Back
/ 49
Chapter 29

Chapter 29

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

ආර්හ්...ඔලුව..හොල්ලන්න බැරි තරම් බරයි..මගේ මොලේ හිරිවැටිලාවත්ද..අනේ කාලේ වනේවාසෙ කිව්වලූ..මන් දැන් මැරෙයිද...අම්මොහ්..පිපිරෙන්න වගේ රිදෙනවා..

හෝව් හෝව්...මන් මේ කොහෙද ඉන්නෙ...

මේ රූම් එක අපේ ගෙදර එකක් නෙමෙයි...

මතකාවර්ජනේකට යමන් මගේ පුතේ......

දුසා යන්න ගිහින් සතියක් වුනා...ඔක්කොම වැඩ මගෙ බෙල්ලට හිරවුනා...උදෙ යනවා රෑට එනවා..නල්ල මලේ කම්පැනිය නිසා මගේ වැඩත් පාඩුවුනා..මගේ උන් උන්නාද මලාද දන්නෑ..හොදටම වුන නරකම දේ මගෙ මනුස්සයත් මාත් එක්කම බිසි වුන එක..

අර පළාතේ රැස්වීම්ලූ..මේ පැත්තේ ජනාධිපති රැස්වීම්ලූ..අර ගමේ පාරක් හැදුවලු..අහවල් ගමට වතුර ටැංකි දැම්මලු..ගම නගමු වැඩ සටහන්ලු..යෞවන සමාජලු අරකලු මේකලු..එකී නොකී රාජකාරි...

එතකොට මම..අර බයර්ස් එක්ක මිටින්ග්..මේ බයර්ස් එක්ක මීටින්ග්..අර පාටි...මේ පාටි..අර ක්ලයන්ට් එක්ක ඩිනර් මේ ක්ලයන්ට් එක්ක ඩිනර්..දේවියනේ මේ ඔක්කොම ගානට මැනේජ් කරගෙන කරපු දුසේ අංකල් ඔයා මනුස්සයෙක් වෙන්න බෑ..

මේ සතිය එපාම කරපු සතියක් වුනා..මෙච්චර කාලයක් අර මනුස්සයා මේ වැඩ කොහොම කරාද..ඒකට උඹ මෙච්චර කල් කම්පැනියට යනෝ කියලා ගියාට එක මීටින්ග් එකක් බැලුවද..නෑ..ලැප් එක බදාගෙන එන මේල්ස් චෙක් කරනවයි..දුසා දුන්න ෆයිල්ස් චෙක් කරනවයි..එච්චරයි වැඩෙ ක්ලෝස් හයවෙන්නත් කලින් සමහර දාට මම ගෙදර....

මෙ කම්පැනීස් බලාගන්න වැඩ මට පෑහෙන දේවල් නෙමෙයි අප්පා..ඔය ගඩොල් වලින් හදාපු රපුන්සල්ගේ කුලුන විතරක් නම් බැරියෑ..ආර්ය හොටෙල්ස්..හොස්පිටල්ස්..රෙස්ටුරන්ට්ස්..ක්ලබ්...තනි මන් කොහොමද ඔය ඔක්කොම බලන්නෙ..එපාම වුනා..එත් කරා..ඕන් මන් ආසාවකින් බැලුවේ ක්ලබ්ස් ටික විතරයි..

සීයාපප්පාට තෙරෙන්නැද්ද මේ මහා විසාල ධනස්කන්දය තනි එකෙක්ට බලාගන්න බැරි විත්තිය...

වෙන්න පුලුවන් ඔක්කොම නරක දේවල් මේ සතියෙ වුනා..මාම් පපා එක්ක රශියා ගියා ආච්චම්මා බලන්න..ජංගි මාමා සිරන්තියාව තියාගෙන ඉදියා ඇති..දැන් එයා ලංකාවට එන්න ඕනි කාලෙ ඇවිත්..අවුරුදු තුනක්ම ඉදියා මදෑ ඔය..

මාම් ගෙදර නැති හන්දා ගෙදර සොහොන් පිට්ටනියක් වගේ..වෙන්දට ගෙදරට එද්දි දැනෙන සිරියාව පිරුනු බව එයා නැති සතියේ හොයන්නවත් නැතිවුනා..කොටින්ම එයා නැති ගෙදර තනිකර හිස් ගෙයක්..ඉන්නකොට වස් දොස් නැතිවෙන්න ගේ දෙවනත් කරලා කෑගහනවයි..සින්දු කියනවයි නටනවයි හිනාවෙනවයි..ෆක්..මාම් අයි බෑඩ්ලී මිස් යූ...

කඩකෑම කාලාම බඩසවුත්තු වෙලා..දිවෙත් රසනාළ මැරිලා ගිහින්..එන දවසක් කියන්නෙත් නැහැ..එයා කොහොමත් ගියොත් ගිය තැන අල්ලගෙන මුල් අද්දවගෙන මල් පැල හදලයි එන්නෙ...

මට ඉරිසියයි අප්පා..මාම් හැම එකා එක්කම ෆිට් වෙන්න ඕන්නැ..එයාට මේ තේජුයි පපායි හොදටම ඇති..අපෙ සේපාලයා වුනත් එයා එක්ක කරේ නැගන් විකාර නටනවට මම ආස නැහැ..වෙලාවට එයාලා තව ලමයෙක් හැදුවෙ නැත්තෙ..හැදුවානම් ඉතිම් මම එ දෙන්නාව ඌ එක්ක බෙදාගන්නෙපැයි..එහෙම වුනොත් නම් මන් ඌව මරලා අඩ අඩ හොයනවා.. මාම් මගේ විතරයි...පපා ඇරෙන්න වෙන උන්ට එයා ගැන අයිතියක් නැහැ..

අපරාදෙ කියන්න බෑ මොන වැඩකන්දරාව තිබුණත් ඩැඩි වෙලාවට මම කනවද බොනවද කියලා හොයලා බැලුවා..මාම්ගෙ කෑම එක නැතුව මම හරියට කන්නැ කියලා දන්න නිසා දවස් දෙකක් වගේ එයා රයිස් පාස්තා වගේ හදලා එව්වා..එපා කිව්වට අහන මනුස්සයෙකුත් නෙමෙයි..ලග එන ජන්දෙට එයා හිර වෙලා ඉන්නෙ..එ වැඩ එක්ක ඔෆිස් එක අස්සෙ ඉදන් කෑමත් හදලා එව්වා..

