Back
/ 41
Chapter 36

තිස් පස්වෙනි කොටස

No more | Ongoing

"අයුල් දැන් හොදටම ඇති ඇරපන් මේ දොර!!"

".........."

"උබට කන් ඇහෙන්නැද්ද !!... මොන හිතුවක්කාරමක්ද... ඇරපන් මේක මං ආයෙ කියන්නෑ උබට "

දොරට එකපාරටම වැදුන පයින් පාරක්ද කොහෙදෝ එක්ක ම උගුර වේලිලා ගිහින් වගේ ගොරෝසුවට ඇහුන කට හඩට මං ගැස්සිලා ගියා....

ඒත් නැගිටගන්න තියා මං කවුද කියන්නවත් උනේ මොකක්ද කියන්නවත් පුලුවන් සිහියක් තිබුනෙ නෑ මට.... හරියට මීදුම පිරුන හිස් තැනක මං හිරවෙලා වගේ...

ඇස් දැවිල්ලයි....මට කෑගහල අඩන්න ඕන කියල දැනුනත් කදුලු බිංදුවක්වත් කම්මුල් දිගේ පල්ලම් බැස්සෙ නෑ....උගුර හිරවෙලා වගේ.. පිච්චිලා ගිහින් වගෙත් දැනෙනවා දැවිල්ලයි

'තා...ත්...තා... එ.එ...යා...ට බෑ.. එ..හෙ...ම ක..රන්...න.. ම..ට වෙන ක..වුරුත් න්...නෑ... ක් කිය..න්න එ...එ...යා දන්..නව..හ්'

ඒත් නෑනෙ එයා ඒක අමතක කරලා...  එයාටත් මාව අමතක වෙලා.. අම්ම විනුද් වගේම එයත් මාව දාල ගිහින්...

බැල්කනි එකේ ග්ලාස් එකෙන් පේන කලුවර අහස යාන්තමට ඇස්වලට අහුවෙද්දි බරවෙලා තිබුන ඇස් ඇරගන්න මං ට්‍රයි කලත් බැරි වෙද්දි මට දැනුනෙ දරාගන්න බැරි වේදනාවක්...

පපුව රිදෙනවා... ඒක හයියෙන් ම ගැහෙනවා...

"අයුල්!!"

ඔයාට ඇහෙනවද තාත්තේ... ඔයාගෙ පුතාට රිදෙනවානෙ ගොඩාක්... කලින් වගේ තුරුල් කරගන්නකෝ... ඇයි මෙහෙම කලේ නිදහසේ මැරෙන්නවත් බැරි කරල ඔයා මාව අතෑරල යන්න ගියේ කොහොමද......

ක්...කොහොමද මං  මේ ගැහෙන පපුව නවතින්න දෙන්නෙ තාත්තෙහ්...

රස්නෙයි මට... ඔයාව ඕනිනෙ තාත්තෙ... අනේහ් තුරුල් කරගන්නකෝ... මට රිදෙනවානෙ අනේ අමාරුයි තාත්තේඑහ්....

ඇස් තවත් ඇරගෙන ඉන්න බෑම කියද්දි පපුව ගැහෙනවත් වැඩියෙන් දැනෙද්දි මං ඔහේ කඩාගෙන වැටුනා.....

ඒත් එක්කම හෙන ගහන්න වගේ වීදුරුවක් කුඩු වෙලා යද්දි මං යාන්තම් ඔලුව උස්සල බැලුවෙ ඇස් නිලංකාර වේගෙන යද්දි....

" ශිට් මා...විහ්"

වින්ඩෝ ග්ලාස් එක මල් වාස් එකකින් ගහල කුඩු කරපු විනුද් කාමරේට පැන්නෙ තට්ටු දෙකක් බිත්තියක් බටයක් දිගේ විනාඩියට බඩගෑවෙ කොහොමද කියල ඌටවත් හිතාගන්න බැරි වෙද්දි......

ඒත් ඇතුලට එද්දිම දැකපු දේ එක්ක මෙච්චර වෙලා හිතේ හයියට කෙලින්තිබ්බ කකුල් පවා පණ නැතිව යද්දි කොල්ල පුලුවන් ඉක්මනට අයුල් ලගට දුවගෙන ගියා...

