Back
/ 53
Chapter 43

43 කොටස

_නොනිමි_

"අයියේ අනේ බලනවා හලෝ.. තව්සෙ මට තාම බයික් එක අරන් දුන්නෑ.. බලනවා ඊයෙ මම ලයිසන් එකත් ගත්තා.. දැන් හෙට මගෙ බර්ත්ඩේ එක.. මට අරන් දුන්නෑ ඔවා බයික් එකක්.. මට දැන් දහනවයක් අනේ.. අරන් දෙන්නකූහ්..."

"හරි හරි බලමුකෝ....තාම දහනවයක් නෑ නේ.. තාම දහ අටයි.."

"අනේ රෙද්ධ.. මම යනවා සිතුමිණී අක්කලගෙ ගෙදර.."

"ම්ම් පරිස්සමට යන්න.."

"බායි මම පොඩීගෙ බයික් එකේ යන්නේ.."

"අඬු කඩාගෙන වරෙන්කෝ.. අනික පොලීසියත් ඇති.."

"ඉතින් මොකද වෙන්නෙ මට ලයිසන් තියෙනවනෙ දැන්.."

"පරිස්සමෙන් චූටියෝ.. "

"හරි අක්කේ.."

මම පොඩි අයියගෙ බයික් එකේ යතුරත් අරන් හෙල්මට් එක දාගෙන තව හෙල්මට් එකකුත් අරන් සිතූලගෙ ගෙදර යන්න එලියට බැස්සා.. මම අද පොඩ්ඩක් පිලිවෙලට අගල් දෙකේ සෝට වෙනුවට ටිකක් වැදගත් පූමා එකේ ට්‍රවුසර් එකක් ඇඳන් යන්නෙ හැබැයි.. ලස්සන ක්‍රීම් පාට ට්‍රවුසර් එකක් ඇඳලා එදා ගත්තු නේවි බ්ලූ පෝලෝ ශර්ට් එක ඇඳලා නේවි බ්ලූ Hustle slides දෙකක් දාලා ශේඩ්ස් දෙකකුත් දාගෙන බයික් එක ස්ටාට් කරන් සිතූලගෙ ගෙදර යන්න ගත්තා.. ගිය සැප්තැම්බර් මාසෙම මට ක්‍රිකට් මැච් තිබුනා, ප්‍රැක්ටිසස් තිබුනා.. අද මට පොඩී නිවාඩුවක් ලැබුනා.. ආයෙ 26 වෙනිදා අපිට නයින්ටීන් ටුවර් එක.. මට සති තුනකට විතර එංගලන්තෙ තමා ඉන්න වෙන්නේ..මැච් එහෙනෙ.. පොඩි අයියත් මේ දවස් වල සෑහෙන බිසී.. එයාලට ඉන්දියා ටුවර් එක.. එයා තමා ටීම් එකේ ඉන්න පොඩිම එකා.. මම ඉතින් කැප්ටන් විදිහට මේ ඉන්න ලාස්ට් ඉයර් එක..

මං බයික් එකේ හෙන ආතල් එකේ බොරලැස්ගමුවට යන්න ගත්තා.. අපේ ගෙදර ඉදන් එහෙට තියෙන්නෙ විනාඩි පහලවක විතර දුරක්.. මම යනකොට සිතූ දොර ගාවට වෙලා අම්මි එක්ක කියෝ කියෝ බලන් ඉන්නවා.. මම ගිහින් බයික් එක නවත්තලා අම්මිට වැන්ද.. මෙයයි නෙතුයි අම්මි කියන නිසා මාත් අම්මි කියලම කියනවා ඉතින්.. සිතූලගෙ අම්මි දන්නවා සිතූ මට ආදරේ බව, අපි කලින් යාලු වෙලා හිටපු වගක් එහෙම.. අද අපි යනවනෙ පෝර්ට් සිටි

"අම්මි.."

"ආ පුතේ.. මෙන්න මෙයා ඔයා එනකන්මයි බලන් හිටියේ.."

"ආ එහෙමද.."

"මම ඇඳුමක් දාන් එන්නම්.."

"හරි.."

සිතූ මට හිනාවෙලා උඩ පැන පැන ඇතුල්ට ගියා.. එතකොටම නෙතුත් මාව දැකලා ආවා..

"හායි අනේ.."

"හායි හායි.."

"අම්මෝ අම්මි මෙයා නම් එන්න එන්නම හැන්ඩ්සම් වෙනව නේ.."

"ඒකනේ.. දැන්නම් මට පුතෙකුත් ඉන්නවා කියලා කියන්න පුලුවන්.. මෙයාට ඉතින් දුවේ කියන්න බෑ නෙ.."

"හිහී"

නෙතූ හුඟක් වෙනස් වෙලා.. හැබැයි තාමත් අර මොකක් හරි උනාම අතේ එල්ලිලා ඒ දේ කියන පොඩි එකාම තමා.. නෙතූ එහෙ ස්ටඩීස් ඉවර කරලා තමා ඇවිත් තියෙන්නෙ.. ඒකට මම තාම ඩිග්‍රි කරල නෑ නෙ.. වෙන රටක ඉගෙන ගත්තා නම් හරි ඉතින්.. කමන්නෑ කමන්නෑ සිරි ලක දේ සිරි සැප දේ..

නෙතූ කොන්ඩෙ බ්ලොන්ඩ් කරලා හෙන ලස්සනයි ඒකා හෙන කියුට් නෙ කොහොමත්.. සිතූත් කොන්ඩේ තඹ පාට කරන් ඉස්සරහින් කෑලි දෙකක් රෝස් පාට කරන්.. අයියෝ මේ රෝස පාට පිස්සුවක් හැදිලා ඒ පාර..

නෙතූ එයාට වැඩක් තියෙනවා කියලා ගියාම අම්මා මන් දිහාට හැරුනා ටිකක් වැදගත් දෙයක් කියන්න වගේ..

