Chapter 48 of 53

48 කොටස

_නොනිමි_2,186 words~11 min read

"අනේ අයියේ.. කියන දේ අහලා ඔහොම ඉන්න.."

"මට බෑ නංගි.. මගේ මිනිහා මම නිසා විඳවන්නේ.. මම කොහොමද චූටි දරාගන්නෙ.."

"ඉතින් ඔයාට ඔහොම ඉඳන් කොහෙවත් යන්න හො‍ඳ නෑනෙ.. එහෙව් එකේ ඔයා කොහොමද පොඩී රට යන්නෙ.. අනික සුදු අයියට ඔයා ගියොත් පිස්සු හැදෙයි.. අනික එයා මේ අවුරුද්දෙ ලොකු තරඟකටනෙ යන්නෙ.. ඔයා එයා ලඟින් ඉන්න එපැයි.."

"එයාට මම නිසා ඕකට යන්න බැරි උනොත්.. මම කොහොමද මගේ වස්තුවගෙ පාර හරස් කරන්නෙ.. මට එහෙම බෑ චූටි.. "

"මන්දා අයියෙ ඔයත්.. ගෙදරට වෙලා හිටපන්කො.. ගහනව මම දැන් කන පැලෙන්න දෙකක්.. බලනවා මේ තුවාලෙත් හොඳ නෑ.."

"මම එදා එතනට ගියෙ නැත්තන් සුදූට මොනව වෙලාද දන්නෑ.."

"ඤැං ඤැං තමයි..කට පුප පියන් නිදා ගන්න අනේ.."

මම පොඩි අයියගෙ කාමරේ දොර වහලා සාලෙට ගියා.. දැන් අපි ඉන්නෙ ලොකු අයියලගෙ ගෙදර.. අපේ ගෙදර හොඳටෝම විනාස වෙලා.. මමයි සිතුයි ගියපු දවසට ගෙදර කනපිට හැරිලා.. එදා මම ඇවිත් අයියලව බලන්න හොස්පිටල් යනකොට පොඩී අයි සී යූ.. එයාගෙ බඩ ලඟින් පසාරු කරන් උන්ඩයක් බැහැලා.. එයා සතියකට වඩා අයි සී යූ හිටියෙ.. සුදු අයියට මුකුත් වෙලා නෑ.. ඒත් එයාට ඇති උන ශොක් එකට එයාට සිහි නැති වෙලා.. ගේ ඇතුලෙ ඔය වෙඩි හුවමාරුවෙන් පස්සෙ ගෑස් එකත් පුපුරලා.. ඒත් වැරදි කාරයා තාමත් නිදැල්ලෙ.. එයාව හොයා ගන්න නෑ..

මම ලොකූ එක්ක ගෙදරට යනකොට ගෙදර ඇතුලෙ ලේ ගඟක් වගේ.. ඒ අස්සෙ කුසිය ඔක්කොම කලු පාට වෙලා.. හොඳට තිබුන ගෙදර වීදුරු කුඩු වෙලා ගිහින්.. ගේ ඇතුලෙ බිත්තියකුත් කැඩෙන්න තරම්ම ලොකු දෙයක් සිද්ධ වෙලා.. ඕක තනි මිනිහෙකුට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.. ඒත් අපි සී සී ටී වී බැලුවත් ඒවා කුඩු කරලා.. ගෙදර තිබුන ටීවී අරවා මේවා හැමදේම කුඩු කරලා.. සෝෆා එකේ ස්පොන්ච් එහෙමත් එලියේ.. ටයිල් කැට කුඩුවෙන්න තරම් මොනවා වෙලාද කියන්න මම දන්නෑ.. මම මගේ කාමරේට ගිහින් බලනකොට මගේ කබඩ් ලාච්චි ඔක්කොම ඇරලා දාලා.. පොඩි අයියගෙ කාමරේ එයාගෙ තිබුන ගොඩක් දෙව්වල් විනාස කරලා.. එයාට සමහර හම්බෙච්ච ට්‍රෝපීස් පවා කඩලා දාලා.. කාමරේ දොර කඩලා කබඩ් අවුස්සලා.. මම නිකමට අයියගෙ ක්‍රිකට් බෑග් එක ඇතුල බලනකොට එයාගෙ බැට් එහෙමත් කඩලා දාලා.. එයාගෙ ෆොටෝස්, එයාගෙයි සුදු අයියගෙයි ෆොටෝස් ඔක්කොම ලෙෆ්ට්..