උදෙට හම්බෙන කිස් එකයි රෑට බදාගෙන නිදාගන්න ටිකයි ඇරුනාම අපි දෙන්නාට නිදහසේ කතා කරන්නවත් බැරිවුනා..මහා රෑ ජාමෙට එයත් එනවා..එ එද්දි මම කපලා දාලා වගේ නිදි...

එතකොට දැන් මන් ඉන්නෙ මංජු සීයාගෙ ගෙදර..මම මෙතනට ආවෙ කොහොමද කියනවනම්..මන් ඊයේ නාගසලන් වෙන්න ගැහුවා..ගහලා හතර ගාතෙ බයික් එකත් පැදගෙන අවා..වාසනාවට ඩැඩියත් කලින් ගෙදර ඇවිල්ලා තිබුනා..ඩැඩී මාව දැක්කා..ලගට ආවා..ඩිශුම් ඩිශුම් ගාලා සම්බෝල දෙක තුනක් පිටට කෙලියා..පැය ගාණක් මාව හිටෝලා බැන්නා..කෙලින් ඉන්න බැරුව මම දහාපාරක් විතර කරනම් ගහලා බිමට ඇදන් වැටුනා..ඩැඩියා නෙමෙයි මන් දිහා ඇහැක් ඇරලා බැලුවේ..කම්මුල්පාරකුත් කෑවද මන්දා..එකක් නෙමෙයි දෙකක්..ගැහුවාමත් නෙමෙයි..ඒ අතගෑවා..බිව්වා මදිවට කරපු හපන්කම් කියන්න වගේ කෙල්ලො ගොඩක් වට කරන් නැටුවා කියලත් කටින් පැන්නානේ..

මන් ගුටිකාලා කෑම මේසේ යට රිංගන් ඇඩුවා වගේ පොඩි මතකයක් තියෙනවා..පස්සෙ ඩැඩී ලගට ඇවිත් බලෙන්ම බත් කැව්වා කියලත් මතකයි..මන් එලියට එන්න බෑ කියපු නිසා එයත් කෑම මේසේ අස්සට ආවාද කොහෙද.....

ඩැඩි ටිකක් එහාට මෙහාට වෙනකම් ඉදලා මන් පපාගෙ කලෙක්ශන් එකෙන් බොතලයක් අරන් ආයෙත් ගැහුවා වගේ පොඩි මතකෙකුත් තියෙනවා..පස්සෙ ඒක දැකපු ඩැඩී මට හිල්වෙන්න ටොක්කක් ඇන්නා..ආයෙ බැනලා දොරත් ලොක් කරන් නිදාගන්න ගියා..මන් පැය ගාණක් දොර ගාවට වෙලා ඉදියා..

මගේ රූම් එකට යද්දි ඒක අරින යතුර හොයාගන්න බැරුව මලපැනපු පාර මම ගෙදරින් එලියට බැස්සා කියලා මතකයි..එ අල්ලපනල්ලෙ මට කම්පැනියට යන්න ඕනි වුනා..බයික් එකත් ස්ටාර්ට් කරා..හැබැයි යන්න වුනේ නෑ..

මංජු සීයා එතනට ආවා..බයික් එකේ යතුර ගත්තා..එයාගෙ අතේ බේසමක් තිබුනා..හෝව් හෝව්..බයික් එකේ යතුර ගන්න කලින් මගේ ඔලුවට බේසම් පාරක් වැදුනා..යකො..සීයා මගෙ ඔලුවට බේසමෙන් ගැහුවද ඒ කියන්නෙ...මහා රෑ මොකටද එයා බෙසමක් අතේ තියන් ඉදියේ...ආව්හ්..ගහපු පාර මතක් වෙද්දිත් ඔලුව ආයෙ රිදෙනො රිදෙනො වගේ..

බයික් එකත් පෙරලගෙන එයා මගෙ කනෙන් ඇදගෙන ගෙදරට එක්කන් ඇවිත් නිදි කෙරෙව්වා..මන් ඉන්නෙ ස්කිනියයි ජොකයි පිටින්..එකියන්නෙ එයා මගෙ ඇදුම් ටිකත් ගලවලා..

අයියෝ තෙජූ..මෙච්චර කල් රැකගෙන ආපු නම්බුව උබ බත් එකක දාලා අනලා බල්ලෙක්ට කන්න දුන්නා වගේ ඇදන් නාගෙන බන්...

තාම වෙලාව අටයි..ඔලුව උඩ යකෙක් නැගන් ඉන්නවා වගේ බරයි..මන් ඇදෙන් බැහැලා පඩිපෙල බැහැගෙන පල්ලෙහාට එන්න ආවා..මංජු සීයා කෑම උයනවා වගේ...මුලු ගේම සුවදයි..අදනම් බුරිය උල් වෙන්න කනවා..කොච්චර කෑවත් ඒ බුරිය උල් වෙන එකක් නෑ..මොකද මගෙ බුරිය ලිදක්..කෑම වුනත් ඔබන්න පුලුවන්..එච්චරට ලොකුයි..ඔබන්න පුලුවන් ලොකු දෙයක් මේ වෙලාවෙ මොලෙට එනො..හික්ස්..ඒ දිග යගදාවනම් ඔබන්න බැරිවෙයි..

කඩාගෙන බිදගෙන කිචන් එකට දුවද්දි ඉබේටම බ්‍රේක් ගැස්සුනේ දෑස් පිනවන මීපැනි වක්කරනවා වගේ සුන්දර දසුනක් දැක්කාහමයි..මේන් බොලේ දෙන්නෙක් ලව් කරනවා..හික්කේ..අර බලාපන්කො..මංජු සියාව පිටිපස්සෙන් බදාගෙන අපේ ආර්යකාරයා පැද්දි පැද්දි බෙල්ල හපන අයුරු..

කුටු කුටු ගගා පෙම්බස් කියද්දි මංජු සීයා ලැජ්ජාවට රතුවෙනවා..යොහ්..මටත් ඕනෙ එහෙම ලෞකරන්න..ඩැඩී මෙහේ වරෙන්කො පොඩි බඩුවක් පෙන්නන්න..ආහ්..එ මනුස්සයා ඕන්නෑ...එයා මාව ගෙදරින් එලෙව්වා..මහා ඔන්නෑ..නරකයි..එහෙම කරන්න හොදනෑනෙ මොනාවුනත්..අනික මම වෙරි වෙලා..මංජු සීයා ඉදියෙ නැත්තම් මම කොහෙ යයිද දන්නෑ...

