Back
/ 41
Chapter 35

තිස් හතරවෙනි කොටස

No more | Ongoing

"ගියපු ගමන් ආපහු ඇවිත්ද මුන් දෙන්නා "

ගෙදර දොරේ බෙල් එක වදින සද්දෙ ඇහෙද්දි මිස්ටර් සේනානායක මහත්තයා හිනාවෙවීම ගියේ දොර අරින්න කියල... මොකද අද ඔය පා'ටිය කියල දෙන්න ගිය ගමන ගැන අර අහිංසකය නොදන්නව උනාට ඒකගෙ තාත්තත් හොදට දන්න නිසා පැය දෙකක් තුනක් යන්නත් කලින් එයි කියල හිතන්න බෑනෙ...

වෙන එන්න කෙනෙකුත් මතක් උනේ නැති එකේ ගිහින් දොර ඇරල බැලුවම

එතන හිටියෙ එයා කීයටවත් බලාපොරොත්තු වුන කෙනෙක් නෙවෙයි...

"ඉක්මණට හොස්පිට්ල් එකට යමු කොල්ලට අමාරුයි "

"........."

ඒ ආපු කෙනා දිහා බලන්නවත් ඇසිල්ලක්වත් ඉතුරු නොකරම කල්පෙකට වගේ කාලෙකට පස්සෙ අහපු කටහඩ ගැනවත් හැගීමක් නොතියම කියපු දේත් එක්ක සේනානායක මහත්තයා කලබල වෙන්න ඕන හොදම එකෙන් කලබල වෙද්දි ඒ අතින් අල්ල ගත්තු අනිත් පාර්ශ්වේ ප්‍රශ්න අහන්නත් කලින්ම ගෙදර දොරත් වහල දාලා ‍කාර් එකට ගොඩ උනා...

"ම්..මගෙ දරුවට මොකක් ද උනේ "

" එයා ෆේන්ට් උනා... වැඩි විස්තරයක් දන්නෙ නෑ.. කලබල වෙන්නෙපා ..."

කලබල වෙන්නෙපා නෙවෙයි වෙන වෙලාවක මේ එහා පැත්තෙ සීට් එකේ ඉන්න මනුස්සය නිසා පපුව එලියට පනින්න තරම් ගැහෙන ගමන් ඒක මාරම අන්කම්ෆටබල් ටයිම් එකක් කරන්න තිබුනා...

ඒත් දැන් තමන්ගෙ ලෝකෙම වෙච්ච කෙනා ෆේන්ට් උනා කිව්වම ඒ ශොක් එක කොච්චරක්ද කිව්වොත් අනිත් අයට ලොකු ගානක් නැති දෙයක් වෙන්න තිබුනත් මේ මනුස්සය අනුව ගත්තම ඒක එහෙම පිටින්ම වෙනස්... පපුව රිදීගෙන යද්දි හොස්පිට්ල් එකට යනකන්ම පියවෙලා තිබුන ඇස් වලින් කදුලු පල්ලම් යද්දි දන්න කියන හැම දෙවියෙක්ගෙන්ම ඉල්ලුවේ තමන්ගෙ වස්තුව පරිස්සම් කරන්න කියලා...

" ඇයි මේ තරම් කල් ගත්තෙ.... මේ දරුවට cardiac tumors එකක් තියෙයි... ඒක කොච්චර නම් භයානකයිද කියල දන්නවද... ඒ තරමට ඒක ගොඩක් දුර්ලභයි... අඩුම මේකෙ ලක්ශන පෙන්නද්දිවත් ඔයාල සැලකිලිමත් උනේ නැත්තෙ කොහොමද... අනිත් එක මේ දරුවගෙ මානසික මට්ටම පවා ගොඩක් නරකයි... එකපාරටම ඇති උන ශොක් ගොඩක් එක්ක හර්ට් එකේ තත්වෙ තවත් දරුනු වෙලා...මේ වෙලාවෙ ෆේන්ට් වෙලා හරි ගෙනාවෙ නැත්තන් .... cardiac sarcoma එකේ අන්තිම අදියරේ මේ දරුව ඉන්නෙ... heart transplant එකක් පුලුවන් ඉක්මනට කරන්න ඕන..වෙන කිසිම දෙයක් කරන්න පුලුවන් කමක් නැහැ..... ඒත් දැන් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ මෙහේ ඒ පහසුකම් අඩු එක ඒකෙන් ටයිම් එක තවත් අඩු වෙනවා... අනික ගැලපෙන එකක් එච්චර ඉක්මනට හොයාගන්න එ..."

