Back
/ 31
Chapter 14

13.

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

අදත් අහස කලු කරලා ලොකු වැස්සක් එන්න වගේ. සැරින් සැරේ කඩන් වැටෙන වැහි බිංදු එක දෙක වින්ඩ්ස්ක්‍රීන් එකේ වදිනකොට මගෙ එහා පැත්තේ හිටිය අම්මා ඒ දිහා බලලා ලොකු හුස්මක් පිට කලා.

වෙනදට හිනාවක් වරදින් නැති අම්මාගෙ මූණ අද වැහි අහස වගේ වෙලා තිබුනා.

" අම්මා මොනාද කල්පනා කරන්නේ? "

" මට තේරෙන්නේ නෑ චූටි පුතා අයියගේ වැඩ, මට වෙලාවකට හිතෙනවා අපි එයාට නිදහස දුන්නා වැඩීද කියලා "

ඊයෙ සිද්ධියෙන් පස්සේ අම්මා හිටියේ ලොකූ එක්ක හිත හොදින් නෙවෙයි.අද උදෙත් ලොකූ අම්මා එක්ක කතා කරන්න හැදුවත් අම්මා කලේ එයාව මග ඇරලා ආපු එක.

" අම්මා ශානි අක්කිට කැමති නැන්ද ?"

" එහෙම දෙයක් නෙවෙයි චූටි පුතා ඒ ළමයගේ වරදක් නෑ ඒත් මට තේරෙන්නේ නැත්තෙ ගහෙන් ගෙඩි එන්නා වගේ ලොකූ මේ කරන වැඩ එයාට තව අවුරුද්දක් එහෙම්ම තියනවා කැම්පස් එකෙත් එහෙම එකේ මේවා හදිසි කරන්නේ ඇයි ? අනික් එක එහෙම දෙයක් තියන්වා නම් මායි අප්පච්චි එක්ක කතා බහ කරල තීරණය කරන්න එපැයි "

ලොකූ කවදාවත් වැඩ කලේ එයාගේ තනි කැමැත්තට තමයි මං වුනත් එහෙමයි අම්මා අප්පච්චි හැමදාම අපේ පස්සේ හිටියා උනත් අපි ලවා එයාලට ඕන දේවල් කර ගන්න කවදාවත් බල කරලා නෑ. ඉතින් එහෙම එකේ ලොකූට මෙච්චර කාලයක් මේ දේවල් හංගගෙන ඉන්න කිසිම හේතුවක් නෑ.

ඒත් මේ හැමදෙයින්ම පස්සෙ ලොකූ ගැන මගෙ හිතේ  තියෙන්නෙ කලකිරීමක් විතරයි. ඒ නිසා ඇත්තටම එයා මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා හිතන්නවත් මට නම් උවමනාවක් නෑ..

" කැමති දෙයක් කර ගත්ත දෙන් අම්මා, කොහොමත් දැන් ඕක කරගන්නවාම කියන තීරණේනෙ එයා ඉන්නේ."

" අනේ මංදා ළමයෝ අප්පච්චි කීවා දේවකලා එක්ක කතා කරලා බලන්නම් කියලා"

" හ්ම්ම් , අම්මා වාහනේ ඇතුලටම දාන්නද වැස්ස තද කරලානේ "

" එපා පුතා ළමයිනට කරදරයි මේ වැස්සේ ගේට් එක ගාවින් දාන්නකෝ "

අම්මා කීවා විදියට වෙනදා වගේම  ඉස්කෝලේ  ගේට් එක ගාවින් මම කාර් එක නතර කලේ එන්න එන්න තද කරන වැස්සෙන් බේරෙන්න ඇවිස්සුන කඩි ගුලක් වගේ ළමයි ඇතුලට දුවන දිහා බලාගෙන.

" චූටි පුතා "

වහනෙන් බහින්න ගිය අම්මා නැවතිලා ආපහු මට කතා කරනකොට ඒ කටහඩේ වෙනසක් තේරුන නිසාම මං ආපහු අම්මා දිහා බලනකොට අම්මාත් ඇස් හීනි කරන් මගේ දිහාම බලන් හිටියා.

" ඔයාලා මට මොනවා හරි හංගනවද? "

" ඇයි අම්මා එහෙම ඇහුවෙ ?"