මංජු සීයාගෙ ගේ හදලා තියෙන්නෙ සාලෙට කිචන් එකේ කෑල්ලක් පේන්න..කුස්සියේ එදෙන්නා ඉන්නවා සාලෙට එන එකෙක්ට පේනවා..එතකොට මම ඉන්නෙ සාලෙනුයි කිචන් එකෙනුයි හැංගිච්ච  කෑල්ලක..උඩ තට්ටුවට යන පඩිපෙල තියෙන්නෙ හැංගිලා වගේ පැත්තට වෙන්න..

මම ඉන්න තැනට මුලු ගේම පේනවා..සීයලා කතා කරන ඒවත් හොදටම ඇහෙනවා..අඩො මෙන්න ප්ලෑනින්ග්..මෙහෙම ගෙයක් මටත් ඕනේ..

ආහ්..මේකත් දවසක මටනේ..හික්ස්...

"නිකම් ඉන්නකෝ ආරු..ඔය ඉතිම්..ඔහොම කන්න ගියොත් සැලඩ් එකට දාන්නෙ වෙන්නෙ තමුන්ගේ ගාතයක් කපලා තමයි.."

මන් බලාගෙන මංජුසීයා කප කප දාන අඹ ටික ආර්ය සීයා බෝල් එකෙන් අරන් කනවා..ටිකක් ඉදපන් මොකද්ද ඒ කිව්වේ ආරු..ටසිරි ආර්යට ගිය කලක්..අමොර් අමොර්..ආරු ආරූ ඒලු එට්ටු ඔන්බදු පත්තු තමා..

" ගාතයක් බැරිනම් මාව හරි කපන්න මැනිකේ..ඕක මොකද්ද ඉතිම්..anything for you sudda..anything for you.."

හප්පද බොල ඒක අහන් ඉදපු මගෙ කටත් ඇරුනා..බලන් ගියාම අපි හොදයිනේ යකූ..ඉසුරුමුණියෙ නෙමෙ යකෝ ප්‍රේමණීයම පෙම් යුවල ඉන්නෙ..මෙහෙට ඇවිත් බලපන් මේව්වානෙ කපල්..අපේ කාලේ නාකි සාලියාසොකමාලා යුවල..

පිටිපස්සෙන් බදාගෙන ඉදපු ආර්ය සීයා මංජු සීයාගේ කම්මුලක් කිස් කරලා එ කම්මුල මිරිකද්දි මංජු සීයා අතේ තිබ්බ හැන්දෙන් ආර්ය සීයාගෙ අතට ගැහුවා..මාර ගැහිල්ල..ගැහුවා නෙමෙ ඒ තට්ටු කරා..

"නිකම් ඉන්නකො ආරු.."

මංජු සීයා ආර්ය සියාව එහාට තල්ලු කරද්දි එ මනුස්සයා ආයෙම ඇවිත් මංජු සීයාව තදකල්ලා බදාගෙන හාද්දක් දීලා අහකට පැන්නා..

"උඹව දැක්කාම ඉඹින්නමයි හිතෙන්නෙ මැනිකේ.."

ආර්ය සීයා එහෙම කිව්වෙ මෙ කොලම් බලාගන්න මම පඩිපෙල ගැට්ටෙ වාඩිවෙද්දි..මේවගේ චාන්ස් මිස් කරගන්න හොද නැහැ..හැමදාම නැහැ..හැමතැනම නැහැ..

හරි සමගියෙන් ඒ දෙන්නා කුස්සිය වනසනවා..වැඩිහරියක්ම වැඩ වැඩිකරේ ආර්ය සීයා..මංජු සීයා එයාටත් බැනබැන අස්කරනවා..පොල්කටු හැදිපාරවල් කකා ආර්ය සීයා මංජු සීයාව අවුස්සනවා..කිස් දෙකවයි , මූන මිරිකනවයි, පස්සට තට්ටුදානවයි..හපනවයි...හරි කෝලම්..

මොනාවුනත් හරි සුන්දර දසුනක්..කාලෙකිම් හිතට අමුතු සතුටක් දැනුනා..හරියට නිකම් එතන ඉන්නෙ මම වගේ..මේ වෙලාවෙ මගේ මනුස්සයා මොනවා කරනවා ඇතිද..

එයාලා අතරට නොයා පැත්තකට වෙලා ඒ දිහා බලන් ඉන්න හිතුන නිසා පඩි දෙක තුනක් නැගලා හරි බැරි ගැහිලා පඩියෙ වාඩිවුනා...

වයසක මිනිස්සු ආදරෙ කරද්දි හරි පිංපාටයි...

" මොකද නුවර ගමන.."

" වැඩ ටික හරි මැනිකෙ..හෙට ගිහින් බලන්න තියෙන්නේ..ඕපනින්ග් එකට ඩේට් එකත් දාලා ඉවරයි.."

"එනගමන් මීගස්තැන්න වලව්වට යනවද.."

"මගෙ බල්ලාවත් එ පැත්ත පලාතෙ යන්නෑ..මන් ඒක අශ්වින්ටම දීලා දැම්මා..ඌ පොඩි එකාව අතෑරලා දාපු දවසෙම මගේ පුතා කමින් ඌව අතෑරලා දැම්මා..දේපලවලට පෙරේත වෙලා පුතාවත් නැතිකරගත්තා..සප්තගෙ හිත හොදයි..මට තියෙන දුක එවගේ එකෙක් මගේ පුතා වුනා එක.."

"ඕවා හිතන්නෙපා..මටත් ඒ කොල්ලාව පේන්න බැ..මොනහිතකින්ද කිරිසප්පයාව එපා කිව්වෙ.."

" උ ඉපදිලා තියෙන්නෙ එහෙම..ඒකාවගේම නැතෑ අක්කන්ඩිත්..මට දුක මගෙ ලමයි දෙන්නාව හරියට හදාගන්න බැරිවුන එක..උන් එක්ක බලද්දි පොඩි එකා දාහින්සම්පතක්.."

ආර්ය සීයාපප්පා ඒ කිව්වෙ අශ්වින් සීයා ගැන නේද..මට මාම් කිව්වා මතකයි එයා පොඩිකාලේ මාව එපා කිව්වා කියලා..ඩැඩී මාව හදාගන්න හදද්දි එයා විරුද්දවෙලා ඩැඩීට බනින්න අරන්..ඩැඩි එකාලෙ ලමයෙක්ගෙ වගකීම දරන්න සුදුසුකමක් නෑ කියලා අශ්වින් සීයා විරුද්ද වුනා කියලා තමා කිව්වේ..ඉදලා හිටලා මේන් ෆැම් එකට ඇවිත් ගියාට මම නම් මූණවත් බලන්නෑ..

