Back
/ 49
Chapter 49

Chapter 49

ද්විත්ව (දෑගිලි ll)🦋💓<ongoing>

"අනෙ අම්මි...ඔය ඇති අනෙ පැළ බැලුවා..අපි යමුකො..පරක්කු වෙනවා.."

"ඉදපන් ටිකක් තාම පැළ විස්සයි ගත්තෙ..බොගෙ දුසාටත් නැති හදිස්සියක්නෙ තොට තියෙන්නෙ.."

"oh god...සීතලයි අම්මි ඉක්මන්ට යමු අප්පා.."

දැන් වෙලාව දහට වගේ ඇති..අඹේවෙල පහුවෙද්දිම ලොකු පැළ තවානක් ගාව වාහනෙ නවත්තන්න කියලා බෙරිහන් දුන්න අම්මි පැය බාගෙක ඉදන් පැළ තෝරනවා..

අර මල්ද මෙ මල්ද එකි නොකි නම් නොදන්න ජාතියෙ මල් පැල අරගත්තු එයා ඒ ගමන catcus පැල වගයක් බලන්වා..

පාර අයිනෙම වාහනෙ නවත්තපු තැන දුසෙ අංකලුයි සන්තුෂයයි හිටන් ඉන්නවා...සන්තුෂයානම් වාහනේ ඉස්සරහා වාඩිවෙලා දාගෙන ගේම් ගහනවා..දුසෙ අංකල් ඊට එහාපැත්තෙ තියන තේ වත්තෙ තේ දළු නෙළන ලෙච්චමීලාට ඇහැ දාන් ඉන්නවා..

ඔක්කොමත් හරි සංතුෂයා..

යකො මු අලි මස් කාලාද මෙ සීතලේ ජැකට් එකක්වත් නැතුව අත පය එලියදාන් ඉන්නේ..

ඇදන් ආපු ඇදුම උඩට තව හූඩියක් දාගෙනත් මට සීතලයි..මූ නම් සාතන්ගෙ දරුවෙක්..

උගෙ කන් රතුම රතුවෙලා..

අම්මි එනකන් මට කරන්න දේකුත් නෑ..එයාව දාලා යන්නත් බෑ..මාත් ඔන්නොහේ වටපිට බල බල ඉදියා..

" තේජුවෝ..උබ දන්නවද දෙයක්.."

"නැ දන්නැ.."

" ඔව් ඉතිම් දැනගන්න මන් තොට කිව්වෙත් නෑනෙ.."

"හරි හරි අනේ මොකද්ද දැන්.."

" මෙ බලන්න මෙ catcus පැලෙ..මෙක දැක්කාම මට මතක් වුණේ..දවසක් අවියාගෙ බර්ත්ඩේ එකට අපි ගියා එන්න කියලා..අපි කිව්වෙ සප්තයයි මායි..මන් නම් බලෙන්මයි ගියේ...ඕකා මහා තුප්පැහියා ඒකාලෙ ඉදන්ම සපාට විතරයි එන්න කිව්වෙ..වසලයා..එදා කොමහරි උගෙ උපන්දිනෙට සප්තයා මේ වගේ catcus පොට් බොක්ස් එකක් අරන් දුන්නා..අප්පෙහ් බලන්නෙපැයි ඒකාගෙ සතුට..අවුරුදු ගාණක් පණ වගෙ බලාගත්තේ ඒවා.."

"එහෙමද අම්මි....එත් ඩැඩි catcus වලට ආස නෑනෙ..ඔයාගෙ පැලයක් දිහා හැරිලවත් බලලා නැ.."

"හ්ම්..එ දැන්..එත් ඉස්සර අවී ආසම ඒවාට..සප්ත නැතිවුණත් හරි එ පැලත් මැරිලා ගියා..එදැයින් පස්සෙ අවී පැලවලට ආස කලේ නැ..."

අම්මි කියන්නෙ ඇත්ත වෙන්නැති..එකාලෙ ගැන මන් දන්නැ එත් දැන් නම් ඩැඩී පැලයකට වතුර දානවා තියා අර බැල්කනි එකෙ තියෙන පැල මොනාද කියලාවත් දන්නැතුවැති...

තාත්ති යන්න ගියේ අපෙ පවුලෙ හුගක් අයගේ ආශාවන් අරගෙන..

අම්මි සල්ලි ගෙවන තැනට යද්දි පැල ටික බොක්ස් එකකට දාගෙන මන් වාහනේ පැත්තට ආවා..

එ එද්දි දැක්කා දුසෙ අංකල් තේ දල්ලක් අරන් ඇවිත් ඒක සංතුෂයාට දික් කරනවා...

සාක්කුවට අතක් දාගෙන අනිත් අතෙන් තේ දල්ල සංතුෂයාට දික් කරන් ලාවට හිනාවෙලා ඉන්න දුසෙ අංකල්ව දැකපු සංතුෂයා තේ දල්ල දිහා බලලා ඇස් හීනි කරලා දුසෙට රවලා ආයෙ ගේම් එකට අවදානෙ දුන්නා...

ඒත් දුසෙ අංකල් නෙමෙ අත පහලට දැම්මෙ..එයා කලෙ තෙ දල්ල සංතුෂයාගෙ මූණට තවත් ලං කරපු එක වෙද්දි ඔන්න එ ගමන නම් ඒකා හෙඩ්සෙට් එක ගලවලා මොකද්ද දැන් වෙන්න ඔනේ වගෙ ලුක් එකක් දුන්නා...

දුසෙටත් ට්‍රැක්ද මන්දා..තේ දල්ලක් දික්කරන්නෙ තම්බලා බොන්නද බන්...

ඒ....අන්න අරකා දුසේගෙ අතින් අල්ලලා තෙ දල්ල කටේ ඔබාගෙන කෑවා..මුගේ කිරි ආච්චිට පොල් මල් අල්ලන්න..පෛත්‍යම්ද අඩෝ....

"දුසෙ අංකල්.."

"ඔහ් බේබි බෝයි..හරිද.."

"ඔ හරි මෙ ටික පිටිපස්සෙන් දාගමු.."

"ම්න්..දෙන්න..Dashmeer..you get the car.."

ඇහ්...දශ්මිර්..

මගේ අතේ තිබුන බොක්ස් එක අතට ගත්තු දුසෙ අංකල් එහෙම කියන ගමන් අතේ තිබුණ කී එක සංතුෂයාට පාස් කරාම ඌ එක තනි අතින් අල්ලගෙන වාහනෙන් බැස්සා..

දුසෙ අංකල් එ කියද්දියි අපෙ සංතුෂයාට එහෙම නමකුත් තියෙනවානෙ කියලා මතක් වුණේ.. ඉපදුනැයින් පස්සෙ ඕකාට එ නම කියලා කවුරු හරි කතා කරනවා මට ඇහුණාමයි ඔය..

දශ්මීර් කියද්දි තුෂ්නිම්භූත වුණ මන් විතරක් හිටන් ඉද්දි එ දෙන්නා වාහනේට නැග්ගාට පස්සෙ අම්මි ඇවිත් මට ටොක්කක් ඇනලා වාහනේට ඇදන් ගියා...

සංතුෂයා වාහනෙ අරන් යද්දි දුසෙ අංකල් පොඩ්ඩක් නිදාගත්තා...අනිත් පැත්තෙන් අම්මි පපා එක්ක මල් කඩනවා..

ඕන් එතකොටයි මගෙ මනුස්සයා මට කොල් එකක් දුන්නෙ..

"බබා.."

"ඩැඩි.."

"දැන් කොයි හරියෙද.."

"අඹේවෙල පහුවුනා ඩැඩි."

"ම්ම්ම් තව පැය බාගයක් වගෙ යයි නෙද..මොනවා හරි කෑවද බබා.."

"තාම නැ..ඩැඩි කාලාද.."

"හ්ම්..කෑවා..උදේ විපක්ෂෙ ඇමතිලා දෙන්නෙක් එක්ක මිටින් එකට ගිහින් එන ගමන් එහෙම්ම කෑවා..එහෙට ගියගමන් කන්න.."

"හ්ම්..දැන් ඩැඩී මොකද කරන්නෙ.."

" දැන් තමා ෆ්‍රී වුණේ..ආයෙ දොලහට අගමැතිතුමා හම්බෙන්න යන්න තියෙනවා..සීතලට ජැකට් එක දාගත්තාද..පිනි බාලා අසනිප වෙන්න එපා බබා..වැඩ කියලා බලන්නැ ඇවිත් උබේ කන පලනවා මන්.."

"හරි හරි අනේ..හපො මෙයත්.."

" පරිස්සමෙන් එන්න මැණික..උබෙ හැකර කට නැතුව මට දැනටම සාංකාව වගේ..තමාල්වත් පරිස්සම් කරගන්න.."

"හ්ම්..එයාට අවුලක් නෑ..මන් නැතිවෙලාවට ලොකු බොසා බලාගනී.."

"කවුද ..සංතුෂ්ද..එයත් ගියාද.."

"හැව් හැව්..උ තමා..මන් දන්නෙත් එනකොට අනේ..ඔයාට කියන්න ඩැඩී මෙකා ගල් ශොටකුයි අත්නැති ස්කිනියර් එකකුයි ඇදන් ආවෙ අත් වන වන..මේකාට ඒත් සීතල නැ..කාගෙ දරුවෙක්ද මන්දා.."

"කැල්වින් අයියාගෙන් තමා අහන්න වෙන්නෙ..හ්ම්ම්...එයා ගිය එකත් හොදයි..හොටෙල් එකට ගිහින් මට මැසෙජ් එකක් දාන්න..කෝකටත් කියලා මන් ගාඩ් කෙනෙක්ව බයික් එකකින් පස්සෙන් එව්වා.."

