියෙන්නෙ එව්වා කරම්න නෙවේනේ.. වෙන කවුරු හරි දැක්ක නම් හි#ලා තමා නවතින්නේ..

"බුදු අම්මෝහ්!!!! චූටියෝ!!!!"

"දැන් උම්මා දීගත්තා ඇති නේ..යමුද..."

මම කිසි ගානක් නැතුව කියද්දි මම බලන් ඉන්නකොට සුදු අයියා පැනික් වෙන්න ගත්තා..

"ආ හා ඔහොම බය වෙන්නෙපා ඉතින්.. හා හා මන් දැක්කෙ නෑ මුකුත්.. යමුද.."

මම ඒ දෙන්නට කින්ඩියට හිනාවකුත් දාල ඉස්සරහට ගියා.. ඒ යනකොටත් කාගිල්ස් එක ඉස්සරහ තියෙන බබල් ටී ශොප් එකෙන් මුන් බබල් ටී අරන් බොනවා.. අනේ යසයි..ඒක දැකලා මටත් නිකන් ඉන්න බැරි නිසා මමත් ගිහින් ඔරියො බබල් ටී එකක් ගත්තා එතකොට ටී කියන්න බෑ නේ.. බබල් ඔරියෝ.. අපි උඩට ගිහින් කූල් ප්ලැනට් එකට ගියා.. දැන් හොයපන්කො සුදු එව්වා.. මම බොහොම අමාරුවෙන් සුදු අත් දිග ශර්ට් එකක් හොයාග්න කාර්ගෝ කලු පාට පෑන්ට් එකක් ගත්තා.. මේක ලේඩීස් කාගෝ එකක් නෙවේ මෙන්ස් එකක් ඒ නිසා අව්ලක් නෑ.. ඊට පස්සෙ මෙතාට එතන තිබුන ක්‍රොප් ටොප් එකකුයි කාගෝ එකකුයි අරන් අවීටත් සුදු පාට ක්‍රොප් ටොප් එකකුයි තව ඒකට උඩින් අඳින්න ශර්ට් එකකුයි සුදු කාර්ගෝ එකකුයි ගත්තා.. අපෙ පොඩි අයියා ඉතින් හෙන හැම්සම් පොරනේ.. අනික උට ඇඳුම් ගන්න ආවහම ඇඳුම් සීයක් වත් ගන්නෝනේ.. ඌ ඉතින් Hustle එකේ එකේක වර්ගෙ ඇඳුම් අරන් සුදු අයියට පෙන්න පෙන්න 'මේක ලශ්ශනැයිජ ශුජූ..' ගගා සුදු අයියට වද දෙනවා.. සුදු අයියා එහෙම නෑ නේ ඒකා ගියා සෙට් වෙන එකක් තිබ්බනම් ඇන්දා බැලුවා ගත්තා.. හැබැයි උගෙත් මාර කැටයම් තමා.. ඇඳුම් පන්සීයක් විතර තියන් අපෙ අයියට කියනවා.. ' ඇඤේ සුජූ බලඤ්ඤකූ මට ඇඳුම් ඤෑ ඤේ..' කියලා එතකොට අන්න අපෙ අයියටත් චාන්ස් එක උන් දෙන්නා පද්ද පද්ද යනවා ශොපින්..

