Back
/ 31
Chapter 25

24.

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

Shenal POV:

එකොලහයි හතලිහයි, පැයක්  ඇතුලත වැඩියෙන්ම වෙලාව බලපු දවස අද වෙන්නැති. තව විනාඩි විස්සක් තියනවා විනඩියෙන් විනාඩිය අඩු වෙලා වෙලාව ළං වෙන ගානට මගේ පපුව ගැහෙන වේගේ වැඩි වෙනවා.

වෙන මොකුත් නිසා නෙවේ රෑ දොළහට අද අපේ රිසාල්ට් රිලීස් කරනවා. මීට කලින් නම් මම මේ තරම් බයක් දැනෙයි කියලා හිතුවේ නෑ මොකද මං ලොකු විස්වාසෙකින් හිටියේ මගේ රිසාල්ට් ගැන ඒත්... කලින් වගේ නෙවෙයි මට නිකම්ම හොද රිසාල්ට් එකක් මදි මට හොද රෑන්ක් එකකුත් ඕන කොළඹ මෙඩිකල් යන්න නම්, මට මෙහෙ ඉන්න ඕනි මොකද දැන් මට නවත්තන බලාපොරොත්තුවක් තියන්වා කව්රුත් වචනෙන් නොකීවට මට ඒක දැනෙනවා.

ගාල්ලෙ ගිය ගමනින් වත් මං දෙයක් කර ගත්තේ නෑ කියලා සහිරුවා මට පලු යන්න බැන්න වුනත් ඒක එහෙම නෙවෙයි එදායින් පස්සේ මමයි සිහිනයි අතර තිබුන මොකක් හරි ලොකු බැම්මක් වගේ දෙයක් නැති වෙලා වගේ දැනෙනවා. හොදම දේ ඒ හැම දේම මගේ පැත්තෙන් වාඩා සිහිනගෙ පැත්තෙන් වුණ එක.

එදා ගිහින් ආවට පස්සේ අපි තවත් ලං වුණාද කියලා හිතෙනවා. මට කලින් සිහින මං ගැන හොයන අරං නොකීවට එයා මාව බලාපොරොත්තු වෙනවා කියලා දැනෙනවා. එක දවසක් එහේ යන්න බැරි වුණාම මූණ එල්ල ගන්නවා සමහර වෙලාවට බොරු ලෙඩත් හදා ගන්නවා මාව ගෙන්න ගන්න.

ලොකූගෙ එන්ගේජ්මන්ට එකට තව දවස් හතරක් වගේ තියෙන්නෙ. සිහින කීව දේවල් නිසාම මම ට්‍රිප් එක ගිහින් ආවයින් පස්සේ ඒ වැඩ ගැන හොයලා බැලුවා. වෙච්චි දේවල් වුණා ලොකූ කරපු දේට එයා සිහිනට කියපු දේවල් වලට කවදාවත් මගෙන් සමාවක් නෑ. ඒත් දැන් එයා ශානි අක්කී එක්ක අලුත් ජීව්තයක් පටන් ගන්න යන වෙලේ ආයෙත් පරණ දේවල් අවුස්සලා තේරුමක් නෑනෙ. ලොකු කරපු දේවල් වලට එයා විදවයි එක මං කරන සාපයක් නෙවේ ඌ මොනවා වුණත් මගේ අයියා. ඒත් මේ ලෝකේ කර්මය කියලා දෙයක් තියන්වනේ.

