Chapter 28 of 41

විසිහත්වෙනි කොටස

No more | Ongoing1,269 words~7 min read

" ...හෙ..ලෝ ආ..යු ඔයා ත්..තාම විනුද් ලයි නැන්..දලගෙ දිහාද "

" මොකක්ද උනේ කියන්නෙ ඇයි ඔහොම කතා කරන්නෙ ..."

"......."

"මෙලී !"

"හ්..හරි අහන්...නකෝ කලබල වෙන්නෙපා... විනුද් කොහෙද කියන්නකො මු"

" මෙලී ප්ලීස් "

" ඔයාට පුලුවන් ද මේ...කොලඹ එන්න ...."

"මොකක් ඇයි ඒ "

"ම්ම්...විනුද් එක්ක එන්නකො මේ තනියෙම එන්න එප්.."

" මෙලී ප්ලීස් උනේ මොකක්ද කියනවද "

මං හිටියෙ ආපහු විනුද් ලගෙ දිහා යන්න ලෑස්ති වෙන ගමන්.....මාමල ඉස්සරහ ම විනුද් ට එන්න එපා අර කෝස් එකේ වැඩ බලාගන්න කියල මං ටිකක් තදින් බල කරලම කියපු නිසයි මෙහේ නැන්දලත් බල කරලම ඉන්න කියපු නිසයි විනුද් ට මාත් එක්ක යන්න බැරි නිසා ඒක හිටියෙ මගේ මූනවත් බලන්නැතුව.......

උදේ පාන්දරම කොහේ හරි ගිහින් දැන් දහයයි ගානක් වෙලත් තාම නෑ ඒ මදිවට අර කෙල්ලත් නැති වෙද්දි දැනුනෙ නොරිස්සුමක්... අඩුම මැසේජ් එකක්වත් එයි කියල බලන් හිටියත් නැති තැන.....මං ලෑස්ති වෙලා එලියට එනවත් එක්කම මෙලී කෝල් කලා වෙද්දි ගොත ගගහ ලොකු බයක් වගෙ එකකින් කෙල්ල කතා කරපු විදිහට මං හොදටම බය උනා... මං එහෙම ම ගෙදර ඉස්සර හ තිබුන බංකුව ලගට යන්න ගියත් කකුල් එක තැනම ලොක් උනා වගේ....

ඒත් හේතුව අහද්දි මගෑර මගෑර කතා කරපු කෙල්ල අන්තිමට කියපු දේත් එක්ක මාව ගල් වෙලා ගියේ ඉබේටම ඇස් දැවිල්ල එද්දි....

ත්..තාත්තා .... අනේ ම...ගේ තාත්තා....

මං එහෙම ම කෝල් එකත් කණේ තියන්ම එලියට දිව්වෙ මෙලෝ සිහියකින් නෙවෙයි මං හිතන්නෙ....

නැන්දල මාමල කවුරුත් මාව දැක්කෙ නැතුව ඇති මං පිස්ස්සෙක් වගේ කෙලින්ම දිව්වෙ පාරට... මේ පාරවල් අනම් මනම් මුකුත්ම නොදන්නව උනත් මං හන්දියකට ඇවිත් තිබුන වෙද්දි එතන තිබුන ත්‍රීවීල් පාක් එකෙන් වීල් එකකට නැගල මං එහෙම ම ගියේ ටවුන් එකට...

"ආයු අහන්නකෝ ඇහෙනවද මාව "

"අනේ අපි ඉ..ක්මනට යමුද අයියේ ම..ගෙ තා..ත්තා.. අ...නේ එයා තනියෙ.මනෙ "

"හරි මල්ලි කොහෙටද යන්න ඕන...මල්ලි ඉන්නෙ හොදින් නෙවෙයි නෙ කවුරුත් නැද්ද තව තනියෙම ය "

"ආයු ඔය පෝන් එක ඩ්‍රයිවර්ට දෙන්නකෝ ප්ලීස් "

"අහ් හා "

"හෙලෝ ඔව් මිස්... අහ් හරි මිස්... ඔව් මිස් කිසි ප්‍රශ්නයක් නෑ පැය පහ හයක් වත් යයි ඔව් හරි මිස්... ආ මෙන්න සර් "

මං දන්නෑ මෙලී මොනව කිව්වද කියල ඩ්‍රයිවර් කියනව ඇහුන දෙයක්වත් මට ඔලුවට ගියේ නෑ.....

