Back
/ 41
Chapter 39

තිස් අටවෙනි කොටස

No more | Ongoing

'මට ක්ලබ් එකට යන්න ඕන '

ගිහින් ඉක්මනට එනව  රෑට කෑම ගේන්නෙපා '

මෙලීට මැසේජ් එකකුත් දාන් මං නැගිට්ටෙ පික් මී එකක් දාගන්න ගමන්..... ඒ එක්කම කෝල් එකක් ආව

" විකාර ද ආයු...මේ රෑ වෙලා ක්ලබ් යන්නෙ අනික කවදාවත් නැතුව "

" රෑ නැතුව දවල් යන්නද "

" ආයු මං එන්නද ඔහොම ඉන්නකො මං ඉක්-"

" නෑ මට ටිකක් ඉන්න ඕන බයවෙන්නෙපා මෙලී මං ඉක්මනට එන්නම්... "

" ඒත් අහන්නකො ඔයාගෙ ඇල්කොහොල් ලි-"

" මං ගොඩක් බොන්නෑ "

" අනෙහ් මොකට කියනවද මේ දවස් ටිකේම මං හොදට දැක්ක ඒක "

" බායි උම්මා ආදරෙයි මෙලියෝ "

" ආයූ!! මං-"

මං හිනාවුනා.....කාලෙකට පස්සෙ ..... ලොකු හිස්තැනක් ඇරෙන්න හිනාවෙන්න හේතු මොනවද කියන්නවත් මං දන්නෑ....

'යනවනම් bluegen එකට යනව හරිද.... ආයු ප්ලීස් කියන දේ නාහා අහුවෙන්න එපා'

මෙලීගෙන් මැසේජ් එකක්... මට ලාවට හිනා යද්දි මං හා කියල මැසේජ් එකක් දැම්ම....

මං ක්ලබ් එකට යන්න කියල පික් මී එකට නැග්ගත් ආයෙම සෙමෙටරි එකට යන්න හැරෙව්වා......

කලුවරේම මං ඇවිදන් ගියේ අලුතින් හදපු සොහොන් කොතක් ලගට....මං මුකුත්ම ගත්තෙ නෑ දැන් නම්...හැමදාම ගෙවුන සතියෙම මමයි මෙලීයි මෙතෙන්ට ආවා හවසට පහනක් පත්තු කරන්න..... අද හවස පත්තු කරපු පහන නිවිල ගිගින්......

ඒත් සුදු මල් පොකුර තාම ලස්සන ට තියෙය්

දැන් වෙලාව රෑ හතහමාරට විතර ඇති...... හඳ නෑ අද ඒත් ලොකු තරුවක් පායල තියෙය්...මේ තරුව හැමදාම රෑ අහසෙ බලාගන්න පුළුවන්... මනුස්සයෙක් වැඩිපුරම අහස දිහා බලන්නෙ තමන් හිස් කියල දැනුනම හරි දුක හිතුනම හරිලු..එතකොට හරියට ඔයාව අහන්න මං ඉන්නව කියන්න වගේ මේ තරුව එළිය අඩු වැඩි කරන ගමන් කතා කරනව....

පිස්සුවක් වගේ උනත් ඒ හැඟීම ට මං ආසයි... එයාගෙ එළිය අඩු වැඩි කරන ගමන්  මං කතා කරනව අහන් ඉන්නව දකිද්දි මට ඒ තරුවට ලෝභ හිතෙනවා....

" තාත්තා"

ඒත් ඔයා නැතුව ඉතුරු උන හිස්තැන කාටවත් පුරවන්න බෑනෙ...ඔයාට බැරිද තාත්තෙ අර වගේ තරුවක් වෙන්න..... හැබැයි දවල්ටත් පායන්න...මට හරි පාලුයි..... ඔයා දන්නවද මෙතන ගොඩක් කලුවරයි..... ඒත් මට බය හිතෙන්නෙ නෑ..... මෙලීගෙ ගාඩ්ල මෙතන ඉන්නව කියන්නමං දන්නව.. ඒත් ඒ නිසා නෙවෙයි... ඔයා මෙතන ඉන්න නිසා....ඔයා ලඟ ඉද්ඳි බය හිතෙන්නෙ නෑනෙ මට....

