Back
/ 31
Chapter 17

16.

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

" මෙහෙන් ගියාට කමක් නෑ මාව බලන්න එන්න මැණික මට පාලුයි ඔයා ගියාම "

" මං එනවනේ අඬන්න එපා නැන්දා මට දුකයිනේ යන්න ඔයා අඩද්දී "

අම්මායි සිහිනයි දැන් සෑහෙන වෙලාවක ඉදන් මේ බදාගෙන අඩන්නේ. අද සිහින අපේ ගෙදරින් යනවා. මට පුළුවන් වුණා යාලුවෙකුට කියල එයාට ඉන්න හොද තැනක් හොයලා දෙන්නෙ. මහ ලොකුවට යනවයි කීවට දැන් එයාටත් යන්න හිතක් නෑ වගේ අම්මාව බදාගෙන සෑහෙන වෙලාවක් ඉදන් අඩන්නේ.

මුලින්ම සිහින මෙහෙන් යන්න තීරණය කරපු එක සමනලී නැන්දාටත් කලින් කීවේ අම්මට.අම්මා නම් පොඩ්ඩ්ක් වත් කැමති වුණේ නෑ සිහිනට යන්න දෙන්න ඒත් එයා තනියම ඉන්න ඉගන ගන්න ඕනි කියලා හේතු ගොඩක් පැහැදිලි කරාට පස්සේ අම්මා තේරුම් ගත්තා එයාව.

ඊලග වැඩේ වුණේ සමනලී නැන්දාව කැමති කරගන්න එක අපේ අම්මා වගේම තමයි එයත් කීයට වත් කැමති වුණේ නෑ. සිහින කොච්චර හේතු කීවත් එයා ගනම් ගත්තෙත් නෑ පස්සෙ සිහින දවස් දෙකක් විතර නැන්දා එක්ක කතා නොකර ඉඳලා හොද අඩව්වකුත් ඇල්ලුව නිසා නැන්දා හදිසියේ මෙහෙ ආවා. ඒ ආවත් සිහින නම් නෙවෙයි කතා කරේ නැන්දා එක්ක. අන්තිමට කරන්න දෙයක් නැතිකමට මං හොයලා දුන්න තැනක් නිසයි අපේ අම්මත් සිහින වෙනුවෙන් කතා කරපු නිසායි නැන්දා අකමැත්තෙන් වුනත් කැමති වුණා

නැන්දා ඇවිත් ඊලග දවසේ යන්න ලෑස්ති වෙලත් මගේ ලගට ඇවිත් කියලා ගියේ එයා ගැන ටිකක් බලන්න කියලා හරියට එයා සිහිනව මෙහේ නතර කරලා ගිය දවසේ වගේම.

" අනේ මගේ පුතේ අපේ කොලුවා ඔය තනියෙන් ඉන්න කියලා ගියාට ඌට හුරුවක් නෑ නොවැ. මයෙ අස්සෙම හැදුන එකානේ පුතාගේ යලුවෙක්ගේ තැනක් කීව නිසා මං කැමති වුණේ නැත්තම් මගේ මනාපයක් නෑ මේ කොළඹ රටේ කොල්ලා තනි පංගලමේ ඉන්නවට. මගේ රත්තරං පුතා ටික දවසක් යනකල් බලන්න අයියා ගැන "

සමනලී නැන්දා හරි බැගෑපත් විදියට එහෙම කීවේ ඇස් වල කදුලුත් පුරවන් මොනවා වුණත් එයාට ඉන්න එකම දරුවනේ බය වෙන එක සාධාරණයි. සිහිනත් ඒ හුරතලේට හැදුන නිසාද මංදා මෙහෙම මුරණ්ඩු වෙන්නෙ වෙලාවකට.

ඒත් සිහින ගෙදරින් යන්න තීරණය ගත්ත එක ගැන එයාට මොකුත් කියන්න හිතෙන්නේ නෑ. අයියලාගේ එන්ගේජ්මන් එක ගෙදරින් කතා කරපු දා ඉදන් ශානි අක්කිත් වැඩිපුරම ඉන්නේ මෙහේ එයාලගේ එන්ගේජ්මන්ට එක තව මාසෙකින් ගන්න දිනත් දාල ඉවරයි ඉතින් ඒවා බල බල සිහිනට ඉන්න බැරුව ඇති.