" අපෝ.. මන් දැක්කා එනවා..මන් තියන්නම්..ඔයා ටිකක් නිදාගන්න..මටත් නිදිමතයි..වෙලාවට පෙසර් පෙත්ත ගන්න හොදෙ..ආදරෙයි ඩැඩි..උම්මා උම්මා..උම්ම්ම්ම්ම්ම්මා..කෙල්ලොන්ට ඈතින් පරිස්සම් වෙලා ඉන්න හොදෙ.."

"හ්ම්..ආදරෙයි..පරිස්සමෙන් එන්න..මට මැණිකව මිස් වෙයි..මන් බලන් ඉන්නවා.."

මන් ෆොන් එක කට් කරලා කට කනට එනකන් ලොකු හිනාවකින් මූණ පුරෝගෙන එහා පැත්ත හැරෙද්දි අත් බැදගෙන මන් දිහා බලන් ඉදපු අම්මිව දැකලා එකපාරට ගැස්සුනා...

හැපු..යස්සනි වගේනෙ..

" ආ ඉවරද උබෙ මල් කැඩිල්ල.."

" මොකද්ද අනෙ..බයත් වුනා මන්..මල් කැඩුවාද අහන්නෙ ඔයත් කැඩුවෙ මල් නෙමේද මැසෙජ් වලින්.."

"මන් කඩපු මලක් නැ බන්..මන් මනුස්සයාට මන් නැතුව දවස ගෙවාගන්න ඕනෙ කොහොමද කියලා පැහැදිලි කලා...මන් එ කියන හැම වතාවෙකම ඒකා..බබි මන් එන්නද..බබි මන් එන්නද ගානවා..බැරිම තැන මන් බ්ලොක් කරා..ඔන්න දැන් බොටත් ගනී..උබත් බ්ලොක් කරපන් හොදෙ.."

"ඔයා නම් අනෙ මන්දා අම්මි.."

"අනෙ මන්දා කියන්නෙ මොකො උබ.."

"නැ නැ මුකුත් නැ..ආ..අම්මි..මොකද මෙ කොන්ඩෙ අඩු..ලගදි කැපුවෙත් නැනෙ ඔයා.."

අම්මිට තියෙන්නෙ ඝනකම කොන්ඩයක්..ඒක බෙල්ල ගාවට එනකන් එයා වවලා වෙන්දාට පොයින් ටේල් එකක් දාගෙන ඉන්නෙ..එත් අද කඩලා දාලා..එකත් මට වෙනසක් පේනවා..තැනින් තැන කොන්ඩෙ අඩු වෙලා...

"අ..නැ නැ...මොන කැපිලිද බන්.."

" නැත්තම් ඇයි මෙ කොන්ඩෙ අඩු...තැනින් තැන ගිහින් වගේ.."

"මගෙ..කොන්ඩෙ ගිහින් පිස්සුද බන්..ආ මෙ..ලගදි මන් ගාපු ෂැම්පො එකක් ඇලජික් වුණානෙ ඒකට කොන්ඩෙ යන්න ගත්තේ..පස්සෙ මන් පපා එක්ක ගිහින් පෙන්නලා බෙහෙත් ගත්තා..උබ දකින්නැත්තෙ එ ටික.."

" තාත්ති මට එහෙම දෙයක් කිව්වෙ නැනෙ.."

" උබට මොකටේ හැම ලබ්බම කියන්නෙ..මන් කිව්වෙ කියන්න එපා කියලා..දැන් හරිනෙ..උබෙ පස්න ඉවරද..තව හෑව්ද.."

" නැ තව නැ..ඔයා කියන දෙයක් තමා...ඔයත් හැම රෙද්දම ඔලුවෙ උලනොනෙ..උදුගොව්වො කාලා වගෙ අනේ..තැනින් තැන අඩුවෙලා..කෙස් ගහා මුලින්ම ගිහින්නෙ.."

"හ්ම්..කොන්ඩෙනෙ බන්..ඔක ආයෙ වැවෙන්නැතෑ..අනික හැමදේම දවසක නැතිවෙනොනෙ තෙජුවො.."

"අනෙ අම්මි ඔයාට බණ ටොක්ස් සෙට් නැ අනෙ..ජොක් එකක් කරන් ඉන්න...ම්ම් ඉන්නකො මන් ඕකට තෙල් එකක් හොයලා ගෙනත් දෙන්නම්.."

අම්මි සිරියස් වෙද්දි මගෙ ඇගෙ හිරිගඩු පිපෙන්න ගන්නවා..එක සෙට් නැ එයාට..

අම්මිගෙ කොන්ඩෙට වෙලා තියෙන දේ දැක්කාම මට දුක හිතුනා..ඝණකම වුනාට අම්මිගෙ කොන්ඩෙ හරි සිනිදුයි..අනික හැමතිස්සෙම එයාගෙ කොන්ඩෙ සුවදයි..එත් ලගකදි ඉදන් එයා කොන්ඩෙට සාත්තු කරන එක අඩු කරලා..

ඒකත් හොදයි..අහුවෙන හැම ලබ්බම ගානවානෙ..දැන් හරිනෙ අමාරුව..එත් මට ලොභයි ඒ කොන්ඩෙ එහෙම දකිද්දි..එ හන්දාම මන් ඉන්දියාවේ ඉන්න යාලුවෙක්ට මැසෙජ් කරලා ඒකට ගැලපෙන තෙල් නැද්ද කියලා ඇහුවා..

කොන්ඩෙ කොහොමත් වැවෙනවා නම් තමා...එත්...මගෙ හිතට අවුල්..

____________________________

" තමාල්....අපේ මීටින් එක තියෙන්නෙ මේ හොටෙල් එකේ 96 රූම් එකේ..තව වෙලා තියෙනවා..ඔයාලා දැන්ම බ්‍රෙක්ෆස්ට් ගන්නවද.."

"කමු කමු..එත් ඊට කලින් මට rest room එකට යන්න ඕනේ..ඔයාලා ටේබල් එකකට යන්නකො මන් මෙ පැත්තට ගිහින් එන්නම්.."

"අම්මි මාත් එන්නද."

"උබෙ ඔය මහත ඇති..මන් ගිහින් එන්නම්.."

" ඔයා තනියෙන් යන්නෙපා..මාත් එනවා.."

"පුදුම වදයක්නෙ මේකාගෙන් තියෙන්නෙ..එනවා එනවා ඉතිම්.."

" ඔකේ..ඔයාලා යන්න..අපි වාඩිවෙලා ඉන්නම්.."

අපි හොටෙල් එකට ඇවිත් බ්‍රෙක්ෆස්ට් එක ගන්න තීරණෙ කලේ මීටින් එක පටන් ගන්න තව වෙලා තියෙන නිසයි..

රෙස්ට් රූම් එකට අම්මිව තනියෙන් යවන්න අකමැතිවුන නිසා මන් පස්සෙන් යද්දි අර දෙන්නා ටේබල් එකකින් වාඩිවෙන්න ගියා..

අම්මිට කලින් රෙස්ට් රූම් එකෙන් එලියට ආපු මන් එයා එනකන් එලියෙ තිබුණ කොරිඩෝවෙ ටිකක් ඇවිද්දා..

මේ කොරිඩෝව දිගේ කොනටම ගියහාම සංතුෂ්ලා වාඩිවෙලා ඉන්න ටෙබල් එක පේනවා..එයාලා බැල්කනි සයිඩ් එකේ ටේබල් එකකින් වාඩිවෙලා ඉදියේ..දුසෙ ඉදියෙ සංතුෂ්ට මුහුණලා..

මන් ඉන්න තැනට එයාලාව හොදට පේනවා..බැල්කනියයි මන් ඉන්න කොරිඩෝවයි වෙන්වෙලා තියෙන්නෙ හොටෙල් එක වටේට හදලා තියෙන artificial ඇල පාරෙන්..

අව්ව වැටීගෙන එන හින්දා සීතල දැන් අඩුයි..මන් වට පිට බලලා අන්තිමට එ දෙන්නා දිහා බැලුවා..

දුසේ ෆුල් කිට් ඇදගෙන ගාම්භීර පෙනුමෙන් වාඩිවෙලා ඉද්දි අපේ එළ හරකා කුඩු කාරයෙක් වගේ ගල් ශෝටට ආර්ම් කට් ස්කිනර් එකක් ගහගෙන මොකාද එකා වගේ ඉන්නවා...එ ඩබල හරියට කිරිකොසුයි ඇඹුල් කෙහෙලුයි වගෙ...

මන් බලාගෙන එතනට වේටර් බෝයි කෙනෙක් ඇවිත් මෙනු එක දික් කරද්දි ෆෝන් එක කාගෙන ඉදපු සංතුෂාගෙ අවදානෙ ඒකෙන් ගිලිහිලා වේටර් බෝයිට වැටුනා...වේටර්ට එක බැල්මක් දුන්න තුෂ් ආයෙම ෆොන් එකට ඇස් යොමාගද්දි අතට ගත්තු මෙනු එක දුසෙ අංකල් අපේ එකාට දික් කරා..

සංතුෂයා මූණට වැටුන කොන්ඩෙ අතනික් පස්සට හදලා ෆොන් එක පැත්තකින් තියලා මෙනු එක අතට ගත්තා...

ඔක්කොමත් හරි සංතුෂයාට මෙනූ කියන එක හයියෙන් කියවෙද්දි ඒකට දුසෙ අංකල් දක්වපූ ප්‍රතිචාරෙට මාව ලිස්සුව පාර වැට තිබුන්නැත්තම් බිම වතුරට වැටෙනවා...

"Menu....."

" No baby..its me and you.."

කැහ් කැහ්...දුසෙ අංකල් ඔයා...දුස්මන්ත් නෙමෙ මේකා කුකුල්මන්ත්..

දුසෙ අංකල් ප්ලේබෝයි ටයිප් හිනාවක් සංතුෂයාට දෙද්දි අරූට මලපැන්නා..සංතුෂයා දුසේට රවලා කකුලෙන් දුසෙ ඉදපු පුටුවට පයින් ගැහුවෙ සද්දෙන් එ පුටුව පස්සට තල්ලුවෙද්දි..