ඇස්වලට කදුලු පිරෙනවත් එක්කම මේ සතියෙම වගේ පපුව ගැහෙන වේගෙ වෙනස් උනේ හරිම අමුතු විදිහට......

මං අත් දෙකෙන්ම පපුව අල්ලගත්තා....

" මං දන්නවා තාත්තේ ඔයා ඉන්නව කියල.... දැනෙනව ද ඔයාට මං අඩනව කිය්ලා.....මං අඩද්දි දුකයි නම් ඇයි මේම මාව දාල ගියේ තාත්තේ.... ඔයා නැතුව මං හොදින් ඉදියි කියල ඔයා හිතුවෙ කොහොමද ......

මැසේජ් එකක් විතරක් අන්තිම වතාවට මං වෙනුවෙන්  තියලා ඔයා ඔහොම ආත්මාර් ..තකා..මී උ..නේ කො..හොමද තාත්...ත්තේ"

මේ සතියෙම හිත කෑගහල කියපු වචන අද ඇත්තටම කෑ ගහල මං කිව්වා.....

" මෙලී ප..ව්ව් තාත්තෙ..... එයාට රිදෙනවා ඇති මටත් වඩා.... ඔයා දැනගෙන හිටියෙ නෑද තාත්තෙ ඒ ඔයාගෙ ම දුව කියල ..... කොල්ලෙක් ට වඩා කෙල්ලෙක්ට තාත්තව දැනෙනවලුනෙ එතකොට මට මෙච්චර රිදෙනවා නම් එයා.. ට එයාට.. කො..ච්චර රිදෙනවා ඇත්ද...තාත්තේ...."

මං ඔහේ කියෙව්වා..... කලුවරයි කිසිම එලියක් නෑ මෙතන....කලින් වගේන්ස්ම් මං බය වෙයි ඒත් දැන් මට කිසිම බයක් දැනුනෙ නෑ..... මං දන්නව තාත්ත ඉන්නව කියන්න......

" ඔයා හරි... මං එයාට ආදරෙයි තාත්තෙ......... මං එයාට සැලකුවෙ නරක විදිහට තමයි ඒත් සතියයිනෙ තාත්තෙ.. ඒක පුංචි කාලයක්නෙ..... මං අවුරුද්දක් ම දුක් උනානෙ.....මං වැරදි නෑනෙ තාත්තෙ...

සමහර විට එයාට උනත් දැන් මට ආදරේ කරන්න බැරි වෙයි"

" කොහොමත් මං ලග දැන් එයාට දෙන්න තරම් ආදරයක් නෑනෙ තාත්තෙ...ඔයා දැක්කනෙ......කතාවට කියන්න වගේම බිදුන වීදුරුවකට පස්සෙ ප්ලාස්ටර්ස් ගැහුව කියල වතුර පුරවන්න බෑනෙ... එයාගෙ පැත්තෙන් එයා සාධාරණයි තමයි...ඒත් එයා නැතුව ගෙවුනෙ මට එයාව ඕනම දවස්...... රෑ නින්දක් තිබුනෙම නෑ.... ඔයා ලඟ ඉද්දි ඇස් පියවුනේ එලිවෙන පාන්දර නිසා හීනෙන් බය නොවුනට තාත්තෙ එයා නැති එක රැයක්වත් මට සැනසීමෙන් ඇස් පියවුනේ නෑ තාත්තෙ.....

නොකිව්වට ඒ දවස් ටිකේ පපුව රිදෙන එක හොදටම වැඩි උනා ඒත් කොහොමද  අසනීපෙන් ඉන්න ඔයාට ඕවා කියන්නෙ...  මට බෑ ඔයාව රිද්දන්න.... අනේ ඒ දවස් හරි ලස්සනයි...ඔයාගෙ ප..පුව අස්..සෙ ආයෙ ගුලි...වෙන්න ඕන..නෙ තාත්...තේ......"