"ආයු....???"

තාත්තට වෙඩි වැදුනෙ කොහොමද... මගෙ ඔලුව පැලෙන්න වගේ..... ඒකත් නර්ස් කෙනෙක් කියනව කෝල් එක අස්සෙ ඇහුන නිසා හාර හාර ඇහුවෙ නැත්තන් මෙලී මට කියයිදත් හිතුනා....

" හෙලෝ ආයු මාව ඇහෙනවද "

එයාට වෙන කවුරුත්ම නෑනේද හිතෙද්දි..... අර නර්ස් අයුල් කියන්නෙ කවුද අහද්දි... තාත්ත මාව අහනව කියල මෙලී කියද්දි .... මට පිස්සු නොහැදී තියෙය් ද....

"ආයු මො-"

අම්ම කියල කෙනෙක් මට නෑ කියල නං හිතා ගත්තෙ එයා මාව දාල ගියායින් පස්සෙම... සමහර විට ඊටත් කලින්... අඩුම මං ගැන මොකුත්ම හොයලවත් බැලුවෙ නැති තැන් වල මං හොස්පිට්ල් ලැගපු දවස් වල......

නොකිව්වට නොදැක්කට ඒ තැන් වල තාත්ත හිටිය කියන්න මං දැනන් හිටියා.. ඒත් එයාටත් හේතු තියෙන්නැති මාව එපා වෙන්න...... මට එයා කරපු හැම දේකටම හේතු තියෙන්නැති

අනේ ඒත් එයා මාව මරන්න හැදුවත් මට ඉන්න එකම කෙනා එයානෙ...මගේ පවුල එයා... ඒක විතරයි මගේ ඔලුවට ආවෙ

කලින් මං ඔයාට වෛර කරන්නැති අනේ මට සමාවෙන්න ප්ලීස් මාව දාල යන්නෙපා තාත්තේ ඔයාව ඕනිනෙ මට මං ඔයාව දාල ගියාට තරහ වුනත් කමක්නෑ ඇවිත් මට ගහල හරි කමක් නෑ මාව ඔයා ලගට ගන්නකෝ.....

එකදිගට පැය ගානක් ඇවිත් විනාඩි පහක්වත් නවත්තන්නැතුව මං ඉන්න තත්වෙ නිසාම එකදිගට ආපු මනුස්සට තෑන්ක්ස් කරන්නවත් මට සිහියක් තිබුනෙ නෑ.... කොළඹ හොස්පිට්ල් එක ලගින් වීල් එක නැවැත්තුව විතරයි මං ඇතුලට දුවන් යන්න ගිහින් ආපහු හැරිලා සාක්කුවෙ හිරවෙලා තිබුන වොලට් එක අර මනුස්සය අතට දීලා මුකුත් කියන්න කලින්ම මං හොස්පිට්ල් එක ඇතුලට දිව්ව....

පෝන් එක අරන් බලද්දියි දැක්කෙ සයිලන්ට් කරල තිබ්බ නිසා ස්ක්‍රීන් එකට ඇවිත් තිබුන නොටිෆිකේශන් ගොඩ... ඒත් මං මෙලීගෙ නම්බර් එක හොයන් කෝල් ගත්තත් ඒක ඕෆ් කියල කියද්දි..... කොල් එක කට් උනේ කොයි වෙලාවෙදවත් දන්නෑ  ... මං ඇතුලට යනවත් එක්ක මං දැක්කෙ පුටුවක ඉදන් බිත්තිය ට ඔලුව තියන් ඇස් පියන් හිටපු මෙලීව.....

මං දුවගෙන ගියේ කොහොමද වත් දන්නෑ...

"ම්..මෙලී ත්...තාත්තා "

" ආයු... ස්..සොරි පොඉන් එක ඕෆ් උනා... මං ... දැන් එයාව බලන්න බැහැ ආයු එයා අයිසීයූ දාල ඉන්නෙ ... එයාට-"

" ......"

