Back
/ 41
Chapter 27

විසිහයවෙනි කොටස

No more | Ongoing

ගෙදරට ආවත් අර නිශාදිගෙ කකුල උලුක් වෙලා කියල කෑ ගහද්දි මෙහේ නැන්ද එක්ක විනුද්ට වෙද ගෙදරටද කොහෙද යන්න උනා වෙද්දි මගේ හිත රිදුනදෝ හිතල චූටි මොනව හරි කියන්න හැදුවත් මං ඔලුව රිදෙනවා කියල නැන්දටත් කියාගෙන කාමරේට ඇවිත් හාන්සි උනා... නැත්තන් කනකන් කෑ ගහනවා

කන්න බඩගින්නකුත් නෑ... ඇස් දැවිල්ලයි ...

ටිකකින් පෝන් එක රින්ග් උනා... මෙලී

"මොකද්ද අනේ වීඩියෝ ඔන් කරපන්කො "

"අ..අපි ගෙ..දර ආ...වා "

"......"

"ම්..මෙලී..."

" මොකක්ද උනේ මැනික "

"ව්...විනු..ද් එ එයාව මට හ...ම්බෙන්නෑ කි..යල දන්නවා.... ඒත්.. මෙ..ච්ච..ර ඉක්මනට එ...යාව නැ..ති..වෙන..ව හිතෙද්දි රිදෙන..වනෙ... එ එයාල හොදටම ගැලපෙනවනෙ... මට දුකයි...නෙ මං ක් "

" අනේ අහන්නකෝ මැනික... හොද හුස්මක් ගන්නකො ඔයාට අඩන්න හොද නෑ... ශිට්... ඔහොම ඉකි ගහන්නෙපා දෙයියනේ ....කෝ කියන්නකො චූටි කතා කරන්නකො එයාට "

" මට බ්..." ටීක් ටීක්

මෙලී පෝන් එක කට් කලා .... එයාට වැඩක් ඇති ... මං විකාර කියවන්නෙ...

ඉකිගැහෙන එකේ ඉවරෙකුත් නැති වෙද්දි මං එහෙම ම ඇදෙන් හාන්සි වෙලා කොට්ටයක් බදාගත්තා තාමත් අර ඇදුම් ඇදගෙන අලගෝනියක් වගේ

එකාතකට මෙහෙම වෙද්දි මට දරාගන්න පුලුවන් වෙයිනෙ.. නැත්තන් මං විනුද් ට තව බැදුනොත් මේක මීට වඩා තව අමාරු වෙනවනෙ... ඒත් මගේ පපුව රිදෙනවා .... අනේ එයා කිව්වනෙ මට ආදරෙයි කියල ... මං ආදරේ නොකලත් ආදරේ කරනව කිව්ව... එයා මාව බලාගත්තු විදිහවත් මට මතක තිබුනනම්.... මං ආදරෙයි විනුද් ඊටත් වඩා මං හරි ලෝභයි දෙයියනේ මට රිදෙනවා නෙ...

" සුදු අයියේ !..." මාවි !!"

ඒ එක්කම දොරට ගහන චූටිගෙ කටහඩ ඇහෙද්දි ඒ එක්කම විනුද් ගෙ කටහඩත් ඇහුනා...

නෑහුනා වගේ ඉන්න ඕන උනත් නැන්දල කලබල කරන් නැති ප්‍රශ්න ඕන නැති නිසා මං ඉකිය හිරකරගෙනම ඇස් තද කරල පිහගෙන ගිහින් දොර ඇරියා... ඉකි ගැහෙන එක හිරකරගත්තම පපුව තව රිදෙනවා වැඩිනේ...

මං ගිහින් දොර ඇරියා...

" තමුසෙ යනව චූටි දැන් හරි "

දොර ඇරපු ගමන් චූටි දිහා බලල එහෙම කියපු විනුද් මාවත් තල්ලු කරන් ඇතුලට ඇවිත් දොර ලොක් කලා..

