Back
/ 31
Chapter 27

26.

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

" පිස්සු හැදිලද මහත්තයා අසිහියෙන්ද වාහනේ එලවන්නේ තව පොඩ්ඩෙන් වැදෙනවා "

මගේ නම කිය කිය අඩපු සිහිනව දාලා එන්න ආවත් මට අඩුම මීටර් දහයක් වත් යන්න පුළුවන් වුණ් නෑ. සැරින් සැරේ ශෙනාල් යන්න එපා මම ඔයා අසම කෑමත් හැදුවා කියලා එයා අඩන හැටි මගේ කන් වල දෝංකාර දෙනකොට තවත් අඩියක් වත් ඉස්සරහට යාගන්න බැරි වුණ මම එහෙමම බ්‍රේක් කරේ පිටි පස්සෙන් ආපු බයික් එක ගැන වත් වගක් නැතුව.

නොහිතපු වෙලාවක බ්‍රේක් කරපු නිසා ඒ බයික් එක කාර් එකේ වැදෙන්න ඔන්න මෙන්න තියෙද්දි එකේ හිටපු මනුස්සයා නතර කරගෙන තිබ්බ.

ඒ මනුස්සය කෑ ගැහුව වුණත් මම මොකුත් කීවේ නැත්තේ ඇත්තටම මම මේ වෙලේ මම ඉන්නේ සිහියත් අසිහියත් අතර වෙනම තැනක කියලා මටත් හිතුන නිසා.

ඒ මනුස්සය තව මොන මොනවද කියලා බැන්නත් මම කරේ කාර් එක ලොක් කරලා එහෙමම දාලා ආපහු සිහිනගේ බෝඩිං එක පැත්තට දුවපු එක, මේ අතුරු පාරේ කාර් එක හරව ගන්න තැනක් හොයා ගන්න වත් මට වෙලාව නාස්ති කරන්න ඕන වුණේ නෑ.

මම මෝඩයෙක් වෙන්නැති. ආදරෙන් අන්ධ වෙලා වෙන්නැති ඒත් මට බැරි වුණා තවත් ඒ ඇස් වල කදුලු වලට යටත් නොවී ඉන්න.  මම දැන් පිස්සෙක් ගානයි. තමත් වැටෙන වැහි බිංදු වලටම මගේ කදුලු හේදිලා යනකොට පුළුවන් උපරිම වේගෙන් මම ආපහු සිහිනගේ බෝඩිමට දුවන් ආවා.

මම එනකොටත් මම එයාව දාලා ගියපු තැනට වෙලා එය තමත් ඉකි ගහනවා. මං හිතුවෙ ඔයාව මට නැති වෙන එක තමයි මට දාරාගන්නම බැරිම වේදනාව කියලා නෑ ඒක නෙවෙයි ඔයාගේ කදුලු මට ඊට වඩා රිද්දනවා. ඒක දැනගෙනද ඔයා මට මෙහෙම කරන්නේ?

දොර ළඟ බිම ඉදගෙන ඉකිගහන එයාට මං ලගට යනකල්වත් ඒ ගැන ගානක් නෑ. මම නැතුව වෙන කවුරු හරි ආවා නම්? තනියම ඉන්න වෙලාවට් ඇතුලට වෙලා දොර වහන් ඉන්න කියලා මං කොච්චර කියනවද? හිතුවක්කරකම.

බිම ඉදන් හිටපු එයාව ඇදලා අරගෙන මම එයාව ගේ ඇතුලට ඇදන් ගිහින් දොර වහලා එයාව වහපු දොරටම තද කරේ  එයාට හිතන්නවත් කාලයක් නොදී.

" තනියම ඉන්න වෙලාවට මං මොකද්ද කරන්න කීවේ? "

" ශෙ-නාල් ?? "

" අහපු දේට උත්තර දෙන්න "

මට දැන් පිට කර ගන්න බැරුව ඉන්න ආවේගේ හිර කරගෙන මම එයාගේ කන ලගටම කරලා කෙදිරුවේ අඩලම රතු ගැහිලා තිබුන එයාගේ ඇස් ලොකු කරන් මං දිහා බලන් ඉද්දී.