අපි ඒකෙන් ගත්තු ඇඳුම් ටික බිල් කරලා පෝලෝ එකට ගියා.. මන් ආසම තව එක බ්‍රෑන්ඩ් එකක් මේ.. මම ඒකෙන් කොලර්ඩ් නේවි බ්ලූ ශර්ට් එකක් ගත්තා.. සිතූටත් ඒකෙම ක්‍රොප් ටොප් එකක් ගත්තා.. අර මෝඩ පගයො මේකට කැමති නෑ.. අපි උඩට ගියාම ඉතින් දෙවෙනි ෆ්ලෝ එකේ කානේජ් එක තියෙනවනේ.. ඒක දැක්කම මටයි පොඩි අයියටයි පිස්සු හැදෙන නිසා අපි ඒකෙනුත් ඇඳුම් අරන් මම ඒකෙන් බෝතලේකුත් ගත්තා.. ඊට පස්සෙ එතනින් ටිකක් එහාට වෙන්න තිබ්බ් මැක් මාර්ට් එක දැකලා සිතූටයි අවීටයි පිස්සු හැදුන නිසා උන් දෙන්නටත් ඒකෙන් චොක්ලට් අරන් දීලා අපි බ්ලිස් එකට ගියා.. ඒකෙන් සිතූ අද දාන්න ඕන කියලා හීල්ස් දෙකක් අරගෙන මන් ලඟට ආවා හෙන උසයි කියලා පෙන්නන්න.. ඒත් මට වඩා කොට නිසා එයා මට රවාගෙන ගියා.. අවීයි මෙතයි ඒකෙන් චන්කීස් දෙකක් අරගෙන ඊට පස්සෙ මට ඕවා සෙට් නැති නිසා මම නයිකි එකට ගියා.. ඒකෙන් මට සෙට් වෙන ජෝඩන් නයිකි එයා ෆෝර්ස් එකේ කලුයි අලුයි සුදුයි සපත්තු දෙකක් අරන් මම ආවා.. පොඩි අයියලා ඒ වෙලාවෙ හොයා ගන්න නැති උන නිසා මම ඉතින් අර කට්ටිය එක්ක හිටියා.. ඊට පස්සෙ සිතුට ගව්මක් ගන්න ඕන නිසා අපි එතන තිබ්බ තව මොකද්ද මගුලකට ගිහින් එතනට සුදු අයියලත් ආවා.. සිතූ ඒකෙන් ලස්සන සුදු පාට පැත්තකින් පලපු ගවුමක් අරන් අපි තර්ඩ් ෆ්ලෝ එකට ගියා.. අපි ඒකෙන් ක්‍රිකට් ගහලා, වී ආර් එකක් කරලා, ඊට පස්සෙ එහා පැත්තෙ තිබ්බ ක්ලෝව් මැශින් වලට රුපියල් දාහක්ම නාස්ති කරලා වෙඩි තියන්න ගියා.. ඒකේන් අපි වෙඩි තිබ්බා..

ඊට පස්සෙ අපි සැට් එකම උඩ ෆුඩ් කෝට් එකට ගිහින් පීසා එකකුයි ටාකො බෙල් එකෙන් ටාකො, මැජික් කෝන් එකෙන් චීස් කෝනුයි අරන් ආවා.. ඒකෙන් හොඳටෝම කාලා ඊට පස්සෙ අපි පහලට ගිහින් සුදු අයියට මොකද්ද ඕන කියලා ඊට පස්සෙ අපි තර්ඩ් ෆ්ලෝ එකේ ටිකක් වෙලා හිටියා.. ඊට පස්සෙ සුදු අයියා මූණ ඉසකුඩිච්චියක් කරන් පාත්තයි ඌරු පැටියෙක්ගෙයි සොෆ්ට් ටෝයිස් දෙකක් උස්සන් ආවා..

"මේ මොකද මේ සුදු අයියේ.."

"උබලෑ අයියා එක්ක මන් තරහයි.. බලන්න ආදි.. මම පාත්තයෙක් වගේ පේනවද.. මේ අවලං ගෝතයා මට රටේ ඉන්න හැම සතෙක්ගෙම නම් කියනවා.."

"නෑ නෑ මම ඔයාට කෝලා බෙයා කෙනෙක් කියලත් කිව්වනෙ සුදූ.. ඒත් උන් රටේ නෑ නේ.. එතකොට ලෝකෙ ඉන්න සත්තු ලෝකෙ.."

"අනේ උබ පලයන් එහාට.. ඇත්ත කියන්න ආදි.. ඔයාට මාව මේ පාත්තයෙක් වගේ පේනවද.. මූ කියනවා මම දුවනකොටත් පාත්තයෙක් වගේලු.."

" ආ හැබැයි ඒක නම් ඇත්ත සුදු අයියෙ.. පාත්තයෙක් වගේ නම් තමා.."

"අනේ හැව්.. මරු එකාගෙන් මාත් ඇහුවේ.. අයියගෙම නංගිනෙ මූත්.. හැව් මම පාත්තයෙක් වගේ දුවලනෙ ඒශියා වලිම්ම ෆස්ට් උනේ.."

