Back
/ 31
Chapter 28

27.

ඩැන්ඩිලයන් 💮 (Dandelion)

" කෝ මේ ගෙදර මිනිස්සු අරින්නයි කීවේ දොර. "

යන්තම් ඇස් පියවේගෙන ආවා විතරයි මම උඩ ගිහින් ඇහැරුනේ දොරට තඩි බාන සද්දේ එක්ක ඇහෙන හොදට පුරුදු කටහඩ නිසා.

ඊයේ නාඩගම් නටලා ෆෝන් ඕෆ් කරන් ඉද්දී හිතන්න තිබුනා මෙහෙම වෙයි කියලා.

දඩිබිඩි ගාලා නැගුටපු මම අව්ල් වෙලා තියන කොන්ඩේ හදාගෙන  මූණත් පිහන් ගියේ දොර අරින්න.

ඊයේ රෑ ගැන මතක් වෙනකොටත් මගේ හිත බල්ටි ගහනවා. ඇතිවීමක් නැතුව අපි අතර වුන දෙතොල් ගණුදෙනුව මඟදී අමාරුවෙන් හරි මම නතර කර ගත්තේ එන්න එන්නම සිහිනගේ ඇග රත් වෙන හැටි මට දැනුන නිසා.

දවසම හෙම්බත් වෙලා හිටපු එයාට අන්තිමට හොදටම උණ අරන් තිබුන නිසා මම ආයේ ගෙදර එන එකත් පැත්තක තියලා එයා ලගටම වෙලා එයාගේ උණ අඩු කරන්න ඔට්ටු උණේ උදේම බෙහෙත් අරන් දෙන්න එක්ක යන්න හිතාගෙන. මූලු රෑම නිදිමරන් හිටි නිසා පාන්දර වෙනකොට මගේ ඇස් යන්තම් පියවුණේ සාලේ පුටුවක් උඩ.

ඉස්සරහ දොරට එක දිගට තඩි බාපු සද්දේ  නැවතීමක් නැති වෙනකොට එන පොට නම් හොද නෑ කියලා තේරුනත් මම දොර ඇරියේ ඕන එකක් වෙන්න කියලා.

" ආහ් මේ ඉන්නේ... මොකද්ද ඊයේ රෑ අර නටපු පිස්සව ඈ.. කොහෙද දුවන්නේ ඔහොම ඉන්නයි කීවේ"

" ආව්ව්ව් අම්මා ගහන්න එපා.  පිස්සද අනේ කුඩෙන් ගහන්නේ..."

අම්මගේ කුඩ පාරෙන් බේරෙන්න මම එහාට පැන්නත් මට කලින් අම්ම මාව අල්ලගත්තා. මීට කලින් අම්මා මට ආදරේට වත් පාරක් ගහල නැති වුණත් දැන් මාව අල්ලගෙන හිතක් පපුවක් නැතුව වහේ හැරෙන් හැරෙන් පැත්තට ගැහුවේ මාවත් ඉස්කොලේ නසරාණි ළමයෙක් ගානට දාලා.

" ගහන්න නෙවේ හමගහනව මම අද. කෝ අනික් එක්කෙනා එන්න කියනවා එලියට, මම කොච්චර බය වුණාද ඒ ළමයත් ඇදගෙන ගිය හැටියට? මගේ ඇගේ ලේ නැතුව හිටියේ උදේ වෙනක්ල්."

"ආව්ව් ගහන්න එපා ඕක පැත්ත්කට දාන්නකෝ සිහිනට උණ හැදිලා ඉන්නේ "

" ආහ් උණද පොඩි මහත්තයට එන්න කියනවා මම උණ බට කරලා ගන්නම් "

සිහිනට උණ කීවත් අම්මට නම් ගානක් නෑ වගේ වෙනද සිහිනටත් කලින් කදුලු පුරව ගන්න එක්කෙනා අද කුඩේ දික් කර කර කෑගනවා.

