Back
/ 31
Chapter 24

23.

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

Shenal POV:

" කොහෙද යන්නේ? "

" පොඩි වැඩක් තියෙයි ඉක්මනට එන්නම් දැන් එළියේ සීතලයි වැඩිය හුලං වදින්නේ නැතිව යන්න."

සිහිනට ඇතුලට යන්න කියලා මම විහගි ලගට ගියේ කෙල්ල එක්ක ටිකක් කතා කරන්න හිතාගෙන. දැන් ටිකකට කලින් විහගි මායි දෙන්නම කරේ කටින් කියාගන්න බැරි හිගක් දේවල් සිංදුවක් අස්සේ හංගලා කියලා දාපු එක. මට නොතේරෙනවා නෙවෙයි විහගි නොකියා කියපු දේවල් ඒක පාර්ශ්වික ආදරේ කියන්නේ මොන වගේද කියන්න මම හොදටම දන්නවා.

මම දැනුවත්ව වචනෙකින් වත් මම විහගිට බලාපොරොත්තු ඇතිවෙන විදියේ කිසි දෙයක් කරලා නෑ හැබැයි හැගීම් ඇති වෙන්න එහෙම දේවල් ඕනි නෑ කියන්න මම හොදටම දන්නවා. මට කොහොමත් විහගි එක්ක මේ ගැන කතා කරන්න ඕනි වෙලයි තිබුනේ.

" විහගි.."

" ඕ? "

" ටිකක් කතා කරමුද ? "

" හා. ඔයාලා යන්න මම එන්නම් "

" හරි හරි දෙන්නා කතා කර ගන්නකෝ "

සිතාරි තිසාරි එක්ක ඇතුලට යන්න හැදුව විහගිව නතර කර ගත්තා. ඒ දෙන්නට ඇතුලට යන්න කියලා විහගි මගේ පස්සෙන් ආවේ ටිකක් වෙලා යනකල් වැඩි කතාවක් නැතුවමයි.

අපි දෙන්න අතර තිබ්බ නිහඩියාව එන්න එන්නම ඝෝෂාකාරී වෙන්න එනකොට ගාඩ්න් එකේ ටික දුරක් ඇවිදන් ගියපු මම නතර වෙලා මගේ පිටිපස්සෙන්ම ආපු විහගි දිහාට හැරුනා. කෙල්ල හිටියේ බෙල්ල බිමට හරවන්. මට දුක හිතුනා විහගි කියන්නේ කවුරු ලගවත් මේ විදියට බෙල්ල නමං ඉන්න ඕනී කෙනෙක් නෙවෙයි

ඒත් කෙල්ල කරේ ඒ ඇස් මගෙන් හංගන එක කියන්න මම දන්නවා.

" විහගි "

මම කතා කරාම කෙල්ල හිමීට බෙල්ල උස්සලා මගේ දිහා බැලුවා ඒ ඇස් කලබලයි සමහර විට එයා දැනටම දන්නවා ඇති මම කියන්න යන දේ. හිත රිද්දන්න කැමති නෑ ඒත් මේක නොකියා බෑ.

" මට එක අවස්ථාවෙක් වත් නැද්ද ශෙනාල්? "

මම මොකුත් කියන්න ඉස්සරහ විහගි එහෙම ඇහුවේ මේ සැරේ නම් කෙල්ලගේ ඇස් වල අලුත් වුණ කදුලු හංගන්නේ නැතුවමයි.

" මට සමාවෙන්න. ඔයාගේ වරදක් නෙවෙයි විහගි ඒත් මගේ හිතේ ඉඩ තියෙන්නෙ එක් කෙනෙකුට විතරයි. කාලයක් තිබුනා මමත් හුගක් උත්සහ කරපු ඒ කෙනාව අමතක කරන්න ඒත් මට ඒක කරගන්න බැරි වුණා. මාව අමතක කරලා සතුටින් ඉන්න වගේ දේවල් කියන්නේ නෑ පුළුවන් නම් හිමීට හිත හදා ගන්න. මම හිතනවා ඔයා මං තරම් දුර ඇවිත් නැතුව ඇති කියලා. "

" ඒ කෙනා.. එයා සිහින අයියා නේද?"