බුදු අම්මෝ මෙච්චර සීතලෙත් යකා වගේ දාඩිය නාල ඇසුත් අමුතු කරන් කන්න වගේ නෙවෙයි නිකන් මරන් කන්න වගෙ මං දිහා බලන් ඉන්න විනුද්ව දැක්කම් තිබ්බ පපුවෙ අමාරුව වැඩි වුනාද කොහෙද ....

"තමුසෙ මටත් වඩා වැඩිමල්... දෙයක් තේරුම් ගන්න මොලයක් කියල එකක් තියෙය් නෙ නෙහ් ... මං තමුසෙට කිව්ව ඒ කෙල්ල මගේ නංගි වගේ එච්චරයි කියල ... තමුසෙට ඉකි ගගහ අඩන්න තරම් කිසිම දෙයක් මෙතන උනේ නෑ...අරකි කෝල් කරල බනිද්දි මට මාවම එපා උනා... ඇයි මාවි ඒකිම....උබට මාව අර නිශාදි එක්ක දකින එකට ඔච්චර රිදෙනවා නම් මට... මට උබ හැමතිස්සෙම අරකි ගැන කියවද්දි කොච්චර රිදෙනවා ද කියල උබ හිතුවද.... තමුසෙට හැමදේම කියන්න පුලුවන් ඒකිට විතරයි...සතුටු හිතුනම දුක හිතුනම ඒකිවම මතක් වෙන්නෙ... ඇයි තමුසෙට බැරි මට ගහල බැනල හරි මාත් එක්ක ඒ දේවල් කියන්න ...මං කලිනුත් කිව්ව ... මොන දෙයක් උනත් තමුසෙ මට ගහන්න බැරි නම් මැරුවත් කමක් නෑ මෙහෙම කරන්න එපා කියල .... ආහ් ... "

"........"

මොනව කියන්නද හොදටම තද වෙලා...පපුවෙ අමාරුව නම් අඩු උනා ඒඋනාට වම් පැත්තෙ හයියෙන් ගැහෙනවනෙ ... බයකට එහෙම නෙවෙයි ඒ උනාට නහරත් පෑදිලා... ගොඩක් හයියෙන් කෑගැහුවෙ නැත්තෙ එලියට ඇහෙයි කියල වෙන්නැති... ඒ උනාට අඩුම වයසටවත් ගරු කරන්නෙපැයි මං කියන්නෙ....

අර නෝක්කාඩු ගතිය නැති උනා මං හිතන්නෙ...මට නිකන් මේ ගිනි අරන් ඉන්න මනුස්සය ව බදාගන්න ඕන වගේ හැගීමක් එද්දි මෙච්චර වෙලා ඒ රකුසු මූන දිහා කෙලින් බලන්න බැරි නිසා බිම ට ඔලුව හරවන් ඉදපු මං යන්තන් ඇස් ඉස්සුවා...

අර කුලප්පු උන හර..ක්හ්ම්.. වෘශභයො ඉන්නෙ..... ඒත් වගේ ...හුස්මත් රස්නෙයි...මූ මට ගරු නොකලට ඉතිං මං ගරු කරනවා මිනිස්සුන්ට...

" මෙහෙම කරන්නෙපා බං "

" ස්..සොරි ම්ම් ආයෙ නෑ හාද දුක හිතුනනෙ ඉතින් ඒක ඉවරයි නෙ "

මං ඒ පපුවට තුරුල් උනා වෙද්දි ඒ අත් දෙකත් මං වටේ හරි තදට එතුනා...

මං වැඩිමල් තමයි ඒත් ඒ අත් අතර මං හරි පුංචියට දැනෙනවා.... හරියට තාත්තා ... මගේ තාත්තත් මේ වගේ ඇති.... එයාගෙ උනුහුමත් මේ වගේ සනීප ඇතිනෙ මට මතක නෑනේ... මං තව ඒ පපුවට තුරුල් උනා ..