" මගේ.. මගේ ගැලපෙනවනෙ.."

" කාම් ඩවුන් මිස්ටර් සේනානායක මේක කිඩ්නි එකක් ගැන නෙවෙයි හර්ට් එකක් ගැන ඒකෙන් අනිවාරෙන්ම ඔ.."

" මං කිව්වනෙ... ඒක කරන්න... ප්ලීස්...පිංසිද්ධ වෙයි ඩොක්ටර්...මගේ දරුවව බේර...ගන්න බැරි උ..

නොත් මං .. මම....කොහොමත් ජීවත් වෙන්නෙ නෑ අනික දැන් මගේ කාලෙ ඉවරයි... ප්ලීස් ඩොක්ටර් ..."

"අපි ටිකක් ට්‍රයි කරල බලමු..."

හොස්පිට්ල් ආවත් ඊලග පැය ඇතුලෙ අයුල්ව ඉන්දියන් හොස්පිට්ල් එකකට මාරු කලා.....

හොස්පිට්ල් එකට ගිහින් ඩොක්ටර් කියපු දේවල් එක්ක සේනානායක මහත්තයා හිටියෙ පියවි සිහියෙනුත් හුගක් ඈත...

ඩොක්ටර් ගෙ රූම් එකෙන් ඇවිත් වයර් ගොඩකට මැදිවෙලා මැශින් අස්සෙ හුස්ම අදින දරුවව දකිද්දි පැය දෙකකටත් වඩා ඉදලත් තාමත් මැච් වෙන හර්ට් එකක් ගන්න බැරි වෙද්දි... තවත් ටිකක් වෙලා අයුල් දිහා බලන් ඉදපු සේනානායක එතනම පුටුවක ඉදන් සිවිලම දිහා බලන් ඉන්න මෙලීනා ලගට ගිහින් ඒ ඔලුව අතගෑවා...

කෙල්ල අඩනවා... ඉකියක්වත් නැතුව ඒ රතු උන ඇස් ගැහෙන පපුව කදුලුත් නැතුව මිනිස්සු අඩනව කියන්න සාක්ශි දරන ගමන් හිටියා...

"..ත්..තාත්...තෙ.."

" මගේ මුලු ලෝකෙම උබල දෙන්නා... "

ඒ නලල උඩින් යන්තම් තොල් තද කරද්දි හරි අමාරුවෙන් හිර කරන් ඉදපු කදුලු බිංදුවක් මෙලීනාගෙ කම්මුලකට වැටුනා..... එහෙම ටිකක් ඉදලා ආයෙත් කෙල්ලගෙ ඇස්වලට එබිලා යන්තන් හිනාවෙලා වොශෲම් ගිහින් එන්නම් කියල ගියා වෙද්දි... පෝන් එකෙන් තමන්ගෙ ඩොක්ටර්ට කෝල් එකක් ගත්තු සේනානායක heart transplant එකක් ගැන විස්තර අහගත්තා....

ඊට පස්සෙ කෙලින්ම ගියේ තම්න්ගෙ හර්ට් එක චෙක් කරවගන්න... කොහොමත් එදා වෙඩි වැදිලා තිබුනෙ හර්‍ර්ට් එක ආසන්නයේ උනත් ඒක හර්ට් එකට බලපෑවෙ නැති වෙද්දි විනාඩි හතලිහක් වගේ ඇතුලෙ තමන්ගෙ හදවත ගැන කරපු පරීක්ෂණ ඔක්කොම තමන්ගෙ ඩොක්ටර් ට සෙන්ඩ් කරල ඒ ගැන හරියට ම තහවුරු කරගත්තයින් පස්සෙ වයස උනත් අවුලක් නැතිවෙද්දි...වොශෲම් එකට ගිහින් ඩෝර් එක ලොක් කරලා තමන්ගෙ කලිසමේ ඉනේ ගහන් හිටපු දෙයක් එලියට ගත්තා....ඒක කූරක් වගේ එකක්...