මම සිහිනගේ කාමරේ පැත්ත බලනකොට මෙන්න ඉන්නවා රබර් ඇහැ දාගෙන සද්දෙට ඇහැරිලාද කොහෙද.  මම එන්න කියලා කතා කරත් ඔලුව වනලා බෑ කියපු එයා ආපහු දොරට මුවා වුනත් අපේ අම්මගේ උකුසු ඇස් වලින් හැංගෙන්න බැරි වුණා.

" අහ් මේ ඉන්නේ. කොහෙද ඔය හැංගෙන්නේ ආ? එන්නයි කීවේ මෙතනට "

අද නම් අම්මා ඉන්නේ ඉස්කොලේ හාමිනේ ආවේස කරගෙන. අම්මට අපි ගැන කීවොත් මොනවා කියයිද කියලා මෙච්චර කල් නොතිබුණු බයක් දැනෙන්න ගත්තෙ එයා මූණ හදාගෙන ඉන්න විදිය නිසා. අම්මා ඉන්නේ ඇත්තටම තරහා ගිහින් වගේ.

" ඉදගන්නවා දෙන්නම මෙතනින් මගෙන් ගුටි නොකා "

ඇදි ඇදි ඇවිල්ලා මගේ පිටිපස්සට මුවා වුණ සිහිනටයි මටයි අම්මා කුඩේ දික් කරලා ඉදගන්න කිවම අපි දෙන්නත් හිමීට ළඟ තිබුන පුටුවට බර වුණේ අම්මත් ඇවිත් අපේ ඉස්සර වාඩි වෙනකොට.

" දැන් කියමු බලන්න මොකද්ද ඊයේ රෑ අර නටපු නාඩගම කියලා ? "

අම්මට මේක කියන්න හොදම විදිය හිතන

ගමන් මම සිහින දිහා බැලුවත් මෙච්චර වෙලා බිම බලාගෙන හිටපු කෙනා ඔලුව උස්සලා ඇස් දෙකත් බෝල කරන් අම්මා දිහා බලන් ඉන්න විදිය දැක්කම මේ එන්නේ නම් හොදකට නෙවේ කියලා මට තෙරුණා ඒත්..

" අනේ නැන්දා බලන්නකෝ මේ ශෙනාල් ඊයේ ඩිනර් එකට එන්වා කියලා ගෙදර තියන බඩු ඔක්කොම ඉවර වෙනකල් මං කෑම ජාති ගොඩක් හදලා බලාගෙන හිටියා දැන් ගෙදර තුනපහ ටිකක් වත් නෑ බෙහෙතකටවත්. එනවා කීව මනුස්සය ආවෙ නැති නිසා මං කෝල් කරනකොට ෆෝන් එකත් ඕෆ් කරගෙන. මම ඉතින් බය වෙන්නේ නැද්ද කියන්නකෝ. බැරිම තැන තමයි අනේ මං ඔයාට ගත්තේ ගෙදර ආවා කියලා ඔයා කීවම තමයි යන්තම් මගේ ඇගට ලේ ටිකක ඉනුවේ ඉතින් මං මේයාට ආයේ කෝල් ගත්තත් මගේ කෝල් එකක් වත් ආන්ස කරේ නෑ මටත් ඉතින් දුක හිතෙනවනේ අනේ එනවා කියලා මාව එහෙම මග අරිනකොට මම ඉතින් ඒකයි අනේ වැස්ස කියලා බලන් නැතිව හොයාගෙන ආවේ. මෙයා ඒ ආවත් මාව ගනම් ගත්තේ නෑනේ ඔයාට කියන්න නැන්දා මාව සතෙක් වගේ අනේ ඇදන් ආවේ ඔයා දකීන්නත ඇතිනේ. නේද අනේ ඔයා දැක්ක නේද? මම නම් නෙවෙයි මෙයාගේ තමා වැරැද්ද .."

කටවහන් ඉන්න කියලා මට  කියන්න වුණේ නෑ. ඊට කලින් මගේ එහා පැත්තෙ ඉදන් හිටි සිහින අම්මා ගාවට පැනලා එයාගේ අතේ එල්ලී කියවන්න ගත්තේ මටත් ඇඟිල්ල දික් කර කර.