"මෙහෙන් යං ඔය පැත්ත නෙවෙයි ආයු අහන්න මුලින්ම රිලැක්ස් වෙන්න එයාට මුකුත්ම වෙන්නෑ.. හරිද එන්නකො  "

මං වේගෙන් ඔලුව උඩ පහල කලා...

"අනේ මැණික"

මෙලී මගේ ඇස් තද කරල පිහල කොන්ඩෙත් අතින් හදල මාව ඇතුලට එක්ක ගියා...

"මේ පේශන්ට්ගෙ පවුලෙ අයද "

"අහ් ඔ..ව්.. එ..එයා හොදින් නේද...මගේ තාත්..තා එයා-"

" හරි එයාට දැනට ලේ එකක් හම්බුනා... ඒත් එයාගෙන් ලේ ගොඩක් ගිහින් තවත් ඒ මැච් වෙන ලේ හොයාගන්න අමාරුයි ... ඔයාල කාට හරි දෙන්න පුලුවන් වෙයි නේද..."

"හරි එහෙනම් මං -"

" නෑ..ඔ...ව් මගෙන් ගන්න.. මට පුලුවන් "

"එහෙනම් පහලට ගිහින් චෙක් කරන් එන්න "

"ආයු...!"

මෙලී මොකක් හරි කලබලෙන් කියන්න හැදුවත් ඩොක්ට දීපු කොලෙත් අරන් මං කෙලින්ම පහලට ගිහින් ලේ එක චෙක් කරන්න දුන්නෙ මෙලිත් දුවගෙන මං ලගට ම ඇවිත් ඇස් වලින් ඉවරයක් නැතුව ගලන කදුලු පිහදන ගමන් මගේ ඔලුව තද කරල බදාගද්දි...

මං බයයි ..... මං දන්නවා මෙලී හිතන දේ... ඒත් එයා පරක්කුයි.... නර්ස් ලේ එක අරන් පැය භාගයක් ඉන්න කියල යද්දි මට දැනුනෙ ඔලුව කැරකැවෙන්න වගේ..... ඒ ගත්තු ලේ චුට්ටට මොනව වෙන්නද... මං ඇස් තද කරල ආයෙ ඇරල මෙලීට තව තුරුල් උනා.....

"මං බය නෑ මෙලී මට රිදුනට කමක් නෑ... ඒත් එයාට රිදෙන්න දෙන්න බෑ... "

"ශ්... "

"මොකක්ද ඔයා කරන්නෙ.."

මං පුදුම උනේ මෙලී කරපු දේට ඇයි එයා ලේ එකක් චෙක් කරන්න දුන්නෙ...

"මේ අයුල් විමංස සේනානායක කියන්නෙ කවුද "

"මං .."

" ඩොක්ටර් හම්බෙන්න යන්න.. එතකොට මෙලීනා- "

"මං එන්නම් "

"මොකක්ද වෙන්නෙ "

"මං එනකන් ඔයා ඩොක්ටර් හම්බෙන්න යන්න "

" ඔයා කොහෙද යන්නෙ "

ඒත් එක්කම මෙලී අර නර්ස් එක්ක යද්දි ඒ ඇයි කියල මට තේරුනා වගේ හිතුනත් එහෙම වෙන්නෙ කොහොමද කියල හිතන්නවත් වෙලාව නාස්ති නොකර මං නර්ස් කියපු ඩොක්ටර් රූම් එකට ගියා

" මේ මිස්ටර් අයුල් ??  "

"ඔව් ඩොක්ටර් මං ... තාත්ත ට ක්"

"අහන්නකෝ මුලින්ම සන්සුන් වෙලා ඉදගන්නකො "

" මං කියන එක අහල කලබල වෙන්නෙපා හ= "

"තා..ත්තා  එයා "

" mr. සාගර සම්පූර්ණයෙන්ම හොදින් බය වෙන්නෙපා එයාට ලේ ආයෙත් දෙන්න කෙනෙක් හම්බුනානෙ "

" කොහොමද මගෙන් ගත්තෙ නෑනෙ මං......."