ඒත් එක්කම පෝන් එකත් අරන්

ඒකෙ වෝල්පේපර් එක දිහාබලන් ඒකට තොල් තියලා..

එක චැට් එකකට ගිහින් මැසේජ් එකක් ටයිප් කලා...

"මට සමාවෙන්න මැණික..මං නිසා උබ විදපු හැම දුකකටම.. මං නොසෑහෙන්න උබල දෙන්නටම ආදරෙයි...."

ගිහින් පැයකටත් වැඩි වෙලාවකට පස්සෙ මෙලීනගෙ පෝන් එක රින්ග් උනා...

ඉන්දියාවට ආවත් හරි විනුද් ඉදියෙ මෙලීන එක්ක වීඩියෝ කෝල් එකක වෙද්දි ඒ අස්සෙන් නෝමල් කෝල් එකක් එද්දි ඒකත් වොශෲම් යනව කියල ගිය මනුස්සයගෙන් වෙද්දි උන පරක්කුවටම දැනුන කලබලේටම මෙලී ඒක අන්ස්වර් කලා...

"...ඉක්..ම..නට එන්..න..මං..වොශෲ...ම් එ..කේ.."

" තාත්තෙ..!!"

ඒත් එක්කම මේක හොස්පිට්ල් එකක් කියලත් අමතක කරලා අවසිහියෙන් වගේ මේල් වොශෲම් පැත්තට කෑගහන් දුවන් ගිය මෙලී පස්සෙන් ඇටෙන්ඩන්ලාත් දුවන් ගියා වෙද්දි වොශෲම් එකේ දැකපු දේ එක්ක මෙලීගෙ කකුල් පවා පණ නැතිව ගියා...

"..ත්..තාත්තා ම්.."

කටහඩවත් පිටවුනාද සැකයි.. එච්චර ලේ ගොඩක්...කොහොමද එහෙම උනේ හිතන්නෙවත් සිහිය නෙවෙයි මෙලී හිටියෙ... ඒ තත්පරෙන් තාත්තවත් ඇඩ්මිට් කලා වෙද්දි... ඔපරේශන් තියටර් එක ලෑස්ති කරල ඩොක්ටර් එනකන්ම තමන්ගෙ සිහිය තියාගන්න සේනානායක ට නෑ... තාත්තට පුලුවන් උනා...

හාස්කම් විශ්වාස කරනවද.... අම්මල විතරද ආදරෙ දන්නෙ...

කවුරු කොහොම මොනව කිව්වත් මිනිස්සුන්ගෙ පාට තීරනේ කරන්නෙම ඔය ආදරේ කියන මාතෘකාව...

ඕක හරි භයානකයි... වේදනාව කියන දේ තේරුමවත් නොදැනෙන්න තරම්...

ජීවිතේ වැඩිම කාලයක් පසු තැවුන...ආදරේ කියන දේක අංශුවක්වත් නොදැනුන මනුස්සයෙක්... ආදරේ පෙන්නන්න දන්නෙ නැති නැත්තන් අවස්තාවක් ලැබුන් නැති මනුස්සයෙක් ගෙ...; තාත්තෙක්ගෙ ආදරේ කොච්චරක් ගැඹුරුයි කියල ද හිතන්නෙ...

"..බොරු..වට මහන්සි වෙන්න එපාහ්... ම්..මට..කො..හොමත් ජී..වත් වෙන්න... බෑ...ම්..මගෙ දරුවව.. ජීවත් කරවන්න... පොරොන්දු වෙ...න්න... ම..ගෙ වස්..තුව බේරගන්න ඩො..ක්ට.."