මං හිතන්න සිහින ඇරෙන්න අනික් හැමෝම දන්නවා ඇති මගේ හිතේ අයිතිකරයා එයා කියලා.

" හ්ම්ම් ඒ අයියා තමයි "

" මට ඉරිසියා හිතෙනවා ශෙනාල්. මට ඔයාව හම්බෙලා කොච්චර කල්ද ඔයාට මතකද දන්නෑ ඕලෙවල් මැත්ස් ක්ලාස් එකක තමයි අපි මුලින්ම මීට් වුණේ. ක්ලස් එකේ හිටපු පිරිමි ළමයි වගයක් ඉන්ටවල් එක ඉවර වෙලා මට ක්ලාස් එකට යන්න නොදී විහිලු කර කර ඉන්න වෙලාවක කොහෙන්දෝ ඉදන් මතු වෙලා ඔයා අර කොල්ලා ටිකටත් සද්දයක් දාලා මට ක්ලස් එකට යන්න ඉඩ හදලා දුන්නේ මහේ මූණ දිහාවත් හරියට බලන්නේ නැතුව. ඒත් එදා මට ඔයාව අමතක කරන්න බැරි තරමට හිතේ ඇදුනා ඊලග සතියේ මං ක්ලාස් ආවේම ඔයාව හොයන්න ඒත් එදා ඉදන් ඔයා ඒ ක්ලස් එකට ආවේ නැ. මට එහෙන්න්ම ඔයාව අමතක වෙලා ගියත් අයේ කාලෙකට පස්සේ බයෝ ක්ලස් එකේදි මම ඔයාව දැක්කේ අහම්බෙන් ඒකත අපේ සහිරු එක්කම ඔයා දන්නේ නෑ මම එදා කොච්චර සතුටු වුණාද කියන්න. මුලින්ම මගේ හිත හොල්ලපු කොල්ලා ඔයාට මාව නෝට් කරවන්න මං මොනවද නොකලේ? හිතලාම කීපරක් ඇගේ හැප්පුනාද? ඒත් ඉතින් මූණවත් නොබලා සොරි කියලා යනවා පුදුම ලොකු කමක් තමා ඒක. මම එවන කිසි දෙයක් ගන්නේ නෑ කියලා දැන දැන කොච්චර ජාති එව්වද මම? සහිරුට වද දිදී ඔයා ආස දේවල් අහ අහ මං හදාලා එව්වේ ඔයා ගන්නේ නැති නිසයි සහුරුට දෙන්නේ ඔයාටත් දෙන්න කියලා. දවසක් එයා ඔයා කිරිටොෆි කන්න කැමති කීව නිසා කිරිටොෆි හදන්න ගිහින් මගේ අතත් පිච්චුනා මේ.. ඒ කැලල තාම තියනවා ඔයා දන්නේ නැති වුණාට ඒක ~ ඒක මට හුගක් රිදුනා~..."

අන්තිම ටික කියනකොට විහගිට හොදටම ඇඩුන නිසා මම දෙපාරක් නොහිතා කෙල්ලව මගේ ලගට අරන් බදා ගත්ත.

" මට සමාවෙන්න "

මගේ ශර්ට් එකේ කොනකින් අල්ලන් අඩන විහගිගේ ඔලුවට හිමීට තට්ටු කරන ගමන් මට කියන්න පුළුවන් වුණේ සමාවෙන්න කියන එක විතරයි. ලාබා ගන්න බැරි කෙනෙක් වෙනුවෙන් කාටවත් ආදරේ ඇතිවෙන්න හොද නෑ ඒක කොයි වගේ වේදනාවක්ද කියන්න දන්නේ ඒ හැගීම විදපු කෙනෙක් විතරයි. මට මේ වෙලාවේ විහගි වෙනුවෙන් කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න මම ලෑස්ති ඒත් එයා මගෙන් බලාපොරොත්තු වෙන දේ ඒ අතර නෑ මගේ හිත සින්නකරේටම වල ගැහෙන කම්මුල් දෙකක් වෙනුවෙන් ලියවිලා ඉවරයි මම හිතන්නේ නෑ ආයේ කවදාවත් මගේ හිතේ වෙන කෙනෙකුට ඉඩක් ඇති වෙයි කියාලා. ඉතින් මට විහගි වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ විදියට මම එයා අඩලා ඉවර වෙනක්ල් ඒ විදියටම හිටියා.