" මං දන්නෑ ළඟදි ඉඳලා ඔය තුන් දෙනාගෙම හැසිරීම් අමුතුයි. "

" එහෙම දෙයක් නෑ "

" හ්ම්ම් මං හොයා ගන්නම්කෝ හැබැයි ඔයා එහෙම අයියා වගේ නටන්න නම් ලෑස්ති වෙන්න එපා මගෙන කුඩ පාරක් තමයි හම්බෙන්නේ එහෙම වුනොත් දෙකක් තුනක් ගහලා හදපු නැති එකේ වැරැද්ද "

ඉදලන්න ගත්ත කුඩේ මගේ පැත්තට දික් කරලා මට සද්දකුත් දාලා අම්මා බැහැලා ගියාම සුපුරුදු විදියට ජිම් එකට යනවා වෙනුවට මං වාහනේ හරවලා අපහූ ගෙදර එන්න ආවා.

ගෙවල් පාරට හැරෙන තැන තියන බස් හෝල්ට් එකේ හුරුපුරුදු රූපයක් මං බලාපොරොත්තු වුන විදියටම ඉන්නවා දැකපු නිසා මං වාහනේ ඒ ඉස්සරහ නතර කලා.

වටේ පිටේ වෙන දේවල් ගැන වගක් වත් නැති ගානට වැස්ස දිහා බලගෙන ලොකු කල්පනාවක හිටි සිහිනගෙ අවදානේ ගන්න මට කීප වතාවක්ම හෝන් එක ගැහුවත් සිහිනගෙ ඇර හෝල්ට් එකේ හිටපු අනික් සේරගෙම අවදානේ ගන්න මට පුළුවන් වුනා..

තවත් හෝන් කරලා තේරුමක් නැති තැන දෙපාරක් නොහිතා වැස්සේම වාහනෙන් බැහැපු මම එයා ඉස්සරහ හිට ගත්තා.

" ශෙනාල් ?? "

" ශෙනාල් තමයි කොයි ලෝකෙද ඉන්නේ ?"

" ඔයා ඇයි මෙතන ? "

මං කියපු දේ සත පහකට මායිම් නොකර මං දිහා නුරුස්සන බැල්මකින් උඩ ඉදන් යටට බලපු  සිහින මගේ ඇස් මග ඇරලා එහෙම අහුවා. ඊයේ මට තුරුල් වෙලා අයියාව ගෙනත් දෙන්න කිය කිය අඩපු සිහින එයාගේ ඇඩිල්ල නැවතුන ගමන් මාව කාමරෙන් එලියට දැන්මේ තනියම ඉන්න ඕනි කියලා.

ගෙවිච්ච පැය ගාන ඇතුලත මං සිහිනගේ මීට කලින් නොදැකපු පැත්තක් දැක්කා, හැමදාම අහිංසකකම විතරයි දැකපු ඒ ඇස් වල මේ වෙලාවෙ පිරිලා තිබුනේ මං කලින් නොදැකපු හිතුවක්කාරකමක්. ඒත් අනේ මංදා මට මේ හිතුවක්කාර ඇසුත් ලස්සනට පේනවා.

" වාහනේට නගින්න මං ගිහින් දාන්නම් "

" දැන් බස් එකක් එයි "

" බස් එකක් නෙවේ මං මෙතන නවත්තන් ඉදපු ටිකටම බස් දෙක තුනක්ම ගියා යනවා නම් සිහියෙන් නෙවේනෙ හිටියේ. නගින්න මෙතන වැඩි වෙලා නවතගෙන ඉන්න බෑ."

මේ වෙනකොටත් හෝල්ට් එකේ හිටි දෙතුන් දෙනෙකුගෙම අවදනේ බාගෙට තෙමිලා ඉන්න මගේයි සිහිනගෙයි දිහාවට වැටිලා තියන නිසා තවත් එතන් ඉන්න උවමනාවක් නොතිබුණ මම සිහින මොකුත් කියන්න කලිම්ම එයව ඇදන් ගිහින් වාහනේට නග්ග ගත්තා.

" සීට් බෙල්ට් එක දාගන්න "

තවමත් නුරුස්සන බැල්මකින් ම๬ දිහා බලන් ඉන්න සිහින මං එහෙම කියනකොට රවලා සීට් බෙල්ට් එක දාගත්තේ සෙනඟ ඉස්සරහ එයාව බලෙන් ඇදන් ඇවිත් වාහනේට දා ගත්ත තරහා නිසා වෙන්න ඇති. එයාගෙත් ඔක්කොම පාට් මට තමයි.