පැය ගානක සැත්කමකින් පස්සෙ පැය විසිහතරක් ඇතුලත ආයෙ ලංකාවෙ හොස්පිට්ල් එකට අයුල්ව ඇඩ්මිට් කලා...

කොල්ලට සිහිය තිබ්බෙ නෑ... ඒත් සැතකම සක්සස් වෙලා තිබ්බා...

"........"

" එ...යා ගියාහ්"

තමන් ඉස්සරහ ඉන්නෙ හදවත් සැත්කමක් කරපු මනුස්සයෙක් වගෙ, එහෙම කෙනෙක්ගෙ ෆීලින්ග්ස් ගැන කොච්චර නම් සැලකිලිමත් වෙන්න ඕනද් කියල මෙලීට තත්පරේකට අමතක උනා...

මෙච්චර වෙලා හිරවෙලා තිබ්බ වේදනාව තමන්ට මේ ලෝකෙ වැඩිපුරම දැනුන මනුස්සයගෙ පපුව අස්සෙම පුපුරලා යවන්න වගේ අඩාගෙනම අයුල්ගෙ පපුවට මෙලී තුරුල් වුනා..

ඒත් එක්කම විනුද් පවා කෑගහුවෙ මෙලීව නවත්තන්න උනත් බැරි වෙද්දි කොල්ල බයේ හිටියෙ ඊලගට වෙන දේ ගැන... මොකද ඒක කිව්වත් හරි අයුල් තාම ඇහිපිල්ලමක් ගැහුවෙ නෑ..

උන දේ වෙනස් කරල තාත්ත සූසයිඩ් කරගත්තු එක නැතුව හර්ට් එක දීපු එක මෙලී පැටලි පැටලි කිව්වෙ කොල්ල බලෙන්ම වගේ කෑගහල අහපු නිසා වෙද්දි.... අයුල් කලබල කරන්න ගත්තු නිසා ඩොක්ටර්ස්ලට සිද්ධ උනා එයාව බලෙන්ම නිදිකරවන්න... ඒ පිටම විනුද් එයාව ගෙදර එක්ක ගියත් මෙලීට සිද්ධ උනා විනුද්ගෙ තාත්ත එක්කම තාත්තගෙ බොඩි එකේ වැඩ ටික බලාගන්න.... මෙලී හිටියෙ සිහියක නෙවෙයි ඒත් කෙල්ලට සිද්ධ උනා අයුල් වෙනුවෙන් ශක්තිමත් වෙන්න... විනුද් අයුල් ලග නවතිද්දි මෙලී අනිත් වැඩ බලාගන්න ගියේ ඒකයි... මෙලී තාත්ත අම්ම විනුද්ගෙ ගෙදර අය පවා මේ වෙද්දි හිටියෙ මළ ගෙයක් වෙනුවෙන් ලෑස්ති වෙන ගමන්...

ඔලුව බර ගතියක් එක්ක අයුල් ඇස් අරිද්දි දැක්කෙ තමන්ගෙ ඇද ලගම ඔලුව තියාගෙන තම්න්ගෙ අත අල්ලන් ඉන්න මනුස්සය ව..

විනාඩියක් විතර ඒ දිහා බලන් ඉදලා අත හෙමීට අරගෙන ඒ කොන්ඩෙ උඩින් තියන්න ලං කරද්දිම ඒ වෙනකන් උන හැමදේම කොල්ලගෙ ඔලුවෙ ප්ලේ වෙන්න ගත්තා ...

ඒ එක්කම උස්සපු අත මිලි මෙලවෙලා යද්දි අයුල්ගෙ මූනෙ ඇදුනෙ මහ වියරු හිනාවක්... අවුල් වෙච්ච කොන්ඩෙ සුදුමැලිවෙලා තිබුන මූන වේලුන තොල් එක්ක රතු ඇස් කොල්ලගෙ පෙනුම හරියට සයිකොකාරයෙක් වගේ වෙද්දි.....

" තමුසෙට සතුටු ඇති නේද..!"

