Back
/ 31
Chapter 13

12.

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

" අම්මා මට ඔයාට කියන්න දෙයක් තියනවා "

අපි හිටියේ රෑ කෑම කන ගමන් , උණ හැදිලා හිටි සිහින දවස් දෙකක් යනකල්ම එයාගේ කාමරේටම වෙලා ඉද්දී අම්මා ඒ දවස් දෙකේ සිහින් ලගින්ම හිටියේ වීක් එන්ඩ් එකේ එයා වෙනදාට කරන් ක්ලාස් වලට පවා නිවාඩු දීලා. අදත් පුරුදු විඩියට ලොකූ උදේම ගෙදරින් පිට වෙලා යද්දී අම්මව දාලා මං ගෙදර එනකොට සිහින පුරුදු විදියටම කාමරේ දොර ලොක් කරන් හිටියා, එයා එක්ක කතා කරන්න උවමනාවක් තිබුනා වුනත් මමත් පාඩුවේ හිටියේ මගෙ හිතේ තියන තරහට මං අතින් එයාගෙ හිත රිදෙන දෙයක් කියවෙයි කියලා. අම්මගේ කටේ බලේට රෑ කෑම කන්න සිහින පහලට එනකොට කාලෙකින් ලොකූත් අපි එක්ක කෑම කන්න ඇවිත් හිටියා.

එදා සිද්ධියෙන් පස්සේ මම තාමත් ලොකූ එක්ක කතා කලේ නෑ , මට එයා එක්ක එකට ඉදන් කෑම කන්න වත් උවමනාවක් නැති වුනත් මෙතනින් නැගිටලා යන්න ගිහින් මොකුත් නොදන්න අම්මාට හේතු පැහැදිලි කරන්න බැරි කමට මං පාඩුවේ හිටියමන්

" ආහ් ඉලන්දාරියට අම්මට කියන්න දේවලුත් තියනවා නේහ් කියමු බලන්න."

අයියා ටිකක් සීරියස් විදියට කතා කළත් වැඩි ගානකට නැතුව අම්මා එහෙම කීවේ සිහිනගේ පිගානට තව කෑම බෙදන ගමං.

" අම්මා මායි ශානි ඉක්මනට මැරි කරන්න හිතං ඉන්නේ"

ලොකූ හිටි හැටියේ කියපු දේ නිසා මට නිකම්ම ඒ දිහා බැලවෙනකොට මෙච්චර වෙලා අපි හැමෝගෙම ඇස් මග ඇරලා කෑම එක අත ගගා හිටි සිහිනත් ඔලුව උස්සලා ලොකූ දිහා බැලුවේ ඒ ඇහුන දේ අදහා ගන්න බැරුව වගේ.

" මොකද්ද ලොකූ කියන්නේ? "

අම්මා එහෙම අහුවේ ඇස් කොනින් සිහින දිහාත් බලන ගමන් , බැරි වෙලා හරි අම්මා මොනා හරි දැන්ම් ඉන්න ඇතිද ? ඒත් සිහිනගෙ නම් ඇස් නැවතිලා තිබුනේ ලොකූ ළඟ විතරයි.

" අම්මා මායි ශානි අතර අවුරුදු ගානක ඉදන් affair එකක් තියනවා ආන්ටී අන්කලුයි දැනම් හිටියා එයාලා කැමතී එයාලගේ බිස්නස් මටයි ශානිටයි බාර දීලා ඒවගෙන් අයින් වෙන්න ඉතින් එයලාත් කියනවා ඉක්මනට මැරි කරන්න කියලා "

" ඒයාල මේව දැන්ම් හිටියද ඒ කියන්නෙ? ඇයි මට කීවේ නැත්තේ, අප්පච්චි වත් දන්නවද? "

" නෑ අම්මා මං කියන්න හිටියේ ශානි ආවම "

" දේවකලා කලින් ඉදන් දන්නව නම් ඇයි ඔයාට මටයි අප්පච්චිටයි කියන්න බැරි වුනේ? ඔයා හොදටම දන්නවනේ ලොකූ වැරදි දෙයක් නෙවේ නම් අපි ඔයාලගේ කැමත්තට ඉඩ දෙනවා කියලා "

" මං දන්නවා අම්මා එත්.. "

" ඔයාට තිබුනේ මැරේජ් එකට දිනත් දාගෙනම අපිට කියන්නනේ ඇයි දැන්ම කීවේ?"