"පුතා"

"අම්මි.."

"මම දන්නවනෙ පුතායි අපෙ ලොකු දූගෙයි සම්බන්ධයක් තිබ්බා කියලා.. එතකොට අපේ ලමයා ඒ දවස් වල උන ප්‍රශ්නෙත් එක්ක පුතාලගෙ අප්පච්චි අපේ ගෙදර ඇවිත් පිස්සු නටපු නිසා දෙන්නා වෙන් උනා නෙ නේ.. අපේ ලොකූ මට හැමදේම කිව්වා පුතා.. දැන් එතකොට ඔයාලගෙ සම්බන්ධයක් මේ වෙනකොට නැද්ද..?"

"තාම නෑ අම්මී.."

"ඒක තමා.. දැන් පුතා ඉස්සරහට කරන්න හිතන් ඉන්නෙ මොකද්ද.."

"අපි ආයෙ යාලු වෙනවා අම්මී.."

"ම්ම් එහෙනම් හා.. එතකොට පුතා දැන් පුතාගෙ ෆියුචර් ප්ලෑන්ස් මොනවද.."

"මගෙ නම් අම්මී දැන් රිසාල්ට්ස් ආවම කැම්පස් යන්න තමා.. ඒකෙන් පස්සෙ ඉතින් මමත් ඉන්ජිනියර් කෙනෙක් විදිහට වැඩක් බලනවා..තව ඉතින් ක්‍රිකට් තමා.."

"ආහා.. එතකොට පුතා දැන් මොනව ඉන්ජිනියරින් ද කරන්නේ.."

"මම බැලුවෙ අම්මී සොෆ්ට්වෙයා හරි ඉලෙක්ට්‍රික් හරි තමා.."

"ආහා.. ඔයා කැමති විදිහක් කරමුකෝ හැබැයි පුතා.. මම හරිම කැමතී තව අවුරුද්දකින් වත් ඔය දෙන්නා එන්ගේජ් වෙනවා නම්.. එතකොට ඔය දෙන්නට ලිවින් ටුගෙදර් වගේ ඉදලා හරියට සෙට්ල් වෙන්න පුලුවන් වෙයිනේ.."

"ඔව් අම්මී.. මමත් ඒක ගැන නම් ටිකක් හිතුවා.. කොහොමත් දැම්ම මැරි කරන්න නම් බෑ නෙ.. මට විසි පහක් වත් උනාම මැරි කරනවා කියලා තමා හිතුවෙ නම්.. අම්මි අක්කා එක්ක කතා කලාද එන්ගේජ් වෙන එක.."

"එයා එක්ක නම් කතා කලා.. එයා තමයි ඔයාගෙන් අහන්න කියල කිව්වෙ.."

"ආහා එහෙනම් අම්මී.. අපි ඊලඟ අවුරුද්දෙ වගේ එන්ගේජ් වෙමු.."

ඒත් එක්කම සිතූ අපේ පැත්තට ආවා.. එයා මම එයාට අරන් දුන්නු මගේ ශර්ට් එකේම අනිත් පෝලෝ ක්‍රොප් ටොප් එකට ක්‍රීම් පාට බෙල් ඩෙනිම් එකක් ඇඳලා.. හරිම කියුට්.. එයත් ක්‍රීම් පාට Hustle එකේම slides දෙකක් දාලා ශේඩ්ස් දෙකක් දාන් අතේ හෑන්ඩ් බෑග් එකකුත් එල්ලන් ආවා..

"අපි එහෙනම් ගිහින් එන්නම් අම්මී..."

"ආ හරි ලොකූ.. පරිස්සමින් යන්න ඕන.. පුතාට වද දෙන්නෙ එහෙම නෑ හරිද.."

"හා අනේ හරී.."

"අපි ගිහින් එන්නම් අම්මී.."

"හරි පුතේ..මෙයා වද දුන්නොත් ටොක්කක් අනින්න.."

"හහ්හ්.."

මම අම්මිත් එක්කත් හිනා වෙලා බයික් එක ගාවට ඇවිත් සිතූට හෙල්මට් එක දුන්නා..

"මේ අපි කාර් එකේ යමුද.."

"ඒ ඇයි.."

"බයයි මේකෙ යන්න මට.."

"අනේ ඔවාගෙ සෝස පාට බී එම් ඩබ්ලිව් එකේ යමු කියලද කියන්නේ.."

ඒත් එක්කම සිතූගෙ මූණ නාලු වෙලා ගියා..ඉතින් ඇත්තනෙ මම කියන්නේ.. ඒකත් පාටක්ද අනේ.. මේ අමුතු පිස්සුවජ් ගහලා මෙයාට.. මෝඩ යකෙක්..

"අනේ මේ.. එන්නෙපා හරිද.. මගේ චූටි පැටියට මුකුත් කියන්නෙපා.."

"හා හා යමු මේකෙ.."

මම හෙල්මට් එක දාගෙන බයික් එකෙන් ඉඳගත්තම නෙතූ ගාල කඩා ගත්තු හරකෙක් වගේ දුවගෙන ආවා..

"බායි අනේ..."

"බායි බායි"

මම බයික් එක ගේට් එකෙන් එලියට අරන් ස්ටාට් කරලා සිතූට නගින්න කිව්වා.. එයා හෙල්මට් එක දාගෙන මගේ කරට අත තියලා බයික් එකට නැගලා මාව තද කල්ලා බදාගත්තා.. මම අම්මිට අතකුත් වනාගෙන හෙන හයියෙන් රේස් කරලා ඉස්සරහට ගියාම සිතූ ඇස් දෙකත් වහගෙන මරන්න එක්කන් යනවා වගේ එක පාරට කෑ ගැහුවා..

"මොකද යකෝ කෑ ගහන්නේ.."

