Back
/ 31
Chapter 18

17.

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

Third Person POV:

නතර කරපු 138 බස් එකෙන් බැහැලා නුගේගොඩ keells එකට ඇවිදන් යන හුරුපුරුදු රූපයක් දිහා ටිකක් ඈතින් නවත්තපු බයික් එකේ ඉදන් බලන් හිටි නිර්වාන් දහ වෙනි වතාවටත් රින්ග් වෙච්චි ෆෝන් එක නොදැක්ක ගානට සාක්කුවට දාගත්තා.

විනාඩි දහයකට විතර පස්සේ එළවළු මල්ලකුත් උස්සගෙන් බැක් පැක් එකත් තනි අතින් එල්ලම් කීල්ස් එකෙන් එලියට ආපු එයා පාර මාරු වෙන්න හදලත් ආයෙ නතර වෙලා ඒ ළඟ දැන් සෑහෙන වෙලාවක් ඉදන් පාර මාරු වෙන්න බලන් හිටි වයසක ආච්චි කෙනෙක් ලගට ගිහින් ඒ ආච්චිගේ අතින් අල්ලා ගත්තා.

ඒ ආච්චිවත් අල්ලන් පරිස්සමට පාර මාරු වෙලා ඒ ළඟ තිබුන අතුරු පාරකින් හැරිලා නොපෙනී යනකල් නිර්වාන් බලන් හිටියා. ඒ පිටිපස්සෙන් යන්න හිතුනා වුණත් ඒ වෙනුවට නොනැවතී වයිබ්‍රේට් වෙන ෆෝන් එක ආන්ස කරලා කනේ තියා ගත්තා.

" Ahh Finally !! Nirvan what the hell are you doing මං දැන් ඔයාට කීයෙ ඉදන්ද ගන්නේ? කොහෙද ඉන්නේ මං දැන් පැයක ඉදන් මෙතන බලන් ඉන්නේ "

" මං එන ගමන් ඉන්නේ ශානි ඔහොම ඉන්න "

" කොහෙද ඔයා ඉන්නේ? "

" මං මේ පොඩි වැඩකට ආවා ඔහොම ඉන්න මං එන්නම් "

" අද outfits select කරන්න යන්න නිසා වෙන වැඩ දාගන්න එපා කියලා මං ඔයාට කීවනේ නිර්වාන් මට තේරෙන්නෙ නෑ ඔයාගේ වැඩ කොහේ හිටියත් කමක් නෑ I don't care how but within ten minutes ඔයා මෙතන ඉන්න ඕනි "

නුගේගොඩ ඉදන් කොල්ලුපිටියට විනාඩි දහයෙන් යන විදියක් හිතන ගමන් බයික් එක ස්ටාට් කර ගත්තු නිර්වාන් බයික් එක පාරට දාන්න යනකොටම ඒ ළඟින් ගියපු හුරු පුරුදු Civic එක දැක්කම කියාගන්න නොතේරෙන ඒත් මේ දවස් වල අහන දකින දේවල් නිසා නිතරම හිතට දැනෙන නුරුස්සන හෑගීම ආයෙත් දැනෙන්න ගත්තා.

ලොකු හුස්මක් අරන් හිතට දැනුන බර හැගීම් පිට කරන්න අසාර්ථක උත්සහයක් ගත්තු නිර්වාන් එතනින් යන්න ගියේ දැනටමත් ගෙවිලා ගිහින් තියන විනඩි පහට සාප තියන ගමන්.

........................................................................

Shenal POV :

"ටක් ටක් ටක්"

ගෙවල් දොරවල් හායි ගාල ඇරලා දාලා කිචන් එකේ එළවළු මල්ලක් බදාන් හිටි සිහින දිහා බලන් මං පොඩි සද්දයක් දැන්මේ කිචන් එකේ උලුවස්සට හේත්තුවක් දාන ගමන්.

" කවුද ආවේ? "

ආවේ මං කියලා දන්න නිසාම වෙන්නැති සිහින මගේ පැත්ත හැරෙන් නැතුවම එහෙම අහුවා.