විනාඩි ගානකට පස්සේ එයාගේ කදුලු නතර වුනාම විහගි මගෙන් ඈත් වෙලා අත් දෙකෙන්ම කදුලු පිහගෙන මගෙත් එක්ක හිනා වුණා.

" පිස්සා "

" මමද? "

" නෑ මම. "

" අහ් ඒක මිසක්. "

" විහිලු නෙවෙයි පිස්සෙක් නොවී සිහින අයියට හිතෙ තියන් ඉන්න එව්වා කියන්න. නැත්තම් තමුසෙට බම්බු ගහ ගන්න කියලා මම සිහින අයියා යාලු කර ගන්නවා "

" කරලා බලාන්කෝ පුළුවන් නම්."

" ඇයි බෑ කියලද කියන්නේ "

" බෑ තමයි "

" හරි බලමුකෝ මට බැරි උනොත් මම ඉමල්කට හරි යාලු කරවලා දෙනවා කොල්ලා ඉතින් ලස්සනට ඉන්නවනේ. තමුසෙට හුලං තමයි එතකොට  "

" හා හා මේ ආච්චි පැහෙන් නැතුව යමු වහින්නත් වගේ අර කට්ටිය බලං ඇති දැන්"

මම විහගි එක්කන් ආපහු හොටෙල් එකට ආවා. එන ගමන් කෙල්ල වෙනද වගේ හිනා වෙලා මාත් එක්ක කතා කර කර ආවේ එයා හිමින් මාව අමතක කරයි. විහගිටත් දවසක එයා ආදරේ කරන තරමටම ආදරේ කරන්න කෙනෙක් ලැබැන්න කියලා මම විශ් කරනවා මට එයා වෙනුවෙන් කරන්න පුළුවන් එච්චරයි.

විහගිව ඒයාගේ රූම් එක ලගටම ඇරලවලා මං හැදුවේ ආයේ හැරිලා එන්න ඒත් රූම් එකේ දොරට තියාගෙන ඇතුලට නොයා එයා අයේ කතා කරපු නිසා මම නතර වුණා.

" මේහ් "

" කියන්න "

" මං තමුසෙට ආදරේ කරේ එහෙම නෑ හරිද ඒක නිකම් මේ ක්‍රශ් එකක් විතරයි ආදරේ කරන්නම එක්කෙනානේ  හහ්! "

එහෙම කියලා විහගි මට ගස්සලා කාමරේ ඇතුලට ගිහින් දොර වහ ගත්තා. ඒ මොකද්ද වුණේ කියලා හිත හිත ඉන්නකොට ආයේම වහපු දොර චුට්ටක් විතර ඇරලා මූණ විතරක් එලියට දැන්මා

"අහ් අනික මං ඉස්සෙල්ලා ඇඩුවෙත් නෑ!!"

සද්දේ අඩු වුණත් නිකම් කෑ ගහලා වගෙ එහෙම කියපු විහගි මට රවලා දඩස් ගාලා   දොර වහලා දැන්මා. පිස්සු කෙල්ල. ඇඩුවේ නෑලු ඒත් මගේ තෙමිච්චි ශර්ට් එක නම් කියන්නේ වෙන කතාවක්. කොහොම හරි කමක් නෑ ඉක්මනට හිත හදා ගන්නවා නම් එච්චරයි.

විහගිව ඇරලපු මම අද මමයි සිහිනයි ඉන්න රූම් එකට ආවේ නොසන්සුනකම නිසාම ගැහෙන හිතට තරවටු කරන ගමන්. අපි අද එක ඇදක නිදා ගන්නවා විතරයි වෙන දෙයක් නෑ.