"ස්වොරී.."

මම හෙන ස්පීඩ් එකේ පෝර්ට් සිටි පැත්තට ගියා.. බයික් එකත් දාලා අපි දෙන්නා පෝර්ට් සිටි එකේ ඇවිදලා ඇවිදලා එතන තිබ්බ පොඩි පොඩි සෙල්ලම් වගේකුත් කරලා බඩගිනි නිසා බබල් ටී එකකුටි තව එකේක කෑම ජාති ටිකකුත් අරන් කාලා එන්න ආවා.. අපි දෙන්නා ඊට පස්සෙ ගියේ වන් ගෝල් ෆේස්.. අපි දෙන්නා බයික් එක පාක් කරලා ෆිල්ම් එකක් බලන්න ගියා.. අපි දෙන්නා කලින්ම ටිකට්ස් බුක් කරලයි තිබුනෙ.. අපි පොප්කෝනුත් අරන් ෆිල්ම් එකත් බලලා එලියට ඇවිත් ඇවිද ඇවිද ඉඳලා එලියට ආවා..

"අපි අද රෑ වෙනකම්ම මෙහෙ ඉමු හරිද.."

"කොහෙ"

"මේ පැත්තෙ අනේ.."

"ආ හරේ.. ඒත් දැන් කොහෙද ඉතින් යන්නේ.."

"අම්ම්ම්.... රූම් යමුත.."

"ඈ"

මොකද්ද යකෝ ඒ කිව්වේ.. ඈ යකෝ මේ දෙකට ගනින්න බැරුව හිටපු එකී නේත මේ.. යසයි පුතේ..

"විහිලුවක් අනේ කලේ.. කොහෙද යන්නේ.."

"නෙ‍ලුම් කුළුනට යමුද"

"ආ අනේ හා යමුකෝ..."

"ම්ම් ම්ම්.. දැන් වෙලාව හයයි විසි දෙකයි.. අපේ ඩිනර් එකට හිල්ටන් එකට එන්න ඕනෙ අට වෙනකොට.."

"ආ යමු අනේ.. වෙලාව ඇති නේ.."

අපි දෙන්නා ආයෙම බයික් එකේ නැගලා නෙ‍ලුම් කුළුණ දිහාවට ගිහින් බයික් එක පාක් කරලා ටිකට් අරන් නෙලුම් කුළුන උඩට ගියා.. මෙතනට මුළු කොළඹම හරි ලස්සනට පේනවා..

"මේ ඒයි.. මගෙ ෆොටෝ එකක් අරන් දෙන්නකෝ.."

මම අද දවසෙම මේ ගොන් දෙනගෙ ෆොටෝ ගන්නව විතරයි හත්තික්කේ.. මම එයාගෙත් ලම්සන ෆොටෝවක් අරන් දීලා අපි දෙන්නා ආයෙම එහෙන් ඇවිත් බයික් එකෙන් රවුම් ගගහා ඉඳලා සිතූට ඉස්සො වඩේ කන්න ඕන කියපු නිසා ගෝල් ෆේස් එකට ඇවිත් එයාට බයික් එක ලඟ ඉන්න කියලා මම ගිහින් ඉස්සො වඩේ අරන් ආවා..

"අනේ මෙයාගෙ ඔලුව තියෙනෝනෙ.."

"ඔලුව තියෙනව තමා ඉතින්.. ඇයි ඔයා හිතුවද ඉස්සොන්ට ඔලුවක් නෑ කියලා.."

"යැයි තමා දැන් ඔවා කියන්න එපා හරියට මට වගේ කියලා.."

"නෑ නෑ.. ඔයාට ඔලුවක් තියෙනවා.. මොලයක්නෙ නැත්තේ.."

සිතූ මන් දිහා කට දෙහි ලෙල්ලක් කරන් බලන් ඉඳලා අර ඉස්සගෙ ඔලුව දිහා බැලුවා.. හයියෝ මහ මෝඩ පගෙක්නේ..

"මේ අනේ මට මේ මෙයාගෙ ඔලුව අයින් කල්ලා දෙන්නකෝ.."

"අයියෝ මන්දා උබර් නම්.."

මම ඉතින් අර මම කන්න ගත්තු ඉස්සව සිතූගෙ අතට දීලා අරුන්ගෙ ඔලුව ගලවන්න ට්‍රයි කලා.. අනේ මේ අහිංසක මට කියල ඔලු ගලෝගන්නවනෙ මේ ගෑනි.. ටිකකින් කවුරු හරි ඇවිත් මගෙ පිටට අත තිබ්බා.. කවුද යකෝ මට ඉස්සගෙ ඔලුව ගලවන්න දෙන්නැතුව මගේ පිටට අත තියන පගා.. මම පිටිපස්ස හැරෙනකොටම ඒ හිටියේ ඇත්තටම මම කොයිම වෙලාවක වත් බලාපොරොත්තු නොවුන කෙනෙක්..

"තරුල්‍යා..!"

"ආදිත්‍යා අක්කේ.."

"හෙන කාලෙකින්නේ.."

"ඔව් නේද අක්කේ..ඔයාව නම් මන් දැක්කා ඉතින් ටීවි එකේ එහෙම.. හම්බුනේ නෑ නේ ඉතින්.."

"ඒක තමා නේ.. මොකෝ මේ පැත්තේ.. උබලා හෙන වෙනස් වෙලා නෙ බන්.. මම වැඩිය ඉස්කෝලෙ හිටියෙ නෑනෙ බන් ඉතින්.."

"හිහී.. අක්කා නම් ලස්සන වෙලා.. මන් මේ පොඩ්ඩක් ආව අක්කේ.. තනියම.."

"සිරාවට.."

"ඕ නේ අක්කා මොකෝ මේ පැත්තේ.."

