Back
/ 31
Chapter 15

14.

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

" පුතාගේ ස්ටඩීස් වලට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මදාරා සේනක එක්කත් මං මේ ගැන කතා කලා මේ ගැන රෙජිස්ට කරලා තියමු දැනට "

අද අපේ ගෙදරට දේවක අංකල්ලා අවේ ලොකූගෙයි ශානි අක්කිගෙයි එන්ගේජ්මන්ට එක ගැන කතා කර ගන්න. අම්මාගේ මුලින් මේ ගැන වැඩි කැමැත්තක් නොතිබුණුත් අප්පච්චි දේවක අංකල්ලා එක්ක කතා කරලා අම්මාවත් මේවට කැමති කරවගෙන තිබුනා.

ශානි අක්කි ගැන අම්මාගෙත් අකමැත්තක් තිබුනේ නෑ කොහොමත් එයා මේ දේවල් වෙන විදිය නිසයි ලොකූ එක්කත් අමනාපෙන් හිටියේ. ඒ නිසා දේවක අංකල්ලා මේ ගැන කතා කරන්න එනවා කිවම අප්පච්චිගේත් විරුද්ත්වය

නති නිසා අම්මාත් ඒකට කැමති වුණා.

" ඔයාල හොද විදියක් බලලා කියන්නකො දේවක ඒ විදියට වැඩේ කරමු එහෙනම්, සේනකටත් හදිසියේ එන්න බෑනේ කොහොමත් "

" මදාරා ඒ ගැන බය වෙන්න එපා ඒ වැඩ අපි බලන්නම් , මේ දෙන්නා එකතු වෙලා කොහොමත් දැනටම පෑලෑන් කරගෙන තියෙන්නෙ මං නම් දන්න විදියට  "

දැන් සෑහෙන වෙලාවක ඉදන් අම්මලගේ කතාව යනකොට මගෙ නම් සිහිය තිබ්බේ ඉස්සරහ ගේට් එක ගාව. සිහින තාමත් නෑ දැන් හවස හය හමාරත් පහුයි. වෙනදා එයා එන්න මෙච්චර වෙලා යන්නේ නෑ.

කොහේ ගියාද?

අද දේවක අංකල්ලා මෙහෙ එනවා කියන්න එයා දන්නවා. එයත් මේ ගෙදරම ඉන්න නිසා ඉතින් මේ දේවල් එයා නොදැන කරන්න බෑනෙ.

ඔරලෝසුවේ කටු කැරකිලා විනාඩියෙන් විනාඩිය ගෙවෙනකොට , ඒ එක්කම වටේ පිටේත් එන්න එන්නම කළුවර වැටෙනකොට මට තවත් මෙතනට වෙලා ඉන්න බැරි උනා.

එතන හිටපු අයට එස්කියුස් කරලා මං එලියට ආවේ සිහිනට කෝල් එකක් ගන්න. කිප සැරයක් ට්‍රයි කරත් ෆෝන් එක රින් වෙලා කට් වෙනවා ඇරෙන්න එයාගෙන රෙස්පොන්ස් එකක් නෑ. මෙච්චර කෝල් ගද්දි ඇයි කියලා අහන්න වත් ආන්ස කරන්න බැරිද ? වෙලාවට එයාගේ වැඩ වලට කේන්තී මට, මං දන්න විදියට එයාට කැම්පස් එක ඇතුලෙත් ලොකුවට යාලුවො  නෑ. මෙච්චර රෑ වෙනකල් කොහේ යන්න ඇත්ද?

තවත් බලන් ඉන්නේ නැතුව මං ආයේ ගේ ඇතුලට ආවේ අම්මට කියලා සිහිනව හොයාගෙන එන්න යන්න හිතාගෙන.

" අම්මා, මං සිහිනව බලල එන්නම් පරක්කුයි අද  "

මං එහෙම කියනකොට ලිවින් රූම් එකෙ තුබුන ඇස් ඔක්කොම මගේ දිහාට හැරුනා. ලොකූ නම් මං දිහා බැලුවේ මං අමුතු දෙයක් කීවා වගේ ඇස් දෙකත් හීනි කරගෙන. කොහොමත් උගෙයි මගෙයි දැන් ගනුදෙනුවක් නැති නිසා ඌව ගනම් නොගෙන මං ආයෙම අම්මා දිහාට හැරුනා.