සමහර වෙලාවට ලොකු ශානි අක්කී එක්ක හැසිරෙන් විදියට ඒක දැනටමත් වෙලාද කියලත් නොහිතෙන්වා නෙවෙයි. මේ ටික කාලෙට මට තේරුනේ අපේ ලොකුයි ශානි අක්කි කියන්නේ අහසයි පොලවයි වගේ කියලා. ශානි අක්කි වගේ සංකර කෙනෙක් කවදාවත් අපේ ලොකූගේ පාට්නර් වෙයි කියලා මම නම් හිතුවේ නෑ. ඒත් මට නොගැලපෙනවා කියලා හිතුනට ඒ දෙන්නට හොද නිසානේ මෙච්චර දුරක් යන්න හදන්නේ. එන්ගේජ්මන්ට එකෙන් පස්සේ ශානි අක්කී ආපහු අවුරුද්දකට UK යන්නලු ඉන්නේ ලොකූටත් තව අවුරුද්දක් තියන්වනේ අවුට් වෙන්න. ඒ වැඩ සේරම ඉවර වුණාම ඒ දෙන්නා වෙඩින් එක ගන්නවාලු.

එන්ගේජ්මන්ට් එකේ වැඩ වලට අම්ම එක්ක එහෙ මෙහෙ යන්න වුණ නිසා මට මේ සතියේ සිහිනව ටිකක් මග ඇරුනා ඒත් එයා නිතරම  මං කොහෙද ඉන්නේ? අදවත් එනවද? මම රෑට ඔයාටත් එක්ක උයන්නද ? වගේ දේවල් අහ අහ නිතරම කෝල් කරා. මං කලිම් කීවා වගේ අපි අතර තිබ්බ බැම්ම සිහිනම ටික ටික කඩලා දානවා වගේ දැනුනේ. මේ දේවල් නිසා මම ඇත්තටම ඉන්නේ කවදාවත් නැති තරම් සතුටකින් ඒක හරියට කාලයක් තිස්සේ ආසාවෙන ගන්න හිතන් හිටපු දෙයක් අපිට තෑග්ගක් විදියට ලැබෙනකොට දැනෙනවා වගේ හැගීමක්.

Cause I'm in a field of dandelions

Wishing on every one that you'd be mine, mine

And I see forever in your eyes

I feel okay when I see you smile, smile

සිවිලිම දිහා බලාගෙන කල්පනවක හිටපු මම සිහියට ආවේ ෆෝන් එක රින්ග් වෙන සද්දේට. කව්ද කියලා බලන්න දෙයක් නෑ මම ඔය රිගින්ටෝන් එක දාලා තියෙන්නෙ එක්කෙනුකුට විතරයි.

" නිදි නැද්ද? "

" ම්හු. දෙළහා වෙන්නේ නෑනෙ මම දැන් ගොඩක් වෙලා ඉදන් මේ බලන් ඉන්නේ මගේ රිසාල්ට් ආපු දවසේ වත් මම ඇහැරන් හිටියේ නෑ.ඇහැරන් හිටියා කියලා වැඩකුත් නෑ ඉතින් මට රිසාල්ට් බලන්න ෆෝන් එකක් තිබ්බේ නෑනේ අම්මා ගාවත් තිබ්බේ කුටු කුටු ගාන ෆෝන් එකක් ඒකෙන් කරන්න පුළුවන් ලොකුම වැඩේ නයි ගේම් එක ගහන එක විතරයි. ඔයා ඒක ගහලා තියේද නෑනේ? ඔයාගේ ps5 එක වගේද අනේ ඒවා  සුනාමියෙන් පස්සේ අය කොහෙද අනේ ඉතින් ඒවා දන්නේ? අඩුම ඔයාලා සුනාමියක් ආවා කියලා දන්නවද නෑනෙ නෑනෙ. සුනාමිය කියද්දිනේ මටත් වුණේ අපේ -- "

නිදිමත විකාරෙන්ද කොහෙද ඉන්නේ ඔහේ කියවනවා. මාත් ඉතින් අහං හිටියා ඕවට මොකුත් කියන්න බෑ අහං ඉන්න තමා තියෙන්නෙ, සිහින සුනාමියෙන් බේරුන ඒයාලගේ ගමේ වීරයාගේ විස්තරේ කියලා ඉවර වෙනකොට දෙළහා පහු වෙලා ඒත් දැන් මට රිසාල්ට් බලන්වට වඩා සිහිනගේ කියවිල්ල අහං ඉන්න එක ඉන්ටරෙස්ට් වෙලා තියෙන්නෙ කොහොමත් දැන් වෙබ් සයිට් එකේ ට්‍රැෆික් එක වැඩි ඇති තව ටිකක් වෙලා ගිහින්ම බලනවා.