" අර මං ආවෙ කොහොමද මතකත් නෑ තමුසෙගෙ වැඩ නිසා"

"ම්..මේ නි..ශාදි එ එයා කෝ එන්නෙ කොහොමද "

" හහ් අහන ලස්සන... එන්නෙ නැතෑ එන විදිහට...නැගිටිනව කන්න යන්න කිරි එකත් නෑ අද මට..."

" අනේ මේ මං බලන්නෙ හිටියෙ තමුසෙගෙ සුජූ ආවෙ කිරි එකත් උස්සන් පද්ද පද්ද "

"ඇත්තටම මේ තමුසෙමද මාවි "

"....."

"මොකද රවන්නෙ... තාරාව වගේ ඉදගෙන ඔහොම කට උල් කරල රවන්නෙපා ඕයි...බත් කන එක පැත්තක තියල තමුසෙ ව පෙරලන් කන්න හිතෙනවා... මට ලාදුරු කියල හිතන්නෙපා පුලුවන් කමකට ඉවස.."

"අනේ මේ මගුලක් කියන්නේ... මං යනව කන්න.. එනවනම් එනවා... "

"බෙදන් එනවකො... ඊයෙ මං කැව්වනෙ ණය ගෙවනව ඒකෙ "

"මට බෑ "

එහෙ බලල මෙහෙ බලන වේගෙට දවස් ගෙවිල ගියේ.. අදට මෙහේ ඇවිත් සති දෙකක් ගිහින් .... ඊයෙන් දානෙ වැඩත් ඉවර උනා.... හෙට මං ආයෙ නැන්දලගෙ දිහා යන්න ඕන ඒත් විනුද්ව අර නිශාදි එක්ක දාල යන එක ගැන හිතෙද්දිත් මට දැනුනෙ කියාගන්න නොතේරෙන නොරිස්සුමක්...

ආපු දවසෙ ඉදන් නැති හේතුත් මවාගෙන ඒකි හිටියෙම විනුද්ගෙ අස්සෙ වෙද්දි නැන්දල මාමලත් ඉන්න නිසා විනුද්ට උනත් ඕනවට වඩා නිශාදිව මගාරින්න පුලුවන් කමක් තිබුනෙ නෑ... ඒත් ඒ හැමවෙලාවකම මගේ හිතරිදෙන නිසාදෝ නිශාදි ලං වෙන්න හදන හැමවෙලාවකම විනුද් ඒ මැදට මාව ඇදල ගත්තෙ රටේ නැති විකාර ගලපන ගමන්... විනුද් විතරක් නෙවෙයි චූටිත් කිසිම වෙලාවක මාව තනි කලේ නෑ...

ඒත් වෙලාවකට මට හිතුනා විනුද්ට නිශාදිට ලංවෙන්න දෙන්න..... ඒ දෙන්නව දකින හැමවෙලාවෙම මට හිතුනෙ කොච්චර නම් ගැලපෙනවද කියල....

විනුද්ගෙ අස්සෙම රිංගන්න හදන නිසා ඇති උන නොරිස්සුමට මට කෙල්ලව පේන්න බැරි උනත් චූටි කිව්ව වගේවත් නරකක් මට ඒ කෙල්ලගෙන් පෙනුනෙ නෑ....

කෙල්ලෙක්ට තියෙන්න ඕන හැමදේම අඩුවක් නැතුවම නිශාදිට තිබුනා.... රසට උයන්න පවා පුලුවන් ඉගෙන ගන්න උනත් දක්ශ බලෙන් හුරතල් වෙන්න වගේ හැදුවට ඕන දෙයක් හොයල බලල කරන්න තේරෙන කෙල්ලෙක් කියල පහුගිය දානෙ වැඩ එක්ක බිසී උන කාලෙ මට හොදටම තේරුනා.....