එතකොට තමා මට මතක් උනේ මම මේ සිතූගෙ ඉස්සො වඩේ එකේ ඉස්සගෙ ඔලුව ගලෝ ගලෝ නේද හිටියේ කියලා.. අනේ හිකේ අමතක උනානේ.. හරි ශෝක් ප්‍රසිද්ධ ක්‍රීඩිකා ආදිත්‍යා තම වෙන්ඩ ගර්ල්ෆ්‍රෙන්ඩ් සමග ගෝල් ෆේස් පිටියේ සිට ඉස්සෙක්ගේ ඔලුවක් ගලවයි.. හෙනතල් යකෝ!!

අප්පටහුඩූ‍!!!!

මට දැන්නෙ යකෝ මතක් උනේ.. මේ ඉන්නෙ එක්ස්ලා දෙන්නෙක් නේද හත්තිලව්වේ.. ඈ පොඩ්ඩක් හිටාම් දැන් මේකි සිතූව අඳුර ගත්තෙ නැද්ද එතකොට..

මම සුටුස් ගාල සිතූ දිහා බලනකොට මෙයා ඉන්නවා මූණත් ඤොරොක් කරන්.. අනේ බබා

"මොකෝ"

"ම්හ්ම්"

සිතූ මට කකුල් දෙකේ ඉඳන් ඔලුව ගාවට වෙනකම්ම රැව්වා.. ඉතින් හු#ත මට රවන්නෙ මොන මගුලටද..

මම සින් ගාල තරුල්‍යා නංගි දිහා බැලුවා.. මේකි කන්න වගේ සිතූ දිහා බලන් මොනෝත්තක් හරි මතක් කරනවා.. මොකද පගෝ තෝ සිතූ දිහා බලන් කරන්නෙ..

"ඒ තරුල්‍යා.."

"ආ ඕ අක්කේ.."

"මොකෝ"

"නැහ්-නැ මේ- මේ සිතුමිණි අක්කද.."

"ඔව් බන්.."

"අඩේ හෙන වෙනස් වෙලා.. අඳුර ගන්නත් බැරි උනා.. ඒ ඔයා හෙන ලස්සන වෙලා අක්කේ.."

ඒකල්ලා තරුල්‍යා බලෙන්ම වගේ සිතූව බදාගත්තා.. අනේ හු#තෝ.. ඔය ඉන්නෙ මගෙ අනාගත බිරිඳ පගෝ එහාට වෙයන් කැත සතා..සිතූ මන් දිහා හෙන අසරණ බැල්මකින් 'අනේ මූව ගනින්කෝ' කියන්න වගේ බලන් හිටියේ..

"ඒ උබලා දෙන්නා මොකෝ මෙතන කරන්නෙ ඉතින්.."

මම හිමීට සිතූ දිහා බලලා ආයෙම තරුල්‍යා නංගි දිහා බලලා හෙන ගොං පහේ හිනාවක් දැම්මා..

"අඩෝ නෝ සිරාවට උබලා..??"

"ඔව් මම තමයි මෙයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්.."

සිතූ එකපාරටම මගේ ඇඟේ එල්ලිලා කිව්වම මම අර නාරං ගෙඩි දෙකක් සයිස් එකී දිහා ඔලුව නවලා බැලුවා.. සැහ් හයි හීල්ස් දෙකක් වත් දාන් එන්නෙපැයි.. මම සනිකව තරුල්‍යා නංගි දිහා බැලුවම ඒකි දස අතේ විරිත්තමින් හිනා වෙනවා.. ඒ උනාට ඒකිගෙ මූණ බලන ඕන එකෙක්ට තේරෙනවා මේකි මේ ඉන්නෙ දුකින් කියලා.. එනව මෙතන මර්සි දාන්න..

මම සිතූගෙ ඉස්සගෙ ඔලුව කඩලා සිතූට දුන්නම මේකි ඒක හබුන් කටයි බත් දෙකටයි වගේ ගිලල දැම්මනේ.. මම නම් හොඳ ලමයා වගේ මගෙ වඩෙන් බාගයක් තරුල්‍යා නංගිටත් දීලා කෑවා.. එයා ආගිය විස්තර එහෙම කතා කර කර ඉඳපු නිසා වෙලාව ගියා තේරුනේ නෑ..

"ඒ මේ.. දැන් හතයි පනහයි.. අට වෙනකොට යන්නෝනනේ.."

"ආ ඔව් නේ.. ඒ මචන් නංගේ අපි ගිහින් එන්නම්ද.. මේ හිල්ටන් එකේ පොඩි ඩිනර් එකක් දා ගත්තා බන්.."

"ආ හරි අක්කෙ එල.."

"සෙට් වෙමු ඈ.. හොඳට වැඩ ටික කරගනින්.."

"එල එල අක්කේ.."

මම එතනම තිබ්බ බයික් එකට නැග්ගහම තරුල්‍යා නංගිගෙ ඇස් දෙක පොල් ගෙඩි දෙකක් ආයිස් උනා..

"අඩෝ අක්කෙ මේක උබෙද.."

"නෑ බන් අපෙ අයියගෙ මේක.."

"සිරාවට එල එල ඈ.."

"යන්නම්.."

මම එහෙම කියලා සිතූටත් හෙල්මට් එක දැම්මහම  තරුල්‍යා නංගි එහා පැත්තෙ තිබුන බයික් එකක නැගලා අපිටත් අත වනාගෙන ගියා.. මම සිතූවත් බයික් එකේ දාගෙන ගියා හිල්ටන් එකට..

අපි දෙන්නා ඇතුල්ට ගිහින් සලබලාං ඔක්කොම කරලා කොහොම හරි ටේබල් එකකට ගියා..

අපි දෙන්නට මුලින්ම වෙල්කම් ඩ්‍රින්ක් එකක් හම්බුන නිසා අපි දෙන්නා පොඩ්ඩක් ඉස්සල්ලා ඉඳගෙන රෙස්ට් කලා..