" දෙයියනේ දොලහයි කාලයි වෙලාව අනේ ඇත්තට ශෙනාල් සිහියක් නැද්ද ඈ දැන් ඇහැරලා හිටියේ මොකටද ? කොහෙද ඉතින් කතා කරන්න ගියාම සිහි නෑනේ. ඔය කොල් එක කට් කරලා ඉක්මනට රිසාල්ට් බලන්න ලමයෝ "

" මම ආපහු ගන්නම් "

" හා බය වෙන්න එපා ඔයා හොදටම පාස් වෙලා ඇති මං දන්නවා "

සිහින එක්ක කතා කරපු එකෙන් මට තිබුන නර්වස් ගතිය ටිකක අඩු වුණා මම වෙබ් සයිට් එකට ලොග් වෙලා මගේ ඉන්ඩෙක්ස් එක එන්ටර් කරලා ලොකු හුස්ම්ක් අරන් ඇස් පියා ගත්තේ ඒක ලෝඩ් වෙනවා කියලා පේනකොට.

වෙන මොකුත් එපා එයා ළඟ ඉන්න පුළුවන් වෙන විදියේ රිසාල්ට් එකක් තියෙන්න දෙවියනේ. කාගෙන්වත් දේවල් ඉල්ලන්න අකමැති මට නිකම්ම එහෙම කියවුණා.

මං යන්තම් එක ඇහැක් ඇරලා ස්ක්‍රීන් එක දිහා බැලුවා පේජ් එක ලෝඩ් වෙලා එක පේළියට ඒ හතරක් පේනකොට මං ඇස් දෙක ඇරියා. ඒක මම කොහොමත් බලාපොරොත්තු වෙලා හිටියා මගේ ඇස් පහලට ගියේ රෑන්ක් එක බල්න්න.

මෙච්චර වෙලා අල්ලන් හිටි හුස්ම මම නිදහස් කරේ රැන්ක් එක දැක්ක්කට පස්සේ. තැන්ක් ගෝඩ්!! දැන් බය වෙන්න දෙයක් නෑ මට පුළුවන් සිහින ඔයා එක්ක ඉන්න..  දිස්ත්‍රික් රෑන්ක් එක දැක්කම මට මුලින්ම හිතුනේ ඒක.

මේ වගේ වෙලාවකත් මට මතක් වෙන්නේ ඔයාව එදා මුලින්ම අපේ ගෙදර ආපු වෙලේ මම ඔයාට ලගේජ් දෙක ගෙනත් දුන්නට පස්සේ ඔයාගේ වල ගැහෙන කම්මුල් එක්ක මාත් එක්ක හිනා වුණ වෙලාවේ ඔයා මට මොන වශියක්ද කලේ සිහින ? මොකක් වුණත් මං පිස්සුවෙන් වගේ ඒ වශියට ආසයි.

" චූටි පුතා "

" අම්මා ඉන්න "

ආපු සතුටට මම එහෙන්ම ඇදේ පෙරලුනත් ඒ එක්කම අම්මගේ කටහඬ ඇහුන නිසා මම නැගිටලා ගිහින් දොර ඇරියා. දොර ඇරපු ගමන් අම්මා මාව ඇදලා බදා ගත්තා. එයත් රිසාල්ට් බලලා වෙන්න ඇති

" මගේ පැටියා.මට ගොඩක් සතුටුයි පුතේ "

අම්මාගෙ ඇස් වල කදුලු එයාට සතුටු ඇති ගොඩක් අම්මා අප්පච්චි කවදාවත් මං ආසායි කීවදේකට එපා කියලා නෑ එයලා හැම වෙලේම මගේ හීන වලට හයියක් වුණා. අම්මාට මේ විදියට සතුටක් දෙන්න ලැබුන එක ගැන මට ආඩම්බරයි.