මොනව කියන්නද... මං ලාවට හිනාවෙලා ඩොක්ටර් රූම් එකෙන් ඇවිත් අයිසීයූ ඩෝ එකේ තිබුන පොඩි ග්ලාස් එකෙන් මැශින් ගොඩකින් වෙලල තිබුන කෙනා දිහා ඔහේ බලන් හිටියා....

ටික වෙලාවක් එහෙමම හිටපු මං මගේ වම් අත දිහා බැලුවා... බ්ලඩ් මාර්ක්... මට හිතුනා... ඒක දැන් වැඩි වෙලා ඇති කියල ..... කොච්චර කාලෙක ඉදන් ඕක ගැන රිපෝට් වල තිබුනද......ඒත් මගේ ලේ දෙන්න බැරි තරම් ඒක දරුණුයි කියල මං හිතුවෙ නෑ....

තාත්ත දිහා බලන් ලොකු හුස්මක් පහල දාපු මං ඊට එහා පැත්තෙ රූම් එකේ සේලයින්  දෙන ගමන් හිටපු මෙලී ලගට ගියා...

"ඔයා ඇහැරිලාද "

"ආයු...... "

" කොහොමද එහෙම .. මං අහන්නෙ කොහොමද බ්ලඩ් ටයිප් ගැලපුනේ එතකොට ඇයි ඔයා මගේ ලේ.. දෙන්..න එ එපා කිව්වෙ ම-"

" ඔයා දුර්වල වැඩි ආයු මං-"

"......."

" අහන්නැද්ද තාත්තට උන දේ "

"ඊට කලින් මං දෙයක් ඇහුවා....ඇයි ඔයාල හැමදේම මගෙන් හංගන්නෙ කොච්චර කාලෙකටද ඔය බොරු කියන්න හදන්නෙ......"

" ඔයා දැනන් හිටියද "

" මොකක්ද මොනව දැනන් ඉන්නද.....! මං නිකන් මෝඩයෙක් වගේ මුකුත්ම දන්නෑ.. ශිට්"

" සාගර අන්කල් කියන්නෙ මගේ තාත්තා ආයු!"

"............"

ඇදේ පැත්තකින් ඉදගත්තු මගේ අත කැනියුලාඑක ගහපු අතිනුත් අල්ලන් ඇහෙන නෑහෙන ගානට මෙලී කියද්දි මට නිකමට සැක හිතුන දේ හරි කියල තේරුනත් ඇයි දන්නෑ මට ඒ ගැන ලොකු පුදුමයක් හිතුනෙ නෑ......

"ඔයාට ඒ...ක.. මං අහන්නෙ අවුලක් නැද්ද පුදුමයක්වත් ම් මට එ-"

"මොකට පුදුම වෙන්නද මං දන්නෑ මෙලී මට නිකන් පිස්සු වගේ....  "

මං අත් දෙකෙන්ම ඔලුව බදන් ඇදේ විට්ටමට හාන්සි වෙලා ඉදපු මෙලීට බර උනා...... හැමදාම වගේ මගේ කොන්ඩෙ අස්සෙ අගිලි යවන ගමන් ලොකු හුස්මක් පහල දාපු මෙලී දැනෙන නොදැනෙන ගානට ඔලුව උඩින් මූන තදකරනව දැනුනා...

"ඔයාට ඒක අවුල්ද මෙලී ඒකද පහුගිය ටිකේ කෝල් මැසේජ් අඩු උනේ "

" ......"

" ඇයි කතා කරන්නැත්ත්තෙ මෙලී... ඔයාට ලැජ්ජ හිතුනද.... තාත්ත එ...."

"මට මං ගැනම ලැජ්ජ හිතුනා ආයු..... ඔයා නැති වෙයි කියල බය හිතුනා...."

"........"

"මං දැනගෙන හිටියෙ නෑ ආයු මං තනියෙන් හරි ආදරේ කරල තියෙන්නෙ මගේම මල්ලිට කියල ...."

මල්ලි!!?

..................................................................................................

..................................................................................................

අඩුපාඩු තියෙය් නම් කියන්න...

🤍

Contents
Contents

Comments(0)

Join the discussion — sign in to leave a comment

Sign In to Comment

No comments yet. Be the first to share your thoughts!