" මම ප්‍රශ්නයක් ඇහුවා "

" දොර- දොර වහ ගන්න කීවා "

" ම්ම් මතකයිනේ? එතකොට අද දවල් මොකද්ද කරේ? පාරේ යන හැම එකාටම ගෙට රිංගන්න පුළුවන් විදියට දොර ඇරලා තිබ්බද? නැත්තම් කැමැත්තෙන් ගෙට අරන් ඇදුම් ගලවලා සංදර්ශන පෙන්නුවද? "

" ශෙනා~ල් "

" ඇයි උත්තර නැද්ද ? "

" ඔයා කොහොමද ?? "

" මම දන්නේ කොහොමද කියලද අහන්නේ ම්ම්? දන්නේ ඇස් දෙකෙන්ම දැක්ක නිසා. මොකද්ද ලොකූ කියලා ගියේ? එන්ගේජ්මන්ට එකෙන් පස්සේ ගෑණි රට ගියාම ආපහු එකට ඉමු කියලද? කලින් වගේම ගෑණි නැති පාලු මකන්න කීවද? ආ කලින් වගේ ඇ-"

මං හිතන්නේ මට පිස්සු හැදිලා කියන්නෙ කරන්නෙ මොකද්ද කියලා වත් මට නොතේරෙන තරමට දවල් දැකපු අහපු දේවල් නිසා මට පිස්සු හැදිලා.

වචනේ පාලනයක් නැතුව සිහිනව තව තව දොරට හිර කර කර මම අහනකොට මගේ වචන නැතර වුණේ සිහින දගලලා මාවා පැත්තකට තල්ලු කරලා දාපු නිසා

" ප්ලීස් මම වදින්නම් තව නම් මොකුත් කියන්න එපා ශෙනාල්. ඔයත් මට මෙහෙම කරන්න එපා! ඔයා මොනවද දැක්කේ ඔයාට මොනවද ඇහුණේ? ආ ? ඔයා එවෙලේ ආවා නම් ඇයි ශෙනාල් ඔයා ඇවිත් මාව ඒ නරුමයගෙන් බේර ගත්තෙ නැත්තේ? ඔයා දන්නවද මම ඒ වෙලේ හිතින් ඔයාට කී පාරක කතා කරාද කියලා? වියරුවෙන් වගේ මත් වෙලා හිටපු මිනිහෙක් ඒ දරදඩු අත් වලන් මාව හිර කරන් ඉන්නකොට මම කොච්චර අසරණ වෙලාද හිටියේ කියලා ඔයා දන්නවද? ඒ මිනිහා කියපු වචනයක් දෙකක් ඇහුන පලියට මම ශර්ට් එකක් නැතුව හිටපු පලියට ඔයා කොහොමද හිතුවේ මම ඒ දේවල් වලට කැමැත්තෙන් හිටියා කියලා? ඒ වෙලේ මට නිර්වාන්ගෙන් කරදරයක් වෙයි කියලා මං කොච්චර බය වෙලාද හිටියේ? ඔයා මොකද්ද හිතුවේ ? නිර්වාන් ඇවිත් මාව ඕනි කීව පලියට මං ආයේ කැමති වෙයි කියලද? ඔව් ඔව් එක පාරක් ඒ මනුස්සයට මම මෝඩයෙක් වගේ ආදරේ කරා තමයි. එත් එක පාරක් ඒ කරපු වැරැද්ද නිසා මං මෙච්චර විදවන්න ඕනිද? මං ගැන ඔයාට පොඩි විස්වාසය වත් නැද්ද ශෙනාල් ?

