Back
/ 53
Chapter 44

44 කොටස

_නොනිමි_

"හැපි බර්ත්ඩේ චූටී!!!

"ආ-ම්ම්"

මම ඇස් ඇරලා බලනකොට මම හිටියෙ මගේ කාමරේ නෙවෙයි.. ඔව්නේ!! ඊයෙ මම සිතූලගෙ ගෙදරනෙ හිටියේ.. මගෙ ඉස්සරහා පොඩි අයියා, ලොකු අයියා, අක්කා, සුදු අයියා,සිතූ, නෙතූ, සිතූලගෙ අම්මි හැමෝම හිටගෙන හිටියා.. මම මේ මොකද්ද වෙන්නෙ කියලා ප්‍රොසෙස් වෙන ගමන් හිටියේ.. මම හෝන්දු මාන්දු වෙන් වගේ නැගිටලා ඇඳෙන් ඉඳගත්තම අපේ ලොකු අයියා මන් ගාවට ආවා..

"මට තාම මතකයි.. ඔයා ඉපදිලා අම්මා ඔයාව ගෙදරට අරන් ආපු විදිහ.. ඔයා ඒ කාලෙ හුඟක් චූටී.. රෝස පාටයි.. ඒ හිටපු කෙල්ලට දැන් අවුරුදු දහනවයක්!! හැපි බර්ත්ඩේ චූටි නංගි... ලොකු අයියා ලව්ස් යූ අ ලොට්.."

"අහ්ම්- තැන්ක් යූ ලොකු අයියා.."

ඊලඟට මන් ලඟට ආවේ පොඩි අයියා..ඒකා ආපු ගමන් මගෙ පිටට දබෝස් ගාල ගහලා ආයෙම මාත් එක්ක දත් තිස් දෙකම පෙන්නලා හිනා උනා..

"හැපි උපන් දිනයක් ඕයි.. අඩෝ මට තාම සිරාවටම මතකයි උබර් හිච්චං කාලෙ.. මම උබ ඇඟහෝදලා ගෙනාවම උබට උම්මා සීයක් හරියටම ගනන් කල්ලා දෙනවා.. උබ එතකොට රතු වෙලා පිපිරෙන්න වගේ ඉන්නේ.. අම්බෝ අවුරුදු දහනවයක් ගෙවුන ඉක්මන..!! කෝමහරි හැපි බර්ත්ඩේ චූටි.. පොඩි අයියා වැඩිය නොකිව්වට තව්සෙට ආදරෙයි හරිද.. ගොන් වැඩ නොකර ඉන්නවා.."

"තැන්ක් යූ පොඩි අයියේ..."

ඊලඟට මගෙ ලඟට ආවෙ වෙත්මි අක්කා.. එයාගෙ මූණෙ අද වෙනදට වඩා හිනාවක් තිබුනා.. එයා සාමාන්‍යෙන් හිනා වෙලා තමා ඉන්නේ.. ඒත් මේ හිනාව හරි වෙනස්..එයා මගෙ ලඟට ඇවිත් ඔලුව අතගාලා මගෙ මූණ අල්ල ගත්තා..

"හැපි බර්ත්ඩේ කෙල්ලේ.. අක්කා ආදරෙයි.. පරිස්සමින් සතුටින් ඉන්න හරිද.. අයියයි අක්කයි ඔයා ගාවින් ඉන්නවා හැමදාම.."

"තෑන්ක්ස් අක්කේ.."

ඊට පස්සෙ සුදු අයියා මන් දිහා හරියට ආදරේ හිතෙන බැල්මකින් බලන් හිටියා.. හැමෝම දන්නවා මම මේ කාටත් වඩා ආදරේ, මම හුඟක් ලඟ සුදු අයියට කියලා.. එයා මාව බලාගන්නෙ එයාගෙ ලමයෙක් වගේ.. මට අඩුම එයාගෙ ලේ වත් නෑ.. මම එයාගෙ නංගි කෙනෙක් නොවුනත් එයා මට පුදුම විදිහට ආදරේ කරන්නේ..

"අනේ මගේ චූටියෝ..දෙයියනේ මේ කෙල්ල ලොකු වෙච්ච තරම්.. මට තාම මතකයි චූටියෝ.. ඔයාව ඉස්සෙල්ලම දැක්ක දවස.. ඔයා ක්ලාස් එක ඇතුල්ට දුවගෙන ඇවිත් අයියා දිහා බලන් හිටියෙ.. අනේ ඔයා හරි ශෝක් චූටියෝ.. මට කවමදාවත් ඔයාව පිටයි කියලා නම් දැනිලා නෑ ඔයා මගෙම නංගි මට.. මම හුඟාක් ආදරෙයි මගෙ දරුවට.. හැපි බර්ත්ඩේ මගෙ චූටියෝ.."

සුදු අයියා මාව බදාගෙන මගෙ නලලට කිස් එකක් දීලා මගෙන් ඈත් උනා.. ඊට පස්සෙ සිතූලගෙ අම්මත් ඇවිත් මට විශ් කරලා එයයි ලොකු අයියයි අක්කයි නෙතුයි කාමරෙන් යන්න ගියා.. අන්තිමට කාමරේ ඉතුරු උනේ මමයි සුදු අයියයි සිතුයි අපෙ පොඩීයි විතරයි..

"අයියේ.."

"ම්ම්"

"මේ ඉන්නෙ දැන් මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරිද.."