මම පොඩි අයියට ඇහැක් ගැහුවම ඌ මට රිප්ලයි ඇහැක් ගැහුවා.. අපි ඊට පස්සෙ දෙවෙනි ෆ්ලෝ එකට එනකොට සුදු අයියා ක්‍රේප් රනර් එක දැකලා සියලු තරහා මරහා අමතක කරලා අපෙ අයියව බදාගෙන.. අනේ යසයි.. ඒක දැකලා මගෙ වෙන්ඩ ගෑනිත් හිනා වෙලා මට කියනවා ක්‍රේප් එකක් ඕනලු.. අරන් දෙන්න බැරියෑ එකට දහයක්ම..

"සුදූ අරකක් අරන් දෙන්නකූ.."

සුදු අයියගෙ අඳෝනාව නිසා අපි කට්ටියම ක්‍රේප් රනර් එකට ගිහින් කොච්චර කාලා හිටියත් තඩි ඕඩරයක් දැම්මා..

"මාශ්මෙලෝ වයිට් චොක්ලට් ක්‍රේප් දෙකයිනෙ, කිට් කැට් නියුටෙලා එකයි, තන්දුරි එකයි, කිට් කැට් වයිට් චොකලට් එකකුයි, ස්ට්‍රෝබෙරි දාලා ස්ප්‍රෙඩ් එකත් ස්ට්‍රෝබෙරි එකයි.. ආ තව චිකන් ඇන්ඩ් ෆ්‍රයිස් පෝශන් දෙකයි.. කැපුචිනෝ දෙකයි..වැනිලා මිල්ක් ශේක් දෙකයි චොකලට් මිල්ක්ශේක් එකයි චොකලට් එකයි දෙන්න.."

"හරි සර්.. කැන් අයි හෑව් අ ෆෝන් නම්බර් ප්ලීස්.."

"යා සීරෝ සෙවන් ෆෝ.. ත්‍රිපල් ටූ ****"

"හරි සර්.. ඩයිනින් ද ටේකවේද?"

"අම් ක්‍රේප්ස් ටික ටේකවේ දෙන්න.."

"ඕකේ සර්.. ඉට්ස් එයිට් තවුසන්ඩ් එයිට් හන්ස්‍රඩ් ඇන්ඩ් සික්ස්ටී රුපීස්.."

"හියර්.."

අපෙ අයියා පන්දාහෙ කොල දෙකක් දික් කලාම ඒ කොල්ලා ඒක අරන් අපෙ අයියට ඉතුරු සල්ලි දුන්නා.. මෙච්චර ලොකු ඕඩරයක්.. අනේ දෙයියනේ.. අපි එතන තිබ්බ ඩයිනින් ඒරියා එකෙන් ඉඳගෙන ටික වෙලාවක් ඉන්නකොට අපිට අපි ඕඩර් කරපුවා ටික ගෙනත් ටේබල් එකෙන් තිබ්බා.. අපි මුලින්ම ෆ්‍රයිස් කාලා ශේප් එකේ ක්‍රේප් ටික කන්න ගත්තා..ඒත් ගොඩක් කන්න බෑ මත් වෙනවා වගේ.. අපි මිල්ක් ශේක් එකත් බිබීම පාකින් ලොට් එකට ආවා..

"මේ බෑග්ස් ටික කාර් එකෙන් දාන්න.."

අපෙ පොඩි අයියා මට බෑග්ස් ටික දීලා අපි කට්ටිය කාර් එකේ නැගලා ගෙදර එන්න පිටත් උනා.. පොලීසියෙන් අපිව ඇල්ලුවෙ නෑ මාව දැක්කහම ඉතින් පොඩි එකෙක් කියන්න බෑ නේ.. අන්න සිතූ ඩ්‍රයිව් කරනව නම් සීට් එකට කොට්ටයක් තියලා ඒක උඩ ඉදන් හිටියත් පේන්නෑ.. අපි කට්ටිය ඇවිත් ඉක්මනට වෝශ් දාල ඇඳගත්තා.. මම ඉතින් කවදත් හැන්ඩියනෙ.. අපේ පොඩි අයියත් ලම්සනයි හැබැයි.. සිතුමිණීත් ලස්සනයි.. අනේ සේරෝම ලස්සනයි.. අපි තුශිනිට ගත්තු ගිෆ්‍ට්ස් උත් අරන් පොඩි අයියගෙයි සුදු අයියගෙයි කාර් වල යන්න පිටත් උනා.. මමයි සිතුයි මෙතයි අවීයි සුදු අයියගෙ  කාර් එකේ යනවා පොඩි අයියයි සුදු අයියයි පොඩි අයියගේ කාර් එකේ එනවා..අපි ඉතින් ගිහින් තුශිනිට ගිෆ්ට්ස් දීලා උම්මා එකක් දීලා හිටියා.. අද ඒකිගෙ බෝයිෆ්‍රෙන්ඩ් ඇවිත් හැබැයි මාව දැක්ක ගමන් ඌව විසික් කල්ලා