ඒ වෙච්චි හැමදේම අමතක කරලා දාලා මම අද ඔයා නිසා සතුටු වුණාද කියලා ඔයා දන්නවද ? ඔයා ආසම කෑම රෙසිපි හොය හොය හදුවේ කොච්චර ආසාවෙන්ද ? ඒවා කෑම මේසෙම හීතල වෙනක්ල් ඔයා නැති කොට කෝල් කීයක් ගත්තත් ඔයාගේ ෆෝන් වැඩ නැති කොට මම කොච්චර බය වුණාද ?  වාහනේක සද්දේ ඇහෙන ගානේ දැන් එයි දැං එයි කියලා හිත හිත ඇස් රිදෙනකල් මං කොච්චර පාර දිහා බලන් හිටියද? අනික් හැමෝගෙම කෝල් ආන්ස කරලා මගේ කොල් විතරක් මග අරිනවා කියලා දැන ගත්තම මට කොච්චර රිදුනද කියලා ඔයා දන්නෙ නෑ ශෙනාල්! හේතුවක් වත් නොකියා ඔයා මාව මග අරිනවා කියල තේරෙනකොට ඔයාව හොයන් එනවා ඇරෙන්න මම වෙන මොනවා කරන්නද? ඒ ආවත් මගේ දිහාවත් ඔයා බැලුවේ නෑනේ. ඇයි එහෙම කරේ ? මාව සතෙක් ගානට දාල ඇදන් ඇවිත් යන්න එපා කියලා කෑ ගහද්දිත් ඔයා කරේ මව දාල ගියපු එකනේ? ඇයි මං ආදරේ කරන හැමෝම මාව දාලා යන්නේ ? ඇයි කව්රුත්ම මට ආදරේ කරන්නෙ නැත්තේ? මම ඒතරම් කාළක - ම්ම්ම්හ්හ් "

නෑ මට තව වචනයක් වත් අහන්න ඕනි වුණේ නෑ සිහිනව මගේ ලගට ඇදලා ගත්ත මම එයා ඊලගට කියන්න ගිය වචනේ ඒ තොල් වලින් උදුරගෙන මගේ තොල් වල හංගලා දැන්මා. එයාගේ සිනිදු තොල්  මගේ කර ගන්න හැටි ගැන සිය වතාවකට වඩා මං හිතලා ඇති ඒත් ඒ එක වතාවක වත් මේ වගේ වෙලාවක දෙන රලු හාදුවක් ගැන මං හීනෙකින් වත් හිතලා නෑ.

ඒත් මට ඉවසන්න බෑ එයා අන්තිමට කීව වචන ටික ඇති මගේ ඉවසීම නැති කරලා දාන්න.

සිහිනව ආපහු වහල තියන දොරට හිර කර ගත්තු මම ඒ සිනිදු තොල් පලවෙනි වතාවට මගේ කර ගත්තේ ලොකු කෑදර කමකින්. ටික වෙලාවක් යනකල් මම කරපු දේ හිතා ගන්න බැරුව වගේ ඇස් ලොකු කරන් මගේ දිහා බලන් හිටපු සිහිනත් ටිකකින් මට හවුල් වුනේ මං වගේම.ලොකු කලබලේකින් අද දවස පුරාම මගේ හිතේ හිර වෙලා තිබුන පීඩනේ නිසාම කිස් එක එන්න එන්න ඩීප් වුනේ සිහිනව හති වට්ටලා.

'" ම්ම්හ් ශෙ~නාල් හු~ස්ම ගන්න බෑ "

මගේ කොලර් එකෙන් අල්ලලා මාව ටිකක් එහාට කරලා එයා හුස්ම අල්ලන්න හදනවා.

ඒත් ඒ වෙනකල් වත් ඉවසීමක් නොතුබුන මම කරේ තෙමිලම ඇගට ඇලිලා තිබුන එයාගේ ශර්ට් එක පහලට ඇදලා එයාගේ බෙල්ල කිස් කරපු එක. සිහින මගේ! මගේ විතරයි ! ඔලුවේ කොහෙන්දො තැනකින් දිගටම ඒ වචන ඇහෙනකොට දැනුන ලෝභ කමටද නැත්තම් වෙන මොකක් හරි හැගීමකටද මම දන්නෑ මෙච්චර වෙලා තොල් වලින් විතරක් කිස් කරපු එයාගේ බෙල්ල සියුම් හම මම දත් අතරට ගත්තා.