"නෑ...! චූටියෝ.. ඔය දෙන්නා ආයෙම යාලු උනාද.."

"ම්ම් ඕ"

"අනේව්.. එහෙනම් මේ කපල් එකට ඉන්න දීලා අපි යමු නේද සුදූ.."

"ආ හා.. නංගි පරිස්සමින් මේකි එක්ක.."

මම අපෙ පොඩි අයියා දිහා ඇහි බැමත් උරුක් කරන් බලන් හිටියා.. පුදුම හත්වලාමක් නේ.. අනේ යකෝ මටයි මෙයාගෙන් පරිස්සම් වෙන්න තියෙන්නෙ.. ම්හුක්..

ඒ දෙන්නත් කාමරෙන් එලියට ගියම සිතූ දොර වහලා මන් ලඟට ආවා..

"ගුඩ් මෝර්නින්ග්.."

"ගුඩ් මෝනින්"

"වොශ් එකක් දාන් එන්න.. හැපි බර්ත්ඩේ.."

"තෑන්ක්ස් අනෙ.. ඔයා මේ දෙවෙනි පාර විශ් කරපු.."

සිතූ මාත් එක්ක හිනා වෙලා මට ටවල් එක ගෙනත් දුන්නා..

"ඇඳුමක්.."

"වොශ් දාන් එන්න.."

මම බාතෲම් එක අස්සට වැදිලා හොඳ~ට දත් ටික මැදලා හොඳ~ට නා ගත්තා.. සුවඳට ඉන්නෙපැයි අද.. මම නාගෙන ඔලුවත් පිහදගෙන ටවල් එක ඉනට ඇ‍ඳන් එතන තිබුන තව ටවල් එකක් මගේ නිරුවත් උඩු කයට දාගෙන ආවා.. නැත්තන් සිතූට නගී!! දැන් නම් පහලින් හෙන සද්දයක් මෙහෙටම ඇහෙනවා.. තව කවුරු හරි ඇවිත් ඇති..

මම බාතෲම් එකේ දොර ඇරන් එලියට යනකොට සිතූ ඇද උඩට වෙලා ෆෝන් එකත් ඔබ ඔබ ඉන්නවා.. මම ගිහින් එයා ලඟ කොන්ඩෙ ගැසුවම තමා එයා පියවි සිහියට ආවේ.. එයා උඩ බැලුවම මගේ බාගෙට නිරුවත් උඩු කය දැකලා පොඩ්ඩක් රතු උනා.. මෙහෙමයි හර්ත.. මගෙ දැන් කෙම්ලෙක් කියල පේන්න නම් දෙයක් නෑ මොකද මම ඒවා පේන්නැති වෙන්න කරන්න ඕන දේවල් කරලයි තියෙන්නේ.. ඒත් ලැජ්ජයිනෙ අනේ.. ඒකයි මේක දාන් ආවේ..

"අ-අම් මෙ- මේ ඔයාට ගිෆ්ට් එකක්.. ඇඳන් එන්න මම එලියෙන් ඉන්නම්.."

සිතූ හොඳටම් රතු වෙලා කලබල වෙලා කාමරේ දොර ඇරන් එලියට යන්න ගියම මම් එයාගෙ අතින් ඇදල අරන් දොරට හේත්තු කර ගත්තා.. මගෙ පිටිපස්සෙන් තියෙන්නෙ කන්නාඩි මේසෙ.. මම පිටිපස්ස බැලුවම පේන්නෙ හැඩි දැඩි පිරිමියෙක්ගෙ ඇඟක්.. ඉස්සරහිනුත් එහෙම තමා.. මගෙ තියෙන සික්ස් පැක් වලටයි අහම්- මම සිතූ දිහා බලාගෙන එයා ලඟට පහත් උනා..

"මොකද කලබල වෙලා.."

"එහාට යන්න අනේ.."

"ඒ ඇයි මම එහාට යන්නේ.."

"ගිහින් ඇඳුමක් දාගන්න.."

"ඒ ඇයි.."

"මමත් මෙතන ඉන්නවනේ..!!"

"ඉතින් මගෙ ඉස්සරහ ඉන්නෙ මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් නේ.. මගෙ ෆියුචර් වයිෆ්.."

සිතූ දැන් නම් රතුම රතු වෙලා පිපිරෙන්න ඇවිල්ලයි තිබුනේ.. මම හිමීට එයාගෙ තොල් වලට පහත් වෙලා විනාඩි දෙක තුනක් හිටියා.. මගෙ කොන්ඩෙන් බේරුන වතුර බින්දු එයාගෙ ඇඟටත් වැටිලා.. අපි දෙන්නා විනාඩි දෙක තුනක් එහෙම ඉඳල මම එයාගෙ තොල් වලින් ඈත් උනාම එයා ලැජ්ජ හිතිලා මන් දිහා තොලත් හපන් බලන් ඉඳලා එක පාරටම දොර ඇරගෙන එලියට පැනල දොර වැහුවා.. ආශ්හ් මේ කෙල්ල..!!!