" හ්ම්.. නුවර ප්‍රොපටිස්වල අයිතිය ද්වීනාෂ්ට නේද.."

" ඔව්..එවුනාට හොටෙල් එක නුරාග්ගෙ නමට ලියලා තියෙන්නෙ.."

"නුරාග්ට..ඒක තේජුගේ නෙමෙයිද.."

"නැ..ද්වීනාශ් ඉන්න කාලෙ ප්ලෑන් කරපු හොටෙල් එකක්..එයා ඒ කාලෙම ඕක නුරාග්ට ලිව්වා..මට මතකයි එදා එයා කිව්වා දවසක එයාට ඉතුරුවෙන්නෙ අයියා විතරයි කියලා..බලන්න..ඒක ඇත්තක් වුනා..ද්වීනාශ්ගේ වස්තුව බලාගන්නෙ නුරාග්..එයා නැතිවෙන්න කලින් ඉදන්ම මේ දෙවල් සැලසුම් කරා..අපිට නැතිවුනේ බුලට් එකක් වගේ මනුස්සයෙක්..එයාගෙ කැමැත්තට මේක දැන් නුරාග්ගේ..අනික පොඩි එකා කරගහන් ඉන්නෙ එසේ මෙසේ වගකීමකට නෙමෙයි මැනිකේ..උ පුංචි වුනාට හිතින් පර්වතයක් වගේ හයිය එකෙක්..නාහෙට නාහන ගතිය නැත්තම් ඌ හොද එකා..උට ගිහින් තියෙන්නෙ මගෙ ගති.."

"අපෝ..මොකට කියනවද..මට මතකයි එ කාලේ කෙල්ලො පිරිවරාගෙන නඩපු නාඩගම්..මගේ පොඩි එකා කොහොමත් හොදයි..මන් ඒකාලෙ ඉදලම කිව්වානෙ පොඩි එකාවගේ ඉදියට ඕකා කොටියා කියලා..ඊයෙ රෑත් මන් හොදවැයින් ශොට් එකක් දුන්නා..තමුන්ගේ ගති තමා එහෙන්ම පිහිටලා තින්නේ..වයසට ගිය දාට ඉදීවි ඔයා වගෙ..වටේටම වද දිදී.."

හනෙ...එ දෙන්නා මට බනිනවද නැත්තම් එ මගෙ හොද කියනවද..කනෙන් දුන් දානවා වගේ..තේජූ මොකද මෙ ලැජ්ජ හිතිලා..

මංජු සීයා කෙසේවෙතත් මන් නම් ජිවිතේට හිතුවෙ නෑ සීයාපප්පා මන් ගැන එහෙම හිතන් ඉන්න බවක්..

හනෙව්ව්..මගෙ ආදරණීය නාකි සීයා බබා..

"එවුනාට ද්වීනාෂ්..එ කොල්ලා හරි අමුතුයි..ඒකාලේ ඉදන්ම මට එකොල්ලාව තෙරුම් ගන්න බැරිවුනා..මෙච්චර දෙවල් ප්ලෑන් කරපු එයා කොහොමද අවසානෙ එහෙම යන්න ගියෙ..මට එයාලගෙ මරණෙ විශ්වාස කරන්න බෑ ආරු..ද්වීනාෂ් තමන්ගේ කොල්ලාව අතා-"

"තෙජූ!!!!!!!"

මංජු සීයා ඩැඩා ගැන කියන්න ගිය දේට මගෙ අවදානෙ යොමුවෙන්න කලිම් ගේ දෙදරන්න කෑගහගෙන ආපු ඩැඩී නිසා වාඩිවෙලා ඉදපු මම නැගිටලා පඩියක් බැහැලා හැංගිලා එ දිහා බලන් ඉදියා...

කුමාරයාව මතක් වෙලා එහෙනම්...

"තේජූ.."

"මොකද බෙරෙහන්දෙන්නෙ ප්‍රාණව්..මොකද මොකද.."

"මංජු පපා මගෙ කොල්ලා..එයා මෙහෙද.."

ඩැඩියා කඩාගෙන බිදගෙන ඇතුලට එද්දි මුළුතැන්ගෙයි ආලමඩුව රගදුන්න සාලයෝසකමාලා පෙම්යුවල සාලෙට බැස්සා..

දහයකට ගහන්න ගට් එකෙන් ආපු ඩැඩි මංජුසීයාව දැක්කා විතරයි රජා දැකපු සෙබලා වගේ බිම බලාගෙන ලගට ගිහින් හින් හඩින් මම කොහෙද ඇහුවා..

යකො  මේ ඩැඩීමද  මීට තප්පර කිහිපයකට කලින් කෑමොර දුන්නෙ..පුදුම බයක්නේ..ආර්ය සීයාටවත් බය නැති ඩැඩියා මංජු සීයාට ඇයි  බය..

"මොන කොල්ලා ගැනද තමුන් අහන්නෙ..තමුන්ට කොල්ලෙකුත් හොයාගත්තාද.."

ඔව් ඔව් මංජු සීයෙ..මම තමා ඔයාගෙ කොල්ලා..මේ පඩිපෙල අස්සෙ හැංගිලා ඉන්නෙහ් ඒයි...මෙ මන් මෙහේ...

"නැ මේ තේජු.."

"ආ එ පොඩි එකා දැන් තමුන්ගේ කොල්ලාද..කාගෙන් අහලද තමුන් ඒකාව කොල්ලා කරගත්තේ.."

අනේ මංජු සීයේ ඔයා මේ මොනවද පවසන්නේ..කාගෙන්වත් අවසර මොකටද..මම ඩැඩීගෙනේ..හයියෝ මෙයා මගෙ මනුස්සයාව මඩවනවා...

"නැ එහෙම නෙමෙයි.."

"මොකද්ද එහෙම නෙමෙයි කියන්නෙ..තමුන් තාමත් මගෙ පොඩි එකාව රස්තියාදු කරවනවද..අවුරුදු කීයක්ද දැන්..උටත් පිස්සුනේ උට වඩා දෙගුනයකින් වැඩිමල් එකෙක්ට ලෞකරන්න..මෙදාපාරවත් තමුන්ට ඒකා එපා නම් මන් ඌව හොද එකෙක්ට දෙනවා.."

ඔය කරේ..පොරත් දන්නවා ඒක..මංජු සීයාගෙ කතාවට මම අත නළලෙ ගහාගත්තා..ශුවර් ශොට් මමා තමයි කියන්නැත්තේ..

" නැ නැ පපා..මන්..මන් තෙජුට කැමති..We are in a relationship now.."

