Back
/ 49
Chapter 23

Chapter 23

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

"තෙජුවෝ දැන් උබ  අද රෑට අර සිල්වා කාරයාගෙ පාටියට යනවද බන්..මන් නම් කියන්නෙ උබ ඕකට නොයා ඉදින් බම්ලො...ඌප්ස් සොව්රි පුතේ.."

"කියපන්කො කොල්ලො උබ යනවද නැද්ද.."

"බලන්න ඕනි මාම්..ඔන්න ඔය මස් කෑල්ලක් දාන්න.."

"කාපන් කාපන් උබට මස්ම තමා ගිල්ලන්ඩ ඕනි..ඉදපන් හෙට අනිද්දාම මන් දඩමස් ටිකකුත් කැලෑ පොජ්ජට මංගච්චලා ගෙනත් ගිල්ලන්නම්කෝ උබට.."

" එකියන්නෙ උබ යනවා.."

"ම්ම්ම්..යන්න තමා හිතාගෙන ඉන්නෙ.."

"ආ..පලයන්කො පලයන්කො..උබ ගිහින් එන්නෙත් ගෙදරටනේ..අම්මපා කොල්ලො උබ ඔහෙ ගිහින් වින්නැහියක්-.."

" බේබි එපා..තේජුට කන්න දෙන්න..කොල්ලා දන්නවා කරන්න ඕන මොනවද කියලා..මටත් ඔයින් මස් කෑල්ලක් දාන්න.."

"ආ..හරි සෝක් වෙරි ගුඩ්..උදාරයි බුද්දික පුතයි මහා බුද්දිකයාගෙයි කෙරුවාව..උබත් මස් කාපන් මගෙ මිනිහෝ..දැන් මස් කාල රෑට මගෙ තම්මැට්ටන් කාපන්..මන් කියන්නැ අයියේ තවුසෙටත්..තෙජු මොනවා හරි කරන් ආවොත් ඒකට උත්තර බදින්නත් ඔය මහත්තයා දත කට මැදන් බලාන් හිටියොත් තමා හොද..ඔය කවුරු කවුරුත් අවසානෙ එන්නෙ මා ගාවටනේ..බලාගමු හරී..."

ඉතිම් තවත් සුන්දර උදෑසනක මනරම් අන්දමින් උදෑසන ආහාරය බුක්තිවිදින ගමන් මාම්ගෙ කන්දොස් කිරියාවත් අහගෙන දවස පටන් ගන්නයි මේ සූදානම...

දුසා උස්සන් ආපු ගින්නෙන් පයර් වෙච්චි මාම් ඊයේ දවාලෙ ඉදන් ෆුජීසන් සක්‍රීය වුනා වගේ පුපුරනවා..දැන් නම් ලාවත් ගලනවා ඔන්න...

මංජු සීයා ඉන්න හන්දා අද ආර්ය සීයා බේරුනා..නැත්තම් මෙතනට එයාවත් අහුවෙලා එයාටත් මෙ දුක විදින්න වෙනවා..මුලදි මුලදි මමාට පාට් දාන් ආවට මොකද පහු පහුවෙද්දි ආර්ය සීයත් මාම්ගේ කටට හුරුවෙලා එයා එක්ක තර්ක නොකර පැත්තකට වෙලා ඉන්න එක නුවාණට හුරුයි කියන එක වටහා ගත්තා..

මාම්ගෙ කටට ගහන්න එකෙක් මේ මීගස්තැන්න පරම්පරාවෙත් නැතුව ඇති..

අද රෑ වෙනකන්ම මාම්ගේ තොයිලේ අහගෙන ඉන්නවෙනවා..එයා ඔය හදන්නෙ කොහොම හරි මන් යන එක නවත්තන්න..පිස්සු කොල්ලා..එයා බයයි මන් සිල්වාකාරයන්ගේ නෙත් මානෙට අහුවෙනවට..

ඔය සිල්වලා කියන්නෙ අපේ තාත්තිගේ තාත්තා..එකියන්නෙ අශ්වින් සීයාගෙ අක්කාගෙ මනුස්සයා..පොර නාකි වුනත් තාම පිටියෙන් බැහැලා නැහැ..සීයාපප්පා එක්ක බැලුවාම නම් ඉතිම් මෑන්ගේ ඒ හැටි වයසක් නෑ..අපේ නාකි බඩ්ඩ මෙ වලපයයි ගොඩපයයි අත ලග තියාගෙන ලව්සමය ගත කරනවා..

මොනවා වුනත් සිල්වලා කියන්නෙ එච්චර හොද කට්ටියක් නෙමෙයි..කාලයක් ලොකු ආච්චි කියන ගෑනි තාත්තිව අල්ලලා විකාර නටන්න හදලා..තාත්තියි ඩැඩායි කාලයක් දෙපැත්තකට වෙලා දුක් විදින්නත් එක හේතුවක් ඔය ගෑනි..මට පේන්න බෑ එ මුලු පවුලම..අනිත් එකා ලියනාඩි ඇටවිංචි..ඕකා ඉස්සර ඇඹලයා වගේ තාත්තිගේ පස්සෙන් ඉදියාලු..දැන් කියලත් වෙනසක් නැතුව ඇති..ගිහිල්ලාම බලාගන්න ඔනී ඒක..