මම ඉතින් ඇඳ උඩ තියලා තිබුන බෑග් එකේ තිබුන ඇඳුම් ටික ඇඳට හැලුවා.. ඒකෙ තිබුනේ F.O.A. එකේ තද කොල පාට බැගී ශර්ට් එකකුයි තව ඒකෙම ජොගර් ට්‍රවුසර් එකකුයි.. මම ඒක ඇඳන් කොන්ඩෙටත් සිතූගෙ පොඩ්ඩක් හෙයා ඩ්‍රයර් එක අල්ලලා කොන්ඩෙත් හදන් මගේ සිල්වර් චේන් එකත් දාගෙන සිතූගෙ තිබුන පර්ෆියුම් ගොඩෙන් 'cool menthol' කියලා තිබ්බ එක අරන් ඒකෙනුත් පොඩ්ඩක් ගහන් දොර ඇරන් පහලට ගියා.. ඌව්ව් ගොඩක් කට්ටිය ඉන්නවනේ.. මම පහලට යනකොට සිතුයි අවිත්‍යා, මෙතා, පෙසාරා අක්කා, කට්ටිය එක තැනකට වෙලා කියෝ කියෝ ඉන්නව මන් දැක්කා.. මම එයාල ලඟට යනකොට අවිත්‍යා දුවගෙන දුවගෙන ඇවිත් බොහ් ගාල මගෙ ඇඟට පැන්නා..

"හැපි උපන් දිනයක් මගෙ රත්තරනේ..මම ඔයාට ආතරෙයි නේ.."

"හම්බේ තෑන්ක්ස්.. ඒකට නම් මගෙ දෑස පලන් කඳුලුත් ආවා.."

"දෑස පලන් කියලා ශුවර්ද ඒයි.."

"ඔව්නෙ ඒයි අනිත් ඒවා පලන් එන්නෙ කඳුලු නෙවේනෙ.."

"හැපූ වලම්තයා.."

මට හැමෝම හැපි බර්ත්ඩේ හැපි බර්ත්ඩේ කියපු නිසා මම එයාලට තෑන්ක්ස් කරලා එයාල එක්ක කියෝ කියෝ හිටියා..

"ඒ බං නංගේ.."

"ඕ"

"උබලා දෙන්නා උඩදි මොනාද බන් කලේ මේකි රතු වෙන්න තරම්.. මේකි ඇඟේ වතුරත් හලාගෙන රතුම රතු වෙලා පහලට දුවන් එනකොට පඩිපෙලෙත් වැටිලා අන්න කකුල තුවාල වෙලා.."

මම සින් ගාල සිතූගෙ කකුල දිහා බැලුවා.. ඇත්ත තමයි හිච්චං තුවාලයක් වෙලානේ..

උඩදි උන දේ ගැන පෙසාරා අක්කා ඇහුවම සිතූ ආයෙත් රතු උනා..

"නෑ ඒයි පිස්සුද.. මොනා වෙන්නද අනේ අපි දෙන්නා අතර.. ඔන්න ඊයෙ නම් සිද්ද උනා නේ.."

"ඈ අඩෝ!!!! මොනාද උනේ..!!!.."

"අඩෝ ආදි උබ මට කිව්වෙ නෑ නෙ කැ#යා.."

පෙසාරා අක්කලා හෙනට හිනා වෙන ගමන් ඇහුවට අවිත්‍යාගෙ මූණෙ නම් තිබුනෙ එච්චර හොඳ හිනාවක් නෙවේ.. එයාගෙ මූණෙ තිබුනෙ දුකක්.. මූ අක්කටද කැමති..

"ඒ බන්.. ආදි උබ මගේ සිතූට කුලුඳුල් ප්‍රථම හාද්ද පුද කලාද..!!"

"හැව් නේ.."

"අඩෝ! අඩෝ!! අඩෝ!!!.. ප#යො දෙන්නා අපිට කිව්වෙත් නෑ.. බලහන්කො මෙතුකි නංගි මුන් දෙන්නා.."

"උබලට ඉතින් අපි දෙන්නා දවසක හු#න එකත් කියල කරන්නද කියාම්කො.."

"ඔව්!! නැතුව!!.."

"නෙද්දකින්.. උබලා ඇවිත් ෆිල්ම් එකක් බලනවා වගේ බලන් ඉදී පුලුවන් නම්.."

"අනේ අනේ මේ.. ඔයාලා මේ හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එලිපිට හරිත.."

"පුහ්"

අපි සෙට් එකම එතනට වෙලා හෙන කයියක් දාන් ඉඳලා උදේට කන්න ගියා.. අනේව් අද කිරිබත් හදලනෙ.. කිරි බතුයි චිකනුයි.. අනේව්.. ලුණු මිරිස් වලින් දහනවය කියලත් ගහලා.. ඒත් එක්කම ඉටිපන්දම් දෙක තුනක් ගහපු ලස්සන චොක්ලට් කේක් එකක් අපෙ අක්කා උස්සන් ආවා..

"හැපි බර්ත්ඩේ ටූ යූ

හැපි අර්ත්ඩේ ටූ යූ

හැපි බර්ත්ඩේ ඩියර් ආදී..

හැපි බර්ත්ඩේ ටූ යූ...."