"අඩුම එයාට තිබුන මට කියන්න ... මං තේරුම් ගන්නෙ නැතුව ඉදියිද..... එතකොට වෙන කරන්න දෙයක් නොතිබ්බා නම් එයා අර කෙල්ලව මැරි කරනව නේද කියල හිතෙද්දි මට තවත් සමාවක් වෙනුවෙන්වත් එයාට අවස්තාවක් දෙන්න බෑ හිතෙනව තාත්තෙ.....

ඔයා දන්නවද තාත්තෙ මං මේ ලෝකෙ බයම රිදෙනවට.... ඒත් මගේ හිත කියන්නෙම රිදුනට කමක් නෑ ඉවසන්න කියල ඌ එච්චර ආදරෙයි ඌට... ඌ හරි බයයි තාත්තෙ රිදෙනවට..... ඒත් ඌ කියන්නෙම රිදුනට කමක් නෑ කියල....."

මං ගොඩක් කියෙව්වා... තනියෙම නෙවෙයි .... මගේම ඇග ඇතුලෙ ඉදන් පපුව ගැහෙන සද්දෙ මට උත්තර දුන්නා..... හැමවෙලාවකම ඒ සද්දෙ කිව්වෙ මං ඔයා ලගම ඉන්නව කියල .....ඔයා තනිවෙලා නෑ කියල ....

විනුද් ට ඇත්තටම මාව එපා වෙලාද කියන්න මං දන්නෑ.... ඒත් පෝන් එකේ දැනුත් එයාගෙන් මිස් කෝල්ස් හැටකට වඩා තියෙයි.... මේ සතියෙම ඔහොම තමයි..... ඒත් තිබුන නොරිස්සුමට හිත රිදෙන තරම වැඩි කමටම මං නෙවෙයි මැසේජ් වලට රිප්ලයි කරන්නවත් ගියේ සීන් කරල නිකන් හිටියා මිසක්...

මං කොච්චර දුක් වින්දද හිතෙද්දි, මගේ තාත්ත මාව දාල ගියේ තමුන් නිසා කියල ම හිතෙද්දි....ඊටත් වඩා මාව රවට්ටල අර කෙල්ලව තමුසෙ මැරි කරන්න ගියා කියල හිතෙද්දි.....ඔව් ඉතින් නිශාදි රට යන්න බෑ කිව්වනම් මූ ඒකිව බදින්නනෙ ඉදල තියෙන්නෙ......ඕව මතක් වෙද්දි තමුසෙ ගැන දැනුන හැගීම් ගැනත් පසුතැවෙන මට්ටමටම මං ඇවිත් තිබුනා විනුද්...

දැන් නම් අර මොකක්ද එක කැඩිච්ච මොකාද එකා වගේ, මොකුත්ම කියන්න අඩුම නිදහසට කරුනු ඉදිරිපත් කරන්නවත් අවස්තාවක් නොදී මං හැසිරුන විදිහට පසුතැවීම කියල පොඩිම එකක් හිතීගෙන එනවත් වගේ... ඒ උනාට අර හිතටත් දෙපැත්තක් තියෙනව වගේ හිතේ පැත්තක් පසුතැවෙන්න හදද්දි අනිත් පැත්ත කියන්නෙම ඔහොම කරල මදි ඕකාට කියල, වෙද්දි ආයෙත් අහන්න දෙයක් නෑ මං ඒ පැත්තෙ කියල මං ම පිළිගත්තා..

මූටත් පුදූම වෙස්සන්තර ගතිනෙ තියෙන්නෙ.....කියන්නෙ  නම් කොහොමද......මං ඔයාඤ ආඤරෙයිඤෙ ඤාවි...හහ්...

දැනුත් එකදිගට ගන්නව මං කොහේ ගියාද බලන්න වෙන්නැති.....මෙලීත් ගන්නව මැසේජස්තුත් තියෙය..... මොකද දැන් මං පැයක් විතර ම මෙතන...