එහෙම කියපු අම්මා එතනින නැගිටලා ගියා අම්මා හිටියේ තරහා ගිහින්, අම්මාට තරහ යන එක සධාරනයි ලොකූ හැමදේම දේවක අන්කල්ලා එක්ක කතා කරගෙන ඉක්මනට මැරි කරන්න ඉන්නේ කියලා අම්මාට කියද්දී එයාට මොනවා හිතෙනවා ඇතිද? ඇයි ලොකූ මෙහෙම අත්මාර්ථකාමී විදියට හැසිරෙන්නේ ,

අම්මා නැගිටලා ගියාම කකා හිටි එකත් පැත්තට දාපු ලොකුත් එතනින් යන්න ගියේ කෑම මෙසේ හිටපු අපි දෙන්න දිහා වත් නොබලා. ඒ එක්කම මට බැලුණේ මං එහා පැත්තේ හිටි සිහින දිහා, එයාව වෙව්ලනවා

" සිහින "

බිමට නමා ගෙන හිටි ඒ ඇස් මගේ පැත්ත බලනකොට , මේ දවස් ටිකේම එයගේ ඇස් වලට කදුලු කියන්නෙ නුහුරු දෙයක් නොවුනත් ඒ කදුලු දකින ගානට මගේ හිතට දැනෙන වේදනාවට නම් මට කවදවත් හුරු වෙන්න බැරි වෙයි.

මගේ දිහාට එක බැල්මක් විතරක් දීපු සිහින එතනින් නැගිටලා යද්දී මං විතරක් තනි වුනේ කරන්නෙ මොකද්ද කියලා මටත් හිතා ගන්න බැරි කරලා. එයා එක්ක කතා කරන්නද?

ඕන එකක් වෙන්න කියලා එයාගේ පස්සෙන් ගිය මම සිහින කාමරේ දොර ලොක් කර ගන්න කලින් එයාව නතර කලා.

" සිහින අපි කතා කරමු "

" ප්ලීස් මට පාඩුවේ ඉන්න දෙන්න මල්ලි "

" කාමරේ අස්සට වෙලා දොරවල් වහන් හිටියට ප්‍රශ්න විසදෙන් නෑනෙ "

" මට පුළුවන් මං ගැන බලා ගන්න "

සිහින එහෙම කීවම මට ආවේ තරහක් , තනියම ඔක්කොම කරගන්න පුළුවන් නිසානෙ මෙච්චර හරියක් කරන් තියෙන්නෙ

ආපු තරහටම මං සිහිනව ඇතුලට කරලා එයාගේ කාමරේ දොර වහලා දැන්මා.

" මොකද්ද ඔයාට වෙලා තියෙන්නෙ මං කීවනේ මට පාඩුවේ ඉන්න දෙන්න කියලා "

මං ලොකු හුස්මක් අරන් සන්සුන් වෙන්න හැදුවා තරහා අරන් බෑනේ එයා කෑ ගහන්නේ දුක හිතිලා ඉන්න නිසානෙ

" සිහින අහන්න... "

" මට මොකුත් අහන්න ඕනි නෑ මං දන්නවා දැන් ඔයාටත් සතුටු ඇති කියලා ඒ නිසා ප්ලීස් මෙතනින් යන්න ශෙනාල් "

" මොකද්ද ඔයා කියන්නේ? "

" ඔයත් හිතන්නේ මං මෝඩයෙක් කියලද , ඔයා මේ ගෙදර මග අරින්න ගත්තෙ කොයි කාලෙ ඉදන් කියලා මට තේරෙන්නේ නෑ කියලද ඔයා හිතන්නේ? ඔයාගේ අයියාට මං ආදරේයි කීව දවසේ ඉදන් ඔයා කරේ මග අරින එක නෙවෙයිද මල්ලි ? දැන් එයා අර ගර්ල්ව මැරි කරලා සතුටින් ඉදීනෙ ඔයාටත් දැන් සතුටු නැද්ද අයියා මං වගේ කෙනෙක්ගෙන් බේරුන එකට? "

" ඔයා වගේ කෙනෙක් ? "