එයාගෙ කාමරෙන් මම ගත්තෙ එයාගෙ ට්‍රෝපීස් ටිකයි මෙඩ්ල්, සෙටිෆිකට්ස් වගේ දේවල්.. මට හම්බුන හොඳම දෙයක් තමයි එයාගෙ ඩයරිය.. ඒකට කිසිම හානියක් වෙලා තිබ්බෙ නැති එකට නම් මට සතුටුයි..

දැන් ඉතින් මේ අපේ මිනිහට රුදාව ගහලා ඌ කියනවනෙ ගෙදර ඉඤ්ඤ බෑ ඇඤේ සුජූට මොකක් හරි වෙයිඤේ කියලා.. මන් දන්නෑ අප්පා.. සුදු අයියා දන්නෑ මේකා ඔහොම කියනවයි කියලා.. සුදු අයියා දිගටම ප්‍රැක්ටිස්.. තව මාස දෙකකින් විතර මේකට ඔලිම්පික් යන්න සෙට් උනානෙ.. දියගම තිබුන මෙයාගෙ ඉවෙන්ට් එකෙන් මෙයා දුවලා කෝම හරි ඔලිම්පික් යන්න සෙට් උනා.. මම නම් ඔය ඇත්ලටික් ගැන දන්නෑ.. ඉස්කෝලෙ ස්පෝට් මීට් එකට දිව්වා ඇරෙන්න වෙන දුවන්නෑ නෙ මන්..

"ආදී!!!!!!!!!!!"

"මොකද"

"මමයි අක්කයි නෙතුයි අර ගෙවල් ලඟට ගියා නේ.. ඒක ඇතුලෙ කවුද හිටිය අනේ.. ගේට් එක හායි ගාල ඇරලා දාලා ඊට පස්සෙ ඇතුලෙ අර කුඩු වෙච්ච විදුරු වලින් අපි තුන් දෙනා දැක්කා කවුද ඉන්නවා.. අපි ගලකින් වීදුරුවට ගහලා දුවලා දුවල ඇවිත් කාර් එකට නැගලා හැටට හැටෙ පාගලා ආවා.."

"අනේ අම්මපා උබලටත්.. පුදුම ගෑනු තමයි.. යකෝ කරදරයක් උනා නම්.. උබට කියලා වැඩක් නෑ මොලේ තියෙන එකෙට්ට එපැයි කියන්න.. කෝ අක්කා??"

"අක්කා අයියට කියන්න ගියා.."

ආ ඔය කොරලා තියෙන්නෙ.. අනේ දෙයියනේ මුන් තුන් දෙනාට නම් මොලේ වැඩි වෙලා.. හරි අපූරු අගේ ඇති වැඩක් නෙ කරල තියෙන්නෙ..

"කියලා තියෙනව නේද තව්සෙලා තුන්දෙනා ඕක ගැන හොයන්න ඕන නෑ කියලා.. ඕක බලාගන්න මමයි ලොකුයි පොඩියි සුදු අයියයි ඉන්නවනේ.. දෙනව දෙකක් ඇත්තමයි.. ආයෙ ගිහින් අහු උනොත් අඬු කඩනවා.. යකෝ අච්චර දෙයක් කරපු මිනිහට උබලව තනියෙම අහු උනොත් දෙකට නවලා- ලොකු අයියේ..!!!"