ඒත් එක්ක ඒ හැම සැරේකම නිශාදි එක්ක මං දැනුවත්ව වගේම නොදැනුවත්වත් මාව කම්පෙයා කරල තිබුනා....

කිසිම වටිනාකමක් නැති කොල්ලෙක් විදිහට මාව නිශාදි එක්ක කම්පෙයා වෙද්දි විනුද්ට ගැලපෙන්නෙම නිශාදි කියන තැන හැමදාම මට නවතින්න වෙද්දි මට ත් නොදැනිම මං අඩියක් පස්සට ගන්නැති.....

ඉතිං මෙහේ මාමල නැන්දල පවා බලකරලම කියද්දි රිසාල්ට්ස් එනකන් මෙහේ තියෙන ස්පෝ'ට්ස් ක්ලබ් එකකට ජොයින් වෙන්න කියල විනුද් බෑම කිව්වත් ඒ මං නිසා ඇරෙන්න එයත් ආස ඇති කියල හිතෙද්දි මාත් එයාට නවතින්න බල කලා....

සහෙල්ට visual art එකේ ප්‍රැක්ටිකල්වලට පුරුදු වෙන්න ඕන නිසා මං ලෑස්ති උනේ හෙට උදේම ගමේ යන්න....

දැන් වෙලාව දෙකට ලගයි..... නිශාදිගෙ කෑ ගැහිල්ලට නැන්දලත් ඉදපු නිසා මුකුත්ම කියන්න බැරි තැන මාත් එක්කත් තරහෙන් ඊයෙ දවසෙම මුනවත් නොබල ඉදල අද උදේම කියන්නෙත් නැතුවම ඔය යස අගේට ගිහින් තිබුනෙ නිශාදිත් එක්කම ශොපින්.....

ඔව් ඉතිං පුරුදු වෙන්නත් එපැයි...

චූටිත් තව ලමයි වගයක් එක්ක රෝන්දයක් ගිහින් තියෙද්දි ගෙදර අස් පස් කරන වැඩවලටත් උදව් කරල මං කාමරේට ඇවිත් ඇදෙන් හාන්සි උනා... උදේ ඉදන්ම වැස්ස ඉවරය ක් නෑ.... මට පාලුයි ... ඉස්සර හිටපු මමයි දැන් මමයි කොච්චර වෙනස්වෙලාද හිතුනා..... ඉස්සර මං හිටියෙම තනියෙම...මෙලී එක්ක විතරයි මං හිනාවෙලා කතා කලේ... ඒකත් උවමනාම දේකට තමයි ... එතකොට දැන්... මං තමුසෙට කොච්චර ලෝභ වෙලාද කියල පේනවද විනුද්....

කොච්චර හිතුවත් මෙහෙම වෙන එක හොදයි කියල .....ඒක මතක් වෙද්දිත් පපුව රිදෙන්න ගන්න එක දරාගන්න මට අමාරුයි විනුද්......

ඊයෙයි පෙරේදයි දවස් දෙකේම දානෙ වැඩ එක්ක හරියට නින්දක් තිබුනෙත් නැති වෙද්දි ඒකයි ඉවරයක් නැතුව වහින වැස්සයි එක්ක නිදි මතකුත් තිබුනත් ඊටත් වඩා මගේ හිතට අමුතු බරක් දැනුන

ඔක්කොටම වඩා මට මෙලීගෙ ලොකු වෙනසක් දැනුනා.... ඉස්සර විනාඩියෙන් විනාඩියට මැසේජ් කෝල් දාන ගෙදර ඉද්දි පැයක් නොදැක්කොත් අවුරුද්දක් දැක්කෙ නැති ගානට හැසිරෙන මනුස්සය දැන් මං මැසේජ් දැම්මත් රිප්ලයි කරන්නෙත් හාව හද දකින්න වගේ... ඇහුවට මුකුත්ම කියන්නෙත් නෑ...... මට තරහයි දුකයි ඔක්කොම .....ඊයෙ දවසටම රිප්ලයි එකක් වත් නැති වෙද්දි වට්සැප් චැට් එක දිහා බලන් ලොකු හුස්මක් ගත්තු

මං මෙලීට කෝල් එකක් ගත්තා......

