Back
/ 31
Chapter 20

19.

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

Shenal POV:

දරගන්න බැරි ඔලුව රදේ නිසා නින්දෙන් ඇහැරුනත් නැගිටින්න තරම් ඇගට පණක් තිබුනේ නෑ. එහාට මෙහාට හැරිලා මං හැදුවේ තව ටිකක් නිදා ගන්න. ඒත් කොච්චර ට්‍රයි කරත් ඔලුව පුපුරන්න වගේ දැනෙන්න ගත්තම මං අමාරුවෙන් ඇස් අරිලා  වට පිට බැලුවත් වෙනදා උදේට ඇස් ඇරියම පේන වටපිටව වෙනස් වෙලා තිබුනා. ඊයෙ කවදාවත් නැතුව ටිකක් වැඩි වුණා වගේ මතකයි ඊට පස්සේ මොකද්ද වුණේ?

මං තව ටිකක් උවමනාවෙන් බලනකොටයි මීටර් උනේ ඉන්නේ කොහෙද කියන්න. ඒත් ඇයි මං සිහිනගේ ගෙදර ? කෝ එතකොට මාත් එක්ක නාගසලං වෙන්න ගහපු අනිකා ශික් මොකුත් මතක් වෙන්නෑනේ මං වෙරි මර ගාතේ සිහින හොයන් ඇවිත්ද? සිහින මං ගැන  මොනාවා හිතුවද දන්නෑ

' ආයේ නම් බොන්නෑමයි '

මං ඉක්මනට බැලුවේ මගේ ෆෝන් එක කොහෙද කියලා. ඇදේ කොට්ටයක් අස්සේ තිබිලා හොයා ගත්ත ෆෝන් එක අරන් මං ඩයල් කරේ සහිරුවට.

" මොකද්ද පගෝ උදේ පාංදර වද දෙන්නේ ඊයේ දුන්න වදේ මදිද "

මූත් තාම නිදිද කොහෙද මං ෆෝන් එක එහාට කරලා කෝකටත් වෙලාව බැලුවේ කියනවත් වගේ තාම උදේ පාංදරද බලන්න. කාමරේ ජනෙල් වහලා අඩ අඳුරේ තිබ්බ නිසා වෙලාවක් හොයන්න බෑ.

වෙලාව එකොලහයි කාලයි. මං ඉක්මනට සහිරුවාගේ කෝල් එක කට් කරල ඇවිල්ල තියන නොටිෆිකේශන් ටික බැලුවා හිතුවත් වගේ උදේ අටට විතර අම්මාගෙන්  මිස් කෝල් දෙකයි ඊලගට ඇවිත් තිබ්බ කෝල් එක ආන්ස කරලා තිබුනා සිහින වෙන්නැති. එයා ඒ කියන්නේ ඉන්නවා ඇතිද? මං ඔලුවත් කස කස වහල තිබුන දොර දිහා බැලුවා. ඊයේ මං මොනා කරාද දැන්නෑ දැන් කොහොමද එයාට මූණ දෙන්නේ.

ඊයේ මං හිටියේ හිත හොදින් නෙවෙයි  උදේ ලොකූ එක්ක ඇති වෙච්චි බහින්බස් වීම මාව හොදටම අවුල් කරා. ඒ තරහා කවදාවත් නැතුව සිහින පිටිනුත් ගියේ අර දික් දණ්ඩෙක් වගේ එකෙක් එයාගෙ කරේ එලිලිලා ඉන්නවා දැකලා.

.

.

.

.

.

.

.

.

.

.

.

.

" ඒ ඔහොම හිටහන් "

උදේ අම්මාව ඉස්කෝලේන් දාල ඇවිත් මම සුපුරුදු විදියට මගේ කාමරේට යන්න හැදුවේ හවස පාර්ටි එකට යන්න ඇදුම් ලෑස්ති කරන්න හිතාගෙන. ඒත් ඊට කලින් සාලෙට වෙලා මං එනකම්ම වගේ හිටපු ලොකූ මාව නතර කලා.

" කියන්න "

සිහිනයි ලොකුයි අතර වුණ ප්‍රශ්නෙන් පස්සේ මායි ඌයි වෙනදා වගේ කතා කරේ නෑ. දෙන්නම කරේ දැක්ක තැන දැක්කේ නෑ වගේ යන එක. එයා කරපු කිසිම දෙයක් ගැන හැසීරීමක වත් පසු තැවීමක් පේන්න නැති කොට මටත් ලොකූ ගැන තිබ්බ තරහේ වැඩිවීමක් මිසක් අඩුවක් වුනේ නෑ. අම්මා කීප සැරයක් දෙන්නගෙනම මේ ගැන අහුවත් අපි දෙන්නම අම්මට කීවේ මොකුත් ප්‍රශ්නයක් නෑ කියලා. දවස් ගානක ඒ විදියට මග ඇරලා අද මූ මොකටද මාව නවත්ත ගත්තේ ?