"බලහං නංගි.. මන් මුන්ට කිව්වා යන්නෙපා කියලා.. ඈ බොල.. මෙතන ලොකුම එකා නේද.. ඔහොම මේ උන් දෙන්නවත් ආන් යනවද.. ඈ..? දරුවෙක් ඉන්න අම්මෙක් නේ.."

"හරි හරි අනේ.. මන් ඉතින් බඩු ගන්නනෙ ගියේ.."

ඊට පස්සෙ අපෙ ලොකූ අයියා අක්කට ටොක්කක් ඇනලා සිතුත් මගෙන් ටොක්කක් කාලා නෙතුත් ටොක්කක් කාලා ඒ සෙට් එක දෝණිත් එක්කන් කාමරේට ගිහින් දොර වහගත්තා..

සුදු අයියා දවස් දෙක තුනකින් මෙහෙ ආවෙ වත් කතා කලේ වත් නෑ.. සුදු අයියලගෙ අම්මලා එයාට ඔය සිද්ධියෙන් පස්සෙ අපි එක්ක කතා කරන්න දෙන්නෑ.. ප්‍රැක්ටිස් එක්කන් යන්නෙත් එයාලගෙ තාත්තමයි.. ඒ ගියත් එතනින් හෙලවෙන්නෑ.. පව් දෙයියනේ මගෙ සුදු අයියා..

*Incoming Voice call from Sudu ayyaa 💗😽🍑*

අනේහ් මතක් කලා විතරයි.. මන් සුදු අයියගෙ නම්බර් එක සේව් කරලා තිබ්බ විදිහ වෙනස් කරලා මෙහෙම දැම්මා.. ඒකට දැන් විසාල පුපක් තියෙනවනෙ..

"හලෝ චූටි.."

"හලෝව් අනේ~ ඔයාව මන් මතක් කර කර මයි හිටියේ..."

"අ-"

"ඔයා කොහෙද අනේ ඉන්නේ.. ඔයාට දැන් කොහොමද.. ප්‍රැක්ටිස් ගියා-"

"කෝ චූටි මගේ සුදූ..?"

"ඉන්නව එයාට මන් බැනලා පුපට දෙකක් දීලා ආවේ.. ඔයා කොහෙද ඉන්නේ.."

"මන් සුගතදාසෙ ඉන්නෙ චූටි.. තාත්තා පොඩ්ඩක් අරහෙට ගිය නිසයි කෝල් එක ගන්න පුලුවන් උනේ.."

"ආ ආ.."

"අනේ සුදූට කොහොමද චූටි.."

"ඔය ඉන්නෙ පඟරනැට්ටා වගේ.."

"අනේ.. මන්- මන් සුදූට ආදරෙයි කියන්න චූටි.. එයා මගෙ පන වගේ දෙයියනේ.. මම කොහොමද චූටි දරුවෙක් වගේ බලාගත්තු පරිස්සම් කරපු ආදරේ කරපු මගේ කොල්ලව අතාරින්නේ..?? අම්මලා මට ඔහෙ එන්නවත් දෙන්නෙ නෑ නෙ චූටි.. අනේ මම නිසයි මගෙ සුදූ ඔය ඇඳේ ඉන්නෙ.."

"හරි හරි.. අඬන්නෙපා අනේ.. අයියට මොකුත් වෙන්නෑනෙ සුදු අයියේ.. ඔයා පරිස්සමට ඉන්නකෝ.. හැමදේම වෙන්නෙ හොඳට කියල විශ්වාස කරන්න.. මමනෙ කියන්නේ.. වසන්ත කාලයක් එයි..ම්ම්?"

"මන්දා චූටි.. මගේ හිත හරියට රිදෙනවා.."

"අනේ.."

"චූටි... මම තියන්නම්.. තාත්තා එනවා.."

"හා හරි අයියේ.. පරිස්සමින්.."

"ම්ම්ම්.."