ආශ්... නම්බර් බිසී වැටුනා.... මුන් ඔක්කොම එකයි ... මං පෝන් එකේ ස්ක්‍රීන් එක ඕෆ් කරල පිටිපස්සට හාන්සි වෙලා ඔලුව ඇදේ විට්ටමට තියපු කොට්ටෙකට තියාගත්තා.......

ඒ එක්කම පෝන් එක රින්ග් වෙද්දි මෙලී කියල හිතුවත් ඒක ආවෙ සහෙල්ගෙන්....

" හෙලෝ කියන්න සහෙල්...."

" සර්... මේ හෙට එනවද අහන්න ගත්තෙ මං "

" ඔව් දරුවො මං හෙට එන්න තමයි බැලුවෙ... "

"අහ් හරි සර් එහෙනම් පරිස්සමට එන්න හෙට මේ.....මං තියන්නම්... බුදුසරණයි "

" හරි පුතේ බුදුසරණයි "

මේ කොල්ලටවත් මාව මතක් උනානෙ..... .

📲📩

ආයෙ පෝන් එක රින්ග් උනේ මැසේජ් එකක් එන්න.. එකදිගට මැසේජ් ගොඩක් ලෝඩ් උනා.....

මං වට්සැප් එක ඕපන් කරල බලද්දි අදුරන්නැති නම්බර් එකකින් මැසේජ් පහක් ඇවිත් ඒව පොටෝස් කියල වට්සැප් වෝල් එක පෙන්නද්දි මං ඒ චැට් එක ඕපන් කලා ....

"මාවි..!"

" ....."

" මාවි .... ආ නිදිද... බොරුවනෙ ඉතින්..."

" මට පාඩුවෙ ඉන්න දෙන්න ......"

" ඇහ්.....මොනව වෙලාද මෙ... අහ් දැන් මේ කඩේ එක්කන් ගියේ නැති නිසාද ... ඉතින් මැනික වහිනවනෙ අනික මෙහේ සීතලත් වැඩියි "

"හ්ම්ම්"

"දෙයියනේ කට නම් කොහොමද මං තමුසෙට වඩා වැඩිමල් යැයි යැයි ගාගත්තු ගමන්මයි... ඇත්තටම මේ බබාගෙ වයස කීයද... කෝ ඉතින් බලන්..."

විනුද් ගෙදර එද්දි පහාමාරට විතර ඇති ...... මෙච්චර වෙලා අරකි එක්ක .... ශිට්.... මං හිටියෙ ඇදේ හාන්සි වෙලා විනුද්ගෙ බයික් එකේ සද්දෙ ඇහෙද්දි මං නිදි වගේ ඇස් පියාගත්තා .....

කාමරේට ඇවිත් ඇදෙන් ඉදගෙන මාව උරහිසෙන් හොලවන ගමන් විනුද්කතාකරද්දි..... මං ඉන්නෙ බොරුවට කියල දන්න එකේ තවත් එහෙම නොයිද මං අනිත් පැත්ත හැරිල ඉදන්ම කතා කලා.....

හහ් මූ නිකන්.... ඔයාට මාව පේන්නෙ කවුරු වගේද විනුද්.... අහන්න හිතුනත් මං ඇහුවෙ නෑ.... ඊයෙ දවසෙම රවාගෙන හිටියෙ එයාට මෙහේ ඉන්න කිව්ව කියල වෙද්දි දැන් එයාගෙ වචනවල නොරිස්සුමක් නැති වෙද්දි සමහර විට එයාට නවතින්න කැමැත්තක් ඇති වෙලාදෝ හිතෙද්දි මගේ ඇස් දැවිල්ල එක්ක කදුලු පිරෙන්න ගත්තා....