අනෙ මගේ සංකොටේ..ඔව් ඔව් අපි දැන් පෙම් පළ හිලව්වක..

" ආ යාලුද..ඇති යාන්තම් මොලේ පෑදිලා..ඒක හින්දා වෙන්නැති පොඩි එකාව ඊයෙ ගෙදරින් එලෙව්වෙ..ප්‍රාණව් මන් තමුන්ට එදත් කිව්වා පොඩි එකාව මට වැඩි නෑ කියලා..මම භාරගන්න ගියපු කොල්ලාවයි තමුන් එදා බලෙන් ඉල්ලගත්තේ..තමුන් එයාට හරිහැටි සලකන්නැත්තම් මට සිද්ද වෙනවා තීරණයක් ගන්න.."

"නෑ..ප්ලීස්..මංජු පා..එහෙම කරන්නෙපා..මට සමාවෙන්න..ඊයෙ මම එයාට පනිශ්කරා විතරයි..ආයෙ එහෙම කරන්නැ...මම ප්‍රොමිස් වෙන්නම්..ප්ලිස්...එ මගෙ පණ..එයාව මගෙන් උදුරගන්නෙපා..මට..මට ඉන්නෙ එයා විතරයි..ප්ලීස් ආර්ය අංකල්..පපාට කියන්නකො..අනෙ තේජු මගේ..එයා මගෙ බබා..එයා මගෙ වස්තුව..මගෙ මැනික..අනෙ එයා මගෙ ඔක්කොම ප්ලීස්..මන් ඕනි දෙයක් දෙන්නම්..එයාව දෙන්න බැ...මගෙන් ඔන දෙයක් ගන්න..ප්ලිස් එයාව විතරක් ගන්නෙපා...ප්ලිස්.."

මන් හිතන්නෙ මංජු සීයාගෙ විහිලුව ඕවර් ගියා..ඒක අවසානෙ මගේ එයා නැවතුනේ ඇස් වල කදුලු පුරෝගෙන..

අනේ ඩැඩි..මංජු සීයා මාව ගන්නවා කිව්වා විතරයි කලබල වුන එයා බයවෙලා මංජුසියාගෙ අත් දෙක අල්ලලා  එයා ඉස්සරහා දණින් වැටිලා මාව එයාගෙන් උදුරගන්නෙපා කියලා අඩන්න බැරි කමට කදුලු දරාගෙන ඉල්ලුවා..

ඩැඩි..ඔයාට අඩන්න කැප නැ..මේක වැඩී..ඔනාවට වඩා වැඩි..මගෙ ප්‍රාණසම මනුස්සයා මාව ඉල්ලලා මෙහෙම අඩාවැටෙද්දි මම දරාගන්නෙ කොහොමද..මාව සම්බන්ද විහිලුවකට එයා හැසිරෙන්නෙ මෙහෙම නම්..එ දේ ඇත්තට වුනානම්..........

එයා දරාගත්තේ වයසට දරාගන්න පුලුවන් වගකීම් නෙමෙයි..එයාගෙ හීන ආශාවල් මම හින්දා අතෑරලා දාපු එයා මාව බලාගන්න හුගක් දුක් වින්දා..ජන්ද වැඩ වලට නිදිමරාගෙන ඒකාලෙ වැඩ කරලා..ඒවා අස්සෙ එක්සැම් පවා කරලා..ඔය හැමදේම කරනගමන් එයා මාවත් බලාගත්තා...මන් වෙනුවෙන් එයාවම පරිත්‍යාග කරපු මෙ මනුස්සයා මට දෙවියෙක් හා සමානයි...

අනෙ මම මේ මනුස්සයාට අම්මටසිරිවෙන්න ආදරෙයි............

එයා ගාවට යන්නත් හදලා මන් නැවතුනේ ආර්ය සියා එයාව නැගිටවලා අරන් බදාගෙන පිට අත ගාලා එයාව සනසන්න හදපු නිසයි..සීයාපපා මංජු සීයාට රවනවා මන් බලාගෙන..සීයා රවද්දි මංජු සීයා ලොකු වැඩක් කරා වගේ උජාරුවෙන් හිනාවුනා..

"මැනික..ඔයා ඕවර් යනවා..මම හැමදාම කියනවා කෙනෙක්ගෙ වීක් පොයින්ට් එකක් අල්ලලා එකෙනාව බ්ලැක්මේල් කරන එක හොද දෙයක් නෙමෙයි කියලා..අවී..be strong man..its just a joke..එයා ඒක ඇත්තට නෙමෙයි කිව්වේ..God..look at him manju..ඔයා එයාව ඇඩෙව්වා...."

"හපෝ..රටම දන්න අපෙ ඇමතිතුමා අඩන බබෙක්නේ..කොල්ලාව ගන්නවා කිව්වෙ විහිලුවට බන්..එවුනාට කියපු අනිත් කතාවනම් ඇත්ත..ඔයාට එයාව සුදුසු නැ කියලා දැනුන දාකට අපි ඒක බලාගමූ.."

"මංජූ...."

"හරි ඉතිම් එදාටනේ.."

ෆක් මංජු සීයා..දැන් නම් ඇති ආ..යකො මගෙ මනුස්සයාව මෙ නල්ලමලේ කපල් එක අඩවනවානේ..

" නැ..මංජු පපා..මම ඔයාට එදා පොරොන්දු වුනා..ඒවගේම මම තෙජුව බලාගන්න පුලුවන් විදිහේ වගකීම් සහගත බලවත් මනුස්සයෙක් වුනා..මන් එයාට හැමදේම දුන්නා..ඔයා කිව්වා වගේම මම එයාව බලාගන්න හොද සුදුසු මනුස්සයෙක් කියලා ඔප්පු කරා..මන් එයාට ආදරෙයි..මගෙ ජිවිතෙ හරි එයා වෙනුවෙන් දෙන්න පුලුවන්..මන් තරම් තවත් සුදුසු කෙනෙක් මගෙ කොල්ලාට හම්බෙන එකක් නැහැ..මට ඒක විශ්වාසයි.."

"හපො හරි හරි..මම විහිලුවට කිව්වේ..අපි දන්නවා තමුන් තරම් අපේ එකාට ගැලපෙන ජගතෙත් තවත් නෑ කියලා..මෙ එක නෙමෙයි මම මංජු පපා වෙලා..මගෙ මනුස්සයා ආර්ය අංකල් වුනේ කොහොමද කියපන්..එක්කො සීයා කියපන්..නැත්තම් මට කියනව වගේ පපා කියපන්..පපා පපා ගෑවට මාත් සීයානෙ.."