සුදු අයියා කෝල් එක කට් කලාට පස්සෙ මම ගාඩ්න් එකේ තිබ්බ බෙන්ච් එකෙන් ඉඳගත්තා.. ඇත්තටම මොකද්ද ඒ උනේ.. ඇයි එයාට සුදු අයියයි පොඩි අයියයි සතුටින් ඉන්නව බලන්න බැරි.. අනික සුදු අයියගෙ වචන.. ඒවා ආයෙ ආයෙ මතක් වෙනකොට මාව හිරිවැටීගෙන යනවා.. 'මම කොහොමද චූටි දරුවෙක් වගේ බලාගත්ත..' අනේ දෙයියනේ.. මේ දෙන්නට මේ මොකද්ද උනේ..

"බබා.."

එකපාරට මගේ කර වටේ එතුන අත් දෙක නිසා මන් පිටිපස්ස හැරිලා බලනකොට එයා මගෙ කම්මුලට කිස් එකක් දුන්නා.. ඒකල්ලා එයා ඇවිත් බෙන්ච් එකේ මගේ එහාපැත්තෙන් ඉඳගෙන මගේ අත් දෙක අල්ල ගත්තා.. මට සිතූ ඉන්නවනෙ..

"ඔයා අවුලෙන්ද ඉන්නෙ.."

"ම්ම් ටිකක්.."

"සුදු අයිය කතා කලාද බබා.."

"ඕ මේ දැන් කතා කලේ.."

"ආ මොකෝ කිව්වේ.."

"මට තේරෙන්නෑ බබා.. එයා අපෙ අයියට හරි ආදරෙයි.. පොඩී කියනවා එයා නිසාලු සුදු අයියට ඔහොම වෙන්නෙ.. සුදු අයියා කියනවා එයා නිසාලු පොඩි අයියට ඔහොම උනේ..පව් අනේ ඒ දෙන්නා.. මට මොකුත්ම කර ගන්නත් විදිහක් නෑනෙ අක්කේ.. ශිට්.. ඇයි අපි එදාම ගියේ??"

"ඔයාගෙ වරදක් නෑ ආදි.. ඔය ඔක්කොටම මුල අප්පච්චි නේ.. අනික ඔව්වට අපේ තාත්තිගෙත් සම්බන්ධයක් ඇති.."

"අනේ ඇයි අප්පා අපි හොඳින් ඉන්නකොට මේ මිනිස්සුන්ට බලන් ඉන්න බැරි.. අපි එවුන්ට මොනව කලාටද.."

මන් බිම බලාගෙන හොඳටෝම හිත රිද්දගෙන කියද්දි සිතූ මන් ලඟට ඇදිලා ඇවිත් මගේ ඇඟ වටේ එයාගෙ පුංචි අත් යවලා මාව බදාගත්තා.. එයාගෙ ඇඟෙන්ම එයාගෙ ආදරේ මගේ ඇඟට කාන්දු වෙනවා මට හොඳටම තේරෙනවා.. මන් හරියට සතුටු වෙනවා.. සිතූ එදා විදිහටම අදත් මන් ලඟින් ඉන්නවට.. සමහරු කිව්වට අපි මෙහෙම ඉන්නෙ ලිංගික ආසාවන් නිසා කියලා.. නෑ!! මට ඕන වෙලා තිබුනෙ මේක.. මේ වගේ පරිස්සම් කරන ආදරයක්.. මේ වගේ ලඟින් ඉන්න ආදරයක්.. මේ වගේ ආදරේ උපරිමේටම දෙන ආදරයක්.. මන් හරි ආදරෙයි.. මගේ සිතූට..

"බබා මේ අහන්නකො.. මන් මේ ඇත්තමයි කියන්නෙ හරිද.. ඔයා මන් සෙල්ෆිශ් කියලා හිතන්නෙපා.. මං එහෙම නෑ කියන්න ඔයා දන්නවා..ඒත් මන් කියන්න යන්නෙ බබා.."