" අනේ පුතා හය හමාරත් වුණා නේද ? පරක්කුයි නේන්නම් මට ගානක් ගියෙත් නෑනේ කොල් එකක් දීලා බලන්නම් මම "

" මං ගත්තා අම්මා ආන්ස කරන්නේ නෑ සමහර විට මග එන ගමන් වෙන්නත් ඇති "

" පුතා එහෙනම් ගිහින් බලලා එන්නකෝ හන්දිය දිහාට. "

" අපෝ ආන්ටී එයා boy කෙනෙක්නේ ඔච්චර හොයන්නේ මොකටද? අනික it's just 6.45. මං UK ඉන්න කාලේ රෑ දොලහට එකටත් තනියම පාරේ ගිහින් තියනවා "

අම්මා සිහින ගැන බලන්න අමතක වුන එකට ටිකක් කලබල වෙලා වගේ මට එයව බලලා එන්න කියනකොට පැත්තක හිටපු ශානි අක්කී මැද්දෙන් ඇඩ් එකක් දැන්මා. මට දැන් නම් මේ පාට පෙට්ටිය පෙන්නන්න බෑ

" මේහෙ පාරවල් වල රෑ වෙලා දැන් ගෑනු ළමයෙක්ට තියා පිරිමි ලමයෙක්ට වත් යන්න බෑ දුව මේක එංගලන්තෙ නෙවේනේ  ඒ  ඒ තැන් වල  ඒ ඒ හැටියට ජීවත් වෙන්න අපි දැන ගන්න ඕන, චූටි පුතා ගිහින් අයියව එක්කන් එන්නකෝ "

අම්මා එහෙම කියනකොට ශානි අක්කිගෙ  කට ඇද වුනා. වෙලාවකට හිතෙනවා අම්මා ශානි අක්කිට අකමැත්තක් නෑ කීවට එහෙම නැත්තෙමත් නෑ කියලා. ඕවා හිත හිත ඉඳලා තවත් කාලේ නාස්ති නොකර මං යතුරත් අරං එලියට් ආවා.

සිහිනව සමහර විට මගදි හම්බවෙයිද කියලා හිතුන නිසාම මං කොකටත් හිමින් ඩ්‍රයිව් කරන් ආවේ එයාව මිස් වෙයි කියලා.

මේන් රෝඩ් එකට වැටෙන තැන වෙනකල් ආවත් ඒ වෙනක්ල් සිහිනගේ ජායාවක් වත් පේන්න නොතිබුණ නිසා මේන් රෝඩ් එකට දාන්න කලිම් මං කොකටත් ආයේ සිහිනට කෝල් එකක් ගත්තම ඒකත් ආන්ස නොවීම කට් වුණා.

වාහනේ අයිනකින් පාක් කරලා  මං ඒ ලගම තිබුන බස් හෝල්ට් එකට ඇවිදගෙනම ගියේ හිතේ සැකේට.

බස් හෝල්ට් එකට දිහාට යනකොට දැක්ක දේ නිසා මගේ රතු කට්ට පැන්නා.

එයා හැමදාම කැම්පස් අරන් යන බෑග් එකත් පපුවට තුරුල් කරන් බස් හෝල්ට් එකේ කොනක හිටන් ඉන්නකොට සිහිනට වඩා දෙක තුනක් විතර සයිස් පිරිමි තුන් දෙනක් එයාව වට කරන් හිටියා.

" මොකද්ද මෙතන වෙන්නේ? "

මං එතනට ගිහින් එහෙම අහනකොට, මගේ කට හඬ අදුන ගත්ත සිහින එයාව වට කරන් හිටි පිරිමි තුන්දෙන අතරින් රිංගලා ඇවිත් මගේ ළඟින් හිට ගත්තා, එයා හිටියේ බය වෙලා, නැතුවැයි මේ රැව්ල් කොන්ඩ වවාගත්ත රස්තියාදු පෙනුමක් තියන හයේ හතරේ මිනිසුන් ටිකක් එක්ක තනි වෙන්න වුනාම.

