Back
/ 31
Chapter 26

25.

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

Sihina POV :

" අනේහ්... ඊයා "

" දැන්මා නේද? "

ජැම්ම නේජ තමයී.. අනේ මොකද්ද අප්ප මටම මෙහෙම වෙන්නේ? ඉස්සෙල්ලා ගෙදරින් එලියට බහිනකොට කොහෙන්දෝ ඉදන් හූනෙක් චුක් චුක් ගෑවා අම්මා කියලා තියනවා ගමනක් යන්න යද්දී හූනෙක් ඇඩුවොත් ගමන පරක්කු කරන්න කියලා ඒ වුණාට අනේ එහෙම පුළුවනද? හූණා කියන කියන වෙලාවට යන්න හිටියා නම් හොදට හිටී එහෙනම් ඉතින් ගෙවල් වලට ඔරලෝසු මොකටද අනික ඔය හූනෝ චුක් චුක් ගානේ හීනිව හොයා ගන්න මිසක් අපි කොහේ ගියත් ඌට ඇති අමාරුවක් නෑ. කොහෙද ඉතින් අපේ අම්මට ඕවා කියලා තේරුම් කරන්න පුළුවන්ද?

ඒ වුණාට මම ඒ කියන එක අහලා ටිකක් පරක්කු වෙලා ආවා නම් මෙහෙම වෙන්නේ නෑනේ.

අද මම ශෙනාල්ට ඩිනර් එකට එන්න කීවනේ ඉතින් ඒකට ඕනි බඩු ගන්න මම කීල්ස් එකට ඇවිත් පාර පනින්න ඕන්න මෙන්න ඉද්දී කොහෙන්දෝ ඉදන් ආපු කාක්කෙක් උගේ බහිස්ස්‍රාවී ද්‍රව්‍ය ටික පිට කරේ මගේ උරහිසක් ඒම් කරලා. මෙච්චර මේ මට එහා පැත්තේ දිලිසි දිලිසි තියන තට්ට මාමාව පෙනුන් නැද්ද අයියෝ මටම මෙහෙම කරන්නේ? අනේව් ඔය කාක්කට හොදක් වෙන්න එපා මට මේ කරපු අපරදෙට ඔක්කොටම හපන් මේ තට්ටයා හිනා වුණා මට. දෙන්න තියෙන්නේ පුපුරන්න එකක් ආවා මෙතන මට හිනා වෙන්න.

දැන් ඉතින් මොනා කරන්නද මම ආවා එන්න ඒ මනුස්සටටත් රවලා ඇයි වදේ ආවා හිනා වෙන්න. ගෙදර ළඟ නිසා හොදයි ඉතින්.

ගිනි මද්දහන නිසා මේ වෙලාවෙ පාරෙත් කවුරුත් වැඩිය නෑ. මම ඉක්මන් කරලා ගෙදරට එන්න ආවා. ශෙනාල් කීවේ හයට වගේ එන්නම් කියලනෙ තව වෙලා තියන්වා මට හිමීට කෑම ටික හදන්න් පුළුවන්. මම අද ගොඩක් සතුටුන් ඉන්නේ එයාගේ රිසාල්ට් දැකලා. මේ ළමයා පොතේම ඇලිලා හිටියට මෙච්චර දෙයක් කර ගනී කියලා හිතුවේ නෑනේ. දිස්ත්‍රික් දහ අට කියන්නේ? කොහොමත් එයා දක්ෂයිනේ. දෙවියනේ තව අවුරුදු ගානකින් ඩොක්ට කෙනෙක්නේ.. අපේ අම්මට කීවම අම්මත් සතුටු වුණා හුගක් අනේ අප්පේ දැන් අපිත් හොදට අදුරන දොස්තර මහත්තයෙක් ඉන්නවා නොවැ කියලා තාම ඩොක්ට වුණෙත් නෑ ඒත් අපේ පැති වල ඩොක්ට කෙනෙක්ව අදුරනවා කියන්නෙත් මහා ලොකු දෙයක්.

ශෙනාල් අද ගෙදර එන්නේ හුග දවසකින් අපි ට්‍රිප් එක ගිහින් ආවයින් පස්සේ එයා නිර්වාන්ගේ එන්ගේජ්මන්ට් එකේ වැඩ වලට ටිකක් බිසී වුණා. එතකොට තමයි මට තේරුනේ එයා නැති අඩුව. එයා එහෙම ළඟ නෑ කියලා තේරෙනකොට හිතම මහා පාලුවකින් වැහිලා යනවා. මං හිතන්නේ මම ශෙනාල් එක්ක ඉන්න හුගක් හුරු වෙලා නිසා වෙන්නැති පහුගිය ටිකේ වෙන කිසි කෙනෙක් ලං නොවිච්ච තරමට ඒයා මට ලං වුණේ මං ගැන හොයලා බලලා මේ තරම් ළඟින් හිටපු කෙනෙක් නෑ. මට ඒ ගැන හිතනකොට මහා ලෝබ කමක් දැනෙන්නේ.

මම ඒ දැනෙන විදින හැගීමට ආසයි. ශෙනාල් ළඟදි දැනෙනෙ නිදහසට ආරක්ෂාවට මම හුගක් ආසයි. මම වරු ගනන් මොකක් හරි අල්ලන් කියවනකොට එයා මං දිහා බලන් ඉන්න විදිය මාත් එක්ක හිනා වෙන විදිය ඒ සේරටම වඩා එයාගේ ඇස්. ඒ ඇස් වල පිරිලා තියන හැගීම් මට නොපෙනනවා නෙවෙයි.

මම මුලින් මුලින් පිළි ගන්න අකමැති වුනත් ඒයාව දකින එයා හිනා වෙන  ගානට ඉදලා හිටලා මට ලං වෙලා කොදුරන ගානට මටත් නොදැනි රත් වෙන කම්මුල් මට ශෙනාල් ගැන දැනෙන්නේ කොයි වගේ හැගීමක්ද කියන එක පිලිගන් නැතුව ඉන්න බැරි කරලා.

ඇත්තම කීවොත් මම වැරදි කෙනෙකුට දීලා අවාසනාවන්ත විදියට හිස් වෙච්චි හැගීම් ටිකෙන් ටික එයා ලස්සනට පාට කරනවා කියලා මම තේරුම් ගත්තෙම එදා අපි ගාල්ලේ ගිය වෙලේ. විහගි නංගි ශේනාලුයි අතර සම්බන්ධයක් ඇති කියලා හිතුන වෙලේ දවස් ගනම් මාව සනසපු පපුවට වෙන කෙනෙක් තුරුල් වෙලා ඉන්නවා දැක්ක වෙලේ..