"ම්ම්? කියන්න.."

"සුදු අයියටයි පොඩි අයියටයි මැද්දට ඔයා යන්න හදන්න එපා.. එයාලගෙ ලයිෆ් එකේ එයාලට තනියම ඉන්න දෙන්න.. එයාලගෙ ප්‍රශ්න වලට ඔයා අත දාන්න එපා..මම දන්නවා ඔයා එයාලට ආදරෙයි වගේම එයාලත් ඔයාට ආදරෙයි.. දැන් බලන්නකො මැනිකේ.. අයියලා ඔයාට ආදරෙයි තමයි.. ඒත් එයාලා අපේ දේවල් වලට ඇඟිලි ගහන්න එන්නෑ..ඒත්, ඒත් එයාලා අපිට හරිම විදිහට උදව් කරනවා.. නේද?"

"ම්ම්?"

"මන් කියන දේ තේරුනාද.. මන් ඔයාට කියන්නෙ නෑ බබා එයාලගෙන් අයින් වෙන්න කියලා..දෙයියනේ එහෙම කරන්නත් එපා.. ඒත් අප්පච්චිට ප්‍රශ්නෙ තියෙන්නෙ මේ වෙලාවෙදි පොඩි අයියා එක්ක.. ඔයාට වඩා පොඩි අයියා ශක්තිමත්.. හදිස්සියෙවත් ඔයා ඔය ප්‍රශ්නෙකට ඒ හැමෝගෙම මැද්දට පැනලා අප්පච්චි ඉස්සරහට ගියොත්.., එතනදි අප්පච්චිට වැඩේ ලෙසි වෙනවා.. අප්පච්චිට ඔයාව අම්ම්- ඩැහැ ගන්න.. අන්න රයිට්.. එයාට ඔයාව ලේසියෙන් ඩැහැ ගන්න පුලුවන් වෙනවා.. එහෙම උනා කියන්නෙ පොඩි අයියගෙ පැත්තෙන් එයාව වැටෙනවා.. තේරුනාද.."

"ඕ ඕ"

"අයියා ඔහොම දෙයක් වෙනවා කියලා දන්න නිසාමයි අපි දෙන්නව යැව්වේ.. ඔයා ඉන්වෝල් උනොත් මෙතන ප්‍රශ්නෙ දුර දිග යනවා.. මම කියන්නෙ බබා අපි ඔය ප්‍රශ්නෙදි කරන්න ඕන ඒක මැද්දට පනින එක නෙවෙයි.. බලන් ඉඳලා හරි දේ කරන එක.."

ආ.. මට තේරුනා.. අම්මෝ අම්මෝ සිතූ හෙන මොලකාරියෙක්නේ..

"ම්ම් ම්ම්.. මට තේරුනා.. ඒමේ ඒක නෙවේ.. කොහෙන්ද ඔහොම කියවන්න ඉගෙන ගත්තේ.."

සිතූ මට ඇද් කරලා මගෙ ඔලුවට ටොක්කක් ඇන්නා..

"අහන්නකෝ.. මම නම් කියන්නෙ පොඩි අයියා මෙහෙ ඉන්නැතුව යන එක හොඳයි.. පොඩි අයියා හෝ සුදු අයියා.. ඒ දෙන්නා එකට ඉන්නවට වඩා ඒක හොඳයි.."

"ඔව් නේද.. එකට ඉන්න කාලයක් හම්බෙයිනේ.. මේ කාලෙදි එයාල එකට හිටියොත් වෙන්නෙ ප්‍රශ්නෙ තවත් දිග්ගැස්සෙන එක.."

"ම්ම්.."

මමයි සිතුයි ගෙ ඇතුල්ට ඇවිත් ඉඳලා රෑ වෙලා කාලා බීලා නිදා ගත්තා.. මන් හිතන්නෙ මට හම්බෙලා තියෙන්නෙ මේ ලෝකෙ මාව වැඩිපුරම සනසවන්න පුලුවන් මනුස්සයව.. දෙයියනේ මන් මගෙ කෙල්ලට මාරම ආදරෙයි අප්පා..