"මෙහ්.. තරුල්‍යා වෙනස් වෙලා නේ.."

"ම්ම්.."

"හැබැයි ඒකි අර කපලා හිටපු කට් එක නම් එයාට සෙට් නෑ.. කලින් කපලා තිබ්බ එක හොඳයි හම්ලෝ.."

"ම්ම්"

"එයා ඔවා දිහා බලපු විදිහ දැක්කද.. මට නම් දෙන්න හිතුනා ඒකිගෙ දත් ටික හැලෙන්න.."

"ම්ම්"

"එයත් මට වඩා කොටයි නේත හලෝ.."

"ම්ම්"

"මොකද තව්සෙ ම්ම්ක් ම්ම්ක් ගාන්නෙ බස්සෙක් ගිල්ලද.."

ඒත් එක්කම සිතුමිණී අක්කා බකස් ගාලා හිනා උනා.. මොනොත්තක්ද හිටපු ගමන් හිනා වෙන්නේ.. හොල්මන් වගේ නිකන් එතෝට..

"කොහෙන්ද අනේ ඔයා ඔය වචන හොයාගන්නේ.."

අපි දෙන්නා ඒක බීලා ඉවර වෙලා සුප් පොඩ්ඩකුත් බීලා හරිම පිලිවෙලට කන්න පටන් ගත්තා.. මුලින් පොඩ්ඩ පොඩ්ඩ උනත් පස්සෙ අපි දෙන්නා හෙනටම කෑවා.. අන්තිමට නම් 'හම්මෝ' කියන්න බැරි තරමටම අපි කාලයි හිටියේ.. අපි දෙන්නා සෑහෙන වෙලාවක් කියව කියව හිටියා.. මෙතනදි තමයි අපි දෙන්නා පලවෙනි වතාවට යාලු උනේ.. මේ තැන කොහෙත්ම අමතක කරන්න බෑ..

" I don't deserve this.. darling you look.. Perfect tonight.."

සිතූ හරිම ආදරේ හිතෙන විදිහට මම දිහා බැලුවේ..

"ඔයාට මතකයි!!"

"කොහොම අමතක වෙන්නද.."

"ම්ම් අපි යමුද.."

"හා හා.. දැන් ගෙදරනෙ යන්නේ.."

"බෑ බෑ.. අපි ගෝල්ෆේස් යන්.."

"ම්ම්හ්ම්.."

පස්සෙ අපි දෙන්නා බයික් එකේ නැගලා ආයෙම ගෝල්ෆේස් පැත්තට ආවා.. දැන් හුඟක් රෑ වෙලා නිසා මෙතන කලබලකාරී පරිසරයක් නෑ.. හරිම නිස්කලංකයි.. ඒ වගේම මූණෙ වදින මුහුදු හු‍‍ලඟත් එක්ක මේ වෙලාවට මෙතන මරු!!

අපි දෙන්නා අර පාලම උඩට වෙලයි හිටියේ.. අපි දෙන්නම ඈත පේන මුහුද දිහා බලන් මුකුත් කතා කරන්නැතුව හිටියේ.. සිතූ ඈත බලාගෙනම මගේ අත උඩින් අත තිබ්බා.. මම දැන් කියන්නද..

එකපාරටම සිතූ මාව බදාගත්තා!!

"Happy Birthday my darling.. you are the best person i've ever met.. thankyou for everything and sorry පැටියෝ.. wish your birthday is as special as you.. I love you so much! My love..!!"

මට අමතකත් උනා.. දොලහත් වෙලා ඒ කියන්නේ.. අනේ දෙයියනේ අද මගෙ උපම්න් දිනේනේ..

"ආ- ත්-තෑන්ක්ස්.. මට ඇත්තටම අමතකත් උනා.."

"හරි අයියෝ.. මට විශ් කරන්න ඕන නිසයි ඉමුයි කිව්වේ.."

ඒකල්ලා සිතූ මගෙ කම්මුල එබෙන්නම මගේ කම්මුලට හාද්දක් දුන්නා.. මම ඒක කියන්නද.. මම තාමත් කල්පනා කරන්නෙ ඒක ගැන.. නෑ මම ඒක දැන් කියනවා.. එතන කවුරුත් ඇත්තටම හිටියෙ නැති තරම්.. මමයි සිතුයි ඇරෙන්න තව උපරිම දහයක් පහලොවක් ඉන්න ඇති.. ඒත් කලුවර නිසා අපිට වෙන දේවල් ඒ තරමට පෙනුනෙ නෑ.. මම සිතූගෙ අත් දෙකෙන් අල්ල ගත්තා..

මම මුලින්ම ලොකු හුස්මක් දාලා එයාගෙ පැත්තෙ හැරුනා.. එයා අල්ලන් හිටපු මගෙ අතින්ම මම එයාගෙ අත් අල්ල ගත්තාම එයත් මන් හිටපු පැත්තට හැරුනා.. මමත් එයත් තප්පර දෙක තුනක්ම කතා කලේ නෑ.. ඒ උනත් ලොකු මුහුදෙන් එන මුහුදු හු‍ලං අපි දෙන්නගෙම මූණු වල වැදිලා යනවා.. මම තව සැරයක් හිතුවා.. මේකද ඒක කියන්න සුදුසුම වෙලාව කියලා.. අපි දෙන්නා අතර අඩි හතරක පහක විතර පරතරයක් තිබුනේ.. මම එයාගෙ අත් තදින්ම අල්ලන් එයා දිහා බැලුවා.. එයා මූණ පහලට හරවන් හිටියේ.. මගේ කම්මුල් දෙක ගිනිගන්නවා වගේ පපුව ඇතුලෙන් පිච්චිලා යනවා වගේ දැනෙනවා.. අවුරුදු තුනක්ම මම බලන් හිටියා තමයි.. ඒත් මට හරි අමුතුයි.. අපි පුංචි කාලෙ මම එකොලහේදි එයාට ආදරෙයි කිව්වා වගේ ලේසි නෑ කියලා හිතෙනවා..  මට එයාගෙ ගැන තියෙන හැඟීම දවසින් දවස අලුත් වෙනවා.. මම ආයෙම ලොකු හුස්මක් පහලට දාලා එයාගෙ දිහා කෙලින්ම බැලුවා..

