Back
/ 53
Chapter 51

51 කොටස

_නොනිමි_

"මට දැන් වත් නිදාගන්න දීපන් යකුනේ.."

මම හිටියෙ අපෙ පොඩි උන්දැගෙ වෙඩිමෙ අන්තිම හරියේ.. දැන් ඉතින් අද රෑට මුන් දෙන්නට දිලෙන්න තමයි තියෙන්නෙ.. මට නිදිමතයි යකොව් මෙච්චර මේ මහන්සි වෙලා.. ඒත් එහෙම නිදියන්න බෑ.. තව ටිකකින් මේ වීඩියෝ එක ඉවර උනාම මට කරන්න ලොකු වැඩක් තියෙනවා..

අපෙ අයියලගෙ ලස්සන වීඩියෝ එකක් මුලු වෙඩින් හෝල් එකම හික් ගෑවෙමින් ප්ලේ කරලා ඉවර උනා.. සිතූට නම් හෙනාතල් එකක් ගිහින් තව පොඩ්ඩෙන් පුටුවෙනුත් වැටෙනවා.. එයා ඇඳගෙන හිටියේ ක්‍රීම් පාටට හුරු ගවුමක්.. මමත් ක්‍රීම් පාටට හුරු කිට් එකක් තමයි ඇඳන් හිටියේ.. අයියලා දෙන්නා නම් තද නිල් පාටයි සුදුයි තීම් එකට තමා ඇඳලා හිටියේ.. ඒ දෙන්නා නම් හරිම ලස්සනයි.. මට දෑස පලාගෙන කඳුලුත් එනවා ඒව දැක්කම නම්..

"නන්දි!!!"

"ඕ රශී.."

"නිකන්.. බායි..."

අපි පැත්තට විදුලි වේගෙන් කෙලගෙන දුවගෙන ආපු කෙල්ල රිවස් කල්ලා ආයෙම හැරිලා දිව්වා.. මේ කෙල්ලට මේ යාලුවො හම්බෙලානේ.. හම්මේ නටන නැටිල්ල..

වීඩියෝ එක ඉවර වෙන්න ලඟ නිසා මන් තියාගෙන හිටපු බොක්ස් එකත් අතට අරන් සිතූට පේන්නැති වෙන්න බලලා ආයෙම ඒක සාක්කුවට දා ගත්තා.. සිතූට මෙලෝ සිහියක් නෑ එයා ස්ක්‍රීන් එක කන්න වගේ හිනා වෙවී බලන් ඉන්නවා..

සිතූට කියන්නෙත් නැතුවම මම අපෙ තීව් අයියලා ඉන්න පැත්තට ගියා.. ආර්ශ්හ්හ් මට බයයිත් වගේ දැන් නම්.. පොඩි ගැහෙන ගතියකුත් තියෙනවද මන්දා.. හෝල් එකේ ඒසී එක වැඩී මන් හිතන්නේ..

"ඉතින් අපේ අලුත් කපල් එකට.. සුභ මංගලම් කියලා.. අපි නවතිනවා.."

තීව් අයියා මට මයික් එක දීලා මගේ පිටටත් තට්ටුවක් දාලා එහාට උනාම මම මයික් එක අරන් ඉස්සරහට ගියා..

"අම්ම්.. මම මොනව කියන්නද කියලා මම දන්නෙ නෑ.. මට කියන්න තියෙන්නෙ ඔය දෙන්නට හැපි වෙඩඩ් ලයිෆ් කියලා තමයි.. පොඩි අයියේ.. ඔයා-ඔයා ඇත්තටම හරි හොඳ මනුස්සයෙක්.. ඒත් සුදු අයියව අඬවන්න එපා.. ඔයා එයාව පරිස්සම් කරනව කියලා මම දන්නවා..එයා තමයි ඔයාට ගැලපෙන්නෙම.. මම ඔය දෙන්නට හදවතින්ම විශ් කරනවා.. ඒ වගේම.. මම දෙයක් කියන්න කැමති.. මෙතන ඉන්න ගොඩක් අය දන්නවා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්.. සිතුමිණී කියන එක.. ඉතින්.., මම ඔයාට දැනට පොඩ්ඩක් මෙතනට එන්න කියලා කතා කරනවා.."