අයියායි එයායි ගැන දැනගත්තම මාත් කලේ පුළුවන් තරම් එයාව මග ඇරපු එකනේ, ඒත් එහෙමයි කියලා මට නම් හිතට දැනුනු හැගීම් මරණ්න පුළුවන් වුණේ නෑ යට ගියපු රබර් බෝලයක් වගේ සැරින් සැරේ ඒවා උඩට ආවා මිසක්. සිහිනට කොහොම වෙයිද කියන්න දන්නේ නෑ ඒත් මට තේරෙනවා එයාටත් දැන් ඕනි මේ හැමදේම අමතක කරලා අලුතින් පටන් ගන්න. ඉතින් ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම දේ මම කරනවා.

" අපි යමුද? "

අම්මායි සිහිනයි තාම ඉන්නේ බදගෙන අම්මට ගොඩක් දුකයි එයා යන එකට සිහින මෙහෙ හිටපු කාලෙට මටයි අයියාටයිත් වඩා අම්මාට ගොඩක් කිට්ටු වුණා.

" චූටි පුතා එක්කෝ මාත් එන්නද ඔයාලට තනියම බෑනේ අස්කරන් වැඩ "

" එහේ ලොකුවට අස් කරන්න දෙයක් නෑ අම්මා ගෙදර බඩුත් එක්කම තියන නිසා කාමරේ විතරයි පොඩ්ඩක් පිලිවලක් කරන්න වෙන්නේ ඉමල්ක කීවා ඊයේ ආන්ටී කෙනෙක් යවලා අනික් ඔක්කොම පිලිවලක් කරා කියලා. "

මගේ යාලුවෙක් ඉන්නවා එයාගේ අම්මා කරන්නේ ගෙවල් රෙන්ට් එකට දෙන එක එයාලා රෙන්ට් කරන්න දෙන්නම හදපු අපාට්මන්ට් බිල්ඩින් හතර පහක්ම තියනවා කොළඹ වටේම. ඒත් ඒවගේ එක කාමරයක් උනත් ලොකු ගානක් වෙනවා. ගොඩක්ම වර්ක් කරන අයටයි කපල්ස් වලටයි තමා එයාල රෙන්ට් එකට දෙන්නේ. එච්චර ලොකු ගානක් දෙන්න බැරි නිසා සිහිනට හරියන විදියේ පොඩි අනෙක්ස් එකක් එයාලා හොයලා දුන්නා. නුගේගොඩ ටිකක් අතුල් පාරකට වෙන්න ඉමල්කලාගේ ගෙවල් ලගමයි ඇනෙක්ස් එක තියෙන්නෙ. ටිකක් පරණ තාලේ පොඩි ගෙදරක්. ඒත් සිහින දැකපු ගමන් එතනට කැමති වුණා. ආරක්ෂාව ගැනත් බයක් නෑ ඒ හරියේ.

" මම ගිහින් එන්නම් නැන්දා ඔයා පරිස්සමට ඉන්න රෑට බොන බේත් එක අමතක කරන්න එපා ඔයාට ඒක අමතක වෙනවනේ ඉම්ලි පටන් ගන්න කලින් බොන්න මතක් කරලා. මෙන්න මෙයාව අල්ලන් හරි තෙල් ගාගන්න කකුල රිදුනොත් කොහොමත් දොස්තර වෙන්නනේ ඉන්නේ"

" හරී එහෙම කරන්ම්කො. චන්ඩියා වගේ ගියාට කමක් නෑ පරිස්සමට ඉන්න ඕනි. ආයේ එන්න හිතුනොත් ඕන වෙලාවක එන්න හොදද? "

දණ ගහලා අම්මාට වැදපු සිහිනව නැගිට්ටලා අම්මා එයාගේ නලලෙන් හාදුවක් තිබ්බා. අම්මට නම් යන්න දෙන්න හිතක් නෑ එයාට.