පැයක් විතරම කියව කියව ඉදලා..... ක්ලබ් නොගිහින් ම මං හැරුනෙ ගෙදර යන්න උනත් ඔන්නොහෙ ආයෙත් හැරුනෙ ක්ලබ් එකට යන්න.... පික් මී අය්ය බබාට නම් තරහත් ගිහින්ද දන්නෑ දැන් කීපාරක් මගින් හැරෙව්වද.....

ගිහින් කැබ් එකටත් පේ කරල අයිඩී එකත් පෙන්නල ඇතුලට ගියේ දැනටමත් අදාළ පාර්ශ්වේට දැනුම් දීම හම්බෙලා ඇති කියල හිතාගෙනමයි... මෙලීගෙ ඇස් රට වටේ නැතුවට මං වටේ නම් තියෙයි කියල මං දන්නවා... අර සිද්ධි ටිකෙන් පස්සෙම කෙල්ල මොකක් නැතත් ඕක අමතක කලේ නෑ කියන්න මං දැනන් හිටිය.... රට ඉද්දිත් විනුද් ලගෙ දිහා ඉද්දිත් ..... මගේ සීඅයිඩී නෝනා..... අනාගත spetsnaz කෙනෙක්නෙ.... ඒත් ඒක මතක් වෙද්දිත් දුකයි..... ඒ පුහුණුව ගොඩක් අමාරුයි අනික මෙලී රුසියන් ගියොත් මට.........ම්හ්ම්..

හිතන්න ගියොත් සීමාවක් නෑ..... කෙලවර වෙන්නෙත් ඇඩිලාම නිසා මං ඔලුව දෙපාරක් ගසල නිකන් හිටියා....

අම්මෝ මෙතන සද්දෙ....මට පේන්නම බැරි දේ මෙතන පට්ටම සද්දෙ....අනික ලයිට්ස්වලට ඔලුවත් කැරකෙනවා වගේ....මගෙත් ඉත්තෑවො දුවනවනෙ ගෙට වෙලා කාල නිදාගන්නැතුව.....රෙද්ද... ගෑණු පිරිමි භේදයක් නැතුවම නටනවත් නෙවෙයි ඇඹරෙනවද මන්ද.... ඊව්ව්.... ගැරඩි වගේ....

හැබැයි මුන්ට රෙදිවලට නම් වැඩි වියදමක් යන්නෙ නැතුව ඇති... ඇයි යකෝ රෙදි වියතක්වත් නෑනෙ මුන්ගෙ ඇගේ... දැන්නම් සාධාරණ සැකයක් තියෙනව අරූ මේක අස්සෙම ජොබ් එක කරන එකටත් ගල් මූසලයා..... ඔව් ඔව් විනුද් මේකෙ සිංග් කරනවා...

අපෝ මං නම් ආවෙ මූ නිසා නෙවෙයි...

නෑමත් නෙවෙයි හෙට මං කැනඩා යන්න හැදුවෙ... ආයෙ එයිද ශුවර් නෑ ඉතින් අන්තිම වතාවට හරි 'මගේ කොල්ලව' බලන්න ඕන උනා....

උබ මට ආදරෙයිද විනුද්... එතකොට නිශාදිව බදින්න උනා නම් උබ මාව අමතක කරනවද විනුද්....

හැගීම්වලටත් කල් ඉකුත් වීමේ දිනයක් තියෙයි කියන්නෙ බොරුවට නෙවෙයු...

ඔයා මැරි කරානම් ටික දවසකින් ඔය දෙන්න ආදරේ කරයි නේද... නිශාදි කියන්නෙ පුදුම ලස්සන කෙල්ලෙක්...එහෙම උනානම් ඔයා සතුටින් ඉදියි නේද...

මං ඔයාගෙ සතුට නැති කලාද විනුද්

මං කලින් හැමදාම හිතුවෙ මං කවදාවත් ඔයාව මැරි කරන්නෙ නෑනෙ කියල ... දවසක ඔයා කෙල්ලෙක්ව කෙනෙක්ව මැරි කරන්නම ඕනි කියල....

ඒත් එහෙම වෙනව බලන්න තියා හිතද්දිත් මට පට්ට විදිහට රිදෙනවා විනුද්....