" උඹ මේ ටිකේම රෑට රෑ වෙනකල් කොහෙ ගිහින්ද එන්නේ? "

ලොකූ එහෙම අහනකොට මගේ ඇහිබැමි රැලි වුණේ නිරායාසයෙන්මයි. මූ කවදා ඉදන්ද මං යන එන තැන් හොයන්න ගත්තේ?

" යලුවෙක් හම්බ වෙන්න ඇයි ? "

මං එහෙම කීවම ලොකූ කට කොනකින් සමච්චලේට වගේ හිනා උනා.

" අරූද දැන් උඹේ යාලුවා. උඹ හිතන්නේ මං මොකුත් දන්නැති බබා කියලද? "

" දන්නවා නම් මොකටද අහන්නේ? අනික මං කොහෙ ගියත් තමුසෙට මොකද? "

" මල්ලී මේ මං උඹට හොදින් කියන්නේ උඹ නටන්න හදන නාඩගම මට තේරෙනවා කොහෙවත් යන එකෙක් කරේ එල්ලගෙන උඹ අපේ පව්ලට ලැජ්ජා කරන්න ලැස්ති වෙන්න එපා "

ලොකූ ඇගිල්ලකුත් මගේ මූණට දික් කරලා එහෙම කියනකොට මගෙත් ඉවසීම පැන්නා.

" උඹ ඔය කොහෙවත් යන එකෙක් කියන්නේ සිහිනටද? උඹට එහෙම වෙන්න ඇති ඒත් මට එහෙම නෑ. මෙච්චර කල් හිටියා වගේම මගේ දේවල් වලට අත නොදා හිටහන් "

" උඹේ දේවල්?  හහ් හිනා යන කතා කියන්න එපා බං. උඹ දැන් ඔය උඹේ කියන දේවල් ගැන මං හොදට දන්නව. උඹටත් වඩා හොදට. උඹ  මං පාවිච්චි කරපු සෙල්ලම් බඩුවක් එක්ක වත් සෙල්ලම් නොකරපු එකානේ අන්න ඒ විදියටම ඉන්න බලපන් නිකම් මිරිගුවක් පස්සේ යන්නේ නැතුව "

" සිහින කියන්නේ උඹ ඔය එයාව දාලා කතා කරන තැනට ගැලපෙන කෙනෙක් නෙවේ කියන්න මම වගේම උඹේ හිතත් හොදටම දන්නවානෙ. මං කවදාවත් මෙහෙම දේවල් කියන්න හිතලා නෑ ලොකූ ඒත් උඹම මාව ඒ තැනට පත් කරපු නිසා කියන්නේ  උඹට වගේ මට කොහොමත් වටේ ගිය බඩු කර ගහලා පුරුද්දක් නෑ කියල මතක තියා ගනිම්. "

තව දුරටත් එතන ඉන්න උවමනාවක් නැති නිසා මං උඩට යන්න ගියත් ලොකූ ආයේ මාව නතර කලා.

" උඹ තව කොච්චර කල් ඔය සෙල්ලම කරන්නද හිතන් ඉන්නේ? හෙට අනිද්දා රිසාල්ට් ආවම උඹ කොහොමත් යනවනේ තව මාස දෙකක් තුනක් උඹ ඔය සෙල්ලම කරයි. හැබැයි එකක් අමතක කරන්න එපා ඌ ආදරේ කරේ මට. මගේ එක වචනයක් ඇති ඌව ආපහු මගේ ලගට ගන්න අන්න ඒක මතක තියන් උඹ නටන නැටුමක් නටපන් මල්ලී"

එහෙම කියපු ලොකූ එතනින් යන්න ගියත් ඒ වචන එක්ක මං එක තැන නතර වුණා.  සිහිනට ලං වෙලා හිටපු දවස් ගානට අනික් හැම දේම අමතක වුණ මට තව මාස ගානකින් මේ හැමදේම දාලා යන්න වෙනවා කියන එකත් අමතක වෙලයි තිබුනේ ඒත් මං කොහොමද හිත හදන් එයාව දාලා යන්නේ? ඇස් වල විතරක් ආදරේ හංගන් වචනනෙකින් වත්  මගේ හිතේ තියන ආදරේ ගැන නොකියපු මට ඇත්තටම එයාව දාල යන්න බෑ කියලා හිතන්න වත් අයිතියක් තියනවද? මම මොකද්ද කරන්නේ මේ දේවල් එයාට කියන්වද? ඒත් ලොකූ කීව වගේ එයා තාමත් ආදරේ කරන්නෙ ලොකූට නම්?

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

වෙච්චි දේවල් ආයේ මතක් වෙනකොට මගේ ඔලුව රදේ තව ටිකක් වැඩි වෙන්න ගත්ත. තවත් ඇදට වෙලා මෙහෙම ඉන්න බැරි නිසා මම නැගිටලා එලියට ගිහින්  බාතෲම් එකෙන් මූණත් හෝදලා අව්ල් වෙලා තියන කොන්ඩෙත් අතින් හදාගෙන  ආවේ සිහින ඉන්නවද බලන්න.