අම්මට සමු දිලා යන්න හැරුණු එයා දොර ළඟදි ආපහු නැවතිලා උඩ තට්ටුව දිහා බැලුවා. අද ලොකූ ගෙදර ඒත් සිහින යනවා දැන දැනත් එයා නම් එලියට ආවේ නෑ අම්මාත් ඒ ගැන ප්‍රශ්න කරේ නැත්තේ ඇයි කියන්න මං දන්නේ නෑ.

" යමුද? "

නැවතිලා උඩ තට්ටුව දිහා බලන් හිටපු සිහිනගේ අතකින් අල්ලලා මං එහෙම ඇහුවම එයා ලොකු හුස්මක් පිට කරලා මං දිහා බලලා යන්තම් හිනා වුණා.

" යමු "

අපි ආයේ නුගේගොඩට එනකල්ම අපි අතර කිසි කතාවක් තිබුණේ නෑ. සිහිනත් ජනේලෙන් එලිය බලාගෙන ආවා මිසක් එයාටත් කතා කරන්න උවමනාවක් පෙනුණේ නෑ එයා හිටියේ ලොකු කල්පනාවක. සමහර විට බයත් ඇති. තනියම ඉන්නවා කියන එක හිතාන තරම් ලේසි දෙයක් නෙවේ. විශේෂයෙන් පොඩි කාලේ ඉදන්ම ආදරේ කරන අය අස්සෙම දැවටි දැවටි හැදුන කෙනෙකුට. සිහිනත් ඒ වගේ.

ඇනෙක්ස් එකට යන්න තියන අතුරු පාරට වාහනේ දාලා මං අයිනක නතර කලාම තමයි එයා ඇයි අහන්න වගේ මගේ දිහා බැලුවා.

" ඔයා බය වෙලාද ඉන්නේ? "

" ටිකක් "

" බය වෙන්න එපා, ටික දවසක් යද්දී ඔයාට හුරු වෙයි. ඉන්න බෑ හිතුනොත් දෙපාරක් නොහිතා ආපහු එන්න."

" ආපහු එහේ එන්න බෑ මට "

" හ්ම්ම් ආන්ටිලා ඉන්නේ ලගමයි ගෙවල් දෙකකට වගේ එහායින් ඔයාට ඕනම වෙලාවක ආන්ටිට කතා කරන්න පුළුවන්. මේ පැත්තේ රෙසිඩන්ටල් ඒරියා එකක් නිසා පිටින් වාහනටක් උනත් එන්නේ හරි අඩුවෙන් ඒ නිසා බය වෙන්න එපා අනික ඕනම දේකට මං ඉන්නවනේ "

සිහිනගේ අතක් මගේ අතට අරගෙන හිමින් පිරිමදින ගමන් මං එහෙම කීවම එයා හිනා වුණා.

" තැක්‍යූ මල්ලී ඔයා මං වෙනුවෙන් කරන හැමදේටම. ඒවා ඕනවටත් වඩා වැඩී. "

" මට තෑන්ක් කරන්න එපා. "

" ඒ ඇයි? "

" මං කැමති නෑ "

" ස්තූති කරනවා ඇරෙන්න මට ඔයා වෙනුවෙන් වෙන කරන්න පුළුවන් දෙයක් නෑනේ මල්ලී "

" කරන්න පුළුවන් දෙයක් නම් තියනවා හැබැයි "

" මොකද්ද ? "

" මට මල්ලි කියලා කතා කරන එක නවත්තන පුළුවන් ද? "

සිහින වෙනුවෙන් දේවල් කරන්නේ මං මොකුත්ම බලාපොරොත්තවෙන් නම් නෙවෙයි ඒත් මං එයා මට මල්ලී කියලා කතා කරනවට නම් පොඩ්ඩක් වත් කැමති නෑ. It hurts evertime he brother zone me.

" ආ හොදට හිටී. මේ ඔයා යකඩ උස්සලා ඇඟ හදා ගත්තා කියලා අයියා වෙන්න එන්න එපා හරිද "

අයේ ඕකට වාද කරන්න ගියොත් වැඩිහිටියන්ට ගරු කිරීම ගැන දේශනයක් අහගන්න වෙන නිසා මං මොකුත් නොකියා වාහනේ ස්ටාට් කර ගත්තා.