"ආ.. ඇමති කුරුල්ලො..සැරදේවා දේවතාවුනි..වඩින්න වඩින්න බෝජන සංග්‍රහයට..අනෙ අම්මපා ඇමතියො උබටත් කට නැද්ද මන් අහන්නෙ මේ කොල්ලාට අර හුම්මානෙට යන්නෙපා කියන්න ආඅ...."

"ගුඩ්මෝනින්ග් තමාල්.."

මගෙ සුහද කොක්වහන්සේ පඩිපෙල් බැහැගෙන එනවා දැක්කා විතරයි මාම් ආයෙත් පුපුරන්න ගත්තා..අනෙ ඉතිම් මගෙ හිංචි පිංචි හාවා මාම් කියපුවා කනකටවත් නොගෙන වෙන්දා වගේම මාම්ට ගුඩ්මෝනින්ග් කියාගෙන මගේ දිහාවට ආවා..මන් බලාගෙන එයා පඩිපෙල උඩ ඉදන් පහලට එද්දි ඒ ඇස් මගෙන් අහකට නොයා මා දිහාවටම යොමුවෙලා තිබුන විදිහ..සමහර විට එයාට මාම් කියපුවා ඇහුන්නැති වුනා වෙන්නත් පුලුවන්..

එයා හරියට ඇස් බැන්දුමකට අහුවෙලා වගේ මගේ පැත්තට ඇවිදන් ආවෙ..හරි ඉතින් මේ තේජු කියන්නෙම මායාවක් තමයි.....

"අනේ මගේ කට..අන්ද ගොලු බීරො මැද්දෙ මටම තමයි මෙ හැම දෙයක්ම බලලා කරන්න වෙලා තියෙන්නෙ..කෝ ඔය පිගාන මෙහාට දික් කරපියකො ඇමතියො..මටත් තව වැඩ තියෙනවා තමුන්ලට බත් බෙදාදෙනවා ඇරුනහාම.."

"ගුඩ්මෝනින්ග් බබා..ඔයා තවත් ලස්සන වෙලාද මන්දා.."

ඩැඩි මන් ගාවින්ම වාඩිවෙලා ප්ලේට් එක අතට ගද්දි මාම් එයාට බැන බැනම ප්ලේට් එකත් උදුරලා අරගෙන බත් බෙදද්දි ඩැඩි ඒවා එයාට නෙමෙයි වගේ මන් දිහා බලාගෙන හිනාවෙවි කන ලගට පහත් වෙලා ගුඩ්මෝනින්ග් කියන ගමන් මන් තවත් ලස්සන වෙලා කියලා කියද්දි මගේ කට ගොරකා කෑල්ලක් වගේ ඇදවෙලා ගියේ මේ මිනිහාට මොන යකෙක් වැහුනාද කියලා හිතාගන්න බැරුවයි..

මන් ඇහිබමත් උස්සලා මේ විකාරෙ දිහා බලන් ඉද්දි මගෙ කම්මුලක් මිරිකපු එයා ෆෝක් එක අර ගත්තා..

අනෙ මගෙ පිස්සු මගුල..විකාරයක් වෙලාවකට...

ඊයේ රෑවෙද්දි මට උණ ගැනුන නිසා එයා

ආපු වෙලේ ඉදන් මන් ගාවමයි ඉදියේ..මට මතකයි සීතල රෙදි කෑල්ලක් ගෙනල්ලා මාව සැරින් සැරේ තවපු විදිහ..පිස්සු කොල්ලා තවපු හැමවෙලාවකම මගෙන් සමාව ඉල්ලුවා..

එතන සමාව ගන්න දෙයක් නැ කියලා කොච්චර තෙරුම් කරන්න හැදුවත් එයා කිව්වෙම පලවෙනි වතාව නිසා වට තුන හතරක් නොයා එයාට ඉන්න තිබුනා කියලයි..

ඕකෙන් මේකෙන් ඩැඩියා කොහොම හරි දැනගත්තා මන් එයාට කලින් කියපුවා බොරුයි කියලා..පිස්සු කොල්ලා දුක් වෙලා එයා මගේ පලවෙනියා නෙමෙයි කියලා..කෝලම..ඔයා තමයි මගේ පලවෙනියා වගේම අන්තිමයත්..

"ඩැඩි..මොකද මේ..ඇයි කන්නැත්තේ.."

මාම් බත් එක බෙදලා දුන්නත් ඩැඩි නෙමෙයි ඇස් අහකට ගත්තේ..මගේ දිහා සමවැදිලා වගේ බලාගෙන හිනාවෙනවයි රතුවෙනවයි..මේකා උදේපාන්දර ගුලියක්වත් ගහලාද..මන් මොකද කියලා ඇහුවත් හිනාවෙලා මුකුත් නෑයි කියන්න ඇස් ගැහුවා..

මන් ඇස් වලින් බත් එක පෙන්නද්දි එයා කම්මුලකට අතක් තියාගෙන ඇසුත් දොඹ සයිස් කොරන් මගේ දිහා බලන් ඉන්නවා...මේකාට මොන විපර්‍යාසයක් වෙලාද මේ..

සැකයි ආ...මගේ නාකි බඩුව මොකාටද මේ එන්න හදන්නේ..

මන් එයා දිහාත් බලලා ආයෙ අහක බලාගෙන බත් ටික කෑවා..මට දැනෙනවා මගෙ කලවා හරියෙන් කවුරු හරි අතගානවා..ඇදන් ඉන්නෙ සිල්ක් කලිසමක් වුනත් ඒ අතේ රළු ගතිය මට ඔනාවටත් වඩා දැනුනා.