" අහ්හ්~ "

" Fu*k! "

මෙච්චර වෙලා නිදහසේ තුබුණ සිහිනගේ අතක් ඇවිත් මගේ කෙස් අතරින් ගියේ එයාගේ බෙල්ල හපනවත් එක්කම තදට ඒ කෙස් වලින් අදින ගමන් සිහින කරේ මාව එහාට කරනවා වෙනුවට මාව තවත් එයාගේ බෙල්ලටම තද කරන එක. එයා දැන්ටම ඉන්නේ මත් වෙලා කියන්න එයාගේ ඒ හැසිරීමෙන් මට තේරෙනකොට තවත් ඉස්සරහට ගියොත් මටත් කන්ට්‍රෝල් එක නැති වෙනවා කියලා තේරුන මම එයගේ මූණ මගේ අත් දෙකෙන්ම අල්ලලා දැනටමත් රතු වෙලා තියන තොල් අයෙත් මගේ තොල් වලට හිර කර ගත්තේ කලින්ට වඩා හුගක් හිමින් මගේ තොල් එහා මෙහා කරන ගමන්. සිහිනත් ඒ රිදම් එකටම මාව කිස් බැක් කරනකොට, දෙතොල් හාදු ගැන මං අහලා තියන වර්ණනා බොරු නෙවෙයි කියන්න ඔප්පු වුණා. මේ හැගීම් විදින්න ඇයි මම පරක්කු වුණේ කියලා මට හිතුනා.

හදුවකට අව්ලන්නත් නිවන්නත් පුළුවන් කියලා මම මගේ පලවෙනි අත්දැකීමෙන්ම තේරුම් ගත්තා. ඇවිලිලා හිටපු අපි දෙන්නම් ඒ හදුවක් එක්ක නිමුනා. විනාඩි ගානකට පස්සෙ ඒ තොල් වල පහසෙන් ඈත් වුණත් මම මගේ නලල එයාගෙ නලලේ තියාගෙන සෑහෙන වෙලා ඒ විදියටම හිටියේ එකසිය ගානට ගැහෙන පපුවත් ටික ටික සංසුන් කර ගන්න ගමන්.

මෙච්චර වෙලා ඇස් පියාගෙන හිටපු සිහින හිමින් ඇස් ඇරලා මගේ දිහා බැලුවා, මේ වෙනකොටත් හොදටම රතු වෙලා හිටපු එයා මගේ දිහා බලලා මගේ ඇස් මග ඇරලා ආපහු සැරයක් මගේ බෙල්ල අස්සේ මූන ඔබාගන්නකොට මගේ මූණට නිකම්ම් හිනාවක් ආවේ ඒ කෝලම දැකලා.

" මොකෝ ම්ම්? ලැජ්ජ හිතුනද? "

" ම්ම්හ් "

" කෝ එහාට වෙන්න ඔයා හොදටම තෙමිලනේ  ඇදුම් මාරු කර ගමු "

" අනේහ්~ "

මම එහාට කරන්න හැදුවත් මගේ අස්සටම වෙලා ඉන්නවා. තවත් මෙහෙම හිටියොත් අනිවාර්යයෙන් මොකක් හරි ලෙඩක් හදා ගන්නවා කියාලා දන්න නිසා මම එහෙමම සිහිනව උස්සල හරහට වඩා ගත්තේ එයා මගේ බෙල්ලේ එල්ලිලා කැ ගහනකොට.

එයාව එහෙමම අරන් ගිහින් කාමරේට දැලා මම දොර වහල දැන්මේ එයාට ඇදුම් මාරු කරන් එන්න කියාලා.

එයාව ඇතුලට යවලා මම එහෙමම ළඟ තිබුන පුටුවට කඩන් වැටුණේ දැන් මේ වුණේ මොනවද කියලා එකින් එක හිතන ගමන්.

සිහිනව මම ඇත්තටම කිස් කරාද? නැත්තම් අනික් හැම පාරකම වගේ මේක මගේ හීනයක්ද?

මෝඩයෙක් වගේ මං මටම කොනිත්ත ගත්තා. නෑ නෑ හීනයක් නෙවෙයි. එතකොට ? එතකොට සිහින කලින් කීව දේවල් ඒවත් හීනෙ කෑල්ලක් නෙවේ. එයා ආදරේ කරන හැමෝම එයාව දාලා යනවා කීවේ හීනෙන් නෙවෙයිනේ? ඒ කියන්නෙ සිහින මට ආදරේ කරනවා නේද? මං වගේම එයටත් මං ගැන ආදරයක් තියන්වා නේද ?

