Back
/ 53
Chapter 5

05 කොටස

_නොනිමි_

වටේම එලියයිත් තෙක්ක පොඩ්ඩ්ක් ඉන්න මට මොනා හරි අමතක උනා වගේ..... ටහුඩු ඉස්කෝලෙ යන්නැද්ද අයියෝ ඉස්කෝලේ යන්ඩෝනේ අනේ ඒ අස්සේ මෙ චු ගිහින් ලබ්බක් උනා නේ..

මම ඔරලෝසුව ඉස්සරහම තිබ්බත් වෙලාවවත් බලන්නැතුව අලි පුපා වගේ ටවල් එක අරන් වොශෲම් එකට සනිකව දුවන්න ගිහින් ඇද රෙද්ද පැටලිලා දඩබඩාස් ගාලා ඔක්කොම පෙරලන් වැටුනා... අම්නේව් මගේ කොන්ද...

කවුරු හරි එන්න කලින් නැගිටලා මන් ආයෙත් දුවල ගිහින් බාතෲම් එකේ දොර වහලා ඇඳුම් ටික ගලෝලා වොශින් මැෂින් එකට එබුවා.... දත් මැද මැද ඉන්න වෙලා නැතුවැති කියල හිතල සවර් එක ඇරලා කටට ටූත්පේස්ට් ටිකක් දාගෙන ඒ ටික හපල මවුත් වොශ් එක කටට හලා ගන්න ගිහින් නහයටත් ගියා.. බුදාම්මෝ දැවිල්ලායි..!!

කවුරුත් මගේ කට කන්න එන්නෙ නෑනෙ මගේ කටේ ගඳ සුවද බලන්න සැක් රෙදි මැදලත් නැතුවැති මහ හි#න සීන්ම තමා මටත් වෙන්නෙ සබන් ගගා ඉන්නත් වෙලා නෑ ඔහේ මුහ්නෙ ටිකක් උලාගන්නවා මගේ ලස්සන බලන්න ඉතින් අපේ ගෙදර මමම තමා ඉනේ

මම ටවල් එකත් පටලවගෙන කාමරේට ඇවිල්ලා ගවුම උඩින් පහලින් අයන් කරගෙන ඉක්මන්ට ඇඳුම් ටික ඇඳලා එක කකුලකට සපත්තුවක් දාගෙන අනිත් කකුලෙ මේස් එක අදින ගමන් ආච්චිට ගිරිය පලන් කෑ ගැහුවා

"ආච්චා!!!!! ආච්චියෝඕඕඕ"

මේ දවස් දෙක තුනකට අපේ ගෙදර ආපු ආච්චිටවත් මම ඉන්න දෙන්නෑ ඉතිම්... මම සපත්තුව අතට ගන්නවත් එක්කම අච්චි යක්සාවේස වෙලා වගේ මගේ කාමරේට කඩාගෙන බිඳගෙන ආවා වෑව්..ගල් ලෙන බිඳලා ලෙන් දොර ඇරලා සිංහ බා-

"මොකද චූටි දූ කෑ ගහන්නෙ මොකද උනේ?"

"ආච්චි කෑම හැදුවද? අනේ තාත්තා නැගිටලද? අප්පච්චිටට කියන්නකො මාව ගිහින් දාන්න කියල පරක්කු වෙනවා ආච්චී දැන්ටා එලිය වැටිලා හතහමාර වෙනකොට යන්නත් ඕන"

ගාල කඩා ගත්තු හරක් දුවන් එනව වගේ මම කියෝගෙන කියෝගෙන ගියා ආච්චි එත් මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා අනේ ආච්චි පෝච්චියක් වගේ ඔතන හිටන් මගෙ පුපද බලන්නෙ ගිහින් අප්පච්චිව ඇහැරවන්නකෝ ලබ්බක් කරනව නෙ ඉදන්..මන් ආච්චිට රව රව හිටියා..

