Back
/ 53
Chapter 47

47 කොටස

_නොනිමි_

"මේ මෙන්න මේම ෆොටෝ එකක් ගන්නකෝ"

"අයියෝ.... කෝ ඉන්නවා.."

"අනේ මේ මෙහෙමත් එකක්"

"හ්ම්ම්"

මම හිටියේ නයින් ආර්ච් බ්‍රිජ් එකේ සිතූ එක්ක එයාගෙ ෆොටෝ ගහන ගමන්..

"මේ මන් මේක මෙහෙම අල්ලන් ඉන්නවත් ගන්න හරිද.."

"අයියෝ බන්.. මොන මගුලක්ද අප්පා.."

"මේ වගේද තව්සෙ ඊයෙ රෑ මට දීපු වදේ.. මතක් වෙනකොටත් ඇඟ රිදෙනවා.. තාමත් මගේ ඇඟේ පාරවල්.. තව්සෙ පූසෙක්ද යකෝ.."

ටහිකෙයි කෑ ගහනව නේත..

"ඉහී.. හයියෙන් කෑ ගහන්නෙපා ඉතින්.. ඔයානෙ මාව වරදට පොලඹව ගත්තේ..බැ‍ඳගත්ත බෙරේ දැන් ගහපන් ඉතින්.."

"ෆ්ෆ්ෆ්ෆ්"

අපි දෙන්නා පැය ගානක් තිස්සෙ කැකිරි පලලා පලලා අන්තිමට හොටෙල් එකට එනකොට වෙලාව පහයි.. හොටෙල් එකට ඇවිත් අපි වොශ් දාලා ගාඩ්න් එකට ගිහින් ඔන්චිල්ලාවෙ පැද්දි පැද්දි හිටියා.. මේ ඔන්චිල්ලාව හෙන විසාලයි යකෝ.. පහකට විතර ඉඳගන්නත් පුලුවන් ම්හුක්..

"මේහ්.."

"ම්ම්..."

"අපි අනිත් එව්වා කරන්නෙ නැද්ද.."

ඒත් එක්කම මගේ පිට මැද්දටම හීනි ඇඟිලි වලින් පටාස් පටාස් ගාල පාරවල් දෙකක් වැදුනා.. පුදුම හු#තක්නෙ අනේ.. මන් ඇහුවෙ ඉතින් වැරදි දෙයක්ද.. ඉඳපන්කො බඳිනකන්.. අම්මපා උබට ඉන්න දෙන්නෑ මන්..

"තාම වයස කීයද බොට"

"කීයද ඒයි.."

සිතූ මූණ ඉසකුඩිච්චියක් කරන් මන් දිහා බලන් හිටියා.. රෑ අපි ඩිනර් එක අරගෙන හොඳ~ට නිදාගත්තනෙ ම්හ්ම්.. මෙහෙමයි- නෑ එක්කො ඕන්නෑ..

"නැගිටින්නෝ~..."

"...."

"ඒ චූටියෝ..."

"ම්හ්"

"මේ එන්න අනේ..නැගිටින්නකො බබා.."

"ඔයත් එන්න අනේහ් නිදාගන්න.."

මම ඉනට අත් දෙක තියන් කොන්ඩෙත් උඩට බැඳන් අඟල් දෙකේ සෝටක් ගහගෙන මන් දිහා සානුකම්පිතව බලන් හිටපු හිච්චි කෙල්ලව ඇදලා තුරුල් කර ගත්තා..

"ම්හ්.. කෝ එහාට වෙන්න.. අපි යන්න ඕන බබා.."

"කමක් නෑ.. ටිකක් පරක්කු උනා කියලා මුකුත් වෙන්නෙ නැහැ නේ.. ම්හ්.. ඉන්නකො පොඩ්ඩක්.."

"ශ්හ්.."

මම එහෙම ඉඳලා මගේ කකුල් අත පය ඔක්කොම දිග ඇරලා සිතූ අක්කව චප්ප වෙලා යන්නම බදාගත්තා.. එයා චූටි නිසා මගේ අත් දෙකට හොඳට අහු වෙනවා.. හනේ මගේ ලස්සන ලමයෝ.. මෙයාට දෙයියනේ ඇයි මන් මෙච්චර ආදරේ.. ඇයි මෙයා මට මෙච්චර අදරේ.. ඕහ්හ්...

"අයිම් සෝ ඉන් ලව් විත් යූ.. ඔයා ගාව හරිම සනීපයි.."

"මට ඉතින් හුස්ම ගන්නත් අමාරුයි.."