පොඩි අයියා යන්න ඕන කියලා මැරෙන්න හදපු දවසෙ ඉඳන් අපේ ගෙදරට පොඩි අයියගෙ හොඳමා යාලුවෙක් එනවා හැමවෙලේම.. මන් දන්නවා මේ කවුද කියන්න නම්.. ඒත් අනේ මන්දා.. එයාගෙ හැසිරීමත් දැන් හෙන අමුතුයි.. එහෙ මෙහෙ රවුම් ගහනවයි කලබලෙන් වැඩ කරනවයි.. ඒ අස්සෙ සුදු අයියා එක්ක කතා කරන්නෙත් නෑ.. පව් අප්පා ඒකා.. ලොකු අයියත් වැඩට ගිහින් නෙ අප්පා.. අක්කත් කොහෙද ගිහින් දෝණි එක්ක.. අපේ සිතුත් නෙතූ එක්ක කොහෙද ගියා..

"නංගී..."

"ආ කවුද.."

"මම තීව්‍ර.."

"ආ අයියනෙ.."

මේ ඉන්නෙ තීව්‍ර අයියා.. අපේ පොඩි අයියගෙ හොඳම යාලුවා කිව්වොත් හරි.. තීව්‍ර අයියව පොඩි අයියා දන්නෙ මන් හිතන්නෙ පහ වසරෙ විතර ඉඳන්.. තීව්‍ර අයියා අපෙ අයියා වගේමයි.. එයත් ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ ඉන්නවා..තීව් අයියා අපෙ එකාට වඩාත් ටිකක් උසයි.. එයාගෙ කොන්ඩෙත් ටිකක් දිගයි ලස්සනයි.. එයා හෙන විසාලයි හැබැයි හැබැයි.. එයාගෙ බෝයිපෙන් ඇවිත් අභිශේක් අයියා.. එයයි අපෙ සූ අයියයි හෙන පිට්.. අභි අයියා තීව් අයියා එක්ක ගත්තම නිකන් හූනු පැට්ටෙක් වගේ.. ඒ දෙන්න්ම අපෙ පොඩීලගෙ ඉස්කෝලෙමයි..

"ඒ පොඩ්ඩා.. කෝ අපෙ අවියා..?"

"ආ උඩ ඇත්තේ.. අයියා අදත් ආවෙ?"

"නෑ බං මේ මූ මට එන්න කිව්වා.. ඒකයි ආවෙ.."

"අයියේ.. අපේ පොඩී මොකද්ද කරන්න යන්නෙ කියනවද.. මට තේරෙන්නෑ මේකා ඇයි මෙහෙම හැසිරෙන්නෙ කියලා.. සුදු අයියා එක්ක කතාවත් කරන්නෑ නෙ අයියේ.."

"ම්ම් ඔව් නංගි.. තිශාක්‍ය හෙන අවුලෙන් ඉන්නෙ මූ කතා කරන්නැති නිසා"

"තීව්‍රයා... උබ ආවද....."

"ඕ මචාන්න්..."

"ඉදහන් මන් සින් ගාලා එනවා.."

අපේ පොඩි අයියා ඒ කියන්නෙ අදත් මූ එක්ක කොහෙ හරි යනවා.. අනේ අම්මපා..

"කොහෙද අයියෙ යන්නෙ?"

"දන්-"

"යමාන්න්..."

"ආ යමු..."

අම්මටහු- යකෝ ඔහොමත් පනිනවද.. බොක්කත් රත් වෙනවා.. මේ අවලං පොඩි එකා අර පඩිපෙල දිගේ දුවගෙන ඇවිත් බොහ් ගාලා අන්තිම පඩි තුනකින් විතර උඩ ඉඳන් පැන්නනෙ.. යසයි.. අනේ යකෝ උට වෙඩි වැදිලා ඉඳියා කියලා ගානක් නෑ නේ..