ඒ වෙලේ මට දැනුනේ මොන වගේ දෙයක්ද කියලා මට අකුරු කරන්න බෑ ලෝබ කමක්? ඊරිසියාවක්? එහෙම නැත්තම් එයාව මගේ ළඟ විතරක් තියා ගන්න ඕනි කියලා හිතෙන විදියේ අත්මාර්ථකාමී කමක් නැත්තම්.....ආදරේද?

දන්නේ නෑ සමහරවිට ඒ හැමදේම වෙන්න ඇති.

ඊයේ රෑ රිසාල්ට් ආපු වෙලේ මගෙන් මොනාද ඕනි අහනකොට විහිලුවක සේයාවක් තිබුන නැති එයාගේ හැගීම් පිරුන කට හඩෙන් ' ඔයාව ' කියලා කියනකොට මගේ හිත පිස්සු නටපු හැටි දන්නේ මම විතරයි. කාවහරි ලබා ගන්න හදනවා වගේ නෙවෙයි ඒ කෙනාටත් අපිව ඕනි කියලා දැනෙන හැගීම ඒක මං මීට කලින් විදලා නෑ.

මාව ඕනි කියලා කීවට ඒ කටහඩේ කිසිම වැරදි අරමුණක් ගැවිලාවත් තිබුනේ නෑ. මේ ගෙවිච්ච කාලෙට අපි නිදහසේ තනි වෙච්චි වෙලාවල් ඕන තරම් තිබුනා ඒත් ශෙනාල් කවදාවත් වැරදි අදහසකින් මං දිහා බලලා තියා මගේ අතකින් වත් අල්ලලා නෑ. ඉතින් එයා ඒ ඕනි කීවා නම් ඕනි කීවේ මගෙ එක කොටසක් නෙවේ කියන්න මම දන්නවා..

ඉතින් මං අද ආසාවෙන් බලන් ඉන්නේ එයා ඒ කීවේ ඇත්තමද අහන්න. අදරේ කරන්නේ කාටද අහද්දී මගේ ඔලුව ඉබලා නිදා ගනන් කිවේ ඇයි අහන්න. මට වගේම ඇත්තටම ඔයාටත් මාව ඕනිද අහන්න.

නොකියාම මෙච්චර කාලයක් හිතේ හිර කරන් හිටියේ ඇයි අහන්න. ඉතින් මට දැන් එයා එනකල් ඉවසිල්ලක් නෑ.

ගෙනාපු බඩු ටික මේසේ උඩුන් තියලා මම ඉක්මනට ඇදන් හිටි ශර්ට් එක ගලවලා දැන්මා මොට්ට කුරුල්ලා නිසා මගේ ලස්සන ශර්ට් එක ජරා වුණානේ. මං හිතන් හිටියේ උයලා ඉවර වෙලාම වොශ් දන්න ඒත් මට දැන් අප්පිරියයි ඒ නිසා කාමරේට යන්නත් කලින් මම ගෙට ගොඩ වුණ ගමන් කරේ ඒක ගලවපු එක මෙහෙමම බඩු ටික අස් කරලා වොශ් දලා උයන්න පටන් ගන්න ඕනි.

එහෙම හිතලා මම ඇදන් හිටපු ශර්ට් එක බාත් රූම් එකට ගිහින් පෙගෙන්න දාන වෙලේ මට ගේ ලගින්ම බයික් එක්ක සද්දයක් ඇහුන නිසා ඒක එහෙන්ම තියලා පොඩ්ඩක් එලියට ගියේ කවුද බලන්න ශෙනාල් නම් වෙන්න බෑ එයා එන්නේ හවස කීවනේ ශිට් දොර වහල එන්න බැරි වුණානේ.

සමහර විට පාරේ ගිය එකක් වෙන්නත් ඇති ඕන එකක් කියලා මම බාතෲම් එකෙන් එලියට එනකොටම කිසිම අවසරයක් නැතුව ගේ ඇතුලටම ඇවිත් තියන මනුස්සය දැක්කම මම එක තැනම නතර වුණා.

" තමුසේ..."

අතේ තිබුන හෙල්මට් එක එහෙමම පුටුවක් උඩට අතෑරලා මගේ පැත්තට ඇවිදන් එන කෙනා දැක්කම කරගන්න දෙයක් නැතුව මම බිත්තියට වාරු වුණා. වෙන මොකුත් නිසා නෙවෙයි මම ශොක් වුණේ මේ මනුස්සය ඉන්න විදියට. අපිලිවෙන් වෙච්චි ඇදුම් කොන්ඩේ, කපලා නැති රැව්ල රතු ගැහිලා තියන ඇස්. මම එයාව අනිතිමට දකිනකොට හිටියේ මෙහෙම නෙවෙයි.

නවනින් නැතුව එයා මගේ ලගටම ඇවිදන් එද්දි තමා මම හරි සිහියට ආවේ දෙයියනේ කෝ මගේ ශර්ට් එක..

" නවතින්න ලගට එන්න එපා. "

" සිතූ "

මම කීව දේවල් වගක් වත් නැතුව මගේ ලගටම ඇවිත් මට එහා පැත්තේ බිත්තියන් අතක් තියලා මං මීට කාලෙකට කලින් අහන්න ආසම වුණ නමෙන් එයා කතා කරනකොට දැන් මේ මනුස්සය වගේම ඒ නමටත් මම කොච්චර අකමැතීද කියලා මට තේරුනා.

" තමුසේ මොකද්ද මෙහේ කරන්නෙ එහාට වෙනවා නිර්වාන් මේක තමුසෙගේ තැනක් නෙවෙයි හිතන හිතුන වෙලවට රිංගන්න "

ආපු ආවේගෙට මම කෑ ගැහුවත් මම කියන දේවල් ගානක් වත් නෑ නිර්වාන් තවත් මට ලං වුණේ කට කොනෙක් හිනාවෙන් ගමන්. මේ මනුස්සය මේ මහ දවාලේ බීලා නේද? මගේ මූණට එබෙනකොට නිර්වාන් ලගින් එන් ඇල්කොහොල් සැර තදටම දැනෙනකොට කවදාවත් නැතුව නිර්වාන්ගේ මූණ දැක්කම මට ලොකු බයක් දැනුනා. මම මගේ අත් දෙකෙන්ම පපුව වහ ගත්තේ මට මේ වෙලේ ආවරනෙකට තියෙන්නෙ මගේ අත් දෙක විතරක් නිසා.