මං යනකොට සිහින කිචන් ටේබල් එකේ ඉදගෙන  පොතක් දිග ඇරන් මොකද්ද වැඩක්. එයා අද කැම්පස් ගිහින් නැද්ද ඒ කියන්නේ. මං එනවා දැකලා ඔලුව උස්සලා බලපු සිහින නැගිටලා ගිහින් ෆ්‍රිජ් එකෙන් එලියට ගත්ත වීදුරුවක් මගේ අතේ තියලා මොකුත් නොකියාම ආපහු ගිහින් එයා කර කර හිටපු වැඩේ කරන්න ගත්තා.

එයා දීලා තිබුනේ දෙහි එකක්. අතේ තියන වීදුරුව දිහායි එයා දිහායි මාරුවෙන් මාරුවට බලලා ටිකක් කල්පනා කරපු මම හිමින් සැරේ ගිහින් එයා ඉස්සරහින් ඉද ගෙන දෙහි එක බොන්න ගත්තා. දැක්ක ගමන් බැනුම් කෝටියක් අහන්න වෙයි කියලා හිත හදගෙන ආවත් මං වගේ කෙනෙක් එතන නැති ගානට එයා එයාගේ වැඩ.

" සිහින "

බලන් ඉඳලා බැරිම තැන මං කතා කරත් එයා මාව ඇහුණේ නෑ වගේ හිටියා. තරහා වෙලාද ? තරහා වෙන්න තරම් මං ඊයේ මොනාද කරේ? ශික් අර බේසාවෝ ටිකට බැරි වුනාද වුන් යන තැනකට මාවත් අරං යන්න මෙහේ දාලා ගියේ?

" සිහින මාත් එක්ක තරහා වෙලාද? "

ම්හු සද්දයක් නෑ.

" අහන්නකෝ සොරි ඊයේ කරදර කාරාට චුට්ටක් විතර අවුට් ගියා "

ඊයේ කීවේ කරේ මොනාද කියන්න මතක නැතත් මං ඔලුවත් කහ කහ එහෙම කීවම සිහින මගේ දිහා රවලා බලලා එතනින් නැගිටලා යන්න ගියත් එයාගේ අතකින් අල්ල ගත්ත මම එයාව නතර කර ගත්‍තා.

" අතාරින්න "

මට පිටුපාලා හිටපු එයාව මං මගේ පැත්තට හරව ගත්තේ  ඒ අත අත අරින්නේ නැතුවමයි. ඒත් එයා තාමත් ඉන්නේ අහක බලාගෙන.

" ඇස් ඉස්සරහ ඉද්දී දැක්කේ නෑ වගේ  අහක බලන් ඉන්න එපා"

එයාගේ නිකටෙන් අල්ලලා මගේ පැත්තට හරවන් මං එහෙම කීවම එයා ඇස් දෙකත් ලොකු කරන් මගේ දිහා බැලුවා. ඒත් ඉන්න ඇයි එයාගේ ඇස්වල කදුලු ?

" ඇයි මේ? "

මට උත්තරයක් දෙනවා වෙනුවට සිහින මගේ පපුවට මූණ ඔබාගෙන අඬන්න පටන් ගත්තා. එකපාරට වුනේ මොකද්ද එයා අඩන්නේ ඇයි කියලා හිතා ගන්න බැරි වුනත් එයාගේ කදුලු වලින් මගේ ශර්ට් එක තෙමෙනවා දැනෙනකොට හරි සිහියට ආපු මම එයාව තව ටිකක් තදට තුරුල් කර ගත්තා.

" ඇයි මැණික මෙහෙම අඩන්නේ මං ඒ තරම් කරදර කරාද ම්ම්?  "

එයා අඩන එක නතර කර ගන්න උවමනාවට මගේ කටින් නොදැනිම ආදරණීය වචනයක් පිට වෙනකොට එයා අඩන එක නතර කරන්වා වෙනුවට තවත් හයියෙන් ඉකි ගහන්න ගත්‍තා. හේතුව දන්නේ නැති වුනත් එයාට ඇති වෙනකල් අඬන්න දීලා මං එයාව තුරුල් කරන් හිටියා. ටික වෙලාවක් එහෙම ඉඳලා සිහින අඩන එක නතර කරත් එයා මගෙන් ඈත් වුනේ නෑ.

" ශෙනාල් "

" කියන්න  "

" ආයේ එහෙම වෙන්න එපා "

" ම්ම්?"