"මන් යනවා.."

"කොහෙද යන්නෙ කියලා පලයාං"

*බුහ්හ්හ් බූහ්හ්හ්*

අනේ මගේ සුදු සැඩෝ පුතා..

"ආ ශෑඩ මල්ලේ.. මොකත මොකත හනේ ඔවා දඟලානා.. මන් ඔවාට හෙන්න ආතරෙයි හර්ත.. උම්මා.. මන් එනකන් පරිස්සමට ඉන්න ඕනේ.. තේරුනානේ.. ටටා ශැඩ මල්ලේ.."

අපෙ පොඩි අයියා කියපු එක අන්ඩර දෙමලයක් මට තේරුන්නෑ.. යකෝ වෙනදට මූ යනකොට ඔහොම කියන්නෑ නේ.. අයියා ඒ කියලා යන්න ගිහින් ආයෙම ඇවිත් මාව බදාගත්තා.. මොකද්ද වො#තො මේ වෙන්නේ..

"පරිස්සමට ඉඳපන් චූටි.. හොඳට ප්ලේ කරන්න.. මගෙ ඩිහේන්ව පරිස්සමට බලාගනින්.. නංගිත් එක්ක හොඳට ඉඳපන් හරිද.. ලොකු අයියා කියන විදිහට ඉන්න ඕන.. මන් ගිහින් එන්නම්.. අයියා උබට නොසෑහෙන ආදරෙයි චූටි.. අම්මා කිව්ව විදිහටම මන් මෙච්චර කාලයක් උබව බලාගත්තා.. දැන් උබ ලොකුයි නේ.. පරිස්සමින්.. මන් ඉක්මනට එන්නම් ඈ.."

"කොහෙද අයියෙ යන්නෙ.."

"මේ ලඟට අනේ.. සුගතදාස ස්ටේඩියම් එකට.. බායි"

ඒ කියන්නේ.. පොඩී යන්නෙ සුදුඅයියව හම්බෙන්නද.. මට ඇහුනා එයා බයික් එකත් ස්ටාට් කරන් යනවා.. සුදු අයියව හම්බෙන්න යනව කියන්නෙ මොනව හරි හොඳ දෙයක් සිද්ධ වෙයි.. එහෙම නේ..

සිතූවත් නෑ නෙ අප්පා...

මම විනාඩි පහලවක් විතර ගේම් එකක් ගගහ ඉන්නකොට අපේ ලොකූගෙන් කෝල් එකක් ආවා..

"හලෝ අයි-"

"චූටි පොඩී කොහෙද.."

"අම්ම් එයා සුගතදාස එකට ගියානෙ.. මන් හිතන්නෙ සුදු අයියා හම්බෙන්න යන්න ඇත්තේ.. හැබැයි එයා කිව්ව ඒව නම් මට සෙට් උන්නෑ.. මල විකාර තොගයක් කියෙව්වේ.."

"කොහෙද ගියා කිව්වේ?! තව මොනවද කිව්වේ..??!!"

"අම් සුගතදාස අනේ.. මට පරිස්සමින් ඉන්නලු.. ආයෙ තව එයා ඉක්මනි- අයියේ!!!!???"

"අනේ බං ගිහින් කාමරේ බලන්න.. ඉක්මනට.."

අයි ශිට්!!! ඇයි මං මෙච්චර නොසැලකිලිමත්?? ෆක් ඈස් හෝල්.. මම දුවගෙන දුවගෙන ගිහින් අයියගෙ කාමරේ බැලුවා.. බලනකොට එයාගෙ කබඩ් එකේ කිසිම ඇඳුමක් නෑ.. අයියෝ... මම- මම මොකද්ද මේ කරේ..