බුම්මාගෙනම අහක බලන් ඉන්න සිහිනව මට පෙනුණේ අර එෆ්බී මීම්ස් වල ඔරවන් ඉන්න පිම්බිච්ච පූස් පැටියෙක් වගේ. මිරිකන්නත් හිතෙනවා ඒ කම්මුල් දැක්කම ඕවා කරන්න ගිහින් ගුටි කන්න වෙයිද කියලා ශුවර් නැති නිසා මං එයාට ඇති තරම් පුම්බන්න කියලා ඩ්‍රයිව් කරන්න ගත්තා.

කැම්පස් එක ලගට එනකල් වත් අපි අතර කතාවක් තිබුනේ නෑ කොහොමත් සිහින මේ දවස් වල ඉන්නේ හොද මානසිකත්වෙක නෙවෙයි කියන්න මං දන්නවා , අම්මා උනත් අරහෙම අහන්න ඇත්තේ සිහනගේ වෙනස එයාටත් තේරුන නිසා වෙන්නැති , වෙනදා පුළුවන් හැම වෙලේම අම්මා එක්ක දැවටි දැවටි රටේම නැති ඕප දූප කියව කියව ඉන්න එයා මේ ටිකේම කරේ කාමරේ ඇතුලටම වෙලා දොර අගුලු දාගෙන හිටපු එක.

ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් මට එයා ගැන තියන හැගීම් අමුතුවෙන් පෙන්නන්න මට ඕනි කමක් නෑ ඒත් තනියෙම හිත හිත ඉඳලා එයා වෙනම ලෙඩක් හදා ගනී කියලා මට බය හිතුන නිසාම  මං එයාට වෙනදාට වඩා ටිකක් ලං වෙන්න හිතුවා. මම දන්නෑ මම කරන්නේ හරි දේද කියන්න මට ඕනි එයා මේ ඉන්න තත්වෙන් ගොඩ එන්න උදව් කරන්න විතරයි.

" තැන්ක්‍යූ "

වාහනෙන් බහින්න ලෑස්ති වෙලා සිහින එහෙම කීවම මං බැලුවේ තාම තරහෙන්ද කියලා. නෑ ඒපර නම් තරහා පාටක් නෑ. ඒත් ඒ ඇස් වෙනදා නොදැකපු හිස් කමකින්.පිරිලා තිබුනා තප්පර ගානක් නැවතුලා මං ඒ ඇස් කියවන්න හදනකොට එයා මගේ ඇස් මගෑරල අහක බලා ගත්ත.

"සිහින "

" ඕ? "

" ඔයා පොත් කියවනද? "

මං එහෙම අහනකොට සිහින පුදුම වෙලා වගේ මං දිහා බලලා ඔව් කියන්න ඔලුව වැනුවා.

" අපි කියවන හැම පොතටම ලස්සන අවසානයක් නෑ සිහින එහෙමයි කියලා කියවන එක නැවැත්තුවොත් ඔයා හොයන ලස්සන අවසානයක් තියන හුගක් පොත් ඔයාට මග ඇරෙයි. "

" අවසානේ කොච්චර දුකක් වුනත් කියන තරම් ලේසියෙන් සමහර පොත් අමතක කරන්න බෑ ශෙනාල් විශේෂන්ම ලස්සන අවසානයක් ගැන බලාපොරොත්තු ගොඩක් එක්ක කියවන්න පටන් ගත්ත පොත්. ඒ වගේ පොත් වල අවසානේ අමතක කරලා ලස්සන පරිජ්ජේද ආයෙ ආයේ කියවන්න ඇබ්බැහි වුනාම තව කොච්චර ලස්සන පොත් තිබුනා වුනත් ඒවා දිහා බලන්න වත් හිතෙන්නේ නෑ."

ආයෙ මං මොකුත් කියන කලින් වාහනෙන් බැහැපු එයා යන්න ගියා.

' සමහර විට ඔයාව රිද්දන්න පාවිච්චි කරපු අකුරුම ලස්සනට ගලපලා ලස්සන අවසානයක් අරන් එන්න පුළුවන් පොතක එක පිටුවක් හරි ඔයාට කියවන්න ලැබුන දවසක තේරෙයි සිහින ලස්සනයි කියලා හිටන් කියවපු සමහර ජේද ආයේ අයේ කියවන්න ගිහින් ඔයා කරලා තියෙන්නෙ කාලේ නාස්ති කර ගත්ත එක විතරයි කියලා. '

සිහිනගෙ බැස්සට පස්සේ වාහනෙන් එලියට ආපු මම බොනට් එකට හේත්තු වෙලා එයා නොපෙනී යනකල්ම බලන් ඉඳලා ආපහු එන්න හැරුනේ පුරුදු විදියටම ජිම් එකට ගිහින් ගඟක් වගේ ඔලුවට ගලන් එන සිතුවිලි ටිකකට හරි අමතක කරලා දන්න හිතාගෙන.