අපි ඇනෙක්ස් එකට එනකොට ඉමල්කගේ අම්මා කලින්ම ඇවිත් අපි එනකල්.බලන් හිටියා යතුරු බාර දෙන්න.

" ශෙනාල් පුතා බලලා මොනා හරි අඩු පාඩුවක් තියේ නම් කියන්නකෝ."

" හරි ආන්ටී තැනක් යූ මං එහේ ඇවිත් යන්න එන්නම්කෝ ඉමල්ක ඉන්නවා නේද ගෙදර "

" නෑ පුතා එයා නම් තාත්තා එක්ක නුවරඑළියෙ ගියා ඊයේ "

" අහ් යන කතාවක් කීව තමයි මං ඉමල්ක ඉන්න වෙලාවක එන්නම් "

" ඔකේ පුතා මං යනවා එහෙනම් යලුවට කියන්න ඕන දේකට මට කතා කරන්න කියලා "

ආන්ටි සිහිනගේ අතට යතුරත් බාර දිලා මටත් කතා කරලා යන්න ගියා. සිහින නම් ලැජ්ජාවෙන් වගේ තමයි ආන්ටි එක්ක කතා කලේ ඒ ඉතින් තාම අදුරන්නේ නැති නිසා ටික කාලයක් ගියාම අන්ටිවත් අල්ල ගනී අපේ අම්මාව වගේම.

මං ගේ ඇතුලට යනකොට සිහින හිටියේ කුස්සියේ බඩු අවුස්ස අවුස්ස. තනියම ඉන්න ආවා වගේ නෙවෙයි එයාට හැමදේම තනියම කර ගන්න වෙනවනේ හොද වෙලාවට අවුරුද්දක් විතර අම්මා එක්ක පුරුදු වෙලා එයාට දැන් නම් හොදට උයන්න පුළුවන් ඒ උනත් ඉගන ගන්න ගමන් ඒ හැම දෙම කර ගන්න එක ලේසි නෑනෙ අනික් එක එයා ඕලෙවල් ළමයිට ඔන්ලයින් කොමස් ක්ලස් එකක් පටන් ගන්න ඉන්නේ සමනලී නැන්දාට තවත් කරදර කිරන්න බෑ කියලා. කිචන් එකේ උලුවස්සට හේත්තු වෙලා මං එයා දිහා බලන් කල්පනා කරේ එයාට මේ හැමදේම තනියම කර ගන්න පුළුවන් වෙයිද කියලා අවුරුදු විසි දෙකක් වුනාට තාම පොඩි ළමයෙක් වගේ එයාව පෙන්නේ. මෙහේ තනියම දාලා යන්නත් ලෝබ හිතෙනවා.

" ඇයි ඔහොම බලන්නේ? "

" නිකම්. මොන හරි අඩුපාඩු තියනවා නම් කියන්න මං යන්න කලින් ගෙනත් දීල යන්නම්"

" දැනට නෑ නැන්දා දුන්න ලිස්ට් එකට ඔක්කොම අරන ආවනේ මං ඔයාට තේකක් හදලා දෙන්නද?"

" කාමරේ අස් කර ගන්න ඕනි නේද ? ඒක කරලා හවස් වෙලාම තේ බොමු "

" හවස් වෙනකල්ම ඉන්නවද? " සිහින එහෙම අහුවේ ඇස් දෙකත් බෝල කරලා හරි අහිංසක විදියට හිනා වෙන ගමන් එයා හිතුවද දන්නෑ මං යන්න හදන්නේ කියලා.