" රාස්සයෙක් "

" මොකටද ආවේ? "

" ගෙවල් දොරවල් ඇරලා දාල ගානක් නැතුව ඇතුලට වෙලා ඉන්න ළමයි ගිලින්න "

" පුළුවන්ද ඉතින් "

අස් කර කර හිටි එළවළු බෑග් එකත්  පැත්තකින් තියලා මගේ දිහාට හැරිලා  ඉනට අත් දෙකත් තියන් සිහින එහෙම අහද්දී උත්තරයක් දෙනවා වෙනුවට අපි අතර පරතරේ හුස්මක් තරම් අඩු වෙන කල්ම මං එයා ලගට හිමිට ඇවිදන් ගියා. ඇස් දෙකත් ලොකු කරන් මං දිහා බලපු සිහින මං ලං වෙන ගානට පස්සෙන් පස්සට යන්න ගිහින් අනිතිමට කිචන් එකේ පැන්ට්‍රි එකයි මායි අතරට හිර වුණා. බය වෙලා වගේ මගේ මූණ පුරාම ඇස් යවපු එයාගේ ඇස් මග ඇරලා මම එහෙමම එයාගේ කන ලගට වෙලා..

" ගිලලා පෙන්නන්න ද? "

කියලා කෙදිරුවා ඒ එක්කම එයා අතට අහු වෙච්චි පතෝල කරලෙන් මගේ ඔලුවට පාරක් ගැහුවා.

" පිස්සුද මෝඩයෝ? මං බයත් වුණා. ළමයි ගිලින්න කියන්නේ ඇයි ඔයා ගෝනි බිල්ලද? අනික ගෝනි බිල්ල උනත්  ඔහොම නිකම් ගිලින්න බෑ මුලින්ම බඩේ පොල් තෙල් ගාගන්න ඕනි "

පතොල කරලත් දික් කරන් එයා බනින්න පටන් ගත්ත නිසා මං ශේප් එකේ එහාට ගිහින් පැන්ට්‍රි එකට හේත්තු වුණා. මටත් හොද වැඩේ රොමැන්ටික් වෙන්න යනවට.

" තෙල් ගාගත්තම පුළුවන්ද? "

" මොකද්ද? "

එයාව අවුස්සන්න හිතන් ඇහුවත් මගේ හිතට පාපකාරී සිතුවිල්ලක් ආපු නිසා මං ඒ කතාව එතනින් නවත්තන්න හිතුවා.

" මොකුත් නෑ. මීට පසසේ ඇතුලට වෙලා ඉන්නවා නම් ඉස්සරහ දොර වහලා තියා ගන්න කවුරු ගෙට ආවත් දන්නේ නෑ ඊලගට "

" කවුරු එන්නද අනේ මෙහාට? "

" පණ්ඩිත වෙන්නැතුව කීව දේ කරන්න. තනියමනෙ ඉන්නේ කොච්චර ආරක්ෂාව තියන තැනක වුනත් තමන්ගේ ආරක්ෂාව ගැන තමන් බලා ගන්න ඕන "

" කෑ ගහන්නෙ මොකද ඉතින්. මං මේ දැන් චුට්ටකට කලින් ආවේ ඔයා එයි කියලනේ දොර ඇරලා තිබ්බේ."

" මං ආව නම් කතා කරනවනේ ඒ නිසා මීට පස්සේ දොර වහලම තියා ගන්න."

" මිස්ටර් මින්සිත කියන දෙයක් තමයි ඉතින් මෙහ් නිකම් ඉන්න එකේ මේ එළවළු ටික අස් කරලා දෙන්නකෝ හොද ළමයා වගේ මං එන ගමන් කීල්ස් එකෙන් සතියකට ඇති වෙන්න අරන් ආවේ අපරාදෙ ඔයා දැන්ම එනවා කියලා දන්නවා නම් මං එතනට වෙලා ඉන්නවනෙ  බොරුවට මෙව්වා අතින් කටින් උස්සන් ආවේ මගේ කරත් එක්ක රිදෙනවා අනේ. එහෙනම් අස් කරලා තියන්න හොදේ මං ඉක්මනට නාලා එන්නම්"

මං මොකුත් කියන්න කලින් එළවළු ටික මගේ ඇගේ ගහලා සිහින එතනින් එලියට දිව්වා. මං වෙන වෙනම පැක් කරලා තිබ්බ එළවළු ටික එලියට අරන් ෆ්‍රිජ් එකේ තැන් තැන් වලින් තිබ්බා එතකොට හරිනේ? කවදා කරපු වැඩද මං මේ කරන්නේ? Love make you blind කියන්නේ කට කහනවට නෙවේ කියලා දැන් තමා තේරෙන්නේ.