" ආයේ එහෙම වෙන්න එපා මම කැමති නෑ. මගේ අප්පච්චි, එයා නැති වුනේ සිරෝසිස් හැදිලා මං ඒ දවස් වල පොඩී ඒත් මට මතකයි එයත් හැමදාම ගෙදර ආවේ ඔයා ඊයේ ආවා වගේ කාගෙ හරි වරුවෙන් එහෙම දවස් වලට මට එයා එක්ක තියන මතක පොඩ්ඩක්වත් ලස්සන නෑ. ඔයාව එහෙම දකින්න මං කැමති නෑ "

සිහින මං කවදාවත් දැනන් හිටපු නැති දෙයක් එහෙම කියනකොට මටම මං ගැන ලැජ්ජා හිතුනා. එයා බය වෙන්න ඇති, ඒත් එයා මං වෙනුවෙන් බය වෙන එක ගැන මට සතුටකුත් දැනුනා.

" මට සමාවෙන්න ආයේ ඔයාට මාව ඒ විදියට දකින්න ඉඩ තියන්නේ නෑ. දැන් ඔය කදුලු පිහ ගන්නකෝ මේ හොටුත් ඇවිල්ලා"

" අනේහ් මෙහ් හොටු නෑ! "

" නැත්තේ මොකද මේ මගේ ශර්ට් එකත් ඉවරයි "

සිහිනගේ නහය මිරිකලා මං එහෙම කීවම එයා මගේ අත  ගසලා දාල එක පාරට එයාගේ කොටි නියපොතු වලින් මගේ අතක් කෙනිත්තුවා, හමත් ගැලවුනාද කොහෙද ,

" ස්ස් මොකද කරන්නේ රිදුනා "

" රිදෙන්න තමයි කරේ මාව ඊයේ මග දාලා ගියනේ ඒ මදිවට කට ගොන්නක් බීගෙන හතර ගාතෙන් එන්න තියා ගත්තා. මං නැන්දාට කීවා පුතන්ඩියාගෙ හැටි ගුටි කන්න බලාගෙන යන එකයි ඇත්තේ. අර සහිරු මල්ලි ඒ අනික් එක්කෙනා එයා ගැනත් මං කියන්න්ම්කෝ. නැන්ද හරි හොද ළමයා කියලා එයාව ඔලුව උඩ තියන්නේ ඉන්නේ. මං දැක්කා ඊයේ හොද කට්ටියගේ ඇත්ත කියන්න ඒයා නේද ඔයාට ඕවා පුරුදු කරේ ඔයත් අවුරුද්දක් විතර එහාට වෙලා හිටියනේ ඕවා තමා කරන්න ඇත්තේ පාඩම් කරනවා කියලා රිසාල්ට් ආවම බලා ගමුකෝ පාඩම් කරපු හැටි. අර ඉමල්ක මල්ලි විතරයි හොද ඒ ළමයා ආයේ යන වෙලාවක කතා කරලා තේ එකක් වත් දෙන්න ඕනි "

ඒ පාර මොකද්ද කියන්නේ? ඊයේ අර දික් දණ්ඩෙක් වගේ එකෙක් කරේ එල්ලන් හිටියා දැන් ඉමල්කයාට තේ හදලා දෙන්න ඕනිලු.

" ඒ මොකටද ඌට තේ දෙන්නේ ?  "

" ඒ ළමයා හොදයි මං කැමතී එයාට "

" හොද උනාට කමක් නෑ ගෙදර ගෙන්න ගන්න ලෑස්ති වෙන්න එපා  "

සිහින මං කියන එක ඇහුණේ නෑ වගේ මාවත් එහාට කරලා ගිහින් අත් හොදගෙන බත් එකක් බෙදන්න පටන් ගත්තා.

" ඇහුනද කීව එක මෙහාට කාවවත් ගෙන්න ගන්න එපා "

" බොරුවට කියවන් නැතුව මෙන්න මේක කන්න "

සිහින මගේ අතින් බත් එකක් තියලා ගිහින් ආයේ කර කර හිටපු වැඩේ කරන්න ගත්තා. අතේ තිබ්බ බත් එක දැක්කම මං කිය කිය හිටි එකත් මට අමතක වුණා.

රතුම රතු පාටට හදපු පොල් සම්බෝලයක්, ළූණු වැඩිපුර දාලා තෙල් දාපු කරවල එක්ක උණු බත් එකක්.

ඒක දැක්කම මට මෙච්චර වෙලා තුබුනේ නැති බඩගින්නක් ආවා. එක පාරට ඔලුවට ආපු සිතුවිල්ලක් නිසා මං ගිහින් සිහින ඉස්සරහින් පුටුවක් ඇදගෙන වාඩි වෙලා බත් එක එයාගෙ අතින් තිබ්බා.

" කවනවද? "

" උයාලා දුන්නා මදිවට දැන් කවන්නත් ඕනිද?"

සිහින මට රවලා එහෙම ඇහුවත් ඇස් පිල්ලම් දෙක තුනක් ගහලා මං එයා දිහා බලාගෙනම හිටිය නිසා එයා ලිය ලිය හිටපු පොත පැත්තකට දාලා බත් එක අනන්න පටන් ගත්තා.