ඒ මිනිසුන් ටික අපි දිහා අමුතු බැල්මක් දෙනකොට මං සිහිනව තවත් ටිකක් ලගට ඇදලා ගත්තේ මට එවෙලේ තිබ්බ තරහට එයාගේ මැණික් කටුවෙන් තද කරලා අල්ලගෙන.

" කෝල් එකක් ගත්තම ආන්ස කරන්න දන්නැද්ද කෝ ෆෝන් එක? "

" ආහ් ඒක මේ බෑග් එකේද කොහෙද "

" ඒක බෑග් එකේ දාල තියන් මෙතන ඉදන් පොල් ගෑවද?? "

" මල්ලා මොකක් හරි කේස් එකක්ද ? අව්ලක් නම් කියන්ඩ "

ආපු කෙන්තිය නිසා ටිකක් සද්දෙන් මගෙ වචන පිටවෙනකොට මෙච්චර වෙලා අපි දිහා බලන් හිටි තුන් දෙනාගෙන එකෙක් සිහිනගෙන් ඇහුවේ අතේ කරගැටත් කඩලා ලගට එන ගමන්.

" කිසි අව්ලක් නෑ අයියේ, මං ආවේ මෙයාව ගෙදර එක්ක යන්න අයියලත් අනුන්ගේ සීනි කිරන්න එන්නේ නැතුව  යන දිහවකට යන්න "

අතේ කර ගැටත් කඩ කඩ මගේ දිහාට ආපු එකා දිහා කෙලින්ම බලාගෙන මම එහෙම කීවම එතන හිටපු තව එකෙක් උගේ කනට මොකක් හරි කෙදිරුවා

" මල්ලී උඹ මදාරා ටීචගෙ පුතාද? උඹේ සද්දේ නම් ටිකක් වැඩී කොල්ලෝ මේ පොඩි එකා මෙතන තනියෙන් ඉන්නවා දැකලා පොඩ්ඩක් අපි ඇවිත් බැලුවේ, වෙන කේස් එකක් නෑ  "

" හරි අයියේ තැන්ක්ස් ඔතනින් එහාට වුනා නම් අපිට යන්න පුළුවන් "

මං එක්ක කතා කලා වුනත් උගේ බැල්ම තිබුනේ සිහින ළඟ , ඒ බලන් ඉන්න විදියට්  හොම්බට දෙකක් අනින්න හිතුනත් අනවශ්‍ය ප්‍රශ්න දාගන්න ඕනි නැති නිසා මම එහෙම කියලා සිහිනවත් ඇදගෙන එන්න ආවා. එයත් මී පැටියෙක් වගේ සද්ද නැතුව මගේ පස්සෙන් ඇදිලා ආව.

පැසෙන්ජ සීට් එකේ දොර ඇරලා එයාව ඇතුලට නග්ගලා මං ටිකක් සද්දෙන්ම දොර වහනකොට මං දැක්කා එයා ලාවට ගැස්සෙනවා.

මං එහෙන්ම ඇවිත් ඩ්‍රයිවින් සීට එකෙ ඉඳගෙන ලොකු හුස්මක් ගත්තේ ටිකක් සංසුන් වෙන්න. සිහින මෙහෙම ගෙදර මග අරින්න හේතුව මට නොතේරෙනවා නෙවෙයි ඒත් ඔය විදියට වගකීමක් නැතුව හැසිරෙන්න ඒක හෙතුවකුත් නෙවෙයි , මං එන්න පරක්කු වුනා නම් එතන මොනවා වෙන්න තිබ්බද , හවස හය හමාර පහු උනා කියන්නෙම කොළඹ  වෙනම ලෝකයක් වගේ කුඩු කාරයොන්ගේ ඉඳලා ඔය අනික් හැම කුපාඩි වැඩක්ම කරන් වුන් ඔක්කොගෙම දවස පටන් ගන්නේ ඔය වෙලාවට ඒ වගේ වෙලාවට හරි දැනීමක් නැතුව මේ වගේ තැන් වල තනිවෙනවා කියන්නෙ තමන්වම බිල්ලට දෙනවා වගේ වැඩක්.