මංජු සීයා ඩැඩිව බදාගෙන එයා තරම් මාව ගැලපෙන කෙනෙක් තව නෑ කියද්දි අඩන්න බලන් ඉදපු මනුස්සයාගෙ මූනට හද පෑයුවා..

හැබෑවට මගේ මනුස්සයා මංජු සියාට පපා කියලා සීයාපපාට අංකල්ලු..යකාගේ ඥාතීත්වයක්නෙ ඒක..ඒම කියන්න හොද නෑනේ...ආර්ය සීයා පෞනේ..බදාගෙන නැලෙව්වෙත් එයානේ..

"කොල්ලාට පුරුදු විදිහ මංජු..බලකරන්න එපා.."

"සොරි..ආර්ය...ප..පා...මෙ..මගෙ තේජු..එයා..එයා ආවාද.."

ඩැඩිට ආර්ය සීයා දිහා බලන් පපා කියන්න බෑ වගේ..නොකියා බැරිකමට කිව්වාද මන්දා..එක්කො සීයා කියන්නෝනෙ මොන මගුලක්ද මේ පපා පපා ගාන්නෙ..

"ඔව් ඔව්..කන මදයා වගේ බීගෙන තිරික්කල් රාජයාගෙ නැගලා පිස්සෙක් වගේ ඔෆිස් යන්න හදනවා යතුර ගේන්න..මගෙන් බේසම් පාරකුත් කාලා ඔය දැන් ඉන්නෙ කපලා දැම්මා වගේ නිදාගෙන..උට කෙලින් ඉන්නත් බෑ..මම එවෙලෙ එලියට ආපු නිසා හොදයි..නැත්තම් ඉතිම් නාගසලන් වෙන්න ගහපු ඕකා කොහෙ ගිහින් හප්පගනිද කියලා දන්නෙ දෙවියො තමයි..ආයේ ඕකා බීලා නෙමෙ නාලා ඉදියත් මහා රෑට එලියට දානවා එහෙම නෙමෙයි..තේරුනාද.."

" ඔව් තෙරුනා...මම හිතුවේ එයාගේ රූම් එකට ගියා කියලා..උදෙයි දන්නෙ ගෙදර නෑ කියලා..බයික් එකත් බිම දාලා..මම බය වුනේ ඒකමයි.."

හප්පද බොල මගෙ නින්ජා බිම නේද..හයියෝ මයෙ වස්තුවෑ...සමාවෙයන් තාත්තිට..

" ඔව් ඔව් ඊයේ රෑ ඌ එකෙ පැටලිලා බිමට පත බෑවෙන්න ගියා..මම එ මගුල එහෙම්ම දාලා කොල්ලාව ඇදන් ආවා....ඇඩෙයි දැන් නැගිටලා ඕක දැක්කාම.."

"හ්ම්..මම ගිහින් බලලා එන්නම්.."

"හරි..මන් ඔයාලටත් එක්ක කෑම හැදුවා..එයාවත් ඇහැරන් එන්න.."

"හ්ම්.."

හත්වලාමේ කෙලවෙන්නයි යන්නෙහ්..ඩැඩියා මේ පැත්තට නේද අර ඇවිදන් එන්නෙ..හොරෙන් අහන් ඉදියා කියලා බඩු මාට්ටුවෙන්නයි යන්නේ..තේජූ..ත්‍රස්තවාදි දර්ශනයෙන් ආපසු කාමරෙට පැනපන්..

අඩියට දෙකට පඩිපෙල නැගලා උඩට දුවන් ගිහින් කාමරේට හැරෙද්දිම උලුවස්සෙ වම් කකුලේ  සුලැගිල්ල හැප්පුනැයින් දවාලේ හත්දින්නත් තරු හතම පෙනුන පාර මන් අල්ල හපාගෙන වේදනාව කාගෙන කරනමක් ගහලා ඇදට පැනලා මරලා දැම්මා වගේ නිදාගත්තා...

ඌයිහ්..ඇගිල්ලෙ ඇටයක් චප්ප වුනාද මන්දා...ආවා නේද..ඔන්න ලගට එනවා..නිදිවගේ ඉන්නොනේ..හීනියට ගෙරෙව්වානම් හරි..එතකොට තද නින්දක කියලා හිතයි..

මුනින් අතට නිදාගෙන ඉදපු මම බෙල්ල එයාගෙ පැත්තට හරවලා හිමීට ගොරවන්න ගත්තා..

"බෘහ්...ක්හීඊඊඉ..බෘබෘහ්...ක්හීඊඊඊඉ...සූඌඌඋ.."

කොට්ටෙට තද වෙච්චි පැත්තෙ ඇහෙන් ලාවට ඇරලා බලද්දි ඩැඩියා ඉන්නවා හිනාවෙවී මන් දිහා බලාගෙන..මන් බොරුවට නිදාගෙන ඉන්නෙ කියලා පොරට තේරිලාද..

ලාවට බලාගෙන කටත් පොඩ්ඩක් ඇරන් මන් ආයෙ ගොරවද්දි එයා ඇදට ගොඩ වෙලා මගේ ගාවින් ඇලවුනා..එහෙන්ම මාවත් හාල් ගෝනියවගේ උස්සලා පපුව උඩට අරගෙන එක අතකින් මගෙ ඉන වටේ ඔතාගෙන අනිත් අත මගෙ කෙස් අතරේ අරන්ගියා..

ඔලුව අතගාද්දි දැනෙන සනීපේ කෝටිගානක් දීලාවත් ගන්න බෑ..මන් ඉස්සර කිය කිය ඉදියේ දවසක කසාද බදින්නෙ නිදාගන්න ගියාම මට නින්ද යනකම් ඔලුව අතගාන කෙනෙක්ව කියලා..ඒකාලෙ ඉදන් බදින්න හිතාගෙන ඉදියේ ඩැඩීවනේ..ඒකනිසා ඉස්සර නිදාගන්න යද්දි එයාට ඕක කිය කිය එයාව ඇවිස්සුවා..ඔය තියෙන්නෙ යස අගේට ප්‍රතිඵල..