"Im not your fckng baby..."

"Hey..just kidding man.."

"තමුන්ගෙ විහිලුවලට ගාව ගන්න තරම් මන් හොද මනුස්සයෙක් නෙමෙයි මාස්ටර් රාහුල්.."

"....Ok..but...I like the way you call my name..Master Rahul...mmm..you know my what my kink is..don't you?.."

එ දෙන්නා කතාවෙන දේවල් මෙතනට හොදට ඇහෙනවා..අනික එ හරියෙ මිනිස්සු අඩු නිසාම සංතුෂයා ටිකක් සද්දෙන් කතාකරන්නෙ..

එ සංවාදෙ දිහා ඇස් යොමන් ඉදපු මන් ඇස් පත සයිස් කරගත්තා..මන් හිතන්නෙ මේවා අත්‍යාවශ්‍ය තොරතුරු..ම්ම්ම්...

" මන් තමුන්ගෙ s*x toy නෙමෙ රාහුල්..මට කොහොමත් තමුන්ව දැන් වැඩක් නැ..අනිත් එක අමතක කරන්නයි කියපුවා ආයෙ ආයෙ ඇදලා ගන්නෙ තමුන්මයි..අහස වගේ වෙනස් වෙන මිනිස්සුන්ව මට පේන්න බැ..තමුනුත් ඒ වගේ.."

" claim down man...එදා මන් ඉදියෙ-.."

"අසිහියෙන් කියලා නම් කියන්නෙපා රාහුල්..තමුසෙ එදා එ ගෑනි ගාවට ගියේ හොද සිහියෙන්..මොලයක් නැද්ද අයිසෙ..බලනවා එකිගෙ හැටි..තමුසෙව දරාගන්න තියා හිතන්නවත් පුලුවන් ද..පොඩි කෙල්ලෙක්..සල්ලාල කමටත් සීමාවක් ඕනෙ..මන් නොහිටින්න එදා තමුසෙ ඒකිවත් icu යවනවා..වෙන් උන් ඇන්දුවට රාහුල් තමුසෙට බෑ මාව අන්දන්න..මතක තියාගන්නවා තමුන් ඉන්නෙ අඩි දාහක් උඩින් නම් මන් ඉන්නෙ ඊටත් උඩ අඩියෙ කියනෙක.. තමුසෙගෙ බබා පාට් දාගන්නවා අපෙ පොඩි හරකා එක්ක..කොයිවෙලෙත් දුසෙ දුසෙ ගාන් එන තමුසෙගේ පරම පිවිතුරු ආදරෙ බේබි බෝයි.."

මොනවද සංතානම් මැණියනෙ මාගෙ දෙසවන් වලට මේ ඇහෙන්නෙ..දුසෙ අංකල් ගැන සංතුෂයා කොහොමද එච්චර දන්නෙ..මේවා ඇත්තක්ද..ඌ එ පොඩි හරකා කිව්වෙ මට නේද?.මුගෙ අප්පට....

සංතුෂ්ගෙ මූණ කෙන්තියට රතුවෙලා..ඒකා සුදු හන්දා කේන්ති ගියහාම මූණ ඇපල් රතුපාටයි..කතා කරන වචනයක් ගානෙ බෙල්ලෙ නහර ඉලිප්පෙනවා..ටේබල් එකෙ තියෙන ග්ලාස් එකක් අතෙන් පොඩි කරන්න දගලන සංතුෂයා දිහා දුසේ අංකල් බලාගෙන ඉන්න මහෝෂද පඩිතුමාටත් වඩා නිවිලා වගේ...

සංතුෂ්ගේ ඇස් කෙන්තියෙන් නලියද්දි දුසේගෙ ඇස්...මට ඇයි එ ඇස් සතුටෙන් වගේ..නැ ඒවා ආඩම්බරෙන් දිලිසෙනවා පේන්නෙ..නැ නැ මට පේනවා වැරදි ඇති...

ඔක්කොටම හපන් දුසෙ අංකල්ගෙ අර ඇදිලා නොපෙනී යන කට කොනෙ හිනාව...

සංතුෂ් දත්මිටි කාගෙන බනිද්දි එ අතට හිරකරන් ඉදපු ග්ලාස් එක දැකපු දුසෙ අංකල් හිමින් සැරේ අත ලංකරලා සංතුෂ්ගේ ඇගිලි වලින් ඒක ගලවගත්තා..

මන් දැක්කාමයි අපේ එකා මෙහෙම කේන්ති ගන්නවා..ලෝක යුද්දෙ අස්සෙත් මුට නෙමෙ වගේ කිසි දෙයක් ගාණකට ගන්නැති එකා මෙහෙම හැසිරෙද්දි පුදුම හිතෙන්නැත්තේ කාටද..

"මොකද..තමුසෙ හිනාවෙන්නෙ.."

" ඔයා මෙච්චර කතා කරාමයි දශ්මීර්..."

"හිනාව නවත්තනවා....මැරෙන්න ආසද තමුසෙ.."

" හිනානොවී ඉන්නෙ කොහොමද මන්..මේ වෙලාවෙ ඔය රතු මූණ දැක්කාම ඒ රෑ මතකෙට එන එක නතර කරගන්න හරි අමාරුයි දශ්මීර්..ම්ම්ම්..දන්නවද..මන් හරි ආසයි ඔය අත් වලින් මැරෙන්න.."

දෙයියනෙ මගෙ පපුව..දුසෙ දුසෙ දුසේ...මොනවද අයිසෙ මෙ කියවන්නෙ..මෙ ගැලවෙන්නෙ මේකාගෙ වෙස් මූණ නේද..

එ දෙන්නා දිහා කටත් ඇරන් අදහා ගන්න බැරුව බලන් ඉන්න මගේ කට වැහුවේ එතනට ආපු අම්මි..

"අම්මි.."

"මොකත උබ මෙතන කට ඇරන් කරන්නෙ යමන් අරහෙට.."

" පොඩ්ඩක් ඉන්න අනෙ.."

දුසේ කියපුවාට සංතුෂයාට නහුතෙටම තද වුණාද කොහේ..එකා හොද කුනුහරුපයක් කියාගෙන එතනින් නැගිටලා යන්න හදද්දි දුසෙ අංකල් සංතුෂ්ගේ අත අල්ලගත්තා...

"#&@&$**"

" මට යන්න දෙනවා.."

" වාඩිවෙන්න....."

"මන් කිව්වෙ වාඩිවෙන්න කියලා......දශ්මීර්......"

" fck...i hate you.."

"Good boy..i know it.."

දුසෙ අංකල්ට දෙකක් නෙලන ලුක් එකෙන් අත ඇදලා ගන්න හදලා යන්න දෙන්න කියපු සංතුෂයා දුසේගේ විධානෙට යටත් වුණා..

දුසේට රවාගෙන කුටු කුටු ගාලා බැනපු සංතුෂ් ආයෙ වාඩිවෙද්දි දුසෙ ඒයාගෙ අත අතෑරලා හිනාවුනා..

" රාහුල් බොසා දශ්මීර් කියලා අදිද්දි බඩ කුති කැවෙනො වගේ නෙද බන්.."

මට වඩා කොට අම්මි ඉස්සිලා මගෙ කරවටේ අත දාන් එ දිහා බලන් ඉදන් මට එහෙම කිව්වා..

" අනෙ අම්මි මෙ.."

" ඇයි ඇයි උබ...කන පලාගන්න ආසද..වරෙන් යන්න..ඕප්පි වගෙ හැම ලබ්බක්ම අහගෙන ඉන්නවා.."

බ්‍රෙක්ෆස්ට් අරන් ඉවර වෙලා දුසෙයි මායි මිටින්ග් එකට ගියේ අම්මියි සංතුෂුයි ලග තියෙන garden එක බලන්න යද්දියි...

___________________________

මීටින් එක ඉවර වෙද්දි හවස් වුණා..හිතුවට වඩා ප්‍රශ්නෙ බරපතල්..විකී අපෙ හැම ක්ලයන්ට් කෙනෙක්වම අල්ලගෙන..මේකට ඉක්මනින් විසදුමක් හොයාගත්තෙ නැතිවුනොත් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙයි...

හොටෙල් එකෙන් එලියට ආපු අපි ඊට කිලෝමීටර් තුන හතරකට එහා තිබුණ දුෂ් අංකල්ගේ විලා එකට ආවා..අද රෑ මෙහෙ ඉදලා හෙට උදේට යන්න වෙන්නෙ..

" දැන් උබ අත වන වන ආවෙ රෑට හෙලුවෙන් නිදාගන්නද..ඇ බොල..ඔය ඇබ දෙක ගලවගෙන මට උත්තර දීපන්..අම්මපා අපෙ අයියාගෙ එකා නොවුනා නම් මන් දනී කරන දේ..කතා කරපන් අඩො..තො පිට්ටු ගිලලද..කොල්ලො.."

" ඇදුම් ඕන නැ.."

" ඕන නැ කියන්නෙ..උබ රෑට ග්‍රීස් යකාට වෙන්නද යන්නේ..ඒක හරියන්නැ..එලියට බැස්ස ගමන් මෙ සීතලේ බොගෙ හිච්චා කෙලින් වෙලා ඉදීවි.."

"මාමී!!!!!.."

"ඇයි මොකද..බොට ලැජ්ජ ද..ඒ කාලෙ උබෙ ඔය හූනු බිජ්ජට ගම්බිරිස් පිම්බෙත් මම..දැන් මෙතන සෝබනේ දැම්මාට..ඕක මට එදත් අදත් හූනු බිජ්ජම තමා.."

"oh god......"