එයා කවනකොට රසයි අම්මා අතින් කද්දි වගේ. එයා රසට අනලා කවන හැම කටක්ම මං කෑවේ ගොඩක් ආසාවෙන්. එයා කවනකොට මගේ කට වටේ ගෑවෙන ඉදුල් එයා කීප සැරයක්ම එයගේ අතේ පිට පැත්තෙන් පිහලා දැන්මා. ඒ වගේ වෙලාවට අපේ ඇස් තප්පර ගානක් එකට පැටලුනා. මං එයා දිහාම බලන් හිටියත් එයා ඒ හැම වතාවකම එයාගෙ ඇස් මගේ ඇස් මග ඇරලා බිම බලා ගත්තා. ඒත් ඒ ගැන මට අහිතක් හිතුතේ නැත්තේ එන්න එන්න රතු වෙන එයාගේ කන් පෙති වෙන කතාවක් මාත් එක්ක කීව නිසා. සිහින එක්ක ගෙවෙන මේ වගේ වෙලාවල් වලට මං මහ ගොඩල් ලෝබ වෙන්න පටන් අරන් . ඉතින් මං කොහොමද ඔයාව දාලා මෙහෙන් යන්න හිත හදාගන්නේ සිහින ?

බත් කාලා ඉවර වෙලා මං එපා කියද්දීම මං ඇදන් හිටි ශර්ට් එක හෝදන්න කියලා ඉල්ල ගත්ත සිහින එයාගේ ටී ශර්ට් එකක් මට දුන්නා. ඒත් එයගේ හිචිචි කලිසම් මට මදි නිසා ඇදන් හිටි කලිසමටම ඒක ඇදගත්තේ ඉම්ල්කයගේ ගෙදර යන්න. කාර් එක ඌ ගෙනිච්ච කීවනේ.

මං උන්ගේ ගෙදර යද්දී ඉමල්කයගේ මලයා  මං දිහා කින්ඩි හිනාවක් දාල බලලා ඉමල්ක කාමරේ ඉන්නවා කියලා මට යන්න කීවා. පොඩි ඇට්ටරයා ඇයි දන්නෑ හිනා වුණේ.

මං කාමරේට යනකොට සහිරුවා තාම ඉමල්කගේ ඇදේ දපලා නිදි. යකෝ දැන් එකත් පහුයි මූට තාම වෙරිද. ඉමල්ක නම් බැල්කනි එකට වෙලා කාත් එක්ක හරි කෝල් එකක්.

" තෝ තාම නිදිද නැගිටපං "

මං සහිරුවගේ පස්සට එකක් දුන්නම වූ කුණුහරපයකුත් කීයාගෙන නැගිට්ටා. ඉමල්කත් ෆෝන් පැත්තකට දාලා ඇවිත් ඇදෙන් ඉද ගත්තේ මං දිහා අමුතු බැල්මක් දාල.

" උඹ ආවේ වලියට එක්ක යන්නද? සොරි සුද්දා මට තාම නිදිමතයි ඒ නිසා ආපු දිහාකට පලයන් වද නොදී "

" මොන වලියක්ද? උඹට වෙරිද තාම "

මම එහෙම ඇහුවම සහිරුවා ඇදේ හරියට වාඩි වෙලා මගේ දිහා උඩ ඉඩන් පහලට බලුවා.

" උඹ ඔහොමද පාරේ ආවේ? අනේ බං මෙන්න මූට මොකක් හරි ඇදුමක් දීපංකෝ"

සහිරුවා එහම කීවම මං එතන තිබ්බ කණ්ණාඩියට එබුනා සිහින මට දීලා තියෙන්නෙ පූ බෙයා පැණි බෝතලයක් බදාගෙන ඉන්න ටී ශර්ට් එකක්. ඒක අදින වෙලේ මට වැඩිය ගානක් ගියේ නෑ. ඊයෙ පාටි එකට යන්න ඇදපු කලිසමයි සපත්තු දෙකටයි සිහිනගෙ කහ පාර පූ බෙයා ටී එක පොඩ්ඩක් වත් ගැලපුනේ නෑ කණ්ණාඩියෙන් පේන මාව මටම විකාරයක් වගේ. හිතලමද මංද ඒක නම් කරලා තියෙන්නෙ.

" වොශ් එකක් දාන් වරෙන් "

ඉමල්කයා මගේ අතට උගේ ඇදුමක් දීලා වොශ් එකක් දාගන්න කිව නිසා. දැනෙන හෝන්දු මාන්දු ගතිය යන්නත් එක්ක මං හොදට නාගත්තා.

ඇදුම් මාරු කරන් ආපහු කාමරේට එනකොට අරුන් දෙන්නා දමාගෙන ගේම් ගහනවා.

" උඹ කාලද? "

ඉමල්ක එහෙම ඇහුවම සිහින මට බත් අනලා කවපු හැටි මතක් වෙලා මට හිනාවක් ගියා.