ඒ කටහඩ එක්කම ඇහැරුන විනුද් කලබලෙන් වගේ නැගිටල අයුල් ලගින් වාඩි වෙන්න ගියත් අයුල් විනුද්ව තල්ලු කලා වෙද්දි... කොල්ලො දෙන්නටම පණක් කියල නාමයක් නොතිබ්බත් අයුල්ට දීපු සේලයින්වල හයියවත් තිබ්බදෝ වතුර උගුරක්වත් නැතුව ඉදපු විනුද්නම් බලාපොරොත්තු නොවුන පාර නිසා විසික් වෙලා ගිහින් බිම ඉන්දවුනා වෙද්දි කොල්ල හිටියෙ යකෙක් ගහලා වගේ....

"..ම්..මාවි.."

"....ප්ලීස් මෙතනින් පලයන්.."

"මාවි..අහන්..."

"තමුසෙට ලැජ්ජ නැද්ද මිනිහෝ.... කරන්න පුලුවන් තිරිසන්ම වැඩ ටික කරලා ...මං හිතුවා තමුසෙ මට ආදරෙයි කියලා.. තමුසෙගෙන් මැසේජ් එකක්වත් නොඑද්දිත් මං නැති හේතු මැව්ව තමුසෙගෙ පැත්තට.....අන්තිමට හැමදේම දැකලත් බැරිම තැන ඉදල ඉදල අතෑරල පැත්තකට වෙන්න හැදුවම.....ත්..ත..මුසෙ මට ඉදපු එ...එකම මනුස්ස්...යව...ත් න්..නැති කර..ලා දැම්..මාහ්..තමුසෙ දන්..නව..නෙ මට... කවුරුත් හි..ටියෙ..නැහ් කියන්න.. ඇයි ව්..නුද් එහෙම කලේ.. මං.. කාට..වත් වැරැ..ද්දක් කලේ නෑනෙ... මගේ...තා..ත්තව..ඇයි එහෙම කලේහ්...

ප..පු..ව රිදෙන..වහ් තා..ත්..තෙ එන්න...කො.."

"මා..විහ්... මං "

" පලයන් යකෝ මෙතනින් ..!!"

"අහ්.."

කියවන්නෙ මොනවද කියලවත් දන්නැතුව ඔහේ කෑගගග කියවපු අයුල් කටහඩ බිදිලා යද්දි පපුවෙ වම් පැත්තෙ මිරිකගන්න ගමන් ඇහෙන නෑහෙන ගානට රිදෙනවා කියද්දි... තාත්තට කතා කරද්දි වැටුන විදිහටම ඉදන් ඇස්වලින් ගලපු කදුලු එහෙම ම් ගලන් යන්න දීලා නැගිටල අයුල් ලගට ආපු විනුද්ට සිද්ධ උනේ මල් පෝච්චි පාරක් කන්න..

ඒක මූනෙයි උරහිසෙයි වැදිලා කුඩු වෙලා යද්දි කලින් පුංචිම දේකදි උනත් විනුද්ව බදාගත්ත විනුද්ටත් වඩා කලබල උන ඒඇස් අද තත්පරේකටවත් ගැස්සුනේ නැති වෙද්දි තරහෙන් රතු කරන් තමන්ගෙ ඇස් දිහා කෙලින්ම බලන් ඉද්දි උරහිසෙනුයි කම්මුලෙනුයි දැනෙන වේදනාව මොකද්ද හිතෙන්න තරම් විනුද් ට රිදුනා...ඒත් එක්කම කොල්ල දැන් හොදින් කියන එක ගැන සැනසීමක් දැනෙද්දි උරහිසෙන් ලේ එනවත් දැනෙද්දි ඒක පැත්තකට දාල කොල්ල එලියට ගියා වෙද්දි ගිහින් විනාඩි දහයක් යන්නත් කලින් ආපහු ආවෙ සුප් එකකුත් අරගෙන....

"අපි මේක බොමු ම්ම්"

".........."

".........."

" උබට කියන දේ තේරෙන්නැද්ද බං.... පලයන් හුත්තො මෙතනින්..!!"