අම්මි ලොකු බොසාගෙ සීට් එකෙ එල්ලීගෙන ඇදුම් ගේන්නැතුව අත වන වන ආව එකට කෑගහද්දි එයාගෙ කටහඩ වාහනෙ ඇතුලෙ රැව් දුන්නා..

අම්මි කියන ඒවා අහන් ඉන්න බැරිම තැන සංතුෂයාට බලෙන් ඇදගන්න දුන්න මගේ හූඩියේ කෝඩ් නූල ඇදගෙන හූඩ් එකෙන් මූණ වහාගෙන සීට් එකෙන් පහලට රූස්සලා ගිහින් කකුල් උඩට අරන් ගුලි වුණා...

තනි අතින් ඩ්‍රයිව් කරන ගමන් මේ සේරම දිහා බලන් ඉදපු දුසේ අනිත් අතෙ කට වහාගෙන හිනාවුණා..

" Don't worry තමාල්..එයාට මගේ ඇදුමක් දෙන්නම්..හවුස් එකෙ ඇති මගෙ වැඩිපුර ඇදුම්.."

පැයකින් විතර දුසෙ අංකල්ගෙ විලා එකට අපි ආවා..

වොහ්...එකෙ ලස්සන..මෙ විලා එක ඇරුනු කොට මෙ පැත්තේ තියෙන්නෙ ලදු කැලෑ විතරයි..චුටි චුටි අඩිපාරවල් විලා එකෙ පිටිපස්සෙ තියෙනවා..අපි ආපු පාර ඉවර වෙන්නෙ මෙතනින්..

පරණ තාලෙට හදලා තිබුන විලා එකෙ බිත්ති කොල පාට වැල් වලින් වැහිලා තිබුණා..මේක එයා ඩිසයින් කරලා තියෙන්නෙ ඒ විදිහට..පුංචි පූල් එකයි ඊට එහායින් තව පොඩි ඉඩකඩක් තිබුනා..

අපි ආව ගමන් ඇතුලෙ ඉදපු අවුරුදු පනහක වගෙ පෙනුම තියෙන මනුස්සයෙක් දුවන් ඇවිත් දුසෙ අංකල් එක්ක කතා කරා..

" අපෙ මහත්තයානෙ..ආයෙ ආවෙ හදිස්සියක්වත්ද මහත්තයො.."

"නැ උපාලි..පොඩි වැඩකට ආවා.. මේ විලා එක ලග නිසා අද රෑ නතර වෙන්න මෙහාට ආවෙ..මෙ කට්ටියට ඉන්න රූම්ස් හදලා දෙන්න..තමාල් , බේබි බොයි..එන්න ඇතුලට යමු..බෑග් ටික මෙයා අරන් එයි.."

" අනෙ රාහුල් මේකා නිදිනෙ..නැගිට්ටවන්න හිතෙන්නැ පව් අප්පා.."

විලා එකේ සිහියෙන් එලියට බැහැපු මන් ඇතුලට යද්දි ආයෙ නතර වුනේ අම්මි වාහනේ ගාවට වෙලා කෑගහද්දියි..

ලොකු බොසාට නින්ද ගිහින්..නිදාගෙන නැගිට්ට වෙලාවක එන්නැතෑ ඕකා..

" අම්මි..ඔයා එන්න..එයා නැගිට්ටාම ඒයි..එලිය සීතලයි..යමු එන්න.."

" මෙයා නිදිනෙ එහෙම දාලා එන්න නැ කොල්ලො..කීද්දුවට ඇහැරෙන්නෙත් නැනෙ යකාගෙ නින්දක් නෙ.."

"යො..ඔයා දැන් පින්නෙ ඉදලා වෙනම ලෙඩක් හදාගන්නවා..කො එහෙනම් මන් ඔකාව උස්සලා ගන්න.."

"උස්සලා ගන්න උබ..අනෙ මෙ කොන්ද කඩාගන්නැතුව නිකන් ඉදු..ගිහින් වතුර එකක්වත් අරන් වරෙන් මේක හරියන්නැ.."

"තමාල් ඔයාලා යන්න මන් එයාව අරන් එන්නම්.."

දුසෙ අංකල් ඔයත් දැන් ඕනාවට වැඩී...උ නැගිට්ට වෙලාවක එන්නැතෑ..ඔයා මොකද මෙ උස්සන් එන්න හදන්නෙ..

"ඔහ්..ඔයා එහෙනම් එයාව උස්සන් එනොද දුසේ...අනෙ හොදයි..තෙජුවො යමන් ඇතුලට..දුසෙ එක්කන් ඒවි අපේ එකාව..යමන් යමන් මොනාද බලන් ඉන්නෙ.."

"අනෙ අම්මි ඌව නැගිට්ටුවානම් ඉවරනෙ අනෙ...මොන විකාරයක්ද.."

"ඇයි තොට ජෙලද.."

"මො..පිස්සුද අනේ...මන් මොකටද ජෙලස් වෙන්නේ.."

" අනෙ මෙ තේජු..උබ හැරෙද්දිම මට තේරෙනවා හරිද..වරෙන් යන්න විකාර නොහිතා.."

අපි ඇතුලට ඇවිත් විලා එක වටේ ඇවිදලා බැලුවා..

ඒ අතරෙ දුසෙ අංකල් සංතුෂයාව බ්‍රයිඩල් ස්ටයිල් එකට උස්සන් ඇවිත් උඩට අරන් ගියා..

" අපෙ අප්පො මෙ මහත්තයා-.."

"උපාලි..මෙයාටත් රූම් එකක් රෙඩි කරන්න..එතකන් මගේ එකෙ ඉදිවි.."

"ආ..හා හා..පොඩිවෙලාවක් දෙන්න මහත්තයො.."

දුසෙ අංකල් සංතුෂයාවත් අරන් පඩිවෙල නගින දිහා මන් ඇස් හීනි කරන් බලන් උන්නා..

උඩ ඉදන් පහලට එන්න ආපු උපාලි එ දෙන්නාව දැකලා මොකක් හරි කියන්න ගියා..ඔව් ඔව්..එයා අපේ එකාව දැකලා පුදුම වුණ බවක් පෙන්නුවෙ..මොකක් හරි කියන්න හැදුවෙ එයා..එත් දුස්මන්තයා ඒකට බාදා කලා..

මන් නොදන්න ලොකු දෙයක් එ දෙන්නා අතර තියෙනවා..මට දැන් ඒක හොයාගන්නකන් කුතුහලෙ...

උඩම තට්ටුවෙ දුසෙ අංකල්ගෙ රුම් එක..ඊට පල්ලෙහා තට්ටුවෙ මායි අම්මියි...සංතුෂයාට තාම රුම් එකක් නැ ඌ බුදිනේ..තේ බොන්න ආවෙත් නැ යකාගෙ නින්දක්..

__________________________

" කැවද...මන් සේපාලට කිව්වා ඔයාට වෙනම බිත්තරයක් බදින්න කියලා..හ්ම්..එහෙනම් නිදගන්න..මටත් දො මතයි අප්පා..ම්හුක්..මෙහෙ සීතයි අනෙ..නැ නැ...මහත් වෙන්න ඕන නැ ඔය ගාණ හොදටම ඇති හබී..මන් සැරයක් කිව්වානෙ..එන්නෙපා..එපා කියන්නෙ එපා හරිද...මෙ රෑ නම් කොහෙත්ම එපා..මෙක හරි කෙලියක් උනානෙ මේ මිනිහාට මන් නැතුව එක රැයක් නිදාගන්න බෑනෙ යකඩෝ...අනෙ මේ නුරාග්..ඔයා මගෙන් හොදවැයින් අහගන්න හදන්නෙ ඔය..අනෙ එපා කිව්වාම අහපියකො හබි..අම්මපා උබ ආවොත් මන් හොද වැඩක් කරනවා හරිද..මන් නැතුව නින්දයන්නැ කියන්නෙ..ඇස් වහාගෙන ඉදපන් ඉබේටම නින්ද යයි..ඒ බැරිනම් ඇස් දෙකට ඇගිල්ලෙන් ඇනපන්...නැ නැ..මන් දැන් සිංහලෙන්ම කිව්වා..ඊලගට කියන්නෙ සුද්ද සිංහලෙ හොදේ..එන්නෙපා..යකො මන් මැරුනොත් මේකා කෝම නිදාගනීවිද..හරි හරි කෙන්ති ගන්නෙපා..අනෙහ්හ් යොහ්..කෙන්ති ගන්නෙපා බොල..ඔකෙ ඔකෙ සොරි සොරි..මන් මැරෙන්නැ එම ලෙසියෙන් හරිද..මැරෙන්නැ යකො..මැරෙන්නැ...හරිද මෙ අහපන් අඩො...මැරෙන්නැ තමා..එත් හබී මැණික අපි දවසක මැරෙන්නම ඔනෙනෙ ඒයි..දන්නොද මන් ප්‍රාර්ථනා කරන්නෙ ඔයාට කලින් මැරිලා යන්න..මොකද ඔයා නැති ජිවිතයක් මෙ ලොකෙ මට නැ..හරි හරි අනෙ මන් දන්නවා..ඔයාටත් එම තමා...හරි එනම් අපි දෙන්නාම එකට මැරෙමුකො..යොහ්හ් කෙන්ති ගන්නෙපා නාකියෝ...කිරි කැලි දෙක වගෙ ඉදියාට අපි දැන් වයසයි බන් අයියේ..යොහ් කැගහන්නෙපා අඩො කනත් කීන් ගානවා...ඉදාම් මෙක ස්පීකර් දානකන් කන පොට්ට වුනාද කොහෙ මගෙ...ආ හාරි දැන් කියන්නකො.."