එළවළු ටික අස් කරල එතන එකතු වෙලා තිබ්බ බැග්ස් ටිකත් ඩස්ට්බිං දාලා මං ළඟ තිබුන පුටුවකට බර වුණේ සිහින එනකල් ෆෝන් එක වත් ඔබන්න කියලා හිතාගෙන. ඒත් ඒ එක්කම වගේ ආපු කෝල් එක ආන්ස කරලා මං කනේ තියා ගත්තේ තව තප්පර ගානකින් ඇහෙන්න නියමිත කුණුහරප වැල අහන්න හිත හදාගෙන.

" තෝ ප&# දැන්ද බ&ලෝ ෆෝන් එක ආන්ස කරන්න මතක් වුණේ බලපන් මං කෝල් කීයක් ගත්තද කියලා. උඹෙත් වෙලාවකට මහ කැ& ලයින් තියෙන්නෙ. අදත් බලන් හිටියා මං තෝ එයි කියලා. මට මුලින් කියපන් සිහින අයියාද නැත්තම් උඹද ගෙවල් මාරු කරේ කියලා?"

" හෙට එන්නම් බං කෑ ගහන්න් එපා "

" අනේ නිකම් හිටහං උඹේ ඔය හෙට එන එකක් නෙවේ තාම පහ හමාරනේ දැන් වරෙන්කෝ අපේ වුන් ටික සෙට් වෙලා ඉන්නේ අද "

" අද බෑ ඕයි මං සිහිනලගේ දිහා ඉන්නේ "

" එහෙනම් අයියාවත් එක්කම් වරෙන් "

" ආතල්ද? අරුන් ඉන්න තැනට එයා එක්ක එන්න? "

" අනේ එහෙනම් උඹ ඕන ප&$ කර ගනිම්. අයේ වරෙන්කෝ තෝ දුක කියාගෙන එදාට මේ සහිරු නෙවේ උඹේ පැත්ත වත් බලන්නේ "

සහිරුවා ෆෝන් එක කට් කරලා මට මිඩ්ල් ෆින්ග එක තියන ඉමෝජි ගොඩකුත් එවලා තිබුනා. මුගේ බොරුව ඉතින් ඔය තරහා වුනට හෙට අයේ ගනී මොකක් හරි ලබ්බක් කියන්න.

මාත් ඌට යවන්න ගැලපෙන ස්ටිකර් එකක් තෝරනකොට එක පාර මෙච්චර වෙලා නොතිබුණ සුවදකින් කිචන් එකම පිරිලා ගිය නිසා ෆෝන් එකෙන් ඇස් අහකට අරන් මං බැලුවේ සුවඳ එන්නේ කොහෙන්ද කියලා.

නාලා ඉවර වෙලා කොන්ඩේත් පිහ පිහම ආපු සිහින මාව පහු කරන්න එලියට ගිහින් එළියේ රැක් එකෙන් තුවාය දන්න යනකොට මගේ ඇසුත් එයාගේ පස්සේන් කැරකුනා. වෙනදාට අදින බැගී ටී වෙනුවට අද එයා නොර්මල් ටී එකක් ඇදලා හිටි නිසාද මංදා එයාගේ ඇගේ හැඩ තැන් වෙනදාට වඩා ඉලිප්පිලා පෙන්න ගත්ත නිසා මං ඉක්මනට අහක බලා ගත්තේ උගුරත් පාදලා.