.......................................................................

ලෙක්ච හෝල් එකෙ මැද පේළියේ බංකුවක සුපුරුදු කොනට ගිහින් බැග් එක ගලවලා පැත්කින් තියපු සිහින ඩෙස්ක් එකට ඔලුව තියා ගත්තේ දේශන පටන් ගන්න තවත් ටිකක් වෙලා ඉතිරි වෙලා තිබුන නිසාද නැත්තම් නැත්තම් දවස් ගානක ඉදන් දැනෙන තද හිස රදය නිසාද කියල දන්නේ සිහිනම විතරයි.

ළමයි එකා දෙන්නා ඇවිත් හොල් එක පිරෙනකොට පිටිපස්සෙ පේලියක ගෑනු ළමයි ටිකකගේ කසු කුසුවකට සිහිනගේ අවධානය ගියේ හුරු පූරුදු නමක් ඔවුන්ගේ කතාවේ මාර්තෘකාව වෙලා තිබුන නිසායි.

" මෙහ් මං අද ඩෙකා අයියගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් දැක්කනේ අයියා කැම්පස් එකට ඇවිත් තිබ්බේ ඒ අක්කා එක්ක "

" ඈ? අඩේ ඩෙකා අයියට කොක්කක් ඉන්නවද ඒ කියන්නේ? ඇතුලේ එකකද? වෙන්න බෑ හැබැයි "

" ඇතුලේ එකක් නෙවේ බං. මාත් දැක්කා දවසක් දෙන්නව මහීම එක්ක එලියට ගිය වෙලාවක ඒ Ceylon waves එකේ ලොක්කගේ දුවලූ බං මහීම තමා කීවේ. "

" හම්මට බර අත්තක්නේ එහෙනම්, ඩෙකා අයියා හිටපු හැටියට නම් මං හිතුවේ ගමේ ගොඩේ අහිංසක කෙල්ලෙක් හොයා ගනි කියලා "

" මොනා වුනත් මැචින් කපල් එකක් බං ඒ අක්කා යනකොට අර හැමෝම ඉස්සරහ අයියාගේ කම්මුත් කිස් කරලා ගියේ. ඉරිසියයි යකෝ මොනා වුනත් ආපු දවසේ ඉදන් මගේ ක්‍රශ් එක"

" අනේ පලයං උඹ දකින හැම එකාටම ක්‍රශ්නෙ "

" ඒ උනාට ඌ හිටියේ උඩම බං ඌ වෙනම ලෙවල් එකක්නේ කාටද කියහන්කෝ කැමති හිතෙන් නැත්තේ ඌ දැක්කම. හොද වෙලාවට ඕයි අපිට නගින ඒවා නැත්තේ මල විජ්ජුංබරයක් වෙන්නේ නැත්තම් මට ඌ දකින ගානට "

" ඉදකින් තෝ වගේ.. "

මෙච්චර වෙලා නිර්වාන් ගැන කියව කියව හිටපු ගෑණු ලමයිනේ කතාව වෙන අතකට යනකොට ඒ කතාව කන්දිගන හිටි සිහින් දිහ ඇරලා තිබුන පොත උඩට වැටෙන කදුලු නවත්ත ගන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒත් ඒ උත්සහය සාර්ථක නෙවෙන තැන එතනින නැගිටපු සිහින ලෙක්ච හෝල් එකෙන් එලියට දිව්වේ ඒ වෙලවෙම ඇතුලට ආපු ප්‍රොෆෙසවත් පහු කරගෙන.

දුවගෙන ආපු පිම්ම සිහින නැතතුනේ මේ වෙලේ දේශන පටන් අරං තියන නිසාම හිස් වෙලා තිබබ වෙෂ් රූම් එකක. කලින් ගෑනු ළමයි ටික කතා කරපු දේවල අයේ අයේම සිහිනගේ ඔලුවේ රැව් පිලිරැව් දෙනකොට දැන් දවස් ගානක ඉදන් වේලෙන්න පොර බදින ඇස් අයේ අයේම වුණා.