පිස්සෙක් වගේ කොන්ඩෙත් අවුල් කරන් මූනත් සුදුමැලිවෙලා හොදටම..... පැය කීයක්ද මෙහෙම....

ෆියුනරල් එක ෆියුනරල් හෝල් එකක තියන නිසා ඒකෙ වැඩ ඔක්කොම වගේ බලල කරන්න උනේ විනුද්‍ට... මොකද මෙලීගෙ තත්වෙත් හිතපු තරම් හොද නෑ.... මුලින් හයියට හිටියට තාත්තගෙ බොඩි එක්ක දැක්ක ගමන් කෙල්ල ෆේන්ට් උනා.......

මෙලීව චූටි එක්ක රෙස්ට් කරන්න යැව්වත් කෙල්ල නෙවෙයි තාත්ත ලගින් හෙල්ලුනේ.... අන්තිම වතාවටවත් ඒ පපුවට රස්නෙ පිට තුරුල් වෙන්න බැරි උන එක ඔයා මගේම තාත්තා කියාගන්න බැරි උන එක කෙල්ලගෙ හිත බිදලම දාල තිබුනා.....

ඒත් අයුල්ගෙ තත්වෙ ඊටත් නරකයි.. මෙලී හිටියෙත් හරි සිහියක නෙවෙයි වෙද්දි අයුල්ගෙ තත්වෙ කෙල්ලට අමතක වෙලා ගිහින් තිබුනා....

ඒත් මොන වැඩේ කලත් විනුද්ගෙ සිහිය තිබුනෙ ගෙදර උඩ කොනේම කාමරේ ඇතුලෙ වෙද්දි ඒ දොර යටින් ඇතුලට තල්ලු  කරපු චූටිගෙ පෝන් එක එක්ක හිටපු කෝල් එකෙන් හිටිගමන් හරි බරට වැටෙන හුස්ම සද්දෙයි පොඩි වෙන බියර් කෑන් සද්දෙයි නිසා කොල්ලට පුලුවන් උනා කොහොමහරි වැඩ ටික බලල කරන්න..... ඒ ටික ඉවර කරල ඉතුරු ටික තාත්තට පවරල කොල්ල ඒ පිම්මටම ගෙදර දිව්වෙ ඇතුලෙ හිටපු ගාඩ්ලටත් ෆියුනරල් එකට යන්න කියාගෙනම කොල්ල උඩට ගියේ....

ගිහින් කතා කලත් අතුලෙ ඉන්න මනුස්සය නෙවෙයි මීක් කිව්වෙ... විනුද් දන්නව කොල්ල ඉන්න තත්වෙ හොදටම ඒ දැන දැනත් හිතේ තරහට කැ ගහල බැරිම තැන තමයි ජනේලෙත් කුඩු කරල දාන් පැන්නෙ......

හදපන්කො කුඩු කලා වගේ නෙවෙයි ඕව හදන්න ගියාම...

ඒත් ඒ වගේ දෙයක් ඒ තරම් දෙයක් කොල්ල බලාපොරොත්තු උනේ නෑ කීයටවත්.......

"මේ මගුල කොහෙද තිබුනෙ......"

ලිකර් බෝතලය්ක්ම අමුවෙන්ම ගහල තිබුන කොල්ලව දකිද්දි විනුද්ට තමන් ගැනම ඇති උනේ කේන්තියක්..... තමන්ගෙ නොසැලකිලිමත් කම විනුද් තමන්ටම බනින ගමන් ගිහින් බෙල්ලත් බිමටම බරකරන් ඉන්න කොල්ල ගාවට අඩියට දෙකට ලං වෙද්දි.....

බිමට බරකරන් හිටපු මූන උස්සල කොල්ල විනුද් දිහා බැලුවා...

දෙයියනේ ඒ මූන

විනුද්ගෙ ඇස්වල කදුලු වාන් දාන්න ගද්දි දාඩිය නාලා ලිකර්තුත් නාල ඉන්න කොල්ලව උස්සල අත් දෙකට අරන් ඇදෙන් තියල එහෙමම වොශ් රූම් එකට ගිගින් වතුර එකකුයි රෙදි කෑල්ලකුයි අරන් ආවා....