" මට බැරි නම් කාටද පුළුවන් ආ? අරූටද?"

මීට කලින් කවදාවත් අහලා නැති අමුතු කටහඩකින් මගේ මූණටම නැවිලා නිර්වාන් එහෙම අහනකොට මගේ බය තවත් වැඩි වෙන්න ගත්තා. අනේ මේ මනුස්සය සිහියෙන් නෙවෙයි ඉන්නේ මට මොනවා හරි කරයිද? අනේ ශෙනාල්

" එහාට වෙන්න නිර්වාන් ඔයා හොදටම බීලා නේද?"

කෑ ගහලා මේ මනුස්සය තරහා කර ගන්න බයට මම එහෙම කීවේ ටිකක් සන්සුන් වෙලා.

" උඹව මතක් වෙනවා බං මට උඹ මොකද්ද මට කරේ සිතූ "

මොනවද මේ මනුස්සය කියවනේ.? ඔව් ඉතින් සිහි විකලෙන්නේ ඉන්නේ

" නිර්වාන් ප්ලීස් ඔයා ගෙදර යන්න. ඔයාගේ එන්ගේජ්මන්ට් එකට සතියක් වත් නෑ නේද මොනවද මේ කරන්නෙ? "

" එන්ගේජ්මන්ට් ?? හහ් රෙද්දක් කියවන්න එපා උඹත් මට ඕන ඇති එන්ගේජ්මන්ට එකක් නෑ යකෝ මට දැන් මේ ඔක්කොම එපා වෙලා ඉන්නේ "

මොනවද මේ කියන්නෙ සිහි විකලෙන් වුණත් කියන දේවල්ද ? ඒ පාර මෙයා හදන්නේ අර කෙල්ලගෙත් ජීවිතේ එක්ක සෙල්ලම් කරන්නද? ඒත් මට තේරෙන්නේ නෑ නිර්වානගේ මූණ ඒකේ තිබුනේ හරිම අසරණ වෙච්චි ගතියක්. මම දන්න නිර්වාන් කවදාවත් මේ වගේ අසරණ විදියට වෙන කෙනෙක් ඉස්සරහට ගියපු කෙනෙක් නෙවෙයි. ඒත් මට වැඩක් නෑ. මට රිද්දලා ගියපු මිනිස්සු ආයේ ළං කර ගන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි මට ඕනි දැන් මේ මනුස්සය ඉක්මනට යවා ගන්න.

" මොනවද කියවනේ පිස්සු හැදිලද? මට වැඩක් නෑ කරුණාකරලා මෙතනින් යනවා නිර්වාන් "

" මට බෑ මට යන්න කියන්න එපා සිතූ. ඒකී මට උඹ වගේ ආදරේ නෑ බං ආදරේ නම් එහෙම කරන්නේ නෑ පට්ට වේ&$ "

" නිර්වාන්!! ඒ තමුසේ ආදරේ කරන ගෑණු ළමයා "

" මම ඒකිට ආදරේ නෑ! "

හහ්! ආදරේ කරන කෙනාට වැරදිලා මගේ අතින් කියවෙන්න් ගිය වචනයක් නිසා මගේ කම්මුලට ගහපු මිනිහා නේද මේ මෙහෙම කියන්නේ? මේක මොන විහිලුවක්ද? එදා මට රිදුන තරම්!! මගෙ පපුව ගලවලා කෑලි කරන තරම් මට රිදුනා  එහෙම කරපු කෙනාම දැන් ඒ කෙල්ලට ආදරේ නෑ කියලා කෑ ගහන්නේ?

" ඔයා ඔය ඇත්තටමද කියන්නේ?  ඔයා ශානීට ආදරේ නැද්ද? "

" මට ඒ කිසි දෙයක් වැඩක් නෑ.

මට ඕනි උඹව. කියපන් මැණිකේ උඹ කැමති නේද? ආයේත් මගේ ළගට එනවා නේද?  "

එහෙම කියපු නිර්වාන් මම හිතපු නැති වෙලාවක එක පාර එයාගේ අතකින් මගේ මූණ අල්ලලා එයා ගාවට තව ටිකක් ඇදලා ගත්තා.

" නි-ර්වාන්"

" උඹ මගේනේ සිතූ.. "

නිර්වාන්ගේ තොල් මගේ තොල් වලට පහත් වෙනකොට කොහෙන් ආපු හයියක්ද මම දන්නේ නෑ මගේ මූණ තද කරලා දරදඩු විදියට අල්ලන් හිටි මේ සද්දන්ත මනුස්සයව මම තල්ලූ කරලා දාපු පාරට පිටි පස්සේ තිබුන පුටුවක් වැදිලා නිර්වාන් එතනම බිම ඉන්ද වුණා වගේම ඒ පරකුවට ඇස් ගිණි ගන්න තරම් බැල්මකින් මගේ දිහා බැලුවා. නෑ මම උඹට බය නෑ නිර්වාන් උඹ වගේ එකෙක් වෙනුවෙන් ඒ වගේ හැගීමක්වත් නාස්ති කරන්න ඕනි නෑ මට.

" තිරිසනා!! උඹට ඕනි වෙලාවට ලගට ගන්නයි උඹට ඕනි වෙලාවට විසික් කරලා දන්නයි මම කවුරු කියලද හිතුවෙ?? මම පොලීසියට කෝල් කරන්න කලින් කරුණාකරලා බැහැපන් එලියට "

නිර්වාන්ට නොදෙවෙනි බැල්මකින් මමත් එයා දිහා බලන් හිටියා. වැටුණ තැනින් නැගිටපු නිර්වාන් පුටුවේ වැදිලද කොහෙද සීරිලා යන්තම් ලේ ගලන අත පිහලා දාලා මගේ දිහා මට තෝරගන්න් බැරි විදියේ බැල්මකින් බලන් ඉදලා ටික වෙලාවකින් ආයේ අර කට කොනේ හිනාවෙන් හිනා වෙන්න ගත්‍තා.