"ස්-සිතූහ්"

"ම්ම්"

"මම්-මගෙ දිහා බලන්න.."

එයා මට වඩා හුඟක් පහතින් හිටියේ.. මම එයාගෙ දිහා බලන් හිටියෙ ඔලුව නමාගෙන.. මට තේරෙනවා මග්ව් කටහඬ වෙවුලනවා.. ඒ වගේම මගෙන් පිටවුනේ මීට කවදාවත්ම පිටවෙලා නැති අමුතුම හඬක්.. මගෙ ඇස් දෙකත් ගිනිගන්න තරම් රත් වෙලා වගේ.. මගෙ අත් හොඳටම සීතල වෙලා කියලා මට හොඳටම දැනෙනවා.. මම මේක අක්කට කියන එකේ බයවෙන්න දෙයක් නැති උනත් මට බයයි.. මටම මගෙ හදවත හයියෙන් හයියෙන් ගැහෙන සද්දෙ ඇහෙනවා.. සිතූ අක්කා තප්පර කීපයක් බිම බලන් ඉඳලා ඔලුව උඩට උස්සලා මන් දිහා බැලුවා..

මම එයාගෙ අත් දෙක තද කරන්.. හුඟක් තද කරන් අඩියක් ඉස්සරහට උනා.. මම මේක කිව්වට කමක් නැද්ද? ඇයි මේ මගෙ හදවත් මෙච්චර රිදෙන්නේ.. මට හෙන හයියෙන් කෑ ගහලා කියන්න හිතෙනවා අක්කේ මම ඔයාට ආදරෙයි කියලා.. ඒත් වටේ පිටේ මිනිස්සු ටික දෙනෙක් ඉන්නවා.. හොඳ වෙලාවට කලුවර වෙලා තියෙන්නේ.. මම ආයෙම ලොකු හුස්මක් අරන් පහලට දාලා අපි අතරෙ තිබුන නිහැඬියාව බිඳින්න කතා කලා..

"අක්කේ..මම- මම.."

"කියන්න.."

"ම-මම ඔයාට අවුරුදු ගානක් තිස්සෙ ඉඳන්ම හරි ආ-ආදරෙයි අක්කෙ..මම ඔයාට නොසෑහෙන ආදරෙයි.. ඇත්තටම.. මම ඔයා මගෙන් පොඩ්ඩක් ඈත් වෙනවටත් බයයි.. මට ඕන ඔයා ලඟටම වෙලා මගෙ ජීවිතේ ගෙවන්න.. ඔයා ලඟ හැමදාටම ඉන්න.. ඇත්තටම මම ඔයාට හුඟක් ආදරෙයි.. ඔයා මන් ලඟ හිටපු නැති කාලෙ හරියට.. හරියට මට මේ ලෝකෙ මට තිබුන ලොකුම වස්තුව නැති උනා වගේ අක්කේ.. මම ඔයාට ආදරෙයි.."

මම සිතූ දිහා තප්පර දෙක තුනක් බලන් හිටියා..මට හොඳටම දැනෙනවා එයාගෙ අත් වෙව්ලනවා.. මගෙ හදවත ගැහෙන සද්දෙ මට හොඳටම ඇහෙනවා.. හැමදේම හරි ඉක්මනින් වෙනව වගේ මට දැනුනා.. මන් මගෙ එක අතක් එයාගෙ ඉන වටේ පටලව ගත්තාම අපි අතරෙ තිබුනෙ අඩි දෙකක වගේ පරතරයක්.. මම ආයෙම හිතට ලොකු හයියක් අරගත්තා.. ඊලඟට..

"අක්කෙහ්හ්...I-I love you... i don't know how to show that.. I love you so much... I need you.. my feelings for you- arhh... I love you no matter what.... ම-මට ආදරෙයිද..?"

මගෙයි එයාගෙයි ඇස් එකිනෙකට යා වෙලයි තිබුනේ.. අපි දෙන්නගෙම ඇස් වල හීනියට කඳුලු පටලයක් බැඳිලා තියෙනවා.. මම මේ විදිහටමයි එදත් කිව්වේ

"ඔ-ඔයා එදා වගේමයි.. yes!! I-I lo- I love you ආදි... I love you so much..."

මම එයාගෙ ඉන වටේ තිබුන මගෙ අතින් එයාව මගෙ ලඟට ඇඳලා ගත්තා.. ඒත් එයාගෙයි මගෙයි අතර සෙන්ටිමීටර් දහයක විතර පරතරයක් තිබුනා.. සිතූ සිරීපාදෙ කන්ද දිහා බලනවා වගේ මගේ දිහා බලන් හිටියේ.. මම එයා දිහා බිම බලනවා වගේ බලන්.හිටියේ.. එයා පුංචි නිසා මට එයාව හරියට පරිස්සම් කරන්න ඕනෙ.. මගෙ අනිත් අත මන් එයාගෙ පුංචි අත් වල පටලව ගත්තා.. මගේ ලොකු ගොරෝසු අත් වලට එයාගෙ අත් දැනුනේ හරියට පුංචි බෝනික්කෙක්ගේ අතක් වගේ..

"Will you be my girlfriend...?"

"Yes... yes my love..."