මං එච්චර ට උබට ලෝභයි විනුද්... උබේ පපුව අයිති මට විතරයි කියන තරමට....

ඒත් මට එහෙම හිතන්නවත් මොකද්ද තියෙන වටිනාකම කියල හිතෙනව

ශිට්... මං නොහිටින්න සමහරවිට හැමෝගෙම ජීවිත ලස්සන වෙන්න තිබුනා... ම්හ්ම්..

" excuse me sir can i help you"

"Ah mmm මේ… What’s a drink that doesn’t taste too strong but… works fast?"

අහ්...  මං කිව්වෙ හිතන්න ගත්තොත් ගල් පිලිමෙ හිට්ට වගේ ඔහේ මනෝ ලෝකෙක .... බාටෙන්ඩර් කොල්ල කතා කරද්දි තමයි මේ ලෝකෙට ආවෙ ශිට් කදුලුත් ඇවිත් මං ටක්ගාල ඇස් පිහිදන් උත්තර දුන්න....

හේ ටිකක් මත්වෙන්න ඕන ඉතිම්...

"You want something sweet or just something that hits?"

"Umm… I don’t like anything too bitter."

"Long Island Iced Tea, then."

"What’s in it?"

"A lot of things. Vodka, rum, gin, tequila, triple sec. Tastes like iced tea, but don’t be fooled."

"So, it’s a trap?"

"If you drink too many, yeah."

බාටෙන්ඩර් දිහාට හැරුණු මං drinks menu එක අතට අරන් බැලුවෙ ගන්නෙ මොනවද කියල.....ලොකු දැනුමක් නෑ මේව ගැන....  ඉස්සර තාත්තගෙ මහා පරිමාණ  වයින් කලෙක්ශන් එකේ තිබුන ඒව ගැන එහෙන් මෙහෙන් දන්නව විතරයි අඩුම රස අදුරන්නෙත් දෙක තුනක විතරයි...

මං මේ වගේ තැනකට ආවෙත් පලවෙනි වතාවට වෙද්දි ඒක තේරිලාදෝ ඒ මනුස්සයම මුලින්ම කතා කලා.... හැබැයි වැඩි මුකුත්ම නෑ ගාණට කතාව

ආඩම්බරයි වගේ ම හොද පර්සනෑලිටි එකක් තියෙන කොල්ලෙක් වගේ....... ඌ මාත් එක්ක කතා කලෙත් වැඩේ කරන ගමන්......

ඇහැ කොණට කාවදෝ පේනව පේනවා වගේ.... ක්හ්ම්...

බලමුකො චුට්ටක් ඇවිස්සෙයිද කියලා

වයින් ග්ලාස් එකේ දාරෙ වටේ ඇගිල්ලක් අරන් යන ගමන් මං බාටෙන්ඩර් කොල්ලට කතා කලා...

"Hey"

" can i get your number ?"

"Ah...sir..."

"Just act "

"oh ye.. yes "

කොල්ල එකපාරට ගැස්සිලා වගේ මං දිහා බලද්දි මං ඇස්වලින් මගේ පිටිපස්ස බලන්න කියද්දි  ඌත් කපටිය වගේ ඇස් කොණෙන් බලනවත් එක්ක මං කිව්ව දේ තේරිලා වගේ හරිම කියුට් විදිහට පැටලි පැටලි හා කියල පෝන් එකත් අත්දෙකෙන්ම අල්ලන් දික් කලා...... හා පැටියෙක් වගේ

මං වයින් ග්ලාස් එකෙන් උගුරක් බීලාම පෝන් එක අතට ගත්තා.. ඒ එක්කම මගේ අතේ හරි තදට අතක් එතුනා.... මගේ මූණට හිනාවක් එන්න ආවත් මං ඒක බලෙන්ම නවත්තගත්තා... නැත්තන් මහ පැණි හිනාවක් පනින්න ගියේ...