ඒ එක්කම වගේ අප්පච්චිත් කතා කරලා විශ් කරා ඉස්සරහට කරන දේ හොදට හිතලා  කියන්න කියලා කීවා මම කලින්ම අම්මට මම මෙහෙ මෙඩිකල් කොලේජ් යන එක ගැන කීව නිසා අම්මා අප්පච්චි එක්ක මට එහෙම අදහසක් තියනවා කියලා කියලා තිබුනා.

මගේ හීනේ වුණේම මෙහෙන් යන එක රිසාල්ට් ආපු ගමන් යන්න තමයි මං හිතන් හිටියේ ඒත් ඒ හීනෙට වඩා වටින හිනයක් මට හම්බුනා. බලල ඉවර කරන්න බැරි හීනයක්.

සිහින තාම දන්නේ නෑ මට එහෙම අදහස් තියනවා කියන්නවත් ඒ ගැන එයා එක්ක කතා කරන්න මට බැරි වුණා. මම හිතුවේ රිසාල්ට් ආවමම එයාට කියන්න.

අම්මා ගියාට පස්සේ මම ගත්ත ස්ක්‍රීන්ශොට් එක සිහිනට යවලා ඊලගට ඒක ස්ටේටස් දැන්මා නැත්තම් හැම එකාම ඕක අහන්න කෝල් කරන එක කරදරයි ඕන කෙනෙක් බලා ගන්නේ නැතැයි. සහිරුවට මැසේජ් එකක් දාලා ඌට මොකද බලන්න ඒත් ඒක ඩිලිවර් වුණෙත් නෑ පගයා නිදි ඇති උදේට අහනව.

මම සිහිනට යවපු මැසේජ් එක ඒ වෙලේම සීන් වුණා. ඒත් එයාගෙන් කෝල් එක ආවේ  ටිකක් වෙලා ගියාට පස්සේ.

" ආහ් සුභ පතන්න කතා කලේ. මගෙ දොස්තර මහත්තයා මම හිතුවට වඩා ගොඩක් හොදයිනේ "

ආන්ස කරපු ගමන් රනිල් වැහිලා වගේ  කටහඩත් අමුතු කරන් හිනා වෙවී එයා ඒක කීවේ ඒත් ඉන්න. මගේ දොස්තර මගත්තයා? එයා එහෙමද කීවේ? නැත්තම් මට ඇහුනා වරදිද?

" මොකද්ද ඒ කීවේ? "

" ඇහ්? සුභ පතනවා කියලා කිවේ කන් ඇහෙන් නැද්ද? "

" ඒක නෙවෙයි ඊට පස්සේ කිවේ?"

" මට ගොඩක් සතුටුයි ශෙනාල් ඉතින් කියන්නකෝ ඔයාට මගෙන් මොනවද ඕනි ?? "

ආහ් එයා මගේ ප්‍රශ්නෙ හිතලාම මග ඇරියා කියලා හිතෙන්නේ ඇයි. එයාගෙන් මොනවද ඕනි අහනවා එයාගෙන මට මොකුත් එපා එත් මට ඕනි..

" ඕන දෙයක් දෙනවද? "

" ම්ම් ම්ම් කියන්නකෝ මොනවද ඉතින්

ඕනි මගෙන්? "

" ඔයාව! "

කොහෙන් ආපු හයියක්ද මම දන්නේ නෑ එක්කේ රිසාල්ට් දැකලා ආපු සතුටද මං හිතට ආපු, ඒ ප්‍රශ්නෙට මට දෙන්න පුළුවන් අවංකම උත්තරේ දුන්නා. ඒක කීවට මොකද රිසාල්ට් බලන්න කලින් තිබ්බටත් වඩා වේගෙට මගේ පපුව ගැහෙන ගත්තා ඒයාගෙන් ප්‍රතිචාරයක් නැතුව ගතවෙන තප්පරයක් ගානේ ඒ වේගේ තවත් වැඩි වුණා.