" උඹ මොනාද හිතුවේ ? උඹව ඕනිකමට මම වැදගෙන ආවා කියලද?  "

මම දන්නෑ ඇයි කියලා ඒත් මට මහා මූසල හැගීමක් දැනුනා නිර්වාන් එහෙම කියනකොට. හැමදේම ඉවර කරලා එයා අදරේ කරන කෙනා එක්ක ඉන්න ඇරල පාඩුවේ ආපු නිසාද මට මේ මනුස්සය මෙහෙම කරන්නේ? මටත් තිබුනා නැන්දා එක්ක ඒ හැම දේම කියන්න ඒත් මට ඕනි වුණේ නෑ දවසක් හරි මම ආදරේ කරපු මනුස්සයව ඒ වගේ අපහසුතාවෙට පත් කරන්න. ඒ නිසායි මම සද්ද නොකර එයගෙන් අයින් වුණේ මාව අසරණ කරන්න පුළුවන් නරකම විදියට අසරණ කරලා එයා මව අතෑරල දැන්මේ ඉතින් එයාට සතුටින් ඉන්න කියලා මම අයින් වුණ වෙලේ හිත හදාගෙන ඉන්නකොට ඇයි මේ මනුස්සය ආයෙම ඇවිත් මෙහෙම කරන්නේ? මෙච්චර වෙලා මෙල්ල කරන් හිටපු ඇස් වල කදුලු පිරුනත් මට ඕනි නෑ අයේ මේ නිර්වාන් ඉස්සරහ අඬන්න.

" මෙතනින් යන්න "

" උඹ එක්ක ලගින්න ආවේ නෑ කොහොමත් මට ඕනි දේ වෙලා ඉවරයි. 25 මගේ එන්ගේජ්මන්ට් එක අනිවාර්යයෙන් එන්න"

සාක්කුවේ දාන් හිටපු එන්ලෝප් එකක් මගේ දිහාට විසික් කරල දාලා නිර්වාන් යන්න ගියා. බයික් එකේ සද්දේ ඇහෙන්නේ  නැති වෙනකල්ම ගල් වෙලා වගේ හිටපු මම හිටන් හිටි තැනම ඉන්ද වුණා..

හිතට දැනුන දුක බය කාලකන්නිකම මේ හැමදේම නිසා එතනම ඉදගෙන කාලෙකින් අලුත් වෙච්චි කදුලු මම ඔහේ යන්න ඇරියා. මට රිදෙනවා රිදෙන්නේ ඇයි කියලා හරියට නොතේරුනත් රිදෙනවා නිර්වාන් ගැන මට දැන් හැගීමක් නෑ ඒත් මගේ පලවෙනිම ආදරේ මේ විදියට හෑල්ලූ වෙච්චි එක මට තාමත් දාරගන්න බෑ.

හිමින් ඇස් තෙමන් ගිය කදුලු ඉකියකට හැරෙනකොට මගේම දනිස් දෙක බදාගෙන ගුලි වෙලා  මම ඇති වෙනකල් ඇඩුවා. මෙච්චරයි. මේ පාර විතරමයි අයේ නම් ඒ වගේ මනුස්සයෙක් නිසා මගේ ඇහෙන් එක කඳුළක් වත් වැටෙන්න මම ඉඩ තියන්නේ නෑ. මාව වචන වලින්  රිද්‍දන්න හරි නිර්වාන් ගැන තිබ්බ පොඩි හරි හැගීමක් මගේ තිබුනා නම් මගේ කදුලු එක්කම මම ඒවත් දිය කරලා යැව්වා.

කදුලු හිදෙනකල්ම අඩපු මම මගේ ඇස් පිහද ගත්තා  මම කොච්චර වෙලා මෙහෙම හිටියද? වෙලාව නාස්ති කරන්න බෑ ශෙනාල් එනවනේ මම උයන්න ඕනී මෙහෙම ඉදලා බෑ.

ඔක්කොටම කලින් මම ගිහින් ඉස්සරහ දොර ලොක් කරලා දැන්මා. ශෙනාල් ආවම කතා කරයිනේ. එ ගිහින් මම නාගත්තා මෙහෙම ඉන්න බෑ මගේ පොඩි වෙනසක් වුණත් ශෙනාල්ට තේරෙනවා එයාට මේ දේවල් කියලා එයාගේ අයියාව තවත් තරහා කරන්න මට ඕනිනෑ. ඒ දෙන්නා කලින් වගේ හොදින් ඉන්න ගත්තා විතරයි.

නාගෙන ඇවිත් මම ශෙනාල් කන්න කැමති කෑම හුගක් හැදුවා ඩෙසර්ට් එකට පුඩින් එකකුත් හැදුවා එයා කැමතී ඒවට සමහර දවසට එනවා එෆ් බී එකෙන් හරි ටික්ටොක් එකෙන හරි දැකපු රෙසිපි උස්සගෙන අරක හදාලා දෙන්න මේක හදලා දෙන්න කියාගෙන. මම කැමති එයා මං හදලා දෙන එවා රස කර කර කනවා බලන්න. කනවට වඩා දැන් කවා ගන්න තමයි එයාට ඕනි. පොඩි එකෙක් වගේ වෙලාවකට හැබැයි අනික් වෙලාවට බලන්න ඕනි මගේ ලොකු අප්පච්චි වගේ හැසිරෙන්නේ. පිස්සා.

ශෙනාල් ගැන හිත හිත මම කෑම මේසේ ලෑස්ති කරා. දැන් වෙලාව හයට කිට්ටුයි එයා දැන් එන්න ඕනී දවල් එයා යනවා කීවා යාලුවො එක්ක සෙලිබ්‍රේට් කරන්න. සෙලිබ්‍රේට් කරා වගේ නෙවේ අදත් කරේ එයිද දන්නෑ. නෑ  නෑ එයා මට පොරොන්දු වුණා අයේ එහෙම එන්නේ නෑ කියලා එයා පොරොන්දු කඩන්නේ නෑ.

ඔක්කොම ලෑස්ති කරාට පස්සේ මම කාමරේට ගිහින් මගේ ෆෝන් එක අරන් ආවේ එයා කෝල් එකක් වත් අරගෙනද බලන්න ඒත්  නෑ. තාම යාලුවො එක්ක වෙන්න ඇති.

ශෙනාල් එනකල් කරන්න වැඩකුත් නැති නිසා මම ෆෝන් එක ඔබ ඔබ පුටුවට වෙලා හිටියා දවාලේ අඩලා අඩලා මට ඔලුවේ කැක්කුමක් ඇවිත් තිබුනේ ඒත් මම ඒක වැඩිය ගනම් ගත්තේ නෑ. ඒ අමාරුව නිසාම ෆෝන් එක බලනකොටත් ඇස් දෙක රිදෙන්න ගත්ත නිසා මං ඒක පැත්තක දාලා පොඩ්ඩක් ඇස් පියා ගත්තා ශෙනාල් ආවම කතා කරයිනේ.