" මොකෝ? "

" ම්ම්?? "

" බොන්න මොනා හරි හදා දෙන්නම්ද? රෑට කාලා යන්න ඉන්න හරිද? මං උදේ මොකුත් ඉව්වේ නෑ එළවළු තිබුනේ නැති නිසා දැන් තමා මෙහෙ ආවත් හරි ඉස්සෙල්ලම උයන්න හදන්නේ "

" මොකුත් එපා. කැන්ටින් එකෙන්ද කෑවේ අද? "

" ඔව්නේ. කටේ තියන්න බෑ අනේ ඒත් කෑව ඉතින් මං සාමාන්‍යයෙන් වැඩිය කැන්ටින් එකට යන්නෙත් නෑනෙ අද මං ගියපු වෙලේ... මේ මොකද මේ අලයි ලූණුයි ෆ්‍රිජ් එකට දාලා? අනේ ඇත්තටම මල්ලී ඔයා මදාරා නැන්දාගෙම පුතද?අර හැම පව්ලෙම බාල ළමයා වගේ ඔයාවත් කාණුවෙන් අහුලං වෙන්න බැරිද? කන්න විතරක් කිචන් එක අස්සට රිංගන් නැතුව ගිහින් නැන්දාට උදව් වෙන්න දැන් මාත් නැනේ එතකොට මේවත් නිකම්ම ඉගන ගනී"

නෙට් එකකින් කවර් කරලා තිබ්බ ලූණු ටිකයි අල ටිකයි එලියට ගන්න ගමන් සිහින කියවන්න ගත්තම මං මට නෙවෙයි වගේ අහං හිටියා.

" උඩ බලං ඉන්න නෙවෙයි මෙන්න මේ ලූණු ගෙඩි ටික වත් සුද්ද කරලා දෙන්නකො වැඩිය මොකුත් ඕන්නෑ අල තෙල් දාලා පොල් සම්බෝල හදමු හාද? "

" කරවලත් හදමුද? "

" කරවල නෑ ළමයෝ ඔයා ආසයි නේද පොල් සම්බෝලයි කරවල තෙල් දාල කන්න ඊලග දවසෙ හදලා දෙන්නම් "

සිහින මගේ නහයට තට්ටුවක් දාල එහෙම කීවම ඇයි කියන්න දන්නෑ මට එක පාරට පිපිරෙයි කියලා හිතෙන තරමට ලොකු සතුටක් දැනුනා. එයා මං ආස දෙයක් දන්න නිසාද නැත්තම් ඊලග දවසේ හදලා දෙන්නම් කීයලා කියපු විදිය නිසාද නැත්තම් එයා බලන් හිටි විදිය නිසාද කියන්න දන්නෙ නෑ ඒත්  තවත් දවසක එයා හදලා දෙන සම්බෝලයි කරවලයි කන හැටි හිතනකොට මට සතුටුයි.

ආපු කික් එකටම මං ලූණු ටික සුද්ද කරගෙන කරගෙන යනකොට සිහින පොල් ගාන්න පටන් ගත්තා. ඒත් ටිකකින් පොල් ගාන එක නතර කරලා ඉනට අතත් තියන් මගේ දිහා බලන් ඉන්නවා දැකලා මං කර කර හිටි වැඩේ නතර කරේ ඇයි අහන්න. එතකොට තමයි දැක්කේ එයා බලං ඉන්නේ මගේ අතේ තියන ලූණු ගෙඩිය දිහා කියලා. ඒ සැරේ මොකද්ද ?

" ඇයි ?"

" ඇයි අහන්නේ? ඔය මොකද ලූණු ගෙඩියේ බාගයක්ම පොතු යවලා තියෙන්නෙ උඩ පොත්ත විතරයි ගලවන්න ඕනී. ඔහොම නාස්ති කරොත් හොදට හිටී. ඔයාලා වගේ දොස්තරලා උනාම අසරණ මිනිස්සු තමා දුක් විදින්නේ"

" ලූණු සුද්ද කරන එකෙයි දොස්තර වෙන එකෙයි සම්බන්දේ මොකද්ද ? "

මටත් කට තියන් ඉන්න බැරි නිසා මං එහෙම ඇහුවාට පස්සේ හිතුනා කට පියන හිටියා නම් ඉවරයි කියලා.