සිතූ මගෙ අත් දෙක අස්සෙ ඉදන් ඔලුව පොඩ්ඩක් උස්සලා කිව්වා..

අපි ටිකක් වෙලා එහෙම ඉඳලා ඇඳෙන් බැහැලා සිතූ ටවල් එකත් අරන් වොශෲම් එකට පැන්නා.. හනේ.. ආසයි වගේ..

"දොර අරින්නෝ~"

"මම වොශ් දානවා.."

"කමක් නෑ උබ් ඇරහන්කො පඬියා වෙන්නැතුව.."

"බෑ අනේ.. මට ලැජ්ජයි.."

"ලැජ්ජයි නම් මොකටද මාත් එක්ක යාලු උනේ.. ඇරපාන්න්න්"

ඒත් එක්කම බ්‍රස් එකකුත් කටේ කටගෙන සිතූ හෙන ගහන්න වගේ දොර ඇරියා.. අනාව්ව් හරිම කුයිට්..

මේ වොශ් රූම් එකේ එහාට වෙන්න බිත්තියක් දාලා තව දොරකුත් දාල තමයි කොමඩ් එහෙම තියෙන්නෙ.. වොශ් රූම් එකේ නටන්න උනත් ඉඩ තියන නිසා මන් සතුටින්..

"මේහ් සුට්ටක් ඉන්න මට සූ බරයි.."

මම ඩාන් ගාලා එහා පැත්තට පැනල ආයෙ ආවා.. මම එනකොට සිතූ මූණෙ මොනාද මන්දා උලනවා.. මට ඔව්වා වැඩක් නැති නිසා මන් දත් ටික හොඳ~ට මැද ගත්තා.. මේ තියෙන්නෙ සුපිරිවිකී දත් ටිකක්..

මම ශර්ට් එක ගලෝලා එතන තිබ්බ රැක් එකෙන් එල්ලුවා.. සිතූ අනිත් පැත්ත හැරිලා මගේ පැත්ත හැරිලා එක පාරට වර්ණ විපර්‍යාසයක් වෙලා මන් දිහා හොල්මන් වෙලා බලන් හිටියා..

"මොකෝ"

"ම්හ්.. නෑ.. නෑ මේ.. කෝ-නෑ නෑ ඔයා වොශ් දාගන්න.. මම මේ ඉන්න-නෑ යන්නම්.."

මම ඒත් එක්කම ශවර් එක ඇරියා.. හම්මෝ සීතලයි.. සිතූ බලන් හිටියෙ මගෙ පපුව දිහා.. ඔව් ඔව් නෑ තමා.. මම දැන් මිනිහෙක්.. එහෙමයි කියලා මම මේ ට්‍රාන්ස්ජෙන්ඩර් උනේ නෑ හු#ත!

සිතූ හෙන්නට් බය වෙලා දොර ඇරගෙන එලියට යන්න හදනකොට මම එයාගෙ අතින් ඇදලා මන් ගාවට ඇදලා ගත්තා.. අපි දෙන්නම වැස්සෙ- නෑ නෑ ශවර් එකේ හොඳ~ට තෙමෙන්ව..

"මහ්-මට යන්න දෙන්නකො.."

"ඒ ඇයි.."

"ඔයා ඇඳුනුත් නැතුවනේ ඉන්නේ.. යන්න දෙන්නකො මට.."

"ඇයි ඔයාට දැන් මගේ මේ සෝට පේන්නැද්ද.. අපරාධකාරයෙක් වගේ බලන්නේ.. මම කොල්ලෙක් කියලා හිතාගනිම්.. කොහොමත් මෙව්වගෙ පේන්න දෙයක් නෑ නේ.."

"මම යන්නම්කෝ..කෝ- මට- යන්න දෙන්න අනේ.."

"එහෙම කොහොමද යන්න දෙන්නෙ.. you are my fiance.. අපි මැරි කරන්නනෙ දැන් ඉන්නෙ බබා.. ඇයි ඔයා මේ කලබල වෙලා.."

මම එහෙම කිව්වෙ සිතූව මගෙයි බිත්තියෙයි අතරට හිර කර ගන්න ගමන්.. ඒ ගමන්ම මගේ අතින් සිතූගෙ ශර්ට් එක ගැලවිලා ගියා.. එයාගෙ තොල් වලට පහත් උන මන් එයාගෙ ඉන වටේ අතක් දාලා එයාව තව මන් ලඟට කර ගත්තා.. මෙච්චර වෙලා දඟලපු සිතූ දැන් මත් වෙලා වගේ.. එයාගෙ ඇස් බාගෙට පියවෙන ගතියක් තිබුනා.. එයගෙ තොල් වල මගේ තොල් තියෙද්දිම මට හිනා ගියේ හිතේ තිබුන අමුතු සතුටකට.. එයාගෙ බෙල්ල පාමුල තෙත හාදු තියන ගමන්ම රතු පාට වෙලා තිබුනු පාරවල් ආයෙ අලුත් කරන්න මම අමතක කලේ නෑ..