මම එහෙම කීව එක වරදිද? එයා විහිලුවක් කියලා හිතලා හිනා වෙයිද නැත්ටම් අයේ මගේ එක්ක කතා නොකර ඉදීද ? බනිද?

නෑ ඒ මොකුත් වුණේ නෑ එයා ෆෝන් එක කට් කරා. මොකුත් නොකියම කට් කරාම මට හිතෙන්න පුළුවන් නරකම දේවල් හිතෙන්න ගත්තා ඒත්..

' හෙට ඩිනර් එකට ගෙදර එන්න. මම ඔයා කැමති කෑම ඔක්කොම හදලා තියන්නම්...අනිවාර්යයෙන් එන්න මම බලන් ඉන්නවා.'

ඒ පමාවට එයාගෙන් ආවේ මැසේජ් එකක්.

ඒක දැක්කම නම් මගේ හිත ටිකක් සැහැල්ලු වුණා. සමහරවිට එයා වැඩිය මම කියපු දේ ගනම් ගන්න නැතුව ඇති. ඒත් එහෙනම් ඇයි කලබලෙන් වගේ කට් කරේ? හෙට ගියාම අහ ගන්නම්කෝ. .

සිහිනට රිප්ලයි කරලා. මම ෆෝන් එක පැත්තකට දාලා නිදාගන්න හදනකොටම  තව මැසේජ් එකක් ආවා ඒක ලොකූගෙන්.

' well done! දැන් ඉතින් ඉක්මනට යන්න ලෑස්ති වෙයන්. '

මම දාලා තිබුන ස්ටේටස් එකට තමා ලොකූ රිප්ලයි කරලා තිබුනේ.  මූට පුදූම හදිසියක් තියෙන්නෙ මාව යවා ගන්න. මම ඒ මැසේජ් එකට ලයික් එකක් දාලා නිකම් හිටියා කොහොමත් හෙට උදේට අම්මා එක්ක මම කියන්න ඉන්නේ මන යන්නේ නෑ කියලා.

කවදාවත් නැතුව හිතට දැනෙන්න ගත්ත සැහැල්ලුවත් එක්ක මම ඇස් පියා ගත්තේ ඉස්සරහට එන්න තියන ලස්සන දවස් ගැන හිතන ගමන්.

.

.

.

.

" අම්මා මට කතා කරන්න ඕනි "

" අම්මා අහන් ඉන්නේ පුතා කියන්නකො "

අද නිවාඩු දවසක් වුණත් අම්මා උදේම නැගිටලා කිරි බත් හදලා. මම හිටියේ කෑම මේසේ වාඩි වෙලා හැමදාම වගේ මොනා හරි අපිට කතා කරන්න තියන දෙයක් ඇදිල ආවේ කෑම මේසෙට. කවදාවත් නැතුව අද මදි පාඩුවට ලොකුත් ඉන්නවා උදේට කන්න. ඒකත් හොදයි එයත් දැන ගන්න එපැයි මේවා.

" අම්මා මං කලින් කීවා වගේ මෙහෙ මෙඩිකල් ඇප්ලයි කරනවා. අප්පච්චට ඒ ගැන කියන්න. "

" මොකක්?! උඹට පිස්සුද?"

කීවේ අම්මට වුණාට කුලප්පු වුණේ කවුරුවත්.

" ඒකද ඔයාගේ අන්තිම තීරනේ චූටි පුතා.?"