හැමෝම තාලෙට කිව්වම මම ඉටිපන්දම් ටික නිව්වා.. ඊට පස්සෙ පුංචි කේක් කෑල්ලක් කපලා මුලින්ම ලොකු අයියට කැව්වා ඊලඟට මම පොඩි අයියට කැව්වා.. ඊලඟට අක්කට, සුදු අයියට කවලා මම අම්මිට කැව්වා.. පස්සෙ සිතුට කවන්න ගිහිල්ලා ඒකගෙ මූණෙ මම කේක් එක ගෑවා.. ඊට පස්සෙ අලුත් කේක් කෑල්ලක් නෙතූටයි අවීටයි මෙතාටයි පෙසාරා අක්කටයි කැව්වා.. කේකුත් කාලා අපි උදේටත් කාලා ආයෙම සෝෆා එකට වෙලා කියව කියව හිටියා.. ටිකකින් ලොකු අයියයි පොඩි අයියයි වැඩක් තියෙනවා කියලා කොහෙද මන්දා ගියා.. ඊටපස්සෙ අක්කයි අම්මියිත් කොහෙද මන්දා යනවා කිව්වා.. අම්මිට අපේ අක්කව සෙට් වෙලා ඒ දෙන්නා දැන් එකටමයි ඉන්නේ.. අපි ඉතින් කරන්න වැඩකුත් නැති නිසා සිතූගෙ කාමරේට ගිහින් ඒ ටීවී එකේ ෆිල්ම් එකක් දාගත්තා.. අපි කට්ටිය ෆිල්ම් එකත් බලලා ඊට පස්සෙ අපි ඩෙයා ඩබල් ඩෙයා ටෲත් කිස් ප්‍රොමිස් කරන්න ගත්තා.. මම ඊට කලින් අලුත් ඇඳුමෙ කුණු ගෑවෙන නිසා සිතූගෙ අගල් දෙකේ ශෝටකුයි ශර්ට් එකකුයි ඇඳගත්තා.. හොඳවෙලාවට මෙයා බැගී අඳින්නෙ.. හැබැයි මෙයාගෙ බැගී මගේ ඇඟට ගානට..

"එන්න අනේ ඉඳගන්න.."

මම ගිහින් සිතූගෙයි අවිත්‍යගෙයි මැද්දෙන් ඉඳගත්තා..

පෙසාරා අක්කා කොහෙන්ද මන්දා බෝතලයක් උස්සන් ඇවිත් ඒක මැද්දෙන් තිබ්බා.. ඊට පස්සෙ ඒක කැරකෙව්වා.. බෝතලේ වට තුනක් විතර කැරකිලා කැරකිලා මගේ පැත්තට හැරුනා..

දැන් ඉතින් මේ වු#න්නො ටික ඩෙයා ආවත් ඩබල් ඩෙයා ආවත්, ටෲත් ආවත්, ප්‍රොමිස් ආවත් දෙන්නෙ කිස් තමා.. ඒක හත්පොලේ ගැහුවත් ශුවර්..!!!

"ආ ඉන්න ඉන්න!! මම අල්ලන්නම්..."

පෙසාරා අක්කා මහ පගයා වගේ කියලා අනිත් පැත්ත හැරිලා දෙපැත්තෙ ඉඳපු මෙතුනියි නෙතුයි එක්ක කියෝලා කියෝලා මගෙ පැත්තට අත දික් කලා.. මම ඕන පුපක් කියලා මැද ඇඟිල්ලම ඇල්ලුවා..

"කිස්!!!!"

"i knew it!"

මම තනියම මිමිනුවා..

"හරි.. ඔයා සිතුමිණීට කිස් එකක් දෙන්න ඕන.."

මම ඉතින් එකපාරටම සිතූගෙ කම්මුලෙන් කිස් එකක් තිබ්බා.. එයා කිව්වෙ නෑ කොහෙටද දෙන්නෝනෙ කියලා..

"ඔතන්ට නෙවේ අනේ.. මෙතන්ට මෙතන්ට.."

පෙසාරා අක්කා එයාගෙ තොලට තට්ටු කරන ගමන් කියලා අපි දෙන්නා දිහා මහා වලත්ත බැල්මට් එකක් දාන් හිටියා.. පේනේද මේකිගෙ හැටි!!

මම ඉතින් සිතූගෙ පැත්ත හැරිලා එකපාරටම පෙක් එකක් තියලා මෙහාට උනාම අරුන් ටික හෙන හයියෙන් කෑ ගහන්න ගත්තා අප්පුඩි ගගහා.. පුදුම යඛ්ඛු තමෛ..

ඒ අස්සෙ මේ මෝටර් ගෑනි රතු වෙලා පිපිරෙන්න හදනවා.. නෙතූටත් ලැජ්ජ හිතිලා.. අවී හිනා වෙවී හිටියත් අනේ යකෝ ඒක බොරු හිනාවක්..

ඊට පස්සෙ ආයෙම බෝතලේ කරකැව්වා.. ඒ පාර හැරුනේ නෙතූගෙ පැත්තට..

මමයි මෙතයි ඇඟිලි ගැන කතා කරලා නෙතූට අත දික් කලා.. මහපට ඇඟිල්ල ටෲත් ඊලඟ එක ඩබල් ඩෙයා.. මැද එක ප්‍රොමිස්, ඊලඟ එක කිස්, සුළැඟිල්ල ඩෙයා.. නෙතූ ඇල්ලුවෙ දෙවෙනි ඇඟිල්ල.. ඩබල් ඩෙයා

"ඩබල් ඩෙයා..!!"

"හොඳම යාලුවට කෝල් එකක් අරන් මම මේක හුඟ කාලෙක ඉඳන් කියන්න හිටියෙ මන් ඔයාට කැමතී කියන්නෝන..කවුද උබර්ගෙ හොඳම යාලුවා.."