මමාත් කෑම මේසෙන් බෙදාගෙන වාඩිවෙද්දි මන් ඩැඩිට රැව්වේ එයාගෙ අත ටිකෙන් ටික උඩුගම් බලායන්න හදපු නිසයි..

ඉන්න බැරි කරන්නද හදන්නෙ මැට්ටො....

මන් එයාට රවන්න රවන්න කට කොනෙන් පෙනෙන නොපෙනෙන ගානට හිනාවෙවි එයා මගෙ දිහා ගිලින්න වගේ බලාගෙන ඉදියා...

"කැහ්ම්..අපේ ඇමතිතුමෝ..පිගාන තියෙන්නෙ මේසෙ උඩ මිසක් මගේ කොල්ලාගේ මූන උඩ නම් නෙමෙයි..උගතුන්ටත් අකුරු වරදින එකේ මන් හිතාගන්නම්කො ඔයාට පැටලුනා කියලා..කන වෙලාවෙවත් ඔය ඇඹල ගතිය එලියට නොදා ඉන්න බලපිය..අප්පා ඉස්සරහා තියාගෙනනෙ මුන් මෙ මගුල් නටන්නෙ..මගෙ අතෙ තීන මස් අන්ඩ ඇහැට එවන්න කලින් පිගානෙ කෑම එකට ඇස් ගෙඩි දෙක දාගත්තානම් හොදයි.."

ආ ඔය අහගත්තේ..දැන් අමාරුව හොද ඇති..මන් ඒත් බැලුවා මාම්ගෙ උකුසු ඇස් වලට අද වැලිගිහිල්ලද කියලත්..

මාම් කියවන්න ගත්තා විතරයි මෙච්චර වෙලා මගේ දිහා බලාගෙන භාවනා කරපු ඩැඩී ගැස්සිලා වගේ එ පැත්ත බලලා පිගානට ඔලුව ඔබාගත්තා ඔබාගත්තාමයි අන්තිම බත් ඇටේ වෙනකම්ම එයා නෙමෙයි ඔලුව ඉස්සුවේ...

කාලා ඉවර වෙලා කුස්සියට ගිහින් අත හෝදමින් උන්නු මගෙ ඉන වටේ ඇදුනු හුරුපුරුදු අතකට මාව ඇදිලා ගිහින් ඒ පුලුල් පපු තුරුලේ මාව නතර වෙද්දි ඒ උනුහුම මගෙ සියුම් නහරවලට පවා දැනෙන්න ගත්තා...

"සුවදයි...බබා..."

"ඔයා මෙහෙම ඉද්දි මට ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙනවා මැනික.."

"මට හරි ලෝභයි වස්තුවේ..මට පුලුවන් නම් ඔයාද මෙ ලොකෙට පේන්න නොදි පපුව අස්සෙ හංගන් ඉන්නවා බබා.."

එ පපුවෙන් දැනුන උනුසුමට ලෝභ වුන මම එහෙන්ම එයාව තදින් වැලදගද්දි මගේ ගෙල අස්සෙ හාදු තියපු එයා මාව පපුව අස්සෙ හංග ගන්න හිතෙනවා කියද්දි ඒ වචන මගෙ හිතට හුගක් ආගන්තුක වුනා..

මොකද එයාගෙ මෙ වගේ පැතිකඩක් මන් දකින්නෙ හරි කලාතුරකින්..

මන් දන්නවා එයාගේ ආදරෙට සීමා මායිම් නැති වග...

දවසක ඒ ආදරෙ මාත්‍රාව දරාගන්න බැරුව මත් වෙලා මැරිලා යන්න වෙනවා කියලත් මන් දැනන් උන්නා..

එයාගෙ පපුවෙන් ඔලුව උස්සපු මම ඒ තොල් වලට පහත් වෙද්දි එයත් මගෙ ඉනවටේ තිබුන අත් වලින් මාව තව ටිකක් එ තොල් ගාවට උස්සලා අරන් දීර්ඝ සිපුමකට මුල පිරුවා..............

.

.

.

.

.

දවසක නිවාඩුවක් ගත්තා වගේ නෙමෙයි කම්පැනි එකේ මේ තියෙන කාර්යබහුල තත්වෙ එක්ක දවසට තියෙන පැය ගාන වැඩි වුනත් ඉවර කරගන්න පුලුවන් වෙයි කියලා නම් හිතාන්න බෑ..

මන් හිතන්නෙ අදත් ප්‍රශ්නයක්..

එක දිගට මේවිදිහට පොඩි පොඩි ප්‍රශ්න ආවොත් නම් ලොකු විනාසයක් වෙලයි නතර වෙන්නෙ..

මේ දේවල් කරන්නෙ එක්කෙනෙක්..අපි නොහිතන විදිහේ පිරිසක් එයාගෙ සහයට ඉන්නවා..එකත් අපේ කම්පැනියේ අපේම අය අතර...ඩැඩා නැතිවුනත් හරි කම්පැනිය කඩන් වැටුනට පස්සෙ කලින් තිබ්බ තත්වෙට ගන්න අද වෙනකම්ම බැරිවුනා..පිට පිට තුන්වතාවක් best businessman of the year award එක ගත්තු ඩැඩා යන්න ගියත් හරි එතනින් පස්සෙ එ තැන ගන්න අපේ කෙනෙක්ට බැරිවුනා..