එයා එකපාරට මාව තදට බදාගෙන තප්පර ගානක් එහෙම ඉදලා මාව අතෑරියා..නළලට හාදු තියපු එයා මාව තව ටිකක් උඩට උස්සලා අරන් මගෙ ඔලුවෙන් නිකට තියාගද්දි ඒ අත මගේ ඉන හැඩේදිගේ පහලට ඉහලට අරන් ගියා..අත ගෑවී නොගෑවී වගේ එහෙම ඇගේ වද්දගෙන යද්දි හිරිගඩු පිරිලා ඇග ඇතුලෙන් අමුතු හිරියක් දුවන්න ගන්නවා..ඒ ස්පර්ශෙට මම නිදන් ඉන්නෙ බොරුවට කියන එකත් අමතක වෙලා කරන්ට් එක වැදුනා වගේ ගැස්සෙද්දි එයා මාව අල්ලගෙන හිනාවෙලා පිටට තට්ටු කරා..

" බබා නිදිද..ම්ම්ම්ම්..."

ඔව් ඔව් මම නිදි..ඩොන්ට් ඩිස්ටර්බ් මී ඩැඩි..

"බබා..නැගිටින්නකො වස්තුව..ඩැඩි එළෙව්වාම දුක හිතුනද..ම්ම්ම්ම්..ඩැඩි හිතුවෙ නෑනෙ වස්තුව ගෙදරින් යයි කියලා..ඩැඩී වැරදියි නේද..ඩැඩීට හිතන්න තිබුනා එයාගෙ ඇම්බැට්ටා නාහෙට නාහන හොස්ස ලගින් මැස්සා යන්න බැරි තදයෙක් කියලා..මගෙ මැනික හීන දකිනවද..."

බඩු හරි ගොනා ඇන්..නැ මන් කිව්වෙ  ඩැඩි ඇන්දිලා..එයා දැන් හිතන්නෙ මම නිදි කියලා..එහෙම නැත්තම් මම ඇහැරන් ඉන්නකොට ජීවිතේට ඔහොම කියන්නැ...ඉස්සරත් මට නින්ද ගියාම එයා ඔහොම කියනවා මට ඇහිලා තියෙනවා..

පිස්සු කොල්ලා  බලන්නකො අනේ මෙයා කියන ඒවා..

"බබා..නැගිටින්නකෝ..මට හරියට නින්ද ගියෙත් නෑ වස්තුවෙ.."

නින්ද යන්නැ කියලා දන්නවනම් මොන මගුලටද මාව එලෙව්වෙ..හොද වැඩෙ මන් නම් කියන්නෙ..හොදම වැඩෙ..

ඔව් ඉතිම් තේජු උබටනම් මොකෝ..උබ නාගසලන් වෙන්න ගහලා ඇවිත් ඇදට වැටෙනෝවත් දන්නෑනේ..එතකොට මොන උනුසුම්ද..

ඩැඩිගේ අත මගෙ ඉන දිගේ අරගෙන ඇවිත් බට් එක උඩින් නතර වෙද්දි එයා හිමින් සිරුවේ ඒක මිරිකන්න ගත්තා..

ඔය ඉතිම් ඉන්න බැරි කරන්නද හදන්නෙ මැට්ටො..

මගෙ ඔලුව උඩ තියෙන එයාගෙ නිකට තද කරන් ඉදලා  ඔලුවට හාදුවක් තියලා ආයෙම නිකම ඔලුවෙන් තියාගෙන අනිත් අතින් මාව තදට බදාගත්තා..

"බබා..නැගිටින්නකෝ..ඔය කරච්චලේ නැතුව මට පාලුයිනේ..නැගිටලා ඩැඩි ඩැඩී කිය කිය මට වද දෙන්නකෝ.."

" බබා.."

"බබා...නැගිටපන්කො.."

බැ නැගිටින්නෑ..පුලුවන් නම් නැගිට්ටවපන් ඩැඩී..

"බබා මේ..මම උකුනෙක් වුනොත් ඔයා මාව මරන්නැතුව ඔලුවෙ තියන් ඉන්නවද.."

එව්ව් එව්ව්..මෙ මොන ඒක දේශීය ඒසකමක්ද..ඩැඩී..ඔයාට ප්‍රේමෝන්මාදයද..

ඊයා..උකුනෙක්..ඩැඩි උබ උකුනෙක් වුනොත් මම ඇගිලි දෙකට අල්ලලා රෝල් කරලා කරලා ටොක් ගාලා බිදලා මරනවා..

"බබා.."

චටාස්..

අම්මටහුක්..කෙලියා නේද මේකා මගෙ පස්සට...ඩැඩී උබට මොන සයිබීරියානු ඔරන්හොටම් ගිනිපිග් අවතාරෙද ඒ ගමන වැහුනේ..තට්ටමට වැදුනා කිස් කන්න..ඩැඩි උබේ අම්....මොන හුංගෙඩියක්ද යකෝ.......

චටාස්..

හුම්ම්මට...මේ ප්‍රාදේශීය සභා ගංකබරයට මොන චූන් පාන් ගෙඩියක්ද ආවේස වුනේ..යකෝ ඕක මනුස්ස ගාතයක්..මස් තියෙන්නෙ ඕකේ..ස්නායුත් තියෙනවා ඕකේ..මුගෙ අම්මට තේරෙන්නැද්ද රිදෙනවා කියලා..යකො නිදන් ඉන්න මිනිහාටත් ඉන්න දෙන්නෑනෙ මේ යකා...

"බබා නැගිටින්නකො.."

නෑ නෑ යකෝ මන් නැගිටින්නෑ...

චටාස්

"බබා.."

"ඌයිහ්..අම්මට..මොකද මිනිහෝ වද දෙන්නෙ අම්මපා..මොකද මොකද..රිදෙනො යකො ගහන්නෙ හිතක් පපුවක් නැද්ද..තිරිසනෙක් වගේනේ..මොකද මොකද..බබා තමා.."

"ආ නැගිට්ටද.."

ඔව් ඔව් මිනිහෝ..අනෙ මන්දා මේ මෙසපොටේමියානු හිපපොටේමස්ට මසක්කන්ද..

"මොකද ඩැඩිහ්..උහ්..ඔලුවත් රිදෙනවා..නිදාගන්න දෙන්නකෝ.."

දැන් නැගිට්ටා වගේ තාත්වික රංගනේකත් යෙදෙන්නෙපැයි..ඔලුව නම් සිරාවට රිදෙනවා..බීපුවෑ රගෙ තමා..බොනකොට ආතල් විදවද්දි මරාතල්...

"අනේ...මගෙ පැටියට රිදෙන්න ඔලුවකුත් තියෙනවාද..හොදයි නේ..නැගිටපන්..බලපන් උබ මෙ කොහෙද ඉන්නෙ කියලා..බීලා බීලා ඇවිත් මෙතන ඉන්නෙ කොහෙද කියලාවත් දන්නවද දැන්.."