"ශාකි.."

"ඒ කවුද.."

"එයාගෙ යාලුවා අනේ.. ශකුනි.."

"ආ ආ.. හරි කියපන්.."

"ඒ අනේ අක්කෙ බයයිනෙ හලෝ.. මාත් එක්ක තරහ වෙයිද දන්නෑ.."

"කියපාන්න්!!"

"හරි හරි ඉතින්.."

නෙතූ අපිට හැටට හැටේ රව රව ෆෝන් එක ගත්තා.. ඊටපස්සෙ ශාකි කියල සේව් කල්ල තිබ්බ නම්බරයක් ඩයල් කලා.. ඒක රින්ග්ස් යනකන් අපි කටපුප පියාගෙන හිටියේ..එක පාරටම ඒ ශාකි කියන නංගි ෆෝන් එක ආන්සර් කලා..

"හැලෝව් නෙත්තා.."

"හලෝව් ශාකි.."

"කියාම්.. මොකෝ"

"න්-නෑ මේ ශා-ශාකි මට ඔයාට දෙයක් ක්-කියන්න තියෙනවා.."

"කියන්න ඒයි.."

"හලෝ මන් මේක ගොඩ කාලෙක ඉඳන් කියන්න හිටියේ.. මම ඔ-ඔයාට කැ-කැමතී ශාකී.."

තප්පර තිහක් විතර කිසිම කතාවක් තිබුනෙ නෑ.. එක පාරටම

"තවුසෙට පිස්සුද භල්ලො.. මට මගෙ මිනිහා ඉන්නවා.."

"නෑ නෑ ශාකි මේක ඩෙයා එකක්.. ඕයි ශාකි.. ශකුනී.."

"බල්ලා.. මම තරහයි තව්සෙ එක්ක.. අවලං පෙරෙත ගොං ගස් ගෙම්බා.."

"තරහ වෙන්නෙපා ශාකි..."

"කෝ දෙන්න මෙහෙට ෆෝන් එක.."

තව මොනාවත් වෙන්න කලින් මම නෙතූගෙන් ෆෝන් එක අරගත්තා.. නැත්තන් ඔතන වෙන හු#තක් වෙන්නේ...

"නංගේ.. අඩෝ මේ ඩෙයා එකක් ඈ.."

"හ්ම්.."

ම්ම ෆෝන් එක කට් කලා.. මොන ලබ්බක්ද අනේ..

"හරි දෙක.. ක්‍රශ් එක කවුද.."

"අහම්.. මේ.. රියෝන් කියලා අයියා කෙනෙක්.. ඔයාලගෙ වයසෙ එයා.."

"අම්මටෞඩු.."

අපි ඔහොම ඔහොම සෙල්ලම් කරලා එක එක්කෙනාට සෙල්ලම කම්මැලි වීගෙන ගියපු නිසා අපි සෙල්ලම නැවැත්තුවා.. මෙතයි, අවීයි, නෙතුයි අපේ පෙසාරා අක්කයි ගේම් ගහන්න ගියා.. සිතුත් කට්ටිය එක්කම දොර වහලා එලියට ගියා.. දැන් කාමරේ මන් විතරයි.. මම ෆෝන් එක අරගෙන වට්සැප් එකට ලොග් උනා විතරයි මැසේජ් එක්ලක්ස පනස් දාහක් විතර ටින් ටින් ගාල වැටුනා.. මම ටිකකට රිප්ලයි කරලා ෆෝන් එක තියලා පොඩ්ඩක් සිවිලිම දිහා බලන් හිටියා....

ඇත්තටම මට සිතූ ගැන තිබුනෙ කොයි තරම් කේන්තියක්ද..සිතූ ඒත් එක්කම වගේ කාමරේට ඇවිත් දොර වැහුවා.. මම ඇඳේ මට එහා පැත්තට තට්ටු කලාම සිතූ එතනට ආවා..

"ඔයා දැන් ලොකු ලමයෙක් නේද ආදි.."

"ම්ම්ම්.. මේ ඉන්නෙ ඔයා අර කලින් ආදරේ කරපු අවුරුදු දාසයේ පොඩි එකී නෙවෙයි.."

"ම්ම්.. ඔව් නේද.. මම ඒ ආදරේ කරපු අවුරුදු දාසයේ කෙල්ලට වගේම මේ ඉන්න අවුරුදු දහනවයෙ කෙල්ලටත් මාරම ආදරෙයි..."

"හහ්.. මමත් ආදරෙයි හුඟක්.."

"මට හරීයට දුක හිතුනා ආදි.. මම හිතුවෙ මට ඔයාව නැති උනා කියලා.. එදා ඔයාලගෙ අප්පච්චි ඇවිත් කියපු දේවල්.. ඔයාව මරනවා, අයියලව මරනවා කිව්වා.. ඒකයි ආදි මම එහෙම කිව්වේ.. අප්පච්චි මට එහෙම කියන්න කියලා බල කලා.."

"ම්ම්ම්..."