මගේ ලග කී කාඩ් එකක් තිබුන වුණත් එක පාර දොර අරින්නේ නැතුව මම දොරට තට්ටු කරේ කෝකටත් කියලා. ඒත් ඒ පැත්තෙ ප්‍රතිචාරයක් නැති නිසා දොර  අන්ලොක් කරලා මම ඇතුලට ගියේ සිහිනට මෙච්චර ඉක්මනට නින්ද ගියාද කියලා සැකේට.

මම යනකොට  එයා ඇදේ කොනක ගුලි වෙලා ඉන්නවා මට පිටුපාලා නිසා ඉන්නේ හොයන්න බෑ නින්ද ගිහින්ද කියලා. අද උදේ ඉදන්ම මට එක එක ඒවට පුප්ප පුප්පනෙ හිටියේ හරියට කතා කරන්න වත් වුණේ නෑ. නිදහසේ කතා කරන්නම් කියලා ෆෝට් එකට එක්කන් ගියත් ලොකූ ගැන කතාවක් ඇදලා ගත්ත නිසා ඒකත් බැරි වුණා දැන් ඒ පාර කලින්ම නින්ද ගිහින්ද?

මම ඇදට නැගලා හිමීට සිහිනට එහපැත්තෙන් මෙට්ටෙට අත තියලා එයාගේ මූණට එබුනේ නිදිද කියලා බලන්න. ඒත් මට කරන්න ගිය එක කරන්න වුනේ නෑ එයාගේ මූණට එබෙන්න කියලා හදනකොටම පැත්තට හැරිලා හිටි සිහින ඇදේ උඩුබෙලි අතට හැරුනා. එකපාරට වුණ දෙයක් නිසා මට අයින් වෙන්න වත් මතක් වුණේ නෑ. එයා දැන් ඉන්නේ දණහිස් වලටයි අත් වලටයි වාරු වෙලා ඉස්සිලා ඉන්න මගේ අත් අතරේ.

එයාගේ ටිකක් දිගට වැවිලා තියන කොන්ඩේ සුදු පාට බෙඩ් ශීට් එකේ විසිරිලා ගිහින්. සිහිනව ඒ විදියට දකිනකොට කලින් ඉදන්ම නොසන්සුන් වෙලා තිබ්බ මගේ හිත ආයෙම පිස්සු නටන්න ගත්තා. සිහිනටත් මගේ හිත ගැහෙන සද්දේ ඇහෙයි කියලා හිතෙන තරමටම සද්දෙන් ගැහෙනවා ඒයගෙන් පිට වෙන හුස්ම රැලි යන්තම දැනෙන තරමටම ලගින් අපි ඉන්නේ ඒ වුණත් සිහින මොකුත් නොකියම මගේ දිහා බලන් ඉන්නකොට මගේ ඇසුත් අකීකරු විදියට එයාගේ මූණ පුරා ගියා. ඒත් කවදාවත් නැතුව මට ඒ මූණේ තියන හැගීම් කියව ගන්න බැරි වුණා. අපි එහෙම හිටියේ තප්පර ගානක්ද විනාඩි ගානක්ද කියන්න මම දන්නේ නෑ මට දැන් වෙලාව ගැන ගානක් නෑ ඒත් එන්න එන්නම මගේ ඇස් එයගේ ලා රෝස තොල් ලගම නතර වෙනවා කියලා තේරෙනකොට මම හැදුවේ එයාගෙන එහාට වෙන්න ඒත්..

" මේක ගලවන්න "

මගේ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලලා සිහින එහෙම කියනකොට. මට ඇහුනේ වැරදිවටද කියල හිතා ගන්න බැරිව මම එයා දිහාම බලන් හිටියා.

මගෙන් ප්‍රතිචාරයක් නැති නිසාද කොහෙද එයාගේ අත් දෙකෙන්ම මාව එහාට තල්ලු කරලා සිහින ඇදෙන් බැහැලා ගියා. වෙන්නේ මොකද්ද හිතා ගන්න බැරුව මම එහෙමම ඇදේ ඉදන් එයා දිහා බලන් හිටියා.

ඇදෙන් බැහැල ගිහින් එයාගෙයි මගෙයි ඇදුම් අරන් ආපු බෑග් එක ඇරලා ඒක අව්ස්ස අව්ස්ස මොනවද හෙව්ව එයා ටිකකින් මගේ ශර්ට් එකක් එලියට අරන් ඒක නහය ලගට කරලා සුවඳ බලලා මගේ පැත්තට හැරුනා.