"චූටි දූ... ඔය මොකෝ ඇඳුම් ඇඳන් අද ඉස්කෝලෙ නෑනේ ඇයි චූටි දූම කිව්වෙ අද නෑ කියල ඉස්කෝලෙ"

අඹ දෙන්නම් කියලා දෙහි කෑල්ලක් ලෙල්ලක් එක්කම  කටේ ඔබපු පොඩි එකෙක්ගෙ වගේ මගේ මූන නාලු වෙලා ගියා.. මොන මලෝට්ටක්ද ඉස්කෝලෙ නැතත් මන් ඇඳුම් ඔක්කොම ඇඳන් ගෝතයෙක් වගේ ලෑස්ති උනා නෙ.. සැක් අනේ මොනෞත්තක්ද මන්දන්නෑ මටම වෙනවනෙ ඇට ලබ්බ.. මගේ මොලේ ඇලේ දාල හෝදන්න වත් වෙයි ඒත් බැරි වෙයි මේ පට්ට බේසික මොලේට අනේ වු#තහ්හ්හ්

"ආහ්හ්හ්හ්ග් ම්ම්ම් හ්ම්ම් මේ මට අමතක උනානෙ ආච්චී ශික් ශික් ශික් හ්ම්ම් හරි හරි ආච්චි යන්නකෝ"

ආච්චි ඔලුව දෙපැත්තට වනලා කින්ඩියට හිනාවීගෙන කුසිය පැත්තට යන්න ගියාම තිස්තුන් කෝටියක් දෙයියො සිහි කරලා මන් ආච්චිට රැව්වා කිසිම හිතක් පපුවක් නැති kuහකයෙක් වගේ රෙදි ඔක්කොම ගලවන්න ගියාම

අයියෝ මොක ප#ක්ද මන්දා අදත් හිර වුනානේ මේ ගවුම ශික් හක් එක ගලවන්නෙ නැතුවනෙ මේක ගලවන්න හදල තියෙන්නෙ... මන් කිව්වෙ මගෙ මොලේට යකා ගහලා..

ම්මට යන්තන් ගලව ගත්තා හක් එක බුදාම්මෝ හතුරෙකුටවත් ගවුම ගලවන්න යද්දි හක් එක නම් අමතක වෙන්න එපා... ඒස් වාහ් පූහ්හ්හ්

ඒක එහෙම්මම ගලවලා දාල මම කොට සෝටකුයි සර්ට් එක්කුයි කබඩ් එක අස්සින් ඇදල අරන් ඒක ඇඳගෙන ෆෝන් එක හෙව්වා අන්න තීනව කොට්ටෙ යට ෆෝන් එක.. ඒක අරන් ඔන් කරද්දි තමා මන් වෙලාව දැක්කේ ටහුඩු වෙලාව 10.17 යි යසයි බේසික මම මේ වෙලාවට ඉස්කෝලෙ ගියා නම් ඉන්ටවල් එකට තමා යන්න වෙන්නේ.. ඇත්තටම ඇයි මට මෙච්චරට මොලේ වැඩි ආ? අයියෝ අල්ලාහ් කවුද මට මොලේ දුන්න එකා...

නෑ මෙහෙමයි ඉතින් උදේ ඉදන්ම වහින නිසා ඉතින් ඇත්තටම ඉතින් මන් හිතුවෙ ඉතින් තාම ඉතින් 7 ට වගේ ඇති කියල ඉතින්.. දැන්නෙ ඉතින් දැක්කෙ ප# හතේ කෑලිත් නෑනෙ කියලා ඉම්හි ඉම්හී

මගේ ඇඳේ තිබ්බ ඊයෙ රෑ මට සූ ගිහින් තිබ්බ මගෙ අහිම්සක පොරවන රෙද්ද මන් වොශෲම් එකේ තිබ්බ වොශින් මැෂින් එකට බොහ් ගාල දැම්මා සේපට් එකේ කාටවත් නොපෙන්න දැක්කනම් වස විලි නෝන්ඩියයිනේ රෙද්ද දාල මන් වතුර ත් ඇරල ටිකක් වෙලා තිබ්බා එතකොට කොහොමත් මුලු රෙද්දම තෙතයිනේ ම්ම් ම්ම් දැක්ක නේ මේ මෝඩ පිලිහුඩ්ඩිගෙ මොලේ තරම ඔව් ඔව් ඔය වගේ දෙයක් කොරන්න නම් එක්ස්පර්ට් මම හොර වැඩට නම් ම්ම්ම් නල්ලා

"චූටි දූ චූටි දුවේ මොකද ඔය කරන්නෙ මම හෝඳන්නම් ඔව්වා ඔහොම තියලා චූටි දූ පැත්තකට වෙන්න අද එව්ව නම් හෝදල වැනුවා මන් ඔය ටික දැන් හෝදන්නම් ඔයා පැත්තකට වෙන්න චූටි දූ"