බෙල්ලේ දැනුන අපහසුතාවෙ නිසා අමාරුවෙන් මම ඇස් ඇරලා බැලුවා. මට පුටුවෙන් හොදට නින්ද ගිහින් නේද?  වෙලාව කීයද ? මම ඉක්මනට ෆෝන් එක හොයාගෙන වෙලාව බැලුවා. දෙයියනේ නවයටත් ලගයි මට මෙච්චර වෙලා නින්ද ගියාද? කෝ ශෙනාල් ආවෙ නෑනෙ එයා කතා කරලා ගියා වත්ද මට ඒත් ඇහුනෙ නෑනේ.

ෆෝන් එකෙ එයාගෙන් මිස් කොල් එකක් වත් නැ. ඒව බල බල ඉන්නෙ නැතුව මම එයාට කෝල් එකක් ගත්තා හිතට හරි අමුතුයි.

" Sorry the number you dialed is switched off or not in service area please try again later"

ෆෝන් එක ඕෆ් කරලද? බැට්‍රි නැති වෙලාද දන්නෑ. කෝකටත් මම ආයෙම ට්‍රයි කරා ඒත් කලින් වගේමයි. එයා හරි නම් මේ වෙනකොට ඇවිත් ඉන්න ඕනිනෙ. මෙච්චර පරක්කු වෙන්න  විදියක් නෑ. මගේ හිතට අමුතු බයක් දැනෙන්න ගත්තා. නෑ නෑ බය වෙන්න එපා ශෙනාල් හොදින් ඇති බල බල ඉන්නේ නැතුව මම සහිරු මල්ලිට ගත්තා. තාම කට්ටිය පාටිද කවුද දන්නේ.

" හෙලෝ මල්ලි "

" ආහ් සිහින අයියේ.. ගත්ත එක හොදයි කෝ අර බේසිකයට ෆෝන් එක් දෙන්නකෝ  අපිට පොල්ල තිබ්බා බූරු පුතා මං හිතුවා ඔහේ තමා ගාටන්න ඇත්තේ කියලා "

මොකද්ද මේකියනේ ඒ කියන්නෙ ශෙනාල් එයාල එක්ක නැද්ද ?

" මල්ලි ශෙනාල් ඔයාලා එක්ක නැත්ද?"

" අපි එක්ක? ඇයි ඌ අයියා එක්ක නෙවේද ඉන්නේ? "

" නෑ මල්ලි හවස මෙහේ එනවා කීවා ඒත් ආවේ නෑ. මම හිතුවේ තාම ඔයාල එක්ක කියලා "

" නෑ අයියේ ඌට මොකද්ද වැඩකට යන්න තියනවා කියලා එන්න පරක්කු වෙනවා කීවා ඒත් මෙහෙ ආවේ නෑ. මං හිතුවේ අයියා එක්ක ඇති කියලා "

" අනේ මල්ලි එයාගේ ෆෝන් එකත් වැඩ නෑනේ "

මට ඇඩෙන්න එනවා. කොහෙද එයා ගියේ. ශෙනාල් ඔයා හොදින් නේද?

" අයියා බය වෙන්න එපා මම බලන්නම් සමහර විට ෆොන් එක ඕෆ් ඇති මේ ටිකේම ඌ ටිකක් බිසී වුණානේ නිර්වාන් අයියගේ වැඩ වලට මම බලලා අයියට ආපහු ගන්නම් කලබල.නැතුව ඉන්නකෝ'

මගේ කටහඩේ වෙනස තේරුන නිසාද කොහෙද සහිරු මල්ලි එහෙම කියලා ෆෝන් එක තිබ්බා. කලබල නැතුව  ඉන්න කීවට එහෙම ඉන්න බෑනේ. මට මහ අමුතු බයක් දැනෙනවා එයා කවදාවත් මෙහෙම් කරල නෑ එන්නේ නැත්තම් මට කියන්වනේ.

බලන් ඉන්න බැරි නිසා මම නැන්දට ගත්තා අනේ එයගේ ෆෝන් එක බිසී කියනවා. මම කාටද ආයෙ ගන්නේ කාගෙන්ද අහන්නේ?

කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරි වුණත් මම ගෙදර දොර ඇරන් මිදුලට බැස්සා. එයා එනවා ඇතිද? ශෙනාල්ගේ කාර් එක දැන් මතුවෙයි කියලා හිත හිත මම පාර දිහා බලන් හිටියා. දිගටම එයාගේ ෆෝන් එකටත් ට්‍රයි කරා එත් කලින් වගේමයි.

ලොකු වැස්සක් වහින්න වගේ පලාතම එලිය කරගෙන අකුණු ගගහා අහස ගුගුරනකොට ගෙවෙන තප්පරයක් ගානේ මගේ හිත ඊට වඩා ගිගුරුවා. ශෙනාල් ඔයා කොහෙද ළමයෝ.

පුපුරන අකුණු වල සද්දෙට වත් ගැස්සුනේ නැති මව ගැස්සුනේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තමා. ශෙනාල්වද?

නැන්දා..

" හෙලෝ නැන්දා ? "

"ඔයා කෝල් කරලා තුබුන නේද පුතේ?අනේ බලන්නකෝ පරණ යාලුවෙක් කතා කරානේ එයා එක්ක කතා කර කර ඉද්දී වෙලාව ගියා තේරුනෙත් නෑ"

" නැන්දා ශෙනාල් ගෙදරද? "

" ආ චූටි පුතා දැන් මේ ආවේ. ඇයි ඔයාට කතා කරේ නැද්ද ඔහේ ඉදන් නේද ආවේ?"

" මම ගන්නකොට ෆෝන් එක වැඩ කරේ නෑ "

" ආ මම කියන්නද ඔයාට ගන්න කියලා. "

" එපා නැන්දා මම ආයෙ අරන් බලන්ම්කෝ"

" හරි මැණික පරිස්සමට ඉන්න එහෙනම් බුදු සරණයි "

නැන්දා සැහැල්ලුවෙන් කතා කරපු නිසා ශෙනාල් පරිස්සමට ගෙදර ගිහින් ඇති කියලා හිතුනම මට ලොකු සහනයක් දැනුනේ මම කොච්චර කලබල වුණාද එයාගේ ෆෝන් එකත් වැඩ නැතුව නැන්දාගෙත් ෆෝන් බිසී වෙද්දී ..

මම නැන්දාගේ කෝල් එක කට් කරපු ගනන් අයේම ශේනාල්ට ගත්තා. දෙවියනේ ඇති යන්තම් එයාගේ ෆෝන් එක වැඩ.