මට තියෙන ප්‍රශ්නේ ඔව්නර් කෙනෙක් වෙච්චි දුසාටත් මේක තිබුන තත්වෙට ගන්න තාම බැරිවුනේ ඇයිද කියලයි..

එක්කො එයා කම්පැනියට අවදානෙ දීලා තියෙන්නෙ පරක්කු වෙලා..නැත්තම් එයාට තවමත් මේක ගැන ගානකට නැතිවෙන්න ඕනි...

එයා වගෙ කෙනෙක්ටත් මේක ගොඩදාගන්න බැරිවෙන හේතුව මොකද්ද....

කම්පැනියට ඇවිත් දුසා අංකල්ගෙ කැබින් එක දිහාවට ඇවිදන් යද්දි වෙන්දා වගේ අදත් එයාගේ කැබින් එකෙ කට්ටිය පිරිලා වගේම ඒ ඔක්කොම ඔලුව පහත් කරගෙන එයාගෙන් කුනු බැනුම් අහනවා..

" disgusting අයිසේ...මිස්ටර් පියල් තමුන්ට මන් ලාස්ට් වෝර්නින්ග් එක දුන්නා..මේල්ස් ටික හරියට චෙක් කරානම් මෙහෙම දෙයක් වෙන්නෑ..තමුසෙලා ඇස් කටේ දාගෙනව ඉන්නේ..වගකීමක් දරන්න බැරිනම් මේන්  තියෙනවා ලෙටර්ස් ටික ඕනි එකෙක්ට අස්වෙලා යන්න පුලුවන්..මට තමුසෙලාට වඩා හොද උන් තප්පර ගානකින් හොයාගන්න පුලුවන් කම තියෙද්දියි ආර්ය අංකල්ගේ කීමට උබලව තියන් ඉන්නෙ..මට කරන්න දෙයක් නෑ...මිස්ටර් පියල්..you're fired.."

"අනෙ සර්..එහෙම කරන්නෙපා..මන් ඒක."

"තේජාන්..දොරගාව ඉන්නැතුව එනවා ඇතුලට.."

කැබින් එකෙ දොර ගාවට වෙලා මම ඉදියෙ ඇතුලට යන්දො නොයන්දො කියලා කල්පනාවකයි..මෙ වෙද්දිම එකා එක්කෙනෙක්ව අස් කරා..එ බතලයාව අස් කරපු එකමයි හොද..ඕකා සිල්වාට හොරෙන් වැලි අදින එකෙක්..ඌට හොද වැඩෙ කිය කිය සතුටු වුන මාව උඩ ගිහින් බිමට වැටුනේ දුස්මන්තා ඊලගට මගේ නම කියලා හයියෙන් කතා කරද්දියි...

යකො මේකා කොහොමද මන් එලියේ ඉන්නවා දැක්කේ....

යකාගේ විමානෙට ආවානම් දැන් ඇතුලට පලයම් තේජු පුතේ..අද නම් හනුමා මහා රජ කංසා පරාදයි..

දොර ඇරගෙන මන් ඇතුලට එද්දි දුසා ඇතුලු එතන ඉදපු හැම කෙනාගෙන අවදානෙ මගේ දිහාවට යොමු වුනා...

අනේ මේකා මුන් ටික ඉස්සරහා මට බැනලා මගේ සායම යවයිද..

එහෙම බනින්න මේ මට..

බලාගමුකො අංකල්‍..ඔයා මට බැන්නොත් තමා පොල්ල වරද්ද ගන්නෙ හරී...

" මිස්ටර් රාහුල් තේජාන් බොස් තමා-.."

"Shut the f#ck up Mr Piyal.. කවුද දැන් තමුන්ට මෙතන කතා කරන්න අවසර දුන්නෙ ම්ම්ම්ම්??.."

"ස්..සොරි මිස්ටර් රාහුල්..මම ආ නෑ..නෑ...මුකුත් නෑ.."

මන් දුසා අංකල්ගේ ටෙබල් එක ගාවට ආවත් හරි පියල් කියන තඩි බඩා මගේ දිහාට අතත් දික් කරගෙන මාව ගාවලා මොකද්ද කියන්න හදද්දි දුසා අංකල් ඒකාව මරාගෙන කන්න හැදුවා...

අඩො මන් මොකද්ද බන් උබට කරේ...හොදම වැඩේ තොට..අන්න හරි දුසා අංකල් තව බනින්න..තව හොදට බනින්න...

පියල් දිහාවට දවා අලුකරන ලුක් එකක් දුන්න දුසා අංකල් මගේ දිහාවට හැරිලා අර රාක්ෂ මූන සුරදූත මූනක් බවට පත් කරගත්තා...

බලන්න ඉතිම් මේ තේජුගේ මූන දැක්කල් ඇති කේන්ති ගිය මනුස්සයෙක්ගේ හිත නිවෙන්න...

ගැම්මක් තේජු පුතේ....

"බේබි බෝයි..ඔයාට දැන් හොදයිද..."

බලන්න ඉතිම් දුසා අංකල් කොච්චර නම් හොදද...මෙ යුද ගැටුම් අස්සෙත් එයාට මගෙ අසනීපෙ මතක් වුනා..බලන්න එ කෙයාරින්ග් ගතිය..හව් ස්වීට්...