උඩට ගත්ත හුස්ම හිමින් පහල දාලා මං සිහින දිහාවට හැරෙනකොට එයා බිම බලාගෙනම අතක් අත ගානවා. මං එයාව ඇදන් ආපු අත ,

" සිහින දේවක අංකල්ලා ආවේ ඩිනර් එකට ඔයා හැදුවේ මුලු රෑම එතනට වෙලා ඉන්නද? "

මං එහෙම අහනකොට එයා මගේ දිහා බල්ලා මොකුත් නොකියම ආයේ බිම බලා ගත්තා. ඒ මූන දැක්කම බනින්න හිතෙන්නෙත් නෑ. මං හිමීට එයා අතගාපු අත මගේ අත් අත් අතරට ගත්තා.

එයා සුදු නිසා මගේ ඇගිලි පහම හිටිලා හොදට පේනවා, මං හිමිට මගේ මහපට ඇගිලෙන් රතු වෙලා තියන තැන් අත ගෑවා. පව් රිදෙනවා ඇති, මගේ එක අතකට පුළුවන් එයාගේ අත් දෙකම කැටි කරලා අල්ල ගන්න ඉතින් එහෙම එකේ ඒ අල්ලපු පාරට ඇගිලි ටික අතේ නොහිටියා නම් තමා පුදුම , මෙයත් ඉතින් මාව කේන්තී කරනවනේ.

" සොරි සිහින , ගෙදර ගියාම අයිස් කැටයක් තියමු  එතකොට අඩුවෙයි "

" ගෙදර යන්න බෑ "

" කොහෙද ඔයාට යන්න ඕනි ම්ම්? "

" කොහේ හරී "

" කොහේ එක්කන් ගියත් එනවද? "

මං එහෙම අහනකොට ඔව් කියන්න සිහින ඔලුව වැනුවා. අද එයාගේ සද්දේ වැහිලා කලින් උන දේත් එක්ක එයා ටිකක් බය වෙලා හිටියේ ඒ මිනිසුන් මොනවා කීවද දන්නේ නෑ , දැන් ඕවා අයේ අහන්න ගියොත් මගේ තරහා ඇවිස්සෙන නිසා මං එහෙමම වාහනේ ස්ටාට් කරලා  පාරට දැන්මා.

මට මතක් වුනේ හැම සිකුරාදාම ගෝල් ෆේස් එකේ තියන ස්ට්‍රීට් ෆුඩ් ෆෙස්ටිවල් එක, මං ඒ නිසා වාහනේ අරන් ආවේ ගෝල් ෆේස් එකට, මේ වෙලාවට මෙතන මාරම ලස්සනයි මුහුදු හුලග ස්ට්‍රීට් ලයිට් අහස උසට තියන එක එක ගොඩනැගිලි, හැම තැනම පැතිරිලා තියන එක එක කෑම වල සුවඳ වගේම එක පැත්තක තිබුන පොඩි ස්ටේජ් එකේ මේ වයිබ් එකටම ගැලපෙම සිංදුවක් ප්ලේ කරන බැන්ඩ් .

මට හිතුනා ටික වෙලාවකට අනික් හැම දේම අමතක කරලා සිහිනට රිලැක්ස් වෙන්න මෙතන හොදයි කියලා. එතනට ආපු ගමන් මම කලේ අම්මට කොල් එකක් දාලා සිහිනව හම්බුනා කියලා කියපු එක අම්මා නැත්තම් කලබල වෙනවා. අපි එන්න පරක්කු වෙන නිසා කෑම කන්න අපි එකකල් ඉන්න එපා කියලා මම කොල් එක කට් කරේ සිහින දැනටමත් වාහනෙන් බැහැලා යන දිහා බලාගෙන.

" අරහෙට යමු "

කාර් එකේ බොනට් එකට හේත්තු වෙලා මුහුදු දිහා බලන් හිටි සිහිනගෙ අතුන් පරිස්සමට අල්ලගෙන මං එයාව ෆුඩ් ස්ටෝල්ස් තියන පැත්තට එක්ක ආව.