සිතූ අක්කා එහෙම කියලා මාව තද කරලා බදාගත්තා මමත් මගේ ලොකු අත් වලින් එයාව වැහෙන්නම එයාව බදාගත්තා.. අපි වටේට කවුරුත්ම ඉන්නවා කියලා අපිට දැනුනෙ නෑ.. මම එයාව බදන් ඉඳලා එයා මගෙන් එහාට උනාම එයාගෙ තොල් දිහා බලාගෙන හිටියා.. මට අපේ අතීතෙ මතක් වෙලා පොඩ්ඩක් හිනාත් ගියා..

"අපි තාමත් පොඩි වැඩිද ආදි.."

"ශ්හ් පිස්සුද.. මට දැන් දහනවයක් නේ!!"

"ම්ම්හ්ම්.."

මම ආයෙම එයාගෙ ඉන වටේ මගෙ එක අතක් යවලා එයාව මගෙ ඇඟටම ඇදලා ගත්තා.. මම සිතූ දිහා ටිකක් වෙලා බලන් ඉඳලා එයාගෙ තොල් වලින් මගේ ඇඟිලි දෙකක් තිබ්බා..ඒවා සිනිදුයි.. ඕනවටත් වඩා.. එයාගෙ තොල් හරිම සිනිදුයි... මන් අනිත් ඇඟිලි දෙකෙන් එයාගෙ මූණ ඉස්සුවම එයා මන් දිහා බලන් හිටියේ හරියට එදා වගේම එයාට මුලු ලෝකෙම අයිති වෙලා වගේ බැල්මකින්..මන් කකුල් දෙකෙන් පොඩ්ඩක් පහත් වෙලා එයා ලඟට කිට්ටු උනා.. මන් මම එයාගෙ තොල් වලින් ඇඟිලි තියලා එයාගෙ මූණට පහත් වෙලා මගේ ඇඟිලි වලින් මගේම තොල් තියනවත් එක්කම සිතූ මන් දිහා බලන් හිටියේ.. කලින් පාරත් උනේ මේ විදිහටම නිසා අපි දෙන්නටම ඒක මතක් වෙලා අපි දෙන්නටම ඇඟිලි වල තොල් තියෙද්දිත් හිනා ගියා.. මගේ ඇඟිලි එයාගෙයි මගෙයි තොල් අතරින් පහලට රූටලා යද්දි එයාගෙ ඇස් පියවිලා ගියා.. හරියටම ගත්තොත් පලවෙනි පාරට මගේ තොල් එයාගෙතොල් උඩ තියෙනවා..!! මම පලවෙනි වතාවට ඒවා විඳිනවා..!! ඒවා හරිම සිනිදුයි.. හරියට පිහාටුවක් වගේ.. ඒ වගේම එවා හුඟක් සීතලයි..මට හොඳටම ලඟින් එයාගෙ හුස්ම වදිනවා දැනෙනවා.. මම වගේම එයත් හයියෙන් හයියෙන් හුස්ම ගන්නවා.. මම විනාඩියක් විතර මගේ තොල් එයාගෙ තොල් වල තියන් ඉඳලා එයාගෙ යටි තොල මගෙ තොල් දෙක අතරට මැදි කර ගත්තා.. මම තප්පර දෙක තුනක් එහෙමම ඉඳලා මගෙ තොල් අතරට මැදි උන එයාගෙ යටි තොල හිමින් උරවන්න ගත්තා.. ඒක හරියට මැජික් එකා වගේ.. මාව ඒකට ඇදගන්නවා වගේ.. එයාට වගේම මටත් ඒක නවත්තන්න ඕන උනේ නෑ.. විනාඩි ගානක් එයාගෙ තොල් මම තාලෙකට උරවද්දි එයා හිටියේ හුස්ම ගන්නත් අමාරුවෙන් උනත් ඒකට කැමැත්තෙන්.. ඒත් එක්කම එයාගෙ ඇස් වලට උනපු උණුම උණු කඳුලු බින්දුවක් එයාගෙ කම්මුලින් පහලට රූටලා ඇවිත් ටොක් ගාලාඅතට වැටුනා.

මන් මගේ තොල් අරන් සිතූව තද කරලා බදාගත්තා එයාට ඉබේටම ඉකි ගැහුනා එයාගෙ ඇස් වලින් කඳුලු කැට ගනන් රූටලා එයාගෙ කම්මුල් දිගේ වැටුනා..

අපි අතරෙ කොච්චර වෙලාවක් ගෙවුනද කියන්න දන්නෑ.. ඒත් ඒ ගෙවුන විනාඩි කීපයට මම තදින් බැඳිලා හිටියෙ.. මම මගෙ තොල් එයාගෙ තොල් වලින් ඈත් කරන් එයා දිහා බලන් හිටියා.. එයාගෙ කම්මුල් රෝස පාට වෙලා.. කරුවලේ උනත් මට ඒක හොඳටම පෙනුනා.. මගෙ කම්මුල් පිපිරිලා යන්න තරම් රත් වෙලා.. මම ඒකල්ලා එයාව තද කරල බදාගෙන එයාගෙ බෙල්ල අස්සෙ මගෙ මූණ ගහගෙන හිටියා..අපි අතරෙ කාලය ගෙවෙනව මට තේරුනේ නැහැ.. ඒත් අනිත් අයට ඒ කාලය වේගෙන් යනව තේරෙනවා.. මන් සිතූගෙන් අයින් වෙලා එයාගෙ මූණෙන් අල්ලලා නලලට හාද්දක් තිබ්බම සිතූ හැඟීම් පොදිබැඳන් මන් දිහා බලන් ඉදලා මගේ කම්මුලට කිස් එකක් දුන්නා..

"අපි ගෙදර යමු.. දැන් හුඟක් රෑ වෙලානේ.."