" ඔව් අම්මා මට මෙහෙ ඉන්න ඕනි "

" මොනවද අම්මා මේ මූ කියන්නේ ? මේකට දන්න කාලේ ඉදන් ඕනි වුණේ අප්පච්චි ලගට යන්න නේද ? උඹට එහෙ ගිහින් අවුරුදු තුනෙන් හතරෙන් කරන්න පුළුවන් ඩිග්ග්‍රී එක මෙහෙ අවුරුදු හයක් වත් අදින්න වෙනවා එහෙම බෑ කියල නේද උඹ යන්න හැදුවේ? තව තව පෑලෑන් ගොඩක් ගහන් නේද හිටියේ ආ? එක පාරට මොන යකෙක් වැහිලද ඒ ගමන් උඹට ලංකාව හොද වුණේ? අම්මාලත් මෙයාගේ මනස්ගාත වලට උඩගෙඩි දෙනවද ඒ පාර කිසි ගානක් නැතුව ඉන්නෙ? "

" කෑ ගහන්න එපා ලොකූ මල්ලි කැමති ඒක නම් එහෙම කරපුවාවේ "

" අනේ අම්මා මේ අම්මා දන්නේ නැති වුණාට මම හොදට  දන්නවා මූ නටන්න හදන නාඩගම, කාගෙන නැත්තත්  මගෙන් උඹට ඒවට ඉඩක් නෑ "

කාකා හිටපු එක පැට්තක දාලා මටත් ඇගිල්ලක් උලුක් කර කර බැනපු ලොකූ එතනින් නැගිටලා ගියා. උආ කෑගැහුවට මට නම් වැඩක් නෑ. ඇත්තටම ඌට ඒ හැටි කෑගහන්නත් දෙයක් නෑ මෙතන ඒත් මම යන්නේ නෑ කීවම මම හිතුවෙත් නැති විදියට තමයි කෑ ගැහුවේ. ඌට මොකද්ද මං යන නොකයන එක ගැන ඔය හැටි අමාරුවක් අම්මාත් හිටියේ ඒ මොකද වුණේ කියලා හිතා ගන්න බැරුව.

" මම අප්පච්චි එක්ක කතා කරන්නම් පුතා. අයියා ඔය බොරුවට කෑ ගහන ඒවා ගනම් ගන්න එපා මට කොහොමත් පේනවා එයාට ලබලා තියන දසාව නම් හොද නෑ කියලා. බලෙන් කරුම කර ගහ ගත්තට ඉතින් අපිට කරන්න දෙයක් නෑ "

අම්මා නොකියා කීවේ ශානි අක්කා ගැනවත්ද? මට එහෙමත් හිතුනා. ඒත් ඕවා හිත හිත ඉන්න බෑ. දවල්ට යාලුවෝ ටික සෙලිබේට් කරන්න නිසා එලියට යන්න ඉන්නේ ඒ ඇවිත් සිහිනලගේ දිහා යන්න ඕනි මට අද කෑම හදනවා කීවනේ. අනික මට එයාට කියන්නත් ඕනි මම යන්නේ නෑ කියලා. පහුගිය දවසක මම යන එක එයාම මතක් කරලා එයාම මූණ එල්ල ගත්‍ත හැටි මට අමතක නෑ.

මේ වෙන දේවල් නිසා මට හිතෙනවා වෙනදට වඩා වෙන්ස් විදියට ඒයාටත් මාව දැනෙන්න අරං කියලා.

මම එලියට යන්න ලෑස්ති වෙලා පහලට එනකොට අම්මා මොකද්ද කොළයක් උස්සන් මගේ ලගට ආවා.

" පුතා ඔයා එලියට යන්නද? අනේ බලන්නකෝ ශානිට හදවපු ජුවලරි ටික ගන්න ඕනි අදලු ලොකූ දැන් එයලගේ ඇදුම් බලන්න කියලා ගිය වෙලේ මතක් වෙලා තියෙන්නෙ රිසිට් ටික තිබුනේ මගේ ළඟ. අද දොළහට කලින් ඒ ටික බාර ගන්න ඕනිලු අයියා ඇහුව ඔයාව යවන්න බැරිද කියලා ඒයට ආයේ ඇවිත් යන්න වෙලා නෑ කියලා "

" කොහෙද තියෙන්නෙ අම්මා? "