" ඔව්ව් කොලුකාරයෙක් හැමොම කියනවා වගේ මානසික ලෙඩෙක් , ඔයාට සතුටුයි නේද අයියාව මගෙන් ගලව ගන්න පුළුවන් වුන එකට? මාව දකින ගානට මග ඇරියේ අනික් හැමෝටම වගේ ඔයාටත් මාව අප්පිරිය නිසා නේද ? ඔයාලගේ වරදක් නෑ මටත් මාව දැන් අප්පිරියයි මට කණ්ණාඩියකින් වත් මගේ මූණ බලන්න හිතෙන්නේ නෑ , මං කොහොමද මගේ අහිංසක අම්මාට මූණ දෙන්නේ මං කොහොමද මේ දේවල් දරා ගන්නේ මටත් තියෙන්නෙ හිතක්නේ? ඇයි ඔයාලා කාටවත් තේරෙන් නැත්තේ? පාවිච්චි කරලා විසික් කරන්න පුළුවන් සෙල්ලම් බඩුවක් නෙවෙයි මම. මටත් රිදෙනවා "

පලවෙනි ටික කෑගල කීවත් අන්තිම වචන ටික කියනකොට එයා ඉකි ගහලා අඬන්න පටන් ගත්තා නිසා මං එයවා මගේ ලගට ඇදලා අරන් මගේ අත් අස්සේ හිර කර ගත්තා.එයගේ හිතේ කොච්චර දුකක් හිර කරන් ඉන්නවා ඇතිද ? මට හිතා ගන්න වත් බෑ සිහින කියන්නේ මෙහෙම අඬන්න ඕනි කෙනෙක් නෙවෙයි. මං දකින්න ආසම එයාගේ කම්මුල් වල ගැහෙන හිනාව මිසක් මේ විදියට මැලවිලා යට ගිහින් තියන කම්මුල් නෙවෙයි, තරු කැට වගේ දිලිසෙන ඇස් මිසක් කදුලු උල්පතක් නෙවෙයි. ඔයාට තිබුනේ මේ තරම් ඉක්මනට බිදිලා යන හිතක් නම් ඇයි සිහින ඔයාට බැරි වුනේ පරිස්සම් වෙන්න, මේ තරම් කැඩිලා බිදිලා යන්න තරමට ඔයා ලොකූට ආදරේ කලාද?

" ෂ්!! මොනවද ඔයා මේ කියන්නේ සිහින ඔයා හිතන විදියේ දෙයක් නෑ මට ඔයාව අප්පිරිය නෑ, ඔයාටම මෙහෙම කර ගන්න එපා. අ

ආදරේ කරන එක කොහොමද වරදක් වෙන්නේ? ම්ම් එක මානසික ලෙඩක් නම් ආදරේ කරන හැමෝටම පිස්සු වෙන්න ඕනිනෙ. ඔයාවම ඔය විදියට පහත් කරලා කතා කරන්න එපා අයියේ ම්ම්?"

" මං නිර්වාන්ට ගොඩක් ආදරේයි "

" මං දන්නවා"

" අනේ මට එයාව ගෙනත් දෙන්න මල්ලි "

මගේ පපුවට තුරුල් වෙලා වෙන කෙනෙක්ගේ ආදරේ ඉල්ලනකොට මගේ හිත ඔයා වෙනුවෙන්ම කෑ ගහන විදිය ඔයාට ඇහෙන් නැද්ද සිහින ? මට ගෙනත් දෙන්න පුළුවන් වුනා නම් මං දෙපාරක් නොහිතා ඔයාට අයියාව ගෙනත් දෙනවා ඒත් ඒ වගේ එකෙක්ට ඔය වගේ අහිංසක හිතක අගයක් නෑ කියලා දැන දැනම ආපහු පාරක් ඔයාව ඒ වලටම ඇදලා දාන්න මට බෑ.

දැකපු දවසේ ඉදන් මගේ ඇස් ඔයා ළඟ විතරක් නවතිනකොට ඔයාගේ ඇස් හෙව්වෙම අයියාව විතරයි, ඒ හැම වෙලාවකම මට කොයි තරම් රිදුනද කියලා ඔයා දන්නේවත් නෑ සිහින මට තාමත් රිදෙනවා.

පොඩි කාලේ අයියා එක්ක සෙල්ලම් බඩුවක් වත් බෙදා ගන්න අකමැති වුන මම ඔයාගේ සතුට ගැන හිතලා එදා අත්මාර්ථකාමී නොවී ඈත ඉදන් බලන් හිටියට ඒකෙන් අන්තිමේදි ඔයාටවත් මට වත් සතුටක් ලැබුනේ නැත්තම් මේ සැරේ නම් මං ඔයාව කීයට වත් අත අරින්නේ නෑ සිහින.

...................................................................

හිචිචි එකක් දුන්න.

ඔහොම හිටියට ශෙනාල්ටත් තරහා යනවා හොදේ.

Share This Chapter