"මොකද උඹ පැණි හිනාවක් දාන්නේ සිහින අයියා අනලා කැවවද?  "

"  කොහොමද හරියටම කීවේ? "

" අඩේ සිරවට? උඹව එහෙ ගිහින් දාපු එකේ පාඩුවක් නෑනෙ එහෙනම්. ඉතින් බත් අනලා කැව්වා විතරයිද වෙන මොකුත් කැව්වේ නෑ? "

" කැව්ව %$* . උඹව අල්ල ගන්න හිටියේ මං  ඇයි යකුනේ මාව එහෙ ඇදන් ගියේ? සිහින හොදටම බය වෙලා මාව එහෙම දැක්කම ඇඩුවත් එක්ක "

" මට හිතුනා හැබැයි අයියා බය වෙලා වගේ බලන් හිටියේ. මෙන්න මූ තමා කීවේ උඹව එහෙන් දාමු කියලා අම්මි එහෙම දන්නවා නම් මාත් බැනුම් අහන්වා. "

ඉමල්ක සහිරුවගේ ඔලුවට ඇනලා එහෙම කීවම මාත් ඌ දිහා රවලා බැලුවා.

" අනේ යකෝ මට රවන්නේ තෝනෙ ඊයෙ වැලලෙන්න හැදුවේ සිහින බලන්න ඕනි සිහිනව ගෙනත් දීපං ගගා. අනික මං හිතුවා උඹ අඩුම වෙරි මර ගාතෙන් හරි හිතේ තියන එව්ව් කියයි කියලා උඹ එහෙම එකක් වත් කර ගත්තේ නැන්ද?"

" මතක හැටියට නම් මට නින්ද ගියා බං "

" ඉදකින්, උඹව කර උඩින් වඩම්මං ගියාටත් පාඩුයි. උඹ දැන්වත් ඕක කියන් නැද්ද කියපන්කෝ?? උඹට මගුල් ජෝඩු කිරිල්ල මට දැන් එපා වෙලා තියෙන්නෙ අච්චර අර විහගි ඉන්නවා ඒකිට උඹව සෙට් කරන්න මං මොනවද නොකරේ ඒකිත් දැන් හිත හදන් ඉන්නේ කොච්චර ට්‍රයි කරත් ගහ ගල වගේනේ ඉන්නේ උඹ. එක පාරකුත් උඹ ඕවා හිතේ තියන් හිටි නිසා උඹලගේ අයියම කැන්දන් යනකල් ඉන්න වුනා නේද ? දැන් ආයේ චාන්ස් එකක් ලැබුන වෙලේ වත් උඹ ඕක කියලා දැන්මේ නැත්තම් තව කවුරු හරි ඇවිත් අරන් යනකල් ඉන්න වෙයි "

සහිරුවා එහෙම කීවම මට බැලුනේ ඉමල්ක දිහා. සිහින මූට කැමතී කීවෙ ඇයි දන්නෑ. මූ ඒ දවස් වල දහය වසර මලයෙකුත් පස්සේ ගියා මට මතකයි.

" මේ ඉමල්කයා උඹට ආයේ සිහින එහෙම කතා කරොත් දැක්කේ නෑ වගේ පලයං "

" ඒ මොකද? "

" උඹට ඒ පන්ඩිත්කම් වැඩක් නෑනේ කීව එක කරපන් "

" අනේ මුගේ ඉරිසියාව බං. තෝ ඕක කියන්න එපා බොරුවට ඊරිසියා කර කර ඉදපං. යකෝ උඹ හිතේ තියන් හිටි පලියට අයියා දන්නවද උඹ එයාට ආදරේයි කියලා? දිවැස් නෑනේ බල්ලෝ. මෙන්න මූට කියහන්කෝ බං උඹවත් "

සහිරුවා ඉදන් උගේ ටිං බෙලෙක්කේ හොල්ලනවා. ඌට තේරෙන්නේ නෑනෙ. ඒ කියන තරම් කරන්න ලේසි නෑ.

" උඹ අයියාට කැමතී නම් කියහං බං. අර කීවත් වගේ හිත කියවන්න බෑනෙ. හැසිරීමෙන් දැනුන වුනත් මිනිස්සු වැඩියෙන් විස්වාස කරන්නේ වචන ඒ නිසා උඹ අහලා බලපං අයියාගෙන් "

" මං දන්නෑ බං. උඹලා කියන තරම් ඒක ලේසි නෑ. මට ඕනි නෑ එයා 'මං එයාට ආදරේ කරනවා' කියන හේතුව නිසා මට කැමති වෙනවා දකින්න. මට ඕනි එයා එයාගේ කැමත්තෙන්ම 'මට' ආදරේ කරනවා දකින්න. මම එයාට ආදරේ කරනවා කියන හේතුව නිසා මාව තෝර ගන්න නෙවෙයි මට ඕනි. ඒ වෙනකල් මට පුළුවන් එයාගෙන කිසි දෙයක් බාලාපොරොත්තු නොවී එයට ආදරේ කරන්න.  "

" මොනවද බං මේ මූ කියවන්නේ ? උඹට තේරෙනවද? "