" ඔව්නේ පුතේ මාත් දැක්කා ඉතින් ඉතින් ඔයා කොහොමද කියන්නකෝ ඒ රෑ ආවේ "

" ආ මං පික් මී එකක් දාගෙන එන්න හැදුවේ එතකොට අනේ දොළහටත් ලගයිනේ තිබ්බ ඒවා ඔක්කොම එන්න පැය බාගෙට වඩා යනවා කියලා තිබ්බ නිසා ඉතින් මං පයින්ම එන්න ආවේ ඒත් හොද වෙලාවට මගදි ටැක්සි අංකල් කෙනෙක් හම්බුනා එයා එක්ක මං ආ-- අනේහ් ආව්ව් ආඅයී රිදෙනවානේ කන කන අයියෝ..."

අම්මා බොහොම හොදින් ඔලුව අතගාලා අහනකොට මන් නම් දැන ගත්තා ටොක්කක් අනින්න තමයි කියලා එක අතකට හොද වැඩෙ තියන පණ්ඩිතකමනේ. අම්මගේ අත අල්ලන් ගතු කිය කිය හිටපු සිහින අම්ම කන මිරිකපු නිසා එතනින් පැනලා ආපහු මගේ ගාවින් ඉදගත්තේ අමාරුවෙන් හිනාව කාගෙන හිටපු මටත් රවන ගමන්.

" මහා ලොකු හපන්කමක්නේ කරලා තියෙන්නෙ, දෙන්න හිතයි ඔලුව හිල් වෙන්න "

අම්ම ඉන්න තැන ඉදන්ම කුඩේ මිට දික කරලා සිහිනටයි ඒකට හිනා වුණ මටයි දෙන්නටම පාරවල් දෙකක් දීල හරි සංසුන් විදියට කුඩේ අරං බෑග් එකට දාලා ඇසුත් හීනි කරලා අපි දිහා බැලුවේ මෙච්චර වෙලා ගුටි ඇන්නේ එයා නෙවෙයි වගේ.

" හරි දැන් ඔය පොඩි මහත්තයලා දෙන්නට මට කියන්න වෙන මොකුත් නැද්ද?"

අම්මාගෙන ගුටි කාපු නිසා සිහිනගේ කට වැහිලා තිබුනා, මගේ ශර්ට් එකේ කොනකින් ඇද ඇද එයා මොනවද මිමිණුවත් මට ඒක තේරුණේ නෑ. කොහොමත් අම්මාගෙන් හංගන්න ඕනකමක් නෑ මට. අපි ඉස්සරහට යන්න නම් අම්මලාගෙන් මේ දේවල් හංගලා බෑනේ.

" අම්මා මං දවසක් ඔයාට කීවේ මං කෙනෙකුට ආදරේ කරනවා කියලා ඒ සිහින. මම සිහිනට ආදරේයි."

සිහින මගේ ශර්ට් එක අල්ල අල්ල හිටි අත අරගෙන මගේ අත් අතර හිර කරගෙන මම අම්මට එහෙම කියනකොට , සිහිනගෙ වගේම ඒක කියපු මගෙත් ඇස් තෙත් වුණේ මෙච්චර කාලයක් හිතෙන් ඒ වචන කීවා මිසක් වචනෙන් මෙහෙම කියනකොට අමුතු හැගීම නිසා වෙන්න ඇති.

" ම්ම් ඒක ඉතින් මං දන්නවනේ. මං අහන්නේ දැන් මොකද්ද වෙන්නේ කියලා?"

අම්මා පුදුම වෙයි කියලා බලාපොරොත්තු වුනත් අම්ම කියපු දේ නිසා පුදුම වුණේ මම. අම්මා එතකොට දැන්ම් හිටියද?

" නැන්දා මමත් ශෙනාල්ට ආදරේයි "

" හොදටම විස්වාසද ? "

" ඔව්. වෙන කිසිම දෙයක් ගැන මට දැනුනේ නැති තරම් විස්වාසයි."