සිතූ පොඩ්ඩක් බය වෙලා වගේ නැගිටලා හිමින් හිමින් මන් ලගට ආවා.. ආශ්.. මගෙ අත් දෙකත් ගැහෙනව වගේ..

"ඇයි.."

"ඔහොම ඔතනින් ඉන්නකෝ.."

මම අඩියක් පිටිපස්සට ගිහින් දනහිසක් බිම තියලා බිමට නැවුනා..

"මෙච්චර කල් මාත් එක්ක ආදරෙන් හිටියා වගේම ඉස්සරහටත් මාත් එක්ක ආදරෙන් ඉන්න මගේ වයිෆ් වෙනවද.. Will you marry me?"

මන් මගේ අතේ තිබ්බ පුංචි බොක්ස් එක එයාගෙ පැත්තට දික් කරන ගමන් ඇහුවම සිතූ ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියා.. එයා හොඳටම පුදුම වෙලා..

"ම්ම්-ම්මොක්-මොකක්!?"

"Will you marry me සිතූ?"

"s-sure..I will"

සිතූ හීනෙන් වගේ ඒ ටික කියනකොට මම ඒ බොක්ස් එකේ තිබ්බ රෝස් ගෝඩ්ල් වලින් හදලා තිබ්බ අඩ හඳක චාම් එකක් තියන මුද්ද සිතූගෙ ඇඟිල්ලට දැම්මම සිතූ ඒක දිහා කන්න වගේ බලන් හිටියා.. ඒත් එක්කම අපේ වටේ හිටපු කට්ටිය පිස්සුවෙන් වගේ කෑ ගහන්න ගත්තා.. මම අරන් තියාගත්තු මල් බොකේ එක තීව් අයියා ගෙනත් දුන්නම මම ඒකත් සිතූ අතට දුන්නා..

"Kiss! Kiss! Kiss! Kiss!"

මම එහෙම්මම පහත් වෙලා සිතූගෙ තොල් වලට පෙක් එකක් තියලා සිතූව හග් කලා.. සිතූ මගේ ඇඟේ එල්ලිලා වගේ හිටියේ.. එයා රෝස පාට වෙලා හොඳටම..

ඔහොම ගිහින් සිතූ ඒ වෙලාවෙන් පස්සෙ හිටියෙ හරිම ලැජ්ජාවෙන් සහ සතුටින්..

අපි දෙන්නා එන්ගේජ් වෙලා තමයි හිටියේ.. ඒත් ඒක දන්නෙ අපේ පවුල් වල මිනිස්සුයි තව අපිට සමීපම අයයි විතරනෙ.. ඊට පස්සෙ ඔව්වට නොයෙක් කතා කියන්න පුලුවන්..

පව් අප්පා අපේ අයියලා දෙන්නා.. අපේ ලංකාවෙ මාධ්‍ය වේදියොන්ට ඉතින් මේක ලොකු ආරංචියක්නෙ මොකද සිරි ලංකා කිරිකට් කන්ඩායමේ කැපී පෙනෙන කිරිඩකයෙකුයි ලොවක් ජයගත් ඔලිම්පික් ජයග්‍රාහකයගෙයි මගුල නෙ මේ.. හෝල් එක පුරාම ක්‍රිකටර්ස්ලා එහෙමත් පිරිලා හිටියා.. දැන් ඉතින් අපෙ අයියන්ඩිටයි අපේ සුදු අයියන්ඩිටයි සුවෙන් මහන්සි අරින්න- ආ එහෙම බෑ නෙ දිලෙන්නත් එපැයි..

ඔහොම ගිහින් අපේ අයියලා එයාලගෙ හොටෙල් එකට ගියාම අපිත් ඒ අපි හිටපු හොටෙල් එකේම රූම් එකක නැවතුනා.. ආයෙ ගෙදර යන්නයි සැහ් ඕවා කරන්න බෑ අප්පා.. කම්මැලී මට.. බුක් කරලමයිනෙ තිබ්බෙ කෝමත් ඒ නිසා අවුලක් නෑ..