ඒත් වෙනදට පලවෙනි රින්ග් එකෙන්ම ආන්ස වෙන කෝල් එක අද ආන්ස නොවීම කට් වෙලා යනකොට අර යන්තම් ආපු සැනසීමත් නැති වෙලා මගේ ඇස් තෙත් වෙන්න ගත්තා. මම ආයෙ ට්‍රයි කරන්න ගියත් ඒ වෙලාවෙම සහිරු මල්ලිගෙයි කෝල් එකක් ආවා

" සිහින අයියේ "

" මල්ලි ??"

" අයියා බය වෙන්න එපා ශෙනාල් ගෙදර ගිහින් මට දැන් ටිකකට කලින් කතා කරා "

" ම්ම් "

" ඌ මොකක් හරි අව්ලක අයියේ ඉන්නේ මං ඇහුවට කීවෙත් නෑ පස්සේ කතා කරන්නම් කියල කට් කරා කෝල් එක. මම හෙට එහෙ යන්න ඉන්නේ කොහොමත් ගියාම බලන්ම්කො අයියා දැන් කලබල නොවී ඉන්න."

" හරි මල්ලී තැන්ක්‍යූ "

සහිරු මල්ලි තිබ්බ ගමන් ආයෙත් මම ශෙනාල්ට ගත්තා වුණත් කලිම් වගේම කෝල් එක ආන්ස නොවී කට් වුණා.

ඔයා එතකොට මග අරින්නේ මගේ කෝල් විතරද ශෙනාල් ? ඇයි එහෙම කරන්නේ?

කලින් කලු කරලා ගිගුරුව අහස කඩන් වැටෙන්න පටන් ගන්නකොට මම ආපහු ගෙට ගියේ ඇස් වල එකතු වෙලා තිබ්බ කදුලු වලටත් ඔහේ ගලන්න දීලා.

ගෙට ගොඩ උන ගමන් මගේ ඇහැ ගියේ මම හදලා තිබ්බ කෑම මේසෙට. ඒවා දැන් සීතල වෙලා ඇති. කාමරේට ගිහින් මගේ පර්ස් එක හොයා ගත්ත මම දොර වහගෙන එලියට බැස්සේ ටික ටික තද වෙන වැස්සත් ගානකට නැතුව.

වෙලාව එකොලහයි පනහයි. පික් මී එකක් දාගනන්න මම ඇප් එක ඕපන් කාරත් වැහි බිංදු වැටිලා බොද වෙලා ටියන ස්ක්‍රීන් එක පෙන්නුවේ ලගම තියන වීල් එක එන්නත් තව පැය බාගයක් වත් යනවා කියලා.

නෑ මට එච්චර වෙලා ඉන්න බෑ. ඔය එන්නෙ නැත්තම් මම එනවා ඔයා ගාවට. ඔයා මට මෙහෙම කරන්න  හේතුවක් නොදැන කොහොමද මම පාඩුවේ බලන් ඉන්නේ?

පික්මී එකක් දාගන්න එක පැත්තක් දාලා මම තෙමි තෙමීම අඩිය ඉක්මන් කරලා ගියේ ප්‍රධාන පාරට. එතනට ගියාම මට ටැක්සි එකක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ.

තියන අඩියක් ගානට වැස්සත් තද වෙනවා මම දැනටම තෙමිලා ඉවරයි. වාහනයක් දෙකක් එහා මෙහා යන පාර ඒ ඇරුනම මිනිස් පුලුටක් වත් පේන්න නෑ. වෙන වෙලාවක  නම් බය වෙයි ඒත් මට ඒව වැඩක් නෑ මට ඕනි ශෙනාල් ගාවට යන්න.

අද දවසම හරිම මූසලයි. නිර්වාන් ඇවිත් අව්ල් කරලා ගිය හිත මම හදා ගත්තෙම ශෙනාල් ගැන හිතලා ඒත් එයත් මට මෙහෙම කරද්දී මම කොහොමද ඉන්නේ?

මගේ ඔලුව විකාරයි. ටැක්සි එකක් හම්බ වෙනකල් පුළුවන් තරම් දුරක් මම පයින්ම ආවා. වෙලාවට වගේ Taxi කියලා කොළ පාටින් ගහපු වීල් එකක් මගේ ළගම නතර කලේ මම අත දන්නත් ඉස්සර.

" තෙමෙනවා නේද ? කොහාටද යන්නේ මම ගිහින් දාන්නම් "

මැදි වයසේ මනුස්සයෙක් ආවරණය කරලා තිබුන කලු කර්ට්න් එක මෑත් කරලා මට නගින්න කීවම ෆොන් එකත් අතට තද කරගෙන මම ඒකට නැග්ගා මට ඕනි ඉක්මනට ඔයා ළගට එන්න..

" අංකල් ඔරුගොඩවත්තට යමු "

" එච්චර දුරක් පයින් යන්නද හැදුවේ?"

ඒකට උත්තර නොදී මම හිනා වුණා.

පැය බාගයක් වගේ යනකොට මට ශේනාල්ලගේ ගේ ළගට එන්න පුළුවන් වුණා.

" ඔය ළමයා දන්න කියන තැක්ද මේ? ගෙදර අය නම් නිදි වගේ ලයිට් ඔෆ්.කෝල් එකක් දීලා බලන්න වැස්ස සැරයිනේ මම ඉන්නම් එනකල්   "

එන අතර මගටත් සැරින් සැරේ කෝල් කරා වුණත් ශේනාල් මගේ කෝල් එකක් වත් ආන්ස කරේ නෑ. දැන් මෙතන ඉදන් ගත්ත කියලා තේරුමක් තියෙයිද?

" ඕන්නෑ අංකල් යන්න මම මැසේජ් එකක් දැන්මා දැන් එයි මාව ගන්න."

" හරි පුතා පරිස්සමට. රෑ ගමන් තියා ගන්න හොද පලාතක් නෙවේ මේක මම මේ ගෙදර යන්න හදපු ගමන් පුත තෙමි තෙමි යන්වා දැකාල නතර කරේ කරදරයක්ද හිතලා "

ඒ කීව කතාවටත් හිනාවක් දෙනවා ඇරෙන්න මට කරන්න දෙයක් තිබුනේ නෑ. වීල් එකෙන් බැහැල මම හුරු පුරුදු ගේට් එක දිහා බලන් හිටියේ ආයෙමත් සැරයක් ශේනාල්ට කෝල් එකක් ගන්න ගමන්.