සිහින උත්තර දුන්නේ අම්මට උනත් ඒක කීවේ මගේ ඇස් දිහා බලාගෙන, එයගේ ඇස් දිලිසෙනවා , මම කාලයක් හුගක් අසාවෙන් බලන් හිටියා ඒ ඇස් වල වලින් මාව දකින්න අන්තිම  කාවදාවත් හැබෑවෙයි කියලා නොහිතපු හීනයක් හැබෑවුණා වගේ මට ඒ ඇස් වලින් මාව  පෙනුනා. අම්මා ඉන්නවා කියලත් අමතක වුණ මම එයාගේ නළලට හාදුවක් තැවරුවේ ඒ වෙලාවේ මට දැනුන හැගිම පිටකර ගන්න මට වෙන විදියක් හිතා ගන්න බැරි වුණ නිසා..

" තැන්ක් යූ "

"ශෙනාල්?"

" තැන්ක්‍යූ මට ආදරේ කරනවට "

"අනේ අනේ මේ ළමයි දෙන්නා මාවත් අඩවනවා.කෝ මෙහෙ එන්න දෙන්නම"

මාවයි සිහිනවයි එහාට කරලා අපේ මැද්දෙන් ඉද ගත්ත අම්මා සිහිනවයි මාවයි එයාගේ අත් වලට තුරුල් කරගෙන ඔලුව අතාගානකොට අම්මා ගැන කියාගන්න බැරි විදියේ ආදරයක් දැනුනා. මේ ලෝකෝ හොදම අම්මා හම්බෙලා ඉන්නේ මට.

" මෙහ්හ් නැන්දා..."

" මොකෝ? "

" ඔයා අපිට ඇත්තටම බනින් නැද්ද?"

" ඒ මොකටද බනින්නේ?

" ඇයි අනේ ඔයාට තේරෙන් නැද්ද මේක අසම්මත සම්බන්ධයක්  කියලා? අපේ අම්මා එහෙම දැන ගත්තොත් මගේ ඔලුවේ ඉදන් කකුල් දෙකටයි කකුල් දෙකේ ඉදන් ඔලුවටයි දෙපාරක් හම ගහයි. ඔයා වුනත් දැන් හරි නම් කරන්න ඕනි මෙයාට බනින එකනේ. බැනලා මදි හරිනම් ගෙදරින් එලියට දාන්න ඕනි ඊට පස්සේ ඉතින් යන්න තැනක් නැති නිසා ශෙනාල්ට මෙහෙ හරි නවතින්න පුළුවන්නේ."

" ආ ආස ඇති නේද මගේ කොල්ලව ගෙනත් මෙහේ නවත්තන ගන්න? අනික මොකටද බනින්නේ මං කැමති නෑ ටිපිකල් අම්මලා වගේ වෙන්න. RWRB පාඨකයෙක් හැටියට ඒක මට නින්දාවක් "

" ඈ ඔයා එක කියෙව්වද? "

" නැතුව කියෙව්වා විතරයි නෙවේ බැලුවාත් එක්ක "

" අනේ ඒක ශෝක් නේද මම නම් හිතාගෙන හිටියෙම ඇලෙක්ස්ව බදිනවා කියලා කවදා හරි "

" කවුද ඇලෙක්ස් කියන්නේ? "

" ගැලපෙනවා හැබැයි මං නම් ඒත් වැඩියෙන් කැමති හෙන්රිට "

" එයත් ලස්සනයි අනේ. ඒ වුණාට මගේ හිත යන්නෙම ඇලෙක්ස්ට "

" ඔයාලා මොනවද කියන්නේ කවුද ඇලෙක්ස් ? "

" අපි දෙන්නා අයේ දවසක ඒක බලමුද?"