සහිරුවා ඉමල්කගෙන් අහුවම ඉමල්ක නෑ කියන්න ඔලුව වැනුවා. උන්ට තේරෙන්නෑ. උනට තේරුම් කරන්න මට තේරෙන්නෙත් නෑ. ඒත් මට සිහිනව ඕනි ටික කාලයක් ආශ්‍රේ කරලා ඇති හිතුනම අතෑරල වෙන පාරවල් වල යන්න නෙවෙයි. මට ඕනී මගේ අන්තිම අඩිය වෙනකල් එකම පාරක එයා එක්ක යන්න මං සිහිනට ආදරේ කරන්නේ ඒ වගේ එක සැරයක් හරි මගේ කරගත්තොත් ආයේ අත අරින්නෙ නෑ මම.

" උඹ හිතනවා වැඩී ඕනවට වඩා "

වෙන්න ඇති ඒත් මම කියන්නෙ අංග සම්පූර්ණ මනුස්සයෙක් නෙවෙයි මගෙනුත් අඩුපාඩු වෙන්න පුළුවන්  ඒ වගේ අඩු පාඩු මගේ අතින්  වුනත් මට ඕන එයා මගේ විතරක්ම වෙන්න. අයිතිවාසිකම් කියන්න පුළුවන් වුන දවසක සිතුවිල්ලකින් වත් ආයේ වෙන කෙනෙක් ගැන නොහිතන තරමට මට විතරක්ම ආදරේ කරන්න මගේ හොද නරක හැම දේටම ආදරේ කරන්න ඒවගේ ආදරක් බලෙන් ගන්න බෑ ඒක ඉබේම ඇති වෙන්න ඕනි දෙයක්. මං විස්වාස කරන්නේ එහෙම. මටත් පිස්සු වගේ මේවා හිතද්දී. එක්කෝ ඉමල්ක කියන්වා වගේ මං හිතන්වා වැඩි ඇති.

" මේ අහපං උඹ කියන මගුල් මට තේරෙන්නෑ හැබැයි මට තේරෙන එකම දේ උඹ සිහින අයියට පැලෙන්න ලව් කියන එක විතරයි. ආදරේ කියලා කටින් කියන්න බැරි නම් අඩුම සීමාවේ ඉදන්  හැසිරීමෙන් හරි පෙන්නපන් ඒක. උඹ මෙච්චර දවසක් එහෙම දෙයක් වත් කරේ නැනේ. පස්සේ පසු තැවෙන්න ලෑස්ති වෙන්න එපා පුතෝ ඔන්න කලින්ම කීවා."

සහිරුගෙයි ඉමල්කගෙයි දේශනා ගොඩක් අහං මං උන් කියන එක අහන්නේ නෑ කියලා බැනුම් කෝටියකුත් අහගෙන ඉදලා මම හවස් වෙලා ගෙදර ආවේ අම්මා නම් ඇවිල්ල ඉන්න එපා කියලා හිත හිත ඒත් කරුමෙට වගේ අම්මා ඇවිල්ලා, එයාව දැක්කේ නෑ වගේ ශේප් එකේ යන්න ගියත් අම්මගේ උකුසු ඇස් වලට මාව අහු වුණා.

" ඉලන්දාරියට ගෙදර මතක් වෙලා තියෙන්නෙ "

" අහ් අම්මාට අද ක්ලාස් නැද්ද ? කෝල් එකක් දුන්නා නම් මං ගන්න එනවනේ "

අම්මාව ශේප් කර ගන්න ඕනි නිසා මං ගිහින් අම්මාගේ එහා පැත්තෙන් ඉදගෙන කිස් එකකුත් දීලම ඔඩොක්කෙන් ඔලුව තියා ගත්තා.

" එන්න එපා බොරුවට දැං කෝලං කරන්න මට ආරංචි ඊයේ අල්ලපු අඩව් ගැන. අප්පච්චිට කියන්ව මම, දැන් මෙහෙම නම් අපි කවුරුත් නැති දිහාක ගියාම කොහොම හැසිරෙයිද දන්නෑ."

" චුට්ටක් වැඩි වුණා ඉතින් හැමදාම නෑනේ. "

" හුරතලේ වැඩි වෙලා තියෙන්නෙ මේ හැමෝටම "

අම්මා මගේ ඔලුවට ටොක්කක් ඇනලා ආයේ එයාම මගේ ඔලුව අත ගාන්න ගත්තා. සනීපයි මං එහෙමම ඇස් පියන් හිටියේ අම්මා ළඟ මෙහෙම ඉන්නේ හුග කාලෙකින් නිසා.