මට බැන බැන මෙ මිනිහා කන අඹරපු පාර බජ්ජ හුරකුත් සෙට් වුනා..

"ඌයිහ්..කන මිරිකන්නෙ..දන්නවා දන්නවා ඉන්නෙ කොහෙද කියලා..ඊයේ මාව එලෙව්වේ ඔයානෙ..ඇයි දැන් ආවෙ..ඇයි ආවෙ..මහා හොද නෑ ඔයා..එලවලා..කොල්ලාට දුක දීලා..ඔය මාව එලෙව්වා ඩැඩී..මම අද ඉදන් මංජු සියෑගෙදර ඉන්නවා..ඔයාව එපා මට.."

මම බොරුවට නහයෙන් අඩාගෙන එයාගෙ පපුවෙ මූන ඔබන් කුනු කුනු ගාද්දි සැරපාට් දාපු එයා මාව ශේප් කරගන්න හැදුවා..හික්ස්..එයා බයයි මාව මංජු සීයා උදුරගනිවි කියලා...

"හරි හරි..ඔයාගෙත් වැරැද්දක් තියෙනවා..මාත් වැරදි පැටියාව හොයන්නෙ බලන්නෙ නැතුව එලියට දාපු එක..කො ඉතිම් නැගිටින්නකො..අපි අද එලියට  යමූ.."

"සිරාවට...ඩැඩී අද ෆ්‍රීද.."

" නැ මැනික..වැඩ කන්ද එහෙම්මමයි..මගේ බබාව මෙ සතියෙම මට මගෑරුනා..මැනිකටත් වැඩනේ..එකට ඉන්න වෙලාවක් හම්බුනෙම නැ..ඉතිම් අද නැති නිවාඩුවක් දාගත්තා ඔයා එක්ක දවසෙම එකට ඉන්න..බබා කැමතිද.."

මම එයාගෙන් ඈත් වුනාම හෙඩ්බෝඩ් එකට හේත්තුවුන එයා එහෙම කියද්දි දැනුන සතුට ඉවහා ගිහින් එයාව බදාගත්තු මම පපුවෙ කොනකුත් දත් වලින් ඇල්ලුවා..

"මන් කැමති ඩැඩි..මයින්ඩ් එකට පිස්සු වගේ මෙ ටිකේම..වැඩ වැඩ..හරි අමාරුයි අප්පා..ඩැඩි ඔයාගෙ බබාට මේ වැඩ ලොකු වැඩියි.."

මන් එයාගෙ ඇගට තුරුල්වෙලා එයාගෙ ශර්ට් එකෙ කොනක් අල්ලන් රවුන් කරද්දි එයා මාව දෑතින් බදාගෙන කම්මුල එබිලා යන්නම හාදුවක් දුන්නා..

"හ්ම්..එ වැඩ වලට තමා මගේ බබා පොඩි..වෙන හොර බේගල් ඇදබාද්දිනම් මගේ බබා පොඩි නෑ..මතකනේ ඇක්සිඩන්ට් වුනා කිව්වෙ..උබ මට හැන්ගුවට මන් සේරම එකක් නෑර දන්නවා වස්තූ.."

හපෝ..මේ ඇමතිබඩිල්ලා එක්ක කිසි හොරවැඩක් බෑ..ඔව් ඔව් ඉතිම් මාත් දන්නවා ඔයැයි ඒක දන්න වග..

එයා එහෙම කියවලා මට තරවටු බැල්මක් හෙලද්දි එ තොල් වලින් පෙක් එකක් තියපු මම දසන් පාලා හිනාවක් දුන්නා...

"ඇම්ඩයා.."

එයා එහෙන්ම මගෙ තොල් වලට බරවෙද්දි මාත් මගෙ තොල් එයාට දීලා බෙල්ල වටේ අත් යවලා ඇස් වහගෙන හාදුවෙ රස විදින්න ගත්තා..

කිස්  කරාට මොකද මන් තාම දත් මැදලත් නැහෑ..එවුනාට රහාම මෝර්නින්ග් කිස් එකලු..හික්ස්..කුනුකෙල වෙන්නැති රස..

එයා මගේ යටිතොල හුගක් වෙලා උරමින් සිපගද්දි එයාගෙ උඩුතොල මගෙ තොල් අතරට අල්ලගත්තු මම සිපගන්න ගියත් එයා මගෙ උඩුතොල පාදලා දිවෙන් තොල තෙත් කරලා දත්වලින් ඇදලා අරන් ආපහු සිපගන්න පටන් ගත්ත මම මේ හාදුව තව හුගක් වෙලා ඇදිලා යන බව දන්න නිසා එයාගෙ උකුල උඩින් වාඩිවෙලා කකුල් දෙපැත්තට දාගත්තා..

හුස්ම කියන දේ අපිට තදින්ම බාදා කරන්න ආවත් හුස්මට සෙකන්ඩ් නොවි එයයි මායි හුගක් වෙලා හාදුව ඇදගෙන ආව...අනෙ හුස්ම උබ හුම්මානෙ පලයම්...

.

.

.

"බිච් එක පැත්තට යමුද..."

"හා..කාලෙකින් ගියෙත් නැහැ.."

"හ්ම්..ඔක්කොටම කලින් ඔයාට මොනවා හරි කන්න ගමු.."

"අන්න ඒවා හොද වැඩ *kiss* "

"ලායූ ඩැඩි.."

"ලව්යූ සෝ මච් බබා.."

හැහ්..මට ඇහුනා හරිද..

"එහ්..ඔයා ආයෙ කිව්වද..යොහ්...පිස්සු කොල්ලා මගේ..උම්මාහ්.."

"හරි හරි..කො එන්න යමු..කොහෙ යන්නත් කලින් ඔය බංඩිය පුරවන් ඉමු.."

වැල්ලවත්ත kfc එක ගාවින් නවත්තපු එයා මාවත්  එක්කගෙන ගිහින් මාසෙකට හරියන්න එකපාරින් අරන් දීලා බීච් එක පැත්තට වාහනේ දැම්මා..

ආර්හ්...නිදහස්...කාලෙකිම්.......

මංජු සීයා බබා🥺

ආර්ය සීයා පුචා 😫

___________________________

ගෝජෝත් නිදහස්...😫

හායිම්..😫

පරක්කු වුනා සමාවෙන්න හාද...

අද හොදද මන්දා..පොඩ්ඩයි කියන්නෙපා තුන්දාස්පන්සියත් පැන්නා😾

එන්නම්

ආදරෙයි❤️ අදහස් දාන්ඩො

_Gojo_

Share This Chapter