"ඔව් අංකල්..මට දැන් හොදයි.."

" හොදටම හොදයිද.."

" ඔව් අංකල් දැන් නම් නිට්ටාවටම සුව වෙලා ඉන්නෙ.."

ඔව් ඔව් සුදාප්පච්චීයෙ මන් හුගාක් හොදින්..අනෙ ඉතිම් මේකාට මගෙ අන්නසෝත්‍රෙන්ම උත්තමාචාරය පුදකරනවා අප්පා..පුදුම ආදරයක්නෙ මට තියෙන්නෙ..ඩැඩියා ඉදියෙ නැත්තම් අම්මපා මන් ඔයාව සහේට ගන්නවා ඒයි...

"හ්ම්......එහෙනම් තේජාන් තමුසෙ ඇයි මේ මේල්ස්ට් ටික ඩිලෙ කරේ...ආ උත්තර දීපන් කොල්ලෝ..මේ හැම එකක්ම අවසානෙ තමුන් ගාවට ඇවිල්ලයි යන්නොනේ..එහෙම වෙද්දි මේ ෆයිල්ස් තුන විතරක් චෙක් නොකර එහෙන්ම ඒ බයර්ස්ලා අතට ගියේ කොහොමද..මන් තමුන්ව මෙතනට ගෙන්න ගත්තේ ඕනි වෙලාවට එන්නයි යන්නයි නෙමෙයි..මෙතනට ඇවිත් වාඩිවෙලා උන්නු පමනින් හැමදෙයක්ම සිද්ද වෙන්නෙත් නෑ..තමුන්ගේ සීයා අවුරුදු ගානක් මේක අල්ල අල්ල ඉදලා දැන් ගන්න බැරි තැනට වැටිලා තියෙනවා..ඒ අස්සෙ තමුනුත් මෙතන වගකීමක් නැතුව වැඩ කරද්දි තොපි ඔක්කෝම ගෙවල් වලට එලවලා දාලා මේ මගුලත් වහලා දාලා ආපු රටටම මට ආපහු යන්නද කියන්නෙ...."

හැහ්...ඒ මොකද්ද වුනේ..දුසා අංකල් ඒ මට බැන්නද..නැනේ..එ බැන්නාද..නැ නෑ වෙන්න බෑ..දුසා අංකල් කොහොමද තේජුට බනින්නේ..එත් එයා කෑගැහුවේ බනින විදිහටනේ..

මටද මේ කියන්නෙ..වෙච්චි දේ මොලේට ලෝඩ් කරගන්න ටිකක් අමාරුයි..

විස්තර පැහැදිලි මදි හෙන ගහනවා දුසා අංකල්........

"තමුන්ගේ නොසැලකිල්ල නිසා තව ටිකෙන් කොයිතරන් නම් ලොකු පාඩුවක් වෙනවද අපිට..තේජාන් තමු-...මොනවද තොපිලා තවත් බලන් ඉන්නෙ පලයලව් මෙතනින්!!!!!!!!!!!!!!!.."

දුසා අංකල් මට ආයෙමත් කෑගහගෙන ඇවිත් එකපාරට ලවුස් පීකරේ ඇදේට සෙට් වුනා වගේ කීන් ගාන සද්දෙන් අනිත් උන්ටත් බැනලා එලවද්දි මාවත් විසික් වෙලා ගියා....

යොහ් මේකාට සාතන් වැහිලානේ...

මන් කලින් කිව්ව හැමදෙයක්ම ඉල්ලා අස් කරගන්නවා..අනේ මේකා සුදාප්පච්චී නෙමෙ උබ මහාප්පච්චී..ශුවර් එකටම රාජපක්ෂ පවුලේ නෑයෙක් මේකා..

"මොකද මේ සද්දේ.."

වැඩ කරන සෙට් එක දුවලා එලියට යන්න හදද්දි එලියෙ ඉදන් දොර ඇරගෙන ඇතුලට ලේඩි කෙනෙක් ආවේ දුසාටත් වඩා  සද්දෙන් කතා කරන ගමන්..

කවුද බොලේ ඇලිස්...

පෙනුමෙන් නම් තිස්පහක් විතර කියන්න පුලුවන් ලස්සන ලේයර්ස් තියෙන බ්ලැක් කලර් ෆ්‍රොක් එකකට පෝනිටේල් එකක් දාගෙන පුංචි හැන්ඩ් බැග් එකක් අතෙන් අරන් ආපු එයාගෙන් පෙනුනේ අමුතුම සුන්දරත්වයක්..හුරතල් බවයි පරිනතභාවයයි කියන දෙකම ගාණට සම්මිශ්‍රනය වෙච්චි ගැහැනියක් එයා...

ඇතුලට ආපු එයා වැඩකරපු අයට ඇස් වලින් එලියට යන්න කියලා ඊලගට මන් දිහාවට ඇවිදන් ඇවිත් මගේ කම්මුලක් පොඩි කරලා දුසා අංකල් දිහාවට ඇවිදගෙන ගියා...

"මොකද්ද දුෂ් මේ විකාරේ..මන් එන හැමදාකම ඔයා ගිරිය පුප්පන් කෑගහනවා..අද අර හැමොම ඉස්සරහා මෙ පුංචි කොල්ලාව කන්න හදනවා මන් බලාගෙන.."