" නුගේගොඩ. අනේ මන්දා මේ ළමයත් මොකට එච්චර දුර තැනකට ජුවලරි හදන්න් දුන්නද කියලා පුතාට පුළුවන්ද අරන් එන්න ඒ ටික. "

" හරි දෙන්නකෝ මං ගන්නම් "

අම්මගෙන් රිසිට් ටිකත් අරගෙන මම නුගේගොඩට ආවේ අරුන් ටිකට මම එන්න පරක්කු වෙයි කියලා මැසේජ් එකකුත් දාලා. ශොප් එකට ගිහින් ඉතුරු පේමන්ට් ටිකත් කරලා මම ජුවලරි ටික අරන් එන්න ආවත් ලගටම ආපු එකේ මට හිතුනා සිහින බලන්න යන්න. මං කීවේ රෑට එනවා කියලා තමයි ඒත් දැන් ලගටම ආපු නිසා එයාව නොබලා යන්න හිතෙන් නෑ. හිතුනොත් අරුන්ට බම්බු ගහ ගන්න කියල දවල්ටත් සිහිනගෙන්ම කාලා රෑටත් කනවා.

ඇත්තටම අපේ ලොකුත් මොකද මන්දා මෙච්චර කොළඹ තැන් තියෙද්දී නුගේගොඩ ශොප් එකක් හොයා ගත්තේ.

ඕවා හිත හිත මම සිහිනගේ බෝඩිං එකට යන්න හැරෙව්වේ එතාන කිල්ස් එකෙන් එයා ආසම කැපචිනෝ අයිස්ක්‍රීම් දෙකකුත් අරගෙන.

මම යනකොට සිහිනගේ ගේට් එක ගාව දැකලා පුරුදු බයික් එකක් නතර කරලා තියනවා දැකලා මම වාහනේ එහෙමම පාරෙන්ම නතර කරලා බැහැලා ගියේ සිහිනට ගත්‍ත අයිස්ක්‍රීම් එකත් සීට් එක උඩම තියෙන්න ඇරලා.

මොකද්ද ඇදුමක් බලන්න ගියයි කීව ලොකූගේ බයික් එක සිහිනගෙ මිදුලේ දකිනකොට මට ඒ ඔක්කොම අමතක වුණ කීව නම් හරි.

" ඔයා ඔය ඇත්තටමද කියන්නේ?  ඔයා ශානීට ආදරේ නැද්ද? "

" මට ඒ කිසි දෙයක් වැඩක් නෑ.

මට ඕනි උඹව. කියපන් මැණිකේ උඹ කැමති නේද? ආයේත් මගේ ළගට එනවා නේද?  "

" නි-ර්වන්"

" උඹ මගේනේ සිතූ.. "

නෑ නෑ මට තව අඩියක්ව වත් තියන්න ඕනි නෑ. මට ඒ ඇහුන දේවල් දැක්ක දෙවල්. සිහින එයා හිටියේ.. එයා හිටියේ

ලොකූ ලොකූ දැන දැන ඇයි තමුසේ මට මෙහෙම කරන්නේ ?

මට තවත් ඒ දෙවල් දැක දැක ඒ දේවල් අහගෙන ඉන්න බැරි වුණා. දොර ලගටම ගියපු මම ආපහු හැරිලා යනකල් වත් ඒ දෙන්නට මම ආවා කියලාවත් ගානක් නැතුව ඇති..

වාහානේට නැගපු මම යන්නේ කොහෙද කියලාවත් සිහියක් නැතුව ඔහේ වහනේ අරන් ගියා...

ඇයි සිහින ඇයි ඔයා මට එහෙම කරේ?

මගේ ආදරේ විහිලුවක් විතරයිද?

..................................................................

💣

කෝ කෝ ඔය නාන්නේ නැති ළමයා හොරා වගේ යන්නේ නැතුව පෝලිමට එන්න මම බාල්දියක් ගෙනාවා සබන් තියනවා ගාලා නාගන්න. 🧼

Share This Chapter