" මේක විහිලු කරන්න වෙලාවක් නෙමෙ බබි..අනික ඔයා දන්නවා ඔය විහිලුවට තරම් මන් මොකටවත් ආස නෑ කියලත්..නේ..නේද..එ දැන දැනත් ඕකම කියන්නෙ..අම්මපා උබ ලග ඉදියානම්..ෆක්..ඉදියානම් දෙන පනිශ්මන්ට් එක ජිවිතේට අමතක වෙන්නැති වෙයි...බබි මන් උබට අත උස්සලා නැ කවදාවත්...මාව එ තැනට පත් කරන්නත් එපා..ප්ලීස් මන් ඉල්ලන්නෙ එච්චරයි..මන් මෙ දැන් එනවා..මන් එන එක නවත්වන්න උබට නෙමේ සක්කරයාටවත් බැ.."

"යොහ් අනෙ හබී අහපල්ලාකො..අනෙහ්හ්..ආන් කට් කරා..අම්මපා මෙ මිනිහාව නම් හදන්නම බැ...උබ උබ මොනාද දොර අස්සට වෙලා හොරගල් අහුලන්නෙ..වරෙන් ඇතුලට..නැත්තම් පලයන් එලියට...උබ..උබ අනිත් එකා..උබ කරන්නෙම මගෙ ලෙ පුච්චන වැඩ..අනිකා මග එන එකා..දැන් බලපන් ඌ එනකන් මන් ගිනි ගින්දරේ ඉන්නොනේ පපුව පිච්චි පිච්චි..මන් එක්ක එනකොට වගේ නෙමෙ තනියෙන් එද්දි ඕකාට මැරිච්ච මිල්ක් ග්‍රැනීව වැහෙන්න්න ගන්නවා.."

අම්මිව පහළට එක්කන් යන්න කතාකරන්න ආපු මන් දොරගාව නතර වුනේ එයා පපා එක්ක කෝල් එකෙන් මරාගන්න සද්දෙ ඇහිලා..

හැමදාම වගෙ අදත් අන්තිමට පපා වින් කරෙ මෙ රෑ දොළහාට මෙහෙ එන තීරණේට අම්මිව බලෙන් කැමති කරගෙනයි..හැබැයි අද නම් කැමති කරගත්තේ නැ වගේ..අම්මිගෙ අකමැත්තෙන් එන ගමනක් ඔය..

අම්මිත් අනෙ මන්දා..එයා හොදාකාරවම දන්නවා පපා එයා නැතුව ඉන්නැ කියන විත්තිය..දොර අස්සෙ ඔක ගැන කල්පනා කර කර ඉද්දි ෆොන් එක කට් කරපු පපාගෙ කෙන්තිය පිට කලෙ මගෙන්...

මන් ඔලුව කස කස ඇතුලට ඇවිත් ඇදේ වාඩිවෙලා එයාගෙ උකුලෙන් ඔලුව තියාගත්තා...

සුවදයි....අම්මෙක්ගෙ සුවදයි...

" දැන් එතකොට පපා එනවලුද.."

" ඔව් ඔව් බන්..එනවලු පිස්සු මිනිහා..බලපන් වෙලාව කීයද කියලා..මෙහෙට එද්දිම පාන්දර වෙයි.."

"ඔයා දන්නවනෙ පපා ගැන..කලින් අහපු වෙලෙ එන්න දුන්නා නම් ඉවරනෙ අම්මි.."

"හ්ම්..හදන්න බැ එයාව නම්.."

" පව් අම්මි..පපාට ඔයා නැතුව බෑ..ඔයා රට ගිහින් සති ගණන් ඉද්දි එයා උපරිම ඔයා නැතුව ඉදියෙ දවසයි දෙකයි..නැති වැඩත් හදන් ආවෙ ඔයාව හොයන්..රට එන මනුස්සයාට නුවරඑළිය මොකද්ද අනෙ...එන්න පල්ලෙහාට..සංතුෂයාව අල්ලගත්තා සිංදුවක් කියොගන්න...ආ ඊට කලින් මගෙ ඔලුව ටිකක් අතගාන්න.."

" ආ සපුමල් කුමාරයා මල් යහානාවෙන් බිමට වැඩියාද...යසයි යසයි..ආපු වෙලාවෙ ඉදලා ඕකා බුදිමයි..ඌව එක්කන් ආවාට වඩා හොදයි බල්ලෙක් අරන් ආවානම්..අඩුම තරමෙ උ කොහෙවත් නොයා මන් ගාවින් ඉදිවිනේ නැට්ට වන වන.."

" ඌ ඊයේ නිදි මරලාද කොහෙද..ගෙදර ආවෙත් තුනයි ගානටනෙ..පපා තමා දොර ඇරලා තින්නෙත්..."

"හරියන්නැ මේක අපෙ කැල්විනයාට කියන්නොනේ මූව ගෙන්න ගන්න කියලා..මෙහෙ ඉදලා මු ක්ලබ් ගානෙ ගිහින් විනාස වෙනවා..ඉදින්කො අක්කා කොල් එකක් ගත්තාම මන් කියන්න.."

" සංතුෂයා මෙහෙ වැඩකටනෙ ආවෙ අම්මි..අනික උ හැමදාම ක්ලබ් යන්නෙත් නැ...එ ගියා කියලා මුට කෙල්ලෙකුත් නැනෙ...එහෙ ඉද්දිත් මු දවසෙ ගෙව්වෙ ඔය ක්ලබ් ගානෙ තමා..

"හ්ම් හ්ම්..කො අයින් වෙයන්..යමු පල්ලෙහාට..උට බඩගිනිත් ඇති.උට කැව්වා නම් හරි.."

"කවන්න ඌ බබාද..උට අත් දෙකක් තියෙනවානෙ.."

"අයියාට ඉරිසියා නොකර ඉදු පොඩි එකො..කො යමු ඉතිම්.."

ගිනි මැලය වටේ වාඩිවෙලා ඉදපු අපි සංතුෂයාගෙ ගායන දක්ෂතා නැරඹුවා..අම්මි එ අස්සෙ කාපු නැති උගෙ බත් පිගාන මෙතනට උස්සන් ඇවිත් උක්කුන් බබාට කවනවා...

"ඇති මාමි.."

"කො කො මෙ අන්තිම කට..ආ ගාපන් ලොකුවට...ඇද්ද තව ගේන්නද.."

"ඇති.."

"හ්ම්..මෙ වතුර එක බොන්න..මන් අත හෝදන් එන්නම්.."

ටිකකට කලින් ඇතුලට ගියපු දුසෙ අංකල් වයින් බොතලයකුයි ග්ලාස් හතරකුයි අරගෙන එතනට ආවෙ අම්මි ඇතුලට යනවත් එක්කමයි..

වයින් ග්ලාස් එකක් අරන් එක හුස්මට ගහපු ලොකු බොසා ගිටාර් එක අතර අරන් ප්ලේ කරා...

" ලොකු බොසා..සිංහල එකක් කියපන්.."

"හ්ම්.."

ගිනි මැලය වටේ මම අම්මි ලොකු බොසා දුසෙ අංකල් රවුමට වාඩිවෙලා ඉදියෙ..

හිරු මැකී යයි නීල අහසේ

සේද මීදුම් මායිමේ

නිමාවී යයි මේ වසන්තේ

යලිත් නොම එයි කිසි දිනේ

ගිණි කඳු පුපුරා

ලෝදිය ගලනා තරම්

රිදුම් දෙයි ආදරේ

නෙතු සලා හමුවෙලා

සුසුමකින් වෙන් වුනා

නෙතු සලා හමුවෙලා

සුසුමකින් වෙන් වුනා

සංතුෂ් ඇස් පියාගෙන සිංදුව කියද්දි ඒකට ගැලපෙන්නම එයාගෙ මුණේ හැගීම් වෙනස් වුණා..එ දිහා බලන් ඉදපු මටත් සිංදුවෙ ගැබ් වෙලා තියෙනවට වඩා වේදනාවක් දැනෙද්දි මන් බැලුවෙ දුසෙ අංකල් දිහා..

එයා වයින් ග්ලාස් එක අතේ රදවගෙන පපුවට අත්බැදන් සංතුෂ් දිහා බලන් උන්නෙ රතූවුණ ඇස් වලින්...එයා මූණ කියවගන්න නොතෙරෙන හැගීම් වලින් පිරිලා තිබුණා..

දුකක් නෙමෙයි..එත් දුකක් නොවන දුකක් එ මූණෙන් දිස් වුණා...

තුෂර පින්නේ

පැතුම් ඕවිල්ලේ

ඔබේ සෙනෙහේ

ඔහු හදේ රැඳුනේ

එදා මතකය සිතේ අහුරා

එදා මතකය සිතේ අහුරා

කාටවත් නොපෙනී අඳුරේ

ඉකිබිඳිමි රහසේ

නෙතු සලා හමුවෙලා

සුසුමකින් වෙන් වුනා

නෙතු සලා හමුවෙලා

සුසුමකින් වෙන් වුනා

සිනහ කඳුලේ

දෙනෙත් දොවමින්

දුටුව සිහිනේ

නෙත් වැසුනු අඳුරේ

ඈත මීදුම් අතර සඟවා

ඈත මීදුම් අතර සඟවා

යන්න ප්‍රිය ලඳුනේ

හද සුසුම් පවනේ

රැගෙන මා සුභ පැතුම්

හද තුටින් යනු මැනේ

රැගෙන මා සුභ පැතුම්

හද තුටින් යනු මැනේ.........

" වාව්..වාව්..එක මරු...තව එකක් කියමු කොල්ලො..තේජුවො මොකද උබ නිදිකිරනවද.."

"නැ නැ අම්මි.."

"තව එකක් කියලා යමල්ලා නිදාගන්න..හෙට උදෙන්ම යන්නොනෙ නෙද..අර කොහෙද වලව්වකටත් යනවා කිව්වානෙ..."

" හ්ම්..නුගවෙල වලව්වට අනෙ..පපා එයි නෙද...එයා එනකන් ඉමු.."