"ම්හ්..ඇති.හ්..ආදිහ්.."

"ම්ම්"

ටිකකින් අපි දෙන්නා අතර තිබ්බ නිහැඬියාව බින්දෙ මගේ ෆෝන් එකට ආපු කෝල් එකක්.. අපි දෙන්නම වොශ් දාගෙන එලියට ඇවිත් ඇඳුමක් දාගෙන කෝල් එක ආපු නම්බර් එක බැලුවා..

"ලොකු අයියා.."

"ආ.. අරන් බලන්න.."

මම ලොකු අයියගේ නම්බර් එක ඩයල් කරලා කොන්ඩෙ හදන්න ගත්තා.. මම මේ සතුටින් හිටියට හිත ඇතුලේ පුදුම බයක් තියෙන්නෙ.. තාමත් අප්පච්චි මොනාහරි කරයිදෝ කියන එක මගේ හිත ඇතුලෙ දෝංකාර දෙනවා..

"හෙලෝ.. හෙලෝ චූටි.. හෙලෝ"

"ඕ අයියේ.. ඇයි මේ කලබලෙන්.."

"චූටි.. චුටී ඔයාලා.. ඔයාලා කොහෙද.. පරිස්සමින් නේද.."

"ඔව් අයියේ..ඇයි මේ.. මොකද උනේ!!"

"න්නෑ චූටි.. මට බය හිතුනා.. ඔයාලා ඉක්මනට ගෙදර එනවනේ.. අනේ පරිස්සමින් එන්න.. අයියා එන්නද නැත්තන් ගන්න.."

"පිස්සුද අයියෙ.. මෙහෙට දුරයිනේ.. අපි දැන් එන්නම්.. හයිවේ දාල එනකොට ත්‍රී අවර්ස් වලින් විතර එන්න පුලුවන් නේ.. මොකද්ද උනේ කියන්නකෝ.. අක්කයි දෝණියි කෝ..???"

"අ. එයාලා අම්මලගෙ ගෙදර ඉන්නවා.. ඔයා එන්නකො නංගි එක්ක පරිස්සමට.."

"අයියේ.. පොඩි අයියයි සුදු අයියයි කෝ.."

"අම්.. ආ.. චූටි මම තියනවා.."

"මොකද්ද උනේ!!! අයි-"

*බීප් බීප් බීප්*

"හෙලෝ"

ශිට් කට් කලා නේ.. මම ආයෙම කෝල් ගත්තත් ෆෝන් එක ඕෆ් කරලා.. මට බය හිතෙනවා.. මොනවද මේ සිද්ධ වෙන්නෙ.. කෝ මගේ පොඩි අයියය් සුදු අයියයි!!!

මමයි සිතුයි ඒ වෙලාවෙම ඉක්මනින් රූම් එකේ කීස් දීලා ගෙදර එන්න පිටත් උනා.. සිතුයි මමයි දෙන්නම ගෙදරට, අම්මිලට, අක්කට, ලොකූ,පොඩී සුදු අයියා හැමෝටම ගන්න ට්‍රයි කරා ඒත් කවුරුත්ම ආන්ස්වර් කලේ නෑ...

අපි පැය ගානක්ම ඩ්‍රයිව් කරලා කොට්ටාව හයිවේ එකෙන් එක්සිට් උනහම ආයෙ අයියට කෝල් එකක් ගත්තා..

"හෙලෝ.. හෙලෝ චූටී.. ඔයාලා කොහෙද.."

"අපි කොට්ටාවෙ අයියේ.. අනේ ඔයාල කොහෙද කියන්නකො.."

"අ- ආ මේ චූටි.. ඔයාලා ගෙදර යන්න එපා.. මේ-අක්කලගෙ අම්මලගෙ ගෙදර යන්නකො.. අක්කා එහෙ ඉන්නවා.."

"පොඩි අයියයි සුදු-"

*බීප් බීප් බීප්*

මොන.. මට අපෙ අයියත් එක්කත් මරුවා ආවේස වෙන්නෙ මේ වෙලාවට තමයි.. මම ඉක්මනට අක්කලගෙ අම්මලගෙ ගෙදරට ගියා.. ගේට් එක අරිනකොටම අක්කා කලබලෙන් එලියට ආවේ..