"මම හිතුවෙ මම ගෙවපු ලස්සන කාලෙ ඉවර වෙලා.. හරිම නරක, කැත කාලයක් එනවා කියලා.. ඇත්තටම ඔයා හිටපු නැති කාලෙ මම හිටියෙ කා එකවත් කතා කරන්නෙත් නැතුව.. "

"මම ඇත්තටම ඔයාව හිතින් අයින් කරනවා කියලා හිතුවා.. ඒත් මට ඔයාව හිතින් අයින් කර ගන්නම බැරි උනා.. ඔයා එක්ක ගහපු ෆොටෝස් ඕන්නෑ කියාඅ ඩිලිට් කරන්න යනකොට ආයෙම මතක් වෙනවා.. මගෙ හිත හුඟක් රිදුනා.. ඔයාට කියන්න තිබ්බා ඒත් ඔය කතාව..එහෙනම් මම හිත හොඳින් තියන් ඉන්නවා.. හැබැයි.. ඔයා නිසා තමයි මන් අද මෙහෙම ඉන්නේ.."

"මම ආදි එදා ඔයාට ආදරේ කරපු විදිහටම.. එකම දිගට අවුරුදු ගානක් ඔයාට ආදරේ කරනවා.."

"මම ආදරෙයි.."

"මමත් ආදරෙයි මගෙ ආදි.."

"ආයෙ ඔහොම මාව දාලා යන්නෙපා.."

"නෑ.."

මම එයාගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බා.. එහෙම තිබ්බ ගමන් එයාගෙ කන් දෙකත් එක්කම රතු වෙලා ගියා.. ආශ්හ්හ් මේවා බලන් ඉන්නේ කෝමද.. මේවට තමයි මට නගි- මම සිතූව ඇදලා අරන් එයාගෙ ඇඟ උඩට ආවා.. සිතූ හැමදේම ප්‍රොසෙස් වෙනකන් ටිකක් බලන් හිටියා..

"ම්හ්-ආ-ආදි.."

"ම්ම්හ්ම්ම්ම්...."

"මොකද්ද කරන්න යන්නේ.."

"මොකද්ද කරන්න ඕනෙ.."

එතකොට සිතූගෙ හිතේ කලබලේ පොඩ්ඩක් නිවුනා.. ඊට පස්සෙ මම බලන් ඉද්දිම එයාගෙ මූණට මහ හද්ද වලත්ත හිනාවක් ආවා.. හරි සෝක්.. මේකා කා එක්ක වත් කතා කලේ නෑ කිව්වට ගානට පදමට හැදිලා..

"ඔයාට කැමති දෙයක්..Its your Birthday..And you're my Girlfriend.. so.."

ව්‍යා දුන්නු බැල්මට සමානම බැල්මක් මාත් දුන්නම සිතූගෙ මූණට කෝල හිනාවක් ආවා.. මම ඒත් එක්කම එයාගෙ තොල් වලට පහත් උනා.. මේ තාම තුන් වෙනි අඇරේ උනත් මට තාමත් මතක් වෙන්නෙ එයාගෙ 17 උපන් දිනේ දවසෙ මම එයාට කැමැත්ත කියලා එයාට කිස් එකක් දුන්න විදිහ.. මම සිතූගෙ යටි තොල හපලා එයාගෙ තොලෙන් ලේ එන විදිහත් මට හොඳටම තේරුනා.. තව තවත් අපි දෙන්නා අතර ඒකෙන් බැඳීම වැඩි වෙනවා මිස කවදාවත් අපි දෙන්නා ඒ මොහොතකට වත් අකමැති උනේ නෑ.. මම එයාගෙ තොල් වලින් ඈත් වෙලා එයාගෙ බෙල්ලෙන් තොල් තිව්වා.. ටික වෙලාවකට පස්සෙ එයාගෙ බෙල්ලෙ වගේම මගේ බෙල්ලෙ හැදුන රතු පාට පැල්ලම් වලින් අපි දෙන්නටම හිනා ගියා.. මම එක එල්ලෙම සිතූගෙ ඇස් දිහා බලන් හිටියා.. මේ ලමයව මට ගුලි කල්ලා කොහෙ හරි දාගන්න හිතෙනවා අප්පා...

"Done?"

"Yea-"

"හොඳටම sure ද.."

"අනිත් ඒවා ඕන්නෑ දැම්ම.. just wait babe.."

"මම ආදරෙයි ආදී.."

"දහදාස් වෙනි වතාවටත් මමා අදරෙයි.."

මම බ්ලැන්කට් එක ඇදලා අරන් අපි දෙන්නගෙ ඇඟ උඩින් දාල මම සිතූගෙන් පොඩ්ඩක් එහාට ගිහින් එයාගෙ පපුව උඩ ඔලුව තියන් එයාව බදාගෙන නිදා ගත්තා.. මටත් ඉතින් අසහනේ නේ.. මම ඉන්න බැරි කමට එයාගෙ ශර්ට් එක පොඩ්ඩක් උඩට උස්සලා බඩෙන් හැපුවම සිතූ හෙන~ අමුතු සබ්දයක් පිට කලා.. මම ආයෙත් හැපුවම සිතූ තොලකුත් හපාගෙන මන් දිහා බලන් ඉන්නවා.. මම මගේ ඇඟිල්ලක තුඩින් එයාගෙ බඩේ එක එක ඒවා අඳිනකොට සිතූට කිති කැවිලා එයා ඇඹරෙන්න ගත්තා.. එකපාරටම.. එකපාරටම දොර ඇරගෙන කවුරු හරි කාමරේ ඇතුලට එනකොටම මගෙ ඔලුව උඩින් බ්ලැන්කට් එක වැටුනා.. පේන්නෑ හු#තෝ!!!