මමයි සිතුයි රූම් එකට ආපු ගමන් මන් බොහ් ගාලා ඇඳට වැටුනා.. ඒ තප්පර කීපෙට මට හොඳ~ට නින්ද ගියා.. ඒත්,

*චටාස්*

පුප දෙදරා යන්න පාරක් වැදුනා දෙයියනේ.. කිස් කනව වගේ දැන්නම්.. පුදුම හු#තෙ වැඩ තමා මේ මෝඩ ගෑනිත් කරන්නේ..

"මොකද්ද අනේ.."

"ගිහින් වොශ් දාගෙන එනවා!!! ගඳයි ඔයා ලඟ.. මේහ්.. ඒයි.. ඔයා බීලද.."

"පිස්සුතර්‍ර්හ්හ්හ්"

සිතූ මගේ ලඟට පොඩ්ඩක් ලං වෙලා ආයෙම ඈතට ගියා.. සිතූ වොශ් දාගෙනත් ඇවිත්..අනේ මට බඩගිනී නේ..

"මොනවද බිව්වේ.."

"මන් මුකුත් බිව්වෙ නෑහ්.. හැබැයි සුට්ටක් බිව්වා.."

"මොනාද කියපන් බිව්වේ.."

"අර අරයා දුන්නා මම බිව්වා.."

"හනේ තෝ වහ දුන්නත් බීපන්.."

"හාර්ශ්හ්ම්ම්ම්ම්"

"කෝ ආයෙ නිදිද.. නැගිටිනවාඅ... යමු හෝදගන්න.. කෝ එන්න.. ආදි.."

මම සේප් එකේ නැගිටලා ශර්ට් එක ගලෝලා විසික් කරලා ට්‍රවුසර් එකත් ගලවල විසික් කලා.. මන් මෙලෝ වගක් නැතුව අන්ඩවෙයා එකයි වෙස්ට් එකයි පිටින් සිතූගෙ ඇඟේ එල්ලිලා වොශෲම් එකට ගියා.. සිතූ මාව බිත්තියට හේත්තු කරලා ශවර් එක ඇරලා හොංදට නාගන්න කියලා යන්න හැදුවා.. ඒත් මම එයා යන්න හදනකොටම අතින් අල්ල ගත්තා.. ආව්ස්..

"කොහෙද යන්නෙම්ම්හ්"

"ඒයි.. මට යන්න දෙනවා.. මම එක පාරක් ඇඟ හෝදලා ඉන්නේ.."

"කමක් නෑ නෑවෙ නෑ නෙ.. මාත් එක්ක නාමුහ්"

"අනේ මේ.. මට යන්-"

තව වචනයක් කතා කරන්න කලින් මන් සිතූගෙ තොල් වලට බර උනා.. හැමදාමත් වගේ මන් ඇස් අඩවන් කරන් එයා දිහා බලන් හිටියා.. එයා ඇස් දෙක වහගෙන රතූ වෙලා මගෙ තොල් වල තොල් පටලන් හිටියෙ.. එයා ඇඳගෙන හිටපු ටවල් එක මම හිමීට ගලවල දාලා එයාව මට තුරුල් කරගන්නවත් එක්කම මගේ වෙස්ට් එකත් කොහෙන්ද මන්දා අතුරුදහන් වෙලා ගියා.. පැයකට වඩා වෙලාවක් අපි ශවර් එක යටට වෙලා හිටියේ.. එතකොට මගේ වෙරි ගතිය ලාවට බැහැලා තිබුනත් හිතට අමූතු කික් එකක් ඇවිත් තිබ්බා.. මමයි සිතුයි රූම් එකට ඇවිත් ඇඳුමක් ඇඳගෙන නිදාගත්තා.. ඇත්තෙන්ම නිදා ගත්තම නෙවෙයි අපි දෙන්නා අතරෙ යම් යම් දේවල් සිද්ධ උනා.. ඒත් ඒවා හැමදාමත් වගේ ලිමිට් එකකටයි සිද්ධ උනේ..