අපේ ආච්චි අම්මා නහුතෙට කෑගහන්න ගත්තා

"නෑ නෑ මන් මේ නිකන් වතුර ඇරියේ මන් හෝදන්නෑ මේවා"

හහ් මන් රෙදි හෝඳන්න, පුහ් හිතේ ඇති... මන් නම් රෙදි හෝදන්නෑ නෑ නෑ නෑමයි වගකීමෙන් කියන්නේ වගකීමෙන් ප්‍රශ්න තියෙද ප්‍රශ්න උබර්ලා දන්නැති උනාට පොඩි පගෝ මම තමයි එලිසබත් රැජිනනෙ අම්මගෙ හොර මිනිහගෙ හම්බෙන්ඩ ඉන්න දුවගෙ දූ හහ් ගැම්මෙන් ඉන්නෙ යකව් ගැම්මෙන්..

මම කාමරේට ගිහින් බකස් ගාල ඇඳට පැනලා ෆෝන් එක අරන් පාස්වර්ඩ් ගහලා මගේ පුංචි ලෝකෙ වට්ස්ඇප් එක පැත්තට ආවා. ගිහින් ටිකක් වෙලා යනකොටම සර්පරායිස් වෙලා ගියානෙ ඉතින්

*ටිං ටිං ටිං ටිං

Ravans Grade 11

Ravans Grade captains

Ravans House

Ravans Cricket

Ravans Elle

Ravans Netball

Ravans Basketball

Ravans Volleyball

Ravans Badminton

Ravans Table Tennis

Ravans Squash

Ravans Chess

Ravans Carrom

Ravans Swimming

Ravans Athletics

Ravans Karathe

Ravans Aerobics

Ravans Drill

Ravans Squad

ගොඩ දාමු ✊

සාලෙක ලාලා පාතෙට බාලා වගේ හෙන තොගයක් ගෲප් ටින් ටින් ගාල ගලාගෙන ගලාගෙන වගේ ආවා.. අනේ මචාන් ඇයි මචාන් නිදහසේ ඉන්න දෙන්නැත්තෙ.. ඔයාලා මට මේ ඔක්කොටම මුල පෙසාරා තමයි

හවුස් වැඩේ නම් එපාවෙනවා පෙන්ස් 😪 මේ පෙන්ස් මේ මන් ලියන තරම මේ මදි වගේ සීන් එකක් ඇති නේත අනේ මේ සුදාදෝණියට සමාව දෙන්න දෙයියනේ මගෙ සුදාප්පච්චිලාට/ මගේ සුදාම්මිලාට මන් ආතරෙයිනේ

නෑ නෑ සිරාවට මේ මට වැඩ වැඩි වෙලා හලෝව් මෙ දාස් වලත් හප්පටසිරි වෙන සීන් එකක් තියෙන්නෙ දැන් මගෙ කලන මිතුරු සමාජෙ කැම්‍රි මිතුරොත් එක්ක බෑ නේ සබ‍ඳ

සමාවෙන්න මගේ මිතුරේ වරදක් කලත් සිතකින් නොවේ 😪

කුණුසරුප වැඩීදත් මන්දා නේත හලෝ

කුණුහරුප නොකියනූ හරිද ඒත් මේක මගේ බාසාව මගේ දෙයියනේ...

බාලිකා හෝ බාලක පාසල් වල යන අය අත් උස්සන්න සමායි.. පාසල් ප්‍රේම හරි සුන්දරයිනේ 🌚

( මොලේ : cundaray ciynna uberta premayc tiyenvd.. iyaa.. paya gahanna attac nati eca..)

Minchi_Chamz

ආදරෙයි හලෝ උතුරන්න 😽❤️

~චරිත හැඳින්වීම~

සවිඳු අවිශ් ඩි සිල්වා

ආදිත්‍යාගේ පොඩි සහෝදරයා වන අතර කොළඹ ජනප්‍රියම පාසලක ඉගෙනුම ලබයි ක්‍රිකට් කීඩාවෙන් තම පාසලේ නායකයා වූ අතර සෙල්ලක්කාර සැහැල්ලු ජීවිතයක් ගත කරයි. ආදිත්‍යාට ලඟින්ම සිටින කෙනා වන අතර ආදිත්‍යා සහ සවිඳු හොඳම යාලුවන් මෙන් සිටිති. තම එකම ආදරයට දැඩි ලෙස පෙම් කරන අතර සිරියාවන්ත කොල්ලෙකි

Share This Chapter