හේයි..හේයි...මේන් මෙයා දුසා අංකල්ට දුෂ්ලු..එහෙම කොහොමද දුසා අංකල් එයාට දුෂ්වෙන්නෙ..මෙ මෙ ලස්සනට ඇන්ටි ඔයා ඕවට නම් එන්නෙපා හරී..

යකො දුසා අංකල් නැට්ට පුකේ ගහගත්තු බල්ලා වගේ මෙ ඇන්ටි දැකලා බයවෙලා නැගිට්ටා කියහංකො..

කවුද ඒ..වයිෆ්ද...සේපාලගේ සමන් දෙවියනේ..මේකා බැදපු මිනිහෙක්ද...ශිකේ දුස්මන්තේ උබ මට ලයින් දැම්මෙ ගෑනියෙක්වත් තියාගෙනද...කොයිතරම් නම් නොහොබිනා වැඩක්ද මේකා ඒ කරේ..

මේ ඇන්ටිගේ මොන අඩුවක්ද..ලස්සන හැඩ ඔක්කොම ගානට තියෙනවනේ..එහෙම වෙලත් මේකා වට වන්දනාවෙ යනවා..

"අම්මා...ඔයා ආවෙ කා එක්කද...මන් කියලා තියෙනවා නේද තනියෙන් ගමන් යන්න එපා කියලා.."

වෙයිට්..වට්..අම්මා...හෑ බොල..මේ සුරංගනාවී දුසාගෙ අම්මාද..නෑ වෙන්න නැහ්..ඒ...ඒ කොහොමද...ඇන්ටි පොඩිකාලෙද දුසාව හම්බෙලා තියෙන්නෙ...පෙනුමෙන් නම් වයස හතලිහක්වත් කියන්න බෑනෙ...ඇන්ටි නිල් මැනිකක් වගේ ඉද්දි දුසා කොහොමද ගොම බෙට්ටක් වගේ වුනේ..එක්කො දුසාගෙ පියාගේ දෙවනි කසාදේ වයිෆ් වෙන්න බැරිද මෙයා..

"මට මොනාවෙන්නද ලමයො..හැමදාම ගෙදර ඉන්නත් බෑ..ඉදලා හිටලා මේකට ඇවිත් යන ටික විතරනේ...මෙහෙම ඉදලා හෙට අනිද්දා මැරිලා යන එකනේ බබා.."

"අම්මා!! මොන විකාරයක්ද..මන් ඔයාට කියලා තියෙනවා ඔය මැරෙන කතා කියන්න එපා කියලා.."

"හරි හරි..මන් කට වචනෙට කිව්වේ..කෝ බලන්න මේ පැටියා..අනේ ලස්සන කොල්ලෙක්නේ..අනෙ දුෂ් ඔයා මොන හිතකින්ද මේ වගේ මලකට කෑගැහුවේ...මන් ඔයාට කියලා තියෙනවා නේද ඕනාවට වඩා කේන්ති ගන්න එපා කියලා..ඉතිම් පැටියෝ..ඔයාද දුෂ් හැමතිස්සෙම කියන බේබි බෝයි.."

මෙ අම්මයි පුතයි අතර දෝලෙනේ වෙවි මන් ඉන්නැද්දි ඇන්ටි ඇහුවා දුසාගෙ බේබි බොයියා මමද කියලා..අනෙ ඇන්ටියේ මම බේබි බොයි නෙමෙයි ඕකාගෙ ලයිබ් බෝයියා..මූ හෙලදිව පත්තරේටත් මන් ඒකාගේ බේබි බෝයි කියලා දාලා ඇති...

ඇන්ටිගේ වැඩේම ආව වෙලෙ ඉදන් මගෙ කම්මුල මිරිකන එක..එයා හරි සිරියාවන්ත පාටයි..අනේ..දුසා අංකල් හරි ලකී මේ වගේ අම්මෙක් ලබන්න...

"මගෙ පැටියට අපේ හැලි වදුරාද බැන්නද...හැමොම ඉස්සරහා..ගනම් ගන්නෙපා හරිද..තාත්තලා පුතාලා ඕවා ආරෙන් අරන් ආපු ගති..පැටියාගෙ හිත රිදුනානම් මන් එයාට ගහන්නද.."

අන්න පොට පෑදුනා..ඉදපන් දුසා අංකල්..හැමොම ඉස්සරහා උබ මට බැන්න එකට වාඩුව මන් ගන්නම්..ගහමු ඇන්ටි මේකාගෙ හොම්බයි කටයි බොම්බයි මොටයි වෙලා ඇන්ටිටයි මටයි ඇහිදන් ඉන්නම..

ඇන්ටි එහෙම අහනවත් එක්කම මන් ඔලුව වනද්දි එයා දුසා ගාවට ගිහින් ඒකාගෙ කන අනිත් පැත්තට ඇඹරුවා..

"ආව්..අව්ව්...අම්..මා.."

"නපුරු කොල්ලා..මන් හැමදාම කියනවා ඔය නපුරු ගතියි නරක වැඩයි අතාරින්න කියලා..බලනවා..අර පැටියාගෙ හිත රිද්දුවනෙ ඔයා.."

"ආයිශ්..සොරි සොරි අම්මා..අනේ ඔයා මාව දැක්කෙත් සතියකින් වගේ..පුලුවන් නම් බනින්නැතුව මාව හග් කරන්නකෝ..."