විනුද් ආවත් ඔහේ බලාගෙන හිටපු

අයුල් ආයෙ කෑගහද්දි ලොකු හුස්මක් පහල දාපු විනුද් යන්තම් හිනා වෙලා ආයෙ කතා කලා...

ඌටත් තියෙන්නෙ හදවතක් බං.. උබට වගේම ඌටත් රිදෙනවා ඒත් කොහේ තේරෙන්නද.. අයුල් හිටියෙ කතා කරල තේරුම් කරවන්න පුලුවන් තත්වෙක නෙවෙයි ....

ආයෙම පාරක් අයුල්ට අමතක වෙලා ගිහින් අනිත් කෙනාගෙ කතාව මොකක්ද කියල තමන් දන්නැති විත්තිය්..

කොහොමත් එච්චර දෙයක් හිතන්න සිහියක් කොල්ලට තිබ්බෙ නෑ....

කෑගහල හරි පුපුරන්නෙ හංගන් ඉන්න ගිනිකදු වෙද්දි විනුද්ට සැනසීමක් දැනුනෙ තමන්ගෙ පිටින් හරි ඕව හිරකරන් නොයිද පිපිරිලා යන එක නිසා...

" මේක බොන්නකො එතකොට යන්නම් මං "

විනුද් ඒක ටේබල් එක ලගින් තියල උඩ පීරිසිය අයින් කරන්න හදද්දිම අයුල් ඒකට අතින් ගහන ගමන් ඇදෙන් නැගිට්ටෙ අතේ ගහල තිබ්බ සේලයින් එකත් ඇදල විසික් කරන ගමන්..

සුප් එකේ රස්නෙ අයුල්ට දැනුනත් අත පිච්චෙන්න තරම් දැනුනෙ නැති වෙද්දි විනුද්ට නම් ඒකත් ගානට වෙලා තිබුනා...

ඒ එක්කම අයුල් විනුද්ව තල්ලු කලේ කාමරෙන් එලියට වෙද්දි... කොහෙන්දෝ නොදන්න තැනකින් ආපු හයියක් නිසා විනුද් ඉබේම තල්ලු වෙලා යද්දි පුලුවන් උපරිම හයියෙන් දොර වහපු අයුල් ඒක ලොක් කරල කොල්ල එහෙම ම බිත්තිය දිගේම රූටන් බිම ඉන්දවුනා...ආයෙ නැගිටලා ගිහින් රූම් එකේ කොහේදෝ අස්සක හංගලා තිබ්බ ලිකර් බෝතලයක් එක්ක ෆ්‍රිජ් එකෙන් බියර් කෑන් දාපු බොක්ස් එකකුත් උස්සන් ආව වෙද්දි.. බියර් කෑන් වල තිබ්බෙ බියර් නෙවෙයි කියන්නවත් කොල්ලට සිහියක් තිබ්බෙ නෑ...

හැබැයි අමුවෙන්ම ගහපු ලිකර් බෝතලේ නම් විනුද්ට මගෑරිලා තිබුනා වෙද්දි ටික වෙලාවකින් දොරට තඩි බබා කතා කරන සද්දෙවත් අයුල්ට නෙවෙයි ඇහුනෙ...

ඒ වගේමයු ඊට එහා පැත්තෙ දොරට ඔලුව තියන් හාන්සි වෙලා දණහිස් උඩින් අත් තියන් ඉදපු මනුස්සයට ලේ ගලන උරහිස ගැනවත් පිච්චුන අත ගැනවත් දම් වෙලා තියෙන මූනවත් තමන් ඉන්නෙත් වතුර උගුරක්වත් නැතුව කියන එකත් අමතක වෙලා තිබුනා....

"අඩුම උන දේ කියන්..නවත් අවස්තා..වක් දී..පන් මැණිකහ් "

<3

________________________'~'__________

_____°^°______________________________

අද නම් හෙන විකාරයි වගේ හැබැයි

අඩුපාඩු ඇති.. දැක්කොත් අනිවාරෙන්ම කියන්නෝ ❤️

Share This Chapter