" මෙතන ලස්සනයිනෙ මං මේ වෙලාවට ඇවිල්ලම නෑ. "

සිහින එහෙම කීවෙ වටේටම ඇස් කරකන ගමන්. වටේ පිටේ තියන දේවල් නිසා වෙන්නැති මෙච්චර වෙලා කලු වෙලා තිබ්බ එයාගේ මූණ ටිකක් පාට වෙලා කටත් ඇරිලා තිබුණා. මටත් ඕනි උනේ ටික වෙලාවකට හරි එයාව එයා විදවන දේවල් වලින් වෙන් කරලා තියන්න.

" ම්ම් මං කීප සැරයක්ම ආවා රෑට තමයි මේ හරිය කොහොමත් ලස්සන "

" ඔයා කාත් එක්කද ආවේ? "

" යාලුවෝ එක්ක "

" හ්ම්ම් මට දැන් මේ කෑම සුවඳට බඩගිනි වගේනේ අපි මොකුත් කන්නෙ නැද්ද ? "

" නෑ නිකම් බලලා යන්න විතරයි ආවේ "

මං එහෙම කියනකොට සිහින මගෙ දිහා බලලා කට ඇද කරාම මට හිනා ගියා පිස්සු කෝලමක් වෙලාවකට.

" යං යං මෝනාද කන්න ඕනි?"

" බලමු "

මුල ඉදන් පටන් අරන් අනිතිම වෙනක්ල් තිබ්බ ස්ටෝල් ඔක්කොගෙම ඇවිදලා අපි මුලින්ම කන්න තියෙන්නෙ මොනාද බැලුවා එක එක ජතියේ කෑම ජාති තියන ස්ටෝල්ස් විස්සක් විතර පහු කරගෙන ආවත් සිහිනට කන්න දෙයක් නම් තොර ගන්න බැරි වුනා.

" අපිට බැරිද මේ හැම එකකින්ම එක ගානේ කන්න? "

" කන්න නම් පුළුවන් ඉතින් ඔයා ගෙවනවා නම් "

" ඇයි ඒ මං ගෙවන්නේ ඔයානෙ එක්කන් ආවේ? "

" මං මේ ගෙදර හිටපු පිටින්ම ආවේ නැතිවෙච්ච පූස් පැටියෙක් හොයාගෙනනෙ එද්දි පර්ස් එක ගේන්න බැරි වුණා "

" මං පූසෙක් නෙවෙයි හරිද අනික මගේ ලග සල්ලි නෑ "

" ඇයි සමනලී නැන්දා එවන එව්වාට මොකද වුනේ? "

" ඒවා තියෙන්නෙ බැංකු පොතේනෙ "

" අහ්හ් මේවට කාඩ් පේමන්ට් කරන්න පුලුවන් , යං යං අර කොනේ ඉදන් මේ කොනටම තියන ඔක්කොගෙන්ම කමු "

" අනෙහ් "

" අනෙහ් නෙවේ මගේ ඇගේ ලේ පිච්චුවට දඬුවමක් දෙන්න ඕනි, ඔයා ගානේ කන්න අරන් දීලා පුච්චපු ලේ ටික ආපහු හදා ගන්න උදව් කරන්න "

සිහිනවත් ඇදගෙන මං ආපහු අපි පහු කරන් ආපු ෆුඩ් ස්ටෝල් පැත්තට එන්න ආවත් එයා මගේන් අත අයින් කරන්න දගලපු නිසා මං එයා දිහාට හැරුනා.මම තදින් ඇල්ලුවේ නෑනෙ.

" මල්ලී මට ඒ සල්ලි වියදම් කරන්න බෑ මං ඒවා තියන් ඉන්නේ බෝඩිං එකකට දෙන්න "

මං එයාට රිද්දුවා වත්ද කියල හිතලා ඒක බලන්න යනකොට එයා කීව දේ නිසා මං නතර වුනා. මට ඒක ඇහුනා වැරදීද?

" මොකද්ද කීවෙ? "

" මං ඔයාලගෙ ගෙදරින් යනවා  ඉක්මනටම "

...................................................................

කොටස් 20කින් ඉවර කරන්න බැරි වෙයිද මංදා බලමු 🤐

Share This Chapter