" හා පැටියෝ අපි බලමුකෝ. කෝ දැන් ගිහින් ලෑස්ති වෙලා එන්න ඔයාගේ ඇග රස්නෙයි තාම. අපි බෙහෙත් ගමු මම ඉස්කෝලේ යන්නත් ඕනි පරක්කුයි දැනටම හෙට ඉදන් නිවාඩු දාපු නිසා අද යන්නම ඕනි "

අම්මායි සිහිනයි  ඇලෙක්ස් කෙනෙක් ගැන කියවන්න ගත්ත, මම ඒ කවුද ඇහුවත් දෙන්නගෙන් එක්කෙනෙක් වත් නෙවෙයි ගනන් ගත්තෙ. ඒ වෙනුවට අම්මා සිහිනගේ ඇගේ රස්නේ බලලා බෙහෙත් ගන්න යන්න ලෑස්ති වෙන්න කියලා එයාව එතනින් යවලා මගේ දිහාට හැරුනා.

" ලේසි නම් වෙන්නේ නෑ හොදේ, අහිංසකයා වගේ හිටියට හිතුවක්කාරයිනේ. "

" මං දන්නවා "

අම්මා එහම කීවේ සිහින ගිය පැත්ත ඇස් වලින් පෙන්නලා. මට හිනා ගියා, හිතුවක්කාර වුණත් ඉතින් මං ආදරේයිනේ.

" අම්මා ඔයා කොහොමද දැනගත්තේ මං කීවේ සිහින ගැන කියලා "

" අයියා වගේ නෙවෙ චූටි පුතා ඔයා. ලොකූ ඉතින් පොඩි කාලේ ඉදන් එකතු අප්පච්චිටනේ එයාගෙත් කරදඩු උස් මහත් වුණ ගමන් එයා ගෙදරින් ඈත් වුණා. ඒත් මං ඔයා හැදුනේ මගේ අස්සෙමනේ ඔයා හැරෙනකොට මට කියන්න පුළුවන් පොල් පැලේටද දෙල් පැලේටද කියල "

" අපහස කරන්න එපා මං හැරුනේ රෝස පැලේකට "

" කෝ බලන්න ඒක කීව කට මනමාලයා, විහිලු නෙවෙයි චූටි පුතා මම මෙහෙම රියැක්ට් කරාට හැමෝම එහෙම කරනනේ නෑ සමනලීට උනත් මේක පැහැදිලි කරන්න සෑහෙන අමාරු වෙන්න පුළුවන් ඉස්සරහට ඔයාලට ගොඩක් ප්‍රශ්න එයි ඒ හැමදේටම මූණ දෙන්න බලාගෙන ඉන්න දෙන්න එක්ක. ඔයා දැන් පොඩි ළමයෙක් නෙවෙනේ ගන්න තීරණ මොනවා වුණත් දෙන්නගෙම අනාගතේ ගැන හොදට හිතලා ගන්නවා නම් මම කැමති තේරුණා නේද අම්මා කියනදේ? "

" ඔව්ව් අම්මා මං සිහින එක්ක කතා කරන්න ඕනි ඒ ගැන "

අම්මා කියන කතාව ඇත්ත අම්ම අපිව පිලිගත්තට අනික හැමෝම එහෙම කරයි කියල හිතන්න බෑ. අපි කොච්චර හිතුවත් සමාජේ කියන දේවල් ගනම් නොගෙන තමන්ගේ විදියට ජීවත් වෙන්න ඕනි කියලා ලංකාව වගේ රටක ඒක කොච්චර ප්‍රායෝගිකද කියන එක ගැන හිතන්න වෙනවා. අම්මා නොකියා කියන දේ මට තේරෙනවා. මම කැනඩා නොයා ඉන්න තීරණය කරේ සිහින ලගින් ඉන්න ඕනි නිසා ඒත් ඇත්තටම මම ඒ ගමන ගියොත් අපි දෙන්නගෙම අනාගතේ හදාගන්න ඒක ලොකු ස්ටෙප් එකක් වෙයි. ඒත් කොහොමද මම එයාව දාලා යන්නේ ඒකත් එයා දැන් මගේ කියලා හිතෙනකොට කලින්ටත් වඩා එයාගෙන් ඈත් වෙන බැරි ලෝබ කමක් දැනෙනවා.