"ගුඩ් නයිට්"

"ගුඩ් නයිට් බබා.."

නලලට හාද්දකුත් දීලා මන් එයාව තුරුල් කරන් නිදා ගන්නකොට පාන්දර දෙකත් පහු වෙලා..

පහුවදා උදේ නැගිටලා ෆෝන් එක බලනකොට පොඩි අයියා අපේ ගෲප් එකට පලු යන්න බැනලා දාල තිබ්බා.. අපි උගෙ ඇඳුම් බෑග් එකට ශර්ට් දෙකකුයි අන්ඩවෙයාස් දෙකකුයි දාලා වහල තිබ්බනෙ.. මෙහෙමයි ඉතින් ඇඳ යට අපි ඇඳුම් ටික තිබ්බා මොනා උනත් පව් නේ.. ඒත් ඉතින් හොඳයි..

" දැන් ඉතින් ඔයත් ලෑස්ති වෙන්න බඳින්න.."

"හෑ..?"

"හැක් හැක් නෙවේ.. තව සති තුනකින් අපිත් වෙඩින් එක ගන්න ඕනෙ.."

"ම්-මොකක්?? තව සති තුනකින්???"

"ඔව් ඔව් ඒයි.."

අපි දෙන්නා වොශ් දාලා බෑග් එකත් පැක් කරගෙන හොටෙල් එකෙන් ගියා.. යනගමන් අපි බ්‍රෙක්ෆස්ට් එකත් අරන්ම ගෙදරට ගියේ දෙයියනේ කියලා හරියට නිදා ගන්න.. මොකෝ හොටෙල් එකේ ඉඳියත් නිදා ගත්තයෑ.. දෙකට විතර නවත්තලා නිදා ගන්න ගියත් මොකෝ හැඟීම් අවදි උනාම අපිත් අවදි වෙනවා.. මට තුරුල් වෙලා මාත් එක්ක නිදාගෙන ඉන්න දැරිවිගෙ මුලු සර්වා‍ංගෙම මගේ ඇඟේ වදිනකොට කොහොමද බන්ග් කට පියාගෙන ඉන්නෙ මම..

අහම්- ඒවා වලින් වැඩක් නෑ.. අපි දැන් නිදාගන්නයි යන්නේ..

මම ඇඳගෙන හිටපු බඩකඩිත්තුව ගලෝලා මට පහසු අගල් දෙකේ සෝටයි දෙන්නෙක්ට බහින්න පුලුවන් ශර්ට් එකයි දාගෙන ආයෙම ඇඳට වැටුනා..

"සුඩු මාට්ටියා අපිත් ආවා...."

අනේ ඉතින් ඩිංගිත්තක් නිදා ගන්න හැදුවා විතරයි..

"මොකද පගෝ"

"ඇයි ඇයි උබ ගහගන්නත.. දෙන්නෙ දෙකක්.."

"අනේ නිදාගන්න දීලා පලකෝ.."

"නිදාගන්න නෙවෙයි යකූ තොපි වෙඩින් ගන්නව නම් වෙඩින් කාඩ් එව්වා මෙව්වා හදන්නැද්ද.. යකෝ මොකුත් නොකර ඔහේ නිකන් බලන් ඉඳන් සති තුනකින් වෙඩිම ගන්නෙ උබ අංජනං දෙයියද.."

"හරි හරී.. හයියෝ.. දැන් මොකද්ද කරන්න කියන්නේ.."

මම ඇඳේ හරියට ඉඳගෙන තුශී එක්ක කතා කරන්න ගත්තා..

"හරි හටි උබ ඕන ඩිසයින් එක කියපන්කො.. අපි හදන්නම් වෙඩින් කාඩ්.. උබ නිදා ගනිම් මට අයිඩියා එක දීලා.."

"අම්ම්... සිතූ ඔයා කැමති මොන වගේ එකකටද.."

"රෝස පාට!!!!"