" මේක ඇදන් එන්න "

ශර්ට් එක මගේ පැත්තට විසික් කරලා අත් දෙකත් පපුවට බැඳගෙන සිහින එහෙම කීවේ අද උදේ ඉදන්නම තිබ්බ පිප්පිල්ලට වඩා හපන් විදියට රවලා බලන ගමන්. මම මොකද්ද කරේ?

" ඇයි ඒ? "

එයා මට අරන් දමලා ගහලා තිබ්බේ මම හෙට අදින්නම් කියලා තිබ්බ ශර්ට් එක අනික මං හවස් ඇදුම් මාරු කරෙත්. මම ඇයි ඇහුවත් එයා උත්තරයක් දෙනවා වෙනුවට රාවාගෙනම හිටපු නිසා ඕන එකක් කියලා මම එයා බලන් ඉන්නකොටම මං ඇදන් ඉන්න ශර්ට් එක ගලවලා එයා මට අදින්න දුන්න එකයි මං ඇදන් හිටපු ටී එකයි දෙකම අරගෙන ඇදෙන බැහැලා එයා ලගට ඇවිදන් ගියා.

මහලොකුවට මට ශර්ට් එක ගලවන්න කීවට එයා දිහාම බලන් ශර්ට් එක ගලවපු මගේ ඇස් මග ඇරලා එයා වටේ පිටේ අනික් හැම දෙයක් දිහාම බැලුවා. මම ලගට ඇවිදන් යනකොට එයා පස්සට පස්සට යන්න ගිහින්  බිත්තියේ වැදුනම එයා අත් දෙකම පිටිපස්සට කරලා බිත්තිය අල්ල ගත්තේ ඇස් දෙකත් ලොකු කරන් මගේ දිහා බලන ගමන්.

අපි අතර අඩි දෙක තුනක පරතරයක් තියෙද්දි තවත් එයා ලගට යනවා වෙනුවට කිසි දෙයක් නොවුන ගානට ඊට එහා පැත්තේ තිබුන අපේ බෑග් එක අතට ගත්ත මම කලින් ඇදන් හිටි ශර්ට් එක නවලා ඒකට දාලා සිහින දුන්න එක ඇදගත්තා. ඇස් කොනෙන් මට පේනවා මං දිහා බලන් රතු වෙලා ඉන්න සිහිනව එයාව එහෙම දැක්කම මහේ හිතේ කොනක හංගලා තියන හැගීම් උඩට එන්න දගලනවා.

" දැන් හරිද? "

ශර්ට් එක ඇදගෙන මම එයා පැත්තට හැරුලා එහෙම ඇහුවම එයා මගේ උරහිසක හැල්පිලා ගිහින් අයේත ඇදට වැටුණේ මුණින් අතට අන්දරේ වගේ අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම ඇද පුරා විහිදගෙන. දැන් ඉතින් ඒ ඇදේ වෙන කෙනෙකුට නිදා ගන්න ඉඩක් නෑ.

ඇත්තටම එයට මොකක් වෙලාද හිතා ගන්න බැරුව ටික වෙලාවක් බලන් ඉදපු මම අයේ ගිහින් ඇදේ කොනකින් වාඩි වුණා. මම ආවා කියලා දැනුනත් එයා සද්ද නොකර හිටපු විදියටම හිටි නිසා මම සිහිනට මුනින් අතට වැටිලා ඉන්න එයාගේ සිනිදු කෙණ්ඩේ අතරින් ඇගිලි ගෙනියන ගමන්. කලින් ඔලුව රිදෙනවත් කීවනේ.

එහෙමත් නැත්තම් එයා මෙහෙම ඉන්නේ සිංදුවක වචන අස්සේ හංගලා මම කලින් කියපු දේවල් තේරුණ නිසාවත්ද? නැත්ට්ගම් මාත් එක්ක ඇද බෙදාගන්න එයාට කම්ෆටබල් නැතුව වත්ද?