" ඒක නෙවේ තෙමුන නිසා විතරද අර දරුවට උණ හැදුනේ?"

" ඈ?? ආ ඔව් ඔව්ව් තෙමිලනේ හිටියේ හොදටම ඒකයි "

" හ්හ්ම්ම් රෝස මලට බඹරු විදලා තියනවා වගේ දැක්කා එකයි ඇහුවේ. එන්න එපා චූටි පුතා ඕවට නම් හරිද ඒ ළමයා පොඩී තාම "

" හරි හරි එහෙම නෑ මොකුත් කරේ නෑ කරන්නෙත් නෑ මේ මං ගිහින් මූණ හෝදන් ඒනනම් "

හදිසියේ එතනින් නැගිටින්න ගිය මම දණිස්සත් පුටුවේ වද්ද ගත්තා, අම්මත් මොනවා කියන්වද මංදා එක්කෝ සිහින කීවා වගේ ටිකක් බැන්න නම් මීට නම්බුයි.

සිහිනත් ලෑස්ති වෙලා ආවට පස්සේ අපි අම්මාව ඉස්කෝලේට දාල සිහිනට බෙහෙත් අරං ආපහු ආවා. උණ මදිවට හෙම්බිරිස්සාවත් හැදිලා තිබුණේ එයාට. සිහිනට කන්න කියලා බෙහෙතුත් බෙන්න දීලා මං ගෙදර ආවේ එයා ඇහැරෙන්න කලින් ආපහු එන්න පොරොන්දු වෙලා.

ගෙදර ගිහින් නලා ඇදුම් මාරු කරලා මං ආපහු එනකොටත් සිහින හොදටම නිදි. එයාව ඇහැරෙන්නේ නැති වෙන්න එයාගේ අනික් පැත්තෙන් ඇල වුණා.

ඇහැරලා ඉන්න වෙලාවට තොර තෝංචියක් නැතුව කියවන එයාගෙ කටින් පිටවෙන හිස්ම රැලි මගේ මූණේ වදින ගානට මං එයාට ළං වෙලා හිටියේ. මට තාමත් හිතෙනවා මං මේ දැකින්නේ හීනයක්ද කියලා.ඔයා දැන් ඇත්තටම මගේ නේද සිහින ? තව දුරටත් මේක මගේ හිතේ විතරක් හිර කරන් ඉන්න ආදරයක් නෙවෙයි නේද?

පියවෙලා තියන එයාගේ දිග ඇස් පිහාටු මගෙන් හංගලා වැටිලා තිබුන  දිග කෙස් රොදක් හිමින් සැරේ මම එයාගේ කන පිටිපස්සෙ රැදෙව්වේ මාගේ හිත හොරකම් කරපු පියවිලා තියන මම ආසම ඒ කලු ඇස් වලට හාදු තවරලා.

" ම්ම්හ්~ ශෙනාල් ඔයා ආවද?

" ම්ම් දැන් කොහොමද ඔලුව රිදෙනවාද තාම "

" ම්හු දැන් අඩුයි "

" අඩු උනාට කමක් නෑ දවල්ටත් බෙහෙත් ඔක්කොම බොමු "

" අනේහ්~ "

" අනේ නෙවෙයි හෙම්බිරිස්සාව තියනවනේ තාම "

බෙහෙත් බොන්න කීව එකට බුම්මගෙන මගේ පපුවට මූණ ඔබා ගත්ත සිහින එයාගේ දිහ ඇගිලි වලින් ශර්ට් එක උඩ කුරුටු බලි අදින්න ගත්තේ සැරින් සැරේ ඔලුව උස්සලා මහේ දිහාත් බලන ගමන්. මෙලහට මොකක් හරි අහ ගන්න බැරුව ඉන්නේ.

" මොකෝ?"