"අඩෝ!!!! සොරි සොරි බන්.. උබලට ඩිස්ටර්බ් කරන්න හිතලමයි ආවේ.. කෝ ආදිත්‍යා.. ඕයි රෙද්ද අස්සෙ ඉඳන් උබ ද්- මගුලක්ද කරන්නේ.. වරේන්න්න්~"

"එයා නිදි අනේ.."

මම සිතූගෙ බඩේ කෑල්ලක් ආයෙත් හැපුවම සිතූ මගෙ කොන්ඩෙන් ඇද්දා.. ඒත් එක්කම මට සිරාම නිදි මතක් ආව නිසා මම ඇස් වහන් හිටියා..

"ආදී!!!"

"ම්ම්"

"දරුවො නැගිටින්න.."

"ම්මම්මම්"

"ඒයි.. කෙල්ලේ..!"

"ආ-"

"එන්න යමු.. වොශ් දාගෙන එන්න.. යන්න කෝ..නැගිටින්න දරුවෝ.. ආදිත්‍යා.."

මම හීනෙන් වගේ නැගිට්ටේ.. කොහෙද හු#ත මම ඉන්නේ.. එකපාරටම මගේ මූණ සීතල කරගෙන වතුර ටිකක් මගේ මූණෙ ගෑවිලා ගියා.. හයියෝ..!!!!

"ඇයි අනේ.."

"යන්න වොශ් දාන් එන්න.."

"මොන රෙද්දක්ද අනෙ........."

එතකොට මේ දැන් අදමද.. මේ නැත්තන් උදේද.. යකොඉ මන් හුඟක් වෙලා නිදා ගත්තද... මම බාතෲම් එකට ගිහින් කෝකටත් ආයෙම දත් මැදලා වොශ් දාගෙන ටවල් එක ඉනේ ගැටගහන් ඇඟටත් ටවල් එකක් දාගෙන කාමරේට එනකොට සිතූ කාමරේ හිටියේ.. අඩේ මෙහෙම එකක් උනානෙ හීනෙනුත්.. සිතූ මාව දැකලා ටිකක් රතු උනා..

"ආ- ආ මේ ඔයාගෙ ඇඳුම ඇඳන් එන්න මන් යනවා.."

සිතු එහෙම කියාගෙන දොර ඇරන් එලියට දිව්වා..නෑ නෙ.. හීනෙදි උනේ එයාට මම කිස් එකක් දුන්න එකනේ.. හැයියෝ ආදී ඔයා හරියට වල් වැදිලා හලො..!!!

ඇඳ උඩ තිබුනේ රෙඩ් ලෝම්ග් ස්ලීව්ඩ් ශර්ට් එකකුයි වයිට් ට්‍රවුසර් එකකුයි නයිකි එකේ පෙට්ටියකුයි.. අනේ මෙන්න පෙට්ටියක්ක්!! එන්න අපි කඩමු!!!

මම පෙට්ටිය ඇරලා බලද්දි.. අනාහ්හ්හ්!!! Puma එකේ red white shoes දෙකක්!!!

මම ඒ දෙකත් දාගෙන හෙන හැපියෙ දොර අරිනකොට සිතූගෙ ඇස් විසාල උනා.. මේකි ඒ ටිකට ඇඳුනුත් මාරු කල්ලා.. එයා රතු පාට සස්සන ගවුමක් ඇඳලයි හිටියෙ..

"අහ්ම්- ඔයා ලස්සනයි ආදි.."

"තැන්කීව් තැන්කීව්.."

අපි එහෙම කියලා ගෙදරින් එලියට ගියා.. මෙතාලා කවුරුත්ම ගෙදර හිටියෙත් නෑ.. සිතූ එයාගෙ සෝස පාට බී එම් ඩබ්ලිව් එකේ ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩි වෙලා මට පැසෙන්ජර් සීට් එකට එන්න කිව්වා.. කෝ යකෝ මගෙ කාර් එක..!!

ටිකකින් අපි අපේ ගෙදරට ආවෙ..මේ ගෙදර මොකෙක් වත් නැද්ද මන්දා.. මුලු ගෙදරම ලයිට්ස් නිවලා.. සමහර විට එයාලා වෙන කොහේ හරි යන්නැති..

"ආදි දොර අරින්නකො.. ආ යතුර.."

"ඔයා ලඟද.."

"ඕ පොඩි අයියා දුන්නෙ.."

"ආ"

මම දොර අගුලට යතුර දාලා කැරකැව්වා..මේ හැත්ත මාව දාලා කොහෙ ගිහින්ද මන්-

"සප්‍රායිස්ස්ස්!!!!!!!"

අනේ හු#තෝ!!! තව ටිකෙන් උපන් දිනේ දවසෙ හුම්ම හිරවෙලා මැරෙන්නේ..!! බයත් උනා..!!

"අමෝහ්..!!"

"එන්න චූටියෝ.."

ඊට පස්සෙ ඉතින් අපි කට්ටිය සතුටු සාමීචියෙ යෙදිලා කේක් කපලා කෑවා.. මම නොහිතපු අයත් මගෙ පාටියට ඇවිත් හිටියා.. තරුල්‍යා නංගි, නිශායා අක්කලත් හිටියා.. ටිකකින් අපෙ ලොකු අයියා දොර ලඟ ඉඳන් බෙරිහන් දුන්නා..