ඒ නහර පෑදුණ ලොකු අතේ අයිතිකාරය මගේ අතේ තිබ්බ පෝන් එක ඇදල ගත්ත වෙද්දි ඒක අරන් සාක්කුවට දාගත්තා....ආපහු අත වයින් ග්ලාස් එකට ගේද්දිම මං ඒක මගේ අතට අරන් ඒකා අල්ලන් ඉන්න මගේ අතත් ගසල ඇදගෙන ටේබල් එකකට ගිහින් වාඩි උනේ ඌට හොද රවාගත්තු බැල්ලුමකුත් දීලමයි.... ඒ මූනෙනුත් යකා නැගල කියල  හොදට තේරෙනවා... මං නම් බය වෙයි...

මං වාඩිවෙලා ඉස්සරහ බලාගෙන වයින් එක බොන්න හදද්දි මං දැක්ක මෙච්චර වෙලා මං දිහා මරන් කන්න වගේදෝ බලන් හිටපු අර කුලුමීමා මෙතනට කඩාගෙන එන්න හදනව ඒත් එක්කම තව මනුස්සයෙක් ඇවිත් එයාට මොකක්ද කිව්ව වෙද්දි මූ ඌටත් රවාගෙනමදෝ ඉස්සරහ ස්ටේජ් එකට ගියා....

"Hey sweet heart....do you like come with me ??"

"අහ් "

එකපාරටම මං ගැස්සිලා වගේ ගියේ ගැරඩි පරාණයක් වගේ ගෑනුලමයෙක් ඇවිත් මගේ උරහිසට අත තියල තොල් අඹර අඹර කතා කරද්දි......

" damn...! you look so hot baby .... wanna try something !?"

" අහ් න්"

" excuse me miss "

මං කතා කරන්න ගියත් එතනට ආපු මනුස්සයෙක් එක්ස්කියුස් කරල ඒ ගර්ල්ගෙ කණට පහත් වෙලා මොනාදෝ මුමුනද්දි අර කෙල්ල මූනත් හට්ටිය වගේ කරන් අර මනුස්සය ටත් ගස්සන් යන්න ගියා..... ඒ මනුස්සය ත් ලාවට හිනාවෙලා යන්න ගියා.....

පණ්ඩිත කමට ආවට මොකද නිකන් ඇගටත් පණ නෑ වගේ මෙතන මිනිස්සු වැඩියි..... මං කැමති ම නෑ.... දැන් නම් නිකන් පපුව ගැහෙන එකත් වැඩි වගේ....

ඒව මේව හිත හිත හිටපු මං පියවි සිහියට හෙන ගහන්න වගේ මුන් කෑගහපු සද්දෙට......මයික් එකක් අරන් කොල්ලෙක් මොනවදෝ හෙන ගොඩක් කියවගෙන ගිහින් නවතිද්දි ඔක්කොම චියර් කලේ නිකන් හරියට මෙතන මැජික් පෙන්නනව කිව්ව වගේ....ඊට පස්සෙ වැස්සක් වැහල පෑව්ව වගේ උනා..... මොකක්ද දන්නෑ අරූ කිව්වෙ ඇහුණෙත් නෑ වෙන සිහියක හිටපු නිසා.......

"I’m not sure if this song matches this moment, and if not, I sincerely apologize... But today, there is someone here. For that person, I truly hope for your support."

'විනුද්'

එයා සිංග් කරන්න යන්නෙ......මොකක්ද ඒ කිව්වෙ......කවුරු ගැනද.....ඒ ඇස් ක්ලබ් එක වටේම ගියා...මං ගැන නෙවෙයි ද... අනේ මට නම් මගේ දිහා එපැයි බලන්න... මොන මගුලක් ද ඇයි මං මෙච්චර බොළඳ... මෙච්චර දවස් හිරඋන කදුලු මේ වගේ පුංචිම දේකට එළියට පනින්නෙ ඇයි.....

හැමෝම මීක් නෑ ලයිට්ස් ඕෆ් උනා... ස්ටේජ් එකට විතරයි ලයිට්ස් ඔන් උනේ.... එහෙන් මෙහෙන් කෙල්ලෙක් කොදුරනව ඇහෙනව...