මම ඇඳන් හිටපු ඇඳුම පිටින්ම කාර් එක අරන් ඉක්මනින් ගියා සුගතදාස ස්ටේඩියම් එක පැත්තට.. ලොකු අයියත් කිව්වා එයා එන්නම් කියලා.. සිතූත් මට කිව්වා එයා නෙතූ එක්ක ඉක්මනින් එන්නම් කියලා..

මම සුගතදාස එක ලඟට යනකොට මන් දැක්කා අපේ සුදු අයියගෙ වාහනේ වගේම තීව්‍ර අයියග්‍ර් බයික් එකත්.. මම ඒ එක්කම ඇතුලට් දුවගෙන ගියා..

ඒත් මන් ග්‍රවුන්ඩ් එක ඇතුලට එනකොට-

"සුදු අයියේ..."

සුදු අයියා හිටියෙ හටියටම ඔයිල් ලෑම්ප් එකට ඉස්සරහින් ග්‍රවුන්ඩ් එකේ හරි මැදම.. එතන තව හිටියෙ තීව්‍ර අයියා.. කෝ දෙයියනේ පොඩි අයියා??!!

"නංගි.. අනේ තිශාක්‍යට කලන්තයක් ඇල්ලුවනේ.. මොකද්ද කරන්නෙ මම දන්නෑ.."

"අයියගෙ බෑග් එක කෝ.."

"අම් අර තියෙන්නෙ..."

තීව්‍ර අයියා ඇඟිල්ල දික් කරපු පැත්තෙ තිබ්බ කළුයි සුදුයි ස්පෝට්ස් බෑග් එකෙන් මන් එයාගෙ වතුර එක අරන් සුදු අයියට ඉස්සා.. එතකොට සුදු අයියා ටිකක් මූණ ගසලා හිමිහිට ඇස් අරින්න හැදුවා.. එතකොට මන් දැක්කා සිතූලත් අපි ඉන්න පැත්තට දුවගෙන එනවා..

"සුදු අයියේ.. අනේ නැගිටින්ම.. කෝ ඇස් අරින්නකෝ.."

"ම්හ්හ්"

"සුදු අයියෙව් ඔහොම ඉන්න එපා අනේ නැගිටපන්.."

මන් එයාගෙ මූණට තව වතුර හැලුවම සුදු අයියා තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනා.. සිතූ මන් ලඟට ඇවිත් බය වෙලා වගේ බලන් හිටියේ..

"තීව්‍ර අයියේ මොකද්ද උනේ.. කෝ මගෙ පොඩි අයියා.. ඇයි සුදු අයියට කලන්තෙ හැදුනේ.."

"ම්-මේ"

"කෝ මගෙ පොඩි අයියා?!"

"එයා ගියා.."

"කොහෙද..?"

"ලොකු අයියා එක්ක.."

"ලොකු අයිය එක්ක?!"

"ඔව්.."

"මොකද්ද උනේ කියන්නකො හරියට.. රෙද්ද කෝ අනේ මගෙ පොඩි අයියා.."

"නංගී.. ඔයාලගෙ අප්පච්චි ඇවිට්බ් මෙතන කලබලයක් උනා.."

"මොනවා?!"

ආයෙමත්??!

හායි ලමයිනේ.. කොහොමද ඔයාලට.. මට නම් මේ ඉස්කොලේ කොන්සට් එක නිසා වැඩ වලට හිර වෙලා හුම්මගන්නවත් බෑ අප්පා.. බුක් ෆෙයාත් පටන් ගන්නවා නේ...

ඔයාලට මේ කතාවෙ තේරෙන්නැති මුකුත් තැන් තියෙනවද ලමයි? මෙහෙමයි මේකෙ මන් තිශාක්‍යයි අවිශ් ගැනයි ලියන්නෙ නෑ.. ඒක තව ටික කාලෙකින් බලන්නකො..

මන් ඔයාලට ලෞ ඒයි 😙❤️

පරිස්සමට ඉන්න හරිද

Adithya & Sithumini 💗😭

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!