මට පිස්සු වගේ මතක් වෙනකොට. ඒ වෙලේ එයාව ඇදලා.අරන් කිස් කරන්න හිතුණේ ඇයි කියන්න මං දන්නෑ ඒත් එයාගෙන් කම්මුල් පාරක් වෙනුවට ඒ ආවෙගෙන්ම එයා මාව කිස් කරා. අවුරුද්දකට වඩා මගේ හිතේ හිර කරන් හිටපු හැගීම් ඒ කීස් එකේන් එලියට එන්න ඇති. මටත් නොදැනිම මගේ ඇගිලි මගේ ලිප්ස් වලට ගියේ ඇගිලි තුඩු වැදෙනකොට මෙච්චර වෙලා නොදැනුන වේදනාවක් මට දැනුනා.

මගේ කොටි පැටියා, තුවාල වෙනකල් හපලද කොහෙද.

ඇස් දෙකත් පියාගෙන සිහින ගැන කල්පනාවේ හිටපු මම ඇස් ඇරියේ එයාගේ කාමරේ දොර ඇරුන සද්දේ නිසා. දොර බාගෙට ඇරගෙන බෙල්ල විතරක් එලියට දාලා බිම බලන් හොරගල් අහුලනවා.

" මෙතනට එන්න "

මම කතා කරාම හොර පූසෙක් වගේ මගේ ලගට ආපු එයාව ඇදල අරන් මම මගෙ ඔඩොක්කෙට වට්ට ගත්තේ. එයා වටේ මගේ ඇත් දෙකත් ඔතන ගමන්

අහන්න දේවල් ගොඩක් තියනවා. කොහෙන් පටන් ගන්නද කියලාවත් මට හිතා ගන්න බෑ. ඒත් සේරටම කලින් මම කරේ එයාගෙ නළලට වැටිලා තියන කැරලි ගැහුන කොන්ඩේ එහාට කරලා ඇගේ රස්නේ බලපු එක. හොදටම තෙමිලනේ හිටියේ. යන්තම් පින්නක් ගියත් ඇති එයාට ලෙඩ හදා ගන්න. හිතුවා වගේම ළවට වගේ උණ ගතියක් දැනුනා.

" ඇග රස්නෙයි "

" නෑ! "

" නෑ? නෑ නෙවෙයි උණ ගන්නද කොහෙද ? තියන හිතුවක්කාරකමට වැස්සේ තෙමිලා. මොළයක් කියලා නාමයක් නැද්ද ? අනික කොහොමද ආවේ මේ මහ රෑ  කරදරයක් වත් වුණා නම් කාටද කියන්නේ? මහ ලොකුවට කැම්පස් නේද? "

" අනේහ් මේ කෑගහන් එපා හරිද කවුරු නිසාද මට එහෙම කරන්න වුණේ? "

මම කෑහැහුව සද්දෙට වඩා දෙගුණයක් සද්දෙන් කෑගහපු එයා හැදුවේ මගේ අත් වලින් ගැලවෙන්න. ඒත් එයාට යන්න නොදී මම තවත් මගේ අත් එයාගේ ඉණ වටේට තදට එතුවා.

" කොහෙද පැනලා යන්න හදන්නෙ? කෝ අහපුවට උත්තර ම්ම් ? කොහොමද ආවේ? "

" මම කොහොම ආවත් ඔයාට වැඩක් නෑනේ. වැඩක් නැති නිසානේ මම අච්චර අඩනවා දැක දැක වචණයක් වත් නොකියා  යන්න ගියේ. අතාරින්න මාව. යන්න දෙන්න "

" බෑ. යන්න දෙන්නේ නෑ. එක පාරක් මගේ වුණාට පස්සේ අයේ පැනලා යන්න දෙන්නෙ නෑ. මම එහෙම ලේසියෙන් මගේ දේවල් අතාරීන්නේ නෑ. "

මම එහෙම කියනකොට මෙච්චර වෙලා මගේ අත් වලින් ගැලවෙන්න දගලපු සිහින ගැස්සුනා වගේම දගලන එක නතර කරලා එයා මගේ පැත්තට හැරුනේ එයාගේ නිදහසේ තිබුන අත් වලින් මගේ මූණ අල්ලගෙන.