" සිහින "

මං එයාට කතා කරත් එයාගෙන් සද්දයක් නැති නිසා මට ටිකක් අව්ල් ගියා.

" ඇයි දැන් මාත් එක්ක තරහෙන් ඉන්නේ? මම සහිරුලට කතා කරලා ඒ රූම් එකට යන්නම් ඔයා නිදාගන්න එහෙනම්"

මම හැදුවේ එතනින් නැගිටලා යන්න. එයාව අන්කොම්ෆටබල් වෙන විදියේ කිසිම දෙයක් කරන්න මට ඕනි නෑ. ඒත් මම ඇදෙන නැගිටිනවත් එක්කම වගේ කාබලෙන් වගේ නැගිටලා ඇදේ ඉදගත්තු සිහින එයාහේ අත් දෙකෙන්මා මගේ එක අතක් අල්ලගෙන මාව නතර කර ගත්තා.

" යන්න එපා! "

මගේ අතත් තද කරලා අල්ලගෙන පූස් පැටියෙක් වගේ ඇස් දෙකත් ලොකු කරලා මං දිහා බලන් ඉන්න ගමන් එයා යන්න එපා කියනකොට මට හිතුනෙම ලගට ඇදලා අරන බදාගෙන ඒ අවුල් වෙලා තියන කොන්ඩේ තවත් ටිකක අවුල් කරලා දන්න. පුදුම කෝලමක් තමයි වෙලාවකට. කරන්නේ එකක් කියන්නෙ තව එකක්.

මම මොකුත් නොකියා එයා දිහා බලාගෙන ඉන්නකොට මගේ අත් දෙක අත් ඇරලා ඇදේ එයාට වුණ සිහින අතකින් එයාගේ එහා පැත්තට තට්ටුවක් දැන්මා.

" එන්න "

ටේබල් ලෑම්ප් එක විතරක් ඉතුරු වෙන්න අනික් ලයිට්ස් ඔෆ්ෆ් කරලා මම සිහින එහා පැත්ට්ගට් ගිහින් එයා දැන්  ඉන්න විදියටම හෙඩ් බෝඩ් එකට හේත්තු වුණා. ඇදට ආවට නිදා ගන්න තරම් නිදිමතක් දෙන්නටම තිබුනේ නෑ.

" ශෙනාල් "

" ම්ම්? "

" ප්‍රශ්නයක් අහන්නම්ද ? "

" අහන්නකෝ "

" ඔයා දවසක් කීවනේ ඔයා කෙනෙකුට ආදරේ කරන්වා කියලා ඒ කෙනා විහගි නංගිද?"

ටික වෙලාවක් යනකල්ම මොකුත් නොකියා වෙන් පැත්තක් බලන් හිටපු සිහින ප්‍රශ්නයක් අහන්නම් කියලා මගෙන් අහපු ප්‍රශ්නෙ නම් මේ වෙලේ මං කොහොමත් බලාපොරොත්තු වෙච්චි එකක් නම් නෙවෙයි.

බැරි වෙලා හරි කලින් වුණ දේවල් එයා වැරදිවට තේරුම් ගත්තා වත්ද? මට මතකයි එයා දිහාම බලන් සිංග් කරනකොට එයා සැරින් සැරේ මාගේ දිහයි විහගි දිහායි මාරුවට බලන්වා. ඉස්සරහ වෙලා මම එයාට ඇතුලට යන්න කියලා විහගි එක්ක යනකොටත් එයා අපි දිහා සැරින් සැරේ හැරිලා බලන්වත් මම නොදැක්කා නෙවෙයි. බැරි වෙලා හරි එයාට ඉරිසියා වත් හිතුනද?? නෑ ඒක වෙන්න බෑනේ මටත් පිස්සු!

" ඒ එයා නෙවෙයි. විහගි කියන්නේ මගේ හොද යාලුවෙක් විතරයි. එත් විහගිට මං ගැන අදහසක් තිබුණා මම කලිම් එයා එක්ක කතා කරන්න ගියේත් ඒකයි. මට කියන්න ඕනි වුණේ මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා "

එයාගෙ හංගන්න දෙයක් නැතු නිසා මම ඇත්තම කීවා. මෙච්චර වෙලා එයාගේ ඇගිලි දෙකක් පටල පටල ඒ දිහා බලන් හිටි සිහින මම කීව දේ එක්ක ඔලුව උස්සලා මගේ දිහා බැලුවේ පුදුමෙන් වගේ.