" ඇයි එපාද? "

" මගේ බෑග් දෙක තාම කාර් එකේ අරන් එන්නකෝ ගිහින් හොද ළමයා වගේ මං එතකල් අතු ගාන්නම් නැන්දා රෑට කන්න කෑම එකක් දුන්නනේ ඒක මට තනියෙන් කන්න බෑ ගොඩක් ලොකුයි කෑම විසික් කරන්න හොදත් නෑනේ ඔයත් ඒකෙන් කමු"

හවස තේ බීලා එන්න හිටපු මාව රෑ කෑම වෙලාව වෙනකල් තියාගන්න එයා හේතු කියද්දී මට සතුටු හිතුනා. එයාට මාව ඒ විදියට හරි ඕනි කියලා හිතෙන හැගිමට මං ආස කලා. එක්කෝ මාත් බඩු ටික පැක් කරන් ඇවිත් මෙහේ නවතින්නද?

අපි දෙන්නම එකතු වෙලා එයාගේ කාමරේ පිලිවලක් කරලා සාලේ වගේ තිබුන පොඩි කොටසෙත් බඩු ටික සිහින කැමති විදියට එහා මෙහා කරලා ඔකොම අස් කරලා ඉවර වෙද්දී හවස හය විතර වුණා. බඩු එහේ මෙහේ කරලා මහන්සියට අපි දෙන්නම සාලේ බිම ඉදගත්තේ එතන තිබ්බ දිග වේවැල් පුටුවට හේත්තු වෙලා. ඒ කීවට ඉතින් සිහින නම් වැඩියෙන්ම කලේ අරක අතනට මේක මෙතනට ගගා එකම බඩුව දහ තැනකට විතර මට කියලා මාරු කරව ගත්ත එක තමයි. මටත් වෙලා තියෙන්නෙ අර කුස රජ්ජුරුවෝන්ට උනා වගේ වැඩක්.

" අම්මෝ මහන්සී "

" කට කියවලාද? "

" අනේ මේ මටත් ඔයාට වගේ ජිම් ඇගක් තිබුනා නම් ඔයාට කිය කිය ඉන්නේ නෑ හරිද තනියම කරගන්නවා. ඔයාටත් ඒවගේ ගිහින් යකඩ උස්සන්න පුළුවන් පුටුවක් මේසයක් එහාට මෙහාට කරාම තමයි අමාරුව නේද? නිකම් තියන එකේ ඔය ඇගෙන් කවුරු හරි වැඩක් ගන්නත් එපැයි.. දැන් මොකද ඔහොම හිනා වෙන්නේ?"

ඇගෙන් ගන්න පුළුවන් තව වැඩ නම් තියනවා ඒත් ඉතින් මේ අයියා බබා ඒව අහන්න ලෑස්ති නෑනෙ.

" මොකුත් නෑ තේකක් බොමුද? "

" බැහ්! "

එහෙම කීවට ඒයා නැගුටලා කිචන් එකට ගිහින් තේ හදන්න පටන් ගත්තා. එයා ගෙනත් තිබුනේ එක කොප්පයක් විතරක් නිසා එයා මට විතරක් තේ එකක් හදලා තිබුනා.

" ඔයාට? "

" මං පස්සේ බොන්නම් මේ කොප්පේ විතරයි තියෙන්නෙ "

" බීලා දෙන්න "

තේක මං එයාගේ අතින් තිබ්බාම එයා මං දිහා ටිකක් වෙලා බලන් ඉඳලා තේක අතට අරන් ටිකක් බීලා අයේ මග් එක මගේ අතට දුන්නා.

" මාරුවෙන් මාරුවට බොමු එහෙනම් හාද ඔයා එකයි මං එකයි "

එයා දිහාම බලාගෙබ එයා බීපු තැනින්ම කට තියලා මම තේක බීවම මගේ දිහා ඇස් දෙකත් ලොකු කරලා බලලා ඉක්මනට අහක බලා ගත්තා.

" රසයි "

" එක්කෝ ඔයාම බොන්න ම~ මං පස්සේ බොන්නම් "

එක පාරට එහෙම කියලා එතනින් නැගිටලා දුවපු සිහින දිහා මං බලන් හිටියා. ඒ මොකද වුනේ ලැජ්ජා හිතිලද?