" පපා එනකන් උබ ඉන්නෙ බිබික්කන් කන්නද..මන් ඉන්නවානෙ උබලා දෙන්නා ගිහින් නිදාගනින්..මේකාට නම් නිදාගන්න බැරුවැති..කොහෙට නිදාගන්නද මෙච්චර වෙලා සැතපිලානෙ උන්නෙ..ඔය ඇති බිව්වා දැන්..මෙහෙ දිපන් ඕක.."

සිංදුව ඉවර වෙනවත් එක්කම එක හුස්මට සොට් දෙක තුන දීලා අරින සංතුෂයාගෙ අතේ තිබ්බ ග්ලාස් එක අම්මි උදුර ගත්තා...

තව එක සිංදුවකට පස්සෙ අපි කට්ටියට ඇතුලට ගිහින් නිදාගත්තා..අම්මි නම් පපා එනකන් ඇහැරිලා උන්නෙ..ඩැඩීට වීඩියො කෝල් එකක් ගත්තු මට එහෙම්ම නින්ද ගිහින් තිබුණා...

______________________________

"අන්තෝනියො.........."

"බුද්දදාස මහත්තයා........"

" සුදු බෙබී..මන් ආවොහ්හ්හ්.."

"අනෙහ් මගෙ පැංචෝඕඔ.."

මාස ගාණකට පස්සෙ නුගවෙල වලව්වට අඩිය තියාපු මන් වාහනෙන් බහිද්දිම වත්තෙ මල් පැලේකට සාත්තු කරන් උන්න සුදු බේබියාව දැක්කා..බේබිත් මාව දැකලා මාව අදුනගත්තා..

අපි දෙන්නාම සාරුක් කාජල් වගේ අත් දෙක දෙපැත්තට දික් කරන් දුවන් ආවා..

ආආඅ....කබි කුෂි කබි ගම්...

බේබි ගාවට ලංවුණ මන් බෙබිව උස්ස ගත්තාම එයා මගේ ඔලුව වටේට අත් යවලා බදාගත්තා..

" එව්ව්ව්..මේ මොන නෛයාඩගමක්ද මේ...එව්ව් එව්ව්..කවුද මල්ලි මෑ.."

වාහනෙන් බැස්ස අම්මි අපි දිහා බලාගෙන ඇද කරද්දි දුසෙ එක්ක සංතුෂයා වලව්ව පැත්තට ඇවිදන් ගියා...

" සුදු බේබි..ඔයාට කොහොමද..ලස්සන වෙලානෙ කොල්ලා..ආව් ආව්.."

"අනෙ..පිස්සු කොල්ලා..මන් හොදින් ඉදියා පැට්ටො..ඔයත් හොදින් ඉදියා නේද..."

"ආයෙ ඉතිම් ජිවිතෙ මල් තමා..ඉතින් ඉතින්..කොමද ජීවිතේ..මොකෝ වෙන්නෙ.."

"ජීවිතේ ගැන නම් අහන්නෙපා කොල්ලො..සිද්ද වුනෙ වචනෙන් විස්තර කරන්න අමාරු දේවල්.."

සුදු බෙබියාව බිමින් තිබ්බ මන් එයාගෙ කරට අත දාගෙන වලව්ව පැත්තට ඇවිදන් ආවා.. අම්මි මගෙ පිටිපස්සෙ ඇවිදින් මාව කෙන්ත්තුවා..

"ඌයිහ්..අම්මි මොකද අනේ.."

"මොකද අහන්නෙ..තැනකට ආවාම හැසිරෙන විදිහ දන්නැද්ද.."

පිටිපස්ස හැරිලා අම්මිට කතා කරද්දි එයා මගෙ අත මිරිකලා මගෙන් හැසිරෙන්න දන්නැද්ද ඇහුවා..ඕකනෙ බැරි ඉතිම්...

" මේ ඔයාගෙ අම්මිද පැටියො..එයාව හම්බුනාද.."

"ආහ්හ්...නැ නැ සුදු බේබි..මෙ අම්මි...තාත්තිගෙ හොදම යාලුවා..මෙයා ගැන මන් ඔයාට කිව්වානෙද..මාව බලාගත්තෙ මෙයාලා කියලා.."

"ඔහ්..මෙ එයාද..තමාල්..මන් හරිනෙ.."

"අම්මි...අම්මි...අම්මි.."

"ඔහ්..ඔ..තේජූ මේයා..."

මගෙ කනට ලංවෙලා කුටු කුටු ගාලා බැනපු අම්මිට සූදු බේබි කතා කරා..සුදු බේබිව දැකපු අම්මි එකතැන ගල් වුනේ වචනයක්වත් නොකියා..මන් හිතන්නෙ එදා මන් වගේ අද අම්මිත් සුදු බේබිව දැකලා තාත්ති කියලා හිතන්න ඇති......

" තාත්ති වගේ නෙද අම්මි..සුදු බෙබිව දැකපු මුල්ම දවසෙ මාත් රැවටුනා.."

" මගෙ පුතේ..උබ කියන්නෙ මෙ සප්ත නෙමෙ කියලාද.."

"ඔව් අම්මි..මේ නුගවෙල වලව්වෙ නිහාර හාමුව බදින්න ඉන්න කෙනා.."

" විහාරව පැටියො..."

" අ..විහාරද..නිහාර විහාර දෙකම එකවගේනෙ..මට ටැපලුනා.."

අම්මි ශොක් වෙලා වගේ..මගෙ අත් දෙක අල්ලගෙන අහනවා මෙ තාත්ති නෙමෙද කියලා..මට තෙරෙනවා අම්මි ඔයාට දැනෙන දේ..මොනවා කරන්නද එත් මේ එයා නෙමෙයි......

" සමාවෙන්න..මෙ..මන් හිතුවෙ මගෙ යාලුවා කියලා..මම තමාල්..තේජුගෙ අම්මි.."

"ඒකට කමක් නැ අයියේ..මට තේරෙනවා..එදා මෙ කොල්ලා හැසිරුනේ ඔයිට හපන් විදිහටනෙ..නෙද..ඔයාව හදුනා ගැනීම සතුටක්..තේජු මට ඔයා ගැන හුගක් දෙවල් කියලා තියෙනවා...එන්නකො අපි ඇතුලට යමු..පැටියො එන්න.."

සුදු බෙබි අම්මිගෙ අතෙන් අල්ලන් වලව්ව ඇතුලට එක්කන් යද්දි එ පස්සෙන් මාත් ගියා..

වලව්ව ඇතුලට ගිහින් අපි වාඩිවෙද්දි

නිහාර හාමුවාව පාස් කරන් ගියපු සුදු බේබි විහාරහාමු ගාවින් වාඩිවුනේ මගෙ කට හායි ගාලා ඇරෙද්දි..

පොඩ්ඩක් ඉන්න..කණ්ණාඩි දාලා කොන්ඩෙ වවන් ඉන්නෙ නිහාර හාමුව..එයාව තමා බෙබි බදින්න ඉදියේ..එතකොට අර ඉන්නෙ රතු ඉන්දියන් කාර කුකුලා..එයාගෙ මරුමුස් මුහුණයි නිහාර හාමුවාගෙ සුන්දර මූණයි මට හොදට මතකයි...

එත්..මන් එදා එද්දි සුදු බෙබි ඉදියෙ නිහාර හාමු ගාව..එත් අද ඉන්නෙ විහාර හාමු ගාව...මෙ මොන වේසකමක් ද..සුදු බෙබියා එකගෙයි කනවාවත්ද?..

හරිම වේසයි අනෙ...

මෙලො හත්තිලව්වක් තෙරුම් ගන්න බැරුව මන් ඔලුව ගැසුවා..මට සික් එක වගේ දැන් නම්..මෙ ගැන අහන්නම ඕනේ..අනෙහ්..එලෙස කෙලෙස අනේ...සුදු බේබියා විහාරට හේත්තුව දාන් ඉද්දි නිහාර හාමුවත් ගාණක් නැතුව පැත්තකට වෙලා ඉන්නවා..

එයාලා මොන මොනවදෝ කතා කලා..එත් එ කිසිම දෙයක් මගෙ ඔලුවට ගියෙ නැ..මම ඉදියේ මේ ලොකේ එකෙක් නොවන ගාණට...

එයාලා කතා කරලා අවසානෙ මොනාදො ඩොකිව්මන්ස් වගේකට සයින් කරලා බීමත් බිලා අපි එලියට ආවා..මට තාම බැරිවුනා සුදු බෙබිව තනිකරගන්න..මෙයා විහාරට ඇලවිලා වගේනෙ ඉන්නෙ..විහාර හාමුවාගෙ බැල්ම බලපන්කො අඩෙහ්..අනිත් අයට නොපෙනෙන්න මුකුලුත් කරනවා...

එසේ මෙසේ වේස කමක් නෙමෙයි මෙක නම්...එව්ව් එව්ව්..අනෙ මාව මෙතනින් එක්කන් පලයල්ලා මොකෙක් හරි..මට බැරියො...

" එහෙනම් විහාර අපි යන්නම්..වෙන දවසක එන්නම් ටිකක් ඉදලා යන්න..මෙයාලාව තව එක තැනකට එක්කන් යන්න තියෙනවා..එ හින්දා පරක්කුයි..තේජූ අපි යමු නේද.."

බැ බැ දුසෙ අංකල් දැන්ම යන්න බැ..කොහෙත්ම බැ...අනික තව තැනකට යනවා කියලා ඔයා කලින් කිව්වෙත් නැ..සුදු බේබිගෙයි විහාරයාගෙයි සීන් කොන් එක දැනගන්නැතුව මන් මෙතනින් අඩියක් හෙලවෙන්නෑ...අනේ මට බැ..

ඔන්න..ඔන්න අපි යනවා කියද්දි සුදු බේබියා දොන්ත මූණ දාන් මා දිහාවට එනවා...

වරකො වරකො..මන් අල්ලගන්න තමා ඉදියෙ...