"මධු චන්ද්‍ර යාමේ මෝදුවේ

උන්මාදනීය රාත්‍රියේ

අනංග දෙවොලේ දල්වා දීපාවලී

මධු චන්ද්‍ර යාමේ මෝදුවේ

වරල සිකි පිල් සෙමෙර සලමින්

නයන නිලුපුල් සුවඳ ඉසිමින්

උරමඩල සියපත් වතින් නිති සරසා

ප්‍රියයාන හදවත තුනු සිරින් සදනූ

මධු චන්ද්‍ර යාමේ මෝදුවේ

උන්මාදනීය රාත්‍රියේ

අනංග දෙවොලේ දල්වා දීපාවලී

මධු චන්ද්‍ර යාමේ මෝදුවේ

දෙතොල මී විත අමා පුදමින්

දෙතන කලසින් පවස නිවමින්

සිරි යහන සුපහස තනා පුලුළුකුලේ

පති කුලය සුමිහිර සදා රැක වසනූ

මධු චන්ද්‍ර යාමේ මෝදුවේ

උන්මාදනීය රාත්‍රියේ

අනංග දෙවොලේ දල්වා දීපාවලී

මධු චන්ද්‍ර යාමේ මෝදුවේ....."

(ලිරික්ස් හරිද දන්නෑ සොරි ඈ වැරදි නම් ඔය ආආආආඅ ආ කියල අදින තැන් එහෙමත් තියෙයි ඈ ඔයාලට අහන්න මං යටින් දාන්නම්.... සිංදුව 🥲

මේක මෙතෙන්ට ගැලපෙනවදත් මන්ද 🥲 )

ඇස් පියාගෙන ම සිංග් කරල අන්තිම කෑල්ලෙදි ඒ ඇස් කෙලින්ම ඇරුනෙ  මං දිහාම බලාගෙන වෙද්දි...ලයිට් එලියට ඒ කම්මුල් දිගේ කදුලු බිංදු දෙකක් දිලිසි දිලිසි පල්ලම් බහිනව මං දැක්කා....

ඒ මූන දිහාමයි මං බලන් හිටියෙ... පපුව ගැහෙනව එලියට පනින්න තරම්......සිංදුව ඉවරවෙද්දිම මිනිස්සු කෑගහන්න ගත්තා.....මට දැනුනෙ හුස්ම හිරවෙනව වගේ....ඒ ඇස් මං දිහාට වැටෙද්දි කොච්චරක්දෝ වෙලාවක් ඒ ඇස් දිහාම බලන් ඉදපු මං අයි කන්ටැක්ට් එක මැදින් කඩල වයින් ග්ලාස් එක එක හුස්මට බීලා දැම්මා...

අම්මෝ ඔලුව

ඔලුව කැරකෙනව දැනෙද්දි... මං ටේබල් එක අල්ලන් කෙලින් උනා..

දැන්නම් වැඩියි වගේ දෙකක් බිව්වනෙ...... හේ විනුද්ල්ත් දෙකක් ඉන්නවද මංදා......ආපහු ස්ටේජ් එක දිහාටත් බැල්මක් දැම්මෙ හැමදේම බොදවෙලා වගේ යද්දි...

" Excuse me "

" yes.. can i help sir"

" mm can i get a room for this night.."

(නිදි කරවන්න හදන්නෙ ඒ ලමයට වැඩි වෙලානෙ 😂🥲)

<3

______________________________________

______________________________________

ඔයාල 18+ ලිව්වොත් කියනවද... චූටි කට්ටියක්නෙ කියවන්න ඉන්නෙ ඔයාල එපා කිව්වොත් ලියන්නෙ නෑමයි... ඒම උනොත් ව්‍යංග්‍යාර්ථයෙන් ලියල දාන්නම් රූල් දෙකකින් වගේ...

අනිවාරෙන්ම උත්තර දෙනවද මේකට...

අහ් මං වැඩිය ඕක ලියන්න දන්නෙත් නෑ හැබැයි 🥲

කියවන වෝට් කරන හැමෝටම ආදරෙයි  <3

Share This Chapter