" ශේනාල් මං දෙයක් අහන්නම් ඇත්තම කියන්න හොදද "

" අහන්නකෝ "

" ඔයා කවදා ඉදන්ද මට ආදරේ කරන්න ගත්තේ ? "

" ම්ම් හරියටම මතක නෑ හැබැයි මං හිතන්නේ ඔයාගේ හිනාව මුලින්ම දැක්ක දවසේ. එදා ඉදන් ඔයා හිනා වුණ හැමවතාවකම මම ඔයාට ආදරේ කලා , ඒත් කාලයක් යද්දී ඔයා හිනා වුනත් නැතත් මං ආදරේ කලා ඔයා දකින ගානට ආදරේ වැඩි වෙන තරමට ආදරේ කරා ඊට පස්සේ ඔයා දැක්කත් නොදැක්කත් ඔයාගේ නම ඇහුනම විතරක් ඔයාට ආදරේ වැඩ් වෙන තරමට ආදරේ කරා දැන් මට ඒ මොකුත් නැතත් ඔය ගැන සිතුවිල්ලක් විතරක් ඇති ඒ ආදරේ වැඩිවෙන්න. මේ හිතේ පොඩි ඉඩක් වත් හිස් වෙන්නෙ නැති වෙන්න ඔයා වෙනුවෙන් ආදරේ පිරිලා තියෙන්නෙ කවදා හරි දවසක ඒ ආදරේ දරා ගන්න බැරුව පපුව  නවතින මොහොතක් වෙනකල් මං ඔයාට ආදරේයි."

" අනේහ්~ "

" ඇයි ඒ ගමන් අඩන්නෙ ම්ම්?"

" මට එච්චර ආදරේ කරන්න එපා ශෙනාල් මට දාර ගන්න බෑ. "

" කොහොම හරි දරා ගන්න තනියම ආදරේ කරලා මට දැන් හුගක් මහන්සි "

" ඇයි ශෙනාල් ඇයි ඔයාට බැරි වුණේ ඉස්සරහ වෙන්න?"

" මගේ ඇස් ඔයාව හෙව්වට ඔය ඇස් වල හිටියේ මම නෙවෙයිනේ මැණික මට ඕනී වුණේ ඔයාගෙ සතුට විතරයි. දැන් ඒ ගැන හිතන්න එපා ම්ම් ? ඔයාගේ පලවෙනියා නොවුනට මං ඔයාගේ අන්තිමයා වෙන්නම්. කවදාවත් දාලා යන්න නොහිතෙන තරමට ආදරේ කරන්නම්. හැමදාටම මගේ විතරක් වෙලා ඉන්නවා නේද ? "

" ඔව්ව් මං ඉන්නවා. මට කවදාවත් යන්න දෙන්න එපා ශෙනාල්. මම මොන වගේ මෝඩ වැඩක් කරත් ප්ලිස් කවදාවත් මාව අතාරින්න එපා.  මම ඔයාට ගොඩක් ආදරේයි ඒත් මගේ ආදරේ ඔයාගේ ආදරේ එක්ක කිරලා බැලුවොත් මං ඉන්නේ ඔයාට වඩා ගව් ගානක් ඈතින් මමත් ඉක්මනට ඔයා ලගට එන්නම් එතකල් මාව පරිස්සමට මේ අත වලට හිර කරලා තියා ගන්න ශෙනාල්.

ඔයාගේ ආදරේ දරා ගන්න බැරුව හුස්ම නවතිනකල් මාව මේ අත් අස්සෙම තියා ගන්න."

සිහිනගෙ ඇස් වලින් කඩන් වැටෙන කදුලු පිහදලා මං එයා කීව විදියටම ඒයාව මගේ අත අස්සෙ හිර කර ගෙන නළලට හාදුවක් තැවරුවේ දුකට වැටෙන කදුලු ඒ ඇස් වලින් නොදකින්න වෙන තරමට ඒයාව බලා ගන්නවා කියල මටම පොරොන්දු වෙන ගමන්.

.......................................................................

ඉක්මනට එන්න කීව නිසා ඉක්මනට ආවා.

Share This Chapter