" ඇයි ඒ ගැන අහන්න හිතුනෙ? "

මම නිකමට වගේ එහෙම අහුවේ එයා මොකක් කියයිද බලන්න.

" නිකම්. අපි නිදාගමු දැන් නිදිමතයි "

ප්‍රශ්නෙ මග ඇරලා නිදිමතයි කියපු එයා ඇදේ හරියට ඇලවුණාම මමත් ටේබල් ලෑම්ප් එක තව ටිකක් ඩිම් කරල ඊට එහා පැත්තෙන් ඇලවුණා.

එසී එකේ සද්දෙයි ලාවට එළියෙන් වැටෙන පොද වැස්සේ සද්දෙයි ඇරෙන්න අපි අතර වෙන කිසි සද්දයක් තිබුණේ නෑ. ඇදේ අපි දෙන්න අතර පොඩි පරතරයක් තිබුනත් ටික වෙලාවකින් මම හිතපු නැති විදියට මගේ අතක් ඇදලා අරගෙන එයාගේ ඔලුව තියා ගත්ත සිහින මගේ අත උඩ ඔලුව තියාගෙන ඇස් පියා ගත්තේ අපි අතර තිබුන පොඩිම පරතරෙත් නැති කරලා දාලා.

" මම මෙහෙම ඉන්නම්ද? මට සීතලයි "

එයා අවසර ඉල්ලුවේ එයා කරන්න ගියපු දේ කරලා ඉවර වුණාට පස්සේ. මගේ හිත ආයෙත් පිස්සු නටන්න අරං. එයාම ඒ වගේ දෙයක් කරයි කියලා මම බලාපොරොත්තු වුණේ නෑ. එයා සීතලයි කියලා තව ගුලි වෙනකොට එයාගේ ඉනවටේ අතක් යවලා මම තව ටිකක් ලගට ඇදලා ගත්තේ එයාගෙන ඒකට අකමැත්තක් පෙනුනේ නැති නිසා. මම ඕන තරම් සිහින අඩන වෙලාවට එයාව මගේ අත අතරට අරන් සනසවලා ඇති ඒත් මේ විදියට එයා මට තුරුල් වෙලා ඉන්න එක මට දැනුනේ වෙනස්ම විදියකට හිතේ කොනක එයා වෙනුවෙන් හංගලා තියන හැගීම් උණුසුම් වෙලා පණ ගන්න දගලනවා. මම ලොකු හුස්මක් අරන් මගේ හිත පාලනේ කර ගත්තා. අවසර ලැබෙන දවසක එලියට ගන්නකල් ඔහොමම ඉන්න. තව හුගක් කල් තියන්වා.

" ශෙනාල් "

මගේ බෙල්ල ළඟ මූණ තියාගෙබ ඇහෙන නෑහෙන ගානට එයා මගේ නම මිමිණුවා. සිහින දන්නේ වත් නැතුව ඇති එයා කරන මේ වැඩ නිසා මම අසරණ වෙන තරම.

"ම්ම්?"

" ඔයා කාටද ආදරේ කරන්නේ "

මම ආදරේ කරන්නේ ඔයාට මගෙ අත අතර තුරුල් වෙලා මගෙන් කාටද ආදරේ කරන්නේ අහන ඔයාට.  මගේ ඇස් ඉස්සරහට ආපු දවසේ ඉදන් අද වෙනක්ල්ම මේ හිත ගැහෙන්න ඔයා වෙනුවෙන්.

මට කියන්න හිතුනත් ඒ වෙනුවෙන් මම එයාගේ හිස් මුදුනට හාදුවක් දීලා තව ටිකක් මගේ අත අතර හිර කර ගත්තා.

" නිදාගන්න "

........................................................................

සිහින ශෙනාල්ට ශර්ට් එක මාරු කරන්න කීවේ ඇයි කියලද හිතන්නෙ?😁

Share This Chapter