" අනෙ පැටියෝ..ඔයා යනවද අනෙහ්හ්..ම්හුක්.."

"උහුක් බුහුක් නෙමෙ බේබියේ..මොකද්ද මෙ වෙන්නෙ ආ..ඔයයි අර ගිනිපුග්කාරයයි එකට..නිහාරයා එක්ක නෙද ඔයා ඉදියේ..මට පොඩ්ඩක් කියනවද මෙ මොකද්ද වෙන්නෙ කියලා.."

"හයියො..එක දිග කතාවක් අප්පාවෙ...මෙහෙම කියන්න බෑනෙ...මන් දැන් ඉන්නෙ විහාර එක්කනෙ..ම්හුක්...ඔයා ආයෙ දවසක එන්න..මන් ඔක්කොම කියන්නම්...හාද..."

"අනෙ..ඔයා නම් මාරයි සුදු බේබියො..හා මේක අහගන්න මන් තකහනියක්ම දවසක් දාගෙන එන්නම්..පරිස්සමෙන් ඉන්න..එව්ව් ඇයි අනෙ විහාරම.එව්ව් මන් යනවා යන්න.."

"එයාට මුකුත් කියන්නෙපා හරිද..ම්හුක්..යනවා කියන්නෙපා ගිහින් එන්නම් කියන්න..මන් බලන් ඉන්නවා හොන්ද.."

" හරි හරි ගිහින් එන්නම්..අරගොල්ලො වාහනේට නැගලත් එක්ක..මන් යනවා බුදුසරණයි.."

සුදු බේබිව හග් කරලා එයාට වැදපු මන් වාහනේට නැගලා වත්තෙන් එලියට යනකන්ම එයාට අත වැනුවා..

ඒගමන දුසෙ අංකල් අපිව කොහෙද මෙ එක්කන්  යන්න හදන්නෙ...

" අංකල්..අපිට තව ගමනක් යන්න තියෙනවා කියලා ඔයා කලින් කිව්වෙ නෑනේ..කොහෙද දැන් යන්නෙ.."

" ගිහින් බලමු බේබි බෝයි..මේක මගෙන් ඔයාට ඉටුවෙන්න තියෙන අවසාන යුතුකම..එදා මැරෙන්න ගිහිල්ලාත් මන් ආපහු ආවෙ මේක ඉටුනොකර යන්න බැරි හන්දා.."

" මොකද්ද රාහුල් අයියේ ඒකෙ තේරුම..ඔයා මගෙ කොල්ලාව කොහෙද එක්කන් යන්න හදන්නෙ මේ.."

" තේජු යන්නෙ එයාගෙ සීයාව බලන්න..අපිට එහෙ ගිහින් කරන්න ලොකු වැඩක් තියෙනවා.."

සීයා..සියා කිව්වෙ ආර්ය බොසාට වෙන්න බෑ....තාත්තිගේ තාත්තා ද?..අශ්වින් සීයා...මන් අහලා තියෙනවා එයාලාගෙ වලව්ව තියෙන්නෙත් මෙ හරියෙ කියලා..එත් එහෙට යන්න ආසාවක් මට කවදාවත් ඇතිවෙලා නැ..

අපි එයාලා එක්ක තිබුණ සම්බන්දේ නවත්තලා හුගක් කල්..එ මූණූ දැන් අදුනගන්නත් බැරුව ඇති..තාත්ති නැතිවුනත් හරි අශ්වින් සීයා මාවත් අත්හැරියා..එ කරලා එයා මෙ වලව්ව බලෙන්ම අයිති කරගත්තා..ආර්ය සීයත් මුකුත් කලෙ නෑ..මොකද පවුල්  දෙකේම දේපල මට අයිති වෙන නිසා ආර්ය සීයත් විකියාගෙ අම්මන්ඩි වගෙ මට වෛර බදිවි කියලා හිතාගෙන අශ්වින් සීයාට මෙ ඉඩම් අරගන්න දුන්නා..එදා ලොකු වලියකින් පස්සෙයි එයාලා එ තීරණේ අරන් තියෙන්නෙ..එදැයින් පස්සෙ එයාලාවත් අපිවත් සම්බන්දකමක් පවත්වන්න හැදුවෙ නැ..

අවුරුදු ගාණකට පස්සෙ අපි ආයෙ එහෙ යනවා..මගෙ හිතට හරි අමුතුයි..මොකද්දො කලබල ගතියක් දැනෙනවා..

" මොකක්..අර නාකියාගෙ ගෙදරද..රාහුල් අයියේ කරුණාකරලා වාහනේ හරවගන්න..දෙයියන්ගෙ නාමෙට අපිව ආපහු එක්කන් යන්න..මගෙ කොල්ලාට උන්ව ඕනෙ නැ..ඒ ජරා මිනිස්සුන්ගෙ බැල්මක්වත් මගෙ දරුවාට වැටෙනවට මන් කැමති නෑ..."

" එ මිනිස්සුන්ව ඕන්නැති වුණාට තේජුට උරුම දේවල් අපි අරගන්න ඕනෙ තමාල්.."

" නැ මගෙ කොල්ලාට මෙ තියෙන දේවල් හොදටම ඇති..රාහුල් අයියේ..මන් මේ වගක් දන්නවා නම් මගෙ මනුස්සයාව උදෙන්ම යවන්නැතුව තියාගන්නවා..මගෙ අයියා වුණත් මේකට කැමතිවෙන්නැ..රාහ අයියේ මන් මෙ ඔයාට හොදින් කියන්නෙ..මගෙ කොල්ලාව එහෙට යවන්න බැ..එච්චරයි.."

"මන් යන්නම්.."

"තෙජාන්!!..උබ මගේ කීමට පිටින් යන්නද හදන්නෙ.."

මේ ගමන එක්කන් යන්න එපා කියලා දුසෙ අංකල්ට අම්මි බනිද්දි අශ්වින් සීයාගෙ ගෙදරට මට යන්න ඕනකමක් දැනුන නිසා මන් යන්නම් කිව්වා..එත් එක්කම අම්මි මට කාලෙකින් නම කියලා කෑගැහුවා..

එයා ඔහොම කතාකරන්නෙ හුගක් කෙන්ති ගියහාම..

" අපි ගිහින් බලමු අම්මි..මුකුත් වෙන්නැ මට බයවෙන්නෙපා.."

" තේජාන්..උබ...ආර්හ්..කියලා වැඩක් නැ..උබත් උබෙ නැතිවුණ මහා එකා වගේ..උබට කොහොමත් දැන් ලොකු වෙයි උන්ව..මන් කියන දෙ අහන්නෙපා..මන් ආයෙ මුකුත් කියන්නෙත් නැ උබට..ඔච්චරම ඕනකම තියෙන හන්දා ගිහින් බලමුකො..යමන්කො..මන් ඔය නාකි බල්ලාට දෙකක් ඇණගන්න බැරුව ඉදියෙ..යමන්කො යමන්කො.."

අම්මිව යාන්තම් කැමති කරවත්තාට පස්සෙ පැයකින් වගේ අපි ලොකු ගේට් එකකින් ඇතුල් වුනා..

එච්චර ගාඩ් එකක්..අපිව ඇතුලට ගත්තෙත් දුසෙ අංකල් මොකද්දො මන්දා පාස් එකක් පෙන්නුවට පස්සේ..

අශ්වින් සීයා කවද්ද VIP වුණේ..

ගේට් එකෙන් ඇතුල් වුණේ ලොකු පොල්වත්තකට..එක මැද තියෙන පාර දිගේ කෙලවරටම ගියහාම තව ගේට් එකක්...

යකො...අපි යන්නෙ අශ්වින්ගෙ  ගෙදරටද නැත්තම් ජනාධිපතිගෙ නිල නිවසටද..අනික STF එකේන් ගාඩ් කරන්න දාලා තියෙන්නෙත්..

එ ගේට් එකටත් මොකද්දො පෙන්නුවාට පස්සෙ අපිව ඇතුලට එව්වා...

අම්මියි මායි දෙන්නාම පුදුමෙන් වට පිට බලනවා..දුසෙ අංකල් නම් මේක බලාපොරොත්තුවෙන් ආපු බවක් පේනවා..එතකොට අනිකා..අනෙ උ ගැන කතා කරලා වැඩක් නැ..ෆොන් ලබ්බ කොට කොටා ඉන්නවා කොට්ටොරු පකෙක් වගේ...

වාහනෙ ටිකක් දුර ආවාට පස්සෙ ආර්ය සීයාගෙ මහා වලව්ව තරම් විශාල ගෙයක් ගාවින් නතර වුණා...

" ඇ බන් තේජුවො..එ නාකියා කවද්ද මෙච්චර පොහොසත් වුණේ..මහා ධන නිදානයවත් පහල වෙලාද.."

" දන්නැ අම්මි..මෙච්චර දෙවල් කරපු මට මෙ මනුස්සයා ගැන හොයන්න අමතක වුණ එකට මන් හුගාක් පසුතැවෙනවා..මට කොහොමද එයාව මිස් වුණේ..ශිට්.."

"හරි හරි..යමන්කො..ගිහින් බලමුකො..උ මොකාටද එන්න හදන්නෙ කියලා.."

අපි වාහනෙන් බැහැලා ඉස්සරහට ඇවිදන් යද්දි කලු ඇදගත්ත මනුස්සයෙක් ඇවිත් දුසේ අංකල්ට මොනවද කිව්වා..දුසෙ අංකල් එයාට අපිව පෙන්නලා මොනාදො කිව්වා..ඊටපස්සෙ එ මනුස්සයා ඔලුව වනලා අපිට ඇතුලට යන්න ඉඩ දුන්නා..

" බේබි බෝයි..මගෙ වැඩ මෙතනින් ඉවරයි..ඔයාලා ඇතුලට යන්න..."

" ඇයි අංකල් ඔයා එන්නෙ නැද්ද..."