"හයියෝ හිකේයියා.. බාබි ඩෝල් වෙඩිම් ගන්න බෑ නෙ අනේ අපි ඔයාගෙ බර්ත්ඩේ එකට් බාබි ඩෝල් පාටියක් දාමු හරිද සුදු නෝනා.."

"හරි හරි.. ඕන දෙයක් මට නම්.."

"මෙහෙමයි.. සිතූගෙ ඩ්‍රස් එක වයිට්,ලයිට් පින්ක් ගමු.. මගේ එක වයිට් කලර් එකෙන්.. සකුරා තීම් එකට වගේ යන්න බැරි වෙයිද අපිට.. මොනා උනත් සිතූ ආසයි නෙ බන්.. ඔය දැන් ඕන දෙයක් කිව්වට එහෙම කිව්වෙ දුක හිතිලා.."

"හරි එල අපි හදල උබට පෙන්නන්නම්.. උබ නිදාගනිම්.."

අරුන් ටික කාමරේ දොර වහන් එලියට ගිය නිසා මම ඇඳේ හාන්සි උනා..

"ඒ.. ස්ස්.. මෙහෙ එන්න.."

"ම්ම්ම්..? ඇයි?"

"එන්නකෝ.."

සිතූ විසාකාව වගේ ලීලාවෙන් මන් දිහාවට ඇවිදන් ආවම මන් සිතූව ඇදලා අරන් මගෙ ඇඟ උඩට දා ගත්තා.. අන්නේය්හ්හ් මේ කෙල්ල මගෙ වයිෆී වෙන්නයි යන්නේ...!!

"මොකද මේ.. අරගොල්ලො දකියි.."

"දැක්කත් මොකද.. You are my fiance now.."

ඒ කියන ගමන් මන් සිතූගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බා.. එදත් අදත් කියලා වෙනසක් නෑ.. මගෙ එක පෙක් එකකට පුලුවන් සිතූව රෝස පාට කරන්න..

"හරි හරි.. ඔයාට දැන් නිදි මතයි කිව්ව නේද.. නිදා ගන්න බබා.. ඔයාට මහන්සිනේ.. කොහෙද ඊයෙ රෑ නිදා ගද්දිත් තුනට විතර ඇති.."

"හෙහ්.. හරි ඉතින් ඔයා මෙතන ඉන්න.."

මම ආයෙම සිතූගෙ තොල් වලින් පෙක් එකක් තියන ගමන් එයාව හාන්සි කරවලා එයාගෙ පපුවෙන් ඔලුව තියාගෙන එයාව බදාගත්තා.. එතකොට සිතුත් එයාගෙ අත මගෙ ඇඟ වටේ යවලා මාව එයාට තුරුල් කර ගත්තා..

"ආදරෙයි.."

සිතූ මගෙ නලලට කිස් එකක් දෙන ගමන් රහසින් වගේ කිව්වා.. නලලට දෙන හාදු වලට මං හරි ආසයි..

"මගේ සිතූ.."

"ම්ම් ඔයාගෙ.."

විනාඩි කීපයකින් මට ලාවට නින්ද යාගෙන ආවා.. මට තාමත් හිතා ගන්න බැරි සිතූව මං ලඟට මෙහෙම එව්වෙ කොහොමද, සිතූ කොහොමද මාව හොයන් ආවෙ කියලා..

ඉතින් ඉතින් ලමයි.. කොහොමද ඔයාලට.. කාලෙකින් නේද.. ආව්ව් නැත්තෙ ඇයි ඇයි අහන්නෙපා.. පුංචි ප්‍රශ්න වගයක් උනා සහ කලින් වට්පෑඩ් එකේ උන ප්‍රශ්නෙත් එක්ක මට දැන් වැඩිය ලියන්න ආසාවක් නෑ..

ඉක්මනට අනිත් එකත් ගේන්න බලන්නම්.. බාඉ පරිස්සමින් ඉන්න ඔයාලා..

ආදරේට ආදරෙන්..

ආදරෙයි උතුරන්න..

Minchii_chamz

Share This Chapter