'හනේ සුදු මාට්ටියා' ගාගෙන දුවන් ආවෙ.. අපි කේක් කපලා කාලා බීලා අන්තිමට නටන්න සෙට් උනා.. නටලා අන්තිමට හති නිසා ටිකක් වෙලා ඉ‍ඳලා අපි හැමෝම සිංදු කියන්න සෙට් උනා.. ඒකෙ මියුසික් ප්ලේ කර කර හිටපු අයියෙක්ගෙන් ගිටාර් එකක් ගෙනත් තුශිනි මගේ ඇඟේ ගැහුවා.. මම අයියටත් කියන්න කිව්වම ඌ කිව්වා ඔයා කෑල්ලයි මම කෑල්ලයි කියමු කියලා.. ඉතින් මුලින්ම මම ඔඅටන් ගත්තා..

"කතරක තනි දැවෙන වලාවේ

එක දවසක සෙවනෙහි ආවේ

හිරි පොද නැති කඳුලු අවාරේ මා"

ඊට පස්සෙ අපේ පොඩී පටන් ගත්තා..

"තනි තරුවක් මියෙන වෙලාවෙ

ඔබෙ දසුනක් මැවෙන නියාවේ

අද තවමත් සඳලු තලාවේ මා"

ආයෙ මම ගිටාර් එක ගහ ගහම කියන්න පටන් ගත්තා..

"ඒ රිදුම් නිවී මා හදේ

ඈ ළඟින් රැදීලා වගේ

සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා"

ඊලඟ කෑල්ල කියන්න කලින් පොඩී සුදු අයියා දිහා බලල ඇහැක් ගැහුවා..

"මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්

මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්

මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්

ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්"

"මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතා

ඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා"

"රෑ හීන ගානෙ ආයෙ ආයෙ

ඔය රූපෙ පේන වාරේ

නුඹෙ දෑස මානේ නැවතුනා

මට හීන ගේන අංගනාවේ

පෙරදාක ඇයිද නාවේ

නොකියා කියූ දේ තේරුනා"

"ඒ රිදුම් නිවී මා හදේ

ඈ ළඟින් රැදීලා වගේ

සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා"

"මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්

මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්

මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්

ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්"

මම හරි ලස්සනට අන්තිම කෑල්ල කියලා ඉවර කලා..

වචන 3000+ ලිව්වා හර්තේ..

ඉතින් කොහොමද ලමයිනේ.. මම හිතනවා සිතුමිණී ආපු නිසා ඔයාලට ෂථුඨු ඇථි ඛියළා..

ඔයාලට හුම්ගක් ඉම්ස්තූතී.. මම මේක ලියන එක නවත්තනවා කියලා හිතුවත් මේක කියෝන මගෙව් යාලුලා මේක ගැන මන් ඉස්සරහම කියෝනකොට් හෙන සම්තුටුයි අනේ.. මේ ලඟදි මම ස්කූල් බස් එකෙ ගෙදර එනකොට මට ඇහුනා නොනිමි එක ගැන කියෝනව කට්ටියක් ඉඳන්.. අනේ ඉතින් මට එතෝට සමනල් හඟුමන් වගේ.. 😭💞

මාත් එක්ක දිගටම ඉන්න ඉටිම්ම්

මම ආදරෙයි උතුරම්න ම්වාහ්හ් 😽❤️

ආදීහ්හ්හ් <333

Share This Chapter