"ම්ම්ම්..හරි හරි..නපුරු වැඩ නොකර ඉන්න..කො එන්න අම්මා බදාගන්න..මගේ අලි හුරතලේනේ..තවත් ලොකු වෙලා..මට දැන් බදාගන්නත් අමාරුයි..."

"ඔයා ගාව සුවදයි අම්මා..අනෙ මාත් එක්ක එන්නකො...මට පාලුයිනේ.."

මන් හිතන් ඉදියේ ඇන්ටි දුසාගෙ කන ගලොලා අතට දෙයි කියලා වුනත් එයා දුසාට ආදරෙන් සලකනවා දැක්කාම මට මොකද්දො ලෝභකමක් දැනුනා..ඒවගේ උනුසුමක් මට අවුරුදු ගාණකින් ලැබිලා නැහෑ..මන් දන්නවා අම්මෙක් ගාවින් දැනෙන සුවද වෙන කවුරු ගාවින්වත් දැනෙන්නෑ කියලා..

දුසාගෙ මට්ටමින් බැලුවොත් එ අම්මට වයස පනස් නමයක්වත් වෙන්න ඕනි..එත් එයාට තාම දුසේව පොඩි ලමයෙක් වගේ හුරතල් කරන්නෙ..

අම්මලාට එයාලගෙ ලමයි කොච්චර ලොකුවුනත් පේන්නෙ අර පොඩි කෙනා විදිහටනේ...

ඇන්ටි හදාගෙන ආපු කෑම වගයක් දුසාට කන්න දීලා මාවත් ඇදගෙන ඇවිත් පුටුවක වාඩි කරවලා එ අත් දෙකෙන්ම කැව්වා..

දුසා කිව්ව කතාව ඇත්ත..එයා ගාව සුවදයි...එයා ගාවින් අම්මෙක්ගේ සුවද එනවා....

"අම්මා...ඔලුව ටිකක් අතගාන්නකෝ..පුපුරන්න වගේ..."

"ඔය කෑගැහිල්ලෙ හැටියට ඔයාට ඔලුවක් ඉතුරු වුනොත්නේ පුතා පුදුම..කො එන්න.."

මන් බලන් ඉද්දිම එයා දුසා අංකල්ගේ ඔලුව මසාජ් කර කර මොන මොනවදෝ කියන්න ගත්තා..එ දෙන්නා එ දෙන්නාගෙ ලෝකෙක..

අනේ මගෙ තාත්තිත් ඉදියානම්.......

"පුතා.."

"ම්ම්ම්ම්.."

"අද හවසට අපේ ගෙදර එනවද.."

" ඒ මොකටද අම්මා..අද මොන මනාලිද.."

" ඔයා කියනකොටම දන්නවනෙ පුතා..හැමදාම ඔහොම ඉන්නද කල්පනාව...මන් කැමති ඔයා තාත්ති වගේ නොවී හොද ජිවිතයක් ගත කරනවා දකින්න.."

"මන් ඔයාට කිව්වානෙ අම්මා.."

" හැමදාම එකම උත්තරේ..මට දැන් එපා වෙලා බබා..අහන අහන හැම එකකටම බෑ කියනවා..එක්කො ඔයා කෙනෙක්ව හොයාගන්න ඔනී..නැත්තම් මන් කියන කෙනෙක්ව බදින්න ඔනි..මැරෙන්න කලින් මට ඔයාගෙ ලමයෙක් බලාගන්න තිබුනානම් ඇති බබා..."

"ස්ටොප් දිස් අම්මා..මන් සැරයක් කිව්වා!!!!!...මැරෙන කතා එපා කියලා..ඔයා දන්නවනේ මන් ඉන්නෙ ලොකු වගකිමක..මට බෑ ඒක අතෑරලා දාලා හොද ජිවිතයක් ගත කරන්න..."

කිරියි පැනියි වගේ ඉදපු අම්මයි පුතායි එකපාරය ඇවිස්සෙද්දි ඇන්ටි දුන්න සැන්විච් එක කටේ ගහන් ඒ විගඩම දිහා ඇසුත් ලොකු කරගෙන මන් බලාගෙන ඉදියා..

""මොකද්ද දුෂ්මන්ත මේකේ තේරුම...තමුන් තාමත් අර කොහෙවත් ඉන්න පොඩි එකා වෙනුවෙන් නැහෙනවද ආ.."

" shut up මාම්!!!!!!!!!!......................සොරි...ප්ලීස් අම්මා ඔයා දැන් යන්න..ප්ලිස්..මෙන්න වැන්දා ප්ලීස්..මන් කරගත්ත පව් ඇති..ඔයාට බැනලා තව පව් පුරොගන්න බැ මාම්..ප්ලීස්..අයි බෙග් යූ...අනේ යන්න.."

ඇන්ටි කියාපු හැමදෙයක්ම ඉවසීමෙන් අහගෙන ඉදපු දුෂ්මන්ත අංකල් ඇන්ටි අවසානෙ කියපු දේට කේන්ති අරන් කෑගහන්න නැගිට්ට පාර එයා වාඩිවෙලා උන්නු පුටුවත් තල්ලු වෙලා ගිහින් බිත්තියේ වැදුනා...

මොකද්ද එ පොඩි එකාගෙ කතාව....