" අම්මා "

" මොකෝ "

" මම කැනඩා යන්නේ නැතුව මෙහේ මෙඩිකල් කොලේජ් යන්නද? "

මං එන ගමන් අරුන් දෙන්නා කීව දේවලුයි එදා ලොකූ කීව දේවලුයි හිත හිත ආවේ. සහිරුවා කීවා වාගේ තව වතාවක් මට එයාව නැති වෙනකල් බලන් ඉන්න බෑ. එක වතාවක් විදපු ඒ දුක ආයේ විදින්න මට බෑ. එයාගෙන් ඈත් වෙනවා කියලා හිතන එකත් මට දැන් ලොකු වේදනාවක්. ඒ හැම දෙම ගැන හිතලා මං තීරණයක් ගත්තා සිහිනට තව කල් දෙන්නයි එයගෙන් ඈත් නොවී ඉන්නයි මට තියන එකම විසඳුම මෙහෙන් නොයා ඉන්න එක රිසාල්ට් ගැන මට බයක් නෑ ගිය අවුරුද්දම මම ඕනවටත් වඩා ඒ වෙනුවෙන් කැප කරා.

ඒත් අම්මාලා මේ ගැන මොනවා කියයිද කියලා මම දන්නේ නෑ.

" ඇයි එක පාරටම? "

" මට හිතෙනවා මෙහෙ ගියොත් හොදයි කියලා "

" නවතින්න හේතුවක් හම්බුනාද? "

" ..... "

" නෑ ඉතින් එක පාරට එහෙම කීව නිසා ඇහුවේ"

මම සිහින ගැන කියුවොත් අම්මා මොනවා කියයිද? කවුද හරි එයා මගේ උනොත් මට ඒ දේවල් ගෙදරින් හංගන්න ඕනි නෑ මම දන්නවා අම්මා මාව තේරුම් ගනී අප්පච්චි වුනත් අකමැති වෙන එකක් නෑ එයාලා අපිටත් වඩා හොදට ලෝකේ දැකපු අය. ලොකූ කියනවා වගේ මාව ලැජ්ජාවක් කියලා හිතන එකක් නෑ එයාල.

"අම්මා මම කෙනෙක්ට ආදරේ කරනවා මට දැන් එයාව දාලා යන්න හිතෙන්නේ නෑ"

මම එහෙම කීවත් අම්මාගෙන් මොකුත් ප්‍රතිචාරයක් නැති නිසා මං ඇස් අරලා බැලුවා , අම්මා තාමත් මගේ ඔලුව අතගාන ගමන් මං දිහා බලන් ඉන්නවා.

" ඒ කෙනත් මගේ පුතාට ආදරෙයිද?"

ඒ කවුද අහනවා වෙනුවට අම්මා මගෙන් එයත් මට ආදරේද අහනකොට මේ පාර උත්තර නැති වුණේ මට. මම අම්මගේ ඇස් මග ඇරලා එයාගේ බඩේ මූණ ඔබා ගත්තා අම්මා ළඟ සනිපයි.

" මාත් කැමති ඔයා මෙහෙ ඉන්නවා නම් ඒත් පුතා අප්පච්චි බලන් ඉන්නේ ඔයා එනකල් එහේ දේවල් ඔයාට බාර කරලා ආපහු මෙහේ එන්න. ඔය ගමන යන්න ඕනි උනෙත් ඔයාටමනේ ම්ම්? හදිසි වෙලා තීරණ ගන්නේ නැතුව තව ටිකක් හොදට හැම පැත්තක් ගැනම හිතලා බලන්නකෝ, ඔයා ගන්න තීරණේකට අම්මා කැමතී "

තව දුරතත් ඒ ගැන ප්‍රශ්න කරනවා වෙනුවට මම කලින් අහපු දේට අම්මා උත්තරයක් දුන්නේ මගේ නලලෙනුත් හාදුවක් තියලා. ටික වෙලාවක් එහෙම අම්මාට තුරුල් වෙලා ඉඳලා මං නිදා ගන්න ගියේ මං මොකද්ද ඇත්තටම කරන්න ඕනි කියලා හිතන ගමන්. අන්තිමට හිතලා හිතලා සහිරු කීවා වගේ සිහින ඉස්සරහ මං මටම දාන් හිටපු සීමාවෙන් ටිකක් ඉස්සරහට යන්න හිතුවේ මට මෙහේ නවතින්න හරි එයා කවදා හරී මගේ වෙයි කියලා හිතෙන විදියේ බාලාපොරොත්තුවක් හරි තියා ගන්න පුළුවන්ද කියලා දැන ගන්න හිතාගෙන.

නිදාගන්න කලින් ෆෝන් එක බලද්දී සහිරුවා මැසේජ් එකක් එවලා.

" මේ එන වීකෙන්ඩ් එකේ ගාල්ලේ යනවා.සිහින අයියාවත් එක්කං වරෙන්. එහෙ ගිහින් වත් උඹට ඕක කියා ගන්න බැරි උනොත් ගාලු කොටුවෙන් පැනලා මැරියං. ගුනබුස "

........................................................................

අඩුම වේලාවකින් ලිව්ව දිගම චැප්ටර් එක. මේක ලියනකල් මං අසහනෙන්ද කොහෙද ඉදලා තියෙන්නෙ 😂

Share This Chapter