රිදෙනව මගුල.... අර පොටෝස් වල එයාගෙ කෝට් එකක් නිශාදි පෙරවලා අත් දෙකෙන්ම නිශාදිව බදාගෙන හිටපු විනුද් ව මතක් වෙද්දි ඒ කදුලු තව වැඩි උනා.....

එච්චර ලග ඉදන් අරගත්ත්තු ඒ පොටෝස් එව්වෙ කවුද කියල මං දන්නෙ නෑ.... මොකද ඒ කෙනා ඒ පොටොඉස් එවපු ගමන්ම අනිත් පැත්තට මාව බ්ලොක් කරල තිබුනා.....

හහ් වහින නිසාලු මාව දාල ගියේ..... ඔව් ඉතින් සීතල ට කරගන්න දේවලුත් තියෙන්නැතිනෙ.....

අත්දෙකෙන්ම මාව බදාගෙන විකාර ගොඩක් කියවන් යද්දි එයා නිකන් මාව ශේප් කරගන්න හදනවදත් හිතුනා... ඉතින් ඒ තරහටම මං එයාගෙන් මිදිලා ඒ අත් මගෙන් ගසල දාල එයාව තල්ලු කරන ගමන් කෑ ගැහුවා.....

"සැරයක් කිව්ව විනුද් මෙතනින් යනව .... මට ඉන්න දීලා"

" මොකක්ද වෙලා තියෙන්නෙ කවුරු හරි මුකුත් කිව්වද... ඉන්න... චූටි..!!"

" කට වහගන්නවා..අර මිනිස්සු මොනව හිතයිද...අනික මට කවුරු මොනව කිව්වම ඔයාට මොකද !!!....අනික මට මෙහේ ඉන්න බෑනෙ අර දරුවට ප්‍රැක්ටිකල් වගයක් කරන්නත් තියෙය් .. හෙට මං චූටි එක්ක යනව එයාටත් ක්ලා..."

"මොන මගුලක් වෙලාද මාවි ! .. හිටි හැටියෙ වෙස් පෙරලෙනවද .. මං දැන් කලිනුත් ඇහුවා මොකක්ද උනේ කියල.. පිස්සු හැදිලා වගේ එකපාරටම... "

"ඔව් ඔව් මට පිස්සු... සොරි.. මං අවුලෙන් හිටියෙ දැන් හරිනෙ මට නිදිමතයි "

"මාවි !"

"......"

" මොකක්ද උනේ කියලවත් කියපන් දෙයියනේ .... හෙට යන්..නව කිව්වෙ ඇයි.... තමුසෙ මට මෙහේ ඉන්.. "

"අනේ පිං සිද්ද වෙයි විනුද් මෙ..හෙම කරන්න එපා... මට රණ්ඩු වෙන්න බෑ මගෙ ඔලුව රිදෙනවා ඒකයි කෑ ගැහුවෙ අනික සහෙල්ට විශුවල් ආර්ට් එකේ ප්‍රැක්ටිකල් පුරුදු වෙන්න තියෙය් ඒකයි මට යන්න ඕන කිව්වෙ ....චුටිටත් ක්ලාස් කිව්වනෙ එයත් යනව කිව්ව... සමහර විට මාමත් යයි... ඔයා ක්ල්බ් එකට ජොයින් වෙන්න ඕන... ඒක ඔයා ආස දේ මං න්..."

"මගුලක් කියන්නැතුව ඉන්නව මං ඇග සෝදන් එන්නම්..එතකන් හාන්සි වෙලා ඉන්නව.... කන්නැතුව නිදාග්න්නෑ ...."

............................................................................................

.............................................................................................

🤍<3

Share This Chapter