එදා මේ ගෙදරින් යන දවසේ මම හිතා ගත්තේ අයේ නිර්වාන් ඉන්න තාක් මේ ගෙදරට අඩියක් තියන්නේ නෑ කියල. ඒත් මට දැන් එයාගෙන් වැඩක් නෑ මට ඕනි ශෙනාල් බලන්න එයා ඇයි මාව මග අරින්නේ අහන්න.

කෝල් එක ආයෙත් කට් වෙලා යනකොට කරන්න තියන ලේසිම වැඩේ වුණේ නැන්දාට ගන්න එක වුණත් මට ඒක කරන්න ඕනි වුණේ නෑ. මම ශේනාල් කීයට හරි එනකල් මෙතන ඉන්නවා.

කෝල් ගන්න එකේ තේරුමක් නැති තැන මම එයාට මැසේජ් එකක් දැන්මා. දකින වෙලාවක එයා එයි මම දන්නවා. මාව මේ මහ වැස්සේ එළියේ තියන්නේ නෑ එයා.

' මම ඔයාලගේ ගේට් එක ළඟ ඉන්නේ. ඔයා එන්නේ කීයටද?  මම ඒ වෙනකල් මෙතනම ඉන්නවා!'

විනාඩියක් දෙකක් තුනක් ගත වුණත් ඒයාගෙන් රිප්ලයි එකත් තියා අඩුම ගෙදර ලයිට් එකක් වත් පත්තු වුණේ නෑ. සැරින් සැරේ අලුත් වෙන මගේ කදුලු වැස්සටම හේදිලා යනකොට තෙමිලා හෙම්බත් වෙලා හිටපු මම එහෙමම ඉද ගත්තේ තාප්පෙට හේත්තු වෙලා.

' ඔය එනවා නේද ශෙනාල් ? '

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

Shenal's POV :

සයිලන්ට් කරලා තිබුන ෆෝන් එක සැරින් සැරේ කාමරේ තිබ්බ අදුර නැති කරනකොට ඒකට හේතුව දැන් දැනම මම නොදැක්ක වගේ හිටියේ මේ වෙලාවේ මට ඒ කට හඩවත් අහන්න හිතක් නැති හින්දා.

කවදාවත් නැතුව ඉක්මනට කදුලු පිට වෙන එයගේ ඇස් එක්කත් මට කේන්තී ඇයි මටත් බැරි කදුලු වලට හරි දිය කරලා මේ දරා ගන්න බැරි වේදනාව පිට කරලා දාන්න?

හිතට ධාරා ගන්න පුළුවන් සීමාව පන්නලා  ඒ හැගීම් ඇවිත් මගේ උගුරහිර කරන් හිටියත් මගෙ හිතුවක්කාර ඇස් තාමත්  කදුලු වර්ජනේ කරනවා.

සමහර විට මට මේ වෙලාවේ දැනෙන්නේ දුකක් විතරක් නෙවෙයි නිසාම වෙන්නැති. දුක තරහා කලකිරීම මේ හැමදේම එකට එකතු වෙලා මහා කාළකණ්ණි හැගීමක මගේ හිතම වහගෙන

ලොකූ තමුසේ හිතා මතාමද මට මේ දේවල් අහන්න සැලැස්සුවේ? මම සිහිනට ආදරේ කරනව කියලා දැන දැන. මම තමුසෙගේ මල්ලිනේ ඕයි තමුසෙට මං ගැන කිසි හැගීමක් නැද්ද ?

සිහින ? සිහින ගැන මට හිතන්න් ඕනි නෑ. මම කරේ කටින් ඔයාට ආදරේ කීවේ නැති එක විතරයි සිහින එහෙම වෙලත් ඔයාට එක මොහිතකට වත් මගේ ආදරේ දැනුනේ නැද්ද? දැක්ක දවසේ ඉදන් මගේ ඇස් වල ඔයා වෙනුවෙන් තිබුන හැගීම් පෙනුනෙ නැද්ද ? මගේ හැගීම් මේ තරම් හෑල්ලු වෙන්න තරම් මම ඔයාට කරන ආදරේට වටිනාකමක් නැද්ද?

මට කාටත් වඩා මං එක්කම තරහයි. දවල් දැක්ක දේවල් ඇහුන දේවල් සැරින් සැරේ මගේ මැවිලා පේනකොට මට මාවම එපා වෙලා යනවා. මට තිබුනේ ඔයාට මේ තරම් බැදෙන් නැතුව ඉන්න . කාගෙවත් නෙවෙයි මගෙයි වැරැද්ද,

ගෙදර ආපු විදියටම ඇදේ පෙරලිලා හිටියත් හිත එක තැනක නෑ. දවල් වගේ අපහු හැරෙන් හැරෙන් දිහාට වාහනේ අරන් ඕහේ යන්න හිතෙනවා. මේ විදියට හිටියොත් මට පිස්සු හැදෙයි.

පැත්තට විසික් කරලා දලා තිබ්බ ෆෝන් එක මම ගත්තේ වෙලාව බලන්න. එත් සිහිනගෙ ඇවිත් තියන මිස්කෝල් ගොඩටත් වඩා ඒ වෙලේ මගේ ඇස් ගියේ ස්ක්‍රීන් එකේ වැටිලා තියන් මැසේජ් එක ගාවට

මීට විනාඩි විස්සකට කලින් ඇවිත් තිබුන මැසේජ් එක දැක්කම මාව ඇදෙන් නැගිට්ටුනේ ඉබේටමයි.

මම පහලට ගියාටත් වඩා කරේ දුවපු එක. එළියෙන් මෙච්චර වෙලා ඇහුන වැස්ස ගැනවත් ගොරවන සද්දේවත් ගැන ගානක් නොතිබුන මට  සිහිනගේ මැසේජ් එක දැක්ක ගමන් ඒ සද්දේ දහ ගුණයක් වැඩියෙන් ඇහුනද කියලා හිතුනා.

මට තරහයි ඇයි මේ වගේ මෝඩ වැඩ කරන්නේ. පැය ගානයිනේ මම ළඟ හිටියේ නැත්තේ.

අම්මාට ඇහෙයි කියලත් ගානක් නැතුව මම කරේ ඉස්සරහ දොර ඇරන් ගේට එක ගවට දුවපු එක

ගේට් එක අරිනවත් එක්කම වගේ දැක්ක දේ නිසා මගේ තරහා තවත් වැඩි වුණා.

මහ වැස්සේ දණිස් දෙක අස්සේ මූණ ඔබාගෙන තාප්පෙට හෙත්තු වෙලා හිටපු සිහිනව මම ආපූ ආවේගෙටම ඇදලා ගත්තම එයා තෙමිච්ච කඩදාසියක් වගේ

ඔහේ මගේ ළගට ඇදිලා ආවා.