" සම්බන්ධයක්ද තියනවා. අයින් කරන්න ඕනි කෑල්ල වෙනුවට අත පයම කපන්නේ ඔයාලා වගේ අය තමයි පව් අහිංසක මිනිස්සු දුක් විඳිනවා ඊට පස්සේ. අපේ ගමේ හිටියා සුගතේ කියලා සීයා කෙනෙක් හැමදාම උදේට අපේ කඩේට එනවා සීනි වැඩි ප්ලේන්ටිය බීලා ලැවරියා  කාලා යන්න. ඒ සීයගේ කකුලේ ඇගිල්ලක පොඩි තුවාලයක් හැදිලා හොස්පිට්ල් අරන් ගියාම එහෙන් ඒ මනුස්සයගේ කකුලම කපලා තිබුනා. ඉතින් එදායින් පස්සේ එයා අපේ කඩේට ආවේ නෑ. ඒ සීයා හැමදාම ඇවිත් උදේට කන්න වියදම් කාරණ ගාන තමයි අම්මා මට කඩචොරු ගන්න වියදමට දුන්නේ. කකුල කැපුවට පස්සේ එයා කඩේට ආවේ නැති නිසා අපේ අම්ම මට හැමදාම දුන්න ඒ ගාන කපා හැරියා. අන්තිමට ඒකෙන් මට තමා බඩේපාර වැදුනේ. "

" ඔය සුගතේ සීයමද දවසක් අර ගමේ  වැව ලග ගෑනු ළමයි නානවා බලන් ඉන්නවා කීවේ ? "

" පිස්සුද ඒ සිරිපාල. "

" එතකොට බෝක්කුව ගාව හොල්මන් කරනවා කීවේ ඒත් සිරිපාලනෙ "

" අනේ මේහ් "

මම එහෙම අහුවම පොල් බෑවක් මගේ කන ලගින් ගිහින් බිත්තියේ වැදුන නිසා අතේ තිබ්බ ලූනූ ගෙඩි ටිකත් එහෙමම දාලා මං ඉක්මනට සාලේ දිහාට මාරු වුණාම සිහින මටත් බැන බැන ආපහු පොල් බෑව අහුලලා ගාන්න පටන් ගත්තා..

දැන් හොදටම තද වෙලා ඉන්නේ ටිකක් කූල් වුණාම ගිහින් අයේ අවුස්ස ගන්නවා.

මං ආයේ කුස්සියට යනකොට සිහින උයලා ඉවර වෙලා පිඟන් දෙකකට බත් බෙදන ගමන් හිටියේ. මං උලුවස්සට හේත්තු වෙලා එයා දිහා බලම් හිටියා. මෙ දවස් දෙකට වෙන කවදාවත් නැති තරමට මට සිහිනව ලගයි වගේ දැනෙනවා. පහුගිය ටිකේම කදුලු අඩු නැති වුණ එයාගේ මූණටත්  අයේත් හිනාවක් ඇවිත්. වෙච්චි හැමදේම අමතක කරලා එයා ඉස්සරහට යන්න හිතපු එක ගැන මට සතුටුයි.

" එන්න කමු. මට අට හමාරට ක්ලාස් එක පටන් ගන්න තියෙනවා "

එයාට ක්ලාස් එකට වෙලාව ළඟ නිසා ඉක්මනටම කාලා එයාට ඒ වැඩ කරගන්න ඇරලා මම ගෙදර එන්න එනකොට අදත් ඊයෙ වගේම මං යන දිහා එයා ජනේලේ ලගට වෙලා බලන් හිටියා.

.......................................................................

I love to write their domestic stuff  ඔයාලට කම්මැලීද දන්නෑ.😪

ලගම අප්ඩේට් දෙකක් දුන්නේ ආයේ එන්න වෙන්නේ සති දෙකකට විතර පස්සේ නිසා.

වෝට් කරන කමෙන්ට් කරන කියවන හැමෝටම ඉස්කෝතුයි.🍪

ගිහින් එන්නම්🌼

Share This Chapter