"ඔය දෙන්නා ගිහින් බලන්න..ප්‍රශ්නයක් වුනොත් බයවෙන්න එපා..මගෙ ගාර්ඩ්ලා මේ අවට ඉන්නවා..මගෙ කිව්වාට එයාලා දැන් ඔයාගෙ.."

දුසෙ අංකල් අම්මිවයි මාවයි ඇතුලට එවලා මගින් නතර වුණා...

අර මනුස්සයා අපිව එක්කන් ගිහින් වහාලා තිබුණ දොර ඇරලා ඇතුලට යන්න දුන්නා..

එ කරලා ඒකා කාටදො මන්දා කතා කලා..

" පුංචි මහත්තයෝ..මේ ලොකු හාමුව බලන්න කවුද ඇවිත්.."

" අශ්වින් අංකල් ගෙදර නැද්ද.."

එ මනුස්සයා කාටද කතා කරලා එහෙම කියද්දි අම්මි උගෙන් සීයා නැද්ද ඇහුවත් ඌ නෙමෙ ගණන් ගත්තේ..

මේ පගයාට මම...දෙන්නම් තොට ඉදපන්..

ඒත් එක්කම උඩ තට්ටුවෙ දොරක් ඇරිලා වැහෙන සද්දයක් ඇහුනා..කවුරු හරි පඩිපෙල බැහැගෙන එන සද්දෙ ඇහිලා අපි එ දිහා බැලුවා...

සුදු කලිසමකට සුදු සිල්ක් කමිසයක් ඇදගෙන සුදු පාටින්ම දුහුල් ශෝල් එකක් ඇග වටේ ඔතාගෙන එ කෙනා අපිට පිටුපාලා පහලට බැස්සා..

මන් දන්නෑ මෙ කෙනා කවුද කියලා..එත්..ජිවිතෙ පලවෙනි වතාවට මගේ හදවත මෙච්චර රිදුම් දෙන්නෙ ඇයි..

එයා පහලට එනවත් එක්කම එයාගෙ සුවදෙන් සාලෙම පිරිලා ගියා..ඒ සුවද...ආත්ම ගාණක් හුරු සුවදක් වගේ දැනෙන්නෙ ඇයි මට...

මගෙ අත ඉබේටම මගෙ පපුව උඩ නතර වුනා..හරියටම හදවතට උඩින්..

මොකද්ද මෙ මට වෙන්නෙ...

එ කෙනා පඩිපෙල බැහැලා අපි ඉන්න දිහාවට හැරිලා ආවා...

එයා අපෙ දිහාවට ඇවිදන් එනවත් එක්කම මන් අඩියක් පස්සට ගත්තා...

මෙ වෙලාවෙ මට දැනෙන්නෙ මගෙ ආත්මෙම මාව අත්හැරලා දාලා යන්න හදනවා වගේ..මගෙ හදගැස්ම එන්න එන්න වැඩිවෙනවා..මාව උමතුවේගෙන එනවා..කොටින්ම එයා මගෙ ලගට එනවා දැකපු ඇස් වලින් කදුලු අවසරයක් නැතුවම කඩන් වැටෙනවා..මගෙ හුස්ම හිරවෙන්න ආවා...

අපි දිහාවට ආපු එයා අපි විස්සක් එහායින් නතර වෙලා අම්මි දිහා බැලුවා..

අම්මි...මට වඩා අන්ත විදිහට එයා මේ වෙලාවෙ හැසිරෙන්නෙ..අනෙ එයාව ගැහෙනවා...

" තමාල්...."

අපෙ හුස්ම වැටෙන සද්දෙ විතරක් ඇහුන මෙ වටපිටාවෙ එයා අම්මිගෙ නම කතා කරද්දි එක වටේට දෝංකාර දුන්නා..ඊටත් වඩා එ නම මගේ කන ඇතුලේ දොංකාර දෙන්න ගත්තා..

ජීවිතේ දෙවනි වතාවටත් මන් රැවටෙන්නද හදන්නෙ..එදා වගේ අදත් මේක මගේ හිතලුවක් විතරමද..

කදුලු පිරුනු ඇස් වලින් මන් අම්මි දිහා බැලුවෙ මේක ඇත්තක් නේද කියනෙක තහවුරු කරගන්නයි..

මන් බලනවත් එක්කම අම්මිත් මා දිහා බලද්දි ඒ ඇස් අඩනවා දකිනවත් එක්කම මට ඕන කරපු උත්තරේ මන් දැනගත්තා...

ඉතිම් මන් තව ඉවසන්නෙ කොහොමද...

අඩියට දෙකට එයා ගාවට දිව්ව මන් අනවසරෙන්ම එයාව තුරුල් කරගත්තේ ඇස් වැලපිලා හඩා වැටෙද්දී...

දෙවියනේ මෙ සුවද..මේ එයාමයි...මේ එයා තමයි...ඔව් ඔව් මේ එයා..තව සැක කරන්න දෙයක් නෑ..මෙ සුවදින් මන් එයාව අදුන ගන්න පුලුවන්...

දෙවියනේ...මේක හීනයක්ද..

තප්පර ගානක් මන් එයාව එහෙම වැලදගෙන ඉද්දි එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති තැන එයාගෙන් ඈත් වුණා...

එයා මාව අදුන ගනීවිද..

තාත්තී...මේ මම ඔයාගෙ චෑම්ප්නේ...ඔයාගෙ පණ කියලාත් කිව්වා මට...

මගෙ අඩන ඇස් දිහා එයා බලන් ඉදියෙ හැගීම් මැරුණ හිස් බැල්මකින්..මන් දන්නැ..මට රිදෙනවා..එවගේම අනිත් පැත්තට මගෙ හිත සතුටෙන් පිනුම් ගහනවා..මට..මට මේක අදහා ගන්න බෑ....දෙවියනේ මන් එයාව හොයාගත්තා...

" තාත්-"

චටාස්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

මන් හීන මැව්වා..මෙ දවස ගැන මන් මහා ලොකු හීන මැව්වා..තාත්තිව හම්බුන දවස ගැන මන් ලොකුවට හිතුවා..කවුරු හරි ඇහුවොත් මගෙ ලොකුම හීනෙ මොකද්ද කියලා මන් කියන්නෙ මගෙ තාත්තිව හොයාගන්න එක කියලා..

එත්...එත් මන් හීන මැව්වෙ මාව අදුනගෙන එයා මාව ආදරෙන් තුරුල් කරගනීවි කියලා වුණත් එයා කලේ මගේ මුහුණ පොඩ්ඩක් සැරෙන් අතගාපු එක...

නෑ ඒකට කමක් නැ..ඔව් එකට කමක් නැ තාත්තී...මන් තරහා නැ...

වේදනා දෙන මගෙ කම්මුල අල්ලගත්තු මන් එයා දිහා බලලා ලාවට හිනාවුණා..

ඒත් එක්කම මගේ ෆෝන් එක වයිබ්‍රේට් වෙද්දි ස්ක්‍රීන් එක උඩ අප්පච්චි කියන නම ලොකුවට වැටිලා තියෙනවා දැකපු මට ආයෙම ඇඩෙන්න ගත්තා..

" හෙලො..මගේ පුතේ.."

"අ..අ..අප්..අප්පච්චි.."

"චෑම්ප්..මගෙ වස්තුව..මොකද වුනේ...ඇයි මේ..මගෙ මැණික..මොකක් හරි වුණාද...අප්පච්චිව බය නොකර කියන්නකො මැනිකේ.."

" අ..අප්පච්චි එයා...එයා ඉන්නවා..."

_______________________________

හෙලො මගෙ රත්තරන් යාලුවෙ..මන් ආවා..🙊

පරක්කු වුනාට සමාවෙන්න..මන් දන්නවා මන් හරීයට බොරු කිව්වා..ම්හුක්..

නැ අනෙ..මට දෙන්න බැරිවුනෙ එක එක වැඩ වැටුනා..මෙක කොටන්න හදනකොටම බල්ලෙක් හරි බුරනවා ඇවිත්...

අනික මෙ ටිකෙ මගෙ මූඩ් එක හොදනැ..සමාවෙන්න..රයිටින්ග් බ්ලොක් එක ඇත්තටම හිතන තරම් ලේසි නෑ..

කොමහරි මන් ඔන්න පන්දාස් පන්සිය පනින්නම දුන්නා...

😘  ඔන්න සපාසිස්  එක...

ඊලග එක තවත් රසවත්😌

ඉතිම්

මන් ප්‍රශ්නයක් අහන්නද..

මෙ කතාවෙ වැඩිපුරම ආදරෙ ලැබෙන්න ඔන කාටද?

මෙ කතාවෙ ආදරෙ වැඩියෙන්ම ලැබුනෙ කාටද ?

ම්ම්ම් උත්තරයක් දෙන්න...එ එක්කම අදහස් ටිකත් කියන් යන්න

සතුටු හිතෙන කාරනයක් කියන්න..

මෙක තව කොටස් දහයකින් වගේ ඉවර වේවි..සමහර විට ඊටත් කලින්🙊🙊

ඊලග එක අරන් ඉක්මන්ට එන්නම් කියන්න බැ..එත් මන් එන්නම්.❤️

ඔයාලාට මෙකෙන් පස්සෙ මගෙ දේවදාර කතාවට එකතුවෙන්න පුලුවන් 😘...ඔයාලා ආවොත් මන් සතුටෙන්..එක දැනටමත් එපි හතක් වගෙ දාලාඅතින්නෙ..

අනෙ බලන් ඉන්න දුන්නාට සමාවෙන්න..මෙකෙ වැරදි ඇති මන් ආයෙ කියෙව්වෙත් නැ..එවා පොඩ්ඩක් මෙව්ව කරගන්න හොදෙ👉👈

එන්නම්❤️

ආදරෙයි ❤️❤️❤️

_Goj0_

Previous
Last

Share This Chapter