" ඔ~යා ආ~වද? "

එයාගේ කටහඩ වෙව්ලනවා. කටහඬ විතරක් නෙවේ එයාවත් වෙව්ලනවා.

" මොලේ හොද නැද්ද ? පිස්සු තද වෙලාද ඉන්නෙ ආ ? මොනවද මේ කරන්නේ? "

මගේ අත වෙව්ලනවා එන තරහට අත පුරවලා එකක දෙන්න තරම් හිතයි ඒත් ඒ විදියට වත් එයාට රිදෙන්න හිත හදා ගන්න බැරි මම මෙච්චර දෙයක් කරලත් මොකුත් කරේ නෑ වගේ මගේ දිහා බලන් හිටපු සිහිනව ඇදගෙන ගේට් එකෙන් ඇතුලට ගියපු එක.

" ශෙ~නාල් "

කතා කරත් ඇහෙන් නැති ගානට එයාව ඇදන් ආපු මම එයාව ගේ ඇතුලට එක්ක යනවා වෙනුවට කරේ තාමත් සාක්කුවේ තිබුන කාර් එකේ යතුර එලියට අරන් ඒක අන්ලොක් කරලා එයාව පැසෙන්ජ සීට් එකට තල්ලු කරලා මමත් වාහනේට නැගපු එක.

වාහනේ ගේට් එකෙන් එලියට දානකොටම ගෙදර ලයිට්ස් පත්තු වෙලා ඒ එක්කම අම්මගෙන් කෝල් එකක් එනකොට ඒක ආන්ස කරලා මම ඉක්මනට එන්නම් කියල විතරක් අම්මට කියපු මම ෆෝන් එකත් ඕෆ් කරලා පිටිපස්සට විසික් කරේ අම්මා අයේ ගන්නවා කියල දැන ගෙනමයි. ඒත් මට දැන් ඒවට උත්තර දෙන්න බෑ

" ශෙ~නාල් "

" වචනයක් කියන්න එපා!! "

වැටෙන මහ වැස්සත් ගානකට නොගෙන මම පුළුවන් තරම් වේගෙන් වාහනේ නුගේගොඩට අරන් ආවේ එහා පැත්තෙන් ඇහෙන ඉකි ගහන සද්දේත නෑහුහ ගානට . නැ මට ඒ දිහා බලන්න ඕනි නෑ. එයාගේ කදුලු දකින එක තරම් මට වෙන දුර්වල කමක් නෑ. ඉතින් මේ වෙලාවේ මට කොහොමත් මගේ දුර්වල කම වලට යට වෙන්න ඕනි නෑ. ඒවට යට වෙල මට මේ වෙලා තියන දේවල් මදිද

වාහනේ සිහිනගේ බෝඩිං එක ගාව නතර කරනකොට යන්තම් වැස්ස අඩු කරලා තිබුනේ.

ගේ පැත්තට ඔලුව හරවනකොට අද දවල් මෙහේ ඇවිත් ඇහුන දැක්ක දේවල් දරා ගන්න බැරුව හැරුලා යන මාවම පේන්න ගත්තා.

" බහින්න "

මට ඕනි මෙතනින් යන්න. මම බහින්න කීවත් අත් දෙකෙන්ම මූණ වහෙගෙන ඉකි ගහන සිහින ඒක ඇහුණේ නැති ගානට හිටියා. එයා මේ වෙලේ අඩන්නේ ඇයි කියලා හිතන්න වත් මට උවමනාවක් නෑ මමත් ඉන්නේ පිස්සු හැදුන ගානට.

එයා කියන එකක් අහන් නැති නිසා වාහනෙන් බැහැලා මම එයාව බලන්ම ඇදගෙන ගියේ එයත් අඩ අඩම මගේ පස්සේ ඇදිලා එද්දි. කදුලු පිට නොවුනත් මගේ හිත ඔයිට වඩා හයියෙන් කෑ ගහල අඩනවා ඒත් කාටද ඒවා ඇහෙන්නේ.

දොරේ ලොක් එකට අත තියනකොට නිකම්ම ඒක ඇරුනා. අඩුම දොර වත් ලොක් කරන් නැතුවද මේ මහ රෑ එළියට බැහැලා තියෙන්නෙ?

" ඇතුලට යන්න "

එයාට ඇතුළට යන්න කියලා මම හැරුනේ ආපහු එන්න ඒත්,

" අනේ යන්න එපා."

යන්න හැරුන මාව පිටිපස්සෙන් බදාගත්ත  සිහින එයාගේ අත් වලින් මගේ ශර්ට් එක මිරිකන් හිටියේ ටිකක් හරි ලිහිල් කරෙත් මම ඒ වෙලෙම අතුරුදන් වෙයි කියලා වගේ.

" සිහින අත අරින්න "

" මම ඔයාටත් එක්ක කෑමත් හැදුවනේ.. ඔයා ආසම පුඩින් එකත් හැදුවා මම කොච්චර බලන් හිටියද ඔයා එනකල්. දැන් යන්නෙ නෑ නේද ඔයා? යන්න එපා ශෙනාල්~"

මගේ පිට මැද්දට මූණ ඔබාගෙන අත වලින් මාව තව හිර කර ගන්න ගමන් සිහින එහෙම කියනකොට මෙච්චර වෙලා මුරණ්ඩු කම් කරපු ඇස් වලින් කදුලු කඩන් වැටුණා.

හිත කෑ ගහලා අනික් පැත්ත හැරිලා එයාව තුරුල් කරන් යන්නේ නෑ කියන්න කියලා කියනකොට හිත කියන දේ අහන්වා වෙනුවට  මාව තද කරලා අල්ලන් හිටි එයාගේ අත් දෙක ලෙහල දාලා  ආපහු වාහනේට ආවේ ඇඩුම් අතරින්ම මගේ නම කියන එයා දිහා එක පාරක් වත් හැරිලා බලන්නේ නැතුව..

.......................................................................

දිග එකක් ඉල්ලුවනේ ඉතින් දිගම දිග එකක් අරන් ආවේ 4000+ කියන්නේ මට අනුව දිගයි හරිද? 😒

ඒක නෙවේ ඔයාලා තාම සිහින එක්ක තරහද??

දැම් කතාවේ අවසන් හරියටම ඇවිත් තියන එකේ මගේ හිත සුව පිනිස ඔයාලගේ අදහසක් කෝටාගෙන යන්න😪

Share This Chapter