" කෙන්ති ගන්නෙපා දරුවො..ඔයා දන්නවා මන් ඉන්න තත්වෙ..සමාවෙන්න...අම්මාට දුකයි..මන් අද බබාගෙ ගෙදර එන්නම්..ටික දවසක් නතර වෙන්න..ඉක්මන්ට ගෙදර එන්න..මන් බලන් ඉන්නවා.."

"සොරි අම්මා.."

"ඒකට කමක් නැහැ පුතා..."

දුසාගේ එක වචනේට සැරන්ඩ් වුන ආන්ටි අවසානෙ නතර වුනේ ඇස් වල කදුලු පුරෝගෙන..මන්දා එයාගෙ ඇස් වල කදුලු දැක්කාම මගෙ පපුවත් රිදෙන්න ගත්තා..දුසාගෙන් සමාව ගත්තු එයා යන්න හදද්දි දුසා එයාව බදාගෙන එයත් සමාව ඉල්ලුවා...එයා සමාව ඉල්ලද්දි ඇන්ටිට රිදිලා ඉවරයි...

මටත් යන්නම් කියාගෙන මගෙ ඔලුව අතගාලා එයා යන්න ගියා...

" යන්නම් පුතූ..."

.

.

.

.

.

.

මගෙන් වෙච්චි වැරැද්ද හරිගස්සලා දුසාට දුන්නාට පස්සෙ අම්මා ගිය එකට අවුලෙන් ඉදපු එයා මගෙනුත් සමාව අරන් ඉක්මනින් ගෙදර ගියා..

අද රෑට පාටි එක...

මාත් ඉක්මනින් වැඩ ටික ඉවර කරලා කටුකුරුන්ද රේස් ග්‍රවුන්ඩ් එකට ගියේ අද ඒකෙ තියෙන මොටර් අපීඩ් ටූනර්මන්ඩ්ට් එක බලන්න..හැමදාමත් වගෙ අදත් කුශාන් පීරිස් පලමු තැනට එද්දි දකුනු ආසියාවෙ තියෙන හොදම kawasaki ninja motorcycle එකත් බලාගෙනම මන් ගෙදර ආවා..ඒකෙ නම කුවේනී...වාව්ව්...ඒක පට්ට..කලින් මගේ ටාර්ගට් එක වෙලා තිබුනේ ඒක වුනත් ඩැඩී අර දුන්න නින්ජා නිසා  ඒ ආසාව සිදිලා ගියා..දැන් මන් ගාව ඉන්නවා ඇතීනා...

මන් එහෙන්ම ක්ලබ් එකට ගිහින් මගෙ උන් ටිකත් බලාගෙන අලුතෙන් හම්බුන එවිඩන්ස් මොනවද කියලා චෙක් කරද්දි නිර්නාමිකව ආපු ලෙටර් එකක් මගේ එකෙක් ගෙනල්ලා දුන්නා..

"බොස්..අපිට නිර්නාමික පාර්සල් එකක් ආවා..මේ චිප් එකේ ලොකු බොස්ගෙ වාහනේ ඇක්සිඩන්ට් කරපු වාහනෙයි ඩයිවර්ගෙයි විස්තර තියෙනවා.."

"මොකක්!!!!!.කෝ පෙන්නනවා.."

" මේ තියෙන්නෙ බොස්..අපි හොයලා බැලුවා..මේකට අනුව එදා ඒ වාහනේ ඩ්‍රයිවර් දැන්  වැඩ කරන්නෙ...."

"කාටද..අගය නොකර ඉක්මන්ට කියපන්..ඌ වැඩ කරන්නෙ කාටද..."

" ඌ වැඩ කරන්නෙ මිස්ටර් රාහුල්ට..."

ෆයිනලි...මට ඕනි කරන එක සාක්ශියක් හම්බුනා...මගේ සැකේ හරි..ඒක පිටිපස්සෙ ඔයා ඉදලා..ඔයාගෙ චරිතෙ අතර දෝලනේ වෙමින් උන්න මාව හරි ට්‍රැක් එකට වැටෙන්න මේ සාක්ෂිය ප්‍රමානවත් වුනා..

සැලසුම් ගත විදිහට එදා මගේ තාත්තිවයි ඩැඩාවයි විනාශ කරන්න එයා දැම්මෙ මේ මිනිහාව..මන් මූව දැක්කා..එදා...දුසා අංකල්ගෙ මැංශන් එකේදි...ෆක්...මුන් ඔක්කෝවම මන් විනාශ කරනවා..එකා ගානෙ විනාශ කරනවා.

Mr.Dushmantha Your time start now!!!!!!!!!

.

.

.

.

.

.

.

"ඔහ්..වෙල්කම් ස්විටි...කොහොමද ඉතිම්...ශා කොල්ලාගෙ හැඩ...සප්ත වගේම රසවත් කේජු කෑල්ලක් වගේනෙ පුතාත්.."

_________________

හෙලෝ ගායිස්...😌👉👈

තෙජු පුතා කාලෙකිම් ආවෝ❤️❤️❤️❤️

කොහොමද ඉචිම් අද එක..👉👈

ඩැඩිගෙ ආදරෙ දෝරගලන්න පටන් ගත්තා තේජූ..උබ දැන් යට වෙයම්..😌👉👈

දුසා නෝටියා හුම්👉👈

එයාට හොද දඩුවම මක්කද ගායිස්...

මරමු 😎

කියන්න බලන්න අදහස්😌

එන්නම්...

ආතරෙයි❤️❤️❤️

_Gojo_

Share This Chapter