පස්සෙ හෙමීට කොල්ලගෙ ශර්ට් එක පන්නලා අයින් කරලා හෙමින්ම කලිසම ත් ගලවල අයින් කලේ බොක්සර් එක විතරක් ඉතුරු වෙද්දි......

ඕවට විරුද්ධ වෙන්න සිහියක නෙවෙයි කොල්ල හිටියෙ... නැත්තන් බලාගන්න තිබුනා....

ඉතින් ඔහේ සිවිලිම දිහාට වැටුන ඒ ඇස් ඉබේම පියවිලා ගියා.....

වෙනද මෙහෙම දැක්ලොත් නැගීගෙන එන හැගීම් වෙනුවට අද කොල්ලට දැනුනෙ පපුව උල් පිහියකින් හූරගෙන යනව වගේ වේදනාවක්..... පපුවෙ තියෙන ප්ලාස්ටර් එක පරිස්සම් කරගෙන ඇග තෙමලාපිහලා කොල්ලව සෝෆ එකෙන් උස්සන් ගිහින් තියල ඇද ගසල සුප් පැල්ලම් පවාහිටලා තිබුන බෙඩ් ශීට් අයින් කරලා අලුත් ශීට් දාල කොල්ලව ඇදෙන් තියලා බොක්සර් එකත් ගලවල අයින් කරල එහෙම ම බෙඩ් ශීට් එකක් හොදට පෙරෙව්වා.....

එදා කිව්ව වගේම අවසරයක් නැතුව හැගීම් ගාවගන්නවත් විනුද්ට ඕන උනේ නෑ.....

ඉතිං සිහියත් අසිහියත් නිසා කොල්ලගෙ යන්තම්  පන ගහපු හැගීම් යන්තම්වත් කොල්ල දැක්කෙ නෑ.....

ටිකක් වෙලා ඒ මූන දිහාම බලන් ඉදලා නලලට තොල් තද කරපු කොල්ල නැගිටල ගිහින් බියර් ටින් කුඩු වෙලා තිබුන වාස් කෑලි රෙදි ඒව මේව අවුල් වෙලා තිබුන කාමරේ අස් කරලා ඒව ඩස්බින් දාලා අත පය විතරක් හෝදගෙන කොල්ලගෙ ලගට ආවා...

වොශ් එකක් දාන්නම ඕන මොකද ඇගට පුදුම මහන්සි ඊටත් වඩා බඩගිනියි... උරහිසෙන් නලලෙන් පවා දැනෙන්නෙත් එසේ මෙසේ කැක්කුමක් නෙවෙයි .... කොල්ලගෙම උරහිසේ තුවාලෙන් ආපු ලේත් ශර්ට් එකේ.....ඒ පිටින්ම තමයි ෆියුනරල් එක අස්සෙත් කොල්ල දුව දුව වැඩ කලේ.....

බෙහෙත් දගන්න චූටි කෑගැහුවත් විනාඩියක් වත් තව පරක්කු වෙන්න කොල්ලට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ...

මෙච්චර වෙලා හිතේ හයියට හිටියට චූටි බලෙන්ම වගේ අම්ම එක්ක එකතු වෙලා පොවපු සුප් හැදි තුන හතර විතරයි මේ දවස් ගානටම කොල්ල අරන් තිබ්බෙ....

දැන් උනත් අයුල්ව ඇහැරලා හදන් ආපු සුප් එක පොවන්න තව පරක්කු වෙන්න බැරි නිසයි පස්සෙම වොශ් දාන්න හිතුවෙ.....

" මාවි"

"........"

" කෝ ඇහැරෙන්නකො මේක බීල නිදාගමුකො "

"..ම්හ්ම්...."