"චූටි...ඔයාලට කරදරයක් නෑ නේද.. අනේ මම බය උනා.. අයියා හොඳින් කිව්වමයි මගේ හිතට සැනසීමක් දැනුනේ.."

මම ඉක්මනට වාහනේ පාක් කරලා නිදාගෙන හිටපු සිතූව ඇහැරෙව්වා..

"මේ.. අක්කේ.. නැගිටින්න.. අපි ආවා.."

සිතුත් නැගිටලා අන්දොස් සීන් එකේ වටපිට බලලා කිව්වේ.. මොකක් කියලද අක්කා කිව්වේ??

"අක්කේ.. අයියා කෝ??"

"අයියා පොඩි මල්ලිලා එක්ක හොස්පිටල් චූටි.."

"මොකක්!!!????"

මගේ ඔලුවට හෙනයක් ගැහුවා වගේ උනා.. ඇයි ඒ.. අනේ..

"ඇ-ඇයි එයාලා හොස්පිටල්???"

"චූටි මේ.. අපි හොස්පිටල් යමුද.."

"ඉක්මනට යමු.."

මම ඉක්මනින් මූණ හෝදන් ආයෙම කාර් එකට ආවා.. මොනවද දෙයියනේ මේ සිද්ධ වෙලා තියෙන්නෙ.. මම කිව්වා පරිස්සමින් ඉන්න කියලා.. ගේ ඇතුලෙ ඉඳපු දෝණිව බලන්න උනෙත් නැ.. මම ඔලුවෙ අත ගහන් කල්පනා කලා.. මොනවද එයාලට වෙලා තියෙන්නෙ.. ලොකූට නම් මුකුත් නැති පාටයි.. නැත්තන් ඔහොම කතා කරන්න බෑ නේ.. ඒත්-ඒත් මගෙ පොඩි අයියයි සුදු අයියයි!??

ආදි මගින් මගට පරිස්සම් වෙන්න කිව්වත් මොනවා වෙලා ඇත්ද???

ඉස්සරහට එන එපීස් ටිකක් දුක හිතෙයි ලමයි.. ඊට පස්සෙ ආයෙම වසන්ත කාලයක් එයි..

ගොඩක් ලමයි මගෙන් අහලා තියෙනවා "ඇයි ආයෙම දුන්නු අප්ඩේට්ස්ම දෙන්නෙ?", "කතාවට මොකද උනේ?" වගේ ප්‍රස්න ගොඩාරියක්.. ඉතින් ලමයි මගේ මේ හිච්චි කතාවටත් රිපෝට් වැදිලා මගෙ එකවුන්ට් එකටත් මොකද්ද උනා.. ඉතින් ලමයි ඒකයි ස්ටෝරි එක unpublish කලේ.. ඔයාලට කවර් එක අඳුරගන්න බැරි උනේ නෑ නේ.. මන් දැක්කා ගොඩක් ඕතර්ස්ලට මෙහෙම පස්න වෙලා තියෙනවා.. ඇත්තටම මේක මම ලියන පලවෙනි කතාවනේ.. අනික මම මේ හෙන ප්‍රසිද්ධ ඕතර් කෙනෙකුත් නෙවේනෙ ඒයි.. එතෝට මට හෙන~ දුක හිතුනා.. ආයෙ දාන්නෑ කියල ඉද්දි මගේ යාලුවො සැට් එකක් කිව්වා එහෙම කරන්නෙපා දිගටම ලියන්න කියලා.. ඉතින් ලමයි මම අලුතින් ඔයාලට කතාවක් දෙන්න ගියේ BL එකක්.. ඒකටත් මෙහෙම වෙයිද කියලා මට බයයි.. ඒ වගේම මගේ එකවුන්ට් එක හරිගස්සගන්නත් මට හෙන කට්ටක් කන්න උනා..

මම මගේ BL කතාව දෙන්නද මේකට පස්සෙ?

(ඔයාලගෙ අදහස් කියම්න)

ඉක්කන්ට ඉතුරු ඒවා දෙන්නම් හොඳේ.. ඕතරීට හෙනට වැඩ අප්පා.. ඕතරී සිංදු කියනවනෙ ලමයි අපේ පාසලේ කොන්සට් එකේ.. බලන්න අනේ.. නේද.. මම කොන්ඩෙ කපලා ඉඳලා වැව්වා හරිත.. මෙන්න දැන් කියනවා මට කොල්ලෙක්ට නටන්න කියලා.. හරි අගෙයි

මම ඔයාලට හෙන ලෞ අනේ.. ම්වාහ්හ් ❤️

Share This Chapter