නිර්වාන් එක්ක කොයි තරම් කැම්පස් එකට එන්න ඇවිත් තිබුනත් හැමදාම කවුරු හරි දැකලා ප්‍රශ්නයක් වෙයි කියලා සිහිනව මගින් දාලා එන හැටිත් අද ශානි එක්ක කැම්පස් එක් ඉස්සරහට ඇවිත් හැමෝටම පේන්න එයාව කිස් කරන්න දීපු හැටිත් ගැන හිතනකොට නිර්වාන්ගෙ ජීවිතේ තමන්ට තිබිලා තියෙන්නෙ කොයි තරම් පහත් තැනක් වෙන්න ඇතිද කියලා ආයේ අයේම සිහිනට තේරෙන්න ගත්තා.

තමන් රැවටිලා විතරයි නෙවෙයි පාවිච්චි වෙලා කියන හැගීම ඉස්සරහ කණ්ණාඩියෙන් පේන රූපෙට වෛර කරන්න තවත් හේතු එකතු කලා.

තවත් ටික වෙලාවක් ඇස් වල කදුලු හේදෙනකල් ඒ විදියට හිටපු සිහින මූණත් හෝදගෙන එලියට යන්න ලෑස්ති වෙනකොට වෙශ් රුම් එකේ දොර ඇරන් ආපු කෙනා දැකලා මොහතකට නතර වුණා.

කොච්චර අමතක කරන්න උත්සහ කළත් ඒ රූපේ දකින ගානට පාලනයක් නැතුව වේගෙ වැඩිවෙන හදවත නිසා දැනුන අපහසුතාවය හින්දාම ඒකෙන් බේරෙන්න එතනින් යනවා ඇර වෙන කරන්න දෙයක් නැති කොට තවමත් සිහින දිහා එක එල්ලේ බලන් ඉන්න නිර්වාන්ව මග ඇරලා සිහින එලියට යන්න හැදුවා.

" ඔහොම ඉදපන් කොහෙද උඹ දුවන්නේ "

යන්න ගියපු සිහිනව අතින් ඇදලා අරන් බිත්තියට තද කරපු නිර්වාන් තමන්ගේ උරහිස ගානට විතරක් උස සිහිනගේ ඇස් වලට එබිලා ඇහුවේ ඕනවටත් වඩා ලං වෙන ගම්න්.

" මට යන්න දෙන්න "

නිර්වාන්ගෙන් ගැලවෙන්න පොර බදින ගමං සිහින එහෙම කීවත් සිද්ද වුනේ  ඒ හැඩි දැඩි අත් වලට සිහින තවත් හිර වෙන එක විතරයි.

" උඹ මොකද්ද ඒ පාර මල්ලිව අල්ලන් නටන්න හදන නාඩගම "

නිර්වාන්ගෙ ගෙරවිල්ලක් වගේ ගැඹුරු කටහඩින් එහෙම අහනකොට මෙච්චර වෙලා ඒ ග්‍රහනයෙන් නිදහස් වෙන්න දගලපු සිහින ටිකකට නතර වෙලා නිර්වාන් දිහා බැලුවා. තරහා විතරක් නෙවෙයි  මීට කලින් සිහින  නිර්වානගෙන් දැකලා නැති අමුතු හැගීමක් ඒ ඇස් වල තිබුනා.

" හැමෝටම පේන්න නාඩගම් නටලා තමුසේ මගෙන්ද ඒක අහන්නේ? "

" උඹේ කට වැඩී දැන්  හොදටම. උඹ හිතුවද මට ගෙදර වාහනේ අදුර ගන්න බෑ කියලා? "

" මං කවුරු එක්ක මොනවා කරත් ඔයාට වැඩක් වෙන්න විදියක් නෑනේ. ප්ලීස් මාව අතෑරල ගිහින් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන හොයා ගන්න. "

නිර්වාන්ට ආයේ මොකුත් කියන්න ඉඩ නොතියා අමාරුවෙන් එයාව එහාට තල්ලු කරලා දාපු සිහින එලියට දුවගෙන යන දිහා බලාගෙන දැනුන තරහට අත මිට මොලවලා බිත්තියට පාරක් ගහපු නිර්වානුත් එතනින් එලියට ගියේ උදේ සිහින ශෙනාල් එක්ක එනවා දැක්කම දැනුන හෑගීම මොකද්ද කියලා තෝර ගන්න බැරුව ආපු කේන්තිය එක්කමයි.

.....................................................................

Any team Nirvan here? 🤓

Share This Chapter