අත් දෙකෙන්ම මගේ මූණ අල්ලගෙන එයා මගේ ඇස් වලට එබෙනකොට මෙච්චර වෙලා සංසුන් කරන් හිටපු මගේ හිත ආපහු පිස්සු නටන්න පටන් ගත්තා.

" ශෙනාල් "

" ම්ම්? "

" මම දැන් ඔයාගෙද? "

" ඔව් මගේ! මගේ විතරයි!"

අවුරුද්දකට වඩා කීයගන්න බැරුව හිතේ හිර කරන් හිටපු දේ මං ඒ විදියට කියනකොට මට දැනුනේ ලොකු විස්වාසයක්. ඒක කවදාවත් මගේ හැගීම් එයාට කියන දවසක මට දැනෙයි කියලා හිතපු නැති තරම් විස්වාසයක්. එයා එකට කොහොම ප්‍රතිචාරයක් දක්වයිද කියන එක ගැන මට බයක් දැනුනේ නෑ.

ඒත් එයා ඊලගට කරපු දේට නම් මගේ ඇස් දෙකත් ලොකු වුණේ මම එහෙම දෙයක් බලාපොරොත්තු වෙච්චි නැති නිසා.

අල්ලගෙන හිටපු මගේ මූණ උඩට උස්සපු එයා මගෙන් අවසර ගන්න මහන්සී නොවීම එයාගෙ සිනිදු තොල් වලින් මගේ තොල් අල්ල ගන්නකොට මෙච්චර වෙලා මගේ ළඟ තිබුන ඉවසීම කොහෙද ඈතකට පාවෙලා ගියා.

අපි හිටපු විඩියට මට ඕනි හැටියට කිස් එක කන්ට්‍රෝල් කරන්න බැරි නිසා කිස් එක බ්‍රෙක් නොකරම සිහිනව උස්සලා ගත්තු මම එයාගේ කාමරේට පැත්තට යනකොට එයාගේ කකුල් මහේ ඉණ වටේ තදට එතිලා තිබුනා.

කකුලෙන් පාරක් දීලා කාමරේ දොර ඇරගත්ත මම කිස් එක බ්‍රේක් කරේ එයාව ඇදෙන් හාන්සි කරන්න ඕන කමට විතරයි.

සිහිනව ඇදෙන් හාන්සි කරලා එයාර බරක් නෙදැනෙන විදියට එයාගේ ඇග උඩින් හාන්සි වුණ මම ආපහු එයාගේ පිරුණු තොල් මගේ කර ගත්තේ එන්න එන්න ඒ දෙතොල් පහසට මත් වෙන මගේ පියවි සිහිය ටිකෙන් ටික මගෙන් ඈත් කරලා. විනාඩියක් දෙකක් නෑ විනාඩි ගානක් ගෙවෙන්න ඇති ඒත් එයාට වත් මට වත් ඇති විමක් තිබ්බේ නෑ.

පොඩි වෙලාවට ඒ රෝස පෙති වලින් ඈත් වුණ මම ඊලගට එයගේ බෙල්ල එක්ක ගණුදෙනුවක් පටන් ගන්නකොට. මගේ ඉවසීමේ අන්තිම කට්ටත් පන්නන එයගේ කෙඳිරි වලට පණ ඇවිත් තිබුනා.

" ආහ්හ්~ ශෙනාල්

ඒක~ ආයේ කියන්න "

" ම්ම්?? "

" මම~ මම ඔයා-ගේ කියන්න "

" ඔයා මගේ! මගේ විතරයි!! "

.........................................................................

ලැජ්ජයි වගේ සාන්ත 😐

මේ කොටස ගැන මට සැටිස් නෑ කමක් නෑ. මම මේක ලියන්න හිටියේ මෙහෙම නෙවෙයි. මට ඕනි වුණේ මේ දෙන්නව ටිකක් වෙන් කරලා තියන්න ඒත් ශෙනාල් මම ලියන්න ගියලු දේට තදින්ම විරුද්ධ වුණා. මේක තනිකරම ශෙනාල්ට ඕන විදියට ලියපු එකක්😪

Share This Chapter