"ම්ම් ම්ම්"

මම සිතූගෙ අතෙන් අල්ලන් බයික් එක ගාවට ඇවිත් මම හෙල්මට් එක දාගෙන එයාටත් හෙල්මට් එක දාල මම බයික් එකෙන් ඉඳගෙන බයික් එක ස්ටාට් කරාම එයා මගෙ උරහිස් වලින් අල්ලන් බයික් එකට නැගලා මගෙ ඇඟ වටේ අත් යවලා මාව බදාගත්තා.. මම බයික් එක හරවන් ගෙදර එනකොට එයා මගෙ පිටට ලොකු තියාගෙනයි හිටියේ.. අපිට ගෙදර එන්න විනාඩි විස්සක් විතර යන්න ඇති.. අපි සිතූලගෙ ගෙදර ගිහින් නෙතූට කෝල් එකක් ගත්තම එයා ඇවිත් දොර ඇරියා.. සිතූ වගේම මමත් හිටියෙ ඇඟේ අමාරුවෙන්, මහන්සියෙන් වගේම නිදි මතෙන්.. සිතූ නම් හිටියෙ වැනි වැනි වගේ.. මම සිතූවත් ඇදන් ඇතුල්ට යනකොට නෙතූ මූණ් පිරෙන්නම අපි එක්ක හිනා වුනා..

"හැපි බර්ත්ඩේ නෑනෝ!!"

"ආ තෑන්ක්ස් පොඩ්ඩෝ"

මම සිතූවත් එක්කගෙන කාමරේට ඇවිත් වොශ් එකක් දාන් එන්න කියලා සිතූගෙ ඔලුවට ටවල් එක දාලා වොශ් රූම් එකේ දොර ඇරල පුපට පයින් දෙකක් ගහලා ඒක ඇතුල්ට දැම්මා.. සිතූ වොශ් එකක් දාන් ඇඳුමකුත් දාන් ඇවිත් ඇඳේ බොහ් ගාලා වැටුනම මමත් ගිහින් වොශ් එකක් දාලා සිතූගෙ අගල් දෙකේ සෝටකුයි හොයලා හොයලා එයාගෙ කලු පාට බැගී ශර්ට් එකකුයි ගත්තා.. මම කාමරේට එනකොට සිතූ ඇඳේ වාඩි වෙලා බලන් ඉන්නවා.. මම ටවල් එක රැක් එකෙන් දාලා ලයිට්ස් උත් ඕෆ් කරලා ගිහින් ඇඳේ පෙරලුනාම සිතුත් ඇඳේ පෙරලුනා.. අවුරුදු ගානකින් අපි දෙන්නා එකට නිදා ගන්න හදන්නේ..

" හුඟ කාලෙකින් නේද.."

"ම්ම් අවුරුදු ගානකින්.."

"ඔයාට මතකද ඔයා මුලින්ම අපේ ගෙදර ඇවිත් මගෙ කාමරේ ඔයා නිදා ගත්තා.."

"ඔව්.. ක්‍රිකට් මැච් දවසෙ.."

"ම්ම්"

"දැන් නිදා ගමු.. මහන්සී"

"ම්ම්.. ආදි.."

"ඕ"

"මම ඔයාව බදාගන්නද.."

"එන්න.."

මම අත දිග ඇරියම සිතූ මගෙ ලඟටම ඇවිත් මට තුරුල් උනා.. අවුරුදු ගානකින් එයා මට තුරුල් වෙලා නිදා ගන්නේ.. මම බ්ලැන්කට් එක අපි දෙන්නට දාලා එයාව බදාගෙන නිදා ගන්න ඇස් පියා ගත්තා..තිබුන මහන්සියටයි ඔක්කොටමයි මට හරි ඉක්මනට නින්ද ගියා..

දැන් මේ ඉන්නෙ මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්!!!!

ඌවූ...

ඔන්න ඉතින් කොටස් හතලිස් හතරක්ම මේක ඇදලා ඔන්න ඒ දෙන්නා යාලු උනා!! ඒ වගේ ඒ දෙන්නගෙ පලවෙනි කිස් එකත් හරි.. මම මේක මෙහෙම ඇද්දට මේක හුඟක් දිගට මම ලියන කතාවක් නෙවෙයි ලමයිනේ.. මම හිතන් හිටියේ මේකෙ කිස් සීන් එක පහලව වගේ චැප්ටරේදි දෙනව කියලා.. ඒත් මම හිතලම මේක පොඩ්ඩක් ඇද්දේ.. ඉතින් මම හිතනවා ඔයාලා මම ලියන කතාවට අකමැති නැතුව ඇති කියලා..  ලමයිනේ මම මේකෙ එන්ඩ් එක කොයි විදිහට ලියයිද කියලා කියන්න බැහැ.. මම වත් ඒක තාම ඩිසයිඩ් කරලා නෑ..

ඉතින් මාත් එක්ක මෙච්චර කල් හිටපු මගේ සහෝදර සික්ක සික්කාවන්ට ගොඩක් ස්තූතී මම හුඟාක් ආදරෙයි.. ම්වාහ්හ්හ්හ්...

අනේ හුථ්ථ බලන්නකෝ.. මම දවස් දෙකක් තිස්සෙ මේක ලියලා ලියලා මොකද්ද මගුලක් වෙලා ඒ චැප්ටරේ නැති උනා නේ.. මන් ඊට පස්සෙ ආයෙත් මහන්සි වෙලා යඛෝ මේඛ ලිව්වේ!!!! එහෙනම් ගිහින් ඉක්කන්ටම එන්නාම්ම්...

ආදරෙයි උම්තුරම්න 😽❤️

Them <33333

අද මම ඔයාලට මීට කලින් කියලා නැති කතාවක් කියන්නම්..

ලමයිනේ මේ කතාව සත්‍ය සිදුවීමක් ඇසුරින් උපුටා ගත්තු එකක්.. ඒක මන් සමහර තැන් පොඩ්ඩක් වෙනස් කරලා ලියන්නේ..

තැන්ක්‍ යූ බායි ✌️

Share This Chapter