" මගෙ මැණික "

නිදිමතයි ඇගේ වේදනාවයි සර්ජරි එක නිසා දැනුන මහන්සි ය ඔය ඔක්කොම එක්ක හරියට කෑමක් නැතුව හාමත් ගතියයි එක්ක මේ ලෝකෙ සිහියක් නැතුවම ඇස් ඇරපු කොල්ලට බලෙන්ම වගේ සුප් බෝල් එකම විනුද් පොවාගත්තා...විනුද් ගෙ ඇස්වල කදුලු පිරිලා....ආයෙම කවදාවත් කොල්ලව මේ විදිහට දකින්න විනුද් හීනෙන්වත් හිතුවෙ නෑ.... කොල්ලට ඇහැරුනාම හෙට මේ මුකුත්ම මතක නෑ..... එදා වගේම...... පපුව හිරකරන හැගීම විනුද්ට දරාගන්න අමාරුයි වගේ දැනුනා... දැන් කොල්ලට ඕන මේ කොල්ලව පපුව අස්සටම දාල හංගගන්න..... ඒත්....

වතුර ටිකකුත් පොඩි දරුවෙක්ට පොවන්න වගේ පොවාගෙන කට වටෙත් පිහල ආයෙම කොල්ලව ඇදෙන් හාන්සි කලා......

ඊට පස්සෙ විනුද් වොශ් දාන් ආවෙ දැකපු දෙයින් කොල්ලගෙ මූනට කොච්චර කාලෙකට පස්සෙදෝ ලස්සනම ලස්සන හිනාවක් එද්දි.....

රස්නෙ නිසාම පෙරවපු ශීට් එක එහාට කරන් කිරිතේ පාට පස්සත් උඩදාගෙන කකුල් දෙකත් දෙපැත්තට විසිකරන් කොට්ටෙත් බදන් කම්මුල් පවා පුම්බන්  කිසිම විලිලැජ්ජාවක නාමයක් නැතුව නිදාගෙන ඉන්න ලස්සන සුරදූතයෙක් තමයි කොල්ලගෙ මූනට අවුරුද්දකට විතර පස්සෙම ඔය ලස්සන හිනාව ආවෙ......ඔහොම දැකපු පලවෙනි පාර නෙවෙයි ඔය... ඒත් එදායින් පස්සෙ විනුද් හිතුවෙ ආපහු ඔහොම දකින්න දෙන්නගෙම හැගීම් මැද්දෙ කියල...

ඒත් දෛවය කොච්චර නම් සෙල්ලම් කරනවද මිනිස්සුන්ගෙ අහිංසක  බලාපොරොත්තු එක්ක....

හැමදාම වගේ අදත්

දුවන් ගිහින් බදාගෙන පොඩි වෙනකන්ම ඉබින්න ඕනකම කොච්චරක්දෝ කොල්ලගෙ කකුලෙ ඇගිලි පවා පොඩි වෙලා ගියත් අත් මිට මොලවගත්තු කොල්ල ඒසී එක වැඩි කරලා ආයෙ බෙඩ් ශීට් එක පොරවල අයුල්ගෙම ඇදුමක් හිරට හිරේම ඇදගෙන ආයෙ පහලට යන්න ගියේ තාත්තට කතා කරන ගමන්.......

ඔය කට්ටියම තරම් සමහර විට ඊටත් වඩා තව මනුස්සයෙක් ගෙ පපුව වේදනාවෙන් පිරිලා ගිහින් තිබුනා......

ඒත් අඩුම ඇහැට කදුලු බිංදුවක් ගන්නවත් පුලුවන් කමක් ඒ මනුස්සය ට තිබුනෙ නෑ....

දහස් වාරයක් සමාවෙන්න කියල පපුව පැලෙනකන් ඒ පපුව ඇතුලෙම ඉදන් කෑ ගහනව ඇරෙන්න......

🤍<3

-----------------------------------------------------------

වැටවල් බැදන් ඉන්නේවගෙ වැටවල් බිදුනම තමයි බලන්නෝන

වාන් දාන විදිහ 🌙👀

____________________________________________________________________________

කතාව හොදයි නම් හරි අඩුපාඩු තියෙය් නම් හරි හිතෙන මොකක්ම හරි කියාගෙන යන්නකෝ...

අඩුම මං වෙනුවෙන් ❤️‍🩹

මේ සිංදුවේ තේරුම දන්නවද...

ඒක හරිම ලස්සනයි  ❤️🥺

Share This Chapter