"චූටේහ්හ්හ්හ්හ්"

"ඕ ඇයි"

"එන්න.. ඔයාට ගිෆ්ට් එකක්.."

"අනේ මට තව්සෙලව සුවර් නෑ අයියේ.. පොඩි අයියා මට ගිෆ්ට් එකක් කියලා තණකොල ටිකක් පෙට්ටියක දාල දුන්නා.."

"ඉතින් උබ කන්නෙපැයි.. උබට කන්න දුන්නේ"

"යැයි යැයි"

"එනවා ඕයි!!"

මොනාද දන්නෑ.. මම හිමින් සැරේ එයා ඉන්න තැනට ගියාම එක පාරට කරුවල උනා.. කවුද අඩේ ලයිට් නිව්වේ.. ආ නෑ නෑ මගෙ රෙද්දෙ ඔලුවක්- ඔලුවෙ රෙද්දක් බැන්දෙ කවුද පගෝ!!!

"අරින්න"

"අරින්න?"

"අනේ මෝඩ පොඩි පගා ඔය රෙද්ද ලිහලා බලපන්.."

මම රෙද්ද ගලෝලා බලනකොටම-

"අම්මටහුඩු යකෝ!!!! බයික් එකක්ක්!!!!! බී එම් ඩ්බ්ලිව් එකක්!!!!! අනේ නිල් පාටම!!!!! අනේ අයියේඑහ්හ්හ් මට කලන්තෙ වගේ.!!!"

"හරි හරි"

මට ඇඬෙනවත්තෙක්ක හු#ත.. අනේ මන් හරි ආසයි මේකට..මම බයික් එකට පොඩ්ඩක් නැගලා වටයක් පැදල එහෙමත් බැලුවා.. ඊට පස්සෙ අපි කාලා ටිකක් ඉඳලාන් කරටි කැඩෙන්න නැටුවා.. අපෙ පොඩි අයියා නම් පණුවෙක් දෙකට කපලා වගේ.. නටනවා කිව්වොත් ලෙප්ට්.. නටනෝ නෙවේ නර්තනයට ස්මවැදිලා.. හැබැයි ඌ නටනකොට ලම්සනයි..

නටල නටලා ඉවර වෙලා එක එක්කෙනා ගෙදර යන්න ගියාම ලඟම කීපදෙනෙක් විතරක් ඉතුරු උනා..අපි කට්ටිය මේක හොඳම වෙලාව කියලා හිතලා සිඳුවක් කියන්න ගත්තා..අපේ පූම්සුයි, මාචුයිත් ඇවිත් එතනට වෙලා බලන් හිටියා..

"ශෘංගාරෙ මට කියනා

ගං දෑලෙ පා වෙනවා

පෙම් හීම අතරේ

අපි දෙන්නා පාවෙමු...

අන්දරේ අපෙ අන්දරේ මම

හංසියේ රණ හංසියේ

අන්දරේ අපෙ කතන්දරේ අද

කියන්නද මගෙ හංසියේ...

පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ

තුරුල් වෙන්න මාගේ ලඳේ..

මගෙ හීන හීන ගානේ

ලං වෙන්න පෑ සිනාවෙ

ලඟ ඉන්න සෑමදා

මා නිවා....//

අන්දරේ අපෙ අන්දරේ මම

හංසියේ රණ හංසියේ

අන්දරේ අපෙ කතන්දරේ අද

කියන්නද මගෙ හංසියේ..

ශෘංගාර මට කියනා...

පියාඹන්න හසේ පියාපත්ද ඕනේ

තුරුල් වෙන්න මාගෙ ලඳේ...

මගෙ හීන හීන ගානෙ

ලං වෙන්න පෑ සිනාවේ

ලඟ ඉන්න සෑමදා මා නිවා...//

අන්දරේ අපෙ අන්දරේ මම

හංසියේ රණ හංසියේ..."

මුලු සිංදුවම අපෙ පොඩි අයියා පුදුම ලස්සනට කිව්වා..

ආදර මල් වල..

කාට කියන්නද..

හලෝ මගේ ලමයිනේ.. සමාවෙන්න සිදුවූ ප්‍රමාද දෝසයට.. ඕතරීට මේ දවස් වල ස්ටේජ් ඩ්‍රාමා එකකට ප්‍රැක්ටිස් වැටුනනෙ ලමයිනේ.. මේ චැප්ටරෙත් ලියා ගත්තේ මහා රෑට ඇහැරන් ඉඳලා පාන්දර 1.00 විතර වෙනකන්.. වචන 3000ක් ලියන එකත් ලේසි නෑ නෙ පුතේ.. අනික මට ලියන්න ගත්තහම නින්ද යනෝ.. අනේ සමාවෙන්ඩ.. මේ සිකුරාදයින් පස්සෙ ආයෙම මන් එන්නාම්ම්ම්...

ඉතින් ඔයාලා මේ කතාවට දැන් නම් කැමති ඇති කියලා හිතනවා.. අමනාපයක් නෑ නේ.. මම හිතනවා ඔයාලා මේ ආදිත්‍යා, සිතුමිණී, අවිශ්, ඩිහේන් කියන චරිත වලට කැමති ඇති කියලා.. එහෙනම් මම ගිහින් එන්නාඅම්ම්ම්

ආදරෙයි ඔයාලට උතුරම්න... 😽❤️

ම්වාහ්හ් <3

Share This Chapter