මං තේක බීලා එනකොට සිහින වොශ් දාන්න ගිහින් මේ ගෙදර තියෙන්නෙ එක කාමරයයි පොඩ් ලිවින් ඒරියා එකය් කිචන් එකයි වොශ් රූම් එකයි විතරයි. කලින් පොඩි කාමරයක් තිබ්බ එක තමයි ලගදි වොශ් රූම් එකක් කරලා හදලා තියෙන්නෙ ඒ නිසා ඒ දොරත් ඕපන් වෙන්නේ ලිවින් එරියා එකටමයි. ඒ නිසා කෝකටත් කියලා මං එයා එනකල් එලියට වෙලා හිටියා.

" මල්ලී "

" ම්ම්? "

පැය බාගෙකට විතර පස්සෙ සිහින මාව හොයන් එලියට ආවා. එයා නාලා බෙල්ල ගාවට දිග කොන්ඩේ තෙත නිසා ටිකක් වැඩිපුර කැරලි වෙලා, සුදු පාට බැගී ටීෂර්ට් එකකුයි කලු ශෝට් එකකුයි ඇදන් එයා සුවඳ ගගහා ලගට එදදී මං ටිකක් ඈත් වුණා. මං දාඩිය නාලා ඉන්නේ.

" මං හැම තැනම බැලුවා මං හිතුවේ මට කියන් නැතුව ගිහින් කියලා "

" ටිකක් එලියට ආවා දාඩියයි "

" අපරාදෙ ඇදුමක් ගෙනාවා නම් වොශ් දාන්න තිබුනනේ , මගේ එකක් දෙන්නම්ද?"

" එපා සිහින රෑ වුනානේ මං දැන් යන්න ඕන "

" කාල යන්න ඉන්නේ නැද්ද ? "

අම්මා කෑම දුන්නේ එයා කන ගානට විතරයි කියන්න මං දැක්කා. මං මෙච්චර වෙලා ඉන්නවා කියල අම්ම දන්නෙත් නෑනෙ. මාත් දැන් ඕකෙන් කන්න ගියොත් එයාට බඩගිනි වෙයි රෑ වෙලා. අනික තව ඉන්න ඉන්න මට එයාව දාලා යන්න හිතෙන්නෙම නැති වෙයි. දැනටම අටටත් ලගයි.

" ඔයා කන්න. අම්මාත් දැන් බලන් ඇති මං ගිහින් එන්නම් ගෙට ගිහින් දොර ලොක් කර ගන්නකෝ මං ගේට් එක ලොක් කරන් යන්නම්"

මං එහෙම කීවම සිහින දුකෙන් වගේ බලන් ඉඳලා ගෙට යන්න හැරුනම එයාගේ අතින් අල්ලලා නවත්තන ගත්තු මම අනික් අත එයගේ සිනිදු කම්මුලක් උඩින් තිබ්බ.

" පරිස්සමට ඉන්න මං ආයේ එන්නම් "

එයා හා කියන්න ඔලුව වැනුවත් එයාගේ ඇස් වල කදුලු පිරිලා තිබුනා. දාල යන්න හිතෙන්නේ නෑ. ඒත් යන්න එපැයි.

සිහින ගෙට ගිහින් දොර ලොක් කර ගත්තම මං ගේට් එකත් වහලා වහනේට නගින්න කලින් ආයේ ගේ පැත්ත බැලුවාම එයා ජනේලේ ලගට වෙලා බලන් ඉන්නවා. ඒ ඉන්න විදිය දැක්කම මට හිතුණේ ආපහු දුවලා ගිහින් එයාව බදාගෙන මං ලගින්ම තියා ගන්න. හිත එහෙම කරන්න කියලා කෑ ගැහුවත් ඒක කරන්න බැරි නිසා මම එයාට අත වනලා ගෙදර එන්න ආවා.

මං එනකොට හිතුවත් වගේ අම්මා මග බලන් හිටියේ විස්තර අහගන්න සිහිනට යන්න දුන්නට එයාගේ හිතට හරි නෑ.

මං නාල කාලා එහෙම ඇදට ගිහින් ෆෝන් එක ගත්තාමයි දැක්කේ සිහින මං ආවද අහලා මැසේජ් එකක් දාලා. ඒකට රිප්ලයි නොකර මං එයාට කෝල් එකක්ම ගත්තේ පාලුවෙන් ඉන්නවා ඇති කියලා හිතුන නිසා. එයා නැතුව අපේ ගෙදරිත් පාලු වෙලා.

" මල්ලී ඔයා පරිස්සමට ගියා නේද ? "

" ඔව් මැසේජ් එකක් දාන්න හිටියේ බැට්‍රි ඩෙඩ් වෙලා තිබුනේ . මොකද කරන්නේ කෑවද?"

" ඕ කෑව "

" ඔයා අඩනවද ඔය? "

" නැහ්~ "

එයා නෑ කියලා කීවෙත් නහය උඩට අදින ගමන් ඒ මදිවට කට හඩත් වෙනස් වෙලා.

" පාලුද? "

" ටිකක් "

" මං එන්නද? "

" අනේ යන්න කලා යන්න හිටියෙත් නෑ බත් එකෙන් භාගයම විසිකරන්න උණා දැන් බොරුවට එන්නද අහනවා. "

" ම්ම් ඊලග දවසේ රෑට කාලා යන්න ඉන්නම්. "

" හ්ම්ම්. "

" දැන් ගිහින් නිදා ගන්න හෙට කැම්පස් යන්න ඕනිනේ? "

" ඔව් ඒත් නිදිමත නෑනෙ. හෙට හවස මගේ ක්ලාස් එක පටන් ගන්නවනේ දැන්ට පස් දෙනෙක් ඉන්නවා ඔක්කොම අපේ ගමේ ඉස්කෝලේ ළමයි. මගේ ඉස්සර ක්ලාස් ටීච තමයි හොයලා දුන්නේ "

" තව කල් යනකොට ළමයි ටිකක් වැඩි වෙයි මං අපේ ස්කූල් ගෲප් එකටත් දන්නම්කෝ "

" හා මං ඔයාට කොමිෂන් එකක් දෙන්නම් ළමයි පස් දෙනෙක්ට වැඩියෙන් හොයා දුන්නොත් එක්කෙනාට දෙසීය ගානේ ඊට අඩුවෙන් හොයා දුන්නොත් සීය ගානේ හාද? මං ලොකු ගානක් ගන්නෙත් නෑනේ එක්දාස් පංසීයයිනේ ගන්නේ ඒ නිසා ඒ ගාන ඇති "

" ඒ ඇති "

" ඇති කියන්නේ?? ඔයා හරි නම් කියන්න ඕනි මට සල්ලි එපා සිහින මං ඔයාට උදව්වක් විදියට ඔයාට ළමයි ගොඩාක් හොයලා දෙන්නම් කියලා "

" ළමයි ගොඩාක් දෙන්නම් "

" මොකද්ද "

" මොකුත් නෑ "

" හයියෙන් කතා කරන්න අප්පා කොදුරන් නැතුව ඒක නෙවේ ඔයාට කියන්න බැරි වුණානේ.. "

හුගක් වෙලා යනකල්ම එක එක දේවල් කියකිය ඉඳලා සිහිනට එහෙමම නින්ද ගිහින් තිබුනා. එහා පත්තෙන් කියවිල්ලක් වෙනුවට හුස්ම ගන්න සද්දේ විතරක් ඇහෙනකොට මං ෆෝන් එක බැලුවම කෝල් ඩියුරේශන් එක පැයයි විනාඩි හයයි මං එයා එක්ක කතා කරපු වැඩිම වෙලාව.

සිහින අද ගෙදරින් ගියා වුනත් එයා මෙහෙ හිටියාත් වඩා මට එයාව ළඟින් දැනුනා. කෝල් එක කට් කරලා අසම සිංදුවකුත් ප්ලේ වෙන්න දාලා ෆෝන් එක පපුවට තුරුල් කරන් මං ඇස් පියා ගත්තේ ඒ ඇයි කියලා හිතන ගමන්.

" මගේ සිහිනේ ඔබයි

මගේ සිහිනේ ඔබයි

තනි යහනේ නොවෙයි

ආදරයේ හද උණුසුම ඔබයි.. "

.........................................................................

හායි😴

Share This Chapter